දොරකඩ අස්න

කලාව (46) සමාජ (22) අධ්‍යාපන (20)
Showing posts with label සමාජ. Show all posts
Showing posts with label සමාජ. Show all posts

Thursday, August 15, 2019

සංක්‍රාන්තික යුක්තිය: සමාව ගැනීම අපට නුහුරුද ?


කොටින්ට වන්දි දෙන්නේ ඇයි? මොකටද ඔය මිනිස්සුන්ට සමාවක්? මෙවැනි දෑ මෑත කාලීනව ඇතැම් පුද්ගලයන් මෙන්ම ඇතැම් දේශපාලකයන් තුළින්ද අසන්න ලැබුණි. කුරිරු යුද්ධයක් අවසන්ව දස වසරක් ගත වුවද අප රටක් ලෙස ආකල්පමය වර්ධනයක් ලබා නොමැති බව මෙයින් වැටහෙනු ඇත. අවාසනවකට තවමත් ආකල්පමය වශයෙන් යුධ සහ වෛරී මානසිකත්වකය පසු වන හෙයින් 71ක් වසරක නිදහස අපට අභිමානයෙන් සැමරිය හැකිද

වන්දි ලබාදීම 

නිවැරදි භාෂිතය නම් හානිපූරණයයි. මුදල් පමණක් මේ සඳහා ආරෝපණය කර, මෙම ක්‍රියාවලිය වන්දි ලබාදීමක් යැයි සාවද්‍ය ලෙස අර්ථ ගන්වා ඇත්තේ, හුදෙක් දේශපාලනික අරමුණු සහ ජාතිවාදී බීජ වපුරා ඉන් ඵල නෙළා ගන්නා ඇතැම් කොටස් විසිනි.
2015 ඔක්තෝම්බර් 09 වන දින සම්මත වූ හානිපූර්ණ කාර්යාල පනත යටතේ වින්දිතයන් හට මිස එල්.ටී.ටී.ඊ යට හානිපූරණය කරන ලෙස එම පනතේ සඳහනක් නොමැත. වින්දිතයන්ට මුල්‍ය සහන ලබාදීම කාර්යාල ප්‍රතිපත්ති සහ කැබිනට් එකඟතාවය මත තීරණය වේ.
හානිපූර්ණයෙදී වන්දී නැතහොත් මූල්‍යමය සහන වලින් ඔබ්බට ගොස් වින්දිතයන් හට සහන සැලසීමක් සිදු වේ. වින්දිතයන්ගේ අයිතීන් සහ අභිමානය ගොඩනැගීම, පුනරුත්ථාපනය කිරීම,සිදුවූ වැරදි පිළිගැනීම, නැවත ගැටුම් ඇති නොවන පරිසරයක් රට තුල නිර්මාණය කිරීම සහ මුල්‍යමය ආධාර හානිපූරණය තුළ විහිදී ඇති අංශයන් වේ. එමෙන්ම සිදු වූ වැරදි පිළිගැනීම සංකේතාත්මක හානිපූරණය යටතට ගැනේ, එනම් සංකේතාත්මක ලෙස අදාළ පාර්ශවයන් තම යුතුකමක් හෝ වගකීමක් ලෙස එක් එක් පාර්ශවයන්ගෙන් යුධ හෝ ගැටුම් අවස්ථාවල සිදු වූ අගතීන් වෙනුවෙන් හානිපූර්ණය සිදු කරනු ලබයි.
යම් යුධමය තත්වයක් යටතේ හෝ ප්‍රචණ්ඩත්වයෙන් මිදෙමින් හෝ මිදීමෙන් පසු යන ඕනෑම සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාත්මක වන කාල වකවානුවක් තුල සමාව ගැනීම තනි පුද්ගලයන් ලෙස, රජය මඟින් සහ නොයෙකුත් කණ්ඩායම් මඟින් ද සිදු කළ හැක. සමාව ගැනීම බලෙන් කළ යුතු මවා පෑමක් නොව, එය හදවතින්ම පිදිය යුත්තකි. බොහොමයක් සමාව ගැනීම් ප්‍රචණ්ඩත්වයන් සිදුවී අවුරුදු කිහිපයකින් හෝ දශක කිහිපයකින් සිදුව ඇත. බොහෝදුරට අපරාධ ක්‍රියා පරීක්ෂණ හෝ සත්‍ය සෙවීමේ ක්‍රියවලිය සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලිය අවසානයේ සිදු වීම දක්නට ලැබේ. මෙය කැනඩා, චිලී, ඉන්දුනීසියානු සහ දකුණු අප්‍රිකාව වැනි රවටල්හී සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලිය අධ්‍යනය කිරීමේදී පෙනී යයි. මෙහිදී ප්‍රචණ්ඩ ක්‍රියා, ගැටුම් සහ කළහ කාල තත්වන්ගේදී වින්දිතයන්, ඔවුන්ගේ පවුල් සහ සමාජ කණ්ඩායම් හට මුහුණදීමට වූ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධව, දේශපාලන නායකයින් මහජනයා අභිමුව සමාව අයැදීම ඉතා මානුෂිය ක්‍රියාවලියකි.
ප්‍රතිෂ්ඨාපන යුක්තිය (restorative justice) තුල වින්දිතයන් ඉලක්ක වන අතර එහිදී දඩුවම් ලබාදීම ඉලක්ක වීමෙන් ඔබ්බට ගිය මානුෂිය ස්වභාවයක් තුල සංක්‍රාන්තික යුක්තිය ක්‍රියත්මක වේ. බොහෝ රටවල සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිෂ්ඨාපන යුක්තියට ඉතා විශේෂ ස්ථානයක් හිමි කර දී ඇත. බොහොමයක් රට වල මේ සඳහා විශේෂත්වයක් හිමිව ඇත්තේ මෙය සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලිය තුල ඇති මානුෂිය ස්වභාවය උද්දීපනය කරන නිසාවෙනි.
සංක්‍රාන්තික යුක්තිය (transitional justice) තුල සමාව ගැනීමේදී අව්‍යාජත්වය, සෘජු ස්වභාවය, වරද නිසිආකාරව පිළිගැනීම යනාදී කරුණු වලින් පරිපුර්ණ විය යුතුය. මෙය පොදු ජනයා ඉදිරියේ සිදු විය යුතු අතර වින්දිතයන්ගේ භාෂාව සන්නිවේදනය සඳහා යොදා ගැනීම ඉතා වැදගත්වේ. මෙම ක්‍රියාවලිය තුල ඉතා වැදගත් වන්නේ ඉදිරියට දෙපාර්ශවය අතර සම්බන්ධතා මැනවින් පවත්වාගෙන යන්නේ කෙසේද යන්න සහ නැවත එවන් තත්වයන් මතු නොවෙන ලෙස ක්‍රියා කිරීමයි.

කෙන්යාවෙහි අත්දැකිම

2007 – 2008 වර්ෂවල කෙන්යාවෙහි සිදු වූ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වය, 1984 වගල්ල සමූලඝාතනය වැනි අතීත සිදුවීම් අවර්ජනය කරමින්, කෙන්යානු ජාන්ධිපති උහුරු කෙන්යත්තා, 2014 ජාතිය ඇමතීමේදී “මගේ රජය සහ පෙර පැවති රජයන් තුළින් සිදු වූ සියලු වැරදි වෙනුවන් කෙන්යන් වැසියන්ගෙන් කෙන්යන් ජනරජය වෙනුවෙන් මා සමාව ඇයද සිටිනවා” ලෙස ප්‍රකාශ කරමින් සිය රට වැසියන්ගෙන් සමාව ඉල්ලා සිටින ලදී. කෙන්යානු ජාන්ධිපතිතුමන් ගේ ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීම තවත් එක් මානුෂිය හානිපූර්ණ පිළිවෙතකි. මෙයින් ඔබ්බට ගොස් කෙන්යාවෙහි සත්‍ය, නීතිය සහ සංහිඳියා කොමිසම “ප්‍රතිෂ්ඨාපන යුක්තිය සඳහා” මැයෙන් අරමුදලක් පිහිටුවන ලදී.

කැනේඩියානු ආදාවාසීන්ගෙන් සමාව ගැනීම

19 වන සියවසෙහි, කැනඩාවෙහි ආදිවාසී ඉන්දියානු දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්කොට ඉන්දියානු නේවාසික පාසල් වලට ඇතුළත් කොට වධ හිංසා පමුණුවමින් ඔවුනට අවේණික වූ සංස්කෘතිය බැහැර කර කැනඩාවෙහි අධිපතීත්වය ගත් සංස්කෘතිය ඔවුන්ට බලහත්කාරයෙන් පුරුදු කරවීය. මෙය 1831 සිට 1991 දක්වා කාලය තුල සිදු වූ අතර, 2008 ජූනි 19 වන දින අගමැතිතුමන් වූ ස්ටීවන් හාපර් අසුන්ගෙන සිටිනා ඇමති මණ්ඩලය වෙනුවන්, ආදිවාසී නියෝජිතයන් අභිමුවෙහි සමාව අයැද සිටියාය. සමාව ගැනීම ප්‍රංශ, ඉංග්‍රීසි සහ තවත් ආදිවාසී භාෂා තුනක් ඔස්සේ ප්‍රකාශ කරන ලදී. එපමණක් නොව 2017 නොවැම්බර් 24, අගමැති ජස්ටින් ට්රූඩෝ ද වධ හිංසනයට ලක්වූ ආදීවාසීන්ගෙන් සමාව ඉල්ලා සිටියාය. රටක් ලෙස ඔවුන්ගේ නිහතමානී හා සංවේදී ස්වභාවය ක්‍රියාවෙන් ඔවුන් ලොවට කියා පා අවසන්ය.
මෙතුළින් කැනඩා රජය සහ ආදිවාසී ජනයා අතර තිබු පරතරය, අවිශ්වාසය අවම වීම තුළින් මනා සම්බන්ධතාවක් ගොඩ නැගුණි. සමාව ගැනීම තුල විශාල බලයක් සහ පණිවිඩයක් ප්‍රක්ෂේපණය වේ. අද අප සිටින්නේ මානව අයිතිවාසිකම්, මානුෂියත්වය සහ තවකෙකුගේ දුකෙහිදී සංවේදී වීම ධනාත්ම ලකුණු ලෙස සලකනා යුගයකයි. කෙසේවෙතත් සමාව ගැනීම හෝ සමාව දීම ශ්‍රී ලංකික අපට නුහුරු, නවමු හෝ ආගන්තුක අත්දැකීමක් නොව, එය බෙහෙවින්ම ශ්‍රී ලාංකික ය. බුදුදහමින් පෝෂණය වූ සංස්කෘතියකට හිමිකම් කියන ශ්‍රී ලාංකික අපට සමාව ගැනීම හෝ දීම අලුත් අත්දැකීමක් නොවනු ඇත.
හොඳම සමාව ගැනීම නම් තම හැසිරීම වෙනස් කර ගැනීමයි, නැවත එකම වරද සිදු නොවීමට වගබලා ගැනීමයි 

උපුටා ගන්නා ලද්දකි

Wednesday, July 22, 2015

සන්නාලිපුර විකිනෙන කඳුළු

සන්නාලිපුර විකිනෙන කඳුළු

දුර ඈත කදු අස්සෙ ඉදල සීතල සුළං රැලිති බිත්ති කවුළු අතරින් ඇවිත් සාගරීගෙ නින්දට බාධා කෙරුවත් එයා ඒ කිසිම දෙයක් ගනන් ගන්නෙ නැතිව තව ටිකක් පොරෝණය ඇතුලට ගුලි වුනා. හැමදාම උදේ පාන්දරින් කෑගහන බට්ට ඔරලෝසුවේ සද්දෙ නොනවත්වාම ඇහුනත් සාගරීට ඇදෙන් නැගිටින්නනම් හිත දුන්නෙම නෑ. ඒ වුනත් මොනව කරනන ද...? එක දවසක් වැඩට නොගියොත් හරිහමන් පඩියක් අතට ගන්න බැරිවෙන බව මතක්වෙච්චි සාගරී දඩි බිඩි ගාල ඇදෙන් පැන්නෙ ඉක්මනින් ලෑස්තිවෙන්න හිතාගෙන. 
මේ එක චරිතයක් විතරයි. සන්නාලිපුර දහදිය සුවද පතුරුවමින් මැෂින් එක්ක පොර බදින තවත් එක චරිතයක් විතරයි. සාගරී කියන්නෙ දුප්පත්කමේ ඇතුල් කොනක ඉඳන් ඉකිබිඳින අහිංසක කෙල්ලෙක්. තමන්ගෙම එවුන්ගෙ අසරණකම් නැතිකරල දාන්න හිතාගෙන කාෂ්ටක පොළවකට පයගහපු සාගරී ඇත්තටම හිත හයිය කෙල්ලෙක්. ඒත් මේ ජිවිතේ එයා හිතපු තරම් ලේසි වුනේ නැහැ. කලාපෙ වැඩ කරන අපේ ලේලන්ගෙ ජිවිත මෙන්න මේ වගේ තමයි. බඩට නොකා ඇස් දෙකට නින්දක් නැතිව හරිහමන් ඇඳුමක් පැළදුමක් නැතිව මේ ගෙවන ජිවිතේ එකම දුක් ගොඩක්. ඒත් කිසිම කෙනෙක් මේක තේරුම් අරන් නැහැ. තමන් ගන්න පඩියෙන් හතරෙන් එකක්වත් එයාලට තමන් වෙනුවෙන් ඉතුරුම් පොතකට දාගන්න ලැබෙන්නෙ නැහැ. තාත්තගෙ බෙහෙත් වලටයි, මල්ලිලගෙ නංගිලගෙ පන්ති වලටයි බෝඩිමේ ඇන්ටිගෙ ලෑලි කාමර කුලියටයි සල්ලි වෙන් කරාම ඇත්තටම පාර අයිනෙ තියන කෑලි මූටිටු කරපු ගවුමක් ගන්නවත්, පුංචි සැලොන් එකකට ගිහින් හීනියට මේක්අප් එකක් දාගන්නවත් සාගරී ලග සතයක්වත් ඉතිරි වෙන්නෙ නෑ.

සාගරී වගේ ගොඩ දෙනෙක් මේ සන්නාලිපුර ලෑලි කාමර අස්සෙ දුක් විඳිනව. ඒත් ඒ දුක සීතල කාමර වල සැප මෙට්ටවල නිදියන කාටවත්ම ඇහෙන්නෙවත් තේරෙන්නෙවත් නැහැ. සාගරී වගේම අසරණ හඳවතකට විතරයි මේ පපු කුහර අස්සෙ කැකෑරෙන දුක වේදනාව යන්තමට හරි තේරෙන්නෙ. පරිප්පු හොදියි පානුයි, කරෝල හොදියි බතුයි කාල වේල පිරිමහගන්න සාගරී වගේ තුන්වෙනි පන්තියෙ කෙල්ලො මාසයක් තිස්සෙ නැහිල නැහිල අතට ගන්න සොච්චම් පඩිය ප‍්‍රශ්න වලටම දියවෙලා යනකොට පුංචි මනමාලියක් වෙලා ආදරනීය හීන කුමාරයෙකුගෙ තුරුලට යන්න දකින හීන බොඳවෙලා විසිරිලා යන්නෙ කාටත් නොදැනීමයි. හිත කොනක පුංචි වේදනාවක් නැතුවමත් නෙවොයි. හැගීම් දැනීම් තියන කෙල්ලෙකුට ඒ වගේ පුංචි හීනයක්වත් නෑ කියල කිව්වොත් ඇත්තටම ඒක ලොකු විහිලූවක්. ඒත් ඒ හැම හීනයක්ම හිත ඇතුලෙ ගුලිකරගෙන සාගරීල දුක් විඳින්නෙ කා වෙනුවෙන් ද ? ඇත්තටම ඒක ලොකු ප‍්‍රශ්නයක්.

අතේ මිටේ සල්ලි හිඟවෙනකොට ගෙදරට යවන්න පිච්චියක් අතේ නැතිවෙන කොට අකමැත්තෙන් වුනත් සල්ලිකාර මුදලාලිලගෙ ගඳ ගහන යටි පතුල් පාමුල සාගරීලගෙ හිරිමල් හීන ඉහිරිලා යනව. ජිවිතේ බලාපොරොත්තු තමන්ටත් නොදැනි බොර වතුරට ගහගෙන යනකොට තමන් වෙනුවෙන්වත් හෙලන්න කදුළක් සාගරීලගෙ ඇස් කොනකවත් ඉතිරිවෙලා නැතිව තියෙන්න පුළුවන්. තමන්ගෙ ආත්මයට තමන්ගෙ ශරීරයට ඒක මොන තරම් ලොකු වේදනාවක් වුනත්, තමන් ආදරය කරන මිනිස්සු වෙනුවෙන් ඒ දේවල් විඳදරාගන්න සාගරීලගෙ හඳවත් ශක්තිමත්. ඒ වුනත් වටේ පිටේ ඉන්න සුද්දවන්ත නෝනල සාගරීල වෙනුවෙන් අකුරු දෙකේ චරිත සහතිකයක් ලියන්නෙ එයාලටත් හොරෙන්.  ඕක තමයි ඇත්ත. අපි අහන්න අකමැති වුනත් පිළිගන්නම වෙනව. මේ ලෑලි කාමර අස්සෙ සාගරීලගෙ දුක අහන්න කවුරුත්ම නෑ. තමන්ගෙම පන්තියෙ එකෙක් ඇරෙන්න. හෙම්බිරිස්සාවකට කොත්තමල්ලි ඇටයක්වත් තම්බල දෙන්න අම්ම වගේ ලගින් ඉන්නෙ එකට වැටිල නිදාගන්න තවත් සාගරී කෙනෙක් විතරයි. මේකද තරුණ කෙල්ලෙකුගෙ ජිවිතේ...
ජිවිතේ අපි හැමෝම කැමතියි හීන දකින්න. පාට පාට දේදුන්නක නැගල ඒ හීන අතරින් පියාඹල යන්න. ඒත් දුප්පත්කම කියන බැම්ම ඒ හැම හීනයක්ම බොඳ කරල දානවනම්, සාගරීල කොහොමද වැඩි දුරක් පියාඹන්නෙ. අනේ මන්ද...අපේ ඇස් වලට පේන නොපෙනෙන දුරින් සාගරීල ගොඩක් එහෙ මෙහෙ සැරිසරනව. සමහරවිට අද දවසට විතරක් අපි නොදැනුවත්ව ඒ වගේ චරිත දෙක තුනක්වත් හමුවෙන්න ඇති.  ඒ වුනත් එයාලගෙ දුක කිසිම කෙනෙකුට පේන්නෙ නැහැ. අපිට ඒක දැනෙන්නෙත් නැහැ.  ඒත් එයාල බලා ඉන්නව. අද විතරක් නෙවෙයි. හැමදාමත්. සන්නාලිපුර කදුළු වලට වටිනාකමක් ලැබෙනකන්.


සටහන :- අමිල නුවන් මධුසංඛ

Tuesday, July 14, 2015

සතුටින් ජීවත් වෙන්න

kln.ac.lk
සතුටින් ජීවත් වෙන්න 



වර්තමානයේ බොහෝ දෙනා පිටතින් සතුටින් සිටිනවා සේ විදහා දැක්වුවත්  බොහෝ විට ඇතුළාන්තයෙන් ශෝකයෙන් , සාංකාවෙන් බියෙන්  චකිතයෙන් සිටින්නෝ වෙති. පගේ සතුට බොහෝ විට අප ළඟම ඇතත් බොහෝ දෙනා ඒවා බාහිර දේවල් වෙතින් බලාපොරොත්තු වෙති.
උදාහරණ ලෙස ගතහොත් ඇතමෙක් තමා හට හැඩකාර තරුණියක ඇත්නම් තමා සතුටින් සිටියි යැයි සිතති. ඇතැම් කාන්තාවක තමා හට වත්කම් ඇති සැමියෙක් සිටියොතින් තමා සතුටින් ඇතැයි සිතන්නීය. තවකෙක් තමාට වටිනා මෝටර් රථයක් ඇත්නම් තමා සතුටින් සිටියි යැයි සිතයි. තවත් අයෙක් තමන් හට වටිනා ජංගම දුරකතනයක් ඇත්නම් තමා සතුටින් සිටින්නේ යැයි සිතති. ඇත්තෙන් ම මේ සතුට මායාවක්ම නොවේද? තමාට තමාවම සතුටින් තබා ගත නොහැකිනම්  තමාට පරිබාහිර අයෙක් හෝ දෙයක් තමාව සතුටින් තබන්නේ කෙසේද ? මඳක් සිතා බලන්න. ඉහත මා දැක් වූවා වූ උදාහරණයන් හිදී  හැඩකාර තරුණියට යම් කුෂ්ට රෝගයක් වැළඳුන හොත්  ධනවත් සැමියා හදිසියේ බංකොළොත් වුවහොත් වටිනා මෝටර් රථය හදිසි අනතුරකින් කැඩී ගියහොත්, ජංගම දුරකතනය යමෙක් සොරකම් කළහොත් ඔබගේ සතුට ඔට්ටුවට තබා තිබූ බාහිර දෙය නැති වනවා නේද?
මෙයමයි ගෝතම බුදුන් 
අත්තාහි අත්තනෝ නාථෝ
කෝ හි නාථො පරෝ සියා
අත්තනා’ ව සුදන්තේන
නාථං ලභති දුල්ලභං
තමාට පිහිට තමාමය. වෙන කවරකු තමාට පිහිට වේද? තමා මනාව දැමුණූ කල්හි දුර්ලභ වූ පිහිටක් ලබන්නේය යනුවෙන් දේශනා කළේ.
කෙසේ වෙතත් මා මෙහිදී තවත් දෙයක් සඳහන් කළ යුතුම ය. මේ ජනසමාජයේ බොහෝ දෙනා අතීතය පිළිබඳ තැවෙමින් සිටිති. තමා කළ හෝ නොකළ දේ පිළිබඳ සිතා  ඒ සිතුවිලි තුළ ම මැරි මැරී උපදිති. උදාහරණයක් ලෙස ගතහොත් තමා තවත් මහන්සි වී අධ්‍යාපන කටයුතු කළා නම් විශ්ව විද්‍යාලයට යන්නට තිබුණා නොවේද ? එයින් පසු හොඳ රැකියාවක් ලබා ගන්නවා නොවේදැයි සිතනු ඇත. එසේම බොහෝ දෙනා අනාගතයේ ඇතිවිය හැකි දේවල් නිසා තැවි තැවී සිටිනන් වෙති. හෙට දිනයේ ඇති සම්මුඛ සාකච්ඡාව කෙසේ වේවිද? අනාගතයේ මා හට ජීවත් වීමට මුදල් ලැබේවිද? හෙට දිනයේ තරගයෙන් මා දිනයිද? යනුවෙන් තැවීම මෙයට උදාහරණ වෙයි. ඇත්තෙන්ම මේ අතීතය සිදුවී අවසන් ය. මේ අනාගතය තවමත් සිදුවී නැත්තේම ය. එසේ නම් ඔබ දැන් සිටින්නේ කොතැනද?
ඔබ ජීවත් වන්නේ දැන් නොවේද? ඔබ ගන්නා මේ හුස්ම දැන් ගන්නා හුස්ම නොවේද? ඔබට මනස විවෘත කර තත්ත්වය නිළය  බලය කිසිවක් නොසිතා දැන් ජීවත් වන්නට පුළුවන්ද? එසේ හැකි නම් ඔබ දැනටමත් සාර්ථක මිනිසෙකි. නමුත් බොහෝ දෙනාට මේ මානසිකත්වය නැත්තේම ය. අද ඇති නිළ බලය තත්ත්වය හෙට නැති වුවත් ඔබ හුස්ම ගන්නවා නොවේද ? නැතිවන සෑම බාහිර දෙයක්ම නැවතත් ලබාගත හැකිය. ඔබ කළයුතු යමක් සමාජය විසින් තමාව ලජ්ජාවට පත් කරාවි යයි සිතා නොකර සිටීමෙන් පසුව පසුතැවිලි වන්නේ ඔබම නොවේද? මෙසේ සිතන්න.ඔබ පිරිමියෙකි. පාරේ යන කාන්තාවක හදිසි අනතුරකට මුහුණ පා මහමග වැටී සිටින්නී ඔබ ප්‍රථමාධාර දන්නේ නමුදු ඇයගේ උඩුකය නිරාවරණය කර කෘතිම ස්වසනය හා හෘද ස්පන්දනය ලබා දුන්නේ නම් ඇය ජීවත් කරවීමේ වාසනාව ඇතත් උඩුකය නිරාවරණය නිසා සමාජයෙන් නිගා ලැබිය හැකිය යන අනියත බිය නිසා ඔබ එසේ නොකර ඈ මිය යන්නීය. දැන් ඔබගේ සතුට කොතැනද? ඔබගේ මාන්නය නිසා තවත් ජීවිතයක් අහිමි වූවා නොවේද? ඔබට මේ සිතිවිල්ල සෑමදා මනසේ රැව් පිළිරැව් නොදෙන්නේද?

අනාගතය වෙනුවෙන් සැලසුම් සදන්න. අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න. නමුත් අනාගතයේ හෝ අතීතයේ ජීවත් වීමෙන් වර්තමානයේ සැනසුම විනාශ කරගන්නට එපා! ජීවිතයේ ගෙවෙන හැම තත්පරයක්ම තමාට සහ අනුනට වැඩදායක වන යමක් කරන්න. මතක තබාගන්න ඔබ ගන්නා සෑම හුස්මක්ම දැන් ගන්නේ නම් ඔබ සිතන සෑම සිතිවිල්ලක්ම දැනට අදාළව සිතන්න. ඔබ සතුටින් සිටියි නම් ඔබ වටා සිටින සැවොම සතුටින් සිටිති.
                                                                                                  අමිල නුවන්  මධුසංඛ

පවුලේ ඓතිහාසික විකාශනය

පවුලේ ඓතිහාසික විකාශනය

Kathlean Gouch සඳහන් කරන ආකාරයට මානව ඉතිහාසයේ මුල්ම අවධියේ මිනිසාගේ පැවැත්මද බැබුන් හෝ චිම්පන්සින් වැනි සත්වයින්ට සමාන විය.එසේම දඩයම් යුගයේදී ස්ත්‍රී හා පුරුෂයින් සංවාසයේ යෙදෙන ස්ථාන ගොඩනගා ගත් අතර පුරුෂයින් දඩයමේ ගිය පසු ස්ත්‍රීන් සහ දරුවන් මෙම ස්ථානවල තනි විය.නමුත් මිනිසා පවුලක් ලෙස සංවිධානය වීම ආරම්භ වී ඇත්තේ භාෂාව භාවිතය ආරම්භ කිරීම,ආහාර පිසීම,ගින්දර සොයා ගැනීම වැනි සංවර්ධනයන් ඇතිවීමත් සමගය.
මුල්කාලීනව පරම්පරා කිහිපයකින් යුතුව ගෝත්‍ර වශයෙන් ජීවත් වූ අතර පසුව පවුල පරම්පරා පරම්පරා දෙකකට තුනකට සීමා විය.මෙය විස්තෘත පවුලයි.වැඩවසම් සමාජ අවධියේ වඩාත් ප්‍රබලව පැවතියේ විස්තෘත පවුල් ක්‍රමයයි.නමුත් කාර්මීකරණය සමග ඇතිවන සමාජ වෙනස තුළින් න්‍යෂ්ටික පවුල් රටාව ඇති වේ. විස්තෘත පවුල තුළ දරුවන්,ඔවුන්ගේ දරුවන් හා දෙමාපියන් වශයෙන් පරම්පරා තුනක සාමාජිකයින් සිටී. විස්තෘත පවුල හා න්‍යෂ්ටික පවුලට අතරමැදි පවුලක් ලෙසට බද්ධ පවුල දැක්විය හැකිය.එය ඉන්දියානු සමාජයේ දැකිය හැකිය. එහි ජීවත්වූයේ පරම්පරා දෙකක සාමාජිකයන් පමණකි. කාර්මීකරණයත් සමගම විස්තෘත පවුලේ සාමාජිකයන්ට රැකියාව සඳහා ජීවත්වන ස්ථානයෙන් බැහැරව යාමට සිදුවිය.මෙසේ යාමේදී සාමාජිකයන් සියලු දෙනාම නගරයට ගෙනයාමට නොහැකි විය.ඒ අනුව කුඩා පවුල් නිර්මාණය විය. න්‍යෂ්ටික පවුලට අයත් වූයේ දෙමව්පියන් හා දරුවන් පමණකි.න්‍යෂ්ටික පවුල බිහිවීමත් සමග අනෙකුත් ඥාතීන්ගෙන් දුරස්වීමක් සිදුවිය.එය නිදහස පිළිබඳ අදහස මත බිහිවු පවුලක් ලෙස දැක්විය හැකිය.මව පියා දරුවන් මෙම පවුලේ සාමාජිකයන් වෙති.
වර්තමානය වන විට පවුල කුඩාවෙමින් පවතී.එම නිසා පවුල් ප්‍රතිපත්ති සෑදීමට සිදු වී තිබේ. 2004 වර්ෂය year of the family ලෙස නම් කර තිබේ. පවුලක සාමාජික සංඛ්‍යාව අඩුවීමට බලපා ඇති හේතු සඵලතාවයේ ශිඝ්‍ර බැස්මට හේතුන් වන්නේ
  • පවුලේ සාමාජිකයන් විදේශගත වීම
  • විවාහවන වයස ඉහළ යාම
  • ගබ්සාවන් හා පවුල් සැලසුම් භාවිතය
  •  පරම්පරා අතර ගැටුම
  • දික්කසාද වීමේ ප්‍රවණතාවය වැඩිවීම
  • එකට ජීවත්වීම(living together)
  • න්‍යෂ්ටික පවුලක් සාදාගැනීමට වැඩිදෙනෙකු කැමතිවීම
පවුලේ කාර්යභාරය
පවුල් සංස්ථාව සමාජයේ පවතින්නේ එහි ව්‍යුහාත්මක ස්වරූපය මත නොව එමගින් සමාජයට ඉටුකරන කාර්යභාරය මතය.එමගින් අදහස් කරන අන්දමට පවුලේ ව්‍යුහය යනු පවුලෙන් අපේක්ෂා කරන කාර්යභාරය ඉටුකිරීම සඳහා ඒ ඒ සමාජයට අනුව පවුල හැඩගැසී ඇති ආකාරයයි.
William J.Good (1964) පවුලේ කාර්යභාරය ලෙස දක්වන්නේ
  • දරුවන් බිහිකිරීම
  • සමාජ අනන්‍යතාවය පැවරීම
  • සමාජානුයෝජනය
  • සමාජ පාලනය යනාදියයි

මර්ඩොත්ගේ ඉදිරිපත්කිරීම් අනුව ගත්විට ද ලිංගික කාර්යය,ප්‍රජනනය,අධ්‍යාපනය සමාජානුයෝජනය හා ආර්ථික සහයෝගීතාවය පවුලක කාර්යභාරය වේ. ටැල්කොට් පාසන්ස් (1971)අනුව පවුලේ විශ්වීය කාර්යයන් දෙකක් ඇති බව දක්වයි.
  • සමාජානුයෝජනය
  • පෞරුෂ වර්ධනය
මේ අනුව පවුලේ කාර්යයන් ප්‍රධාන වශයෙන් 04ක් තිබේ.

1.ජීව විද්‍යාත්මක කාර්යය
2.ආර්ථික කාර්යය
3.සංස්කෘතික කාර්යය
4.මනෝවිද්‍යාත්මක කාර්යය
වර්තමානයේ පවුලෙන් ඉටුවිය යුතු කාර්යයන් වෙනත් ආයතන මගින් සපුරාගැනීම නිසා පවුලට තිබෙන වටිනාකම පවුලක අවශ්‍යතාවය අඩු වී තිබේ. තවදුරටත් පවුල යන ඒකකය සමාජයේ පැවතීමේ අවශ්‍යතාවයක් නොමැති බව Spiro යන පුද්ගලයාගේ අදහස වේ.ඒ සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන,පාසල යනාදී ආයතන බිහි වී තිබේ.


අමිල නුවන් මධුසංඛ

Tuesday, July 7, 2015

පොඩ්ඩන් බලාගන්න තාක්‍ෂණයේ පිහිට

පොඩ්ඩන් බලාගන්නත් තාක්‍ෂණයේ පිහිට 


මේ කාලයේ මව්පියන් සමඟ කිසියම් කටයුත්තක්‌ සඳහා රැඳී සිටින විට දඟලන පොඩිත්තන් දකින්නට ලැබෙන්නේ බොහෝ අඩුවෙනි. පැත්තකට වී ඉඳගෙන මව්පියන්ගේ ජංගම දුරකථනයේ ක්‍රීඩාවක්‌ කරන්නට වීඩියෝවක්‌ බලන්නට බොහෝ ළමයින් පුරුදු වී තිබේ. අපේ කුඩා කාලයේ මෙවැනි තාක්‌ෂණික මෙවලම් නොතිබූ බව පැවසීම දිනක ළමයින්ට විශ්වාස කළ නොහැකි දෙයක්‌ විය හැක. මිල අධික නොවන හා ශක්‌ති කාර්යක්‌ෂම බ්ලූටූත් තාක්‌ෂණය සහ ස්‌මාට්‌ ජංගම දුරකථන බහුලත්වය නිසා ළදරුවන් වෙනුවෙනුත් පසුගිය වසර කීපය තූළ නොයෙකුත් තාක්‌ෂණික මෙවලම් එළි දැක තිබේ. ඒ මදිවට තරුණ තාක්‌ෂණ ව්‍යවසායකයින් හවුල් වී තම දරුවන්ගෙන්ම අත්හදාබැලීම් කර බලන්නටත් යොමු වී තිබේ.


ක්‍රිස්‌ටින් හැන්කොක්‌ ලන්ඩනයේ ප්‍රාථමික පාසලක ගුරුවරියක වූවාය. ඇගේ දරුවා නිතර නිතර රෝගී වන විට අවශ්‍ය පරීක්‌ෂාවන් කිරීමට ඇයත් සැමියාත් කළේ බ්ලූටූත් ක්‍රියාකාරිත්වය ඇති උපකරණවල පිහිට පැතීමය. ඔවුන්ට සැමවිටම වාගේ දරුවාගේ උෂ්ණත්වය මැනීමට උවමනා වූවත් දරුවාගේ මුවෙන් හෝ කනෙන් නිවැරදි මැනීමක්‌ කර ගැනීම නම් බොහෝ අපහසු විය. ඒ නිසාම වෙහෙසට පත් වූ එක්‌ දිනක ක්‍රිස්‌ටින් මට නිවැරැදි මැනීමක්‌ කර ගන්න හැකි දෙයක්‌ උවමනා යෑයි කෑ ගෑවාය. පැසිෆි (Pacifi) නිෂ්පාදනය බිහි වූයේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසටය. එය උෂ්ණත්වමානයක්‌ අඩංගු මුවේ රඳවන සූප්පුවකි. එයින් දැක්‌වෙන තොරතුර බ්ලුටූත් මඟින් දෙමාපියන්ගේ ස්‌මාට්‌ ජංගම දුරකථනයට යෑවීම කෙරේ. දරුවාට උණ ඇති විට සහ බෙහෙත්වලින් ගුණයක්‌ තිබෙනවාද යන්න එය අඟවන්නේය. ළදරුවා සිටිය යුතු ස්‌ථානයෙන් ඉවතට බඩගා හෝ පෙරළී ගොස්‌ සිටියහොත් එවිටද අනතුරු නිවේදනයක්‌ නිකුත් කිරීමට එම ළදරු සූප්පුවට හැකිය. වර්තමානයේ නිපදවෙන ....... නැවත බල ගැන්වීමක්‌ උවමනා නොවන තරම්ය. එහි අඩංගු කුඩා බැටරියේ ශක්‌තිය එහි ජීවිත කාලයටම ප්‍රමාණවත් බව ක්‍රිස්‌ටින් පවසන්නීය.


ජැක්‌ ලෙපයින් පැරීසියේ ඉංජිනේරුවෙකි. දිනක්‌ ඔහු තම ළදරු පුතාට බෝතලයෙන් කිරි පොවමින් සිටියේය. ඔහුගේ බිරිඳ පසුපසින් පැමිණ අසතුටින් කියා සිටියේ ඔහු එම කටයුත්ත හොඳින් නොකරන බවකි. ජැක්‌ නිවැරදිව බෝතලය අල්ලා ගෙන නොසිටි නිසා කිරි බීම අවසන් කරන්නටත් පෙර පුතා වෙහෙසට පත්ව සිටියේය. ඒ තත්ත්වය පිළිබඳව කල්පනා කළ ජැක්‌ බෝතලයේ දිශාව තනිවම වෙනස්‌ කර ගත හැකි බෝතලයක්‌ නිර්මාණය කළේය. ගිග්ල් බොට්‌ල් (Gigl bottle) ලෙසින් හැඳින්වෙන එම බෝතලයට ළදරුවා කොතරම් බීවාද සහ කුමන වෙලාවක බීවාද යන තොරතුරු බ්ලූටූත් මඟින් යෑවීමටද හැකිය. ගිග්ල් බොට්‌ල් දැන් විශාල වශයෙන් චීනයේ නිෂ්පාදනය කෙරේ.

භෞතික විද්‍යාඥ මිකේල් ගන්සන් සහ ආචාර්ය මීඅම් ගෝල්ඩ්ස්‌ටයින් ඔවුන්ගේ දරු තිදෙනා සමඟ ජීවත් වන්නේ ජෙරුසලමේ ජර්මානු කොලනියේය. ඔවුන් පවසන්නේ ඔවුන්ගේ සවුන්ඩ්ස්‌ලීප් අයෑදුම (SoundSleeper app) පටන්ගත්තේ මූලිකවම ඔවුන්ගේම පෞද්ගලික අවශ්‍යතාවය නිසා බවය. එම අයෑදුම වර්ෂාව වැටෙන හඬ වැනි ළදරුවාට නිදා ගැනීමට උපකාර වන හඬ වයන්නේය. එහි කන්දීමේ ක්‍රමය ළදරුවාගේ හඬගෑම පිළිබඳව පරීක්‌ෂාකාරිව සිට නිදිමත ඇති කරන ශබ්ද පෙළගස්‌වයි. සෑම රාත්‍රියකම ළදරුවා නිදාගත් ආකාරය ප්‍රස්‌තාර මගින් පෙන්වාදීමද එමගින් කෙරේ. දැන් සවුන්ඩ්ස්‌ලීප අයෑදුම් වෙළඳපලේ ඉහළම අයෑදුම් 100 අතරට එක්‌ වී ඇත.


ආචාර්ය පෙඩ්ෙඩ්‍රා මොනාගා පවසන්නේ ඔහුගේ පුතා ඉපදුන විට බොහෝ අඬන්නට වූ බවයි. ආචාර්ය මොනාගා ඔහුගේ හැඩීම පටිගත කළේය. ඔහු තම මිතුරන්ට කියා ඔවුන්ගේ දරුවන් අඬන හඬද පටිගත කර ගෙන්වා ගත්තේය. ඉන්පසු ඔහු ඒවායේ තරංග හැඩය විශ්ලේෂණය කළේය. ළදරුවා බඩගින්න, විඩාව, පීඩාව, හිංසාව සහ ආයාසය ආදියේදී නඟන හඬ බොහෝ වෙනස්‌ බව ආචාර්ය පෙඩ්ෙඩ්‍රා සොයා ගත්තේය. ඔහු බාසිලෝනා, මෙක්‌සිකෝ සිටි සහ සෝල් නගරවල රෝහල්වල පරීක්‌ෂණ පවත්වා හැඩීමට හේතුව දක්‌වන පරිගණක වැඩසටහනක්‌ සොයා ගත්තේය. සාමාන්‍යයෙන් 95% ක්‌ම එහි දැක්‌වීම නිවැරදි විය. ළදරුවා බඩගිනි විට නඟන හැඩීම උද්යෝගී තියුණු බෙරිහන් දීමකි. වෙහෙස ඇති විට කෙඳිරිගෑමක්‌ කරයි. පීඩාව ඇති විට කරනුයේ වේගවත් කෙටි ඇඩීමකි. ආචාර්ය මොනාගා ඔහුගේ වයික්‍රයි වැඩසටහන සමාන කරන්නේ අලුත් මව්පියන්ගේ උදව්වට සිටින දක්‌ෂ ආච්චී හෝ සීයා කෙනෙකු ලෙසටය. අවසානයේ මව්පියන්ට එය නොමැතිවම තම දරුවාගේ ඇඩීම වටහා ගැනීමට හැකියාව ඇතිවේ.


සටහන :- අමිල නුවන් මධුසංඛ

හිටපු ජනපති මරණ දණ්‌ඩනයට


හිටපු ජනපති මරණ දණ්‌ඩනයට


මොහමඩ්මෝසි මහතා ඊජිප්තුවේ පස්‌වැනි ජනාධිපතිවරයාය. ඊජිප්තු ඉතිහාසයේරටේ නායකත්වයට ප්‍රජාතන්ත්‍රවාදිව තේරී පත් වූ පළමුවැන්නා වනඔහු 2012 ජූනි 30 සිට 2013 ජූලි 3 දක්‌වා රට පාලනය කළේය. 2013 ජූනි ඊජිප්තුවන්ගේ විරෝධයන් සහ 2013 ජූලි ඊජිප්තුකුමන්ත්‍රණයෙන් පසුව සේනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි විසින්මෝසි මහතා පාලනයෙන් ඉවත් කරනු ලැබීය. අද මෝසි මහතා මරණදණ්‌ඩනයට මුහුණ දී සිටින්නේය. 2011 ජනවාරි 8 මෝසි මහතා සහමුස්‌ලිම් බ්‍රදර්හුඩ් සංවිධානයේ තවත් නායකයන් 24 දෙනෙකුසිරභාරයට ගැණුනු අතර ඉන් දින දෙකකට පසු ඔවුන් සිරගෙය කඩාගෙනඑළියට යාම සිදුවිය. වසර 4 කට පසුව මෝසි මහතා සිරගෙය කඩාගෙන යාමසම්බන්ධයෙන් නඩු විභාගයට මුහුණ දුන්නේය. ඔහු ඇතුළු තවත් 105 දෙනෙකු 2015 මැයි 16 දින මරණ දණ්‌ඩනයට නියම විය. අධිකරණයෙඅවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ජූනි 2 නියමව තිබුණත් එදිනනැවතත් අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජූනි 16 තෙක්‌ කල්තැබුණි.

මෝසි මහතා 2012 දි විරෝධතාකරුවන් රඳවා තබාගැනීම සහ වධ දීමටනියෝග කිරීම යන වැරදි වෙනුවෙන්ද වසර 20 ක සිරදඬුවමකට යටත්වසිටින්නේය. මෝසි මහතාගේ මාස 12 ක පාලන කාලය බොහෝ ඊජිප්තුවන්දකිනුයේ ආර්ථික සහ සමාජමය ප්‍රශ්න නිරාකරණයට වඩා දේශපාලනහසුරුවීම පිහිටුවීමට යෙදවූ කාලයක්‌ ලෙසටය. ජනාධිපති ලෙස මෝසිමහතාට අසීමිත බලයක්‌ පිරිනමාගෙන තිබුණි. අධිකරණ පාලනයකින් තොරවහෝ ඔහුගේ ක්‍රියාවල ගුණදොස්‌ විවේචනයක්‌ නැතිව නීති පැනවීමේහැකියාවක්‌ ඔහුට විය. ඔහු දක්‌වා තිබුණේ ඒ මගින් කලින් පැවති 30 වසරක මුබාරක්‌ යුගයේ බල රාමුවෙන් රට බේරා ගන්නා බවටය.නොවැම්බර් මාසයේ අවසන් කාලයේ මෝසි මහතා ඉස්‌ලාමීයයන්ගෙන් අනුබලලබන ව්‍යවස්‌ථාවලියක්‌ කෙටුම්පත් කර ජනමත විමසුමක්‌ කැඳවූවේය.එම ක්‍රියාව ඔහුගේ විරුද්ධවාදින් විසින් හඳුන්වා දුන්නේඉස්‌ලාමීය කුමන්ත්‍රණයක්‌ ලෙසටය. මෙම කාරණා මෙන්ම ජනමාධ්‍යකරුවන්ගේ චෝදනා සහ අවිහිංසාවාදි පෙළපාලිකරුවන්ට කළ පහරදීම්පිළිබඳ පැමිණිලි සමඟින් 2012 නොවැම්බර් මස සියදහස්‌ ගණන්ඊජිප්තුවෙන් වීදි බසින්නට විය. මෝසි මහතාගේ පාලනයට වසරක්‌පිරුණ 2013 ජූනි 30 දින ඔහුගේ විරුද්ධවාදීන් විසින්පෙළපාලියක්‌ සංවිධානය කෙරුණි. එයට ඊජිප්තුව පුරා මිලියන ගණනින්පෙළපාලිකරුවන් එකතු වූ අතර ඔවුන් ජනාධිපතිතුමාට ඉල්ලා අස්‌වනලෙස බලකර සිටින්නට විය. දින 3 කට පසුව එවකට හමුදා ප්‍රධානියාවසිටි සහ වත්මන් ජනාධිපතිවරයා වන අබ්දෙල් ෆටා අල් සිසි රටේපාලනය අතට ගත්තේය.

මෝසි මහතා සහ ඔහුගේ ඉහළ උපදේශකයන්ට විරුද්ධව නඩු විභාග කිරීමඇරැඹෙන තුරු මාස කීපයක්‌ම ඔවුන්ව හුදකලා සිර අඩස්‌සියේ තබාතිබුණි. මෝසි මහතා ජනාධිපතිව සිටින විට 2012 දෙසැම්බර්ජනාධිපති මන්දිරය ඉදිරියේ රැස්‌ව සිටි පෙළපාලිකරුවන් විසිරුවාහරින ලෙස පොලිසියට විධාන දී තිබුණි. නමුත් ඔවුන් එයප්‍රතික්‌ෂේප කිරීම නිසා මෝසි මහතා කර තිබුණේ ඔහු සාමාජිකත්වයදරන මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සංවිධානයේ ආධාරකරුවන් ඒ සඳහායෙදවීමය. එහිදී ඇති වූ ගැටුමේදි 11 දෙනෙකු මරණයට පත්ව තිබුණි.විරෝධතාකරුවන් රඳවාගැනීමට සහ වද දීමට අණ දීමේ වරදට මෝසි මහතාඇතුළු බොහොමයක්‌ විත්තිකරවන්ට බරපතළ වැඩ ඇතිව වසර 20 කසිරදඬුවම් නියම විය.

ප්‍රජාතන්ත්‍රවාදිව තේරීපත් වූ හිටපු ජනාධිපතිතුමා අධිකරණබලධාරීන් සමඟ එකඟ වන්නේ නැත. තමා හමුදා කුමන්ත්‍රණයක ගොදුරක්‌වී ඇති බවට පළමු නඩු විභාගය ආරම්භයේදී ඔහු විත්ති කූඩුවේ සිටකෑගසා කීවේය. රටේ ව්‍යවස්‌ථාවට අනූව ජනරජයේ ජනාධිපති තමා බවත්තමාව බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවත් මෝසි මහතා තරයේ කියාසිටියේය. එතැන් පටන් ඔහුට සිදුවූයේ අධිකරණ කාමරවල ඇති හඬවළක්‌වන වීදුරු කොටුවක වාඩි ගැනීමටය. මෝසි මහතාට විරුද්ධවචෝදනා ඉදිරිපත් කෙරෙන අතරවාරයේ මුස්‌ලිම් බ්‍රදර්හුඩ්සංවිධානයද බිඳහෙළීමට කටයුතු සිදුවිය. එම සංවිධානය අතුගා දැමීමටසිසි ජනාධිපතිතුමා පොරොන්දු දී ඇත. නඩු විභාගවල දේශපාලනිකපොළඹවීමක්‌ තිබුණ බවත් කුමන්ත්‍රණයට නීතිමය ආවරණයක්‌ දීමටකටයුතු කළ බවත් මෝසි මහතාගේ ආධාරකරුවන් පවසා තිබුණි. නිදහසටකරුණු කිරීමට සූදානම් වීමට මෝසි මහතාට ඇති අයිතිය යටින් බිඳදමා ඇති බව මිනිස්‌ අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පවසා තිබුණි.මේ වන විටත් ඉහළ මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සාමාජිකයින්කීපදෙනෙකුටම මරණ දඬුවම නියම වී ඇතත් තවමත් එය ක්‍රියාවේනොයෙදුණි. සියළුම මරණ දණ්‌ඩන නියම ක්‍රියාත්මක කිරීමට පෙරඊජිප්තුවේ ඉහළම ආගමික අධිකාරි වෙත යෑවිය යුතු වේ. වරදකරුකිරීමට එතුමාගේ අනුමැතිය ලැබුණත් එයට අභියාචනා කිරීමේ හැකියාවදපවතී. මෝසි මහතා සම්බන්ධයෙන් ඇති මරණ දණ්‌ඩනයද ක්‍රියාත්මකනොවණු ඇතැයි ප්‍රවීණයන් විශ්වාස කරයි.

සටහන :- අමිල නුවන් මධුසංඛ


Friday, July 3, 2015

ලක්බිම දිනපතා පුවත්පතේ ජ්‍යොතිෂය භාවිතය

ලක්බිම දිනපතා පුවත්පතේ ජ්‍යොතිෂය භාවිතය පිළිබඳව අස්විද අතිරේකයේ සංස්කාරක ඞී.ඞී චමින්ද වික‍්‍රමරත්න සමඟ කල කෙටි සංවාදයක්

  • ලක්බිම දිනපතා පුවත්පත් අතරට අස්විද නමින් ජ්‍යෝතිෂමය අතිරේකයක් ඇතුලත් කිරීමේ පරමාර්ථය කුමක්ද ?
ලක්බිම, අපේ පුවත්පත් නිරන්තරයෙන්ම අලූත් වෙනවා. සාමාජිය වෙනස්වීම් ඔස්සේ වගේම පාඨක ප‍්‍රතිචාර අනුවත් පුවත්පතේ හැඩය අපි නිරන්තරයෙන්ම වෙනස්වීම් වලට භාජනය කරනු ලබනවා. අස්විද අතිරේකය එහි එක් ප‍්‍රතිඵලයක්. අපේ රටේ පාඨක රුචිය විවිධයි. ඔවුන්ගේ කැමැත්තට අනුව අපි දිනපතා පුවත්පත් අතරට විශේෂ අතිරේක පහක් එකතු කලා. චමත්කාර සමුදුර ප්‍රෝටෝන් ප‍්‍රතිභා වගේම අස්විද යනු, බදාදා ලක්බිම සමඟ නිකුත්කරන විශේෂ අතිරේකයයි. ජ්‍යෝතිෂය හා ගුප්ත ශාස්ත‍්‍රය වගේම ආයූර්වේදයට කැමැත්තක් දක්වන පාඨක පිරිස් වෙනුවෙන් වගේම නව වෙනසක අවශ්‍යතාවය දැනුන නිසයි අපි අස්විද විශේෂ අතිරේකය ඇරඹුවේ.
  • පුවත්පතේ ඉලක්කගත ග‍්‍රාහක පිරිස කවුරුන්ද ?
මෙහෙමයි, අපිට නිෂ්චිත වශයෙන්ම ඒක කියන්න බැහැ. මොකද ජ්‍යෝතිෂයට කැමති බාල තරුණ මහළු බොහෝ දෙනෙක් අපි වටා ඉන්නවා. ඔවුන්ගේ පුවත් පිපාසාව සංසිඳුවන්නයි මේ අතිරේකය ආරම්භ කළේ. අපට ලැබෙන පාඨක ප‍්‍රතිචාර වලින් කියන්න පුළුවන්, තරුණ පිරිස් වැඩි වශයෙන් අපි වටා ඉන්නවා කියලා. විශේෂිත ඉලක්කගත ග‍්‍රාහක කොටසක් නැති වුනත් සමස්ථ ලක්බිම පාඨකයින් තමයි අපේ ප‍්‍රධාන ඉලක්කය වන්නේ.
  • අස්විද විශේෂ අතිරේකයේ පිටු සැකැස්ම හා වර්ණ භාවිතය පිළිබඳව ඔබේ අදහස කුමක්ද ?
එය හරිම සුවිශේෂී කාරණයක්. මොකද අපේ සෑම අතිරේකයක් සඳහාම වෙන් වෙන් වශයෙන් සංස්කාරකවරු සහ පිටු සැකසුම් ශිල්පීන් සිටිනවා. එයින් අපි බලාපොරොත්තු වෙන්නෙ නැවුම් වෙනසක්. විශේෂ අතිරේක සෑම එකක්ම පාහේ වර්ණ පිටු වලින් යුක්තයි. වැඩි වශයෙන් පාඨකයාගේ ඇස යන වර්ණ භාවිත කරන්න අපි නිතරම උත්සාහ කරනවා. රතු කොල නිල් කහ දම් කළු සුදු ආදී විවිධ වර්ණ අපි භාවිත කරනවා. පාඨක ආකර්ෂණය හා රුචිය වැඩි කරන්න අපි රූප සටහන් හා චිත‍්‍ර භාවිත කරනවා. මෙහිදී භාවිත කරන ෆොන්ට් වර්ගද එකකට එකක් වෙනස්. සිරස්තල සඳහා එක් අකුරු ආකෘතියකුත්, විශේෂාංග සඳහා වෙනමඅකුරු ආකෘතියකුත් භාවිත කරන්න අපි කටයුතු කරල තියනවා. මෙහි පිටු සැකසුම චිරාත් විදර්ශන විසින් සිදුකරනවා.
  • පුවත්පත සඳහා ලිපි ලබාගන්නේ කෙසේද ?
පුවත්පතේ පලවන ලග්න පලාඵල විශේෂාංගය සෑම දිනකම ලබා දෙන්නේ ප‍්‍රවීන ජ්‍යොතීර්වේදී සමන් කළුආරච්චි මහතා විසින්. ඊට අමතරව පලවන සෑම ලිපියක්ම පාඨක ඉල්ලීම් සලකා බලා ඒවාට අනුව සකස්කළ ඒවායි. එසේම මෙහි තිබෙන විශේෂත්වය තමයි ජ්‍යෝතිෂය හා ආයූර්වේදය පිළිබඳව කැමැත්තක් හා දැනුමක් තියෙන අයට අප වෙත ඔවුන්ගේ ලිපි යොමුකරන්න පුළුවන්. විද්වත් මණ්ඩලයක් විසින් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව අපි සැළකිය යුතු මට්ටමේ ලිපි පලකරනවා.
  • අතිරේකය සඳහා ලැබෙන පාඨක ප‍්‍රතිචාරය කෙබදුද ?
ඒ ගැන කියන්නත් සතුටුයි. අනෙකුත් විශේෂ අතිරේක සමඟ සංසන්දනය කරන විටඅස්විද අතිරේකයට ඉතා හොද පාඨක ප‍්‍රතිචාරයක් ලැබෙනවා. අපිට ලැබෙන ලිපි, ගැටළු හා අදහස් වලින් ඒක හොදටම පැහැදිළි වෙනවා. තරුණ ප‍්‍රජාව වැඩි පිරිසක් අපි එක්ක ඉන්නවා. අපිට ගැටළු හා අදහස් එවන පිරිස් අතර තරුණ පිරිස වැඩියි. ඒ කෙසේ වෙතත් කොයි කා අතරත් අස්විද අතිරේකය ජනප‍්‍රියයි කියලනම් කියන්න පුළුවන්. එහෙම නැතිනම් ඒක අපිට මේ වෙනකම් පවත්වාගෙන එන්න පුළුවන්කමක් නැහැනෙ.
  • එතරම් හොද පාඨක ප‍්‍රතිචාර තිබියදීත් අතිරේකය එක් පිටුවකට සීමා කලේ ඇයි ?
අපි නිතරම හොද දේ පාඨකයා වෙනුවෙන් ලබා දෙන්නයි උත්සාහ කරන්නේ.  ඕනෑම දෙයක්  ඕනෑවට වඩා වැඩියෙන් තිබුනම ඒකෙ අගයක් නැතිවෙනව. ඒ නිසා අපි පාඨකයාට දැනගැනීමට අවශ්‍යයයැයි හැගෙන දේ පමනක් කෙටියෙන සංක්‍ෂිප්තව ඉදිරිපත් කරනවා.
  • අතිරේකය සඳහා වෙළඳ දැන්වීම් භාවිත කිරීමේ ප‍්‍රවනතාව කෙබඳුද ?
සාමාන්‍යයෙන් අපි විශේෂ අතිරේක වල කිසිම විටෙක වෙළඳ දැන්වීම් පලකරන්නේ නැහැ. ඒ සඳහා පුවත්පතේ වෙනත් කොටස් උපයෝගී කරගන්නවා. අතිරේක වෙන්වෙලා තියෙන්නෙ පාඨක රසවින්දනය වෙනුවෙන්ම විතරයි. පාඨකයන්ගේ උසස් රසවින්දනයට බාධා කරන්න හැම තැනකම වෙළඳ දැන්වීම් දමන්න අපිට අවශ්‍ය නැහැ.
  • අතිරේකය සඳහා විශේෂාංග රචකයින් තෝරා ගන්නේ කුමන පදනමකින් ද ?
වැදගත් ප‍්‍රශ්නයක්. අපි අපේ පුවත්පතේ පලවන සෑම විශේෂාංගයක් පිළිබඳවම ඉතාමත් සැළකිලිමත්.  ඕනෑම අයකුට පදනමකින් තොරව ලිපි පලකරවාගන්න අමාරුයි. ඒ සඳහා නිෂ්චිත ක‍්‍රමවේදයක් අපි භාවිත කරනවා. විවිධ ලේඛකයන් විසින් එවන සෑම ලිපියක්ම පාහේ අපි විද්වත් මණ්ඩලයක අධීක්‍ෂණයට යොමු කරනවා. විශේෂාංගයක් පලකරන විට එහි අන්තර්ගතය පිළිබඳව අපි නිරන්තරයෙන් සැළකිලිමත් වෙනවා. ආයතනයේ යම් යම් අවශ්‍යතා ද මෙහිදී සළකා බලනවා. හොද ලිවීමේ හැකියාවක් තියන, විෂය පිළිබඳ පුළුල් අවබෝධයක සහිත රචකයන්ගේ විශේෂාංග වලට වැඩි ඉඩක් වෙන් වෙලා තියනවා.
  • අස්විද පුවත්පතේ පලවන අනාවැකි පිළිබඳව වගකීම බාරගන්නේ කවුද ?
මෙහෙමයි, ඒ වගකීම සංස්කාරකවරයා වශයෙන් අවසානයේ මට තමයි බාරගන්න වෙන්නෙ. නමුත් අපි ඒ සඳහා තෝරාගෙන තිබෙන සමන් කළුආරච්චි නමැති ප‍්‍රවීන ජ්‍යොතීර්වේදියා විෂය පිළිබඳව පුළුල් දැනුමක් ඇත්තෙක්. ඔහු පලකරන ලග්න පලාඵල පිළිබඳව අපේ පාඨකයින්ට හොද විශ්වාසයක් තියෙනව. එය තවත් පුවත්පතක් හා සංසන්දනය කරන විට යම් තරමකින් වෙනස් වෙන්න පුලූවන්. නමුත් මට ඔහුව විශ්වාසයි. ඒ වගකීම මම බාරගන්නවා.
  • මේ ඔස්සේ සමාජයට යම් බලපෑමක් වෙලා තියෙනවද ?
පැහැදිළිවම. අද සමාජය තුලජ්‍යෝතීෂය පිළිබඳව ලොකු කතිකාවතක් ඇතිවෙලා තියනවා. මිනිස්සු කැමතියි තමන්ගෙ අනාගතය පිළිබඳව කල් තියා දැනගන්න. ඒ නිසා ඔවුන් ජ්‍යෝතිෂමය කාරණා සම්බන්ධයෙන් වෙනදාට වඩා සජිවීයි. ඒ සම්බන්ධ ජනමාධ්‍ය වෙත ඔවුන් වැඩියෙන් නැඹුරු වෙලා. පුවත්පත පැත්තෙන් ගත්තත් එහෙමම තමයි. මේ විදියට ජ්‍යෝතිෂය සම්බන්ධ අතිරේකයක් පුවත්පතට එකතුකරල තියෙන්නෙත් ඒ නිසාමයි. ආර්ථික වාසි තකා සමහර පුද්ගලයන් ජ්‍යෝතිෂය වැරදි විදියට භාවිත කරනව. නමුත් යහපත් අරමුණෙන් මෙය සිදුකළහොත් සමාජයට යහපත් බලපෑමක් සිදුකළ හැකියි.
 
 සංවාද සටහන :- අමිල නුවන් මධුසංඛ

සුභ දවසක් වේවා

සුභ දවසක් වේවා

අද මගේ ජිවිතයේ හොදම දවස. හරිම ප‍්‍රබෝධමත් ලස්සන දවසක් උදාවෙලා. මගේ ජිවිතය වගේම ඉතාමත් මිහිරි දවසක්. මේ විශිෂ්ට දවස මට ලබාදුන්නාට විශ්ව ශක්තියට ස්තූති වේවා. මම මට ඉතාම ආදරෙයි. මගේ ජිවිතය අති සාර්ථක එකක් කරගැනීමේ ශක්තිය මා සතු බව මා දන්නවා. මිනිස් ජිවිතයක් ලැබීමේ විරල අවස්ථාව ජයගැනීමට හැකිවූ මට මේ ජිවිතයේ පරමාර්ථය ඉටුකර ගැනීමේ හැකියාව හා වගකීම මට ඇති බ වමට විශ්වාසයි.
අද දවස මා ඉතාමත් සතුටින් හා ප‍්‍රබෝධයෙන් ගතකරනවා. මම ලෝකයට ලබාදෙන සෙනෙහස හා ගෞරවය දහස් ගුණයක් වැඩිවී මා කරා ලගාවන බව මම දන්නවා. අද මට හමුවන සෑම කෙනෙකුගේම හොඳක් මම දකිනවා. අද මගේ හොදම දවස. මගේ සිත ඉතාම සන්සුන්, තැන්පත්, ප‍්‍රීතිමත් එකක්. මගේ සිතුවිලි විශ්ව ශක්තිය හා එක්ව භෞතික යතාර්ථයක් බවට පෙරළෙන බව මම දන්නවා. මගේ සිතුවිලි ඉතා යහපත්. අද දවසේ සාර්ථකත්වය මා ලගාකර ගන්නවා. දවසින් දවස මොහොතින් මොහොත මම සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වෙනවා. ඔව් මට පුළුවන්...
අමිල නුවන් මධුසංඛ

Wednesday, July 1, 2015

අසභ්‍ය වෙබ් අඩවි වාරණය කළ යුත්තේ ඇයි ?

අසභ්‍ය වෙබ් අඩවි වාරණය කළ යුත්තේ ඇයි ?

කාලයක් පුරාවට බටහිර රාජ්‍යයන්ගේ යටත් විජිතයක්ව පැවතියත් ශ්‍රී ලංකාව යනු තවමත් සංස්කෘතික සීමාවන්ගෙන් ආරක්‍ෂා වී තිබෙන රටක් ලෙස හදුන්වා දීමට පුළුවන. නවීන තාක්‍ෂණය බටහිර රට වල කෙතරම් දියුණු වුවද ආසියා කලාපයට එය පැමිනෙන්නේ ප‍්‍රමාදවීය. මෙම තාක්‍ෂණික කාරණා යහපත් ක‍්‍රියාවන්ට මෙන්ම අයහපත් ක‍්‍රියාවන්ටද මිනිසුන් භාවිත කරන ආකරය වර්තමානයේ දැකගත හැකිය. පරිගණකය හා අන්තර්ජාලය යනු එලෙස මානව ජිවිතයට සමීප වූ නව තාක්‍ෂණික උපාංගයන් හා කාරණා  ලෙස පෙන්වා දිය හැකිය. මනුෂ්‍ය ජිවිතයට මේවා කෙතරම් සමීප වී තිබේද යත් විශ්ව ගම්මානයක්ව පැවති එය අද විශ්ව පවුලක් බවට පත්ව තිබීමෙන් ඒ බව මොනාවට පැහැදිළි වෙයි. 

අන්තර්ජාලය ඔස්සේ විහිදී යන වෛරසයක් ලෙස අසභ්‍ය වෙබී අඩවි හදුන්වා දිය හැකිය. මේවා නිර්මාණය කළේ බටහිර රටවල් විසිනි. කෙසේ නමුත් අන්තර්ජාලය විශ්ව වි්‍යාප්තව පවතින නිසා පසු කලෙක අනෙකුත් රටවල් වලට ද මෙම අසභ්‍ය වෙබ් අඩවි ඉතා සීග‍්‍රයෙන් පැතිර යන්නට විය. මෙහි බරපතලම කාරණය නම් ආසියාතික රටවල් කරාද මෙම අසභ්‍ය වෙබ් අඩවි ව්‍යාප්ත වීමයි. මේවා සමාජයෙන් තුරන් කිරීම අපහසු කාරණයකි. මන්ද යත් එක් පසකින් මෙම වෙබ් අඩවි තහනම් කරන විට අනෙක් පසින් වෙනත් නමකින් මෙම වෙබ් අඩවි නැවත ඇති කිරීමයි. මෙය විශාල සමාජ අභියෝගයකි. 
  • ස්ත‍්‍රී දුෂණ
  • සමාජ අපරාධ
  • ළමා අපචාර ක‍්‍රියා
  • සමලිංගික සම්බන්ධතා
  • ගණිකා වෘත්තිය
  • මානසික ආතතිය
  • දුරාචාර ක‍්‍රියා

ආදී බොහෝමයක් අකටයුතුකම් සමාජය තුල සිදුවන්නේ මෙම අසභ්‍ය වෙබ් අඩවි නැරඹීමෙන් ඇතිවන බලපෑමෙන් බව මෑතකදී කරන ලද සමීක්‍ෂණ වාර්ථා පෙන්වා දෙයි. මෙම අසභ්‍ය වෙබ් අඩවි වාරණය කළ යුත්තේ මෙවැනි ක‍්‍රියා නවත්වා ගැනීමටයි. සමාජය දිනෙන් දිනම පරිහානියට පත්වෙමින් සිටියි. සමාජය මෙම උවදුරෙන් ගලවා ගැනීමට නම් කළ යුත්තේ අසභ්‍ය වෙබ් අඩවි තහනම් කර දැමීමයි. ඒ සඳහා,

  • නව නීති පද්ධතියක් ඇති කිරීම
  • අසභ්‍ය වෙබ් අඩවි සඳහා වන පිවිසුම් අත්හිටුවීම
  • වරදකරුවන්ට දැඩි දඩුවම් ලබා දීම
  • මේ පිළිබඳව සමාජය දැනුම්වත් කිරීම

වැනි ක‍්‍රියාමාර්ග ඔස්සේ යම් ප‍්‍රමාණයකින් හෝ මෙම අසභ්‍ය වෙබ් අඩවි නම් වූ රුදුරු බලවේගයෙන් රට බේරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එනිසා කඩිනමින් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට වගකිවයුතු පිරිස් වල අවධානය යොමු කල යුතුව තිබේ.

අමිල නුවන් මධුසංඛ

අසභ්‍ය වෙබ් අඩවි වලට ළමයින්ගේ යොමුවීම

අසභ්‍ය වෙබ් අඩවි වලට ළමයින්ගේ යොමුවීම

වත්මන් ගෝලීය අධ්‍යාපන රටාව තුල ළමුන් අන්තර්ජාලයට අසාමාන්‍ය ලෙස ඇබ්බැහි වී සිටින අතර එය ඔවුන් අතර ඉතා ජනප‍්‍රිය මාධ්‍යයක් බවට පත්වී හමාරය. මේ තුලින් දරුවන්ට ධනාත්මක දේ බොහෝමයක් ලබා ගත හැකි වූවත් අවාසනාවකට මෙන් ඔවුන් බහුතරයක් එයින් ලබා ගන්නේ අසභ්‍ය දේවල්ය. ළමුන් පමනක් නොව ඇතැම් වැඩිහිටියන් විසින්ද මෙය සිදු කරනු ලබයි. විශේෂයෙන්ම අන්තර්ජාලය හා සම්බන්ධ ලිංගික ක‍්‍රියාවන් සදහා අද බොහෝ පිරිස් සූක්‍ෂම ආකාරයට ආකර්ශනය කරගෙන සිටියි. අන්තර්ජාල තුල පවතින දහස් ගණනක් අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිස අසභ්‍ය චිත‍්‍රපට මෙන්ම අසභ්‍ය වීඩියෝ පට නැරඹීමට ද පුරුදුව සිටියි. මේ නිසා

  • වැරදි ආකාරයේ ලිංගික අධ්‍යාපනයක්
  • අසම්මත ලිංගික චර්යා
  • ගණිකා ඇසුරට යොමු වීම්

බහුල වශයෙන් සිදුවේ. එසේම අන්තර්ජාලය මගින් පවත්වාගෙන යන ළමා ලිංගික වෙළදපොළක් ද මේ තුල නොපෙනෙන අයුරින් ක‍්‍රියාත්මක වෙයි. එනිසා මෙම අසභ්‍ය වෙබ් අඩවි හරහා ළමුන්ට විශාල බලපෑමක් සිදුවේ. ලංකාවේ පාසැල් ළමුන් විශාල ප‍්‍රමාණයක් නිරන්තරයෙන් අන්තර්ජාලය හරහා අසභ්‍ය චිත‍්‍රපට නරඹන අතර මෙරට පොලීසිය විසින් මෙවැනි දරුවන් විශාල පිරිසක් පරිවාසයට යොදවන ආකාරයක් ද දැකගත හැකිය. 
මෑතකදී මැදවච්චිය මෛත‍්‍රීපාල සේනානායක පාසැලේ උසස්පෙළ හදාරන සිසුවෙක් සහ සිසුවියක් ලිංගිකව එක් වන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් කැබිතිගොල්ලෑව පොලීසිය විසින් සොයාගෙන ඇත. එසේම ඒවා අසභ්‍ය වීඩියෝ දර්ශන සහිත වෙබ් අඩවියකට ලබා දීමට ද ඔවුන් සූදානම්ව සිටි බව පසුව සොයාගෙන තිබෙයි. එසේම ෆේස් බුක් යනු ළමුන් අතර ජනපි‍්‍රය සමාජ ජාල වෙබ් අඩවියකි. මෙහි නිර්මාතෘ මාක් සකර්බර්ග් මෙය නිර්මාණය කලේ ගෝගීය මිතු දම ශක්තිමත් කිරීමටයි. නමුත් මේ තුලින් සමාජයට සිදුවන බලපෑම සුළුපටු නොවෙයි. ඇතැම් දරුවන් අනවශ්‍ය පෙම් සබඳතා ඇතිකර ගන්මින් ජිවිතය පවා විනාශකර ගනිති. ඇතැම් ගැහැණු දරුවන් තම පවිත‍්‍රත්වය පවා විනාශකර ගනිති. 
ළමුන් ලිංගික අපචාර වලට යොමු වීමේ මූලක පියවර වන්නේ මෙම අසභ්‍ය වෙබ් අඩවි වලට යොමු වීමයි. මේවා නැරඹීමට ඇබ්බැහි වූ දරුවන්ගේ තත්ත්වය අතිශය ශෝකජනකය. විශේෂයෙන්ම අසාමාන්‍ය මානසික වෙනස්වීම් වලට විකෘති ලිංගික ආශ්වාදයන්ට ඔවුන් නොදැනුවත්වම ඇබ්බැහි වෙයි. පසු කලෙක

  • අපරාධකරුවන් 
  • ස්ත‍්‍රී දුෂකයන්
  • මිනීමරුවන් 
  • ළමා අපයෝජකයින්

බවට පත් වනුනේ මොවුන්ය. පරිගනකයක් අද වන විට සෑම නිවසකම පරිඝනකයක් නොමැති  වුවද පරිඝනක පාඨමාලා වලට යාමට ළමුන් පෙළඹී සිටියි. මේවා තුල පෞද්ගලිකත්වය හොදින් ආරක්‍ෂා වන නිසා මේවායෙන් අසභ්‍ය වෙබ් අඩවි වලට ඇතුලත් වෙයි. මේ නිසා රටේ සංස්කෘතික පරිහානිය ද දිනෙන් දින වර්ධනය වෙයි. මෙම උවදුරෙන් ළමුන් ආරක්‍ෂා කර ගැනීමට නම් අසභ්‍ය වෙබ් අඩවි තහනම් කළ යුතුම වෙයි. 

අමිල නුවන් මධුසංඛ