මගෙයි දීපිකාගෙයි සම්බන්ධය ගැන පරිනීති දන්නව..
රන්වීර් සිං
පුංචි කාලයේ ඉදන්ම දැකපු හීනයක් සැබෑකරගත්තු කඩවසම් තරුණයෙක් වගේම වාසනාවන්තයෙක් බොලිවූඞ් වල ඉන්නව. ඒ වෙන කවුරුත්ම නෙමෙයි. රන්වීර් සිං... ඔයාල දන්නවද, ලෝකයේ සරාගීම කාන්තාවන් අතර පෙරමුනේම ඉන්න කෙනෙක් වගේම බොලිවුඞ් වල ජනප‍්‍රියම තාරකාවක් වන දීපිකාගෙ පෙම්වතා නිසයි එයා ගොඩක් වාසනාවන්තයි කියල කියන්නෙ.රන්වීර් කොයි තරම් දක්‍ෂ නළුවෙක්ද කියල කීවොත් එයා රගපාපු පළමුවෙනි චිත‍්‍රපටය වන බැන්ඩි බජා බාරත් සඳහා නැගී එන නළුවාට හිමි සම්මානය උළෙලවල් කිහිපයකදීම හිමිකරගන්න සමත් උනා. ඒ වගේම ලේඞීස් වෝස් රිකී බාල්, ලූතෙරා රාජා, රාම් ලීලා, ගුන්ඬේ, කිල් දිල් කියන චිත‍්‍රපටවල එයා දක්වපු දක්‍ෂතාවය කොයි තරම්ද කියනවනම් ඉදිරියට එන්න තියන චිත‍්‍රපට රැුසක ප‍්‍රධාන චරිත රඟපාන්න රන්වීර්ට ආරාධනා ලැබිල තියනව. දවසක් කරන් ජොහාර් රන්වීර්ට ආරාධනා කළේ එයත් එක්ක පෞද්ගලිකව ටිකක් කථාබහ කරන්න. අපි බලමු මොනවද එයාල දෙන්න කථා කළේ කියල...

රන්වීර් තමන්ගෙ රූපය ගැන ගොඩක් අහංකාර වෙලා කියල සමහරු කියනව.
සමහරු එහෙම හිතන්න පුළුවන්. ඒ මොකද මම උඩු කය නිරුවත් දර්ශන වලට පෙනී ඉන්න කොට මගේ සිරුරේ හැඩය හොදින් ඉස්මතු වෙලා පේන විදියට හැසිරෙන්නෙ. ඇඟ හදාගන්න ඕනි නිසා නිතරම ජිම් එකටත් යනව. ඒත් මම ඇත්තටම මගේ රූපය ගැන අධි තක්සේරුවකින් නෙමෙයි ඉන්නෙ.
අද බොහෝ තරුණියන් වගේම තරුණයිනුත් ඔබේ ජවසම්පන්න බවට වශීවෙලා කීවොත්...
ඒක එහෙමද...? මම නම් ඒ ගැන හරියටම කියන්න දන්නෙ නැහැ. ඔබ කියන කථාව ඇත්තනම් මම ඒ ගැන ගොඩක් සතුටු වෙනව. මම දිහා බලල ඒ අය ආදර්ශයක් ගන්නවනම් මට මං ගැන ලොකු ආඩම්බරයක් ඇතිවෙන්නෙ. මම නිතරම කෝපි බොනවා. සතුටින් ඉන්නවා. ඉතින් මම දවසින් දවස ශක්තිමත් වෙනව.
ද’පිකා එක්ක සම්බන්ධකමක් ගොඩනගා ගත්තෙ ජනප‍්‍රියත්වය දිනාගන්න ඕනි නිසාද...?
කොහෙත්ම නැහැ. ද’පිකාට මම ඇත්තටම ආදරෙයි. ඒක අපේ පෞද්ගලික ජිවිතේට සම්බන්ධ කාරණාවක්. ඇය ජනප‍්‍රියයි තමයි. ඒත් එයාගෙ ආලෝකයෙන් බැබළෙන්න මට අවශ්‍යතාවයක් නැහැ. ඔයවගේ වැඩකට නැති කථා කියන්නෙ අපි දෙන්න ගැන ඉරිසියාවෙන් ඉන්න මිනිස්සු තමයි.
සමහරු කියනව ඔබ සිනමාවේ අධිරංගනයක යෙදෙනවයි කියල...
සිනමාව කියන්නෙ පුළුල් මාධ්‍යයක්. අධිරංගනය ඕනි තැනදි ඒක ලබාදිය යුතුයි. මම කරන දේට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන නිසා සමහරුන්ට පෙනෙනව ඇති මම මගේ ස’මාවන් ඉක්මවා යනවයි කියල. ඒක මම විතරක් නෙවෙයි ඕනෙම නළුවෙකුගෙ වගකීමක් වෙන්න ඕනි. චරිතයට අවශ්‍ය විදියට හැඩලැසෙන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනි.
අර්ජුන් කපූර් නිතරම කියනවා ඔබ ඔහුගේ හොදම මිතුරෙක් කියල...
ඔව් ඒක ඇත්ත. අපි දෙන්න හොදම යාලූවො තමයි. ඒක ඇතිවුනේ ගුන්ඬේ චිත‍්‍රපටය රූගත කරන කාලයේ. අපි හැමදාම දුරකථනයෙන් අපි කරන දේවල් වල අඩුපාඩු කථාකරනව. ඔහු දක්‍ෂ නළුවෙක්. හරියට අපි දෙන්න සහෝදරයො වගේ. වෙන කිසිම නළුවෙක් ගැන මට එහෙම දැනිල නැහැ.
දීපිකාගෙ සාර්ථකත්වය ගැන ඔබට මොකද හිතෙන්නෙ...?
මම හිතනවා ඇය අද සිනමා කර්මාන්තයේ ස්ථාවරම තැනක ඉන්නව කියල. ඒ වගේම ඇය දවසක මේ කර්මාන්තය ඇතුලෙ ලොකු පෙරළියක් ඇති කරයි. කරුණාවන්ත හදවතක් හිමි ද’පිකාට කෙනෙක් හැරෙන කොට කියන්න පුළුවන් එයා කවුද කියල. ඒක නිසා එයාව අමාරුවෙ දාන එකනම් ඒතරම් ලේ්සි කාරණයක් නෙවෙයි.
රාම් ලීලා චිත‍්‍රපටයේ ඔබ දීපිකාව සිපගන්න දර්ශන තාත්විකව ඉදිරිපත් කරල තියනව...
ඒ කියන්නෙ මම මගේ වැඬේ හොදට කරල කියන එකනෙ. ඔව් එහෙම කළා තමයි. චිත‍්‍රපටයෙ සාර්තකත්වය වෙනුවෙනුයි එහෙම කළේ. ඒක අපි දෙන්නම කථා කරල ගත්තු තීරණයක්. කොහොම උනත් මගේ පෙම්වතියව සිපගන්න එක කොහොමත් තාත්වික වෙන්න ඕනිනෙ නේද...
පරිනීති චොප්රා එක්ක ඔබේ රහස් සම්බන්ධයක් තිබුණ කියන කථාව ඇත්තක් ද...?
ඒක මොන බොරු කථාවක්ද...? පරිනීති මගේ හොද යාළුවෙක්. එකට වැඩත් කරනව. එහෙම වුනයි කියල අපි අතර සම්බන්ධකමක් තියනව කියල කවුරු හරි කියනවනම් ඒක විහිළුවක්. කිල් දිල් වලින් පස්සෙ මම ආසාවෙන් බලාගෙන ඉන්නව එයත් එක්ක එකට වැඩ කරන්න. මොකද පරිනීති එක්ක වැඩ කරන එක පහසුයි. අනික එයා දන්නව මගෙයි දීපිකාගෙයි සම්බන්ධය ගැන.
සටහන :- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment