මතට
හිත ගමට තිත
ඇහැලියගොඩ
පුරවරය වනසන ගංජා
මත්ද්‍රව්‍ය යනු පුද්ගලයකුගේ
ජීවිතය විනාශ කරනු ලබන වාහකයක් බව අප කවුරුත්
හොදින්ම දන්නා කරුණකි. එය විනාශකාරී වාහකයක්
බව දැන දැනම බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය තම ජීවිත
වලට වද්දා ගන්නේ කුමන හේතුවක් මතද යන්න තවමත් ගැටළුවක්ව පවතී.
ශ්‍රී ලංකාව තුල
පරධාන වශයෙන්
භාවිත වන මත්ද්‍රව්‍ය ලෙස දුම්වැටි,
මත්පැන්, ගංජා, අබිං, හෙරොයින් ආදී විශේෂ ගණනාවක් සොයාගෙන තිබෙයි. සුළු පරමාණයක්
ශරීරගත වීමෙන් මිනිසාගේ මනෝභාවයේ වෙනසක් ඇති කරන ද්‍රව්‍ය
මත්ද්‍රව්‍ය වශයෙන් සරළව
හදුන්වාදිය හැකිය. ඇතැම් අවස්ථාවල යම් යම් ඖෂධ වර්ගද වැඩි මාතරාවක් ගෙන
මත්වීමට උත්සාහ දරන පිරිසක්ද සමාජය තුල නැතුවාම නොවේ. කෙසේ වෙතත් මත්ද්‍රව්‍යයක් දිනකට වඩා එකදිගට භාවිත කළහොත් පුද්ගලයා තුල මත්ද්‍රව්‍ය ඇබ්බැහියක් ඇතිවන
බව මේ වන විට
සොයාගෙන තිබේ. එහිදී සිදුවන්නේ මත්ද්‍රව්‍ය මිනිසාගේ යටි
සිතට බලපෑම් කිරීමයි. නැවත නැවත මත්ද්‍රව්‍ය භාවිත කරන්නට
මනස තුලින් පෙළඹවීමක් ඇතිකරනු ලැබීමයි.
සෞම්‍ය දේශගුනය, අයස්කාන්ත
පරිසරය හා විවිධත්වයෙන් යුත්
භූවිෂමතා වලින් ගහන ඇහැලියගොඩ පුරවරය සුන්දරත්වයෙන් අගතැනපත් නගරයක් ලෙස හදුන්වාදීමට හැකියාව ලැබේ. දෛනිකව
සරළ දිවිපෙවතක් ගතකරනු ලබන මෙහි ජීවත්වන මිනිසුන්ගේ නිදහස් ජීවිතයට මේ වන විට
එල්ලවී තිබෙන බාධක රැසක් පවතී. පුද්ගලයෙක්, පවුලක්, ගමක්, රටක් වනසන්නට හේතු වන මත් උවදුර
මේ වන විට ඇහැලියගොඩ
පුරවරයද ආකරමණය
කොට අවසන්ය.
දේශීය
ආයූර්වේද විද්‍යාවට අනුව ගංජා යනු ඖෂධයකි. නමුත් වර්තමාන තරුණ පරපුර එය භාවිත කරන්නේ
මත්වීම සඳහාය. ලංකාවේ වියලි කලාපය ආශරිතව
මෙම ගංජා හේන් රහසිගතව වගා කරනු ලබන අතර පරවාහනය
මගින් අනෙකුත් පරදේශ
වලට ව්‍යාප්ත කිරීමට
ජාවාරම පිටුපස සිටින සැගවුණු කල්ලි කරියාකරනු
ලබයි. මෙම ගංජා උවදුර ඇහැලියගොඩ පුරවරය කරා ලගාවීම සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව පැහැදිළි දත්ත වාර්තා නැතත් ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිතුමාගේ පරකාශයෙන්
යම් යම් උපකල්පනයක් ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙයි.
එනම්
පසුගිය කාලයේ මෙම පරදේශය
පුරා කසිප්පු ජාවාරම බහුල වශයෙන් කරියාත්මක
වූ අතර පොලිසියේ සහ සුරාබදු දෙපාර්තුමේන්තුවේ
සහයෝගයෙන් දියත්කළ හදිසි වැටලීම් සහ මෙහෙයුම් හේතුකොටගෙන
වැරදිකරුවන් බොහෝ දෙනෙකු නීතියේ රැුහැනට කොටු කරගන්නට හැකියාව ලැබුණි. එනිසා මේ වන විට
කසිප්පු ජාවාරම පරදේශය
තුල යම් තරමකින් පාලනය කිරීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත. කෙසේ නමුත් මෙම කසිප්පු ජාවාරමෙන් පසුව ඊට ආදේශකයක් වශයෙන්
පරදේශය ආකරමණය කරන්නට
ගංජා නමැති මත් බෙහෙත සමත්වී තිබෙයි. රහසිගතව සඟවා තබාගැනීමෙන් අලෙවිකල හැකි වීම නිසා මුලදී කසිප්පු ජාවාරමේ නිරත වූ පිරිස් වර්තමානයේ
එය අතහැර ගංජා ජාවාරමේ නිරතවන බව පරදේශවාසීන් පවා පවසයි.
මෙම
ගංජා ව්‍යාපාරයේ නිරතවන්නන්ට
අවශ්‍යව තිබෙන්නේ කෙසේ
හෝ සිය අලෙවිය ඉහළ නන්වාගෙන හොද ලාභයක් ලැබීමටයි. එනිසා ඔවුන් කිසිදු විටෙක සමාජයෙන් සැගවී සිටීමට උත්සාහ නොකරන අතර දඬුවමට ඇති බිය නිසා නීතියේ ඇස් වලින් වහන්වී සිටීමට කටයුතු කරයි. මෙම ගංජා ජාවාරමේ සුල මුල සොයා ගැනීමට නොහැකි වී තිබෙන්නේ ඊට
මූලිකත්වය ලබාදෙන පරබලයින්
සමාජයෙන් සැගවී කරියා
කිරීමයි. ඔවුන් ව්‍යාපාරයේදී නිරන්තරයෙන්
එළියට දමන්නේ ඔවුන්ගේ නියෝජිතයින්ය. එකා පසුපස එකා පරිද්දෙන් මෙම නියෝජිත පිරිස ජාලයක් ලෙස කරියා
කරයි. මෙම විෂ මත් බෙහෙත පරදේශය
තුලට ගෙන එන්නේ කවුරුන්ද යන වග තවමත්
අභිරහසක්ව පැවතියත් මේ පිටුපස සංවිධානාත්මක
පිරිසක් සිටින බව හොදින්ම පැහැදිළි
වෙයි. ඉහළ පෙලේ දේශපාලඥයන් ද ඔවුන්ගෙන් රැුකවරණය
ලබනා සහචරයන් ද මෙයට සෘජුවම
සම්බන්ධ වී සිටින බවට
නිල නොලත් මට්ටමින් තොරතුරු ලැබී තිබේ.
ඇහැලියගොඩ
පොලිස් ස්ථානය පරකාශ
කරන ආකාරයට මෙම ගංජා ජාවාරම මහා පරිමාණයෙන් කරියාත්මක
වූවත් වැටලීම් වලදී නීතියේ රැුහැනට හසුවන්නේ සාමාන්‍ය මිනිසුන් බවයි.
මෙහි මහමොළකරුවන් පිළිබඳව ඔවුන්ගෙන් කිසිදු තොරතුරක් ලබාගත නොහැකිය. ඔවුක් අලෙවිය සඳහා එම මත් බෙහෙත
ලබාගෙන තිබෙන්නේ එවැනිම නියෝජිතයකුගේ මාර්ගයෙන් බව අත්තඩංගුවට ගෙන
පරශ්න කිරීමේද’
ඔවුන් පරකාශ
කරයි. මේ වන විට
මාහිංගොඩ, තලාවිටිය, මීන්නාන, තොරණගොඩ, බෝපැත්ත, කිරිපෝරුව යන ගම්මාන ආශරිතව මෙම
ගංජා අලෙවිය හොර රහසේ සිදුවන බවට තොරතුරු ලැබෙමින් පවතී.
මේ
සඳහා යොමුවීමේ පරවනතාවය
දෙස බැලීමේදී පෙනී යන්නේ ඒ සඳහා නිෂ්චිත
වයස් සීමාවක් නොමැති බවයි. තරුණ පිරිස් මෙන්ම වයස අවුරුදු 40-50 වයස් සීමාවේ පුද්ගලයන් ද මේ කෙරෙහි
යොමුවී තිබෙන බව ඇහැලියගොඩ විශේෂ
පොලිස් ඒකකය සඳහන් කරයි. නමුත් මෙහි බරපතලම තත්ත්වය වනුයේ තරුණ කොටස් සහ පාසැල් වයසේ
පසුවන ළමුන් ගංජා භාවිතය සඳහා නැඹුරු වීමයි. එය දිනෙන් දිනම
වැඩි වර්ධනය වන අතර ගැටලූ
රැසක්ද පැන නගී.
මෙම
ව්‍යාපාරිකයින්ගේ ප්‍රබල
ඉලක්කය වී ඇත්තේ පාසැල්
වියේ පසුවන යෞවනයන්ය. මන්ද යත් ඔවුන් නිරන්තරයෙන්ම කාලය ගත කරනුයේ කල්ලි
වශයෙනි. කල්ලියක් තුල ඕනෑම
දෙයක් ඉක්මනින් ව්‍යාප්ත කළ
හැකිය. මෙම විෂ මත්ද්‍රව්‍ය පාසැල් දරුවන්
අතර ව්‍යාප්ත කිරීම
සඳහා ඔවුන් අපූරු උපක්‍රමයක් භාවිත
කරනු ලබයි. එනම් කල්ලියක හෝ කල්ලියකට අයත්
නොවන දරුවකු තෝරාගෙන ඔවුන්ට මුලින්ම නොමිලේ මත් ආශ්වාදය ලැබීමට ඉඩ සලස්වයි. ඔහුගේ
මනස ඒ මත් බෙහෙත
නැවත නැවත ඉල්ලා සිටින මට්ටමට පැමිනි පසු නොමිලේ ලබාදීම නවත්වන අතර ඔහු ලවා තවත් අයට විකිනීමෙන් ඔහුට නොමිලේ ගංජා ලබාද’මට කටයුතු කරයි.
එහිදී එම දරුවා කල්ලියක්
වෙත යොමු කිරීම හෝ සිටින කල්ලිය
වෙත යොමු කරමින් අනෙකුත් දරුවන් ගංජා සඳහා යොමුකරවා ගැනීමට ඔහුව පොළඹවයි. පාසැල් දරුවන් කල්ලි වශයෙන් ගංජා ජාවාරමට අසු වන්නේ ඒ ආකාරයෙනි.
පාසැල්
වයසේ පසුවන හිරිමල් යෞවනයන්ට මේ පිළිබඳව අවබෝධයක්
නැත. ඔවුන්ට අවශ්‍ය අත්දැකීම් ලබාගැනීමට
පමනි. එහි අවසාන පරතිපලය
වන්නේද ඔවුන්ව ගංජා නමැති මත් බෙහෙතේ ගොදුරු බවට පත්වීමයි. උද්භිත විද්‍යාත්මක නාමයට අනුව ගංජා පැළෑටිය කැනිටිස් සැටීවා එල් යනුවෙන් හදුන්වනු ලබන අතර සාමාන්‍ය ජනතාව මෙම
ගංජා නැමති මත් බෙහෙත හැදින්වීම
සඳහා විවිධ නම් භාවිත කරන ආකාරයක් දැකගත හැකිය. මල්, ගංජා සුරුට්ටු, සූත්තිය, ජොයින්ට් එක, කංසා, මර්ජුවානා, කේරළ ගංජා වශයෙන් හදුන්වනු ලබන අතර මේවා පැකට් වශයෙන් විකිනීම කරනු ලබයි. පසුගිය දිනවල ඇඹිළිපිටිය පරදේශයේ
සිට ඇහැලියගොඩ හරහා කොළඹ දක්වා පරවාහනය
කරමින් තිබූ 04-05 ණට ක් පමන
වූ ගංජා තොගයක් අත්තඩංගුවට ගැනීමට ඇහැලියගොඩ පොලීසිය සමත්විය. පොලිසිය පවසන්නේ ඇහැලියගොඩට ගංජා ගෙන එන්නේ ඇඹිලිපිටිය හරහා වන බවයි. ඇඹිලිපිටිය
යනු ගංජා වගාවට පරසිද්ධියක්
උසුලනු ලබන පරදේශයකි.
ඇඹිලිපිටියට අමතරව වියලි දේශගුනයක් පවතින උඩවලව, තනමල්විල වැනි උෂ්නාධික පරදේශවල
පවා මෙම ගංජා වගාකරනු ලබයි.
එක්
පැකට්ටුවක 500 පට 800 පට 01 ට වැනි පරමාණයන් අඩංගු
වන අතර රු: 100.00, රු: 200.00 වැනි මිලකට විවිධ පරමාණයන්
අලෙවි කරනු ලබයි. විනිවිද පෙනෙන කවර වල බහා ඇති
මෙම ගංජාවල විවිධ මට්ටම් පවතින බවද දැනගන්නට ලැබුනි. කේරළ ගංජා තත්ත්වයෙන් උසස් ඒවා වන අතර කොලිටි
01, කොලිටි 02 වශයෙන් වර්ග කිරීමකට ද ලක්කොට තිබෙයි.
ඇහැලියගොඩ පරදේශයේ
විකුණනු ලබන ගංජා අතර මල් ගංජා මිලෙන් වැඩි බවත්, කොළ මිලෙන් අඩු බවත් දැනගන්නට භාවිත කරන්නන් පවසයි.
මෙහි
බරපතලම තත්ත්වය වී තිබෙන්නේ සමාජයට
වසන්වී ගංජා භාවිතයට හුරුවී සිටි මිනිසුන් වර්තමානයේ සමාජය ඉදිරිපිටම ඒවා භාවිතයට පෙළඹී සිටීමයි. විශේෂයෙන්ම ගම් මට්ටමෙන් මෙම ගංජා සවස් කාලයේ අලෙවි කරනු ලබන අතර පතල් පොළවල්, බෝක්කු, පාලන්, පාළු පිට්ටනි, පරජා
ශාලා, ගමේ කඩපිල, තරුණයින් එක්රැස්වන තුම්මංහන්දි, තරීවිලර්
පාක් වැනි ස්ථාන වල කල්ලි ගැහෙන
පිරිස් ගංජා භාවිත කරන ආකාරය සවස් යාමයේදී දැකගත හැකිය. පරදේශය
තුල අපචාර ක්‍රියා
වර්ධනය වීම කෙරෙහිද මෙම ගංජා භාවිතය හේතුවක් වී ඇති බව
පෙන්වාදෙන ගම්මු පවසන්නේ මෙම උවදුර තුරන් කර දැමීමට වගකිවයුතු
අංශ ඉක්මනින් කරියාමාර්ගයක්
ගත යුතු බවයි.
මෙලෙස
තරුණ පරජාව
ගංජා භාවිතයට ඇබ්බැහි වීමෙන් බොහෝ දෙනෙක් පීඩාවට පත්වෙයි. දරුවන් මේවාට ඇබ්බැහි වීමෙන් දෙමාපියන් අසරණ වන අතර, විවාහක
පුරුෂයන්ගේ ඇබ්බැහිය බිරින්දෑවරු හා පවුලේ දරුවන්
අසරණ කරයි. ගංජා භාවිතයෙන් ලිංගිකමය ගැටලූ පවා ඇතිවීමේ අවදානමක් පවතී.
මෑතකදී
එනම් 2014-08-06 වන දින පොලිසිය
කළ වැටලීමකදී කිරිපෝරුව පරදේශයේ
පුදුගලයකු සතුව ගංජා 10 ට ක් තිබී
හසුවී ඔහුට නඩු පවරා ඇත. එහිදී රු: 10000 ක දඩයකට යටත්
වීමට ඔහුට සිදු විය. එදිනම විජේනායක මාවතේ පුද්ගලයකු සතුව තිබී ගංජා 02 ට
360 පට සොයාගෙන තිබෙන අතර ඔහුට උසාවියෙන් රු: 20000 ක දඩයක් නියමකර
තිබේ.
අගෝස්තු
06 වන දිනයේම පරදේශයේ
තවත් ස්ථාන දෙකකින් 01 ට 80 පට හා 490 පට
ක් පුද්ගලයන් දෙදෙනකු ලග තිබී අත්තඩංගුවට
ගැනීමට පොලීසිය සමත්විය. උසාවියට ඉදිරිපත් කල පසු ඔවුනට
රු: 20000 බැගින් දඩ නියම කර
තිබෙයි. පසුගිය මාසයක කාලය තුල ගංජා සම්බන්ධ සිදුවීම් 50 ක් සම්බන්ධව වරදකරුවන්
රැසක් අත්තඩංගුවට ගෙන තිබෙයි. මෙම විශ මත්ද්‍රව්‍ය භාවිත කරන
සහ ලග තබාගෙන විකුණන
පුද්ගලයින් අත්තඩංගුවට පත්වූ සැනින් පැය 24 ක් ඇතුලත වැරදිකරු
උසාවියට ඉදිරිපත් කරන්නේ පැය 24 කට වැඩියෙන් ඔවුන්
පොලිසිය තුල රදවාගත නොහැකි නිසාවෙනි.
කසිප්පු
වලට අදාල සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවකුට ඇප දීමට හැකියාවක්
ඇත. නමුත් ගංජා සම්බන්ධ සිද්ධියක වරදකරුවකුට දඩුවම් දීමට හැකියාවක් නැත.
එබැවින් විශ මත්ද්‍රව්‍ය ආඥාපනත යටතේ
මොවුන්ට එරෙහිව නඩු පැවරීමක් සිදු කරයි.
අන්තරායක
ඖෂධ පාලක මණ්ඩලය මත් උවදුර මැඩලීම සඳහා විවිධ සේවාවන් ලබාදීමට සූදානම්ය. මත්ද්‍රව්‍ය සඳහා යොමු
වූ අයෙකු එයින් මුදවා ගැනීම සඳහා 1984 පැය 24 පුරා ක්ෂණික ඇමතුම්
අංකයට දැනුම්දිය හැකිය. නේවාසික පරතිකාර
හා පුනරුත්තාපන මධ්‍යස්ථාන 081-2315504 වයස 20 ට අඩු පුද්ගලයන්
සඳහා, කොළඹ 011-2798090, ගාල්ල 091-224443, ඌරාපොළ 033-2283060 සඳහා ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.
සිය
පරදේශය මෙම
ගංජා නමැති මත් රකුසාට බිලිවනු බලාසිටිය නොහැකි පරදේශයට
ආදරය කරන පිරිස් දුරකථන මාර්ග ඔස්සේ, පෙත්සම් මගින් නිර්නාමිකව පොලීසිය මේ සම්බන්ධයෙන් දැනුම්වත්
කරනු ලබන අතර පොලීසිය සිවිල් ඇදුමින් සැරසී අදාල තොරතුරු මත වැටලීම් සිදු
කරයි. පරදේශයේ
පවතින මෙම ගංජා ව්‍යාපාරය සම්බන්ධයෙන්
තොරතුරු ලබාදෙන්නන්ගේ රහස්‍යභාවය 100% ක් ආරක්ෂ
කරනු ලබන අතර ගංජා විකුණන, ලග තබාගන්නා සහ
භාවිත කරන පුද්ගලයන් සම්බන්ධව තොරතුරු වෙතොත් ලගම ඇති පොලිසිය දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. පිපෙන්නට වෙර දරන මල් කැකුළු අකාලයේ මිලින වන්නට ඉඩ නොදී ගංජා
නමැති මත් උවදුරෙන් ඇහැලියගොඩ පරදේශය
හා පරදේශවාසීන් බේරා
ගැනීම සඳහා වගකිවයුත්තන්ගේ දෑස් විවරකළයුතු කාලය එළඹ තිබේ.
සටහන :- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment