දොරකඩ අස්න

Wednesday, July 22, 2015

සන්නාලිපුර විකිනෙන කඳුළු

සන්නාලිපුර විකිනෙන කඳුළු

දුර ඈත කදු අස්සෙ ඉදල සීතල සුළං රැලිති බිත්ති කවුළු අතරින් ඇවිත් සාගරීගෙ නින්දට බාධා කෙරුවත් එයා ඒ කිසිම දෙයක් ගනන් ගන්නෙ නැතිව තව ටිකක් පොරෝණය ඇතුලට ගුලි වුනා. හැමදාම උදේ පාන්දරින් කෑගහන බට්ට ඔරලෝසුවේ සද්දෙ නොනවත්වාම ඇහුනත් සාගරීට ඇදෙන් නැගිටින්නනම් හිත දුන්නෙම නෑ. ඒ වුනත් මොනව කරනන ද...? එක දවසක් වැඩට නොගියොත් හරිහමන් පඩියක් අතට ගන්න බැරිවෙන බව මතක්වෙච්චි සාගරී දඩි බිඩි ගාල ඇදෙන් පැන්නෙ ඉක්මනින් ලෑස්තිවෙන්න හිතාගෙන. 
මේ එක චරිතයක් විතරයි. සන්නාලිපුර දහදිය සුවද පතුරුවමින් මැෂින් එක්ක පොර බදින තවත් එක චරිතයක් විතරයි. සාගරී කියන්නෙ දුප්පත්කමේ ඇතුල් කොනක ඉඳන් ඉකිබිඳින අහිංසක කෙල්ලෙක්. තමන්ගෙම එවුන්ගෙ අසරණකම් නැතිකරල දාන්න හිතාගෙන කාෂ්ටක පොළවකට පයගහපු සාගරී ඇත්තටම හිත හයිය කෙල්ලෙක්. ඒත් මේ ජිවිතේ එයා හිතපු තරම් ලේසි වුනේ නැහැ. කලාපෙ වැඩ කරන අපේ ලේලන්ගෙ ජිවිත මෙන්න මේ වගේ තමයි. බඩට නොකා ඇස් දෙකට නින්දක් නැතිව හරිහමන් ඇඳුමක් පැළදුමක් නැතිව මේ ගෙවන ජිවිතේ එකම දුක් ගොඩක්. ඒත් කිසිම කෙනෙක් මේක තේරුම් අරන් නැහැ. තමන් ගන්න පඩියෙන් හතරෙන් එකක්වත් එයාලට තමන් වෙනුවෙන් ඉතුරුම් පොතකට දාගන්න ලැබෙන්නෙ නැහැ. තාත්තගෙ බෙහෙත් වලටයි, මල්ලිලගෙ නංගිලගෙ පන්ති වලටයි බෝඩිමේ ඇන්ටිගෙ ලෑලි කාමර කුලියටයි සල්ලි වෙන් කරාම ඇත්තටම පාර අයිනෙ තියන කෑලි මූටිටු කරපු ගවුමක් ගන්නවත්, පුංචි සැලොන් එකකට ගිහින් හීනියට මේක්අප් එකක් දාගන්නවත් සාගරී ලග සතයක්වත් ඉතිරි වෙන්නෙ නෑ.

සාගරී වගේ ගොඩ දෙනෙක් මේ සන්නාලිපුර ලෑලි කාමර අස්සෙ දුක් විඳිනව. ඒත් ඒ දුක සීතල කාමර වල සැප මෙට්ටවල නිදියන කාටවත්ම ඇහෙන්නෙවත් තේරෙන්නෙවත් නැහැ. සාගරී වගේම අසරණ හඳවතකට විතරයි මේ පපු කුහර අස්සෙ කැකෑරෙන දුක වේදනාව යන්තමට හරි තේරෙන්නෙ. පරිප්පු හොදියි පානුයි, කරෝල හොදියි බතුයි කාල වේල පිරිමහගන්න සාගරී වගේ තුන්වෙනි පන්තියෙ කෙල්ලො මාසයක් තිස්සෙ නැහිල නැහිල අතට ගන්න සොච්චම් පඩිය ප‍්‍රශ්න වලටම දියවෙලා යනකොට පුංචි මනමාලියක් වෙලා ආදරනීය හීන කුමාරයෙකුගෙ තුරුලට යන්න දකින හීන බොඳවෙලා විසිරිලා යන්නෙ කාටත් නොදැනීමයි. හිත කොනක පුංචි වේදනාවක් නැතුවමත් නෙවොයි. හැගීම් දැනීම් තියන කෙල්ලෙකුට ඒ වගේ පුංචි හීනයක්වත් නෑ කියල කිව්වොත් ඇත්තටම ඒක ලොකු විහිලූවක්. ඒත් ඒ හැම හීනයක්ම හිත ඇතුලෙ ගුලිකරගෙන සාගරීල දුක් විඳින්නෙ කා වෙනුවෙන් ද ? ඇත්තටම ඒක ලොකු ප‍්‍රශ්නයක්.

අතේ මිටේ සල්ලි හිඟවෙනකොට ගෙදරට යවන්න පිච්චියක් අතේ නැතිවෙන කොට අකමැත්තෙන් වුනත් සල්ලිකාර මුදලාලිලගෙ ගඳ ගහන යටි පතුල් පාමුල සාගරීලගෙ හිරිමල් හීන ඉහිරිලා යනව. ජිවිතේ බලාපොරොත්තු තමන්ටත් නොදැනි බොර වතුරට ගහගෙන යනකොට තමන් වෙනුවෙන්වත් හෙලන්න කදුළක් සාගරීලගෙ ඇස් කොනකවත් ඉතිරිවෙලා නැතිව තියෙන්න පුළුවන්. තමන්ගෙ ආත්මයට තමන්ගෙ ශරීරයට ඒක මොන තරම් ලොකු වේදනාවක් වුනත්, තමන් ආදරය කරන මිනිස්සු වෙනුවෙන් ඒ දේවල් විඳදරාගන්න සාගරීලගෙ හඳවත් ශක්තිමත්. ඒ වුනත් වටේ පිටේ ඉන්න සුද්දවන්ත නෝනල සාගරීල වෙනුවෙන් අකුරු දෙකේ චරිත සහතිකයක් ලියන්නෙ එයාලටත් හොරෙන්.  ඕක තමයි ඇත්ත. අපි අහන්න අකමැති වුනත් පිළිගන්නම වෙනව. මේ ලෑලි කාමර අස්සෙ සාගරීලගෙ දුක අහන්න කවුරුත්ම නෑ. තමන්ගෙම පන්තියෙ එකෙක් ඇරෙන්න. හෙම්බිරිස්සාවකට කොත්තමල්ලි ඇටයක්වත් තම්බල දෙන්න අම්ම වගේ ලගින් ඉන්නෙ එකට වැටිල නිදාගන්න තවත් සාගරී කෙනෙක් විතරයි. මේකද තරුණ කෙල්ලෙකුගෙ ජිවිතේ...
ජිවිතේ අපි හැමෝම කැමතියි හීන දකින්න. පාට පාට දේදුන්නක නැගල ඒ හීන අතරින් පියාඹල යන්න. ඒත් දුප්පත්කම කියන බැම්ම ඒ හැම හීනයක්ම බොඳ කරල දානවනම්, සාගරීල කොහොමද වැඩි දුරක් පියාඹන්නෙ. අනේ මන්ද...අපේ ඇස් වලට පේන නොපෙනෙන දුරින් සාගරීල ගොඩක් එහෙ මෙහෙ සැරිසරනව. සමහරවිට අද දවසට විතරක් අපි නොදැනුවත්ව ඒ වගේ චරිත දෙක තුනක්වත් හමුවෙන්න ඇති.  ඒ වුනත් එයාලගෙ දුක කිසිම කෙනෙකුට පේන්නෙ නැහැ. අපිට ඒක දැනෙන්නෙත් නැහැ.  ඒත් එයාල බලා ඉන්නව. අද විතරක් නෙවෙයි. හැමදාමත්. සන්නාලිපුර කදුළු වලට වටිනාකමක් ලැබෙනකන්.


සටහන :- අමිල නුවන් මධුසංඛ

Sunday, July 19, 2015

මට අභියෝග කරන්න සනී ලියෝන් නිළියක් ද...?

මට අභියෝග කරන්න සනී ලියෝන් නිළියක් ද...?
මල්ලිකා ෂරාව


කාලෙකට කලින් බොලිවුඞ් පුරය කළඹවපු සරාගී ගිනිසිළුව වුනේ මල්ලිකා. මල්ලිකාගෙ රුව තිරයෙ දිස්වෙනකොට පිස්සුවෙන් වගේ හැසිරුණු පේ‍්‍රක්‍ෂකයොත්  ඕනි තරම් හිටිය. ඇත්තටම එයා සරාගී බවේ සංකේතයක්ම තමයි. මර්ඩර්, බක්කෙරෙනා රෙබාබා, ද මිත් ක්වාහිෂ් ගුරු වෙල්කම් හීස් තෑන්ක් යූ වගේ චිත‍්‍රපටි වල මතක හිටින රංගනයක යෙදුණු මල්ලිකා පහුගිය දවස්වල වැඩිය පේන්න හිටියෙ නැහැ. ඒත් ඩර්ටි පොලිටික්ස් චිත‍්‍රපටයත් එක්ක ආයෙමත් එයාගැන ගොඩ දෙනෙක් කතාකරනව. මල්ලිකාට කැමති ගොඩක් අය එයාගෙ නිහඩබව නිසා ගොඩක් දුකෙන් හිටියෙ. ඒත් පසුගිය දවසක ජනප‍්‍රිය රූපවාහිනී වැඩසටහනකට මල්ලිකාටත් ආරාධනා කරල තිබුණ. ඒ අය අහපු ප‍්‍රශ්න වලට මල්ලිකා උත්තර දුන්නෙ කොහොමද කියල අපි දැන් බලමු...


කාලෙකට කලින් පේ‍්‍රක්‍ෂකයින්ව කුල්මත් කරපු මල්ලිකා අද කෝ...?
ඒ මල්ලිකා අදටත් මා තුල ජිවත් වෙනව. එදා වවගේම අදත් පේ‍්‍රක්‍ෂයන්ව පිස්සු වට්ටන්න මල්ලිකාට පුලූවන්. ඒත් අනේ මන්ද... මොන හේතුවක්ද කියන්න දන්නෙ නෑ. මට අද ඒ වගේ සරාගී රංගනයන්ට ආරාධනා එන්නෙ බොහොම අඩුවෙන්. 

ඒ කියන්නෙ දැන් මල්ලිකාගෙ කාලෙ ඉවරයි කියන එකද...?
නෑ ඒහෙම දෙයක් නෙවෙයි. අදටත් පේ‍්‍රක්‍ෂකයන්ගෙ හිතේ මල්ලිකා කියන නිළිය ඉහළින්ම ඉන්නව. ඒත් මට කොතනක හරි වැරදුනා. මට තාමත් හිතාගන්න බෑ. මට කොතනද වැරදුනේ කියල. 

අලූත් නිළියො ඔබේ තැන ආක‍්‍රමණය කරල කීවොත්...
අලූත් අය ක්‍ෂේත‍්‍රයට එන්න පුලූවන්. ඒත් ඒ කිසිම කෙනෙක්ට තවත් මල්ලිකා කෙනෙක් වෙන්න බෑ. මට අද වුනත්  ඕනිම කෙනෙක් එක්ක තරඟ කරන්න පුලූවන්. උපතින්ම මට ලැබුණු සුන්දරත්වය මම අනිත් මිනිස්සුන්ව පිනවන්න පාවිච්චිකරන්න දෙපාරක් හිතන්නෙ නෑ. 

සරාගී රංගනයන්ට පමනක් සීමාවීම ඔබේ ගමන අඩාල කරන්න හේතු වුනාද...?
මටත් එහෙ හිතෙනව. මම ඒ දවස්වල මට ලැබෙන හැම සරාගී චරිතයක්ම මගහරින්නෙ නැතිව කළා. සීමාවක් ඇතුලෙ වැඩ කළානම් සමහරවිට මට මීට වඩා යමක් කරන්න තිබුණ. පස්සෙ කාලෙක හැමෝම හිතුවෙ වමට කරන්න පුලූවන් සරාගී රඟපෑම් විතරයි කියල. ඒත් ඩර්ටි පොලිටික්ස් වගේ චිත‍්‍රපට වල මම ඒ දේ වෙනස් කරල තියනව.

නමුත් ඩර්ටි පොලිටික්ස් චිත‍්‍රපටය අසාර්තක එකක් වුනා...
එහෙම නොවී තියේවිද... චිත‍්‍රපටය තිරගත වෙන්නත් කලින්ම සමාජයෙන් ඒකට විරෝදතා මතුවෙන කොට. ඩර්ටි පොලිටික්ස් කියන්නෙ මම කරපු හොදම චිත‍්‍රපට අතරින් එකක්. නිෂ්්පාදකවරය තව ටිකක් පණ ඇතිව වැබ කලානම් මෙහෙම වෙන්නෙ නෑ. අපරාදෙ අපේ රඟපෑම්. 


ඉම්රාන් එක්කයි මහේෂ් භාට් එක්කයි තියෙන තරහව මොකක්ද...?
මට එයාලත් එක්ක තරහක් නෑ. ඒත් දැන් වැඩි ඇයි හොදයියකුත් නැහැ. ඉම්රාන් වගේ නළුවෙක් එක්ක ආයෙනම් මම රඟපාන්නෙ නෑ. එයා හරිම ආත්මාර්තකාමී කෙනෙක්. එයාට  ඕනි වුනේ මර්ඩර් චිත‍්‍රපටයෙ සාර්තකත්වය එයාගෙ කරගන්න. ඒත් හැමෝම දන්නව චිත‍්‍රපටිය සාර්ථක වුනේ කවුරු නිසාද කියල. මහේෂ් භාට්ගෙ චිත‍්‍රපට වලින් මාව ඉවත් කරන්නත් මුල්වුනේ ඉම්රාන් තමයි. ඒත් මම ඒ ගැන කනගාටු වෙන්නෙ නෑ.

ජැකී චෑන් එක්කත් ඔබ වැඩ කරල තියෙනව.
ඔව්. ඒක මගේ ජිවිතේ අමරනීය මතකයක්. ඒ තුලින් මම ගොඩක් අත්දැකීම් ලැබුව වගේම ගොඩක් ජාත්‍යන්තර අවස්ථා හිමිකර ගත්ත. ද මිත් චිත‍්‍රපටය මට ගොඩක් විශේෂ එකක්. ජැකී චෑන් එක්ක වැඩ කරන එක ගොඩක් පහසුයි. 

සනී ලියෝන් ඔබට අභියෝගයක් නෙවෙයිද...?
කොහෙත්ම නැහැ. එයා බොලිවුඞ් වලට එන්න කලින් මම ජනප‍්‍රිය වුනේ. අනිත් එක එයා කවුද කියන්න  ඕනිම කෙනෙක් දන්නවනෙ. තරඟයක් දෙන්නවත් වටිනි චරිතයක් නෙවෙයි එයා. 

ඔබට තවමත් හොදම නිළිය වෙන්න බැරිි වුනා...
මම කවදාවත් සම්මාන බලාගෙන වැඩ කළේ නැහැ. අනිත් එක අද අපේ රටේ සුදුසු කෙනාටමද සම්මාන ලැබෙන්නෙත් කියන ප‍්‍රශ්නෙ තියනව. මොන දේටත් වඩා මට වටින්නෙ පේ‍්‍රක්‍ෂක සම්මානය.

විවාහයක් ගැන තවම හිතල නැතිද ඔබ...?
ඇයි නැත්තෙ. මමත් කැමතියි විවාහ වෙන්න. ඒත් ඊට කලින් මට ගැලපෙන කෙනෙක් හොයාගන්න  ඕනි. අනික ජිවිතේ විඳින්න තියෙන කාලෙ විදවන්න මම කැමති නෑ. ඒ නිසා මම මේ දවස්වල උපරිමයෙන් ජිවිතේ සතුට විඳිනව.

සටහන :- අමිල නුවන් මධුසංඛ

ඔව්.. සරත් දවසක අධ්‍යක්‍ෂවරයෙක් වෙයි...

ඔව්.. සරත් දවසක අධ්‍යක්‍ෂවරයෙක් වෙයි...
සරත් කරුණාරත්න

කොහොමද ඉතින් මේ දවස් වල ජිවිතේ...?
මේ දවස්වල ඉතින් සුපුරුදු පරිදි වැඩ ටික කරගෙන යනව. චාමික හත්ලහවත්තගෙ අලූත් වේදිකා නාට්‍යයක් පටන් ගත්ත ඒකෙ රිහසල් තමයි මේ දවස් වල වැඩිපුරම තියෙන්නෙ. තවම නමක්නම් නැහැ ඒ නාට්‍යයට. ඊට අමතරව අයි.ටී.එන් නාලිකාවේ රන් දම්වැල් ටෙලිනාට්‍යය විකශනය වෙනව. ඒ නාට්‍යයේ රූගත කිරීම් එක්කත් ටිකක් විතර කාර්යබහුල වෙලයි ඉන්නෙ. 
සිහින පුරේ ජිවිතේ තවමත් මතකද...?
ඔව්. හරිම පුදුමයි ඒ චරිතය තවමත් ජනතාවට මතකයි. ඊට පස්සෙ මම නාට්‍ය වල රඟපෑවත් ගොඩක් අය තවමත් මග තොටේදි මාව මුණගැහුනම කතාකරන්නෙ සීන කියල. මමත් ගොඩක් ආසාවෙන් කරපු චරිතයක් තමයි සිහින පුරයේ සීනා.
වැඩිපුර ටෙලිනාට්‍ය වල දකින්න නැත්තෙ තෝරා බේරාගෙන රඟපාන නිසාද...?

නැහැ. පසුගිය දවස්වල මම වේදිකා නාට්‍ය කිහිපයකම වැඩ කටයුතු කලා. ඒ වගේම රියැලිටි ෂෝ නාට්‍යයේ රිහසල් මාස අටක් විතර කලා. ඒ වගේම මකරට වේදිකා නාට්‍යයෙත් වැඩ වලටත් සම්බන්ධ වුනා. ඒත් එක්ක ටෙලිනාට්‍ය වලට ලැබුණු ආරාධනා රැුසක්ම අකමැත්තෙන් වුනත් ප‍්‍රතික්‍ෂේප කරන්න සිද්ධවුනා. කොහොම නමුත් දැන් මට යම් තරමක නිදහසක් ලැබිල තියෙන්නෙ. ඒක නිසා ටෙලි නාට්‍ය රංගනය ගැන ටිකක් වැඩියෙන් හිතන්න පුලූවන්.
ඔබ හොද ජායාරූප ශිල්පියෙක් කියන්නෙ ඇත්තද...?
ඔව් මම ඒ කාලෙ ඉදන්ම ජායාරූප කලාවට කැමතියි. මුලින්ම මම ලාල් හෑගොඩ මහත්මයා යටතේ මූලික දැනුම ලබාගෙන ජායාරූප කලාවට පිවිසුනා. දැනට මම කැලණිය විශ්වවිද්‍යාලයේ ජායාරූප කලාව පිළිබඳව ඩිපිලෝමාවක් හදාරනව. ජායාරූප කලාව කියන්නෙ මම ගොඩක් ආදරය කරන විෂයක්. 
ජායාරූප කලාවට අද රටේ තැනක් තියනවද...?
ඇයි නැත්තෙ...? ලංකාව ඇතුලෙ හොද ඉල්ලූමක් තියෙනව ජායාරූප කලාවට. නමුත් විධිමත් හැදෑරීමක් අවශ්‍යයි මේ හැම දෙයකටම. ඒ තුළ විවිදත්වයක් දකින්න උත්සාහ කරනවනම් හොද ගමනක් යන්න පුලූවන්. 
සිනමාව පැත්තෙ පේන්න නැත්තෙ ඇයි...?

මට මුල් කාලෙ ආරාධනා ලැබුන සිනමා රංගනයට. නමුත් මම ඒ චරිත වලට ඒ තරම් කැමති වුනේ නැහැ. නමුත් දැන් මට තවත් හොද ආරාධනාවක් ලැබිල තියෙනව. ඒ නිසා ඉදිරියේදි මාව රිදී තිරයෙනුත් දැකගන්න ලැබෙයි. ඒ වෙනුවෙන් මම මගේ ඇගේ බරත් අඩුකර ගත්ත.
පවුලෙ විස්තර ගැනත් කියමුකො බලන්න...
අම්ම තාත්ත එක්ක ගෙවුණු පුංචි කාලෙ හරිම සුන්දරයි. ළමයි අටදෙනෙක්ගෙන් පිරුණු පවුලෙ මම පස් වැනිය වුනා. දැන් මම විවාහකයි. මට දැන් පුංචි පුතෙක් ඉන්නව. නෙත්සර කරුණාරත්න කියල. බිරිදත් එක්ක සතුටින් සමාදානයෙන් ඉන්නව ඉතින්. ගෙදර ඉන්න වෙලාවට ඇත්තටම ජිවිතේ සුන්දරයි කියල හිතෙනව. 
අද කාලෙ හැදෙන ටෙලිනාට්‍ය ගැන සරත් මොකද හිතන්නෙ...?
මෙහෙමයි ඒක සාපේක්‍ෂ දෙයක්. හොද නාට්‍ය වගේම වැඩකට නැති නාට්‍යත් දකින්න පුලූවන්. ඒත් මිනිස්සු කැමති සරළ රසවින්දනයකට. මෙගා නාට්‍ය වලට මිනිස්සු මේ තරම් කැමති ඒ නිසා වෙන්න පුලූවන්. මෙගා නරකයි කියනව නෙමෙයි. ඒත් කොටස් ප‍්‍රමාණය අඩු ටෙලි නාට්‍ය වැඩිපුර හැදෙනවනම් හොදයි. 
අධ්‍යක්‍ෂකවරයෙක් වෙන්න අදහසක් නැද්ද...?
ඒ වගේ හීනයක් නැතුවාම නෙවෙයි. සමහරවිට දවසක එහෙම වෙයි. දැනට මම කෙටි චිත‍්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරල තියෙනව. ජාතික තරුණ සේවා සභාවෙ පවත්වපු තරගයකින් ඒක දෙවන තැනටත් පත්වුනා. ඔව් සරත් දවසක අධ්‍යක්‍ෂකවරයෙක් වෙයි.
මෙච්චර කාලෙකට කරපු අමතක නොවෙන රංගනය මතක් කරමුකො...?

ඒ වගේ චරිත කිහිපයක්ම තියෙනව. සිහින පුරය, අග්නි, වැහි ළිහිණි කියන ටෙලි නාට්‍ය වල චරිත වලට මම ගොඩක් කැමතියි. දැන් විකාශනය වන රන් දම්වැල් නාට්‍යයේ චරිතයත් මට සුවිශේෂී එකක්. අග්නි ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන් මට නැගී එන නළුවාට හිමි සම්මානය පවා හිමි වුනා. 
ඉදිරියට ඔබව දකින්න පුලූවන් නිර්මාණ මොනවද...?
කපිල සමරකෝන්ගෙ එළිය අරන් කියල මම මීට කලින් කරපු නාට්‍යයක් ලගදීම අයි.ටී. එන් නාලිකාවෙන් විකාශනය වේවි. ඒ වගේ තවත් කොටස් 30-40 නාට්‍ය දහයක් විතර විකාශය වෙන්න තියෙනව. ඊට අමතරව වේදිකා නාට්‍ය වලින් පවා මව දකින්න පුලූවන් මගේ පේ‍්‍රක්‍ෂකයන්ට. 
මොනවද ඔබට අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඔබේ පේ‍්‍රක්‍ෂකයින්ට...?
අද වගේම ඉදිරියටත් මගෙත් එක්ක ඉන්න කියල මම මගේ රසිකයින්ට ආරාධනා කරනව. ඒ වගේම උසස් රසවින්දනයක් උදෙසා වේදිකා නාට්‍ය නැරඹීමටත් යොමුවෙන්න කියල මම අපේ රටේ හැම කෙනෙක්ගෙන්ම ඉල්ලීමක් කරනව.

සංවාද සටහන :- අමිල නුවන් මධුසංඛ

Friday, July 17, 2015

ටෙලි නාට්‍ය කලාව


ටෙලි නාට්‍ය කලාව

අපේ සන්නිවේදන ක්‌ෂේත්‍රය තුළ ඇසිදිසි මාධ්‍යයක්‌ හැටියට රූපවාහිනිය අත්පත් කරගෙන ඇති ප්‍රමුඛතාව අතිවිශේෂිතයි. ගෙදර පුංචි තිරය ලෙසින්ද ප්‍රකට රූපවාහිනී නාලිකා ඔස්‌සේ විකාශය වන වැඩසටහන් අතරින් ටෙලි නාට්‍ය ලබා ඇති පුරෝගාමිත්වයද සුවිශේෂීය. පවුලේ කාටත් කිසිදු අසහනයකින් තොරව එකට හිඳ නැරඹිය හැකි ටෙලි නිර්මාණයක්‌ වෙනුවෙන් එබඳු අඩපැයකට මිලියන තුන හතරක ප්‍රේක්‌ෂක පිරිසක්‌ එකතු වන බව සමීක්‍ෂණ මගින් තහවුරු වී ඇත. ජාතික හා ස්‌වාධීන රූපවාහිනී නාලිකා පමණක්‌ තිබූ අවධියේ මේ සංඛ්‍යාව මිලියන හය හත දක්‌වා ඉහළ ප්‍රතිශතයක පැවතුණි.

මෙබඳු අතිවිශාල ග්‍රාහක පිරිසකගේ ග්‍රහණයට නතුව පවතින ටෙලි නාට්‍ය වැඩසටහන් ප්‍රේක්‌ෂක ජනතාවගේ රසඥතාව හා කලාත්මක වින්දනය පෝෂ්‍ය කෙරේ නම් එම පසුබිම ගුණාත්මක ටෙලි නාට්‍ය සංස්‌කෘතියක වර්ධනයට ද ප්‍රබල සාධකයක්‌ වනු නිසැකය. හරවත් ටෙලි නාට්‍ය ඔස්‌සේ රූපවාහිනි ප්‍රේක්‌ෂකයන්ගේ බුද්ධිමය නිම්වළලු ප්‍රසාරණය කළ හැකිය. එසේම හරසුන් බොළඳ ටෙලි කතන්දර හරහා ප්‍රේක්‌ෂක රසභාවයන් මොට කර සිහින ලෝක වෙත කොටුකර තැබීම ද කළ හැකිය. වත්මනේ දැකිය හැකි මෙගා ටෙලි නාට්‍යවල සංඛ්‍යාත්මක වර්ධනය නිසා හරසුන් ප්‍රතිඵලය වඩා ඉස්‌මතු වී පෙනෙන බවට චෝදනාවක්‌ නැගේ. එසේම මෙගා ටෙලි නිසා මෙගා නොවන ටෙලි නාට්‍ය හදන අයටත්, එම නළු නිළියන් ඇතුළු ශිල්පීන්ටත් අසාධාරණයක්‌ සිදුව ඇතැයි ද මැසිවිලි ඇසේ. ඊට හේතුව මෙගා නිසා විකාශන කාලය ලබා ගැනීමේ ගැටලුවයි. වෙළෙඳ දැන්වීම් අනුග්‍රහය සතියකට වරක්‌ පෙන්වන නාට්‍යයකට වඩා සතියේ දින පහේම විකාශය වන මෙගා ටෙලිවලට වැඩිපුර ලැබීමද තවත් හේතුවකි.

විද්යුත් මාධ්‍ය ආයතනවල පැවැත්ම සඳහා රූපවාහිනී වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීම අත්‍යවශ්‍ය සාධකයකි. මෙගා නාට්‍ය වෙනුවෙන් ප්‍රචාරණ නියෝජිත ආයතන මගින් ලබාදෙන දැන්වීම් සමූහය නිසා නාලිකාවල වාණිජ අරමුණු සාක්‌ෂාත් වන බව ඇත්තකි. එම පසුබිම මත දැන්වීම් අනුග්‍රහකත්වයක්‌ නොලැබෙන අධ්‍යාපන, සංගීතමය හා සංවර්ධනාත්මක වැඩසටහන් විකාශය කිරීමට රූපවාහිනි නාලිකාවලට අවකාශය සැලසෙන බව ද සත්‍යයකි. වාණිජ පරමාර්ථ මතම ක්‍රියාකිරීම නිසා ටෙලි නාට්‍ය නරඹන අතරතුර වැල නොකැඩී දර්ශනය වන දැන්වීම් රොත්ත නිසා ප්‍රේක්‌ෂක වින්දනයට සිදුවන බාධා පිළිබඳව වෙනම කතා කළ යුතුව ඇත.

නාලිකා රැසක විකාශනය වන බොහොමයක්‌ මෙගා ටෙලි කෘතිවල, ගුණාත්මක පැත්ත පිළිබඳ ගැටලු පවති. කලාත්මක නිර්මාණ හැටියට බැලුවත් ප්‍රශ්න තිබේ. රූපවාහිනී නාලිකා ගණනාවක්‌ තිබෙන නිසාත්, ඒවායේ විවිධ වැඩසටහන් විකාශය වන බැවිනුත් තෝරා බේරා වැඩසටහන් නැරඹීමේ අයිතිය නරඹන්නා සතුය. අසවල් ටෙලි නාට්‍ය හෝ වැඩසටහන අනිවාර්යෙන්ම බැලිය යුතුය යනුවෙන් අණ කිරීමක්‌ හෝ විධානයක්‌ රූපවාහිනී ප්‍රේකෂකයාට නොලැබේ. හරසුන් හෝ බොළඳ ටෙලි නොබලා රූපවාහිනී යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමේ බලයත්, චැනලය මාරු කර වෙනත් චැනලයක තමන් කැමැති වැඩසටහනක්‌ නැරඹීමේ ආධිපත්‍යයන් හිමිව තිබෙන්නේ ප්‍රේක්‌ෂකයාටමය. එසේ නම් මෙගා ගැන, හරසුන් නාට්‍ය ගැන මැසිවිලි නැගෙන්නේ ඇයි විමසා බැලීම වටී.

සමහර ප්‍රේක්‌ෂකයන් සරල වින්දනයට කැමැතිය. යටි පෙළ, යටි අරුත, චරිතවල ඇතුළාන්තයට එබී බැලීමට ඇතැම්හු මනාප නොවෙති. විවෘත ආර්ථික රාමුව තුළ ජීවන බර දරමින්, විවිධ වෘත්තීන් වල නියුතු වුවත් අධික තෙහෙට්‌ටුව, මානසික සුවය පතා ලැබෙන විරාමයේදි තාවකාලිකව හෝ මනෝ රාජ්‍යයක තෘප්තිමත්ව ගත කිරීමට කැමැතිය. විශේෂයෙන් රැකියා කරන සමහර වනිතාවන් මෙන්ම නිවෙස්‌වල උදේ සිට රෑ වනතුරු දරුවන්ගේ සැමියාගේ කටයුතු සොයා බලමින් යුද්ධයක්‌ කරන කාන්තාවන්ද සරල වින්දනයක්‌ සහිත මෙගා ටෙලි බැලීමට මනාපය. යොවුන් වියේ නවක නළු නිළියන් රඟන ටෙලි නාට්‍ය නැරඹීමට ඇතැම් වැඩිහිටි පිරිමි අය පුදුම ආසාවක්‌ දක්‌වති.

ගුණාත්මක හා කලාත්මක ටෙලි කෘති නැරඹීමට කැමැති ප්‍රේක්‌ෂක පිරිසක්‌ද සිටිති. කළයුතුව ඇත්තේ මායා ලෝකවලට කොටුවී තාවකාලික සුවය විඳින කණ්‌ඩායමේ වින්දන ශක්‌තිය ඉහළ මට්‌ටමකට ගෙන ඒමේ ජාතික වගකීම ඉටුකිරීම සඳහා වූ ටෙලි නාට්‍ය සංස්‌කෘතියක්‌ ගොඩනැඟීමය. එහිදී මෙගා සහ මෙගා නොවන ටෙලි නාට්‍ය දෙවර්ගයටම ඉඩහසර ලබාදිය යුතුය. ඒ ප්‍රමිතිගත, සීමා යටතේය. ගුණාත්මක හා කලාත්මක පැත්තට බර තැබෙන මෙගා ටෙලි නාට්‍ය වුණත් යම් සීමා යටතේ විකාශය කිරීමේ වරදක්‌ නැත්තේ ඒ නිසාය.

අද ටෙලි නාට්‍ය ක්‌ෂේත්‍රයට සම්බන්ධව සිටින නළු නිළියන් ඇතුළු ශිල්පීන් බහුතරයකගේ ප්‍රධාන ජීවන වෘත්තිය වන්නේ ටෙලිනාට්‍ය කලාවය. සුළු පිරිසකට පමණක්‌ නිවේදන කටයුතු හා වැඩසටහන් ඉදිරිපත් කිරීමේ වරම් ලැබී තිබේ. දක්‌ෂ චරිතාංග රංගන ශිල්පීන් මෙන්ම ප්‍රවීණ ශිල්පීන් රැසකගේ ආර්ථිකය ර¹ ඇත්තේ අමාරුවෙන් හදන ටෙලි නාට්‍ය විකාශනය මතය. වැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නේ මෙගා ශිල්පීන් නොව සාමාන්‍ය ටෙලි කෘතිවලට බද්ධවන අයයි. ටෙලි අධ්‍යක්‍ෂවරු ද මීට අයත් වේ. මේ අනුව බලන විට ලක්‌ෂ සංඛ්‍යාත රූපවාහිනී ප්‍රේක්‌ෂකයන්ගේ ආදරයට පාත්‍ර වෙමින් ඔවුනට රසවින්දනයේ අවකාශය උදාකර දෙන මෙගා සහ මෙගා නොවන නිර්මාණවලට දායකවන සැමගේ ජීවන වෘත්තීය හා අනාගතය සුරක්‌ෂිත කරදීම ජාතික මෙහෙවරක්‌ ලෙස ද වැදගත්ය.

මෙවැනි වටාපිටාවක්‌ තුළ ටෙලි නාට්‍ය කලාවත්, ඊට ජීවය දෙන සියලු දෙනාත් ආරක්‌ෂා කිරීමට නම් මෙගා සහ කොටස්‌ අඩු ටෙලි නාට්‍ය විකාශනයේ වෙනස්‌කම් සිදුවීම අත්‍යවශ්‍ය කරුණකි. දැනට සතියේ දිනපහකම විකාශය කෙරෙන මෙගා ටෙලි නාට්‍යය සතියේ දින හතරක පමණක්‌ (සඳුදා සිට බ්‍රහස්‌පතින්දා දක්‌වා හෝ අඟහරුවාදා සිට සිකුරාදා දක්‌වා) විකාශය කිරීම, මතුව ඇති අර්බුදයට විසඳුමකි. එවිට සතියකට කොටස්‌ හතර බැගින් මාසයකට කොටස්‌ 16 ක්‌ විකාශනය කළ හැකිය. ඒ අනුව කොටස්‌ 100 ක පමණ ටෙලි කෘතියක්‌ මාස 06 ක කාලයකදී නිමාවනු ඇත. උපරිමය කොටස්‌ 200 ක්‌ නම් මාස 12 කදී අවසන් කළ හැකිය. මෙගා ටෙලියක උපරිම කොටස්‌ ගණන මෙසේ 200 කට සිමා කළ හැකි නම් බහුතර ටෙලි ශිල්පීන්ට වුවද අසාධාරණයක්‌ සිදු නොවේ. කොටස්‌ 100 යේ මෙගා නිර්මාණ සඳහා නිමැවුම්කරුවන් උනන්දු කළ යුතුය.

මෙවැනි තත්ත්වයක්‌ තුළ සතියේ දින 03 ක්‌ මෙගා නොවන විශේෂයෙන් කොටස්‌ 50 ට අඩු ටෙලි නාට්‍ය සඳහා විකාශන කාලය වෙන් කළ හැකිවේ. මෙම දින 03 සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා හෝ සෙන, ඉරිදා, සඳුදා විය හැකිය. සමීක්‍ෂණ මණ්‌ඩලවලින් ප්‍රශස්‌ත මට්‌ටමට නිර්දේශවන මෙබඳු ටෙලි නාට්‍ය සෙනසුරාදා හෝ ඉරිදා දිනවල රාත්‍රි 8.30 ට ජනප්‍රිය කාලය තුළ විකාශය කිරීම වැදගත් වේ. ඇතැම් නිර්මාණ විශිෂ්ට තත්ත්වයක පැවතුණද ළමා පරපුරට එතරම් ගෝචර නොවන විට එවැනි ටෙලි නාට්‍ය රාත්‍රි 9.30 ට පසු කාලයේ පෙන්වීම වඩා උචිතය. කොටස්‌ 200 ඉක්‌මවා විකාශය වූ බොහෝ මෙගා ටෙලි නාට්‍යවලට පාදක වී තිබුණේ ජනප්‍රිය නවකතාය. ජනප්‍රිය හෝ සම්මාන දිනූ නවකතාවක්‌ තුළින් වුවද උපරිම ලෙස කොටස්‌ 100 කින් හොඳ ටෙලි නිර්මාණයක්‌ කළ හැකිය. සාහිත්‍ය කෘතියක්‌ ඇසුරින් අඩු කොටස්‌ ගණනක්‌ යටතේ හරවත් නිර්මාණයක්‌ කළ හැකි බවට මෑතකාලීන හොඳම උදාහරණය වන්නේ ස්‌වාධීන රූපවාහිනිය මගින් ඉකුත්දා විකාශය අවසන් කළ සම්මානිත නවකතාවක්‌ පාදකව නිමවා තිබූ "ස්‌වයංජාත" ටෙලි නාට්‍ය කොටස්‌ 60 කට සීමා කර තිබීමය.

ප්‍රේක්‌ෂක රසභාවයන් අමතකකර, වාණිජ අරමුණු මුල්කර ගන්නා විට ඕනෑම කතා තේමාවක්‌ කොටස්‌ තුන් හාරසීය දක්‌වා හෝ නිර්මාණය කළ හැකිය. එසේ වුවද, ටෙලි නාට්‍ය කලාවේත්, එම කලා ශිල්පීන්ගේත් හෙට දවසේ අභිවෘද්ධිය අවංකව ප්‍රාර්තනා කරන්නේ නම් පොදුවේ ටෙලි ශිල්පීන් සැමට සුබසෙත උදාකරන විකාශන වැඩපිළිවෙළක්‌ දියත්වීම යුගයේ අවශ්‍යතාවකි.

සටහන :- අමිල නුවන් මධුසංඛ

Tuesday, July 14, 2015

සුරගුනේ මගේ රංගන ජිවිතේ හැරවුම් ලක්‍ෂයක්

සුරගුනේ මගේ රංගන ජිවිතේ හැරවුම් ලක්‍ෂයක්
රුවන් පෙරේරා 

තරුණයෙක්ට හීනයක් කියන්නෙ මහා ලොකු දෙයක්. පුංචිකාලෙ ඉදන් ඇකපු හීනයක් හැබෑවෙනව කියන්නෙ ඊටත් වඩා ලොකු සතුටක්. රුවන් පෙරේරා කියන්නෙත් අන්න ඒ වගේ ලොකු කට්ටක් කාල තමන්ගෙ හීනෙ සැබෑකරගත්තු කඩවසම් ඉලන්දාරියෙක්. අතොරක් නැතිව බිහිවෙන ටෙලිනාට්‍ය නළු නිළියන් අතරෙ වෙනස් මුහුණක් තියෙන, වෙනස් රංගනයක් ඉදිරිපත් කරන අපූරු යෞවනයෙක් තමයි රුවන්. මේ දවස්වල රුවන් ගැන ගොඩක් අය කථා කරන්නෙ ස්වර්ණවාහිනියෙන් සෙනසුරාදා රාත‍්‍රී 8.30 ට විකාශය වෙන ජැක්සන් ඇන්තනීගේ දස්කොන් ටෙලිනාට්‍ය නිසා. දස්කොන්හි සුරගුනේ ලාංකීය පේ‍්‍රක්‍ෂකයන්ට ගොඩක් සමීපයි. සුරගුනේ නැතිනම් රුවන්ව අපි හමුවුනේ ඒ ගැන එයාගෙම හඬින් අහගන්න.

රුවන් මොනවද අලූත් විස්තර...
මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. දස්කොන් ටෙලිනාට්‍යයට අමතරව තවත් ටෙලිනාට්‍ය කිහිපයකම රංගනයෙන් දායකවෙනව.

සාමාන්‍ය ජිවිතේ ගැනත් කියමුකො බලන්න...
මගේ ගම රත්නපුර. පාසැල් ගියෙ ගිලීමලේ සමනළ මහා විද්‍යාලයට සහ රත්නපුර ධර්මපාල විද්‍යාලයට. පවුලෙ අම්මයි, තාත්තයි, අයියයි, මල්ලියි, ආච්චියි ඉන්නෙ. මම පවුලෙ මද්දුමය. පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. රංගනයට යොමු වුනේ පුංචිකාලෙ ඉදන් තිබුණු කැමැත්ත නිසයි. 


දස්කොන්හි සුරගුනේ ඔබේ ජිවිතේ හැරවුම් ලක්‍ෂයක් කීවොත්...
අනිවාර්යයෙන්ම. සුරගුනේ මගේ රංගන ජිවිතේ ලොකු වෙනසක් කරපු චරිතයක්. ටෙලිනාට්‍ය තුළ මට යමක් කරන්න ලැබුණු, මම ගොඩක් ආදරය කරන චරිතයක් තමයි සුරගුනේ කියන්නෙ. ජැක්සන් සර්ට තමයි ඒ හැම දේකම ගෞරවය හිමිවෙන්න  ඕනි. ආරම්භයේ සිට අවසානය දක්වා ගලා යන විශාල පරාසයක් සහිත චරිතයක් තමයි ඒක. පාරෙ තොටේදි වුනත් ගොඩක් අය මට දැන් කතා කරන්නෙ සුරගුනේ කියල. ඒ ගැන මම ඉන්නෙ ලොකු සතුටකින්. 

ඔබ දායක වුණු තවත් ටෙලි නිර්මාණ මේ දවස්වල විකාශනය වෙනව...
මම රඟපාන සුජාතා, කුටු කුටු මාමා සහ දියණියෝ කියන ටෙලිනාට්‍යත් දස්කොන් වලට අමතරව මේ දවස්වල විකාශනය වෙනව. ඒවටත් හොද ප‍්‍රතිචාර තියෙනව. ඒත් දස්කොන් ගැන තමයි ගොඩක් අය කතාකරන්නෙ. 

මීට කලින් කරපු ටෙලිනාට්‍ය මොනවද...?
අසුරාවේශය, උතුවන්කන්දේ සරදියෙල්, රුවන් මාලිගා, අපි අපි වගේ, සුර විමන, සඳ පිණි බිඳක, ලොක්කී, බිනර මලී වගේ නාට්‍ය රැුසක මම සැලකිය යුතු චරිත රඟපාල තියෙනව.

දස්කොන් වලදි අමතක නොවෙන අත්දැකීම් වලටත් මුහුණදෙන්න ඇති නේද...?

එකක් නෙවෙයි. ගොඩක් තියෙනව. දිය යට කිමිදෙමින්, ගල්ගුහාවල ඇවිදිමින්, රූස්ස ගස් උඩ නගිමින් ගින්දරත් එක්ක කරපු රඟපෑම් කවදාවත් අමතක වෙන එකක් නැහැ. දස්කොන් වෙනුවෙන් මට බුලත්විට සියගණනක් කන්න වුනා. විට කෙළ ගහන්නෙ නැතිව ගිලල බඬේ කැක්කුමත් හැදිල තියෙනව. මගේ චරිතය වෙනුවෙන් නිර්මාණය කරපු ස්වභාවික ඇඳුමක් නිසා දවසක් මගේ මුළු ඇඟම කසල පලූත් දැම්ම. ඒ විතරක් නෙමෙයි, නියපොතු වවන්නයි කොණ්ඩෙ රැුවුල වවන්නයි පටන් ගත්තෙත් දස්කොන් නිසාම තමයි. 

පෞද්ගලිකව ඔබ රඟපාන්න කැමති චරිතයක් තිබෙනව ද...?
හාමුදුරු කෙනෙක්ගේ චරිතයක් රඟපාන්න මම ගොඩක් කැමතියි. ඒ වගේම උත්සාහයෙන් නැගීසිටින ගැමි තරුණයෙකුගේ චරිතයක් රඟපාන්නත් මගේ ලොකු කැමැත්තක් තියෙනව. හැමොම කරනව වගේ පේ‍්‍රම චරිත වලට කොටුවෙන්න මම කැමති නැහැ. විවිධත්වයෙන් යුතු වෙනස් චරිතයන් තුළින් පේ‍්‍රක්‍ෂකයන් අතතරට යන්නයි මට  ඕනි.

වේදිකාවට සිනමාවට ආරාධනා ලැබුනෙ නැද්ද...?
දෙයියො සාක්කි වේදිකා නාට්‍යයෙත්, අබා චිත‍්‍රපටයෙත් සුළු චරිත රඟපාල තියෙනව. ඉදිරියේදී හොද චරිතයක් ලැබුනොත් කැමැත්තෙන් බාරගන්නව. 

ආදරය ගැනත් රුවන්ට අත්දැකීම් ඇති නේද...?
තරුණ වයසට ආදරේ දැනෙන්නෙ නැහැයි කීවොත් ඒක ලෙඩක්. මටත් ආදර හරඟීම් ඇති වෙනව. ඒත් දැනටනම් මට ආදරේ කරන්න කෙනෙක් නැහැ. තාමත් මම තනිකඩයි. ගොඩක් ආදරෙන් මගේ ජිවිතේ සරසන්න පුළුවන් කෙනෙක් එනකම් මම මගබලාන ඉන්නෙ. ඒත් එයා තවම මට ලැබුනෙ නැහැ. 

ඔබට සහයෝගය දීපු අය ගැනත් මතක් කළොත්...
ජැක්සන් ඇන්තනී මගේ ගුරුතුමා. රවීන්ද්‍ර විජේරත්න, තරංග දිසානායක අයිය, රංජන් ප‍්‍රසන්න අයිය, ජනක චමින්ද අත්තනායක අයිය මට ගොඩක් උදව් කරල තියෙනව. 

රුවන්ට මොනවද අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ...?
මම මගේ පේ‍්‍රක්‍ෂකයන්ට ගොඩක් ආදරෙයි. එයාල නිසා තමයි මම අද මෙතැන ඉන්නෙ. ඒ වගේම මගේ පවුලෙ අයත් මතක් කරන්න  ඕනි. එයාල තමයි මගේ අඩුපාඩු පෙන්වන්නෙ. මට උදව් කරපු නොකරපු හැම කෙනෙක්වම මම මතක්කරන්න කැමතියි. හැමදාමත් මගෙත් එක්ක ඉන්න කියල තමයි මම මගේ පේ‍්‍රක්‍ෂකයන්ට කියන්නෙ. 

සටහන:- අමිල නුවන් මධුසංඛ

පරිසරය සුරකින පනත්


පරිසරය සුරකින පනත්

වෙරළ සංරක්ෂණ පනත

•(1988 අංක 56 දරණ පනතින් හා වරින් වර අවස්ථා කිහිපයක දී සංශෝධනයට ලක් වූ 1981 අංක 57 දරණ පනත)

වෙරළ රුක ගැනීමට අවශ්‍ය වැදගත් නීති ප‍්‍රතිපාදනය වන්නේ වෙරළ සංරක්ෂණ පනත මගිනි.
රටේ සංවර්ධන ක්ෂේත‍්‍රය වර්ධනය වනවාත් සමග වෙරළ පද්ධතිය ශීඝ්‍රයෙන් දූෂණය වේ. මෙහිදී වෙරළේ ආරක්ෂාව සම්බන්ධව දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශය. සංචාරක හෝටල් සේවය නංවාලීමේ දී වෙරළ පිළිබඳ දැඩි අවධානයක් ලක් කෙරෙයි.
වරාය හා ධීවර වරායන් ඉදිවීමත් සමගම පරිසරයට හානිකර නොයෙකුත් ද්‍රව්‍යයන්ගෙන් හා ඉන්ධන වර්ග වලින් වෙරළ තීරයට හානි සිදුවේ. මේ පිළිබඳව සොයා බලා කටයුතු කිරීම මෙම පනතින් සිදුවේ.
වෙරළ සංරක්ෂණ පනත යටතේ කි‍්‍රයාත්තමක වන වෙරළ සංරක්ෂණ අධිකාරිය රටේ ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගෙන තිබේ. මේ යටතේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කෙරේ. නීතියෙන් අවසරයලත් සීමා හා කොන්දේසිවලින් ඔබ්බට ගොස් සිදු කරන ඉදිකිරීම් හා ව්‍යාපෘතීන් ද අවධානයට ලක් කෙරෙයි.

ධීවර හා ජලජ සම්පත් පනත

•(වර්ෂ 2006 අංක 22, 2004 අංක 4 හා 2000 අංක 4 පනත් වලින් සංශෝධනය වූ 1996 අංක 02 දරණ පනත)

මෙම පනතින් ධීවර හා ජලජ සම්පත් සම්බන්ධයෙන් බලපැවැත්විය යුතු නීතිමය ප‍්‍රතිපාදන සිදු කෙරෙයි. මෙහි ඇතුළත් සියලු නීති පරිසරය ආරක්ෂා වන ආකාරයෙන් සකසා ඇත. විශේෂයෙන් වෙරළ තීර කෙරෙහි ද, රටේ අභ්‍යන්තරයේ ඇති මිරිදිය ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබේ. මෙම පනතින් රීතින් පනවා පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු සලසා ඇත.
මුහුදු ජලය අපවිත‍්‍ර වීම වැළැක්වීමේ පනත



•(1981 අංක 59 දරණ පනත)

මෙම පනත් මූලික අරමුණ වී ඇත්තේ රට තුළ ඇති ජලය අපවිත‍්‍ර වීම වළක්වා ගැනීමය. විශේෂයෙන්ම මුහුදු ජලය අපවිත‍්‍ර වීම වළක්වාලීමට හා මුහුදු ජලය හා ඒ ආශි‍්‍රත වන අපවිත‍්‍රවීම් හා ජලය දූෂණය වීම වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුතිය මෙරට කි‍්‍රයාත්මක කිරීම මෙම පනතේ මූලික අරමුණය.
මෙමගින් ජලය ආශි‍්‍රත පරිසරය ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රතිපත්ති සකස් කොට ඇත.
තුරුලතාවන්ට හා වන සත්ව ආරක්ෂාවට සම්බන්ධ පනත

•(1993 අංක 49 හා 1970 අංක 01 දරණ පනත්වලින් සංශෝධිත 1964 අංක 44 දරණ පනත)

මෙම පනත සංශෝධනය වී ඇත්තේ රට තුළ තුරැලතා හා වන සතුන් ආරක්ෂා කිරීම පිණිසය. දිනෙන් දින ඉහළ යන මිනිස් කි‍්‍රයාකාරකම් හා සාමාජීය සංවර්ධනය සමග වනාන්තර පද්ධතිය දැඩි තර්ජනයකට මුහුණ පා තිබේ. මිනිසාගේ ආහාර අවශ්‍යතා හා විවිධ හේතූන් නිසා වන සත්තු ද විශාල තර්ජනයකට මුහුණ පා සිටිති. තුරැලතා හා වන සතුන් පරිසරයේම කොටසකි. එහෙයින් ඒවායේ විනාශය වැළැක්වීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සැකසීම මෙම පනත මගින් සිදු කෙරෙයි.

කැලෑ ආඥා පනත

•(1995 අංක 23, 1998 අංක 84 හා 1982 අංක 13 පනත්වලින් සංශෝධිත 1907 අංක 16 දරණ පනත)

මෙය ඉතා පැරණි පනතකි. මිනිස් කි‍්‍රයාකාරකම් හමුවේ වනාන්තර ආරක්ෂා කිරීම සඳහා කලින් කලට මෙම පනතෙහි සංශෝධන සිදු කර නීතිමය ප‍්‍රතිපාදන සකස් කර ඇත. විශේෂයෙන්ම වනාන්තර විනාශ කරන්නන්ගේ තරාතිරම හා අවශ්‍යතාව පිළිබඳව නොසලකා දඬුවම් දීමට හැකි ආඥා පනතක් ලෙස මෙය හැඳින්වෙයි. මෙම පනතේ මූලික අරමුණ වී ඇත්තේ ද පරිසරය ආරක්ෂා කර ගැනීමය.
පැළෑටි ආරක්ෂා කිරීමේ පනත

•(1999 අංක 16 දරණ පනත)

මෙම පනතින් සිදුවන්නේ ශී‍්‍ර ලංකාව තුළ සිදු කරන බෝග වගාවන්ට හානි කරන්නා වූ කුමන අන්දමේ ජීව ශාක කොටස් වර්ග වුවද රට තුළ පැතිර යාම වැළැක්වීම හා වගාබිම් විනාශ මුඛයට ඇද දමන ශාක වර්ගවලින් මෙරට බෝග වගා ආරක්ෂා කර ගැනීමය.
රට තුළට ගෙන එන විදේශීය ශාක වර්ග හා බීජ වර්ග හේතුවෙන් විවිධාකාර අහිතකර බලපෑම් සිදුවෙයි. එමගින් සමස්ත පරිසරයට එල්ල වන්නේ දැඩි තර්ජනයකි. මෙම පනතින් රට තුළ ඇති බෝග වගාව ආරක්ෂා කර ගැනීමට ප‍්‍රතිපාදන සකසා ඇති අතර එම ප‍්‍රතිපාදනවලට එරෙහි වන්නන් හට දඬුවම් ලබා දීමේ ක‍්‍රමවේදයක් ද සකසා තිබේ.

ගස් පෙරලීම පාලනය කිරිමේ පනත

•(වර්ෂ 2000 අංක 1 දරණ සංශෝධිත පනතින් සංශෝධනය වූ 1951 අංක 9 දරණ පනත)

කැලෑ ආඥා පනත තිබිය දීම මෙම පනත ගෙන ඒමේ මූලික අරමුණ වී ඇත්තේ ද වන සම්පත ආරක්ෂා කිරීමයි. මෙහිදී තව දුරටත් වෘක්ෂලතා ආරක්ෂා කර ගැනීමට සඳහා ප‍්‍රතිපාදන සකසා ඇත. මීට විරැද්ධව කටයුතු කරන්නන් හට දඬුවම් පැමිණවීමේ කි‍්‍රයාපටිපාටිය හොඳින් ආවරණය කර ඇත.
පස ආරක්ෂා කිරීමේ පනත

•(වර්ෂ 1996 අංක 24 දරණ හා 1953 අංක 29 දරණ පනත්වලින් සංශෝධිත 1951 අංක 25 දරණ පනත)
මෙම පනත ඇති කිරීමේ ප‍්‍රධාන අරමුණු වන්නේ පස ඛාදනය වීම වැළැක්වීම හා එය අවම කර ගැනීමට කටයුතු කිරීම යි. මිනිස් කි‍්‍රයාකාරකම් නිසා පසට ඇතිවන ඕනෑම බලපෑමක් තවත්වාලීම හා එසේ කරන පුද්ගලයන් හට දඬුවම් ලබාදීමට මෙමගින් හැකියාව ලැබේ.
පුරා වස්තු පනත

•(1998 අංක 24 පනතින් සංශෝධනය කරන ලද 1940 අංක 9 දරණ පනත)

පුරාවස්තු සංරක්ෂණය කොට ආරක්ෂා කරගැනීම උදෙසා මෙම පනත මගින් ප‍්‍රතිපාදන සකසා ඇත. විශේෂයෙන්ම 1998 සංශෝධන පනත ගෙන ඒමත් සමගම නීති ක්ෂේත‍්‍රය කැලඹීමකට ලක්විය. මන්ද මෙම පනතේ විධිවිධාන කඩකරන පුද්ගලයන්ට දැඩි දඬුවම් ලැබෙන ආකාරය දක්වා ඇත. පරිසරය විනාශ මුඛයට ඇඳ දමමින් පුරා වස්තුවලට හානි පමුණුවන කවරකුට වුවද දැඩි දඬුවම් හා දඩ නියම කිරීම මෙමගින් සිදු කෙරෙයි.
කර්මාන්තශාලා ආඥා පනත

•(1976 අංක 12, 1971 අංක 29, 1965 අංක 17, 1961 අංක 54, 1946 අංක 22 පනත් මගින් සංශෝධිත 1942 අංක 45 දරණ පනත)

මෙම පනත මගින් කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සඳහා අවශ්‍ය බලපත‍්‍ර නිකුත් කිරීමට අදාළ ප‍්‍රතිපාදන සකස් කෙරෙයි. පරිසරයට හානි නොවන පරිදි ඒවා හැඩගස්වා ගැනීමට අවසර ලබා දීමට අවශ්‍ය නීති සමුදායක් හඳුන්වා දී තිබේ. කාර්මිකරණයට ලක්වන ලෝකයක් තුළ පරිසරය සුරුකීමට අවශ්‍ය නීතිතමය ප‍්‍රතිපාදන සකස් කිරීම මෙයින් සිදුවේ.

නාගරික සංවර්ධන අධිකාරි පනත

•(1978 අංක 41 දරණ හා 1979 අංක 70 පනතින් සංශෝධිත)

නාගරික සංවර්ධන අධිකාරිය මගින් හඳුන්වාදෙන සැලසුම් දිරිගැන්වීම ද ආර්ථික, සමාජීය හා භෞතිකමය සංවර්ධනය ඇති කිරීමට මෙම පනත සම්මත කොට ගෙන ඇත. ඒ අනුව අනවසර ඉදිකිරීම් හා පාරිසරික හානිකර තත්ත්ව මගින් වන සැලසුම් ප්‍රතික්ෂේප කිරීමටත්, පනත උල්ලංඝනය කරමින් ක්‍රියා කරන්නන් හට විරැද්ධව නීතිමය පියවර ගැනීමට අධිකරණයට යොමු වීමේ බලය පළාත් පාලන ආයතන වෙත පවරා තිබීම වැදගත් කරැණකි.

නාගරික සංවර්ධන ආඥා පනත

•(1979 අංක 57 දක්වා වරින් වර 35 වරක් සංශෝධනයට ලක් වූ 1939 අංක 61 දරණ පනත)

මෙම පනතේ අරමුණ ශ්‍රී ලංකාව තුළ පළාත් පාලන ආයතන පිහිටුවිමය. ඒ අනුව ප්‍රාදේශීය වශයෙන් ඇතිවන සංවර්ධනයක දී මහජනතාව වෙනුවෙන් සෞඛ්‍යමය හා පාරිසරික සංවර්ධනයට මෙමගින් ප්‍රතිපාදන සලසා ඇත.

නගර සභා ආඥා පනත

•(1947 අංක 29 දරණ පනත)

මෙම ආඥා පනතේ ප්‍රතිපාදන නාගරික පළාත් මත විහිදී ඒ අනුව ජනතාවගේ අවශ්‍යතා පරිදි සමාජමය, සෞඛ්‍යමය හා පාරිසරික සංවර්ධනය සිදුකිරිම අරමුණු කොට ගෙන ක්‍රියාත්මක කෙරෙයි.
132 පනතේ සිට විහිදී ඇති වගන්ති ගණනාවකින් පරිසරය ආරක්ෂා කිරීම හා ජනතා සෞඛ්‍යමය වර්ධනය කිරීම සඳහා වැදගත් ඇතිපාදන සකසා ඇත. මෙම ප්‍රතිපාදන එකිනෙකට බැඳී පවතින ප්‍රතිපාදන සමග එක්වී පරිසරයේ ආරක්ෂාවට විශාල දායකත්වයක් ලබාදෙයි.

ප්‍රාදේශීය සභා පනත

•(සංශෝධනය වී ඇත 1987 අංක 15 දරණ)

මෙම පතන මගින් එක් එක් ප්‍රදේශයට අයත් පරිසර තීන්දු තීරණ ගැනීමට ප්‍රදේශීය සභා පිහිටුවා ඇත. මෙහිදී සෞඛ්‍යමය වශයෙන් හා පාරිසරික වශයෙන් හිතකාමී ලෙස ප්‍රාදේශීය සංවර්ධන කටයුතු කළ යුතුය. දැනට පවතින මධ්‍යම පරිසර අධිකාරිය හා ප්‍රාදේශීය සභා අතර පරිසර සුරුකීමට ගන්නා වූ තීන්දු තීරණ විශාල ප්‍රමාණයක් ඇත. ඒ අනුව පළාත් පාලන කටයුතුවලින් පරිසර ආරක්ෂාවට ඇති ප්‍රතිපාදන බොහෝ ඇත.

ජාතික උරැමයන් හා ප්‍රාදේශීය පිළිබඳ පනත



•(988 අංක 03 දරණ පනත)

මෙම පනත මගින් ශ්‍රී ලංකාව තුළ ජාතික උරැමයන් ප්‍රකාශයට පත් කිරීම මූලිකවම සිදු කරයි. ජාතික ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම නිසා ඒවා සංරක්ෂණය හා ආරක්ෂාව සිදුකිරීම ඇරඹුණි. සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළ ද ඒවාට අවසරය ලබාදීම පනතේ සීමාව තුළ සිදු නොවේ. මෙම පනත පාරිසරික ආරක්ෂාවට හා සංරක්ෂණයට ඇති තවත් ව්‍යාපෘතියකි.


අමිල නුවන් මධුසංඛ

ශ්‍රී ලංකාවේ ආදිවාසීන්

ශ්‍රී ලංකාවේ ආදිවාසීන්
 

විජයාගමනයෙන් ඇරඹි හෙළ-ආර්ය ගැටුම අවසන් වී ආර්යයන් හෙළයින් සමග මුසු වන්නේ පණ්ඩුකාභය රජ සමයේ දී ය. මහවංශයට අනුව පණ්ඩුකාභය රජුගේ මවු වුයේ පඬුවස්දෙව් රජුගේ එකම දියණිය වු උන්මාද චිත්‍රා දේවියයි. ඔහුගේ පියා වුයේ දීඝගාමිණී ය. ඔහු පඬුවස්දෙව් රජුගේ බිසව වු භද්දකච්චනාගේ සොයුරෙකු වු දිඝායුගේ පුත්ය. නමුත් වෙනත් මුලාශ්රඝයන්ට අනුව නම් දීඝ ගාමිණි හෙළයකි . එබැවින් පණ්ඩුකාභය කුමරුගේ මව ආර්යයෙක් වන විට පියා හෙළයකි. එබැවින් ඔහු හෙළයන් ට හෙළයෙක් ද ආර්යයන් ට ආර්යයෙක් ද විය. මේ නිසාම ආර්යය ආධිපත්ය යට එරෙහිව හෙළයින් පණ්ඩුකාභය වටා රොක් වන විට ආර්යයන් ද ඔහුගේ නායකත්වය පිළිගත්තේය. ඉන් පසු ආර්යයෝ හෙළයින් සමග මුසු වුහ.
                                               
ඉන් පසුව විවිධ යුගයන් හි ඉන්දියාවේ විවිධ පළාත් සිට පැමිණි ආර්යයෝ මෙන්ම ද්රගවිඩයෝ ද සිංහල ජාතියට මුසු වුහ. එසේ මුසු වු වන් අතර අරාබි , චීන සහ මැලේ ජාතිකයෝ ද වුහ. මෙම මුසු වීම බටහිර ජාතීන් මෙරටට පැමිණීම තෙක් ම අඛණ්ඩව සිදුවිය. සිංහල ජාතිය සංක්රටමණිකයින්ගෙන් පෝෂණය වුණු අයුරින්ම කැලයේ සිටි වැදි ජනතාවද විවිධ කැලෑ වැදීම් තුළින් පෝෂණය විය. සිංහලයේ කිරුළ පතා කෙරුණු අභ්යකන්තර අරගලයන් හි පරාජයට පත් පිරිස් වසර දහස් ගණනාවක් පුරා සිදු කළේ එක්කෝ ඉන්දියාවට පලා යෑමයි. නැතහොත් කැලෑ වැදී වැදි ජනතාවට එක් වීමයි. 
           
                                     
අවසන් වරට එසේ වැදි ජනතාව සමඟ මුසු වුයේ 1848 නිදහස් අරගලයට එක් වි සුදු ආක්රමමණිකයාගේ උදහසට ලක් වු වෙල්ලස්ස ජනතාවයි. මේ අනුව පෙනි යන්නේ සිංහල ජනතාව මෙරට වසර දස දහස් ගණනාවක් ජීවත් වු බවත් පසු ගිය වසර දෙදහස් පන්සිය තුළ වරින් වර සිංහලයන්ගෙන් වෙන්වී කැලෑ වැදුණු පිරිසගෙන් වැදි ජනතාව බිහිවු බවත්ය. එබැවින් වැදි ජනතාව ආදිවාසීන් ලෙස හැදින්වීම ඔවුන්ට වඩා දිගු ඉතිහාසයක් ලක් පොලවේ ඇති සිංහලයින්ට කරන අවමානයකි. එපමණක් නොව සිංහලයන්ට ලක් පොලවට ඇති අද්විතීය අයිතිය අභියෝගයට ලක් කිරීමකි. සිංහලයා මෙරය අනන්ය වු ජන කොටසක් පමණක් නොව මෙරට ආදිවාසීහුය. එබැවින් සිංහලයාගේ ආදිවාසිකම සොරාගෙන වැදි ජනයාට පැලැන්දීමෙන් සිංහලයා තවත් එක් සංක්රවමණික ජන කොටසක් බවට පත්වේ.

අමිල නුවන් මධුසංඛ

සතුටින් ජීවත් වෙන්න

kln.ac.lk
සතුටින් ජීවත් වෙන්න 



වර්තමානයේ බොහෝ දෙනා පිටතින් සතුටින් සිටිනවා සේ විදහා දැක්වුවත්  බොහෝ විට ඇතුළාන්තයෙන් ශෝකයෙන් , සාංකාවෙන් බියෙන්  චකිතයෙන් සිටින්නෝ වෙති. පගේ සතුට බොහෝ විට අප ළඟම ඇතත් බොහෝ දෙනා ඒවා බාහිර දේවල් වෙතින් බලාපොරොත්තු වෙති.
උදාහරණ ලෙස ගතහොත් ඇතමෙක් තමා හට හැඩකාර තරුණියක ඇත්නම් තමා සතුටින් සිටියි යැයි සිතති. ඇතැම් කාන්තාවක තමා හට වත්කම් ඇති සැමියෙක් සිටියොතින් තමා සතුටින් ඇතැයි සිතන්නීය. තවකෙක් තමාට වටිනා මෝටර් රථයක් ඇත්නම් තමා සතුටින් සිටියි යැයි සිතයි. තවත් අයෙක් තමන් හට වටිනා ජංගම දුරකතනයක් ඇත්නම් තමා සතුටින් සිටින්නේ යැයි සිතති. ඇත්තෙන් ම මේ සතුට මායාවක්ම නොවේද? තමාට තමාවම සතුටින් තබා ගත නොහැකිනම්  තමාට පරිබාහිර අයෙක් හෝ දෙයක් තමාව සතුටින් තබන්නේ කෙසේද ? මඳක් සිතා බලන්න. ඉහත මා දැක් වූවා වූ උදාහරණයන් හිදී  හැඩකාර තරුණියට යම් කුෂ්ට රෝගයක් වැළඳුන හොත්  ධනවත් සැමියා හදිසියේ බංකොළොත් වුවහොත් වටිනා මෝටර් රථය හදිසි අනතුරකින් කැඩී ගියහොත්, ජංගම දුරකතනය යමෙක් සොරකම් කළහොත් ඔබගේ සතුට ඔට්ටුවට තබා තිබූ බාහිර දෙය නැති වනවා නේද?
මෙයමයි ගෝතම බුදුන් 
අත්තාහි අත්තනෝ නාථෝ
කෝ හි නාථො පරෝ සියා
අත්තනා’ ව සුදන්තේන
නාථං ලභති දුල්ලභං
තමාට පිහිට තමාමය. වෙන කවරකු තමාට පිහිට වේද? තමා මනාව දැමුණූ කල්හි දුර්ලභ වූ පිහිටක් ලබන්නේය යනුවෙන් දේශනා කළේ.
කෙසේ වෙතත් මා මෙහිදී තවත් දෙයක් සඳහන් කළ යුතුම ය. මේ ජනසමාජයේ බොහෝ දෙනා අතීතය පිළිබඳ තැවෙමින් සිටිති. තමා කළ හෝ නොකළ දේ පිළිබඳ සිතා  ඒ සිතුවිලි තුළ ම මැරි මැරී උපදිති. උදාහරණයක් ලෙස ගතහොත් තමා තවත් මහන්සි වී අධ්‍යාපන කටයුතු කළා නම් විශ්ව විද්‍යාලයට යන්නට තිබුණා නොවේද ? එයින් පසු හොඳ රැකියාවක් ලබා ගන්නවා නොවේදැයි සිතනු ඇත. එසේම බොහෝ දෙනා අනාගතයේ ඇතිවිය හැකි දේවල් නිසා තැවි තැවී සිටිනන් වෙති. හෙට දිනයේ ඇති සම්මුඛ සාකච්ඡාව කෙසේ වේවිද? අනාගතයේ මා හට ජීවත් වීමට මුදල් ලැබේවිද? හෙට දිනයේ තරගයෙන් මා දිනයිද? යනුවෙන් තැවීම මෙයට උදාහරණ වෙයි. ඇත්තෙන්ම මේ අතීතය සිදුවී අවසන් ය. මේ අනාගතය තවමත් සිදුවී නැත්තේම ය. එසේ නම් ඔබ දැන් සිටින්නේ කොතැනද?
ඔබ ජීවත් වන්නේ දැන් නොවේද? ඔබ ගන්නා මේ හුස්ම දැන් ගන්නා හුස්ම නොවේද? ඔබට මනස විවෘත කර තත්ත්වය නිළය  බලය කිසිවක් නොසිතා දැන් ජීවත් වන්නට පුළුවන්ද? එසේ හැකි නම් ඔබ දැනටමත් සාර්ථක මිනිසෙකි. නමුත් බොහෝ දෙනාට මේ මානසිකත්වය නැත්තේම ය. අද ඇති නිළ බලය තත්ත්වය හෙට නැති වුවත් ඔබ හුස්ම ගන්නවා නොවේද ? නැතිවන සෑම බාහිර දෙයක්ම නැවතත් ලබාගත හැකිය. ඔබ කළයුතු යමක් සමාජය විසින් තමාව ලජ්ජාවට පත් කරාවි යයි සිතා නොකර සිටීමෙන් පසුව පසුතැවිලි වන්නේ ඔබම නොවේද? මෙසේ සිතන්න.ඔබ පිරිමියෙකි. පාරේ යන කාන්තාවක හදිසි අනතුරකට මුහුණ පා මහමග වැටී සිටින්නී ඔබ ප්‍රථමාධාර දන්නේ නමුදු ඇයගේ උඩුකය නිරාවරණය කර කෘතිම ස්වසනය හා හෘද ස්පන්දනය ලබා දුන්නේ නම් ඇය ජීවත් කරවීමේ වාසනාව ඇතත් උඩුකය නිරාවරණය නිසා සමාජයෙන් නිගා ලැබිය හැකිය යන අනියත බිය නිසා ඔබ එසේ නොකර ඈ මිය යන්නීය. දැන් ඔබගේ සතුට කොතැනද? ඔබගේ මාන්නය නිසා තවත් ජීවිතයක් අහිමි වූවා නොවේද? ඔබට මේ සිතිවිල්ල සෑමදා මනසේ රැව් පිළිරැව් නොදෙන්නේද?

අනාගතය වෙනුවෙන් සැලසුම් සදන්න. අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න. නමුත් අනාගතයේ හෝ අතීතයේ ජීවත් වීමෙන් වර්තමානයේ සැනසුම විනාශ කරගන්නට එපා! ජීවිතයේ ගෙවෙන හැම තත්පරයක්ම තමාට සහ අනුනට වැඩදායක වන යමක් කරන්න. මතක තබාගන්න ඔබ ගන්නා සෑම හුස්මක්ම දැන් ගන්නේ නම් ඔබ සිතන සෑම සිතිවිල්ලක්ම දැනට අදාළව සිතන්න. ඔබ සතුටින් සිටියි නම් ඔබ වටා සිටින සැවොම සතුටින් සිටිති.
                                                                                                  අමිල නුවන්  මධුසංඛ

පවුලේ ඓතිහාසික විකාශනය

පවුලේ ඓතිහාසික විකාශනය

Kathlean Gouch සඳහන් කරන ආකාරයට මානව ඉතිහාසයේ මුල්ම අවධියේ මිනිසාගේ පැවැත්මද බැබුන් හෝ චිම්පන්සින් වැනි සත්වයින්ට සමාන විය.එසේම දඩයම් යුගයේදී ස්ත්‍රී හා පුරුෂයින් සංවාසයේ යෙදෙන ස්ථාන ගොඩනගා ගත් අතර පුරුෂයින් දඩයමේ ගිය පසු ස්ත්‍රීන් සහ දරුවන් මෙම ස්ථානවල තනි විය.නමුත් මිනිසා පවුලක් ලෙස සංවිධානය වීම ආරම්භ වී ඇත්තේ භාෂාව භාවිතය ආරම්භ කිරීම,ආහාර පිසීම,ගින්දර සොයා ගැනීම වැනි සංවර්ධනයන් ඇතිවීමත් සමගය.
මුල්කාලීනව පරම්පරා කිහිපයකින් යුතුව ගෝත්‍ර වශයෙන් ජීවත් වූ අතර පසුව පවුල පරම්පරා පරම්පරා දෙකකට තුනකට සීමා විය.මෙය විස්තෘත පවුලයි.වැඩවසම් සමාජ අවධියේ වඩාත් ප්‍රබලව පැවතියේ විස්තෘත පවුල් ක්‍රමයයි.නමුත් කාර්මීකරණය සමග ඇතිවන සමාජ වෙනස තුළින් න්‍යෂ්ටික පවුල් රටාව ඇති වේ. විස්තෘත පවුල තුළ දරුවන්,ඔවුන්ගේ දරුවන් හා දෙමාපියන් වශයෙන් පරම්පරා තුනක සාමාජිකයින් සිටී. විස්තෘත පවුල හා න්‍යෂ්ටික පවුලට අතරමැදි පවුලක් ලෙසට බද්ධ පවුල දැක්විය හැකිය.එය ඉන්දියානු සමාජයේ දැකිය හැකිය. එහි ජීවත්වූයේ පරම්පරා දෙකක සාමාජිකයන් පමණකි. කාර්මීකරණයත් සමගම විස්තෘත පවුලේ සාමාජිකයන්ට රැකියාව සඳහා ජීවත්වන ස්ථානයෙන් බැහැරව යාමට සිදුවිය.මෙසේ යාමේදී සාමාජිකයන් සියලු දෙනාම නගරයට ගෙනයාමට නොහැකි විය.ඒ අනුව කුඩා පවුල් නිර්මාණය විය. න්‍යෂ්ටික පවුලට අයත් වූයේ දෙමව්පියන් හා දරුවන් පමණකි.න්‍යෂ්ටික පවුල බිහිවීමත් සමග අනෙකුත් ඥාතීන්ගෙන් දුරස්වීමක් සිදුවිය.එය නිදහස පිළිබඳ අදහස මත බිහිවු පවුලක් ලෙස දැක්විය හැකිය.මව පියා දරුවන් මෙම පවුලේ සාමාජිකයන් වෙති.
වර්තමානය වන විට පවුල කුඩාවෙමින් පවතී.එම නිසා පවුල් ප්‍රතිපත්ති සෑදීමට සිදු වී තිබේ. 2004 වර්ෂය year of the family ලෙස නම් කර තිබේ. පවුලක සාමාජික සංඛ්‍යාව අඩුවීමට බලපා ඇති හේතු සඵලතාවයේ ශිඝ්‍ර බැස්මට හේතුන් වන්නේ
  • පවුලේ සාමාජිකයන් විදේශගත වීම
  • විවාහවන වයස ඉහළ යාම
  • ගබ්සාවන් හා පවුල් සැලසුම් භාවිතය
  •  පරම්පරා අතර ගැටුම
  • දික්කසාද වීමේ ප්‍රවණතාවය වැඩිවීම
  • එකට ජීවත්වීම(living together)
  • න්‍යෂ්ටික පවුලක් සාදාගැනීමට වැඩිදෙනෙකු කැමතිවීම
පවුලේ කාර්යභාරය
පවුල් සංස්ථාව සමාජයේ පවතින්නේ එහි ව්‍යුහාත්මක ස්වරූපය මත නොව එමගින් සමාජයට ඉටුකරන කාර්යභාරය මතය.එමගින් අදහස් කරන අන්දමට පවුලේ ව්‍යුහය යනු පවුලෙන් අපේක්ෂා කරන කාර්යභාරය ඉටුකිරීම සඳහා ඒ ඒ සමාජයට අනුව පවුල හැඩගැසී ඇති ආකාරයයි.
William J.Good (1964) පවුලේ කාර්යභාරය ලෙස දක්වන්නේ
  • දරුවන් බිහිකිරීම
  • සමාජ අනන්‍යතාවය පැවරීම
  • සමාජානුයෝජනය
  • සමාජ පාලනය යනාදියයි

මර්ඩොත්ගේ ඉදිරිපත්කිරීම් අනුව ගත්විට ද ලිංගික කාර්යය,ප්‍රජනනය,අධ්‍යාපනය සමාජානුයෝජනය හා ආර්ථික සහයෝගීතාවය පවුලක කාර්යභාරය වේ. ටැල්කොට් පාසන්ස් (1971)අනුව පවුලේ විශ්වීය කාර්යයන් දෙකක් ඇති බව දක්වයි.
  • සමාජානුයෝජනය
  • පෞරුෂ වර්ධනය
මේ අනුව පවුලේ කාර්යයන් ප්‍රධාන වශයෙන් 04ක් තිබේ.

1.ජීව විද්‍යාත්මක කාර්යය
2.ආර්ථික කාර්යය
3.සංස්කෘතික කාර්යය
4.මනෝවිද්‍යාත්මක කාර්යය
වර්තමානයේ පවුලෙන් ඉටුවිය යුතු කාර්යයන් වෙනත් ආයතන මගින් සපුරාගැනීම නිසා පවුලට තිබෙන වටිනාකම පවුලක අවශ්‍යතාවය අඩු වී තිබේ. තවදුරටත් පවුල යන ඒකකය සමාජයේ පැවතීමේ අවශ්‍යතාවයක් නොමැති බව Spiro යන පුද්ගලයාගේ අදහස වේ.ඒ සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන,පාසල යනාදී ආයතන බිහි වී තිබේ.


අමිල නුවන් මධුසංඛ