දොරකඩ අස්න

Saturday, July 4, 2015

හැන්ඩි කොල්ලො දිහා කෙල්ලො දෙපාරක් හැරිල බලනව...

හැන්ඩි කොල්ලො දිහා කෙල්ලො දෙපාරක් හැරිල බලනව...
වරූන් ධාවන්


ආකර්ශනීය නෙතු යුගලෙන් දුටුවන් වශී කරවන, දඟකාර හැසිරීමෙන් යුවතියන් පිස්සු වට්ටන අකීකරු දඩබ්බරයෙක් මේ දවස්වල බොලිවුඩය දෙවනක් කරන හැටි පහුගිය දවස් වල අපිට දැකගන්න ලැබුණ. ඒ වෙන කවුරුත්ම නෙවෙයි. කරන් ජොහාර් එයාගෙ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් චිත‍්‍රපටයෙන් රිදීි තිරයට අරගෙන ආපු කඩවසම් තරුණයින් දෙන්නගෙන් එක්කෙනෙක් වන වරූන් ධාවන්. වරූන් ඇවිත් ඒ තරම් කාලයක් නොවුනත් එයා කරපු දේවල් නිසා බොහෝ කලක් යනකන් වරූන්ව කිසිම  කෙනෙකුට අමතක වෙන එකක්නම් නැහැ. හම්පටි ෂර්මා කී දුල්හනියා, මේන් තෙරා හීරෝ වගේ චිත‍්‍රපටි වල වරූන්ගෙ රංගනය ගොඩක් ඉහලින් තිබුණ කියලයි විචාරකයොනම් කියන්නෙ. පහුගිය දවසක මේ විසේකාර ඉලංදාරියා කරන් එක්ක කොෆි එකක් බොන්න ඇවිත් හිටිය. අපි බලමු මේ දෙන්න මොනවද කතා බහ කළේ කියල...

වරූන් දැන් ලොකු නළුවෙක් වෙලා නේද...?
ලොකු නළුවෙක්නම් නෙමෙයි. මේ මගේ පටන්ගැන්ම විතරයි. මට තව ගොඩක් දුර යන්න  ඕනි. ඒක නිසා මම කරන හැම චිත‍්‍රපටියකටම මගේ හොදම රංගනය ලබා දෙන්න උත්සාහ කරනවා. වැඬේ කියන්නෙ මම කොයිතරම් හොදට කෙරුවත් අවසානයේ සෑහීමකට පත්වෙන්න  බැහැනෙ.
ආලියාට තියන ආදරේ දවසින් දවසම වැඩිවෙනව වගේ නේද...?
පිටින් බලන කෙනෙකුට අපේ සම්බන්දෙ තේරුම් ගන්න ටිකක් අමාරුයි. ආදරේ කරනව වගේම අපි දෙන්න නිතරම රංඩුත් වෙනව. අපේ දේවල් වෙනුවන් නිතරම සටන් කරනව. ඒත් ආදරයනම් වෙනස් වෙන්නෙ නැහැ. මම නිතරම එයාගෙ සෞඛ්‍ය ගැන හොයනව. ඒත් එයාටනම් ඒක ගානක්වත් නැහැ. ඔව්. මම ආලියාට ගොඩක් ආදරෙයි තමයි.


සරාගී නිළියක් එක්ක රාත‍්‍රී කෑමකට කතාකලොත් යනවද...?
ඇයි මම නොයා ඉන්නෙ. මම කැමැත්තෙන්ම ඒ ආරාධනාව පිළිගන්නව. හැබැයි පොඩි ප‍්‍රශ්නෙකට තියෙන්නෙ මම ටිකක් ලැජ්ජ කාරයෙක්. එක අනෙත් කෙනාට ප‍්‍රශ්නයක් වෙයිද දන්නෙ නැහැනෙ.

ආලියා හැරුණුකොට හිත ගිය වෙනත් නිළියක් නැද්ද...?
මොකද නැත්තෙ. හිත ගිය නිළියොනම්  ඕනි තරම් ඉන්නව. ඒත් ඒ ආදරය කරන්න නම් නෙවෙයි. ශ‍්‍රද්ධා, සෝනම්, කැත‍්‍රිනා, දීපිකා කියන්නෙ මගෙ හොද යාළුවො. මම එයාලගෙ භාහිර සුන්දරත්වයට ගොඩක් කැමතියි. 
වරූන්ට මේ දවස්වල තරුණියන්ගෙ ලොකු ආකර්ශනයක් හිමිවෙලා තියනව නේද...?
 ඕහ්... ඒකත් එහෙමද...? එහෙනම් ඉතින් ඒ මම හොට් නිසා වෙන්න ඇති. මට විතරක් නෙවෙයි ලස්සනට කැපිල පේන්න ඉන්න  ඕනිම හැන්ඩි කොල්ලෙක් දිහා තරුණ කෙල්ලො දෙපාරක් හැරිල බලන එක සාමාන්‍ය දෙයක්නෙ. 

සිද්ධාර්ත්, රන්බීර් දෙන්නගෙන් ඔයාට තරඟයක් තියෙන්නෙ කාත් එක්කද...?
මට කා එක්කවත් තරඟයක් නම් නෑ. එහෙම වුනොත් ඉතින් අනිවාර්යෙන්ම ඒ රන්බීර් තමයි. සිද්ධාර්ත් නම් මට කිසිම අභියෝගයක් නෙවෙයි. ඒ වගේම මං රන්බීර් එක්ක එකට රගපාන්නත් ආසාවෙන් බලාගෙන ඉන්නෙ. එදාට බලාගන්න පුළුවන් ඇත්තටම කවුද හොදම කෙනා කියල.

සමහරු ඔබට චෝදනා කරනව සිරුර ප‍්‍රදර්ශනය කරනව වැඩියි කියල...?
කවුද එහෙම කියන්නෙ. එහෙනම් ඒ බලන අයගෙ වැරැද්දක් වෙන්න ඇති. මම මගේ ඇඟ නිරාවරණය කරන්නෙ චරිතයට අවශ්‍යනම් විතරයි. අනික ලස්සන ඇඟක් තියනවනම්, ඒකෙන් තවත් කෙනෙක්ව සතුටු කරන්න පුළුවනිනම් ඇයි මම මගේ සිරුර ප‍්‍රදර්ශනය කරන්න දෙපාරක් හිතන්නෙ. 

මම කිව්වොත් ඔබ ගොඩක් ආඩම්බරකාර චරිතයක් කියල...
ඒකනම් ලොකු බොරුවක්. මාත් එක්ක වැඩ කරන අය දන්නව මම මොනවගේද කියල. ඒක නිසා ඔය වගේ ප‍්‍රශ්න වලට මම උත්තර දෙන්න  ඕනි නෑ. 

නර්ගීස් පාකර් එක්ක ඔබට සම්බන්ධයක් තියනව කියල සමහරු කියනව...
නර්ගීස් කියන්නෙ මගෙ හොද යාළුවෙක්. මම ඇයත් එක්ක එකට වැඩ කරලත් තියනව. මේ වගේ කටකතා වලින් කවුරු හරි උත්සාහ කරනවානම් මාවයි ආලියාවයි විරසක කරන්න ඒක ලොකු විහිළුවක්. දකින දකින කෙල්ලට ආදරේ කරන්න මට පිස්සුවක් නැහැ.  

අද බොලිවුඞ් වල ජනප‍්‍රියම තරුව වරූන් කියලද ඔබ හිතන්නෙ...?
මම ජනප‍්‍රියයි කියල මගේ කටින් කියන්න  ඕනි නැහැ. ඒක මගේ පේ‍්‍රක්‍ෂකයින් තී්රණය කරයි. මගේ චිත‍්‍රපටි බලන්න සෙනග එනවනම්, ඒව සුපර් හිට් වෙනවනම් ඇත්තටම ඔබ ඔය කියන කතාව ඇත්තක් වෙන්නත් පුළුවන්. 

සටහන :- අමිල නුවන් මධුසංඛ

No comments: