ජ්‍යොතීර් විද්‍යාව අර්ථ දැක්වීම
මේ මහපොළාව ද හිරු වටා ගමන් කරන ග්‍රහලෝක අතුරින් එකෙකි. මේ සියළු ග්රහලෝකයෝ ද එකිනෙකා කෙරෙහි වූ ආකර්ශන ශක්තියෙන් බැඳුනෝ වෙති. සමහර ග්‍රහයන් වටා යන උප ග්‍රහයෝ ද වෙති. චන්ද්‍රයා පොළොව වටා යන උප ග්‍රහයෙකි. සූර්යයා මේ සියළු ග්රහලෝකයනට අධිපති ලෙසින් හදුන්වනු ලබයි. ග්‍රහයන්ගේ ගමනේදී ඔවුන් පොළවෙන් ඈත්වෙවී යන ප්‍රමාණය ද පොළවට ලංවෙවී එන ප්‍රමාණය ද අනුව පොළවට ඔවුන්ගෙන් වන බලපෑම වෙනස් වෙයි. දරුවකු මව් කුසින් බිහි වීමත් සමගම ඔහුගේ ශරීරය පවතින පරිසරයේ ග්‍රහ බලපෑමට අසුවෙයි. මෙය පදනම් කොට ගෙන එම ශරීරය පවතින තෙක්ම එයට ග්‍රහයන්ගේ බලපෑම ලැබේ.
ජ්‍යොතීර් විද්‍යාව යනු, තාරකා විද්‍යාවත්, භූගෝල විද්‍යාවත් පදනම් කර ගෙන ගණිත විද්‍යාවෙන් සකස්කරගෙන ඇති අතුරු විද්‍යාවකි. ජ්‍යොතීර් යනු, ආලෝකය හා බැබළීමයි. ග්‍රහලෝක හා තාරකාවන්ගේ බැබළීම පදනම් කරගෙන කරුණු ප්‍රකාශ කරන ක්‍රමයක් නිසා මෙයට ජ්‍යොතීර් ශාස්ත්‍රය යැයි කියනු ලැබේ. මෙය ප්‍රායෝගික විද්‍යාවක් නොවේ. ප්‍රායෝගික විද්‍යාවේදී හේතුව හා ප්‍රතිඵලය යන දෙකම එකිනෙකට ඔප්පු කළ හැකිය. එහෙත් ජ්‍යොතීර් ශාස්ත්රයේදී ප්‍රතිඵලය ගැන කියනවා විනා හේතුවක් පෙන්නුම් නොකරයි. එහි නිතරම සැඟවුන යමක් ඇත. එනිසා එය ගුප්ත විද්‍යාව ලෙස ද හදුන්වයි. ජ්‍යෝතිෂය මුල්කරගෙන වසර දහස් ගණනක් අනාගතයේදී සිදුවන සිදුවීම් විස්තර කළ හැකිය. මෙය හැරුණු විට අනාගතයේ සිදුවන සිදුවීම් ප්‍රකාශ කිරීමට ලොව කිසිදු විද්‍යාවක් නැත. එමගින් ආගතයේදී විය හැකි උවදුරු වලින් මිදීමට ද අනාගත දියුණුවට ද මග පාදා ගත හැකිය. මෙය මහත් ඵලදායී එකක් බැවින් ඈත අතීතයේ සිටම උගතුන් විසින් භාවිතයට ගෙන තිබේ.
මෙතරම් අගනා ශාස්ත්‍රය පිරිහී යාමට හේතු වී ඇත්තේ ඇතමුන් මෙහි මූලිකාංග පවා නොදැන පහසුවෙන් මුදල් උපයාගතහැකි ක්‍රමයක් ලෙස යොදා ගැනීම නිසාවෙනි. සමාජයේ ගැරහීමට හේතු වී ඇත්තේ ද මෙලෙස සිදු කරන බොරු අනාවැකි පල කිරීම්ය. ප්‍රකාශ කරන අනාවැකියක් වරදින්නේ ශාස්ත්රයේ ඇති දුර්වලකම නිසා නොව ප්‍රකාශ කරණු ලබන පුද්ගලයාට ඒ පිළිබඳව පවතින දැනුම මදිකම නිසාය. මේ අනුව පෙනී යන්නේ ජ්‍යොතීර් ශාස්ත්‍රය යනු, ගින්දර මෙන් ප්‍රවේශමෙන් පරිහරනය කොට විපුල ප්‍රයෝජන ලබාගත හැකි විද්‍යාවක් වන බවයි. මෙය ඉතා සංකීර්ණය, පුළුල්ය. මෙය පරතෙරටම ඉගෙනගත්තෙක් මේ මිහිපිට නොමැත. යමෙක් මේ ශාස්ත්‍රය ප්‍රගුණ කරන්නේ යම්සේද ඒ ප්‍රමාණයටම තම ජිවිතය සාර්ථක කර ගැනීමට යොදාගත හැකිය. දහසක් බාධාවන් මැද අප ගෙවන මේ ජිවිතයේ නොයෙක් ප්‍රශ්න විසදා ගැන’මට ද මෙම ශාස්ත්‍රය උපයෝගී කරගත හැකිය. යමෙකුට කර්මානුරූපීව සිදුවන දෑ කල්තියා දැනගත හැකි එකම මාධ්‍යය මෙයයි.
මෙරට වැඩි දෙනා උනන්දුවක් දක්වන්නේ කේංද්රයක් බලා පලාඵල කීමට හෝ දැනගැනීමටයි. ජ්‍යොතීර් ශාස්ත්‍රය දැනගෙන කටයුතු කරන්නා මඟතොට තොරතුරු දැන තම ජිවන ගමන යන්නෙකි. මෙමගින් මිනිසාට බොහෝ ප්‍රයෝජන ලබාගත හැකි නිසාම මානව වර්ගයා කෙරෙහි අපමන දයාවෙන් කටයුතු කිරීමට හැකියාවක් ලැබෙයි. ජ්‍යොතීර් විද්‍යාව ගොඩනැගී ඇත්තේ තංත්ර, හෝරා, සංහිතා යන අංගත්රය පදනම්කොට ගෙන්ය. විශ්වයේ සහ එහි ජිවීන්ගේ පැවැත්මෙහි සමතුළිතතාවය ක්‍රමවත්ව ගෙනයෑම සඳහා ග්‍රහ තාරකා ආදී අභ්‍යාවකාශ වස්තූන්ගේ චලනය මෙන්ම ඒවායින් නිකුත් කරන කිරණ ආදිය ද හේතුවන්නේය. සමතුලිතතාවය පැවැත්ම සඳහා සිදුවන ග්‍රහ තාරකා චලන මඟින් මිනිසා කෙරෙහි ඇතිවන බලපෑම ජ්‍යොතීර් විද්‍යාවට අනුව වටහාගත හැකිය. වර්තමාන ලෝකය දෙස බලන විට පෙනී යන්නේ මිනිසා වැඩි වශයෙන් ජ්‍යොතීර් ශාස්ත්‍රය කෙරෙහි යොමු වී ඇති බවයි. කෙසේ නමුත් බොහෝ දෙනා මෙම ශාස්ත්‍රය භාවිත කරන්නේ ලාභ ප්‍රයෝජන අරමුණු කරගෙනය. නමුත් සිදුවිය යුත්තේ මෙම අගනා විද්‍යාව නිවැරදි ලෙස භාවිත කරමින් මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් යොදා ගැනීමයි. එය අනාගත ලෝකය වාසනාවන්ත කරනු ඇත.

අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment