දොරකඩ අස්න

Friday, February 28, 2025

 

බර්මියුඩාවේ නොවිසඳුණු අභිරහස 

#amilanuwanmadusanka

අපි හැම කෙනෙක්ම කැමතියි ලෝකයේ සැඟවුණු අභිරහස් දේවල් ගැන දැනගන්න. අන්න ඒ වගේ  ලෝකයේ හැම කෙනෙකුගේම අවධානය දිනාගත්තු අභිරහසක් විදිහට අපිට බර්මියුඩා ත්‍රිකෝණය හඳුන්වා දෙන්න පුළුවන්. වසර පනස් ගණනකට වඩා පැරණි බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස් කතාව ගැන තමයි අපි අද ඔයාලට කියන්න යන්නේ. 


ඔයාලා හැම කෙනෙක්ම දන්නවා කාලයක ඉදන් බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළින් පියාසර කරන ගුවන් යානා අතුරුදහන් වෙන්නේ කිසිම සලකුණක් හොයාගන්න බැරි විදිහට. ඒවගේම බර්මියුඩා ත්‍රිකෝණයට ආසන්න මුහුදේ ගමන් කරන නෞකා පවා මේ විදියට අතුරුදහන් වෙනවා. ඒ ගැන හොයලා බලන්න කාලයෙන් කාලයට විද්‍යාඥයන් විවිධාකාරයෙන් පර්යේෂණ සැලසුම් කරළා තිබුණා. එහිදී සමහර විද්‍යාඥයින් ප්‍රකාශ කළේ මේ ප්‍රදේශය තුළ පවතින සහ ඇතිවෙන වාසුලි තත්ත්වයන් නිසා මේ අතුරුදහන්වීම් සිදුවෙනවා කියල. නමුත් ඒ කතාව පිළිගන්න පුළුවන් එකක් කියලා විශ්වාස කරන්න අමාරුයි. මොකද ඒ විදිහට වාසුලි වලට හසුවුණා නම්, අදාල නෞකාවල සහ ගුවන්යානාවල කොටස් කොහේ හරි තිබිලා හමුවෙන්න ඕනි. නමුත් ඒ විදිහට කිසිම සාධකයක් හමු නොවුන නිසා ඒ කතාව පිළිගන්න දුකක් විතර අමාරුයි. 

තවත් සමහර විද්‍යාඥයින් ප්‍රකාශ කළේ මේ ස්ථානය ආධික වශයෙන් ගුරුත්වාකර්ෂණය පවතින ස්ථානයක් විදිහට. ඒ නිසා මේ ස්ථානයෙන් ගමන් කරන නෞකා වගේම මීට ඉහලින් ගමන් කරන ගුවන් යානා ගුරුත්වාකර්ෂණයට හසු වී විනාශ වෙලා ගිහින් තියෙනවා කියලා ඔවුන් ප්‍රකාශ කරනවා. නමුත් මේ විදියට ගුරුත්වාකර්ෂණ බලය වැඩි වෙන්නේ ඇයි කියලා කියන්න ඔවුන් සමත් වුණේ නැහැ. ඒ නිසා ඒ මතයත් ටික කාලයක් යනකොට යටපත් වෙලා ගියා. ඒ වගේම තවත් විද්‍යාඥයන් පිරිසක් ප්‍රකාශ කරන්නේ මේ ප්‍රදේශයේ පවතින චුම්බක තත්ත්වයේ වෙනසක් නිසා මේ විදිහට නැවූ සහ ගුවන් යානා අතුරුදහන් වෙනවා කියල. නමුත් මේ ස්ථානයේ ඒ විදිහට චුම්බකමය වෙනසක් ඇති වෙන්නේ ඇයි කියලා කියන්න ඔවුන් සමත් වුණේ නැහැ. ඒ නිසා ඒ කතාවත් කාලයක් යනකොට පිළිගන්න අමාරු තර්කයක් බවට පත්වුණා. 

තවත් කාලයක් යනකොට සමහර පිරිස් ප්‍රකාශ කළේ මේ ස්ථානයෙන් වෙනත් ලෝකයකට ගමන් කරන්න පුළුවන් දොරටුවක් තියනවා කියලා. ඒ වගේම පිටසක්වල ජීවීන් මේ ස්ථානයේ සැරි සරනවා කියලත් ඔවුන් ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි පිටසක්වල ජීවීන්ගේ පර්යේෂණාගාරයකුත් මේ ස්ථානයේ තියෙන බවට ඔවුන් මත පළ කළා. ඒ කතාවට විද්‍යාත්මක පසුබිමත් නොතිබුණා වුණත් සමාජයේ බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගන්න සමත්වුනා. ඒ වගේම බොහෝ දෙනා මේ පිළිබඳ විශ්වාස කරන්නත් පටන් ගත්තා. ඒකට හේතු වුණේ මේ සිදුවීම පසුබිම් කරගෙන බොහෝ නවකතා චිත්‍රපටි වගේම මාලා නාටක නිර්මාණය වීම. කොහොම වුණත් කාලයක් යනකන් කිසිම කෙනෙක්ට මේ බර්මියුඩා ත්‍රිකෝණයේ තියෙන අභිරහස මොකක්ද කියන එක ගැන නම් හොයා ගන්න ලැබුණේ නැහැ  


බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩාවලට අයත් මයාමි, කැරිබියානු කලාපයට අයත් සැන්ජුවාන් යන නගර සහ බි්‍රතාන්‍යයට අයත් බර්මියුඩා දිවයිනට මැදිවූ අත්ලාන්තික් සාගර කලාපයේ වර්ග සැතපුම් පන්ලක්ෂයක් පමණ ආවරණය කරන පුළුල් ප්‍රදේශයක්. අපේ ලෝක සිතියමේ කිසිම තැනක ඒ පිළිබඳව සඳහන් කරලා නම් නැහැ. එයින් ගම්‍ය වන්නේ මේක මනංකල්පිත ත්‍රිකෝණයක් පමණක් බවයි. ඇත්තම කාරණාව නම් බර්මියුඩා ත්‍රිකෝණය පිළිබඳව සමාජය තුළ කතිකාවතක් ඇතිකරේ විද්‍යාඥයෙක් නෙවෙයි. සමාජය තුළ කුතුහලය අවුස්සන්න වැඩකටයුතු කරන, ඒ ඔස්සේ ජනප්‍රියත්වය අපේක්ෂා කරන පුද්ගලයින් විසින්. අපි කලින් සඳහන් කරා වගේම බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ ඒ අසලින් ගමන් කරන නෞකා වගේම ගුවන් යානා අතුරුදහන් කරන අභිරහස් තැනක් කියන එක තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. 

මේ කලාපය තුළ නාවික අනතුරු සැලකිය යුතු ප්‍රමාණයක් සිද්ධවෙලා තියෙනවා කියන කාරණාව ඇත්තක්. ලෝකයේ නාවික තදබදය පවතින වෙනත් ප්‍රදේශවලට සාපේක්ෂව මේ කලාපයේ නාවික අනතුරු වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා කියන්න සාක්ෂි නැහැ කියල තමයි එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය පවසන්නේ. ඊට අමතරව බර්මියුඩා කලාපයේ නාවික අනතුරු බහුලවීම පිළිබඳව විද්‍යාත්මක පැහැදිලි කිරීම් ද නැතිවාම නෙවෙයි. විශේෂයෙන්ම මේ කලාපය අධික ලෙස නාවික ගමනාගමනයක් සිදුවන කලාපයක්. ස්වභාවයෙන්ම මේ වගේ අනතුරු සිද්ධ වෙන එක පිළිගන්න පුළුවන් කාරණාවක්. අනිත් කාරණාව තමයි මේ කලාපය හරහා හමන කුණාටු බහුලව පවතිනවා. දියවැල් ක්‍රියාකාරීත්වය, වගේම මුහුදු රළ ක්‍රියාකාරීත්වය, මුහුදු පතුලේ පවතින මීතෙන් නිදි ක්‍රියාකාරීත්වය, චුම්භක බල ක්‍රියාකාරිත්වය වගේ තවත් පැහැදිලි කිරීම් ගණනාවක් මේ සම්බන්ධව ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම අපි මුලදී සඳහන් කරා බර්මියුඩා ත්‍රිකෝණය සම්බන්ධ කාරණාව වැඩි වශයෙන් සමාජගත කරන්න පෙලඹුණේ කුතුහලය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන මිනිසුන් කියලා. ඒක නිසා මේ ප්‍රදේශය තුළ සිදුවුණා යැයි පවසන නාවික අනතුරු සහ ගුවන් අනතුරු සැබෑ ඒවා නොවන බව පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කතා බොහෝමයක් මිනිසුන් විසින් ගොතන ලද කතා.   

සාමාන්‍යයෙන් මිනිසුන් විසින් ගොඩ නඟන ලද විද්‍යා ප්‍රබන්ධයක් සමාජයෙන් ඉවත් කිරීම ටිකක් විතර අමාරු වැඩක්. ඒක නිසා බර්මියුඩා ත්‍රිකෝණය සම්බන්ධව පවතින විවිධ මතිමතාන්තර වෙනස් කරන එක කරන්න අමාරු දෙයක්. ඒ වගේම කාලයක් යනකම් බර්මියුඩා අභිරහස මිනිසුන් තුළ කුතුහලයක් ඇති කරමින් නිහඬවම පවතීවි. 

සමහරු බර්මියුඩා ත්‍රිකෝණයට යක්ෂයාගේ දූපත කියලත් හඳුන්වනු ලබනවා. වර්තමානයේ බර්මියුඩා ත්‍රිකෝණය සම්බන්ධව, එහෙමත් නැත්නම් මේ අභිරහස සම්බන්ධව පිළිගත හැකි සාක්ෂි සහිතව විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් වෙලා තියෙනවා  

මේ සඳහා ලෝකයේ ජනප්‍රිය විද්‍යාඥයින් රැසක් සම්බන්ධ වෙලත් ඉන්නවා. සාගර කලාපය තුළ සිදුවූ දේශගුණික විපර්යාස තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඒවාට අනුව නිරීක්ෂණය කිරීම ඔස්සේ චන්ද්‍රිකා ඡායාරූප නිරීක්‍ෂණය කිරීම මගින් මේ නිගමන වලට එළඹිලා තියෙනවා.   

බර්මියුඩා ත්‍රිකෝණයේ මේ අභිරහස් හැසිරීම පිළිබඳව ලෝකය මුල් වරට අවධානය යොමු කරන්නේ වර්ෂ 1945 ඇමරිකාවට අයත් බෝම්බ හෙලන ගුවන්යාන 05ක් කිසිම තොරතුරක් නැතිව එක්වරම අතුරුදහන් වී යාමත් එක්කයි. රේඩාර් තාක්ෂණය පැවති මේ කාලයේ දුරස්ථ සන්නිවේදන සබඳතා පවත්වා ගැනීම සිදුකරනු ලැබුවේ ගුවන්විදුලි තරංග මගින්. මේ යානා තමන්ගේ පියා සැරිය ආරම්භ කර බර්මියුඩා සාගර කලාපයේ ටික දුරක් ගමන් කරන තෙක් මූලස්ථානය සමග සම්බන්ධතා පැවැත්වුවත්, පසුව එක්වරම ඒ සම්බන්ධතා සියල්ලම නැතිවී ගොස් තිබෙනවා. ඒ වෙනකොට ඔවුන් තමන් මුහුණදුන් යුද්ධයෙන් ජය ලබාගෙන තමන්ගේ දේශසීමාවට ලගාවෙමින් සිටි නිසා ඒක සතුරු ප්‍රහාරයක් වශයෙන් පිළිගන්නත් නොහැකි වෙලා තියෙනවා. අනිත් කාරණාව තමයි සතුරු ප්‍රහාරයක් සිදුවුනා නම්, අදාල යානාවල සුන්බුන් කොටස් හොයාගන්නත් පර්යේෂණ කණ්ඩායම් වලට හැකියාව ලැබෙන්න ඕනි. නමුත් එහෙම සුන්බුන් හොයාගන්න ලැබුණේ නැහැ. ඉන් පසු දුක කාලෙකට පස්සේ මේ යානාවලට සිදුවූ දේ කුමක්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා තවත් යානාවක් ඔවුන් පිටත් කර හරිනවා. මේ යානාව කලින් යානා වගේම මුල් අවස්ථාවෙදි සන්නිවේදන සම්බන්ධතා පවත්වා ගත්තත් බර්මියුඩා ත්‍රිකෝණයට ආසන්න වනවාත් සමඟම සම්බන්ධතාවල අපැහැදිලි බවක් පවතින බව දැනුම් දී තිබෙනවා. ඉන්පසුව ඒ යානාවත් අතුරුදහන්ව තිබෙනවා. එතකොට ගුවන්යානා 6ක් කිසිදු සළකුණක් නැතිවම අතුරුදන් වීම කාගෙත් කුතුහලයට හේතුවුනා.   

මේ යානා වලට සිද්ධ වුනේ මොකක්ද කියන එක මෙතෙක් කල් කිසිම කෙනෙක්ට හොයා ගන්න බැරි වෙලා තියෙනවා. යන්තං හරි පිළිගන්න පුළුවන් මතයක් තමයි මෙම යානා දරුණු වාසුලියකට අසුවෙලා විනාස වෙලා ගියා කියන එක. ගුවන් යානා වලට පමණක් නෙවෙයි. මේ ප්‍රදේශය හරහා ගමන් කරන නෞකා වලට සිදුවුනේත් මේ වගේම දෙයක්. 1967 දී බර්මියුඩා කලාපය හරහා ගමන් කළ පෟද්ගලික සුඛෝපභෝගී නෞකාවක් අතුරුදහන් වුනේ සියල්ලන් මවිතයට පත්කරමින්. ඒ වගේම හෝටල් කිහිපයක් හිමි ධනවත් ව්‍යාපාරිකයෙක් වූ බරක් නැමති පුද්ගලයා 1967 දී නත්තල් දවසක ගිණිකෙළි සංදර්ශන  පැහැදිලිව නැරඹීම සඳහා ඇමෙරිකාවේ ෆ්ලොරිඩා වේරලින් ඈතට ගමන් කළේ විච් ක්‍රාෆ් නමැති සුඛෝපභෝගී යානාවකින්. 


මුහුදේ කිලෝමීටර් කිහිපයක් ගමන් කිරීමෙන් පසුව යමක් යානාව යට වැදීමෙන් යාත්‍රාව අක්‍රියවී ඇති බව ඔහුට තේරුණා. ඒ බව පවසා එය වරායට ඇදගෙන ඒමට බෝට්ටුවක් එවන ලෙස ඉල්ලා ඔහු පිණිවුඩයක් යවා තිබුණා. නමුත් ඇමරිකානු වෙරළ ආරක්ෂක බලඇණිය ඒ වෙත ගමන්කරනවිට විට යාත්‍රාවට සිදුවූ දෙයක්වත් සොයාගැනීමට නොහැකි වුනා. මේ සිද්ධි දෙකෙන් ආරම්භ වී පසුව මේ වගේ අතුරුදහන්වීම් බොහෝමයක් වරින් වර වාර්තා වෙන්න පටන් ගත්තා. නමුත් බොහෝ පරීක්ෂණවලින් කියවුනේ හදිසියේම ඇතිවන කාලගුණය වෙනස් වීම් හේතුකොටගෙන යාත්‍රා සහ යානාවල පවතින  මාලිමාව හෝ වෙනත් මග පෙන්වන යන්ත්‍ර අක්‍රිය වී යාමෙන් සම්බන්ධතා ගිලිහී ගොස් තිබෙන බවයි. 

මේ ප්‍රදේශය කාලගුණ චන්ද්‍රිකා ඇතුළ නවීන තාක්ෂණික ක්‍රම සියල්ලම තිබේදී පවා හිතාගන්න බැරි විදියේ අනතුරු රාශියක් සිදුවනවා.  කෙසේ වෙතත් පසුකලෙක එල්ෆාරෝ නෞකාව ගිලියාමත් සමග බර්මියුඩා ත්‍රිකෝණයේ සිදුවණ දේ පිළිබදව පැහැදිළි අවබෝධයක් ලබාගන්න ඇමරිකාවේ කොළරාඩෝ විශ්ව විද්‍යාලයෙන් පර්යේෂණයක් ආරම්භ කළා. එයට ලොව වටා සිටි විද්‍යාඥයන් ගණනාවක් එක් වූ අතර, මේ අභිරහසට හේතු වූ මූලික තර්ක බැහැර කරමින් සියුම්ව විශ්ලේෂණය කරන්ට ඔවුන් කටයුතු කලා. එල්ෆාරෝ නෞකාව 2007 දී අතුරුදහන් වීමෙන් පසුව ඔවුන් සියල්ලන්ගේම ඒකමතික තීරණය වුණේ යම් ආකාරයක සුවිශේෂී කාලගුණික තත්ත්වයක් නිසා මේ සියලු‍ අනතුරු සිදුවන්නට ඇති බවයි. ඒ අනුව කාලයක් පුරාවටම අමුතුම විදිහේ බලාකුළු හැසිරීමක් ඔවුන්ට දකින්න ලැබුනා. මේ තත්ත්වය වෙන කිසිම තැනක ඔවුන්ට නිරීක්‍ෂණය වුනේ නැහැ. බර්මියුඩා ත්‍රිකෝණයේ යම් අනතුරක් වන සෑම දිනකම එවැනි තත්ත්වයක් දැක ගන්න ලැබෙන බව ඔවුන් අවසානයේ සොයා ගත්තා. සාමාන්‍යයෙන් වළාකුළුවලට ෂඩාශ්‍රයක් වගේ සෘජු පැති සහිත හැඩයක් ලබා ගන්න කිසිසේත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් මේ තත්ත්වය යම් හේතුවක් නිසා බර්මියුඩා ත්‍රිකෝණයට බලපාන බවක් තමයි ඔවුන්ට දකින්නට ලැබුනේ. 

එකිනෙකට අංශක එකසිය විස්සක කෝණයකින් පිහිටා ඇති මේ වගේ ෂඩාශ්‍රයක කෙළවරක පැයට සැතපුම් එකසිය හැත්තෑවක් තරම් වේගයෙන් පහළට හමන තද සුළං පහරක් පවා ඇතිවිය හැකි බවටත් එය මුහුදු පෘෂ්ඨයේ වැදීමත් සමග අඩි 45ක් පමණ උසට ක්ෂණික මුහුදුරළ ඇතිවන බවටත් ඔවුන් නිගමනය කළා. ක්ෂණිකව ඇතිවී නැතිවී යන මේ වගේ තත්ත්වයකදී ගුවන් යානයකට හෝ කුඩා නෞකාවකට කිසිසේත්ම කරගන්න කිසිම දෙයක් නැහැ. 

මේ හේතුව නිසාම බර්මියුඩාවේ රහස විසඳු බවටත් අදල විද්‍යාඥෙන් ප්‍රකාශ කළා. කොහොම නමුත් මේ විශේෂ හැඩය සහිත වලාකුළු හට ගැනීම ඉතාම දුර්ලභ සිද්ධියක් නිසා ඒ සිදුවීම සත්‍ය වීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා. කොහොම නමුත් ඉදිරි අනාගතයේදී බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස සම්බන්ධයෙන් තවත් මතවාද ගණනාවක් ඉදිරිපත් වේවි. මේ නොවිසදුණු අභිරහස ගැන දැනගන්න ලෝකයේ ජනතාව නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්න එක කිසිම දිනයක නවතින එකක් නැහැ. 

පිටපත:- අමිල නුවන් මධුසංඛ 



Monday, August 2, 2021

 ඒ වගේ කොල්ලන්ට තමයි මම කැමති ... (වානී කපූර්) 

හරිම තරඟකාරී ගමනක නිරතවන බොලිවුඩ් පුරයේ අලුත් මුහුණකට තැනක් ලැබෙන්නේ බොහොමත්ම කලාතුරකින්. දවසින් දවස පායන තරු එක රැයින් නිවිල යනකොට ඒ නිවෙන තරු අතරේ දීප්තිමත් තාරකාවක් වෙලා ඉන්න තියෙනවානම් කොයිතරම් දෙයක් ද ? අපි අද කතාකරන්න යන තරුවත් අන්න ඒ වගේ. ඒ වෙන කවුරුත් නෙවෙයි. වානී කපූර්. කපූර් කියන නම තිබුනට මොකද මෙයාගෙ කවුරුත් බොලිවුඩ් වලටනම් සම්බන්ධ නැහැ. හැබැයි දක්‍ෂතාවයනම් අඩුවක් නැතිව මෙයාට ලැබිල තියෙනවා. යාෂ් රාඡ් සිනමා සමාගම 2013 වර්ෂයේ නිපදවූ ශුදා දේසි රොමෑන්ස් සිනමාපටයෙන් පෙරළිකාර ගමනක් ඇරඹූ වානි පළමු රංගනයෙන්ම සම්මානනීය වෙන්න තරම් වාසනාවන්ත වුනා. ආහා කල්යානම් ඔස්සේ දමිල සිනමාව ඇතුලෙත් තමන්ගෙ සලකුණ තියපු වානී 2016 අපි කාටත් අමතක නොවන රංගනයක් රන්වීර් සිං එක්ක එකතුවෙලා බර්ෆිකේ චිත්‍රපටයෙන් ලබාදුන්නා. ඇවිදින ගමන් කරන කතාබහේදී වානි මොනවද කීවෙ කියල අපි බලමුකො ... 


    වානී මේ දවස්වල කාර්යබහුලයි වගේ ...

ඔව් ටිකක් විතර කාර්යබහුලයි. හැබැයි ඒ සිනමාව පැත්තෙන්නස නෙවෙයි. මෝස්තර නිරූපනය පැත්තෙන්. සිනමාවත් එක්ක මගේ මොඩ්ලින් ලයිෆ් එක මගහැරුනා. මට ඕනි ආයෙමත් නිරූපිකාවක් ලෙස කාර්යබහුල වෙන්න.

බර්ෆිකේ වලින් පස්සෙ වැඩ ලැබුනෙ නැතිද ?

බර්ෆිකේ කියන්නෙ ගොඩක් සාර්ථක චිත්‍රපටයක්. ඒකෙන් පස්සෙ මට වැඩ කිහිපයකටම ආරාධනා ලැබුනා. නමුත් ඒවා සතුටුවිය හැකි නිර්මාණ නෙවෙයි. ඉතින් අකමැත්තෙන් උනත් සමහර නිර්මාණ අතහරින්න සිදුවුනා.

සම්මාන ලබපු නිසා දැන් ගනන් උස්සනව වගේ ...

අනේ නැහැ. මම තවම පුංචි නිළියක්. ඉතින් මොකට ගනන් උස්සනවද ? හිතට නොගැලපෙන වැඩ කරලා ප්‍රේක්‍ෂකයන්ගෙන් දුරස් වෙන්න මට ඕනි නැහැ. මගේ කොහොමත් තියෙන්නෙ හිමින් ගමනක්. ඉතින් මම මගේ ගමන බොහොම හිමින් සහයෝගයෙන් යනවා.

රන්වීර් සහ ඔබ අතර රහස් සම්බන්ධයක් තියෙනවා කියල කටකතා පැතිරුණා ...

කටකතානම් කාටද හදන්න බැරි. ඒත් ඒවා පදනම් විරහිතයි. අපි ගොඩක් ගැලපෙන කපල් එකක් තමයි. හැබැයි ඒ සිනමාවෙදි විතරයි. බර්ෆිකේ ඒකට හොදම සාක්‍ෂිය. අපි අදටත් හොදම යාලුවෝ ආයෙත් රන්වීර් එක්ක වැඩ කරන්න කැමතියි. වෙන දෙයක් නැහැ.


සුෂාන්ත් රාඡ්පූත් සිංගෙන් විවාහ යෝජනාවක් ආවොත් ...

ඹ්ට අවුරුදු කිහිපයකට කලින් ආවනම් මම අනිවාර්යෙන්ම කැමති වෙනවා. ඒ වගේ කොල්ලෙක්ට තමයි මම කැමති. ඒත් අවාසනාවට එයත් විවාහ වෙලානෙ. ඉතින් මම ඒකට පරක්කු වැඩියි. 

විවාහ වෙන්න කලින් එකට ඉන්න එක ඔයා අනුමත කරනවාද ?

මම ටිකක් හිතන්නෙ වෙනස් විදිහට. සාම්ප්‍රදදායික කෙල්ලෙක් නෙවෙයි මම. මට ගැලපෙන කෙනෙක් හමුවුනොත් එයත් එක්ක එකට ජීවත් වෙන්න විවාහ වෙන්නම ඕනි නැහැ. දෙපාරක් හිතන්නෙ නැතිවම මම ඒ තීරණය ගන්නවා.

ශුදා දේසි රොමෑන්ස් චිත්‍රපටයේදී ඔබ සහ පරිනීති අතර ගැටුම් ඇතිවුනාලු නේද ?

කවුද ඔය කතාව කීවෙ ? සුෂාන්ත් ද ? නැතිනම් පරිනීති ද ? එකට වැඩකරන මිනිස්සු එක්ක ගහගන්න පුරුද්දක් මට නැහැ. අනික මම් පරිනීතිත් නූගත් කෙල්ලො නෙවෙයි. ප්‍රශ්නයක් තියෙනවනම් ඒක විසඳගන්නවා. ගහ මරාගන්නෙ නැහැ. 

ඛාන් නලුවන්ගෙන් ඔයා ගොඩක් කැමති කාටද ?

ඒ හැම කෙනෙක්ටම මම ගොඩක් කැමතියි. සමහරවිට ලගදීම සල්මන් ඛාන් එක්ක මාව චිත්‍රපටයකින් දැකගන්න ලැබෙයි. ඒක ගොඩක් කාලෙක සිට තිබුණු හීනයක්. 

හෝටල් ක්‍ෂේත්‍රයේ රැකියාවකට කැමැත්තෙන් ඉන්නව කියන්නෙ ඇයි ? 

මම ඉගෙනගත්තෙ හොටෙල් කළමනාකරණය. ඉතින් මම ඉගෙනගත්තු දෙයින් ප්‍රයෝජනයක් ගන්න ඕනිමයි. මගේ අම්ම කියන්නෙ හැමදාම රඟපානවට වඩා හොද රස්සාවක් කරන්න කියල. මගේ හැකියාවන්ට සරිලන වැටුපක් ලැබුනොත් මම කැමැත්තෙන්ම ඒ රස්සාව බාරගන්නව.

ඒ කියන්නෙ සිනමාවෙන් සමුගන්නවද ?

කොහෙත්ම නැහැ. මම මේ තැනට ආවෙ ගොඩක් මහන්සියෙන්. ඉතින් ඇයි මම මේ ජීවිතේ අතාරින්නෙ. සිනමාව, නිරූපනය, රැකියාව සමබරව කරගෙන යන්න හැකියාවක් මට තියෙනවා. ඉතින් ඒක මට ප්‍රශිනයක් නෙවෙයි.

හොලිවුඩ් වල නලුවෙක් එක්ක හිංදි චිත්‍රපටයක රඟපාන්න ලැබුනොත් ...

ඒක කොයිතරම් දෙයක්ද ? මම කැමැත්තෙන්ම රඟපාවි. ටෝම් කෲස්ට මම ගොඩක් කැමතියි. එයා එක්ක රඟපාන්න ලැබුනොත් ඒක මගේ හීනයක් හැබෑ වීමක්. එකට රඟ නොපෑවත් දවසක හැබෑවටම එයාව හමුවීමට මගේ කැමැත්තක් තියෙනවා.

ඔබට හොදටම හදන්න පුලුවන් කෑම මොනවද ?

මට ඕනිම දෙයක් හදන්න පුලුවන්. හැබැයි ඒව කන්න පුලුවන්ද කියල අහන්න ඕනි අපේ ගෙදර අයගෙන් තමයි. හොද කියන්නෙ ඕනිම කෑමක් මට කන්න පුලුවන්. ඒ පැත්තෙන්නස මම ඉදිරියෙන්ම බන්නවා. 


වානී දේශපාලනයට ඒවිද ?

කවදාවත් නැහැ. දේශපාලනය කරන්න තරම් හැකියාවක් මට නැහැ. ම ඒක හොදටම දන්නවා. මගේ රටේ වැසියන් අපහසුතාවයට පත්කරන්න මම කැමති නැහැ. 

ඔයා හීන දකින්න ආසයිද ?

අනිවාර්යෙන්ම. හැබැයි ඒ හැම හීනයක්ම සුන්දර විය යුතුයි වගේම හැබෑ කරගන්නත් පුලුවන් ඒව වෙන්න ඕනි. 

ඔයාට හොදටම කරන්න පුලුවන් මොනවද ?

මට හොදට සෙල්ලම් කරන්න පුලුවන්. බාස්කට් බෝල්, බැඩ්මින්ටන් වගේම ස්වීමින් තමයි මගේ ප්‍රයතම ක්‍රීඩාවන්. ඒවාට අමතරව මට කඳුළු එනකම් හිනාවෙන්න පුලුවන්. වටේ ඉන්න අයව හිනස්සන්නත් පුලුවන්. 

සටහන :- අමිල නුවන් මධුසංඛ 


Tuesday, July 13, 2021

බේබම්මගේ ආදරයෙන් පිස්සු වැටුණු ආසිගේ කතාව බලන්න කැමතිද ? 

Amila You Tube


ආදරය කියන්නේ වෙනස්ම විදිහේ හැගීමක්. මේ හැගීම තියෙන්න ඕනි හදවතේ මිසක් දේපළ, මිල මුදල් හෝ භාහිර අගපසග මත නෙවෙයි. ආදරේ හරියට නැගෙන රළක් වගෙයි. මුහුදකට සීමා මායිම් දාන්න පුළුවන් වුනාට නැගෙන රළකට සීමාවක් දාන්න කාටවත්ම බැහැ. අන්න ඒ විදිහේ ලස්සන කතාවක් ඇතුලත් චිත්‍රපටයක් මේ දවස්වල බොහෝ දෙනාගේ කතාබහට ලක් වෙලා තියෙනවා. බුවී බාබු සනා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද නවීන් යෙර්නානි විසින් නිෂ්පාදනය කරන ලද තෙළිඟු සිනමාපටයක් තමයි මේ. ඒ Uppena. මෑතක ඉදලා ලාංකේය රසිකයින් තෙළිඟු සිනමාපට කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන්න පටන් අරගෙන. ඉතින් ඔවුන් වෙනුවෙන් තමයි අපි අද Uppena ගැන කතා කරන්න හිතුවේ. 

Uppena එහෙමත් නැතිනම් නැගෙන රළ සිනමාපටයේ තිර රචනය වයි. රවිශංකර්, සුකුමාර් සහ බුවි බාබු සනා විසින් සිදුකර තිබෙනවා. Uppena හරහා අලුත් මුහුණු කිහිපයක්ම සිනමාවට එකතු වෙනවා. ඒ අතර ප්‍රධාන චරිත රඟපාන වෛශ්නාව් තේඡ් සහ ක්‍රිතී ෂෙට්ටි විශේෂයි. ඔවුන්ට අමතරව විඡේ සේතුපති, දේව් ශ්‍රී ප්‍රසාද් කියන පවීන නළුවන්ගෙන් සිනමාපටයට ලැබුණු ආලෝකයත් අමතක කරන්න බැහැ. 2021 පෙබරවාරි 12 වෙනිදා තිරගත කිරීම් ආරම්භ කළ Uppena මිනිත්තු 147ක ධාවන කාලයකින් යුක්තයි. ඉන්දියානු රුපියල් කෝටි 22ක් වැය කරමින් නිර්මාණය කළ Uppena මේ වෙනකොට ඉන්දියානු රුපියල් කෝටි 80-100ත් අතර මුදලක් උපයලා තියෙනවා. 

ආසි සහ බේබම්මාගේ ආදර කතාව අනිවාර්යෙන්ම ඔබේ මතකයන් අතර සදාතනිකව රැදී තිබේවි. වෛශ්නාව් ගේ සහ ක්‍රිතී ගේ පළමු චිත්‍රපට රංගනය වුනත් කිසිදු ආගන්තුක බවකින් තොරව ඔවුන් සිය රංගනය ඉදිරිපත් කරනවා. ආරම්භයේ සිට අවසානය තෙක්ම ප්‍රේක්‍ෂක කුතුහලය රදවාගන්න සමත්වන Uppena අවසානයේ ප්‍රේක්‍ෂකයින් නොසිතූ මානයකට අරගෙන යන්නේ නිර්මාණශීලී අධ්‍යක්‍ෂකවරයකුගේ ආගමනය සනිටුහන් කරමින්. ධීවර ගම්මානයක ජීවිතය අලලා නිර්මාණය කළ මෙහි ධනපති නිර්ධන සමාජ ස්ථරයන් තුළ දෝලනය වන ආදරය පිළිබඳ අපූරු පණිවුඩයක් සමාජයට ලබා දෙනවා. 2019 වසරේදී රූගත කිරීම් ආරම්භ කළ Uppena කකිනාඩා, පූරි, හයිද්‍රබාද්, කොල්කටා සහ ගංග්ටෝක් යන ප්‍රදේශවල රූගතකර තිබෙනවා. 

කුලවාදය කියන කාරණය ඉන්දියානු සමාජය තුළ ඉතාමත් තදින්ම මුල්බැසගෙන තියෙන දෙයක්. ඒ වගේම තමයි පුරුෂාධිපත්‍යය. නමුත් Uppena තුළින් මේ සියළු කාරණා අභියෝගයට ලක් කරනවා. අධ්‍යක්‍ෂකවරයාට මුල් අවස්ථාවලදී මේ පිළිබඳ චෝදනා එල්ල වුනත් ඔහු කිසිම අවස්ථාවක ඒවාට උත්තර දෙන්න ගියේ නැහැ. නමුත් අද වනවිට ඉන්දියාව ඇතුලේ විතරක් නෙවෙයි, ලෝකය පුරාම Uppena බ්ලොක්බස්ටර්හි ඉහළම තැනකට ගිහින් තියෙනවා. 

Uppena ගැන කතා කරනකොට මෙහි සංගීතය අමතක කරන්නම බැහැ. ජනප්‍රිය ගීත කිහිපයක්ම ඇතුලත් වන මෙහි සංගීතඅධ්‍යක්‍ෂණය දේව් ශ්‍රී ප්‍රසාද් විසින්. සිනමාපටය පුරාම එහි රිද්මය රදවාගන්න පසුබිම් සංගීතයෙන් ලබා දී තිබෙන ශක්තිය අති විශාලයි. චිත්‍රපටයේ එන නී කන්නු නීලි සමුද්‍රම් ගීතය සහ ජල ජල ජලාපාතම් යන ගීතය ප්‍රේක්‍ෂකයන් අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය වූවා වගේම යූ ටියුබ් හරහා විශාල ප්‍රතිචාරයක් හිමිවුනා. මෙහි වෛශ්නාව් සමඟ මුලින් රඟපාන්න යෝජනා කළේ මනීෂා නමැති නිළියක්. නමුත් අධ්‍යක්‍ෂකවරයාට මේ සඳහා නවක නිළියක්ම යොදාගන්න අවෂ්‍ය වුනා. ඒ අනුව තමයි ඔවුන් තිර පරීක්‍ෂණයකින් ක්‍රිතී ෂෙට්ටිව තෝරා ගත්තේ. 

තමන් රඟපෑ පළමු චිත්‍රපටයෙන් විශාල ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට Uppena පත් කරන්න වෛශ්නාව් සහ ක්‍රිතී වාසනාවන්ත වුනා. පුරුෂයකුගේ පුරුෂ භාවය තීරණය කළ හැක්කේ ඔහුගේ අවයව වලින් නොව මනුෂ්‍යයකු ලෙස ඔහු තුළ පවතින මානව ගුණාංග තුළින් බව Uppena අවසානයේ ඔබට වැටහෙනු ඇති. 2021 වසරේ ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙස අපි යෝජනා කරන්නේ ඒ නිසයි. 

සටහන :- අමිල නුවන් මධුසංඛ 


Friday, May 29, 2020

තෙළිඟු සිනමාව කළඹන පෞරුෂයේ ගිනි සිළුව (විජය දේවරකොන්ඩා)


තෙළිඟු සිනමාව කළඹන පෞරුෂයේ ගිනි සිළුව        (විජය දේවරකොන්ඩා

කලෛකට පස්සෙ ඔන්න අපි ආයෙමත් පුරුදු ට්රැක් එකට ඇවිත්. නිසා ආයෙමත් ඔයාල ආදරය කරන තරු ගඅන කතා කරන්න අපට අවස්ථාවක් ලැබිලා. බොලිවුඞ්වලට වගේම කොලිවුඞ්වලටත් එකවගේ ආදරය කරන ඔයාලගෙ ලොකුම ආසාවක් තමයි කොලිවුඞ්වලට පායලා ආපු අලුත් තරුගැන දැනගන්න එක. කාරණාව දන්න නිසාම අපි හිතුවා අද කොළිවුඞ්වලට සමීප තෙළිඟු සිනමාවේ මෑතකදී දකින්න ලැබුණු හරි අපූරු තරුවක් ගැන කතා කරන්න. වෙන කවුරුත් නෙවෙයි විජය දේවරකොන්ඩා. කඩවසම් බව වගේම අක්ෂතාවත් එකවගේ පිහිටලා තිබෙන මොහු නූතන තරුණ පරපුරේ උන්මාදයක් කීවොත් හරි. තරමටම තරුණියන් මොහුට පිස්සු වැටිලයි ඉන්නේ. කතා කරන ඇස් වලටම ගැලපෙන අකීකරු කෙස් ඔහුට ගේන්නෙ වෙනතස්ම කඩවසම්බවක්

ඉන්දියානු සිනමාවේ තවත් එක් අතු සිමාවක් වන තෙළිඟු සිනමාවේ නළුවෙක්, නිෂ්පාදකවරයෙක් සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහට ප්රේක්ෂකයින් අතර ඉමහත් රසික ආදරයක් දිනාගෙන තියෙන විජය දේවරකොන්ඩා සිනමාවට පිවිසෙන්නේ 2011 වසරේදීයි. ජනප්රිය චිත්රපට අධ්යක්ෂක රවී බාබු විසින් අධ්යක්ෂණය කළ රොමෑන්ටික් කොමඩියක් වූ Nuvvila (2011) චිත්රපටය ඔස්සේයි. නමුත් විජය ප්රේක්ෂකයින් අතර ගොඩක් ජනප්රිය වුනේ 2015 වසරේදී තිරගත වූ Yevade Subramanyam (2015) ඔස්සේ කළ රංගනය නිසයි. වගේම 2016 දී තිරගත වූ Pelli Choopulu ඔස්සේ ඔහු තව තවත් රසික ආදරය දිනාගත්තා. තුළ ඔහු කෙතරම් සිය දක්ෂතාව පෙන්නුවද කියනවා නම් ෆිල්ම් ෆෙයාර් සහ ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබුවා
 
ඉන් පස්සෙ තමයි විජය දේවරකොන්ඩා නියම විදිහට සිනමාවට අවතීර්ණ වෙන්නේ. තමන්ට ලැබෙන සෑම චරිතයක්ම බාරගන්නෙ නැතිව ප්රේක්ෂකයින් අතර කතාබහට ලක්වන අපූරු වාණිජ සිනමාපට කෙරෙහි ඔහුගේ අවධානය යොමු වෙනවා. සිනමාපට අතර Arjun Reddy (2017), Mahanati (2018), Geetha Govindam (2018), and Taxiwaala (2018) ඉදිරියෙන්ම තියෙනවා. මේ අතර ඔහු Arjun Reddy (2017) හි කළ රංගනය වෙනුවෙන් 2019 වසරේ ෆිල්ම් ෆෙයාර් හොදම නළුවා සම්මානය සහ විචාරක සම්මානය දිනාගනු ලබනවා. වගේම Geetha Govindam (2018) රංගනය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් හොදම නළුවා සම්මානය සදහාත් නිර්දේශ වෙනවා

මේ වෙනකොට විජය දේවරකොන්ඩාට තමන්ගේම සිනමා සමාගමක හිමිකරුවෙක්. වගේම 2019 වසරේදී අන්තර්ජාලය හරයා විජය දේවරකොන්ඩා තමයි වැඩිපුරම සර්ච් කරල තියෙන්නේ. ඒකෙන්ම හිතාගන්න පුළුවන් ඔහු මොනතරම් උන්මාදයක් කියලා. විශේෂයෙන්ම ගීත ගෝවින්දන් ෆිල්ම් එකෙන් පස්සෙ තමයි මේ තත්ත්වය ඇති වුනේ. එහි රංගනයෙන් දායක වූ රශ්මිකා මන්දනා සහ විජය දේවරකොන්ඩා කාලෙ ටේරන්ඞ් එකක් බවට පත් වුනා. විජය වගේ අදින්න, ඔහු වගේ හැසිරෙන්න වගේම ඔහු වගේ කතා කරන්නත් තරුණයින් පෙළඹුනා. එයාගෙ තාත්තා ගෝවින්දන් රාඕ. ඔහු ජනප්රිය රූපවාහිනී නළුවෙක්. වගේම ඔහුගේ මව මාධවී දේවරකොන්ඩා. විජයගේ අයියත් සිනමා නළුවෙක්. පුංචි කාලෙ විජයට තනියම දෙයක් කරන්න ගෙදරින් අවසර දුන්නෙ නැහැ. නිසාම එයා අවස්ථාවක් ලැබෙන හැම වෙලාවෙම තනියම දෙයක් කරන්න තමයි උත්සාහ කළේ


විජයගේ කටහඩට තරුණයින් වශීවෙන්නෙ නිරායාසයෙන්. වේදිකාවක් උඩ කතාකරනකොට බය නැතිව කතා කිරීමේ හැකියාවක් ඔහුට තියෙනවා. ඒක ස්වභාවිකයි වගේම ආකර්ශනීය යි. අසාදාරණයට චුට්ටක්වත් කැමති නැති විජය නිතරම තමන්ගෙ ප්රේක්ෂකයින්ට කියන්නෙ හරි දේ කරන්න කියලයි. එක් අවස්ථාවකදී වාරණ මණ්ඩලය ඔහු රඟපෑ අර්ජුන් රෙඞ්ඩි සිනමාපටයේ දර්ශන කිහිපයක් වාරණය කරනවා වාගේම ඔහුගේ හඩ කපා දමනවා. නිසා ප්රෙස් එකේදි අර්ජුන් කීවෙ බය නැතිව සිනමාහල්වල තමන්ගේ හඩ කපා දමා ඇති තැන්වලට ප්රේක්ෂකයින්ගේ හඩ එකතුකරන ලෙස යි. ඇත්තටම ප්රේක්ෂකයින් එහෙම කරලත් තිබුණා

2020 පෙබරවාරි මාසයේදී  Rowdy Wear නමින් විලාසිතා සන්නාමයක් පවා ඉදිරිපත් කරපු විජය දේවරකොන්ඩා ඉන්දියාවේ ෆුඞ් ඩිලිවරි ඇප් කිහිපයකම ප්රවර්ධන නිළධාරියෙක්. ඔහු තරමටම අළෙවි කරන්න පුළුවන් මාර්කට් එකක් ඉන්දියාව ඇතුගෙ හැදිලයි තියෙන්නේ. කිසිම කෙනෙක් නොදන්නවා වුනාට විජය දේවරකොන්ඩා කියන්නේ සමාජ යහපත වෙනුවෙන් වැඩ කරන්න ඉපදුණු කෙනෙක්. බොහෝ දෙනෙක් නොදන්නවා වුනාට ඔහු විජය දේවරකොන්ඩා නමින් පදනමක් පිහිටුවාගෙන ඔස්සේ ඉන්දියාවේ තෙලංගනා සහ අන්ද්රා ප්රදේශ්වල ඉන්න තරුණ තරුණියන් වෙනුවෙන් විශාල වැඩකොටසක් කරනවා. ඔහුගේ අරමුණ තමයි විරැකියාව නැති කරමින් තරුණයින්ට වෘත්තීය අධ්යාපනයක් ලබා දෙන එක. ඔහුගේ ඉලක්කය ලක්ෂයක් වුනත් දවසින් දවස ඔහු පුහුණු කිරීමේ ප්රමාණයන් වැඩි කරනවා. මේ දේවල්වලට ප්රසිද්ධියක් ලබා දෙන්න ඔහු කැමති නැහැ


ඉන්දියාවේ ෆෝබීස් සඟරාව 2019 වසරේදී ඉන්දියාවේ කීර්තිමත්ම පුද්ගලයින් 100 දෙනා අතර 72වන ස්ථානය විජය දේවරකොන්ඩාට ලබා දී තිබෙනවා. වගේම ෆිල්ම් ෆොයාර් සඟරාවේ දශකයේ දක්ෂතම රංගන පෞරුෂයන් 100 අතරට තේරී පත් වෙන්නත් විජයට හැකි වුණා. බොහෝ දෙනා බලාගෙන හිටියේ විජයව හින්දි ෆිල්ම් එකකින් දකින්න. ඔන්න අවස්ථාව නුදුරේදීම උදාවෙන්න නියමිතයි. තමයි කරන් ජෝහර් විසින් 2020 වසරේදී නිර්මාණය කිරීමට නියමිත ෆයිටර්ස් චිත්රපටය. භාෂා කිහිපයකින්ම නිපදවන්න නියමිත මේ චිත්රපටයේ විජය රඟපෑමට නියමිතයි. ඇත්තටම මේක විජයගේ සිනමා ජීවිතේ තවත් එක් හැරවුම් ලක්ෂයක් වෙයි කියල තමයි විචාරකයින් කියන්නේ. කොහොම වුනත් විජය කියන්නේ අනාගතය බොහෝම පැහැදිළි නළුවෙක්. ඒක අපිට අදට වඩා හෙට අත්දකින්න ලබේවි

සටහන :- අමිල නුවන් මධුසංඛ

Saturday, May 16, 2020

COVID-19 සහ බොලිවුඞ් සුපිරි තරු

COVID-19 සහ බොලිවුඞ් සුපිරි තරු 

හැමදාමත් අපි සතුටින් කතා කරන බොලිවුඞ්වලටත් COVID-19 නිසා ගොඩක් ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා තමන්ගෙ රට දවස් 21කට ලොග්ඩවුන් කරල තියෙන වෙලාවක අපේ ආදරනීය තරු මොනවද කරන්නෙ කියල හොයල බලන්න හිතුවා. මොකද හැම කෙනෙක්ම මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න නිසා සමාජ මාධ්‍ය තුළ නිතරම දක්නට ලැබෙනවා. වගකීමක් ඇතිව වැඩ කරන තරු COVID-19  ගැනත් පේ‍්‍රක්‍ෂකයින්ව දැනුම්වත් කරන්න අමතක කරල තිබුනෙ නැහැ. රූගත කිරීම් කරන චිත‍්‍රපට බොහෝමයක් අතරමැද නැවතිලා. රූගත කරන හා ටෙලිකාස්ට් කරන ටෙලි නාට්‍ය පවා අතරමැද නැවතිලා. ඒ කියන්නෙ තාවකාලිකව අත්හිටුවන්න තමයි ඔවුන් තීරණය කරල තියෙන්නෙ. නුදුරේදීම තිරගත වෙන්න තිබුණු චිත‍්‍රපටත් දින නියමයක් නැතිව කල් ගිහිල්ල. ඉතින් අපි කතා කරමු ඒ හැම දෙයක් ගැනම. 


ඉන්දියාවේ මේ වෙනකොට ලංකාවට වඩා බහුතරයක් COVID-19 ආසාධිතයින් වාර්තා වෙලා තියෙනවා. මරණ සංඛ්‍යාවත් ඒ වගේමයි. ඉතින් එයාල COVID-19 මාරයාට මුහුණ දීම සදහා රජයට සහයෝගය දැක්වීමේ අරමුණින් එකම වෙලාවක නිවෙස්වලින් එළියට බැහැල ශබ්ද පූජාවක් පැවැත්වූවා. ආක්ෂය කුමාර් සහ රිකිත් රෝෂන් ජීවත් වෙන්නෙ එකම ෆැලට් එකක. තමන්ගෙ ෆැලැට් එකෙන් එළියට ආපු මේ දෙන්නත් ශබ්ද පූජාවට සහභාගි වෙමින් මහජනතාවටත් රජයටත් ආශීර්වාද කළා. පහුගිය දවස්වල ඔයාල මාධ්‍යවලින් දකින්න ඇති ඉන්දියාව ඇතුලෙ ඇදිරි නීතිය දාල තිබුණත් සාමාන්‍ය ජනතාව වීදි පුරා ඇවිදින ආකාරය. හැබැයි ඒ හැම කෙනෙක්ටම ආරක්‍ෂක අංශවලින් හොද කෑමකුකුත් හම්බවුනා. ඒ නිසාම ජනතාවගේ නොසැලකිලිමත්කම ගැන ආක්ෂය කුමාර් තමන්ගෙ ඉන්ස්ටර්ග‍්‍රෑම් පිටුවේ දෝශාරෝපනයක් ඉදිරිපත් කරල තිබුණා. ඔහු කීවෙ මෙන්න මේ වගේ කතාවක්. 

”මිනිස්සු හැසිරෙන්නේ කිසිදු වගකීමක් නැතිව. මේ වගේ ව්‍යසනයක් ඇතිවෙලා තියෙන මොහොතක ඔවුන් හැසිරෙන විදිහ හරිම ලැඡ්ජාසහගතයි. මම ඔවුන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා කරුණාකරලා නිවෙස්වල රැදී සිටිමින් රජයට සහයෝගය දක්වන ලෙසට.”

ආක්ෂය කතා කළේ කේන්තියෙන් වගේම කලකිරීමෙන්. ඒ වගේම ඔහු අගමැති නරේන්ද්‍ර මෝදිගේ අරමුදලට ඉන්දියානු රුපියල් කෝටි 25ක් ලබා දෙන්නත් අමතක කළේ නැහැ. 

”මේක තීරණාත්මක අවස්ථාවක්. රජයකට මේක තනිවම කරන්න බැහැ. අනික වගකිවයුතු පුරවැසියන් විදිහට අපි මේ වෙලාවේ ජනතාවට උපකාර කළ යුතුයි. මම රජයෙන් ඉල්ලනවා මේ මුදල ජනතාව වෙනුවෙන් භාවිත කරන ලෙසට.”

යනුවෙන් ට්විටර් පණිවුඩයකුත් නිකුත් කරලා තිබුණා. නරේන්ද්‍ර මෝදි අගමැති තුමාත් ඊට තමන්ගේ ප‍්‍රතිචාරය දැක්වූයේ ආක්ෂයට ස්තුති කරමින්. ආක්ෂය වගේම ආයුෂ්මාන් කුරානාත් COVID-19  ගැන තමන්ගේ අදහස් මාධ්‍යයට ඉදිරිපත් කරලා තිබුණා. 

”මේක අපි විහිළුවට අරගන්න  ඕනි කාරණයක් නෙවෙයි. අපි හැමෝම ආරක්‍ෂා වෙමින් අපේ ආදරනීයයන්වත් ආරක්‍ෂා කරගන්න  ඕනි. මම මගේ සියලූ රසිකයින්ගෙන් ඉල්ලනවා කරුණාකරලා මේ දවස් දුකේ ගෙදර ඉන්න. ඔබේ සහයෝගය රජයට ලබා දෙන්න කියලා.”

ලෝකය පුරා මේ වෛරසය ව්‍යාප්ත වෙනකොට රිතික් රෝෂන් 2020 සී සිනෙ අවෝර්ඞ් සදහා විශේෂ ඉදිරිපත් කිරීමකුත් කළා. නමුත් ඔහු එය සිදු කළේ කිසිම රිහසල් එකක් නැතිව. ඒ නිසා මාර්තු 28 වෙනිදා රූපවාහිනියෙන් එය නරඹා තමන්ගේ නර්තනය ගැන ඔවුන්ගේ අදහස් ලබා දෙන්න කියලත් ඉල්ලීමක් කරල තිබුණා. ඒ වගේම තරුණ හා වැඩිහිටි ප‍්‍රජාව නිවෙස් තුලට වී කාය වර්ධනය ගැන සැලකිලිමත් වෙන්න කියලත් ඔහු පවසා තිබුණා. ඔයාල හිතනවා ඇති බොලිවුඞ් තරු කිසිම දවසක තමන්ගේ ගෙවල්වල වැඩ කටයුතු කරන්නෙ නැතිව ඇති කියලා. නමුත් ඔන්න ඒ හැම දේම බොරු කරමින් සල්මන් ඛාන් සහ නැගී එන නිළි හීනා ඛාන් තමන්ගේ නිවස පිරිසිදු කරන ජායාරූප හා වීඩියෝපට මාධ්‍යයට නිකුත් කරලා තිබුණා. 


ඔවුන් කියල තිබුනේ නිතරම පිරිසිදුව ඉන්න කියලයි. ඔය අතරේ නව පරපුරේ ජනප‍්‍රිය තරු රසක්ම සෝෂල් මීඩියාවල අපූරු වැඩක් කරල තිබුණා. ඒ තමයි තමන්ගේ කුඩා අවධියේ ජායාරූපයක් පලකරමින් ඒ අභියෝගය භාරගන්නා ලෙස සහෝදර ශිල්පීන්ට අභියෝග කිරීම. ඒ අනුව වරුන් ධවාන්, ආලියා භාත්, ටයිගර් ෂොරොෆ්, නෝරා පටේහි, ජැකලීන් වගේ අය තමන්ගේ පුංචි කාලෙ ජායාරූප සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. මේ හැම දේකින්ම ඔවුන් පේක්‍ෂකයින්ට කීවෙ නිවෙස් වලට වෙලාම ඉන්න කියලයි. ඒ වගේම කරිෂ්මා කපූර් තමන්ගේ පැරණි චිත‍්‍රපට කිහිපයක ජායාරූප පලකරමින් පේ‍්‍රක්‍ෂකයින්ට පැවසූවේ නිවෙස් වලට වෙලා මේ දවස්වල තමන්ගේ චිත‍්‍රපටි බලන්න කියලයි. 

”ඇත්තටම මේ වෙලාවෙ අපි පරිස්සම් වෙන්න  ඕනි. අපි කරන එක වැරැද්දකින් ජීවිත දහස් ගණනක් නැතිවෙන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා මගේ රසිකයින්ට ඔයාල එදා ආදරය කරපු අපේ පැරණි චිත‍්‍රපටි ආයෙමත් නරඹන්න කියලා. එතකොට ඔයාලට ගෙදරට වෙලා ඉන්න කම්මැලි හිතෙන එකක් නැහැ.” 

මේ දවස්වල ඉන්දියානු රූපවාහිනියටත් ඒ තරම් හොද කාලයක්නම් නෙවෙයි උදාවෙලා තියෙන්නෙ. පේ‍්‍රක්‍ෂකයින් අතර ගොඩක් ජනප‍්‍රිය වුණු ටෙලි නාට්‍ය බොහෝමයක රූගත කිරීම් පවා නතර කරලා. මේ නිසා ටෙලිනාට්‍ය ක්‍ෂේත‍්‍රයේ අයත් ඉන්නෙ ලොකු අවුලක. බලාජී ටෙලි ෆිල්ම්ස් වැනි දැවැන්ත ආයතන මේ නිසා පාඩු ලබනවා ඇති කියල පහුගිය දවසක මාධ්‍යයේ පලවෙලා තිබුණා. නමුත් එක්තා කපූර් නම් කීවෙ තමන් ටෙලි නාට්‍ය විතරක් නෙවෙයි වෙබ් සීරීස් පවා කරන නිසා මේක ඒ තරම් ප‍්‍රශ්නයක් නෙවෙයි කියලයි. 

නව පරපුරේ දක්‍ෂ ජනප‍්‍රිය නළුවෙක් වන වරුන් ධවාන් අගමැති මෝදිගේ අරමුදලට රුපියල් ලක්‍ෂ 55ක් ප‍්‍රධානය කරල තියෙනවා. සමකාලීන මිතුරන් රැසක් ඔහුගේ මේ ක‍්‍රියාව අගය කරලා තියෙන ආකාරයත් අපිට දැකගන්න ලැබුණා. අමිතාබ් බච්චන් මේ වෙලාවෙ තමන්ගෙ සමාජ වගකීම හොදටම තේරුම් ගත්තු කෙනෙක්. වැරදි මත සමාජගතවීම වැලැක්වීම සදහා තමන් ෂෙයා කරල තියෙන පෝස්ට් ගොඩක් ඉවත් කරගෙනත් තිබුණා. ඒ වගේම අගමැති අරමුදලට තමන්ගේ මූල්‍යමය දායකත්වය ලබා දෙන්නත් ඔහු එකඟ වෙලා තිබෙනවා. 

පහුගිය කාලෙ ගොඩක් ආන්දෝලනාත්මක සිද්ධිවලට මුහුණ දීපු සල්මන් ඛාන් මේ වෙනුවෙන් වෙනස්ම වැඩක් කරන්න සූදානම් වෙනවා. ඒ තමයි අසරණ වෙලා ඉන්න සිනමා කර්මාන්තයට සම්බන්ධ සියලූ දෙනාගේ සුබසාධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සහනාධාර ලබා දීම. එයා පරිත්‍යාග කරන්නෙ කීයක්ද කියලනම් කාටවත්ම කියල තිබුනෙ නැහැ. ඔන්න ඔයවගේ දේවල්  තමයි COVID-19 වලට බොලිවුඞ් තරු කරන්න පටන් අරන් තියෙන්නෙ.  

සටහන :- අමිල නුවන් මධුසංඛ