හිටපු ජනපති
මරණ දණ්ඩනයට
මොහමඩ්මෝසි මහතා ඊජිප්තුවේ පස්වැනි
ජනාධිපතිවරයාය. ඊජිප්තු ඉතිහාසයේරටේ නායකත්වයට ප්‍රජාතන්ත්‍රවාදිව තේරී පත් වූ
පළමුවැන්නා වනඔහු 2012
ජූනි 30 සිට 2013 ජූලි 3 දක්වා රට පාලනය කළේය. 2013
ජූනි ඊජිප්තුවන්ගේ විරෝධයන් සහ 2013
ජූලි ඊජිප්තුකුමන්ත්රණයෙන් පසුව සේනාධිපති
අබ්දෙල් ෆටා අල් සිසි විසින්මෝසි මහතා පාලනයෙන් ඉවත් කරනු ලැබීය. අද මෝසි මහතා
මරණදණ්ඩනයට මුහුණ දී සිටින්නේය. 2011 ජනවාරි 8 මෝසි මහතා සහමුස්ලිම් බ්‍රදර්හුඩ් සංවිධානයේ
තවත් නායකයන් 24
දෙනෙකුසිරභාරයට ගැණුනු අතර ඉන් දින දෙකකට පසු ඔවුන් සිරගෙය කඩාගෙනඑළියට යාම
සිදුවිය. වසර 4 කට
පසුව මෝසි මහතා සිරගෙය කඩාගෙන යාමසම්බන්ධයෙන් නඩු විභාගයට මුහුණ දුන්නේය. ඔහු
ඇතුළු තවත් 105 දෙනෙකු
2015 මැයි 16 දින මරණ දණ්ඩනයට නියම විය. අධිකරණයෙඅවසන්
තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ජූනි 2 නියමව තිබුණත් එදිනනැවතත් අවසන් තීන්දුව ප්‍රකාශයට
පත් කිරීම ජූනි 16
තෙක් කල්තැබුණි.
මෝසි මහතා 2012 දි විරෝධතාකරුවන් රඳවා තබාගැනීම සහ වධ දීමටනියෝග
කිරීම යන වැරදි වෙනුවෙන්ද වසර 20 ක
සිරදඬුවමකට යටත්වසිටින්නේය. මෝසි මහතාගේ මාස 12 ක පාලන කාලය බොහෝ ඊජිප්තුවන්දකිනුයේ ආර්ථික සහ
සමාජමය ප්‍රශ්න නිරාකරණයට වඩා දේශපාලනහසුරුවීම පිහිටුවීමට යෙදවූ කාලයක් ලෙසටය.
ජනාධිපති ලෙස මෝසිමහතාට අසීමිත බලයක් පිරිනමාගෙන තිබුණි. අධිකරණ පාලනයකින් තොරවහෝ
ඔහුගේ ක්‍රියාවල ගුණදොස් විවේචනයක් නැතිව නීති පැනවීමේහැකියාවක් ඔහුට විය. ඔහු
දක්වා තිබුණේ ඒ මගින් කලින් පැවති 30 වසරක මුබාරක් යුගයේ බල රාමුවෙන් රට බේරා ගන්නා
බවටය.නොවැම්බර් මාසයේ අවසන් කාලයේ මෝසි මහතා ඉස්ලාමීයයන්ගෙන් අනුබලලබන ව්‍යවස්ථාවලියක්
කෙටුම්පත් කර ජනමත විමසුමක් කැඳවූවේය.එම ක්‍රියාව ඔහුගේ විරුද්ධවාදින් විසින්
හඳුන්වා දුන්නේඉස්ලාමීය කුමන්ත්‍රණයක් ලෙසටය. මෙම කාරණා මෙන්ම ජනමාධ්‍යකරුවන්ගේ
චෝදනා සහ අවිහිංසාවාදි පෙළපාලිකරුවන්ට කළ පහරදීම්පිළිබඳ පැමිණිලි සමඟින් 2012 නොවැම්බර් මස සියදහස් ගණන්ඊජිප්තුවෙන් වීදි
බසින්නට විය. මෝසි මහතාගේ පාලනයට වසරක්පිරුණ 2013 ජූනි 30 දින ඔහුගේ විරුද්ධවාදීන් විසින්පෙළපාලියක්
සංවිධානය කෙරුණි. එයට ඊජිප්තුව පුරා මිලියන ගණනින්පෙළපාලිකරුවන් එකතු වූ අතර ඔවුන්
ජනාධිපතිතුමාට ඉල්ලා අස්වනලෙස බලකර සිටින්නට විය. දින 3 කට පසුව එවකට හමුදා ප්රධානියාවසිටි සහ වත්මන්
ජනාධිපතිවරයා වන අබ්දෙල් ෆටා අල් සිසි රටේපාලනය අතට ගත්තේය.
මෝසි මහතා සහ ඔහුගේ ඉහළ උපදේශකයන්ට විරුද්ධව නඩු
විභාග කිරීමඇරැඹෙන තුරු මාස කීපයක්ම ඔවුන්ව හුදකලා සිර අඩස්සියේ තබාතිබුණි. මෝසි
මහතා ජනාධිපතිව සිටින විට 2012 දෙසැම්බර්ජනාධිපති
මන්දිරය ඉදිරියේ රැස්ව සිටි පෙළපාලිකරුවන් විසිරුවාහරින ලෙස පොලිසියට විධාන දී
තිබුණි. නමුත් ඔවුන් එයප්රතික්ෂේප කිරීම නිසා මෝසි මහතා කර තිබුණේ ඔහු සාමාජිකත්වයදරන මුස්ලිම් බ්‍රදර්හුඩ්
සංවිධානයේ ආධාරකරුවන් ඒ සඳහායෙදවීමය. එහිදී ඇති වූ ගැටුමේදි 11 දෙනෙකු මරණයට පත්ව තිබුණි.විරෝධතාකරුවන්
රඳවාගැනීමට සහ වද දීමට අණ දීමේ වරදට මෝසි මහතාඇතුළු බොහොමයක් විත්තිකරවන්ට බරපතළ
වැඩ ඇතිව වසර 20
කසිරදඬුවම් නියම විය.
ප්‍රජාතන්ත්‍රවාදිව තේරීපත් වූ හිටපු ජනාධිපතිතුමා
අධිකරණබලධාරීන් සමඟ එකඟ වන්නේ නැත. තමා හමුදා කුමන්ත්රණයක ගොදුරක්වී ඇති බවට
පළමු නඩු විභාගය ආරම්භයේදී ඔහු විත්ති කූඩුවේ සිටකෑගසා කීවේය. රටේ ව්‍යවස්ථාවට
අනූව ජනරජයේ ජනාධිපති තමා බවත්තමාව බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවත් මෝසි මහතා
තරයේ කියාසිටියේය. එතැන් පටන් ඔහුට සිදුවූයේ අධිකරණ කාමරවල ඇති හඬවළක්වන වීදුරු
කොටුවක වාඩි ගැනීමටය. මෝසි මහතාට විරුද්ධවචෝදනා ඉදිරිපත් කෙරෙන අතරවාරයේ මුස්ලිම්
බ්රදර්හුඩ්සංවිධානයද බිඳහෙළීමට කටයුතු සිදුවිය. එම සංවිධානය අතුගා දැමීමටසිසි
ජනාධිපතිතුමා පොරොන්දු දී ඇත. නඩු විභාගවල දේශපාලනිකපොළඹවීමක් තිබුණ බවත් කුමන්ත්‍රණයට
නීතිමය ආවරණයක් දීමටකටයුතු කළ බවත් මෝසි මහතාගේ ආධාරකරුවන් පවසා තිබුණි.
නිදහසටකරුණු කිරීමට සූදානම් වීමට මෝසි මහතාට ඇති අයිතිය යටින් බිඳදමා ඇති බව
මිනිස් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පවසා තිබුණි.මේ වන විටත් ඉහළ මුස්ලිම් බ්‍රදර්හුඩ්
සාමාජිකයින්කීපදෙනෙකුටම මරණ දඬුවම නියම වී ඇතත් තවමත් එය ක්රියාවේනොයෙදුණි.
සියළුම මරණ දණ්ඩන නියම ක්‍රියාත්මක කිරීමට පෙරඊජිප්තුවේ ඉහළම ආගමික අධිකාරි වෙත
යෑවිය යුතු වේ. වරදකරුකිරීමට එතුමාගේ අනුමැතිය ලැබුණත් එයට අභියාචනා කිරීමේ
හැකියාවදපවතී. මෝසි මහතා සම්බන්ධයෙන් ඇති මරණ දණ්ඩනයද ක්රියාත්මකනොවණු ඇතැයි ප්‍රවීණයන්
විශ්වාස කරයි.
සටහන :- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment