දොරකඩ අස්න

Thursday, March 23, 2017

අමීෂාට අභියෝගයක් වෙන්න කිසිම කෙනෙක් නැති හැඩයි... මේ ඉන්නේ හොදම වැඩකාරයෝ ...


අමීෂාට අභියෝගයක් වෙන්න කිසිම කෙනෙක් නැති හැඩයි... මේ ඉන්නේ හොදම වැඩකාරයෝ ...

ගොඩක් අය හිතන්නෙ ඉන්දියාවෙ ඉන්න නළු නිළියන්ට පුලූවන් ලස්සනට නටන්නයි රඟපාන්නයි විතරයි කියල. ඒත් ඒක එහෙම නැහැ. ජනප‍්‍රියත්වය දක්‍ෂතාවය වගේම උගත්කමත් බුද්ධියත් අරගෙනම බොලිවුඞ් වලට ආපු අයත් නැතිවම නෙවෙයි. සමහර අය උපාධිදාරීන්. සමහර වෙලාවට අපි දකිනව කලාවට කිසිම සම්බන්ධයක් නැති ක්‍ෂේත‍්‍රයක ඉදන් කලාවට ආපු අයත්. හැබැයි එයාල කිසිම දේකට අදක්‍ෂයි කියලනම් පෙන්වන්නෙ නැහැ. අපේ රටේ අයත් කැමති ඇතිනෙ එයාල ආදරේ කරන බොලිවුඞ් නළු නිළියන්ගෙ ඉගෙනීම් කටයුතු මොනවගේද කියල දැනගන්න. මෙයාලගෙ අධ්‍යාපන සුදුසුකම් ගැන අහපුවම සමහරවිට ඔයාලට පුදුමත් හිතෙයි. ඒක නිසා අපි බලමු තිරයේ දක්‍ෂකම් දක්වන අය පාසලේදිත් ඒ වගේම දක්‍ෂ වෙලා තිබුණ ද කියල ... 


ෆිල්ම් ෆෙයාර් සඟරාව නිතරම නළු නිළියන්ගෙ පෞද්ගලික ජීවිතේ ගැන හොයල බලනව. ඒ වගේ අවස්ථාවක තමයි එයාල මේ අයගෙ අධ්‍යාපන සුදුසුකම් ගැනත් හොයල තිබුනෙ. 2016 වසරට අදාලව කරපු මේ සමීක්‍ෂණයට අනුව දස වෙනි ස්ථානය ලබාගෙන තිබුනෙ විද්‍යා බාලන්. කහානී, ඩර්ටි පික්චර් වගේ චිත‍්‍රපටවලින් පේ‍්‍රක්‍ෂකයින් වසඟයට ගත්තු විද්‍යා මුම්බායි විශ්වවිද්‍යාලයේ මාස්ටර්ස් ඩිග්රියක් තියෙන කෙනෙක්. ඒ වගේම මේ ලයිස්තුවේ නව වැනි තැනට පත්වෙලා තිබුනෙ කොයි මිල් ගයා, වීර් සාරා වල හිටපු හුරු බුහුටි ප‍්‍රීති සින්ටා. එයා මනෝවිද්‍යා උපාධිදාරිනියක් වගේම අපරාධ මනෝවිද්‍යාව සම්බන්ධයෙන් මාස්ටර්ස් එකකුත් කරලයි ඉන්නෙ.


මේ වර්ගකිරීම්වල අට වෙනි තැනට පත් වෙන්න ආර් මාධවන්ට හැකිවෙලා තිබුණ. ත‍්‍රී ඉඩියට්ස්, තනූ වෙඞ්ස් මනූ වලින් දස්කම් දක්වපු මාදවන් ඉන්දියාව නියෝජනය කරමින් සංස්කෘතික තානාපතිවරයකු ලෙස කැනඩාවටත් ගිහින් තියෙනවා. ඒ විදිහට මේ ලැයිස්තුවේ හත් වෙනි තැන හිමි විකී ඩෝනර් චිත‍්‍රපටයේ හිටපු විසේකාර අයූෂ්මාන් කුරානා ට. එයා චන්දිගර්වල තියෙන පන්ජාබ් විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳව මාස්ටර් එකක් කරල තියෙනවා. අයූෂ්මන්ත් හත්වෙනි තැනට එනකොට හය වෙනි තැන හිමිකරගෙන තිබුනෙ සුපිරි නළු අමිතාබ් බච්චන්. එයා  ඕස්ටේ‍්‍රලියාවේ ක්වීන්ස්ලන්ඞ් විශ්වවිද්‍යාලයෙන් උසස් උපාධියක් හිමිකරගත්තු කෙනෙක්.
දැන් අපිට බලන්න තියෙන්නෙ කවුද ඉන්දියාවෙ නිළියන්ගෙන් බ‍්‍රයිඞ්ම කේස් පහ කියල. ඔව් පස් වෙනි තැන දිනාගෙන තියෙන්නෙ අමිතාබ්ගෙ ආදරනීය ලේලි පොඞ්ඩ ඓශ්වර්යා රායි බච්චන්. ඇයත් ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධ උපාධිදාරිනියක්. ඒ වුනත් ඉගෙනගන්න කාලෙ එයා වැඩි නැඹුරුවක් දක්වල තියෙන්නෙ සත්ව විද්‍යාව පැත්තට. දන්නවද මේ අය අතරින් හතර වෙනි තැනට පත්වුනේ සාහිෆ්ගෙ ආදරනීය නැගනීය සෝහා අලී ඛාන්. ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාව සම්බන්ධ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ මාස්ටර් එකක් කරන්න සෝහා සමත්වෙලා තියෙනවා. සෝහා හතරවෙනි තැනට පත්වෙනකොට තුන් වෙනි තැන දිනාගන්න එයාගෙ ආදරනීය නෑනට හැකිවෙලා තියෙනවා. ඒ කරීනා කපූර් ඛාන්. හාර්වඞ් විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් මාස තුනක පාඨමාලාවක් හදාරන්න කරීනා කටයුතු කරල තිබුන.

මේ ඉන්නෙ බොලිවුඞ් වල හොදම වැඩකාරයො දෙන්න ලොකු තරගෙකින් පස්සෙ මේ ලැයිස්තුවේ දෙවෙනි තැන හිමිකරගත්තෙ සුරූපී පරිනීති චොප්රා. මැන්චෙස්ටර් ව්‍යාපාර පාසලේ මූල්‍ය කටයුතු හා ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් උපාධි ත‍්‍රිත්වයක්ම හිමිකරගත්තු පරිනීති මේ දවස්වල ආයෙමත් ඒ විශ්වවිද්‍යාලයේම උපාධියක් සඳහාත් ලියාපදිංචි වෙලා ඉන්නව. මේ තමයි බොලිවුඞ්වල ඉන්න බුද්ධිමත්ම කෙනා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. අමීෂා පටෙල්. කහෝනා ප්‍යාර් හේ වගේම එලාන් වගේ චිත‍්‍රපටි වලින් පේ‍්‍රක්‍ෂකයින් වසඟයට ගත්තු අමීෂා බොස්ටන් සරසවියේ ජෛව පදාර්ථ ඉන්ජිනේරු උපාධිය ඉතා උසස් ලෙසස මත්වෙලා තියෙන කෙනෙක්. 

සටහන :- අමිල නුවන් මධුසංඛ 


No comments: