සඳ මංකඩට තව දුරයි.
පුපුරු ගසන වාතලය සිසාරා සර සර හඩින් ඇදී යන සුළං රැළි පවා අවකාශය තුල ඇති කරන්නේ සිසිලසක් නොව උණුසුමක්ම පමනි. බැලූ මානයේ පෙනෙන මානයේ දැකගත හැකි වන්නේ හිරු රැසින් ගිනියම් වූ කාශ්ඨක මහපොළවයි. සුන්දරත්වය, ලඳ බොළඳ බව, ලාමක බව උපතින්ම උරුමකරගත් කාන්තාව ඒ සියල්ල උකසට තබන්නේ තමා වෙනුවෙන් නොව සිය ආදරනීයයන්ගේ බඩ වියත වෙනුවෙනි. ඔවුන්ගේ පලල් සිනහව වෙනුවෙනි. ගිනි කතරක මෙහෙවර උදෙසා යන කාන්තාව සතුටක් සැනසුමක් ලබනුයේ තම ප‍්‍රියයන් දුක තුනී කර නගන සිනහව තුලිනි. අසරණකමේ පතුලටම කිමිදුණු විටකදී පවා ඇය රට රැුකියාවක් වෙනුවෙන් සිය භෞතික වස්තූන් උකසට තබන්නේ මානුෂීය වත්කම් ද සමගිනි. කෙසේ නමුත් සියල්ල මෙසේ සිදුවන විට කාලය මවන වෙනස පසක් වන්නේ පසුකාලීනවය. වර්තමානයේ ඇයට එතරදී බලාපොරොත්තුවන සතුට හා සැනසුම ලබාගත හැකිවේද යන්න සැක සහිතය.
මැදපෙරදිග.....බොහෝ දෙනා සිතන පරිදි ලාංකේය දිළිදු කාන්තාවගේ සතුට රැුදී තිබෙන රජදහන වී හමාරය. ඒ කාරණය ඒ සිතුවිල්ල එසේ වන්නට පුලූවන් වග මීට දශකයකට පමන පෙර සනාථ කරන්නට පුලූවන්කම තිබුණි. ලාංකේය නූගත් නිර්ධන පන්තිය පමනක් නොව උගත් මධ්‍යම පාන්තිකයන් පවා සිතනුයේ රට රැුකියාවකට යාම යනු සියලූ යස ඉසුරෙන් පිරි දිවියකට අඩිතාලමක් දැමීමක් ලෙසිනි. නෙක විසිතුරු විලාසිතා, කන කර ආභරණ, පුයුර ටින්, ඇපල්, මිදි, ටොෆි, චොකලට්, චීස්, බටර් ආදී නොයෙකුල් වෛවර්ණ තොරොම්බල් ඔවුන්ගේ සිහින ලෝකයන්හි අරක්ගෙන හමාරය.
නමුත් මේ සියල්ලට යටින් සැගව තිබෙන යථාර්තය නමැති කටුක වේදනාව උසුලන්නේ මැදපෙරදිග අපාදුක් විදින අසරණ කාන්තාවම පමනකි. තම සියලූ වත්කම් උකසට තබා උඩු ගුවනේ ඈ පියඹා යන්නේ සීත කාමර වල කැරකෙන පුටු මතට වී පරිගණකයක් ඉදිරිපිට සිය රැුකියාව නොකරන්නට වග ඇයටම අමතක වූ සෙයකි. නමුත් සිහින තුලින් මිදී යථා ලොවට පැමිනි කල්හි ඇයට සිදුවන්නේ තවත් අයකුගේ ඉදුල් හෝදන්නටත්, බත් තම්බන්නටත්, කිළිටි සෝදන්නටත් පමනක් බව ඇය අවබෝධ කර ගනී. එහි සැබෑ අත්දැක’ම විඳිය හැක්කේ ඇයටම පමනක් නිසා ඈ තුලින් යස ඉසුරු පතන වුන් හට එය නොවැටහ’ම අරුමයක් නොවේ.
ඇයට හිමි ගරුත්වය අද ලැබේද .....? ඇයට සිය වගකීම් ඉටුකර සැනසිල්ලේ සිටිය හැකිද ..... ? වර්තමානයේ සජිවීව ජිවත්වන ඔබට ඒ සඳහා පිලිතුරක් ලබාද’ම අවැසි නොවේ. මවකට සිය දරුවන් යනු මිනි මුතු සේ සමාන සම්පතක් බව පැවසිය යුතු නැත. එහෙව් මවක් සිය සුරතල් දරුවන් මෙරට තනිකර දමා වෙනත් රටකට ගොස් තවත් දරුවකු සුරතල් කරන්නට නළවන්නට සිදුවීම තුල ඈ පෙළෙන චිත්ත පීඩාව ඈ පෙළෙන මානසික තැවුල වටහාගන්නට කිසිවකුට නොහැකිවීම ඛේදනීය තත්ත්වයකි. විශ්වයේ වෙසෙන සමස්ත මින්ස් වර්ගයාම ඇට මස් ලේ නහර වලින් සැදි වේදනාව සතුට එක ලෙස උරුම සජිවී සත්ත්වයකු බව දැන දැනත් ජාතික ආගමික සංස්කෘතික යන පටු ආකල්ප පදනම් කරගනිමින් යමෙකු මානසික වශයෙන් පවා පීඩාවකට පත්කරනු ලබන්නේ නම් ඔවුන් තවත් එවැනිම මිනිස් කොට්ටාශයක් විය නොහැකිය. ඔවුන් අයත් වන්නේ මනුෂ්‍ය වර්ගයට ද පේ‍්‍රත වර්ගයටද යන වග තීරණය කළ යුත්තේ ඔබමය. කනගාටුදායක සිදුවීම වන්නේ අද වන විට මේ සියලූ පීඩා ඇයට විඳින්නට සිදුව තිබීමයි. තම දෙමාපියන් හා සහෝදරයින් හට අරුමැසි ජිවිතයක් උරුම කරන්නට දුරු රට ගිය රිසානා සිය ජිවිතයෙන් පවා වන්දි ගෙවූයේ මැද පෙරදිග යනු සුරලොවක් නොවන වග යලි යලිත් අප වෙත පසක් කරලමිනි. අඹන්පොළ කුසුමාවතීගේත්, වාරියපොළ චන්ද්‍රකාන්තිගේත් සිරුරු තුලට යකඩ කටු ඇතුලූ කරන විට ඔවුන්ගේ වේදනාව නොදැනෙන්නට ඇත්තේ ගල් හදවත් ඇත්තවුන් ඔවුන්ගේ සමාජ සංස්කෘතික වටපිටාවෙන් ලබාගත් හුරුව නිසා විය හැකිය. සමස්තයම නැති වූවත් බහුතරයක් දෙනා අද වන විට යථා තත්ත්වය අවබෝධකරගෙන සිටියද වගකිවයුතු අයවලූන් ලෙස රටේ පාලක පන්තියේ අවධානය මේ කෙරෙහි යොමු නොවීම කනගාටුවට කරුණකි.
ඕනෑම පුද්ගලයකු සතුව පෞද්ගලික නිදහසක් උපතින්ම හිමිව ඇත. තම ස්ව කැමැත්ත පරිදි රිසි ආගමක් අදහන්නකුට කස පහර දෙන්නේනම් එම සමාජ නීතිය කුමක්දැයි ඔබ ප‍්‍රශ්න කරනු ඇත. නමුත් වර්තමානයේ අත්දකින අථාර්තය එයයි. නීතිය අවනීතිය වී තිබෙන යුගයක සේවකයා වහළකුගේ තත්ත්වයට ඇද දමා තිබෙන යුගයක නිදහස යනු තවත් එක් සුන්දර වචනයක්ම පමනකි. කාන්තාවට එය හුදෙක් මිරිඟුවක් පමනක් වීම පුදුම වන්නට කාරණයක් නොවේ. තම ජිවන ගමන තුල නෙක සිහින දකිමින් දුරු රට යන කාන්තාව ඒ සිහින යථාර්තයක් කරගත නොහී සිහින තුලම මිහිදන් වන අවස්ථා ද නොයෙක් තැන්හි දැකගත හැකිය. යම් අවස්ථා වල සර්ව සම්පූර්ණ භාහිර හා අභ්‍යන්තරික ශරීරාංග වලින් යුක්තව මෙරටින් නික්ම යන ඈ ආපසු පැමිනෙන්නේ සියලූ බලාපොරොත්තු සුන් වූ නොපෙනෙන අඟපසග පවා කුරුරු මිනිසුනට පූජාවක් කරමිනි.
මෙවන් වූ වපසරියක් තුල ඈ ලබන සතුට කුමක් ද ? කාලවර්ණ ලෝකයක් තුල ඉන් බිඳක් ගෙන සඳ සිත්තම් කරන්නට පෙරුම් පුරනා කාන්තාවන්ගේ හෙට දවසේත් අදුරු ඉරනම මෙයම ද ? ඈ මවනා සෑම සිතුවමක්ම බොල් පිනි කැටයකින් දියවී වියැකී යන්නේ නම් ඇගේ වීර්යයේ ප‍්‍රතිඵල කොහිද ? නමුත් මේ සියල්ලටම ඉහළින් සරණා සඳ දේවතාවිය කෙදිනක හෝ ඇයව සිය දෑස් මානයෙන් මුදාහල දිනෙක ප‍්‍රචන්ඩත්වයට අභියෝග කරන්නට ඇය සූදානම්වනු නොඅනුමාන ය.
සටහන :- අමිල නුවන් මධුසංඛ.
No comments:
Post a Comment