පරිසර සංරක්‍ෂණයට නීති අවශ්‍යමද ?
අපට පූජනීය වස්තුවක් වන මෙම භූමියේ ඇළ දොළ දිගේ පළිඟු කැට මෙන් දිදුළමින් ගලා බසින ජලය නිකම්ම දිය දහරක් නොව අපේ මුතුන් මිත්තන්ගේ රුධිරය යැයි සියැටල් කීහ. නමුත් වර්තමානය වන විට සමස්ථ ලෝකයම දරුණු පාරිසරික අර්බුධයකට මුහුණදී සිටියි. මේ සියල්තටම බලපාන්නේ මානව ක‍්‍රියාකාරකම් ය. මානවයා අතින් සිදුවන පරිසර විනාශය හේතුකොට ගෙන ගෝලීය උෂ්ණත්වය ඉහළ යයි. වායුගෝලය උණුසුම් වීම නිසා සිදුවන විනාශය මෙතෙකැයි කිව නොහැක. ස්වභාවික ජල උල්පත් සිදී යාම ර්‍ණ හිම කඳු දියවීම ර්‍ණ සාගර ජල මට්ටම වැඩිවීම ර්‍ණ අහිතකර වායූන් ආදී සියල්ලක්ම එහි අනිසි ප‍්‍රතිඵලයි.
මේ සියල්ල සිදුවන්නේ මානවයා සීමාවක් නොමැතිව අසීමාන්තික ලෙස පරිසර සම්පත් පරිහරණය කිරීම හේතුකොටගෙනයි. පරිසර නීති ඇතිකර තිබෙන්නේ මානවයා අතින් සිදුවන මෙවැනි වැරදි පාලනය කිරීම සඳහායි. නීතිය යනු අධිකාරී බලය පදනම් කරගත් පුරවැසි චර්යාව පාලනය කිරීම සඳහා රාජ්‍ය මගින් ක‍්‍රියාවට නංවන රෙගුලාසි වේ. තම ආත්මාර්ථකාමී හැගීම් පසෙකලා යමෙක් තම හදවතින් පරිසර සංරක්‍ෂණයට නීති අවශ්‍යමදැයි විමසුවහොත් ඔහුට ලැබෙනුයේ නැත යන පිළිතුර පමනකි. මන්ද යත් ඕනෑම පුද්ගලයකු තම ආකල්ප නිවැරදි ආකාරයට මෙහෙයවා ගතහොත් වර්තමානයේ පරිසර දුෂණයට නීති අවශ්‍ය නොවේ. කල යුත්තේ ආකල්පමය වෙනසක් ඇතිකර ගැනීමයි.
අප අතීතමුතුන් මිත්තන් පරිසරය දේවත්වයේ ලා සැළකූහ. එතුලින් පරිසර සංරක්‍ෂණය ඉබේම සිදුවිය. ඔවුන්ගේ සමස්ථ ජ’විතයම රැුදී තිබුනේ පරිසරය තුලයි. ඔවුන් අතර පැවති අන්තර් සබැඳියාව කෙතරම්ද යත් කිසි ලෙසකින්වත් පරිසර හානියක් සිදු නොවීමෙන් පෙනී යයි. වර්තමාන මිනිසා තම සංවර්ධන ක‍්‍රියාවලියේදී පාරිසරික සම්පත් භාවිත කරන විට පරිසරයට හානියක් නොවන ලෙසට කටයුතු කරයි නම් මෙලෙස නීති පනවමින් නීති අලූත් කරමින් කාලය කා දැමීමට සිදු නොවනු ඇත. සිදුවිය යුත්තේ පුද්ගලයා තුල ස්ව්‍යං ශික්ෂණයක් ඇතිකර ගැනීම පමනකි. තමා පිළිබඳව පමනක් නොව තම අනාගත පරපුර ගැනද සිතන්නට හැකිනම් මෙය අද ගැටළුවක් නොවනු ඇත.
නීතියට කළ හැක්කේ පුද්ගල භාහිර චර්යාව පාලනය කිරීම පදනකි. අධ්‍යාත්මයට එම නීති අදාල නොවේ. අධ්‍යාත්මය පාලනය වන්නේ ස්ව්‍යං විනයෙනි. හදවතින් වැඩකරන මිනිසුන්ට ගහට කොළට ඇළට දොළට ආදරය කරන්නට නොහැකියාවක් නැත. එබැවින් හදවත් ඇති මිනිසුන් වෙසෙන විශ්වයක පරිසර සංරක්‍ෂණයට අමුතුවෙන් නීතියක් අවශ්‍ය නොවේ.
අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment