කොල්ලො ටිකත්
එක්ක එහෙ මෙහෙ සවරං ගහපු නාඹර හිරිමල් ගැටය කාලෙ අම්ම නිතරෝම කිව්වෙ, පොඩිඑකෝ... නටන්නෙ නැතිව පොතක් බලාගනින් කියල. කොට කලිසම දික්වෙලා මනමාලකම්
මෝදුවෙලා එනකොට අපේ පොත් අස්සෙ නෝට් වලට වඩා වැඩිපුරම තිබුනෙ කුරුටු ගීත. දෙතුන්
සීයක් අතරින් කනාවට වගේ කැම්පස් සිලෙක්ට් වුනාම ගමේ උන් විතරක් නෙමෙයි ඉස්කෝලෙ
හිටපු සර්ල මිස්ලත් අපි දිහා බැලූවෙ අමුතු සත්තු ජාතියක් දිහා බලනව වගේ. ඒකටත්
පට්ට ගේමක් දෙන්න වුනා කියල දන්නෙ අපිම
විතරයි. ටියුෂන් මාස්ටර්ලත් ඒකට වගකියන්න
ඕනි. මොකද කැම්පස් ගැන එයාල මවපු සුරංගනා හීන විසේකාර පිරිමි හිත් වලට හරි
අපූරු මෝටිවේට් එකක් වුනා. ජිවිතේ ගැන ඒ තරම් ආලවට්ටම් හීන තිබුනෙ නැතත් කැම්පස්
එක ගැන ටිකක් අමුතු විදිහෙ රැඩිකල් හීනයක් හිත් අස්සෙ සායම් තැවරුවෙ කාටත් හොරෙන්.
ඇත්තටම ඒක අමුතු සුරංගනා ලෝකයක් තමයි.
ලෙක්චර් කට්
කරල කොල්ලො සෙට් එකත් එක්ක වල බැහැපු දවස්වල කරපු ආතල් වැඩ... ෂා... මරේ මරු.
පිකට් එකක් සෙට්වෙච්ච දවසට පාරට බැහැල කෑගැහැව්වෙ නොලැබුණු ඉල්ලීම් දිනාගන්න
තිබුණු හැබෑම කැක්කුමකින්. ගහක් යටට වෙලා කොක්කත් එක්ක ආතල් එකේ ගත කරපු දවස් ලෙක්චර් ගියපු දවස් වලට
වඩා වැඩි මිසක් අඩුනම් නෑ.
මේ හැමදේකටම බලපාන්න ඇත්තෙ හොස්ටල් පිට් එක කියලයි දැන් හිතෙන්නෙ. ඒක ලොකු ශක්තියක් වුනා. එක ටවල් එකෙන් ඇඟ පිහදාපු, එක ඇඳුම හෝද හෝද පට්ට ගහපු, හැන්දෑවට චමරියකට සෙට්වෙලා රොත්ත පිටින් වැටිල නිදාගත්තු කාලෙ තිබුණු ෆන් එක ආයෙනම් ලැබෙන එකක් නෑ. අපේ එවුන් අතරෙ තිබුනෙ පුදුම බැඳීමක්. මඟුලක් කපක් වුනහම අතාරින්නෙ නැතිව ඒවට සම්මාදම් වුනේ ඇත්තටම බොක්කෙන්මයි. පොද්දො අලයො අපතයො අතරෙ වැඩකරන මිනිස්සු හිටියෙ හරිම අඩුවෙන්. තමන්ගෙ ගොඩ වැඩිකරගන්න දගලපු සමහර එවුන් එක්සෑම් කාලෙ මෙන්ඩිස් දාල ගිරව දාල ජාම බේරගන්නකොට පොදු වැඩ වෙනුවෙන් මැරීගෙන වැඩ කරපු සමහර වුන් යාන්තම් එක්සෑම් කොඩදාගත්තෙ කාන්තා වීරවරියක් දාපු කුප්පියකට පිංසිද්ධ වෙන්න.

කාලෙ ගෙවිල
ගියෙ අපිටත් නොදැනිමයි. නැව් එක දෙක කැම්පස් එකට එන කොට අපි ජේෂ්ඨයො වුනා. යන්න
කාලෙ ලංවෙන කොට තමයි තමන්ගෙකම් මතක් වුනේ. අපි ආව කාරණාව මතක් වුනේ. හිත් ඇතුලෙ
මතකයන් මහ ගොඩක් තියෙනව. ඒ අපි කරපු කියපු දේවල් වල මතකයන්. ඒත් ඇත්තටම ආපහු හැරිල
බලපුවහම මොකක්දෝ අඩුවක් තේරෙනව. මොනවදෝ අතපසුවුණු හැගීමක්. එත් ඒක විස්තර කරන්න
තේරෙන්නෙ නෑ. උපාධිය කියල සහතිකයක් අතට ලැබුණත් එකට වටිනාකමක් දෙන්න අපිට බැරිවුනේ ඇයි කියල අපි අපෙන්ම අහනකොට ගොඩක් පරක්කු
වැඩියි.
මේ හැම දෙයක් අතරෙම ආතල් අරුමෝසම් ජිවිත කරත්තෙ නිස්සාරබව තේරෙන්නෙ උපාධි සහතිකෙත් අරන් රස්සාවක් ගන්න රටේ ඉන්න වැදගත් කියාගත්තු සමහර උත්තමයෙක්ගෙ දනින් වැටෙන කොටයි. අපරාදෙ තරුණ ජිවිතේ නාස්තිවෙලා ගියා නේද කියල හිතෙනකොට සුසුමක් හෙලනව ඇරෙන්න වෙන කරන්න දෙයක් මතකෙටවත් එන්නෙ නැහැ.

සටහන :- අමිල
නුවන් මධුසංඛ
No comments:
Post a Comment