පරිසරය අර්ථ දැක්වීම.
මිනිසා තුල පරිසරය හා ඒ ආශ්රිත ප්‍රශ්න පිළිබඳව වැඩෙමින් පවතින උනන්දුවක් ඇති බව පසුගිය දශක දෙක පෙන්නුම් කරයි. පරිසර විද්‍යාඥයින්, ප්‍රතිපත්ති සැළසුම්කරුවන් සහ සමස්ථ ලෝකයෙහිම වෙසෙන පරිසරය පිළිබඳව උනන්දුවක් දක්වන ප්‍රජාව ඕසෝන් ස්ථරය ක්ෂය වීම, අම්ල වැසි, භූතලය උණුසුම් වීම, නියගය ගංවතුර, සාගත, පාංශු ඛාදනය, වායු දුෂණය, ජල දුෂණය, ඉන්දන හිඟය, වන විනාශය ආදී කරුණු සම්බන්ධ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට ඇති අවශ්‍යතාව ප්‍රකාශ කරති. මින් පෙර නොවූ ආකාරයට පරිසරය වාදමය සහ බුද්ධිමය සාකච්ජා වලට වස්තු විෂය වී තිබේ.
බොහෝ දුරට කෙනෙකුගේ වටපිටාව මෙන්ම ඇසුරු කරන්නන්ද හැඳින්වීම සඳහා ය. එහෙත් විද්‍යාත්මකව දක්වන විට පරිසරය යනු, පාරිසරික සාදක වල සමූහයකි. පාරිසරික සාදක එක් වීමෙන් විවිධ පාරිසරික තත්ත්ව නිර්මාණය වෙයි. නොයෙක් මූලාශ්‍ර හා විද්‍යාඥයන්ට අනුව පරිසරය යන වචනය මෙසේ නිර්වචනය කළ හැකිය.
පරිසරය යනු, ජීවීන්ගේ ජීවිතය කෙරෙහිත්, සංවර්ධනය කෙරෙහිත් බලපාන සියළුම බාහිර තත්ත්ව වල සහ හේතුවල සාමූහිකයයි.
-වෙබ්ස්ටර් ශබ්ද කෝෂය-
පරිසරය යනු, ජීවියකුගේ ජීවිතය ගෙනයාමටත්, වැඞීමටත් බාහිරව බලපානතත්ත්වයන් වල හා හේතුවල එකතුවකි.
-මැක්ග්රොහිල් විද්‍යා හා තාක්ෂණ විශ්ව කෝෂය-
-වෙබ්ස්ටර් ශබ්ද කෝෂය-
පරිසරය යනු, ජීවියකුගේ ජීවිතය ගෙනයාමටත්, වැඞීමටත් බාහිරව බලපානතත්ත්වයන් වල හා හේතුවල එකතුවකි.
-මැක්ග්රොහිල් විද්‍යා හා තාක්ෂණ විශ්ව කෝෂය-
පරිසරය යනු, වටපිටාව, වටපිටාවේ ඇති වස්තූන්, ප්‍රදේශ, තත්ත්ව හෝ බලපෑම්ය.
-රීඩර්ස් ඩයිජස්ට් විශ්ව කෝෂය-
-රීඩර්ස් ඩයිජස්ට් විශ්ව කෝෂය-
පරිසරය යනු වටපිටාවේ කරුණු හෝ තත්ත්ව හෝ බලපෑම් වල සාමූහිකය යි.
-රැන්ඩම් හවුස් ඉංග්‍රිසි ශබ්ද කෝෂය-
-රැන්ඩම් හවුස් ඉංග්‍රිසි ශබ්ද කෝෂය-
මෙම නිර්වචන සියල්ලෙන්ම පෙනී යන්නේ මිනිසා ඇතුළු සෑම ජීවියෙකුගේම පැවැත්මටත් වර්ධනයටත් බලපාන කරුණු රාශියක් ඇති බව හා එ් සියල්ලම එකතු වූ විට ජීවියකුගේ පරිසරය නිර්මාණය වන බවයි. පරිසරය යනු, මිනිසාගේ හා අනෙකුත් සෑම ජීවියකුගේම පැවැත්මටත්, සංවර්ධනයටත් බාහිරව ඇති වස්තු, තත්ත්ව හා බලපෑම් වල එකතුවකි. මෙහිදී ශාක වලට සම්බන්ධ පරිසරය ශාක පරිසර විද්‍යාවෙන්ද, සත්ත්වයන්ට සම්බන්ධ පරිසරය සත්ත්ව පරිසර විද්‍යාවෙන්ද අධ්‍යයනය කල හැකිය. කෙසේ වෙතත් මේ සියල්ලෙන්ම පෙනී යන්නේ මිනිසා හා පරිසරය අතර අවියෝජනීය සම්බන්ධතාවයක් පවතින බවකි.
සටහන :- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment