සිද්ධාර්ත්ගෙ පෞරුෂය ඉස්සරහ මම දියවෙලා යනව.
ශ්‍රද්ධා කපූර්
තරඟකාරීත්වය දවසින් දවස වැඩිවන බොලිවුඞ් පුරවරයේ තමන් රඟපාපු අඩු වියදම් සිනමා පටයකින් නොහිතපු සාර්තකත්වයක් ලබපු නිළියක් තමයි ශ්‍රද්ධා කපූර් කියන්නෙ. මූනෙ ඇදෙන අහින්සක සිනහව, දිගටි නෙතු සගල වගේම සරාගී දෙතොල් සඟලක් හිමි ශ්‍රද්ධ එහෙමත් නැත්නම් ගොඩක් අය හදුන්වන අරෝහි ඉන්දියාවෙ විතරක් නෙවෙයි ලංකාවෙ කොල්ලොත් පිස්සු වට්ටපු කෙල්ලෙක් කිව්වොත් හරි. ආශිකී 2, ඒක් විලන් වගේම මේ දවස් වල ඒ.බී.සී.ඞී 2 චිත්‍රපටයෙනුත් අපිට ශ්රද්ධගෙ අපූරු හැකියාවන් බලාගන්න පුලූවන්. බොලිවුඞ් වල කොයි තරම් කාර්යබහුල නිළියක් වුනත්, තමන් එක්ක කොෆි එකක් බොන්න එන්නයි කියල කරන් කරපු ආරාධනයනම් එයාට අහක දාන්න බැරිවුනා.
ඔබ දැන් ගොඩක් ජනප්‍රිය නිළියක් වෙලා...
ම්...ම්...ම්...ගොඩක් ජනප්‍රියයි කියල මටත් හිතෙනව. වෙනද වගේ මට දැන් සාමාන්‍ය කෙල්ලෙක් විදිහට පාරෙ බැහැල යන්නත් බැහැ. ඒත් ඒකට මම කැමතියි. මේ හැබෑවෙලා තියෙන්නෙ මගේ පුංචි කාලෙ ඉදන් තිබුණු සිහිනයක්. මම මේ හැමදේකටම ගොඩක් ආදරෙයි.
බොලිවුඞ් වල කවුද ඔබේ ලඟම මිතුරියන්...?
ක්ෂේත්රය ඇතුලෙනම් මට ගොඩක් යාලූවො නෑ. ඒත් මම ගොඩක් ලගින් ඇසුරු කරන දෙන්නෙක් තමයි පරිනීති සහ ආලියා. සමහර විට අපි එකම කාලෙ සිනමාවට ආපු නිසා වෙන්න ඇති මේ තරම් කිට්ටු වුනේ. මොන දේ වුනත් මම කියන්නෙ එයාල දෙන්නට තමයි. අපි හරියට සහෝදරියො වගේ.
ආදිත්‍ය රෝයි කපූර් එක්ක සම්බන්ධයක් තියනව කියන්නෙ ඇත්තද...?
අයියෝ... ඕක ගොඩක් පරන කතාවක්. ආශිකී චිත්‍රපටය තිරගතවුනාට පස්සෙ ගොඩක් අය එහෙම කියන්න පටන්ගත්ත. ඒත් මගේ හිතේවත් ආදිත්‍යගෙ හිතේවත් ඒ වගේ අදහසක් නෑ. ඕනි කෙනෙක්ට ඕනි දෙයක් කියන්න පුලූවන්. අනික මගේ කැමැත්ත තියෙන්නෙ වෙන තැනක. ඉතින් කොහොමද ඒ කතාව ඇත්තක් වෙන්නෙ.
ඔබේ සහකරුවා සිනමාවෙම කෙනෙක් වුනොත්...
සමහරවිට එහෙම වෙන්නත් පුලූවන්. හැබැයි එයා මට සියයට සියයක් ගැලපෙන්න ඕනි. සිද්ධාර්ත් වගේ පෞරුෂයක් තියෙන කෙනෙක් නම් මම ගොඩක් කැමතියි. ඒත් ගොඩක් නළුවන්ට ඒ වගේ කොලිටීස් නැහැ. එයා සිනමාවට සම්බන්ධ වෙන්නම ඕනි නෑ.
ඇත්තද ඔබ දැන් මාධ්‍යවේදීන්ට ගණන් උස්සනව කියන්නෙ...?
ඒක බොරු කතාවක්. මම කා එක්කත් සුහදයි. ඒත් ගෑනු ළමයින්ව අපහසුතාවට පත්කරන අයට මාධ්‍යවේදියො කියන්න පුලූවනිද...? ඒ වගේ අය එක්ක ගණුදෙනු කරන්නනම් මගේ කැමැත්තක් නැහැ. වැරදි විදිහට තොරතුරු ගන්න එන අයට පේන්නෙ මම ගණන් උස්සනව කියල වෙන්න ඇති.
ශාරුක් ඛාන් හරි රිතික් රෝෂන් හරි චිත්‍රපටියක රඟපාන්න ආරාධනා කළොත්...
අම්මෝ... ඒක ලොකු අවස්ථාවක්නෙ. එහෙම උනොත් මම රිතික්ගෙ ආරාධනාව මුලින්ම බාරගන්නව. මම රිතික්ට ගොඩක් කැමතියි. ශාරුක්ටත් කැමතියි. ඒත් තිරයේ මට ගොඩක් මැච් වෙන්නෙ රිතික් කියලයි මට හිතෙන්නෙ.
සමකාලීන නිළියන් ඔබට අභියෝගයක් නොවෙයිද...?
මගේ පරපුරේ අය ගොඩක් දක්ෂයි. ඒ අය ලග වෙනස්ම හැකියාවන් තියෙන්නෙ. මටනම් කවුරුත්ම අභියෝගයක් නෙවෙයි. මට පුලූවන් දේ මම උපරිමයෙන් කරනව. ඒක නිසා තරඟයක් නෑ.
මහේෂ් භාත්ගෙ සරාගී චිත්‍රපටකට ආරාධනා ලැබුනොත් භාරගන්නවද...?
අනිවාර්යයෙන්ම. එයාගෙ ආරාධනයක් මම අහක දාන්නෙ කොහොමද...? හැබැයි ඒක මට යමක් කරන්න තියෙන ෆිල්ම් එකක් වෙන්න ඕනි. ඒ වගේම සිද්ධාර්ත් ඒ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රඟපානවනම් මම තවත් කැමතියි. අනික නිළියක් කියන්නෙ ඕනිම දෙයක් කරන්න පුලූවන් කෙනෙකුටනෙ. ඒ නිසා කිසිම දේකට පස්ස ගහන්න හොද නෑ.
සිද්ධාර්ත් ගැන මොකද ඔය තරම් කැමැත්තක්...?
අනේ මන්ද...? සිද්ධාර්ත් කියන්නෙ මම ගොඩක් කැමති කොල්ලෙක්. එයා වගේ වෙන්න කාටවත්ම බෑ. ඒක් විලන් ෆිල්ම් එකට මම කැමති වුනෙත් සිද්ධාර්ත් නිසාමයි. සිද්ධාර්ත්ගෙ පෞරුෂය ඉස්සරහ මම දියවෙලා යනව. ඒත් ඒකෙන් කියන්නෙ නෑ මායි එයයි අතරෙ සම්බන්ධයක් තියනව කියල.
කත්රිනා කායිෆ් එක්ක තියෙන අමනාපය මොකක්ද...?
අම්මෝ මම බොහොම අහිංසක කෙල්ලෙක්. එයත් එක්ක කිසිම අමනාපයක් මට නෑ. මම සාමාන්‍ය කෙල්ලෙක්. මට කා එක්කවත් ප්‍රශ්න ඇතිකරගන්න ඕනි නෑ. ඕව අපි අතර ප්‍රශ්න ඇතිකරන්න සමහරු ගොතන කතා. අනික කාගෙවත් බෙල්ල කපාගෙන ඉදිරියට යන්න මට ඕනි නෑ.
සටහන :- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment