රිතූ ආකර්ෂ කියන්නෙ මගේ හොද යෙහෙළියක් විතරයි...
කාවිංග පෙරේරා
ලංකාවෙ පේ්රක්ෂකයන්ගෙ හිත්වල හරි ආදරණීය විදිහට ලැගුම් අරගෙන ඉන්න නළුවෙක් තමයි කාවිංග පෙරේරා කියන්නෙ. එයා ඉන්න තැනක මදි නොකියන්න හිනාවෙන්න පුළුවන් කියල කවුරුත් දන්නව. ඒ වගේ දගකාර සැහැල්ලූ ජිවිතයක් ගතකලත් කාවිංග පෙරේරා ගොඩක් සංවේදී හදවතක් තියන කොල්ලෙක් කියල දන්නෙ එයා වටේ ඉන්න බොහොම ටිකදෙනෙක් විතරයි. මේ දවස් වල විකාශය වන උතුම් පැතුම්, අඟුරු සිත්තම්, දියණියෝ, කුටු කුටු මාමා වගේම වස්සානේ පේ‍්‍රමය කියන ටෙලිනාට්‍ය වල එකිනෙකට වෙනස් චරිත නිරූපනය කරන කාවිංග කියන්නෙ සැබෑම දක්ෂයෙක්. කොයි තරම් කාර්යබහුල මොහොතක වුනත් අපිත් එක්ක කතා කරන්න වෙලාවක් වෙන්කරගන්නත් කාවිංග අමතක කළේ නැහැ.
ඉතිං කාවිංග මොනවද මේ දවස්වල අලූත් තොරතුරු...?
ගොඩක් ලොකු විශේෂයක්නම් නැහැ ඉතින්. සුපුරුදු පරිදි ටෙලිනාට්‍ය රූගත කිරීම් වලට සහභාගි වෙනව. මේ දවස්වල මම රඟපාන ටෙලිනාට්‍ය පහක් විකාශනය වෙනව. ඉතින් ටිකක් විතර කාර්ය බහුලයි. ඒ වුනත් සාමාන්‍ය ජිවිතේ සුපුරුදු සැහැල්ලූවෙන් ඉන්නත් මම අමතක කරන්නෙ නෑ.
උතුම් පැතුම් වල කැලූම්ට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද...?
ම්...ම්... ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙනව. මග තොටේදි වුනත් මිනිස්සු මගෙන් ඒ ගැන අහනව. හොද වගේම නරකත් කියනව. මෙවර සුමති මෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලිනාට්‍යය වුනෙත් උතුම් පැතුම් ටෙලි නාට්‍යය. මමත් හිතනව උතුම් පැතුම් ජනතාව අතර ගොඩක් ජනප්‍රියයි කියල.
ජනප්‍රියම නළුවා වෙන්න බැරි වුන එක ගැන කණගාටුවෙන්ද ඉන්නෙ...?
අනේ නැහැ. කොහෙත්ම නැහැ. මම කවදාවත් සම්මාන බලාපොරොත්තුවෙන් රඟපෑවෙ නෑ. සම්මාන ලැබෙන්නත් පුලූවන්. නොලැබෙන්නත් පුලූවන්. ඒක සාමාන්‍ය දෙයක්. පාරට බැස්සහම බලාගන්න පුලූවන් කවුද ජනප්‍රියම කියල. මට ඒ ගැන දුකක් නැහැ. පේ්රක්ෂකයන්ගෙ සම්මානය ගොඩක් වටිනව. සම්මානයකට පොරකනවට වඩා ලැබෙන චරිතය හොදට කරන එක තමයි හොදම දේ. අනිත් එක සම්මාන ගත්තු හැම කෙනෙක්ටම මම හදවතින්ම සුභපතනව.
සිවමාව තුළ ඇයි කාවිංග පේන්න නැත්තෙ...?
මෙහෙමයි මට තවමත් ඒකට හොද අවස්ථාවක් ලැබුනෙ නැහැ. මම හිතන්නෙ සිනමා අධ්‍යක්ෂකවරුන්ට තවම මගේ නම්බර් එක ගිහින් නැතිව ඇති. හොද අවස්ථාවක් ලැබෙනකන් මමත් බලාගෙනයි ඉන්නෙ. එතකන් ටෙලිනාට්‍ය වල වැඩකටයුතු කරගෙන ඉන්නව.
නළුවෙක් විතරක් නෙවෙයි ඔබ නිවේදකයෙක්...
ඔව් මගේ ආරම්භය වුනේ නිවේදන වෘත්තිය. මැක්ස් ටෙලිවිෂන් ආයතනයෙන් තමයි මම නිවේදනයට පිවිසුනේ. ජනක රාමනායක, චමුදිත සමරවික්‍රම වගේම සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය, රවීන්ද්‍ර විජේරත්න, තරංග දිසානායක කියන අයත් එක්ක වැඩමුළු වලට සහභාගි වෙලා ඒ ලබාගත්තු අත්දැකීම් එක්ක තමයි නිවේදනය සහ රංගනය ඔපමට්ටම් කරගත්තෙ. හිරු කවුන්ඞ් ඩවුන් වගේම තරු නිවාඩු ගිහින් කියන වැඩසටහන් මේ දවස්වල මම ඉදිරිපත් කරනව.
ඔබේ රඟපෑම් ගැන ඔබ තෘප්තිමත් ද...?
ඔව්. මම ඒ ගැන තෘප්තිමත්. සමහර වෙලාවට හිතෙනව සමහර චරිත ඊට වඩා කරන්න තිබුන නේද කියල. කොහොම නමුත් මම 75% ක් 80% ක් අනිවාර්යෙන්ම කරන චරිතයට සාධාරණයක් කරනව. මෙතුවක්කල් මම කරපු චරිත ගැන මම සෑහීමකට පත්වෙනව. මට ලැබුනෙ එකකට එකක් වෙනස් චරිත. ඒකාකාරී බවින් මිදෙන්න ලැබුණු එක ගැන සතුටුයි මට.
ආදරය කියන කාරණය කාවිංගට දැනෙන්නෙ කොහොමද...?
ම්... හොදට ඇනලයිස් කරල කරනවනම් ආදරේ කියන්නෙ නරක දෙයක් නෙවෙයි. ඒත් හොදට හිතල බලල කරන්න ඕනි දෙයක් තමයි ආදාරේ.
රිතූ ආකර්ෂා එක්ක සම්බන්ධයක් තියෙනවයි කියන කටකතාව ඇත්තක්ද...?
හ...හා... එහෙම කටකතාවක් තියනවද..? මමනම් ඒ ගැන දන්නෙවත් නෑ. රිතූ කියන්නෙ මගේ හොද යෙහෙළියක්. එයා මට සහෝදරියක් වගෙයි. රිතූ විතරක් නෙවෙයි. ඉෂාරා, දිනක්ෂි, ශනුද්‍රි වගේම නිපුනිකා කියන්නෙත් මගේ හොදම යෙහෙළියො. අපි නිතරම එකට වැඩ කරනව. එච්චරයි. රිතූ එක්ක මගේ විශේෂ සම්බන්ධයක් නෑ.
කවද විතරද විවාහයක් ගැන හිතන්නෙ...?
දැන්මනම් ඒ ගැන හිතන්න අදහසක් නෑ. ඊට කලින් කරන්න වැඩ ගොඩක් තියෙනව. එක ගැන ඒ කාලෙට දැනගන්න ලැබෙයි.
මොනවද ඉදිරියට එන්න තියෙන නිර්මාණ...?
දැනට රූගත කරන නිර්මාණ හැම එකක්ම වගේ විකාශනය වෙනව. තව මහේන්ද්‍ර කුලසිංහ මහත්තයගෙ අලූත් නිර්මාණයකට ආරාධනා ලැබිලයි තියෙන්නෙ. ඒකෙ රූගත කිරීම් ලබන මාසෙ මුල වගේ පටන් ගනීවි.
මොකක්ද මේ ෆේස් බුක් අවුල..?
ඒකනම් කියන්නම ඕනි. මට ඇත්තටම පෞද්ගලික ෆේස්බුක් පිටුවක් නැහැ. නමුත් මගේ නමින් වෙනත් අය පවත්වාගෙන යන ව්‍යාජ ගිණුම් ගොඩක් තියෙනව. ඒක නිසා ගොඩක් අයගෙ ඉල්ලීමත් සළකල බලල මම මගේ නමින් ඔෆීෂියල් ෆෑන් පේජ් එකක් නිර්මාණය කළා මීට සතියකට විතර කලින්. කාවිංග පෙරේරා කේ පී කියල සර්ච් කලොත් මගේ ඔෆීෂියල් ෆෑන් පේජ් එකට සම්බන්ධ වෙන්න පුලූවන්.
පහුගිය ජිවිතේ ගැන කලකිරීමක් නැතිද...?
නැහැ. මම කිසිම දෙයක් ගැන පසුතැවිලි වෙන්නෙ නැහැ. සිද්ධ වෙච්චි හැම දෙයක්ම අනාගතේට හොද අඩිතාලමක් නිර්මාණය කලා.
කාවිංගට මොනවද පේ්රක්ෂකයන් වෙනුවෙන් කියන්න තියෙන්නෙ...?
පේ්රක්ෂකයන්ට කියන්නෙ හැමදාමත් අපිත් එක්ක ඉන්න කියල. මම එයාලට ගොඩක් ආදරෙයි. පේ්රක්ෂකයන්ගෙ ආදරේ රංගන ශිල්පියෙක්ට ගොඩක් වැදගත්. කාවිංග කියන්නෙ ඔයාල වගේ සාමාන්‍ය කෙනෙක්. නළුවෙක් විදිහට එයා අයිති ඔයාලටම තමයි.
සංවාද සටහන :- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment