දොරකඩ අස්න

Wednesday, July 1, 2015

අසභ්‍ය වෙබ් අඩවි වාරණය කළ යුත්තේ ඇයි ?

අසභ්‍ය වෙබ් අඩවි වාරණය කළ යුත්තේ ඇයි ?

කාලයක් පුරාවට බටහිර රාජ්‍යයන්ගේ යටත් විජිතයක්ව පැවතියත් ශ්‍රී ලංකාව යනු තවමත් සංස්කෘතික සීමාවන්ගෙන් ආරක්‍ෂා වී තිබෙන රටක් ලෙස හදුන්වා දීමට පුළුවන. නවීන තාක්‍ෂණය බටහිර රට වල කෙතරම් දියුණු වුවද ආසියා කලාපයට එය පැමිනෙන්නේ ප‍්‍රමාදවීය. මෙම තාක්‍ෂණික කාරණා යහපත් ක‍්‍රියාවන්ට මෙන්ම අයහපත් ක‍්‍රියාවන්ටද මිනිසුන් භාවිත කරන ආකරය වර්තමානයේ දැකගත හැකිය. පරිගණකය හා අන්තර්ජාලය යනු එලෙස මානව ජිවිතයට සමීප වූ නව තාක්‍ෂණික උපාංගයන් හා කාරණා  ලෙස පෙන්වා දිය හැකිය. මනුෂ්‍ය ජිවිතයට මේවා කෙතරම් සමීප වී තිබේද යත් විශ්ව ගම්මානයක්ව පැවති එය අද විශ්ව පවුලක් බවට පත්ව තිබීමෙන් ඒ බව මොනාවට පැහැදිළි වෙයි. 

අන්තර්ජාලය ඔස්සේ විහිදී යන වෛරසයක් ලෙස අසභ්‍ය වෙබී අඩවි හදුන්වා දිය හැකිය. මේවා නිර්මාණය කළේ බටහිර රටවල් විසිනි. කෙසේ නමුත් අන්තර්ජාලය විශ්ව වි්‍යාප්තව පවතින නිසා පසු කලෙක අනෙකුත් රටවල් වලට ද මෙම අසභ්‍ය වෙබ් අඩවි ඉතා සීග‍්‍රයෙන් පැතිර යන්නට විය. මෙහි බරපතලම කාරණය නම් ආසියාතික රටවල් කරාද මෙම අසභ්‍ය වෙබ් අඩවි ව්‍යාප්ත වීමයි. මේවා සමාජයෙන් තුරන් කිරීම අපහසු කාරණයකි. මන්ද යත් එක් පසකින් මෙම වෙබ් අඩවි තහනම් කරන විට අනෙක් පසින් වෙනත් නමකින් මෙම වෙබ් අඩවි නැවත ඇති කිරීමයි. මෙය විශාල සමාජ අභියෝගයකි. 
  • ස්ත‍්‍රී දුෂණ
  • සමාජ අපරාධ
  • ළමා අපචාර ක‍්‍රියා
  • සමලිංගික සම්බන්ධතා
  • ගණිකා වෘත්තිය
  • මානසික ආතතිය
  • දුරාචාර ක‍්‍රියා

ආදී බොහෝමයක් අකටයුතුකම් සමාජය තුල සිදුවන්නේ මෙම අසභ්‍ය වෙබ් අඩවි නැරඹීමෙන් ඇතිවන බලපෑමෙන් බව මෑතකදී කරන ලද සමීක්‍ෂණ වාර්ථා පෙන්වා දෙයි. මෙම අසභ්‍ය වෙබ් අඩවි වාරණය කළ යුත්තේ මෙවැනි ක‍්‍රියා නවත්වා ගැනීමටයි. සමාජය දිනෙන් දිනම පරිහානියට පත්වෙමින් සිටියි. සමාජය මෙම උවදුරෙන් ගලවා ගැනීමට නම් කළ යුත්තේ අසභ්‍ය වෙබ් අඩවි තහනම් කර දැමීමයි. ඒ සඳහා,

  • නව නීති පද්ධතියක් ඇති කිරීම
  • අසභ්‍ය වෙබ් අඩවි සඳහා වන පිවිසුම් අත්හිටුවීම
  • වරදකරුවන්ට දැඩි දඩුවම් ලබා දීම
  • මේ පිළිබඳව සමාජය දැනුම්වත් කිරීම

වැනි ක‍්‍රියාමාර්ග ඔස්සේ යම් ප‍්‍රමාණයකින් හෝ මෙම අසභ්‍ය වෙබ් අඩවි නම් වූ රුදුරු බලවේගයෙන් රට බේරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එනිසා කඩිනමින් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට වගකිවයුතු පිරිස් වල අවධානය යොමු කල යුතුව තිබේ.

අමිල නුවන් මධුසංඛ

No comments: