නොගැලපෙන නිළියක් එක්ක රඟපාන්න මම කැමති නෑ
රන්බීර් කපූර්
පුංචි කාලෙ ඉදන්ම බොලිවුඞ් පාරාදීසයේ කාන්තිය උණුසුම ඇඟට දැනෙනකොට උපන්ගෙයි හැකියාවන් දක්ෂතාවන් ලියලනව කියන්නෙ නිකමට නෙවෙයිනෙ. රන්බීර් කපූර් කියන්නෙත් අන්න ඒ වගේ කෙනෙක්. තාත්තගෙ අඩිපාරෙ යමින් බොලිවුඞ් වලට පය තියපු මේ තරුණ නළුව අද වෙනකොට හිතාගන්න බැරි තරම් දුරක් ගිහින්. සංජේ ලීලා බන්සාලිගෙ සාවරියා චිත්රපටයෙන් කලඑළි බැහැපු මේ කඩවසම් ඉලන්දාරියා බච්නා ඒ හසීනෝ, වෙක් අප් සිද්, රොක්ස්ටාර්, බර්ෆි, යේ ජවානී හේ දිවානී, රිකී, බොම්බෙ වෙල්වට් කියන චිත්රපට වලින් තමන් බොලිවුඞ් වල සුපිරි තරුවක් කින එක හොදින්ම ඔප්පු කරා. සුරූපී නිළි කත්රිනාගෙ පෙම්වතා වෙන්න වාසනාවන්ත වුණු රන්බීර්ටත් දවසක කරන් එක්ක පුචි කතාබහකට ආරාධනා ලැබිල තිබුණ. අපි බලමු මොනවද එයාල කෝපි බොන ගමන් කථා කළේ කියල...
දීපිකායි කත්රිනායි දෙන්නම එකපාර ඔබෙන් උදව්වක් ඉල්ලූවොත් කාටද ඔබ මුලින්ම උදව් කරන්නෙ...?
කත්රිනා කියන්නෙ මගේ පෙම්වතිය. එයා මාව හොදට තේරුම් අරගෙනයි ඉන්නෙ. අනික එයා හොදටම දන්නව මම අනිත් අයට උදව් කරන්න කැමැතියි කියල. ඒක නිසා මම දීපිකාට උදව් කරනව. එහෙම කළයි කියල කත්රිනා මගෙත් එක්ක තරහ වෙන්නෙ නෑ කියලත් මම දන්නව.
සමහරු කියනව ඔබ ජනප්රියත්වය නිසා හිස උදුම්වගෙන ඉන්නෙ කියල...
මගේ ලගින් ඉන්න අය දන්නව මම කවුද කියල... ඒක නිසා කවුරු මොනව කීවත් මට ප්රශ්නයක් නැහැ. ජනප්රියත්වය කියන්නෙ තාවකාලික දෙයක්. මගේ අරමුණට යන ගමනෙදි ආඩම්බරවෙලා කොහොමද...?
ප්රවීන නළුවන්ව මායිම් කරන්නෙ නෑ කියන්නෙ ඇත්තද...?
කොයිතරම් ප්රවීන උනත් මොකටද ඒ අය ලග මනුස්සකම නැතිනම්. එයාලට වගේම අපිටත් ආත්ම ගරුත්වයක් තියෙනව. ඒකට නොසලකන අයට අපි මොකටද සැළකිලි දක්වන්නෙ...? ගරු කරන්න ඕන අයයි එපා අයයි මම අදුනගෙනයි ඉන්නෙ.
කපූර් කෙල්ලො සිනමාවට එන එකට ඔබත් විරුද්ධයි ද...?
අපෝ නැහැ. ඒක යල් පැනපු අදහසක්නෙ. ඔය සාම්ප්රධාය බිඳල දැම්මෙ කරිෂ්ම අක්කයි කරීන අක්කයි. එයාල බොලිවුඞ් වල කොයි තරම් සාර්ථක නිළියො වුනාද... දක්ෂතාවය හැකියාව තියෙනවනම් මොකටද ගෙයි මුල්ලෙ හැංගිලා ඉන්නෙ.
දීපිකා අතහැරියෙ කත්රිනාට ලංවෙන්න ඕනි නිසාද...?
ඒක මගේ පෞද්ගලික කාරණයක්. කොහොමත් දැන් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයිනෙ. මොකටද ආයෙමත් පරන කුණු අවුස්සන්නෙ.
නොගැලපීම් තියෙනවනම් කතාකරල වෙන් වෙන එක තමයි හොදම දේ.
රඟපාන චිත්රපටයෙ නිළිය තෝරන්නෙ ඔබද...?
ඒක මගෙ වගකීමක් නෙවෙයි. අධ්යක්ෂකවරයා තමයි ඒක තීරණය කරන්න ඕනි. මට ඒ තරම් බලයක් නැහැ. ඒ වුනත් නොගැලපෙන කෙනෙක් එක්කනම් මම කීයටවත් රඟපාන්නෙ නෑ. අධ්යෂකවරයා ඇයි කියල ඇහැව්වෙත් මම එතකොට කියනව නිළියව මට ගැලපෙන්නෙ නෑ කියල.
ඔබ නිතරම ඛාන් නළුවන්ව අභිබවා යන්න හදනව කියල සමහරු කියනව...
ෂා... මරුනෙ. ඒ කියන්නෙ මම ඒ අයට වඩා දක්ෂයි ජනප්රියයි කියන එකනෙ. හ...හා... මිනිස්සුන්ට ඕනිම දෙයක් කියන්න පුළුවන්. මට කවුරුවත් අභිබවා යන්න ඕනි නැහැ. දක්ෂය තියන්න ඕනි තැන පේ්රක්ෂකයින් තීරණය කරයි.
රඟපාන චිත්රපටයෙ නිළිය තෝරන්නෙ ඔබද...?
ඒක මගෙ වගකීමක් නෙවෙයි. අධ්යක්ෂකවරයා තමයි ඒක තීරණය කරන්න ඕනි. මට ඒ තරම් බලයක් නැහැ. ඒ වුනත් නොගැලපෙන කෙනෙක් එක්කනම් මම කීයටවත් රඟපාන්නෙ නෑ. අධ්යෂකවරයා ඇයි කියල ඇහැව්වෙත් මම එතකොට කියනව නිළියව මට ගැලපෙන්නෙ නෑ කියල.
ඔබ නිතරම ඛාන් නළුවන්ව අභිබවා යන්න හදනව කියල සමහරු කියනව...
ෂා... මරුනෙ. ඒ කියන්නෙ මම ඒ අයට වඩා දක්ෂයි ජනප්රියයි කියන එකනෙ. හ...හා... මිනිස්සුන්ට ඕනිම දෙයක් කියන්න පුළුවන්. මට කවුරුවත් අභිබවා යන්න ඕනි නැහැ. දක්ෂය තියන්න ඕනි තැන පේ්රක්ෂකයින් තීරණය කරයි.
සරාගී චරිත බාරගන්න ඔබ කැමති නැත්තෙ ඇයි...?
මගේ ඇඟ පෙන්නල ජනප්රිය වෙන්න මට ඕනිකමක් නැහැ. එහෙම කරන අයත් ඉන්නව. ඒත් ජනප්රිය වෙන්න දක්ෂතාවය තිබුණම හොදටම ඇති. මොන දේ වුනත් ලාබෙට විකිනෙන්න මම කැමති නැහැ.
බොම්බෙ වෙල්වට් අසාර්තක වුනේ ඔබේ වරදින් ද...?
එහෙම කියන්න බෑ. චිත්රපටය සිනමාත්මකව අති සාර්තකයි. වානිජව අසාර්ථක වුනේ ඇයි කියන්න මම දන්නෙ නෑ. ඒකට හැම දේම බලපාන්න ඇති. තනි මම මොනව කරන්න ද...?
සිද්ධාර්ත්, රාහුල්, රන්වීර්, ශාහිඞ් අතරින් ඔබට අභියෝගයක් තියෙන්නෙ කා එක්කද...?
ඒ අය මගේ සහෝදර නළුවො. මට කා එක්කවත් තරඟයක් නෑ. අනික ඔය කියපු කිසිම කෙනෙක් මට අභියෝගයක්නම් නෙවෙයි.
සටහන:- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment