පරිසරය සුරකින පනත්
වෙරළ සංරක්ෂණ පනත
•(1988 අංක 56 දරණ පනතින් හා වරින් වර අවස්ථා කිහිපයක දී සංශෝධනයට ලක් වූ 1981 අංක 57 දරණ පනත)
වෙරළ රුක ගැනීමට අවශ්‍ය වැදගත් නීති ප‍්‍රතිපාදනය වන්නේ වෙරළ සංරක්ෂණ පනත මගිනි.
රටේ සංවර්ධන ක්ෂේත‍්‍රය වර්ධනය වනවාත් සමග වෙරළ පද්ධතිය ශීඝ්‍රයෙන් දූෂණය වේ. මෙහිදී වෙරළේ ආරක්ෂාව සම්බන්ධව දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශය. සංචාරක හෝටල් සේවය නංවාලීමේ දී වෙරළ පිළිබඳ දැඩි අවධානයක් ලක් කෙරෙයි.
වරාය හා ධීවර වරායන් ඉදිවීමත් සමගම පරිසරයට හානිකර නොයෙකුත් ද්‍රව්‍යයන්ගෙන් හා ඉන්ධන වර්ග වලින් වෙරළ තීරයට හානි සිදුවේ. මේ පිළිබඳව සොයා බලා කටයුතු කිරීම මෙම පනතින් සිදුවේ.
වෙරළ සංරක්ෂණ පනත යටතේ කි‍්‍රයාත්තමක වන වෙරළ සංරක්ෂණ අධිකාරිය රටේ ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගෙන තිබේ. මේ යටතේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කෙරේ. නීතියෙන් අවසරයලත් සීමා හා කොන්දේසිවලින් ඔබ්බට ගොස් සිදු කරන ඉදිකිරීම් හා ව්‍යාපෘතීන් ද අවධානයට ලක් කෙරෙයි.
ධීවර හා ජලජ සම්පත් පනත
•(වර්ෂ 2006 අංක 22, 2004 අංක 4 හා 2000 අංක 4 පනත් වලින් සංශෝධනය වූ 1996 අංක 02 දරණ පනත)
මෙම පනතින් ධීවර හා ජලජ සම්පත් සම්බන්ධයෙන් බලපැවැත්විය යුතු නීතිමය ප‍්‍රතිපාදන සිදු කෙරෙයි. මෙහි ඇතුළත් සියලු නීති පරිසරය ආරක්ෂා වන ආකාරයෙන් සකසා ඇත. විශේෂයෙන් වෙරළ තීර කෙරෙහි ද, රටේ අභ්‍යන්තරයේ ඇති මිරිදිය ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබේ. මෙම පනතින් රීතින් පනවා පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු සලසා ඇත.
මුහුදු ජලය අපවිත‍්‍ර වීම වැළැක්වීමේ පනත
•(1981 අංක 59 දරණ පනත)
මෙම පනත් මූලික අරමුණ වී ඇත්තේ රට තුළ ඇති ජලය අපවිත‍්‍ර වීම වළක්වා ගැනීමය. විශේෂයෙන්ම මුහුදු ජලය අපවිත‍්‍ර වීම වළක්වාලීමට හා මුහුදු ජලය හා ඒ ආශි‍්‍රත වන අපවිත‍්‍රවීම් හා ජලය දූෂණය වීම වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුතිය මෙරට කි‍්‍රයාත්මක කිරීම මෙම පනතේ මූලික අරමුණය.
මෙමගින් ජලය ආශි‍්‍රත පරිසරය ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රතිපත්ති සකස් කොට ඇත.
තුරුලතාවන්ට හා වන සත්ව ආරක්ෂාවට සම්බන්ධ පනත
•(1993 අංක 49 හා 1970 අංක 01 දරණ පනත්වලින් සංශෝධිත 1964 අංක 44 දරණ පනත)
මෙම පනත සංශෝධනය වී ඇත්තේ රට තුළ තුරැලතා හා වන සතුන් ආරක්ෂා කිරීම පිණිසය. දිනෙන් දින ඉහළ යන මිනිස් කි‍්‍රයාකාරකම් හා සාමාජීය සංවර්ධනය සමග වනාන්තර පද්ධතිය දැඩි තර්ජනයකට මුහුණ පා තිබේ. මිනිසාගේ ආහාර අවශ්‍යතා හා විවිධ හේතූන් නිසා වන සත්තු ද විශාල තර්ජනයකට මුහුණ පා සිටිති. තුරැලතා හා වන සතුන් පරිසරයේම කොටසකි. එහෙයින් ඒවායේ විනාශය වැළැක්වීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සැකසීම මෙම පනත මගින් සිදු කෙරෙයි.
කැලෑ ආඥා පනත
•(1995 අංක 23, 1998 අංක 84 හා 1982 අංක 13 පනත්වලින් සංශෝධිත 1907 අංක 16 දරණ පනත)
මෙය ඉතා පැරණි පනතකි. මිනිස් කි‍්‍රයාකාරකම් හමුවේ වනාන්තර ආරක්ෂා කිරීම සඳහා කලින් කලට මෙම පනතෙහි සංශෝධන සිදු කර නීතිමය ප‍්‍රතිපාදන සකස් කර ඇත. විශේෂයෙන්ම වනාන්තර විනාශ කරන්නන්ගේ තරාතිරම හා අවශ්‍යතාව පිළිබඳව නොසලකා දඬුවම් දීමට හැකි ආඥා පනතක් ලෙස මෙය හැඳින්වෙයි. මෙම පනතේ මූලික අරමුණ වී ඇත්තේ ද පරිසරය ආරක්ෂා කර ගැනීමය.
පැළෑටි ආරක්ෂා කිරීමේ පනත
•(1999 අංක 16 දරණ පනත)
මෙම පනතින් සිදුවන්නේ ශී‍්‍ර ලංකාව තුළ සිදු කරන බෝග වගාවන්ට හානි කරන්නා වූ කුමන අන්දමේ ජීව ශාක කොටස් වර්ග වුවද රට තුළ පැතිර යාම වැළැක්වීම හා වගාබිම් විනාශ මුඛයට ඇද දමන ශාක වර්ගවලින් මෙරට බෝග වගා ආරක්ෂා කර ගැනීමය.
රට තුළට ගෙන එන විදේශීය ශාක වර්ග හා බීජ වර්ග හේතුවෙන් විවිධාකාර අහිතකර බලපෑම් සිදුවෙයි. එමගින් සමස්ත පරිසරයට එල්ල වන්නේ දැඩි තර්ජනයකි. මෙම පනතින් රට තුළ ඇති බෝග වගාව ආරක්ෂා කර ගැනීමට ප‍්‍රතිපාදන සකසා ඇති අතර එම ප‍්‍රතිපාදනවලට එරෙහි වන්නන් හට දඬුවම් ලබා දීමේ ක‍්‍රමවේදයක් ද සකසා තිබේ.
ගස් පෙරලීම පාලනය කිරිමේ පනත
කැලෑ ආඥා පනත තිබිය දීම මෙම පනත ගෙන ඒමේ මූලික අරමුණ වී ඇත්තේ ද වන සම්පත ආරක්ෂා කිරීමයි. මෙහිදී තව දුරටත් වෘක්ෂලතා ආරක්ෂා කර ගැනීමට සඳහා ප‍්‍රතිපාදන සකසා ඇත. මීට විරැද්ධව කටයුතු කරන්නන් හට දඬුවම් පැමිණවීමේ කි‍්‍රයාපටිපාටිය හොඳින් ආවරණය කර ඇත.
පස ආරක්ෂා කිරීමේ පනත
•(වර්ෂ 1996 අංක 24 දරණ හා 1953 අංක 29 දරණ පනත්වලින් සංශෝධිත 1951 අංක 25 දරණ පනත)
මෙම පනත ඇති කිරීමේ ප‍්‍රධාන අරමුණු වන්නේ පස ඛාදනය වීම වැළැක්වීම හා එය අවම කර ගැනීමට කටයුතු කිරීම යි. මිනිස් කි‍්‍රයාකාරකම් නිසා පසට ඇතිවන ඕනෑම බලපෑමක් තවත්වාලීම හා එසේ කරන පුද්ගලයන් හට දඬුවම් ලබාදීමට මෙමගින් හැකියාව ලැබේ.
පුරා වස්තු පනත
•(1998 අංක 24 පනතින් සංශෝධනය කරන ලද 1940 අංක 9 දරණ පනත)
පුරාවස්තු සංරක්ෂණය කොට ආරක්ෂා කරගැනීම උදෙසා මෙම පනත මගින් ප‍්‍රතිපාදන සකසා ඇත. විශේෂයෙන්ම 1998 සංශෝධන පනත ගෙන ඒමත් සමගම නීති ක්ෂේත‍්‍රය කැලඹීමකට ලක්විය. මන්ද මෙම පනතේ විධිවිධාන කඩකරන පුද්ගලයන්ට දැඩි දඬුවම් ලැබෙන ආකාරය දක්වා ඇත. පරිසරය විනාශ මුඛයට ඇඳ දමමින් පුරා වස්තුවලට හානි පමුණුවන කවරකුට වුවද දැඩි දඬුවම් හා දඩ නියම කිරීම මෙමගින් සිදු කෙරෙයි.
•(1976 අංක 12, 1971 අංක 29, 1965 අංක 17, 1961 අංක 54, 1946 අංක 22 පනත් මගින් සංශෝධිත 1942 අංක 45 දරණ පනත)
මෙම පනත මගින් කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සඳහා අවශ්‍ය බලපත‍්‍ර නිකුත් කිරීමට අදාළ ප‍්‍රතිපාදන සකස් කෙරෙයි. පරිසරයට හානි නොවන පරිදි ඒවා හැඩගස්වා ගැනීමට අවසර ලබා දීමට අවශ්‍ය නීති සමුදායක් හඳුන්වා දී තිබේ. කාර්මිකරණයට ලක්වන ලෝකයක් තුළ පරිසරය සුරුකීමට අවශ්‍ය නීතිතමය ප‍්‍රතිපාදන සකස් කිරීම මෙයින් සිදුවේ.
නාගරික සංවර්ධන අධිකාරි පනත
•(1978 අංක 41 දරණ හා 1979 අංක 70 පනතින් සංශෝධිත)
නාගරික සංවර්ධන අධිකාරිය මගින් හඳුන්වාදෙන සැලසුම් දිරිගැන්වීම ද ආර්ථික, සමාජීය හා භෞතිකමය සංවර්ධනය ඇති කිරීමට මෙම පනත සම්මත කොට ගෙන ඇත. ඒ අනුව අනවසර ඉදිකිරීම් හා පාරිසරික හානිකර තත්ත්ව මගින් වන සැලසුම් ප්‍රතික්ෂේප කිරීමටත්, පනත උල්ලංඝනය කරමින් ක්‍රියා කරන්නන් හට විරැද්ධව නීතිමය පියවර ගැනීමට අධිකරණයට යොමු වීමේ බලය පළාත් පාලන ආයතන වෙත පවරා තිබීම වැදගත් කරැණකි.
නාගරික සංවර්ධන ආඥා පනත
•(1979 අංක 57 දක්වා වරින් වර 35 වරක් සංශෝධනයට ලක් වූ 1939 අංක 61 දරණ පනත)
මෙම පනතේ අරමුණ ශ්‍රී ලංකාව තුළ පළාත් පාලන ආයතන පිහිටුවිමය. ඒ අනුව ප්‍රාදේශීය වශයෙන් ඇතිවන සංවර්ධනයක දී මහජනතාව වෙනුවෙන් සෞඛ්‍යමය හා පාරිසරික සංවර්ධනයට මෙමගින් ප්‍රතිපාදන සලසා ඇත.
නගර සභා ආඥා පනත
•(1947 අංක 29 දරණ පනත)
මෙම ආඥා පනතේ ප්‍රතිපාදන නාගරික පළාත් මත විහිදී ඒ අනුව ජනතාවගේ අවශ්‍යතා පරිදි සමාජමය, සෞඛ්‍යමය හා පාරිසරික සංවර්ධනය සිදුකිරිම අරමුණු කොට ගෙන ක්‍රියාත්මක කෙරෙයි.
132 පනතේ සිට විහිදී ඇති වගන්ති ගණනාවකින් පරිසරය ආරක්ෂා කිරීම හා ජනතා සෞඛ්‍යමය වර්ධනය කිරීම සඳහා වැදගත් ඇතිපාදන සකසා ඇත. මෙම ප්‍රතිපාදන එකිනෙකට බැඳී පවතින ප්‍රතිපාදන සමග එක්වී පරිසරයේ ආරක්ෂාවට විශාල දායකත්වයක් ලබාදෙයි.
•(සංශෝධනය වී ඇත 1987 අංක 15 දරණ)
මෙම පතන මගින් එක් එක් ප්‍රදේශයට අයත් පරිසර තීන්දු තීරණ ගැනීමට ප්‍රදේශීය සභා පිහිටුවා ඇත. මෙහිදී සෞඛ්‍යමය වශයෙන් හා පාරිසරික වශයෙන් හිතකාමී ලෙස ප්‍රාදේශීය සංවර්ධන කටයුතු කළ යුතුය. දැනට පවතින මධ්‍යම පරිසර අධිකාරිය හා ප්‍රාදේශීය සභා අතර පරිසර සුරුකීමට ගන්නා වූ තීන්දු තීරණ විශාල ප්‍රමාණයක් ඇත. ඒ අනුව පළාත් පාලන කටයුතුවලින් පරිසර ආරක්ෂාවට ඇති ප්‍රතිපාදන බොහෝ ඇත.
ජාතික උරැමයන් හා ප්‍රාදේශීය පිළිබඳ පනත
•(988 අංක 03 දරණ පනත)
මෙම පනත මගින් ශ්‍රී ලංකාව තුළ ජාතික උරැමයන් ප්‍රකාශයට පත් කිරීම මූලිකවම සිදු කරයි. ජාතික ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම නිසා ඒවා සංරක්ෂණය හා ආරක්ෂාව සිදුකිරීම ඇරඹුණි. සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළ ද ඒවාට අවසරය ලබාදීම පනතේ සීමාව තුළ සිදු නොවේ. මෙම පනත පාරිසරික ආරක්ෂාවට හා සංරක්ෂණයට ඇති තවත් ව්‍යාපෘතියකි.
අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment