මට අභියෝග කරන්න සනී ලියෝන් නිළියක් ද...?
මල්ලිකා ෂරාව
කාලෙකට කලින් බොලිවුඞ් පුරය කළඹවපු සරාගී ගිනිසිළුව වුනේ මල්ලිකා. මල්ලිකාගෙ රුව තිරයෙ දිස්වෙනකොට පිස්සුවෙන් වගේ හැසිරුණු පේ්රක්ෂකයොත් ඕනි තරම් හිටිය. ඇත්තටම එයා සරාගී බවේ සංකේතයක්ම තමයි. මර්ඩර්, බක්කෙරෙනා රෙබාබා, ද මිත් ක්වාහිෂ් ගුරු වෙල්කම් හීස් තෑන්ක් යූ වගේ චිත්‍රපටි වල මතක හිටින රංගනයක යෙදුණු මල්ලිකා පහුගිය දවස්වල වැඩිය පේන්න හිටියෙ නැහැ. ඒත් ඩර්ටි පොලිටික්ස් චිත්‍රපටයත් එක්ක ආයෙමත් එයාගැන ගොඩ දෙනෙක් කතාකරනව. මල්ලිකාට කැමති ගොඩක් අය එයාගෙ නිහඩබව නිසා ගොඩක් දුකෙන් හිටියෙ. ඒත් පසුගිය දවසක ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකට මල්ලිකාටත් ආරාධනා කරල තිබුණ. ඒ අය අහපු ප්‍රශ්න වලට මල්ලිකා උත්තර දුන්නෙ කොහොමද කියල අපි දැන් බලමු...
කාලෙකට කලින් පේ්රක්ෂකයින්ව කුල්මත් කරපු මල්ලිකා අද කෝ...?
ඒ මල්ලිකා අදටත් මා තුල ජිවත් වෙනව. එදා වවගේම අදත් පේ්රක්ෂයන්ව පිස්සු වට්ටන්න මල්ලිකාට පුලූවන්. ඒත් අනේ මන්ද... මොන හේතුවක්ද කියන්න දන්නෙ නෑ. මට අද ඒ වගේ සරාගී රංගනයන්ට ආරාධනා එන්නෙ බොහොම අඩුවෙන්.
ඒ කියන්නෙ දැන් මල්ලිකාගෙ කාලෙ ඉවරයි කියන එකද...?
නෑ ඒහෙම දෙයක් නෙවෙයි. අදටත් පේ්රක්ෂකයන්ගෙ හිතේ මල්ලිකා කියන නිළිය ඉහළින්ම ඉන්නව. ඒත් මට කොතනක හරි වැරදුනා. මට තාමත් හිතාගන්න බෑ. මට කොතනද වැරදුනේ කියල.
අලූත් නිළියො ඔබේ තැන ආක්‍රමණය කරල කීවොත්...
අලූත් අය ක්ෂේත්රයට එන්න පුලූවන්. ඒත් ඒ කිසිම කෙනෙක්ට තවත් මල්ලිකා කෙනෙක් වෙන්න බෑ. මට අද වුනත් ඕනිම කෙනෙක් එක්ක තරඟ කරන්න පුලූවන්. උපතින්ම මට ලැබුණු සුන්දරත්වය මම අනිත් මිනිස්සුන්ව පිනවන්න පාවිච්චිකරන්න දෙපාරක් හිතන්නෙ නෑ.
සරාගී රංගනයන්ට පමනක් සීමාවීම ඔබේ ගමන අඩාල කරන්න හේතු වුනාද...?
මටත් එහෙ හිතෙනව. මම ඒ දවස්වල මට ලැබෙන හැම සරාගී චරිතයක්ම මගහරින්නෙ නැතිව කළා. සීමාවක් ඇතුලෙ වැඩ කළානම් සමහරවිට මට මීට වඩා යමක් කරන්න තිබුණ. පස්සෙ කාලෙක හැමෝම හිතුවෙ වමට කරන්න පුලූවන් සරාගී රඟපෑම් විතරයි කියල. ඒත් ඩර්ටි පොලිටික්ස් වගේ චිත්‍රපට වල මම ඒ දේ වෙනස් කරල තියනව.
නමුත් ඩර්ටි පොලිටික්ස් චිත්‍රපටය අසාර්තක එකක් වුනා...
එහෙම නොවී තියේවිද... චිත්‍රපටය තිරගත වෙන්නත් කලින්ම සමාජයෙන් ඒකට විරෝදතා මතුවෙන කොට. ඩර්ටි පොලිටික්ස් කියන්නෙ මම කරපු හොදම චිත්‍රපට අතරින් එකක්. නිෂ්්පාදකවරය තව ටිකක් පණ ඇතිව වැබ කලානම් මෙහෙම වෙන්නෙ නෑ. අපරාදෙ අපේ රඟපෑම්.
ඉම්රාන් එක්කයි මහේෂ් භාට් එක්කයි තියෙන තරහව මොකක්ද...?
මට එයාලත් එක්ක තරහක් නෑ. ඒත් දැන් වැඩි ඇයි හොදයියකුත් නැහැ. ඉම්රාන් වගේ නළුවෙක් එක්ක ආයෙනම් මම රඟපාන්නෙ නෑ. එයා හරිම ආත්මාර්තකාමී කෙනෙක්. එයාට ඕනි වුනේ මර්ඩර් චිත්‍රපටයෙ සාර්තකත්වය එයාගෙ කරගන්න. ඒත් හැමෝම දන්නව චිත්‍රපටිය සාර්ථක වුනේ කවුරු නිසාද කියල. මහේෂ් භාට්ගෙ චිත්‍රපට වලින් මාව ඉවත් කරන්නත් මුල්වුනේ ඉම්රාන් තමයි. ඒත් මම ඒ ගැන කනගාටු වෙන්නෙ නෑ.
ජැකී චෑන් එක්කත් ඔබ වැඩ කරල තියෙනව.
ඔව්. ඒක මගේ ජිවිතේ අමරනීය මතකයක්. ඒ තුලින් මම ගොඩක් අත්දැකීම් ලැබුව වගේම ගොඩක් ජාත්‍යන්තර අවස්ථා හිමිකර ගත්ත. ද මිත් චිත්‍රපටය මට ගොඩක් විශේෂ එකක්. ජැකී චෑන් එක්ක වැඩ කරන එක ගොඩක් පහසුයි.
සනී ලියෝන් ඔබට අභියෝගයක් නෙවෙයිද...?
කොහෙත්ම නැහැ. එයා බොලිවුඞ් වලට එන්න කලින් මම ජනප්‍රිය වුනේ. අනිත් එක එයා කවුද කියන්න ඕනිම කෙනෙක් දන්නවනෙ. තරඟයක් දෙන්නවත් වටිනි චරිතයක් නෙවෙයි එයා.
ඔබට තවමත් හොදම නිළිය වෙන්න බැරිි වුනා...
මම කවදාවත් සම්මාන බලාගෙන වැඩ කළේ නැහැ. අනිත් එක අද අපේ රටේ සුදුසු කෙනාටමද සම්මාන ලැබෙන්නෙත් කියන ප්‍රශ්නෙ තියනව. මොන දේටත් වඩා මට වටින්නෙ පේ්රක්ෂක සම්මානය.
විවාහයක් ගැන තවම හිතල නැතිද ඔබ...?
ඇයි නැත්තෙ. මමත් කැමතියි විවාහ වෙන්න. ඒත් ඊට කලින් මට ගැලපෙන කෙනෙක් හොයාගන්න ඕනි. අනික ජිවිතේ විඳින්න තියෙන කාලෙ විදවන්න මම කැමති නෑ. ඒ නිසා මම මේ දවස්වල උපරිමයෙන් ජිවිතේ සතුට විඳිනව.
සටහන :- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment