දොරකඩ අස්න

Monday, June 15, 2015

ගෝලීය උණුසුම සහ හෙට දවස

ගෝලීය උණුසුම සහ හෙට දවස

ජිවිතය නමැති දැල මිනිසා විසින් වියන ලද්දක් නොව අප එහි නූල්පටක් පමනි. මිනිසා  එයට යම් හානියක් සිදු කරයිද, එය තමාටම කර ගන්නා උපද්‍රවයකි.” යනුවෙන් රතු ඉන්දියානු නායක සියැටල් නැමැත්තා පැවසුවේ පරිසරයේ වටිනාකම සමස්ත ලෝකයටම වටහා දෙමිනි. පාරිසරික සමතුලිතතාවය මෙන්ම ජෛව ගෝලයේ පැවැත්මටද දේශගුණය ප‍්‍රබල වශයෙන් බලපානු ලබයි. පාරිසරික සමතුලිතතාවය බිඳ ටීවැම කෙරෙහිද මෙය එක සේ බලපාන අතර ඒ ඔස්සේ කෘෂිකාර්මික බිඳවැටීම්, පරිසර පද්ධතියේ වෙනස්වීම්, අයිස් කඳු දියවීම්, සාගර ජල මට්ටම ඉහළ යාම, වනාන්තර විනාශ වීම, ජල සම්පත අහිමි වීම ආදිය සිදුවිය හැකිය. පසුගිය දශකයන්හි දේශගුණයෙහි ඇති වූ වෙනස්කම් හේතුවෙන් සමස්ත මානව සංහතියටම නොයෙක් ආකාරයේ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවිය. වර්තමාන ලෝකය මුහුණදී සිටින ප‍්‍රධාන අභියෝගය වනුයේ පාරිසර විනාශයයි. එ.ජා.ස අනුව පාරිසරික විපර්යාසය යනු, සෘජුව හෝ වක‍්‍රව මානව ක‍්‍රියාකාරකම් වල බලපෑමෙන්, දේශගුණික විපර්යාස හා ස්වභාවික වෙනස්වීම් වලින් ගෝලීය වාතාවරණයේ සංයුතිය වෙනස් වීමයි.

විද්‍යාඥයින් විසින් පවසන අන්දමට පෘතුවි උෂ්ණත්වය වැඩිවීම කෙරෙහි බලපාන ප‍්‍රධානම සාධකය වනුයේ මිනිස් ක‍්‍රියාකාරකම්ය. වායුගෝලයට එකතු වන හරිතාගාර වායු වැඩිවීම නිසා පෘතුවි උෂ්ණත්වය ඉහල යමින් පවතී . මිනිසා විසින් සිදු කරනු ලබන න්‍යෂ්ටික අවි අත්හදා බැල’ම, වන විනාශය, කෘෂි රසායන භාවිතය ආදිය නිසා වායුගෝලයට එකතු වන හරිතාගාර වායු වැඩිවීමෙන් මිනිසාට නොයෙක් ආපදා වලට මුහුණ දීමට සිදුවී තිබේ. විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ දැනට සිදුකරනු ලබන ක‍්‍රියාකාරකම් වල වෙනසක් සිදු නොවුනහොත් ලබන සියවස අග භාගයේදී පෘතුවියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රට් අංශක 1-3.5 අතර ප‍්‍රමාණයකින් ද සාමාන්‍ය මුහුදු මට්ටම සෙන්ටිමීටර 15-90 අතර ප‍්‍රමාණයකින් ද ඉහළ යනු ඇත. 

ජල ගැලීම්, ගිනි කඳු පිපිරීම, නියගය, සුනාමි, නාය යෑම්, වෙරළ ඛාදනය වැනි දේ දේශගුණික විපර්යාසයන් හේතුකොටගෙන  සිදුවෙයි. එමෙන්ම අධික සූර්ය තාපය, වායුගෝලයේ සංයුතිය වෙනස් වීම, ගිනි කඳු පිපිරීම, සාගර ද්‍රෝණි වල ක‍්‍රියාකාරීත්වය වෙනස් වීම, හිරු පටලයන්හි ක‍්‍රියාකාරීත්වය වැඩි වීම ෑඛභෂභධ ්බා ඛ්භෂභධ තත්ත්ව වැනි දේශගුණික විපර්යාස රැුසකට පසුගිය කාලයේ මිනිසාට මුහුණදීමට සිදුවිය. දේශගුණික විපර්යාසයන් වර්ධනය වීම සඳහා සංවර්ධිත රටවල බලපෑම අධික වුවත් එහි අයහපත් ප‍්‍රතිඵල වැඩි වශයෙන් ලබන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල්ය. 2010 වන විට සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වය 1.4-5.8 ක්‍0දක්වා ඉහළ ගිය අතර වාතයේ කාබන්ඩයොක්සයිඞ් සාංද්‍රණය මිලියනයකට කොටස් 370 සිට 540-970 දක්වා වැඩි වූ බව දේශගුණ විපර්යාස පිළිබඳව අන්තර් රාජ්‍ය මණ්ඩලයේ තෙවන ඇගයීම් වාර්ථාව පෙන්වා දෙයි. 

එමෙන්ම 2100 වන විට 1.8-4.0 ක්‍0 දක්වා ප‍්‍රමාණයකින් පෘතුවි උෂ්ණත්වය වැඩි වීමට ඉඩ තිබෙන බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. කාර්මීකරණය හේතුවෙන් වායුගෝලයට එකතු වන හරිතාගාර වායු සාන්ද්‍රණය සමතුලිත මට්ටම ඉක්මවා යාමට බලපා තිබේ. ඒ සඳහා දායක වන වායූන් අතර කාබන්ඩයොක්සයිඞ්, ක්‍ත්‍ක්‍-11 ක්‍ත්‍ක්‍ -12 වැනි වායු මූලික වී තිබේ. 20 වන ශතවර්ශයේ සිදු වූ දේශගුණික විපර්යාසයන් අතර,
  • ආසියාවේ හා අප‍්‍රිකාවේ දැඩි නියගයන් ඇතිවීම. 
  • උප නිවර්තන ප‍්‍රදේශයන්හි දශකයකට 0.3% කින් වර්ෂාපතනය අඩුවීම.
  • ජල චක‍්‍රය වේගවත් වීම
  • උත්තර අර්ධගෝලයේ මධ්‍යම සහ උත්තර අක්ශාංෂ වල වර්ෂාපතනය දශකයකට 0.5-1.0% දක්වා වර්ධනය වීම.
     
    ආදිය විශේෂත්වයක් ගනී. උෂ්ණත්වය අධික වීම හේතුවෙන් අයිස් කඳු දිය වී සාගර ජල මට්ටම ඉහළ යෑමෙන් මාලදිවයින, මාෂල් දුපත්, ටොන්ගා දුපත් ජලයෙන් යට වීමේ අවධානමකට මුහුණදී තිබෙයි. 2030 වන විට 20 ක්‍ප හා මීලග ශතවර්ශය වන විට 65 ක්‍ප ක් දක්වා සාගර ජල මට්ටම ඉහළ යා හැකි බව දේශගුණ විද්‍යාඥයින් පෙන්වා දෙයි. මෙහි බලපෑමෙන් ආට්ටික් සහ ඇන්ටාට්ටික් අයිස් සහිත ප‍්‍රදේශ සම්පූර්ණයෙන්ම දියවීමට ලක් වුවහොත් මුහුදු මට්ටම 7.4 ප කින් ඉහළ යාමට පවා ඉඩ තිබෙයි. එය විශාල ප‍්‍රශ්නයක් වනුයේ ශීත කලාපයේ ජිවත්වූ දඩයමින් දිවි රැුක ගත් ඇස්කිමෝවරුන්ට සහ හිම වලසුන්ටයි. දැඩි ආහාර හිඟය සහ හිම මත ජිවත්වන සීල් මසුන් වඳවී යාමත් නිසා උග‍්‍ර ආහාර හිඟයකට ඔවුන් මුහුණපාන්නට සිදුවිය. 



මුහුදු ජල මට්ටම ඉහළ යාමෙන් පෘතුවි උෂ්ණත්වය වැඩිවීම, කොරල්පර විනාශවීම, වෙරළ ඛාදනය, සංවේදී පරිසර පද්ධතීන් විනාශවීම, මෝය කලාපවල භූමියේ ලවන ගතිය වැඩිවීම, කඩොලාන ශාක පද්ධතිය විනාශවීම නිසාවෙන් මේ වන විට සමස්ත ලෝකයම විවිධ ගැටලූ වලට මුහුණදී සිටියි. ඒ අතර දේශගුණික හා කාලගුණික විචල්‍යතා, ශාක හා සත්ව ව්‍යාප්තියේ වෙනස්වීම්, ග්ලැසියර දියවීම, මුහුදු මට්ටම ඉහළ යාම, සාගරයේ ආම්ලිකතාව ඉහළ යාම, බයානක රෝග ව්‍යාප්තිය, කොරල්පර විනාශවීම ආදිය කැපී පෙනෙයි. 2080 වන විට යුරෝපීය කලාපයේ ශාක වලින් 40% ක් ද 2085 වන විට අප‍්‍රිකා වනාන්තර වලින් 25% ක් ද විනාශ වන බව දැනට සොයාගෙන තිබේ. යුරෝපයේ ලැව්ගිනි නිසාවෙන් ඉතාලිය, ස්පාඤ්ඤය වැනි රටවල් විශාල අර්බුධයකට මුහුණ දී සිටියි. 2009 මාර්තු මස පෘතුගාලයේ සහ වයඹදිග ස්පාඤ්ඤයේ ඇතිවූ සාමාන්‍ය ලැව්ගින නිසා හෙක්ටයාර 25000 භූමි ප‍්‍රමාණයක් විනාශ විය. ඉදිරි කාලය තුල මධ්‍යදරනී කලාපයේ ලැව්ගිනි අවධානම ඉහළ අගයක පවතින බව කාලගුණික විද්‍යාඳයින් අවධාරණය කරයි. 

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමගම සමේ පිළිකා ඇතිවීම, ස්වසන ආබාධ, වසංගත රෝග, උශ්ණත්වය හා වර්ෂාපතනය අක‍්‍රමවත් වීම, ආහාර වල ප්‍රෝටීන් ප‍්‍රමාණය අඩුවීම, රෝග කාරකයන්ට සුදුසු පරිසර තත්ත්වයන් නිර්මාණය වීම හා මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම වැනි ගැටලූ රැුසක් ඇතිවීමට ඉඩකඩ පවතී. මේ අනුව පෙනී යන්නේ දේශගුණ විපර්යාසයන් සිදුවීමට නිශ්චිත කාල වකවානුවක් හෝ ප‍්‍රදේශයක් නොමැති බවයි. එය නොයෙක් ආකාරයෙන් විවිධ කලාපයන්ට බලපෑම් ඇති කරයි. වර්තමානයේ අප මුහුණදී සිටින මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වය වෙනස් කිරීමට එක් පැළයක් හෝ රෝපණය කිරීමෙන් ගෝලීය උණුසුම වලක්වා ගැනීමට කටයුතු කළ යුතුය. 
                                                            -අමිල නුවන් මධුසංඛ-

No comments: