සුරගුනේ මගේ රංගන ජිවිතේ හැරවුම් ලක්ෂයක්
රුවන් පෙරේරා
තරුණයෙක්ට හීනයක් කියන්නෙ මහා ලොකු දෙයක්. පුංචිකාලෙ ඉදන් ඇකපු හීනයක් හැබෑවෙනව කියන්නෙ ඊටත් වඩා ලොකු සතුටක්. රුවන් පෙරේරා කියන්නෙත් අන්න ඒ වගේ ලොකු කට්ටක් කාල තමන්ගෙ හීනෙ සැබෑකරගත්තු කඩවසම් ඉලන්දාරියෙක්. අතොරක් නැතිව බිහිවෙන ටෙලිනාට්‍ය නළු නිළියන් අතරෙ වෙනස් මුහුණක් තියෙන, වෙනස් රංගනයක් ඉදිරිපත් කරන අපූරු යෞවනයෙක් තමයි රුවන්. මේ දවස්වල රුවන් ගැන ගොඩක් අය කථා කරන්නෙ ස්වර්ණවාහිනියෙන් සෙනසුරාදා රාත්‍රී 8.30 ට විකාශය වෙන ජැක්සන් ඇන්තනීගේ දස්කොන් ටෙලිනාට්‍ය නිසා. දස්කොන්හි සුරගුනේ ලාංකීය පේ්රක්ෂකයන්ට ගොඩක් සමීපයි. සුරගුනේ නැතිනම් රුවන්ව අපි හමුවුනේ ඒ ගැන එයාගෙම හඬින් අහගන්න.
රුවන් මොනවද අලූත් විස්තර...
මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. දස්කොන් ටෙලිනාට්‍යයට අමතරව තවත් ටෙලිනාට්‍ය කිහිපයකම රංගනයෙන් දායකවෙනව.
සාමාන්‍ය ජිවිතේ ගැනත් කියමුකො බලන්න...
මගේ ගම රත්නපුර. පාසැල් ගියෙ ගිලීමලේ සමනළ මහා විද්‍යාලයට සහ රත්නපුර ධර්මපාල විද්‍යාලයට. පවුලෙ අම්මයි, තාත්තයි, අයියයි, මල්ලියි, ආච්චියි ඉන්නෙ. මම පවුලෙ මද්දුමය. පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. රංගනයට යොමු වුනේ පුංචිකාලෙ ඉදන් තිබුණු කැමැත්ත නිසයි.
දස්කොන්හි සුරගුනේ ඔබේ ජිවිතේ හැරවුම් ලක්ෂයක් කීවොත්...
අනිවාර්යයෙන්ම. සුරගුනේ මගේ රංගන ජිවිතේ ලොකු වෙනසක් කරපු චරිතයක්. ටෙලිනාට්‍ය තුළ මට යමක් කරන්න ලැබුණු, මම ගොඩක් ආදරය කරන චරිතයක් තමයි සුරගුනේ කියන්නෙ. ජැක්සන් සර්ට තමයි ඒ හැම දේකම ගෞරවය හිමිවෙන්න ඕනි. ආරම්භයේ සිට අවසානය දක්වා ගලා යන විශාල පරාසයක් සහිත චරිතයක් තමයි ඒක. පාරෙ තොටේදි වුනත් ගොඩක් අය මට දැන් කතා කරන්නෙ සුරගුනේ කියල. ඒ ගැන මම ඉන්නෙ ලොකු සතුටකින්.
ඔබ දායක වුණු තවත් ටෙලි නිර්මාණ මේ දවස්වල විකාශනය වෙනව...
මම රඟපාන සුජාතා, කුටු කුටු මාමා සහ දියණියෝ කියන ටෙලිනාට්‍යත් දස්කොන් වලට අමතරව මේ දවස්වල විකාශනය වෙනව. ඒවටත් හොද ප්‍රතිචාර තියෙනව. ඒත් දස්කොන් ගැන තමයි ගොඩක් අය කතාකරන්නෙ.
මීට කලින් කරපු ටෙලිනාට්‍ය මොනවද...?
අසුරාවේශය, උතුවන්කන්දේ සරදියෙල්, රුවන් මාලිගා, අපි අපි වගේ, සුර විමන, සඳ පිණි බිඳක, ලොක්කී, බිනර මලී වගේ නාට්‍ය රැුසක මම සැලකිය යුතු චරිත රඟපාල තියෙනව.
දස්කොන් වලදි අමතක නොවෙන අත්දැකීම් වලටත් මුහුණදෙන්න ඇති නේද...?
එකක් නෙවෙයි. ගොඩක් තියෙනව. දිය යට කිමිදෙමින්, ගල්ගුහාවල ඇවිදිමින්, රූස්ස ගස් උඩ නගිමින් ගින්දරත් එක්ක කරපු රඟපෑම් කවදාවත් අමතක වෙන එකක් නැහැ. දස්කොන් වෙනුවෙන් මට බුලත්විට සියගණනක් කන්න වුනා. විට කෙළ ගහන්නෙ නැතිව ගිලල බඬේ කැක්කුමත් හැදිල තියෙනව. මගේ චරිතය වෙනුවෙන් නිර්මාණය කරපු ස්වභාවික ඇඳුමක් නිසා දවසක් මගේ මුළු ඇඟම කසල පලූත් දැම්ම. ඒ විතරක් නෙමෙයි, නියපොතු වවන්නයි කොණ්ඩෙ රැුවුල වවන්නයි පටන් ගත්තෙත් දස්කොන් නිසාම තමයි.
පෞද්ගලිකව ඔබ රඟපාන්න කැමති චරිතයක් තිබෙනව ද...?
හාමුදුරු කෙනෙක්ගේ චරිතයක් රඟපාන්න මම ගොඩක් කැමතියි. ඒ වගේම උත්සාහයෙන් නැගීසිටින ගැමි තරුණයෙකුගේ චරිතයක් රඟපාන්නත් මගේ ලොකු කැමැත්තක් තියෙනව. හැමොම කරනව වගේ පේ‍්‍රම චරිත වලට කොටුවෙන්න මම කැමති නැහැ. විවිධත්වයෙන් යුතු වෙනස් චරිතයන් තුළින් පේ්රක්ෂකයන් අතතරට යන්නයි මට ඕනි.
වේදිකාවට සිනමාවට ආරාධනා ලැබුනෙ නැද්ද...?
දෙයියො සාක්කි වේදිකා නාට්‍යයෙත්, අබා චිත්‍රපටයෙත් සුළු චරිත රඟපාල තියෙනව. ඉදිරියේදී හොද චරිතයක් ලැබුනොත් කැමැත්තෙන් බාරගන්නව.
ආදරය ගැනත් රුවන්ට අත්දැකීම් ඇති නේද...?
තරුණ වයසට ආදරේ දැනෙන්නෙ නැහැයි කීවොත් ඒක ලෙඩක්. මටත් ආදර හරඟීම් ඇති වෙනව. ඒත් දැනටනම් මට ආදරේ කරන්න කෙනෙක් නැහැ. තාමත් මම තනිකඩයි. ගොඩක් ආදරෙන් මගේ ජිවිතේ සරසන්න පුළුවන් කෙනෙක් එනකම් මම මගබලාන ඉන්නෙ. ඒත් එයා තවම මට ලැබුනෙ නැහැ.
ඔබට සහයෝගය දීපු අය ගැනත් මතක් කළොත්...
ජැක්සන් ඇන්තනී මගේ ගුරුතුමා. රවීන්ද්‍ර විජේරත්න, තරංග දිසානායක අයිය, රංජන් ප්‍රසන්න අයිය, ජනක චමින්ද අත්තනායක අයිය මට ගොඩක් උදව් කරල තියෙනව.
රුවන්ට මොනවද අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ...?
මම මගේ පේ්රක්ෂකයන්ට ගොඩක් ආදරෙයි. එයාල නිසා තමයි මම අද මෙතැන ඉන්නෙ. ඒ වගේම මගේ පවුලෙ අයත් මතක් කරන්න ඕනි. එයාල තමයි මගේ අඩුපාඩු පෙන්වන්නෙ. මට උදව් කරපු නොකරපු හැම කෙනෙක්වම මම මතක්කරන්න කැමතියි. හැමදාමත් මගෙත් එක්ක ඉන්න කියල තමයි මම මගේ පේ්රක්ෂකයන්ට කියන්නෙ.
සටහන:- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment