දොරකඩ අස්න

Sunday, June 28, 2015

පරිසරය සංරක්‍ෂණය කළ යුත්තේ ඇයි ?

පරිසරය සංරක්‍ෂණය කළ යුත්තේ ඇයි ?
 
පරිසරය සුරක්‍ෂිත කිරීම හා පරිසරයේ වැදගත්කම පිළිබඳව අප සාකච්ජා කළ හොත් ප‍්‍රථමයෙන්ම මිනිසාගේ පැවැත්ම සඳහා අවශ්‍ය ජීවී සහායක සේවාවන් රැසක් පරිසරය මඟින් සපයා දේ. එසේම මිනිස් ආර්ථික ක‍්‍රියාකාරකම් සඳහා අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය හා ශක්තිය ලබාදීම ද පරිසරය හා මානවයා අතර අන්තර් සබඳතාව ශක්තිමත් කරන පාරිසරික කාර්යභාරයකි. එම අමුද්‍රව්‍ය හා ශක්තිය අතර මිනිසාගේ ආර්ථික ක‍්‍රියාවලියට අවශ්‍ය ශක්තිය සපයන සූර්ය බලය, පොසිල හා ජෛව ඉන්ධන, සුළඟ, භූ තාපය, ජල විදුලිය වැනි ශක්ති ප‍්‍රබවයන් ද පරිසරයෙන් ලබාදෙන විවිධ ලෝහ රසායනික ද්‍රව්‍ය හා ඛණිජ වැලි වැනි දෑ මත්ස්‍ය සම්පත හා විවිධ වන සම්පත් ජෛවීය අමුද්‍රව්‍යයන් වේ.
 
එසේම පරිසරයේ පවතින අපද්‍රව්‍ය අවශෝෂණය කිරීමේ ගුණය එනම්, ජීව ක‍්‍රියාවලිය හා ආර්ථික ක‍්‍රියාවලිය තුළින් මානවයා නිපදවන අපද්‍රව්‍ය පරිසරයට අවශෝෂණය කරගනී. උදාහරණ ලෙස මිනිසා හා සතුන් නිපදවන කාබන් වායුව පරිසරයේම ඇති සංඝටකයක් වන ශාක මගින් අවශෝෂණය කර ගැනීම දැක්විය හැකිය. මෙබදු විශාල කාර්යයන් රැුසක් පරිසරය හා මිනිසා අතර අන්තර්සබඳතාව ශක්තිමත් කරනු වස් පරිසරය පැත්තෙන් ඉටුවන බව පෙන්වා දිය හැකිය. නමුත් පරිසරයේ ඇති මෙම හැකියාවට සීමාවක් පවතින අතර අපද්‍රව්‍ය නිපදවීමේ සීඝ‍්‍රතාවය පරිසරයේ අවශෝෂණ ධාරිතාවය ඉක්මවා යාමෙන් මෙම තුලනය බිඳවැටිය හැකි බව පරිසර විද්‍යාඥයන්ගේ මතය වනවා සේම ප‍්‍රායෝගික සත්‍යයද වේ.
 
මිනිසා ජීවීන් අතර උසස්ම ජීවියා ලෙස පරිසරය භුක්ති විදීමේදී දැනුවත්ව හෝ නොදැනුවත්වම ඔහු අතින් පෙරලා සිදුවූ පරිසර දුෂණය, වන විනාෂය, ජල දුෂණය, වායු දුෂණය, පාංශු ඛාදනය ආදී සියළු කරුණු ඔස්සේ හෙලිකරන්නේ උක්ත පාරිසරික ගැටළුවයි. පරිසර සංරක්‍ෂණය, වන සංරක්‍ෂණය, ජල අරපිරිමැස්ම,  ඕසෝන් වියන රැුක ගැනීම, තිරසාර සංවර්ධනය ආදී කාරනා ඉදිරියට පැමිනෙන්නේ මෙම පරිසර ගැටළුවට පිළියම් සෙවීමක් වශයෙනි. පරිසර ගැටළුව යනු හිම බෝලයක් වැනි දෙයකි. එය පෙරලෙන්නට ගත් විට වේගයෙන් පෙරලේ. පරිසර විද්‍යාඥවරියක වූ 1962 රචනා කළ නිහඬ වසන්තය කෘතිය තුලින් එකල සීග‍්‍රයෙන් පැතිර යමින් තිබූ දරුණු රසායනික භාවිතයෙන් මිනිසාටත් අනෙක් ජීවීන්ටත් අත්විය හැකි අනපේක්‍ෂිත විපත පිළිබඳව කථා කළහ. වසර 14 ක් වැනි කෙටි කලකදී එම අනාවැකිය සත්‍ය වූයේ් 1976 වසරේ ඉතාලියේ මිලාන් නගරය අසල සිවෙසෝ නගරයේ පිහිටිරසායනික කම්හලකින් විෂ වායු කාන්දුවීමත් සමගයි. එයින් සත්ත්වයින් 81,000 කට මරණය අත්්විය. මිනිසුන් 37,000 පමණ නොයෙක් විපත් සිදුවිය.
 
මේ කරුණු විමසා බැලීම තුලින් වර්තමාන ලෝකය හමුවේ ඇති පරිසර ගැටළුවේ තරම හදුනාගත හැකිය. ඒ කෙසේ වෙතත් පරිසර ගැටළුව විසදා ගැනීමටත්, සම්පත් සංරක්‍ෂණය සඳහාත් වැඩි වැඩියෙන් සාකච්ජා කරන හා විවිධ ක‍්‍රියාමාර්ග අලූතින් සිතන යුගයක පරිසර සංරක්‍ෂණය හා පරිසර ගැටළුව මුළුමනින්ම විසදා ගැනීමට නොවුනත් යම්තාක් දුරකට අවම කර ගැනීමට ගතහැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව අවදානය යොමු කළ යුතුය. මන්ද යත් කෙතරම් පිළියම් සැපයුව ද අප තවමත් සිටින්නේ පරිසර ගැටළුවේ අඩියේම වන බැවිනි.
 
සටහන :- අමිල නුවන් මධුසංඛ


No comments: