දොරකඩ අස්න

Tuesday, June 30, 2015

වෙරළ තරුණයින්...

වෙරළ තරුණයින්...
 
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන්ම විදේශිකයින්ගේ ආකර්ශනයට ලක්වූ දිවයිනකි. විදේශිකයින්ගේ ලංකාගමනය අද වන විට ව්‍යාපාරයක් බවට ද පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම අතින් පෙරමුනේම සිටින සංචාරක ව්‍යාපාරය තුල වර්තමානයේ නොයෙක් ගැටලූ දැකගත හැකිය. විශේෂයෙන්ම වෙරළ සංචාරක කලාපය කේංද්‍ර කරගනිමින් බිහිවී තිබෙන බීච් බෝයිස් හෙවත් වෙරළ තරුණයින් සංචාරක ව්‍යාපාරයේ පැවැත්ම කෙරෙහිත් ලංකාව පිළිබඳව විදේශිකයින් තුල පවතින ප‍්‍රතිරූපය බිදවැටීම කෙරෙහිත් ප‍්‍රබල බලපෑමක් එල්ල කරනු ලබයි.
මෙම වෙරළ තරුණයින් බොහෝ විට සිදු කරන්නේ සංචාරකයින් එනතුරු වෙරළට වී රැුකවල් ලා සිට වචන භාවිතයෙන් ඔවුන් සිය ග‍්‍රහනයට නතු කොට සංචාරකයින්ගෙන් ගතමනාවක් ලබාගන්නට කටයුතු කිරීමයි. ඒ සඳහා ඔවුන්  ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවේ. සංචාරකයින්ට මගපෙන්වීම මෙන්ම අවශ්‍යනම් සංචාරක කාන්තාවන්ට ලිංගික සේවා සැපයීම ද වෙරළ තරුණයින්ගේ නිල නොවන රාජකාරියේ එක් අංගයක් බව ප‍්‍රසිද්ධ රහසකි.
වර්තමානයේ බෙන්තර ප‍්‍රදේශයේ වෙරළ තරුණයින් විදිමත් පුහුණුවකට යොමු කොට ඇති අතර ඔවුන් හදුන්වන්නේ බීච් ඔපරේටර්ස් යන නමිනි. එමෙන්ම ඔවුන්ට කහ පැහැති නිළ ඇඳුමක් ද ලැබී තිබෙයි. මෙරට ඒඞ්ස් රෝගය වළදී තිබෙන බහුතරයක් පිරිස මෙම වෙරළ ආශ‍්‍රිතව ගැවසෙන වෙරළ තරුණයින් බව මෑතකදී සිදු කළ පර්යේශනයකින් හෙළිවී තිබේ.
 
-අමිල නුවන් මධුසංඛ-

Monday, June 29, 2015

සාමය ‍යනු

kln.ac.lk
සාමය ‍යනු
 
සාමය ‍යනු සහජීවනය පවතින එනම් එදිරිවාදකම් රහිතවූ අවස්ථාවකි. ප්‍රචණ්ඩ ජාත්‍යන්තර කලහයක විරාමය සනිටුහන් කිරීමටද මෙම පද වචනය භාවිත වේ; මෙම ජාත්‍යන්තර සන්දර්භය තුල අර්ථ විග‍්‍රහය කළහොත් පදයේ අර්ථය වනුයේ යුද්ධය ‍යන්නේ විරුද්ධාර්ථයයි. කිසියම් ඕනෑම පාර්ශවයන් කිහිපයක් අතර ගෞරවාන්විත සැළකිල්ල, යුක්ති සාධාරණත්වය, හා හොඳහිත යන ගුණාංග විදහාපාන සම්බන්ධතාවයක් පවතී නම් එයද සාමය ලෙස හැඳින්විය හැක.
සාමාන්‍ය වශයෙන් සැලකූ කල යම් අයෙකු වෙනත් පරිසර වලට සාපේක්‍ෂව සාමකාමී ලෙස හඳුන්වන නිසල, ශාන්ත, හා සන්සුන් පරිසරයක් ඇසුරෙහි පවතින්නේ නම් ඔහුට හෝ ඇයට සාමය ලඟා විය හැකිය. ඉහත ආකාරයේ සාමයක් යම් අයෙකුට ලඟා කර ගත හැක්කේ ස්වෝත්සාහයෙන් තම ඇතුලාන්ත චරිතය "සාමලැදි" බවට පත්කොට ගෙන ස්වකීය අභ්‍යන්තරයෙහි සන්සුන් බව, ශාන්ත බව හා සමතුලිතතාවය පවත්වාගෙන යෑමෙනි.
 
සටහන :- අමිල නුවන් මධුසංඛ

Sunday, June 28, 2015

‍ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගය

kln.ac.lk
‍ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගය


මහියංගණ පෙදෙසේ විසූ යක්ෂයින් ඈත අතීතයේ දී මෙරට විසූ ආදිමානවයන් ගෙන් පැවත ආ මිනිස් කොටසක් බවත් වර්තමානයේ බින්තැන්නේ වෙසෙන වැද්දන්ගේ මුතුන් මිත්තන් ඔවුන් බවත් පෙන්වා දෙන මානව විද්‍යාඥයන් ගේ නිගමනයන්ට අනුව ද වැද්දන්ගේ මුතුන් මිත්තන් වන යක්ෂ ගෝත්‍රිකයන් හා නාග ගෝත්‍රිකයන් වාසය කර ඇත්තේ බින්තැන්නේ ය. බින්තැන්නට එකල අයත් වපසරිය මහවැලි ගං තීරයේ සිට දිගින් සැතපුම් හතළිහක් හා පළලින් සැතපුම් 16ක් පමණ වේ.
සමන්තකූට වර්ණනාවේ සඳහන් අන්දමට යක්ෂ, නාග හා දේව යන ගෝත්‍රික ජනයා මේ ‍පෙදෙස්හි විසූහයි සිතිය හැකිය. යක්ෂ ගෝත්‍රිකයෝ යනු දඩයමෙන් දිවි රැකගත් පිරිසක් වූහ. නමුත් ඔවුන් කැලයේ උපදින බොහෝ දෙයින් ප්‍රයෝජන ගත්තා විය හැකිය. එමතුද නොව ඔවුහු යම්තරමකට හෝ ශිෂ්ටාචාරයට පත්වූ ආයුධ නිපදවීම පිළිබඳ නිපුණතාවයක් දැක්වූහ. යක්ෂ නාමය ඔවුනට උරුම වූයේ යකඩ වැනි ලෝහ ආශ්‍රිත ආයුධ නිපද වූ නිසා යැයි පැවසේ.
නාග ගෝත්‍රිකයන් හුදෙක් වාණිජ්‍ය කටයුතුවල නිරත වූ වෙළඳ ප්‍රජාවක් බවත් දේව ගෝත්‍රිකයන් ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් දියුණු මනසකින් යුක්ත වූ බවත් පැවසේ.
බුදුන් වහන්සේ ලක්දිව මහානාග උද්‍යානයට වැඩම ‍කළේ එම උද්‍යානය අරභයා යක්ෂ නාග ගෝත්‍රිකයන් අතර පැවැති ගැටුම නිරාකරණය කොට බුදුදහම ලංකාද්වීපයේ ස්ථාපිත කිරීමට ය.
ලක්දිව ශුද්ධ කිරීම පිණිස බුදුන් වහන්සේ මෙහි වැඩම වූ බව වංශ කතාකරුවන් සඳහන් කරන්නේ යක්ෂ නාග ගෝත්‍රිකයන් අතර පැවැති ගැටුම නිරාකරණය කිරීම සඳහා පැමිණියේ යැයි සඳහන් කිරීම විය හැකිය.
“යක්ෂයිනි, මම තොපගේ බිය හා දුක පහකරන්නෙමි. තොපි සමඟිව මට මෙතන ඉඩක් ලබා දීමට කැමති ද?
“ස්වාමීනි, අපි ඔබ වහන්සේට මේ ලක් ධරණී තලය ම දෙන්නෙමු; අපට අභය දුන මැනව”
මහාවංශයේ (1 - 23 සිට 27) සඳහන් මේ විස්තරය විග්‍රහ කර බැලීමේ දී පැහැදිලි වන කරුණු කිහිපයක් ඇත. බුදුන් වහන්සේගේ අභිප්‍රාය වූයේ යක්ෂයන් බියගන්වා පලවා හැරීම නොව ඔවුනගේ දුක දුරු කිරීමට ය. බිය දුරු කිරීමටය. එසේ නම් .. ඔවුනට ද බුදුන් වහන්සේ දහම් දෙසන්නට ඇත. එසේ නොකොට ඔවුන් විවිධාකාරයෙන් බිය ගන්වා වෙනත් දේශයකට පලවා හැරීමක් කළේ යැයි (මහාවංශ කතා කරුවා සඳහන් කරන පරිදි) සිතීම බුදුන් වහන්සේට කරන නිගරුවකි. අංගුලිමාල වැනි දරුණු මිනීමරුවන් ද ආලවකයන් වැනි ප්‍රචණ්ඩකාරීන් ද, අලි ඇතුන් ද හික්මවාලමින් ඔවුනගේ සසර බියත් දුකත් දුරු කළ බුදුන් වහන්සේ ලක්දිවට පැමිණ යකුන් දමනය කර ගිරි දිවයිනට පලවා හැරියේ යැයි කීමෙන් අදහස් වන්නේ “දෙපිරිස අතර පැවැති මහානාග වනෝද්‍යානය පිළිබඳ ගැටලුව නිරාකරණය කර යක්ෂ ගෝත්‍රිකයන්ට කඳුකර (ගිරි) ප්‍රදේශයත් නාග ගෝත්‍රිකයන්ට ඔවුන්ගේ උද්‍යාන ප්‍රදේශයත් ලබා දීම ය.”
“ස්වාමීනි අපි ඔබට මුළු ලක් ධරණි තලය ම දෙන්නෙමුÓයි සඳහන් කිරීමෙන් යක්ෂ ගෝත්‍රිකයන් නාග හා දේව ගෝත්‍රිකයින් අබිබවා මුළු ලක්දිව පුරා ම සිය බලය තහවුරු කරගෙන සිටි බව ය.
වෙළඳ කටයුතුවල නියැළි නාග ගෝත්‍රිකයන් ලක්දිව මහවැලි කැලණි ගංගා ආශ්‍රිත ව විසූ සුළු ජන ‍ෙකාටසක් සෙයින් බුදුන් වහන්සේ ‍ෙග් පැමිණීමෙන් පසුව ද ඔවුන් ගේ ව්‍යාප්තියක් රට මැදට සිදු නොවීය. ප්‍රබල යක්ෂ ගෝත්‍රිකයෝ කඳුකර පෙදෙස් කරා ගියහ.
ප්‍රචණ්ඩකාරී දරුණු මිනිස් කොටසක් වූ යක්ෂයෝ ගිරි දිවයිනට යැවූහයි මහාවංශ කතාකරුවා අතිශ‍යෝක්තියෙන් යුතුව දක්වා ඇති විස්තරයෙන් ඔහු තුළ තිබූ නිර්මාණ සාහිත්‍යකරණයේ දක්ෂතාව මැනවින් පිළිබිඹු වේ. බෞද්ධයන් තුළ සර්ධාසම්පන්න භක්තිය ඇතිකිරීම සඳහා යොදාගත් අතිශයෝක්තීන් ඉතිහාසය හැදෑරීමේ දී නොසලකා හැරිය යුතු වේ.
යක්ෂ ගෝත්‍රිකයන් ගෙන් පැවත එන වැද්දන් මෑත භාගය වන තෙක්ම ජීවත්වුයේ කඳු ආශ්‍රිතවය. ‘කන්දක් කොතැනක ද වැද්දන් එතනය’ යන උද්ධෘතය ආර්. එල්. ස්පිටල් යොදා ඇත්තේ ප්‍රායෝගිකව ඔහු ලැබූ අද්දැකීම් මත ය. මහාවංශයේ සඳහන් වන ගිරි දිවයින ‘හුන්නස් ගිරිය’ විය හැකි යැයි ඇතමකු පවසන අතර, ගිරි දිවයින ලකේගල යැයි ඇතමෙක් පවසති.
ඔවුන් ගේ නිගමනයන් කෙසේ වෙතත් ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිතව හා බින්තැන්නේ කඳු ආශ්‍රිතවත් යක්ෂ ගෝත්‍රිකයන් විසූ බවට සාධක ඇත.
“හුන්නස් ගිරියේ කන්දේ කොටති - දුන්නක් අරගෙන දඩයම් කරති” ආදී වශයෙන් බින්තැන්නේ කාරියාගයේ දී කියවෙන කවිවලින් ද මංගර පිදිල්ල යකුම, කොළ මඩුව ආදී ජන ඇදහීම් කිහිපයකදී ම මෙවන් කඳුකර ආශ්‍රිත පෙ‍ෙදස්වල විසූ යක්ෂාධිපතින් ගැන කියැවේ.
මේ අනුව යක්ෂ ගෝත්‍රික ජන සමාජයේ ප්‍රධාන මූලස්ථානයක් වශයෙන් බින්තැන්න ප්‍රදේශය පුරාණ කාලයේ සිට පැවති බව සැකයකින් තොරව නිගමනය කළ හැකි ය. එබැවින් බින්තැන්න ලංකා ඉතිහාසයේ පුරාණතම අවධිය දක්වා විහිදී ගිය ලාංකික අනන්‍යතාව විදහා දක්වන ප්‍රදේශයකියි කීම අතිශයෝක්තියක් නොවේ.
බින්තැන්න යන වචනය පාලි භාෂාවෙන් ‘මහියංගණය’ යනුවෙන් භාවිතයට ඒමත් සමඟ ඇති වූ ආකල්පමය හැඟීම නිසා ‘මහියංගණය’ හා බින්තැන්න යනු දෙකක් බවට වර්තමානයේ දී සැලකේ. එහෙත් බින්තැන්න යන ව්‍යවහාරයෙන් කියැවෙන්නේ ද මහියංගණය යන පාලි භාෂාවෙන් අර්ථවත් වන (මහි + අංගනය) ම ය. එය මහවැලි ගඟෙන් මෙගොඩ ගල ඔය දක්වාත් නැඟෙනහිර දෙසින් ඒරාහුරුව දක්වාත් පැතිරී තිබුණි.
මේ ප්‍රදේශයන් හි වාසය කළ බහුතර ජන කොටස වූයේ යක්ෂ ගෝත්‍රිකයෝ ය; නාග ගෝත්‍රිකයන් ගංගා ආශ්‍රිතව හා වෙරළ ආශ්‍රිතව වෙසෙමින් නාවික ගමන්වල යෙදෙමින් වෙළඳාමෙහි සුළු ප්‍රමාණයකින් යුක්ත වුවන් ය. දේව වංශිකයින් බින්තැන්නේ ඌව සබරගමුව පෙදෙස්වල විසූ ගොවිතැනෙහි නිරත වූවන් ය. මනසින් වඩාත් උසස් ඔවුහු මෙන්ම නාග ගෝත්‍රිකයෝ ද, බුදු දහමට නැඹුරු වූහයි සිතිය හැක.
දේව ගෝත්‍රික සුමන දෙවියෝ බුදුන්වහන්සේ ජීවමානව සිටිය දී ම උන්වහන්සේගෙන් ලබා ගත් කේශ ධාතු නිදන් කර මහියංගණ ස්තූපය ගොඩනැඟූහ. එය සුමන සමන් දෙවියන්ගේ තනි ප්‍රයෝජනයට ඉදිකරන ලද්දක් නොවේ. බුදුන් වහන්සේට වන්දනා මාන කළ අනෙකුත් ගෝත්‍රිකයන් ගේ වන්දනා මානයට මහියංගණ ස්තූපය බඳුන් විය. මේ ස්තූපය ඉදිකර වසර 45ක් ගතවන අවස්ථාවේ දී බුදුන් වහන්සේ පිරිනිවන් පෑහ. බුදුන් වහන්සේගේ ආදාහන සෑයෙන් සරභූ මහ රහතන් වහන්සේ ග්‍රීවා ධාතුව ගෙනවිත් මියුගුණ සෑයේ නිදන් කොට ස්තූපය දොළොස් රියන් තරම් විසල් කොට ඉදිකළහ.
විජය රජු මෙරටට පැමිණීමට පෙර මෙන්ම මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත හිමිවරුන් මෙරටට වැඩම කොට බුදු දහම රාජ්‍ය අනුග්‍රහය යටතේ ලක්බිමේ ස්ථාපිත කිරීමට පෙර බෞද්ධයන්ගේ වන්දනාමානයට පාත්‍ර වන ස්තූපයක් මහවැලි ගඟබඩ මහානාග වනෝද්‍යානයේ ඉදිකිරීම බින්තැන්නේ ඉතිහාසය සුවිශේෂත්වයට පත්වෙයි.
වන්දනාමානයට පාත්‍රවන චෛත්‍යයක් වැනි පූජනීය ස්මාරකයක් ගොඩනඟන්නේ ජනාකීර්ණ පෙදෙසක ය. බුදුන් වහන්සේගේ කේශ ධාතූන් නිදන් කරන ලද මියුගුණ සෑයේ ම ග්‍රීවා ධාතුව ද නිදන්කිරීමට තීරණය කරන ලද්දේ බින්තැන්න ජනාකීර්ණ දියුණු ප්‍රදේශයක් ව තිබීමෙන් බුදු දහම ඇදහූවන් වැඩි පිරිසක් බින්තැන්නේ ජීවත් වූ නිසාත් විය හැකි ය.
බුදුන් වහන්සේ පළමු වරට බින්තැන්නට වැඩම කළේ ද මේ හේතුව නිසා විය හැකිය. බින්තැන්නේ පැරණි ජනාවාස තිබෙන්නට ඇත්තේ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට විය හැකිය. වසර 47000 තරම් ඈත අතීතයේ විසූ බලංගොඩ මානවයාගේ අවශේෂ ‍‍සොයාගත් බටදොඹලෙන අයත් වන්නේ කලක් මහ බින්තැන්න නමින් හැඳින් වූ කලාපයට ය; වර්තමානයේ දී බින්තැන්න යනුවෙන් හැඳින්වෙන කලාපය තුළ කඳු ආශ්‍රිත ස්ථාන කිහිපයකම ආදිමානවයන් විසූ බව ට පැවසිය හැකි ගුහා ශිලා මෙවලම් දැකගත හැකි වේ. පසුකාලයේ දී මේ ගල් ගුහා ආදිමානවයන්ගේ මී මුනුපුරන් වන වැද්දන්ගේ වාස භූමි බවට පත්වී තිබුණි. කලක් ආදි මානවයන්ගේ වාස භූමිව තිබී ඉන්පසු යක්ෂ නාග ආදී ගෝත්‍රිකයන්ගේ ජනාවාස බවට පත්ව තිබුණ බින්තැන්න මහවැලි ගඟ ආශ්‍රිතව නාවුක වෙ‍ළඳ මධ්‍යස්ථානයක් වශයෙන් පැවති බවට ඇති මතය හා බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කළේ සෘද්ධි බලයෙන් නොව මුහුදු ගමන් මාර්ගයෙන් යැයි පැවසෙන මතයක් ද ඇත. එහෙත් එම මතය සනාථ කිරීමට ඓතිහාසික සාධක හෝ පදනමක් සහිත මතවාදයක් මෙතෙක් ඉදිරිපත් වී නැත.
කෙසේ වෙතත් විජයාවතරණයෙන් පසුව ඇතිවන ආර්යයන්ගේ නැඟී සිටීමත් සමඟ සිංහල ජාතියේ ආරම්භය පණ්ඩුකාභයගෙන් සිදුවෙයි. මාමාවරුන් හා සටන් කරමින් පණ්ඩුකාභය කුමරු සතර අවුරුද්දක් විසුවේ දිගාමඩුලු බින්තැන්නට අයත් දෝළ පබ්බතයෙහිය; දෝළ පබ්බතය වර්තමානයේ මහවැලි ‘සී’ කලාපයට අයත් දොළගල්වෙල බව හඳුනාගෙන ඇත. සුන්දර පරිසර පද්ධතියකින් යුත් දිගාමඩුලු වන බිමේ ශේෂ කඳුවැටියක් පාදක කරගත් දෝළ පබ්බත හෙවත් දොළ ගල්වෙළ පිළිබඳ අප දන්නා දෙයට වඩා නොදන්නා දේ කාලයේ වැලිතලයෙන් වැසී ඇතැයි සිතිය හැක. පණ්ඩුල කුමරු දෝළ පබ්බතයෙහි වෙසෙන සමය වන විට මෙරට විසූ ස්ව‍ෙද්ශිකයන් ගේ ජන සංඛ්‍යාව හීන වෙමින් තිබුණි; එමෙන් ම එම සමය වන විට මියුගුණ සෑය පෙදෙස ද වන වැදී තිබෙන්නට ඇත.
ක්‍රි.පූ. 543 මෙරටට පැමිණි විජය මෙරට බලය තහවුරු කරගත්තේ කුවේණි නම් ස්වදේශීය යක්ෂ ගෝත්‍රික කාන්තාව ගේ ආධාර උපකාර ලබාගැනීමෙනි. ‘කුවේණි’ සරණ පාවා ගන්නා විජය ඇයගෙන් දරුවන් දෙදෙනකු ලැබෙන තෙක් ඇය හා වෙසෙයි.
විජය මෙරටට පැමිණෙන විට මෙරට බලගතු රාජ්‍ය පාලකයන් වශයෙන් සිටියේ යක්ෂ ගෝත්‍රිකයන් ය. ඔවුන් ඇඳුම් පැලඳුම් අඳින්නටත්, මංගල සාද පවත්වන්නටත් රෙදි විවීමටත් දැන සිටි බව විජය පුවතින් පැහැදිලි වේ. බුදුන් වැඩිය සමයේ දී මහියංගණයේ හෙවත් බින්තැන්නේ විසුවේ ද යක්ෂ ගෝත්‍රිකයන් ය. මේ අනුව විජයගේ පැමිණීමට පෙර සිටම මෙරට තරමක දියුණු ජන කොටසක් විසූ බව සැලකිය හැකිය.
කුවේණිය පන්නා හැරීමත් මදුරාපුරයෙන් කුමාරිකාවක් ගෙන්වා ගැනීමත් සාධාරණීකරණය කිරීම සඳහා මෙන් ම මධුරාපුරයෙන් ගෙන්වා ගත් කාන්තාව උසස් කුලවන්තියක් බව හැඟවීමටත් විජය මෙරටට පැමිණෙන විට මෙරට සිටි කුවේණී ඇතුළු පිරිස මිනීමස් කන යක්ෂයන් බව ඒත්තු ගැන්වීමට වංශ කතාකරුවන් උත්සාහ ගත්තේ යැයි කීම නිවැරදි ය.
විජය කුවේණියත් දරුවන් දෙන්නාත් පන්නා හැර ලංකා ඉතිහාසයේ ප්‍රථම කාන්තා හිංසනය සිදුකළ අකෘතඥයා බවට පත් විය. ඉක්බිති ඔහු මධුරාපුරයෙන් ගෙන්වා ගත් මෙහෙසියක හා විසූවද දරුවන් නොලැබීය. විජයට දාව දරුවන් නොලැබීම නිසා අකෘතඥයකුගේ රජ පරපුරක් මෙරට ව්‍යාප්ත වීම වැළකුණි. ක්‍රි.පූ. 543 සිට ක්‍රි.පූ. 505 දක්වා අවුරුදු 37 ක් රාජ්‍ය කළ විජයගෙන් පසු මෙරට රාජ්‍යය බාර ගැනීම සඳහා පැමිණෙන්නේ ඔහුගේ සොහොයුරු සුමිත්ගේ පුත් පණ්ඩු වාසදේවයන් ය. ඔහු මෙරටට පැමිණෙන විට විජය රජ මිය ගොස් වසරක් ගෙවී තිබුණි.
ඒ අනුව ලංකාවේ පළමු අරාජික කාලය ක්‍රි.පූ. 505 - 504 දක්වා සටහන් වෙයි. පණ්ඩුවාස දේව හෙවත් පඬුවස් දෙව් රාජාභිෂේක ලබන්නේ ඉන්දියාවේ පණ්ඩු ශාඛ්‍යයන්ගේ දූ භද්දකච්චානා කුමරිය පාදපරිචාරිකාව කරගෙන ය. ඔවුනට පුතුන් දස දෙනෙක් ද දූ කුමරියක් ද උපන් හ. ‘චිත්‍රා’ නම් වූ අතිශයින් රූමත් දූ කුමරියගේ පුතෙක් මාමාවරුන් නසා ලක්දිව රජවන බව දෛවඥයකු කී අනාවැකියක් නිසා ලංකා ඉතිහාසයේ අද්භූත මෙන් ම රසවත් සිද්ධීන් රැසක් ම ඇති විය.
පණ්ඩුකාභය රජතුමා පිළිබඳ ඉතිහාස ගත කතාව බොහෝ අපූර්ව සිද්ධීන් ගෙන් ගහන වීර කාව්‍යයක් මෙන් රසවත් ය, අද්භූත ජනක සිදුවීම් මෙන් ම ත්‍රාසය භීතිය ගෙන දෙන රසාකරයකි. ඔහුගේ පිළිසිඳ ගැනීමේ සිට රාජ්‍ය පද ප්‍රාප්තිය දක්වා සිද්ධීන් ලංකා ඉතිහාසයේ වෙනත් රජතුමකුගේ චරිතය තුළ දක්නට නැති තරම් අද්භූතය, ත්‍රාසය, වීරත්වය ආදියෙන් යුක්ත වේ.
පණ්ඩුකාභය කුමරුගේ ක්ෂේම භූමිය වූ මහවැලි ගං තීරයෙන් උතුරු දෙස ප්‍රදේශය තුළ දී ඔහුට ප්‍රබල රාජ්‍ය උරුමක්කාරයන් වනසා දමා රජකම ලබා ගැනී‍ෙම් දී සහය වූවන් අතර සිටියෝ යක්ෂ ගෝත්‍රික යෝය.
“චිත්තා” නමති වෙළඹ කෙරෙහි යක්ෂ ආත්මයක් ආරූඪ කිරීමෙන් පෙනී යන්නේ වැදි ජනතාව තුළ තවමත් පවතින නෑයකුන් පිළිබඳ ඇති විශ්වාසයි. මේ සිද්ධියෙන් ගම්‍ය වන්නේ එකල පවා අශ්ව වෙළඳුන් මෙරටට පැමිණි බව ය. දිවයිනේ සිටි වනවැදුණු එක් වෙළඹක් කෙරෙහි “චේතියා” යන නම ආරූඪ කළේ රට වැසියන් තුළ පැවති ජන විශ්වාසය පදනම් කර ගෙන ය.
චිත්ත රාජ, කාළවේල, චේතියා ආදින් කෙරෙහි යක්ෂ නාමය ආරූඪ කිරීම එකල පැවති ජනවිඥානය මත සිදුවූවක් බැවින් තමනට උපකාර කළ ජනතාවට කරන සැලකීමක් ලෙස මොවුන් උදෙසා දෙවොල් පිහිටුවා බලි තොවිල් පැවැත්වීමට පණ්ඩුකාභය රජ තුමා ක්‍රියා කළේ ය.
මේ රටේ අනන්‍යතාව විදහා දක්වන ලෙසින් ශ්‍රී ලාංකික රජ පෙළපතකට මුල් අත්තිවාරම දැමුණේ රුහුණට අයත් ව තිබුණු දීඝ ජනපදයේ පාලකයා වූ “දීඝගාමිණී” පුත් පණ්ඩුකාභය ගෙන් වීම දිගාමඩුල්ලේ අභිමානය විදහා දක්වන කරුණකි.
‍ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගය ආරම්භ කරමින් ශ්‍රී ලාංකික සිංහල රජ පෙළපතක් බිහි කිරීමට මුල් වූ පණ්ඩුකාභය රජතුමාගේ නම ඉතිහාස ගත වේ. ඔහුගෙන් ආරම්භ වූ අනුරාධපුර රාජධානිය පරම්පරා දෙකක් ගත වීමටත් පෙර ඉන්දීය ආක්‍රමණිකයින් යටතට පත්වීම කනගාටුදායක සිද්ධියකි.
එහෙත් දේවානම් පියතිස්ස රජ සමයේදී ඔහුගේ සො‍හොයුරු මහානාග කුමරු රුහුණට පලා ගොස් “මාගම” බලය පිහිටුවා ගැනීම නිසා අනුරාධපුරයෙන් ගිය කුමාරයකුගේ මුල්වීමෙන් “රුහුණේ” ඇතිවන රජ පරපුර දෙමළ ආධිපත්‍යයෙන් රට මුදවා ගැනීම සඳහා බලවත් රජ කුමරකු රටට දායාද කිරීම ඉතිහාස ගතවූ දෛවෝපගත සිද්ධියකි.
 
සටහන :- අමිල නුවන් මධුසංඛ
 

ප්‍රේමය නම් රාගයෙන් තොර , සඳ එළිය සේ අචින්ත්‍ය ද

ප්‍රේමය නම් රාගයෙන් තොර , සඳ එළිය සේ අචින්ත්‍ය ද
මේ පුළුල් වූ මාතෘකාව සදහා මා මුලින්ම සත්ත්වයා සහ මිනිසා යන දෙකොට්ඨාශයේ වෙනස පිළිබඳ හැඳින්වීමක් කරමු. මූලිකව ම මිනිසා සහ අනෙකුත් සත්ත්වයන් අතර ඇති සුවිශේෂි ම වෙනස වනුයේ මිනිසාට මිහිපිට වෙසෙන සියලු ම සත්ත්වයන්ට වඩා මුහුකුරා ගිය බුද්ධියක් තිබීමයි. මස්තිෂ්කයේ වර්ගඵලය වැඩි කිරීම මගින් මිනිසාට අතිවිශාල න්‍යුරෝන ප්‍රමාණයක් හිමිව තිබේ. එහෙත් අනෙකුත් සත්ත්වයන් ද කාලානුරූපීව බුද්ධිය විකාශනය වුව ද මිනිසා තරම් පරිකල්පන හැකියාවන් දියුණු කිරීමේ අරමුණක් උන් සතුව නැත.

තත්ත්වය මෙසේ තිබියදී අපි සියලු ම සත්ත්ව ලෝකය දෙස ඇස යොමා බලමු. සියලුම සත්ත්වයන් තම වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාව මත ලිංගික සංසර්ගයේ යෙදේ. තවද මෙම සත්ත්වයන් හට වරකට පැටවුන් එකකු හෝ දෙදෙනකුට වැඩි ප්‍රමාණයක් බිහි කළ හැක. මෙය හුදෙක්ම ජීව රසායනික ක්‍රියාවලියක් වේ. සියලුම ගැහැණු සතුන් වසරේ නියමිත කාලයකදී ලිංගිකව සරු බවට පත් වන අතර පිරිමි සතුන් හට මේ බව , ගැහැණු සතුන්ගෙන් නිකුත් වන රසායනිකන් ගේ උත්තේජනයන් මගින් පවසනු ලබයි. මින් පසු පිරිමි සත්තු ගැහැණු සතුන් සමග එක් වීමට තරග කරති. ශක්තිමත්ම පිරිමි සතා ගැහැණු සතා සමග එක් වන අතර මෙහිදී තරග වැදීමේදී පිරිමි සතුන් මිය යාම ස්වභාව ධර්‍මයේ  කුරිරු බව මොනවට විදහා දක්වයි. මෙය රාගය හෝ ආදරය යැයි අර්ථකතනය කිරිම නිවැරදි නොවේ.

ආදරය හෝ රාගය යනු ඇත්තෙන්ම මිනිස් සිතේ උපදින සිතිවිලි මගින් ඇතිකරන්නා වූ මානසික මට්ටමකි. වෙනත් සතුන් හට  මෙය අල්ප වශයෙන් ඇති අතර තම දරුවන් රැකබලාගැනීම සහ ඉගැන්වීම සඳහා සහජයෙන් ඇති ඉව ඉවහල් වේ. පැටවුන් උස් මහත් වූ පසු ඔවුන් වෙන වෙනම ජීවත් වෙති. නමුත් මිනිසාගේ දෙමාපිය - දරු  ආදරය මෙයට වඩා පුළුල් විශයක් වන අතර අද දින මෙම මාතෘකාවේදී මෙය සාකච්ඡාවට බඳුන් නොවේ. මිනිස් ශිෂ්ටාචාරය විසින් රැගෙන ආ සංකල්පයන් මත අද මිනිසා තම වර්ගයා බෝ කිරීමට බාහිර පරිසරය යොදා නොගන්නා අතර සංවෘත ස්ථාන යොදා ගනියි. තම පෞද්ගලිකත්වය ලෙස සීමා මායිම් යොදා ගෙන තත්ත්වයන් බොහෝ සංකීර්ණ කරගෙන සිටිති. කෙසේ වෙතත් මිනිසාගේ පරිකල්පන හැකියාවත් , නූතන සමාජය විසින් අනුබල දෙන්නා වූ කාරණා නිසාත් මිනිසාගේ ආදරය සහ රාගයෙහි මානයන් වෙනස් වී ඇති බව නම් අප අද අත්දක්නා සත්‍යයක් වේ.

ඇත්තේන්ම ආදරය සහ රාගය යනු ඉතා බලවත් මානසික තත්වයන් දෙකක් වේ. මෙය නිසි ලෙස යෙදැවීමෙන් මිනිසෙකු දියුණුවට පත් වීමටත් , අගාධයට යෑමටත් පුළුවන. එහෙත් නන්දා මාලනිය පවසන අයුරින් “ප්‍රේමය නම් රාගයෙන් තොර , සඳ එළිය සේ අචින්ත්‍ය , පාරිශුද්ධ ! “  නම් නැත. ඇත්තෙන්ම ආදරය තුළ රාගය යම් පමණකට පවතී. නමුත් සර්‍වසම්පූර්ණයෙන්ම වූ රාගය තුළ ආදරයක් අනුකම්පාවක් ඇත්තේ ම නැත. රාගය තුළ ඇත්තේ අයෙකු තුළ ඇති බුර බුරා නැගෙන කාමාශාව සිඳුවා ගැනීමට ඇති ආශාවයි. පිරිමියෙකු සහ ගැහැණියක අතර ඇති ආදර ගනුදෙනුවේදි එකිනෙකා වෙත අනුකම්පාව , දයාව, සෙනෙහස මෙන්ම කායික ආශාවන් සන්තර්පනය කරගැනීමට අවැසි රාගයද තිබිය යුතුය. නැති නම් මෙය හුදෙක්ම උත්තමයන් සමාජයේ අන් අයට දක්වන ආදරයක් පමණක් වන අතර හෝ අනෙක් අතකට ගත්කළ ආදරයෙන් තොරව දක්වන්නා වූ ශාරීරික බැඳිම , සතුන් වර්ගයා බෝ කිරීමේ අරමුණ හා සමාන බව කිව හැකිය.


සටහන :- අමිල නුවන් මධුසංඛ

මිලින වන සිතුම් පොදි

kln.ac.lk
මිලින වන සිතුම් පොදි
 










ගිම්හානයේ ගිලන් වු හද කුටිය සීතලයි
උණුහුමක් නැති තැනෙක
 තෙත ගතිය නෙතු දවයි
මේ පාළු දොර මිදුල මම තවම තනිකඩයි
දෙනෙත් පරදා මගේ සිත් මඩල සුසුම්ලයි
මිලින වන සිතුම් පොදි දෙපා මුල ඇද වැටී

මුළු ගතම අඩපනයි තනිකමින් හැඩුම් එයි
එහෙව් සිත කිතිකවා පාළුවෙන් මා මුදා
අර පේන ඉසව්වේ මාලිගා තැනෙව්වයි
මාලිගා බිත්තියේ වදන් පොඩි කටු ගෙතෙයි
නුඹේ සෙනෙහසට මම සදාකල් ණයගැතියි


සටහන :- අමිල නුවන් මධුසංඛ

පරිසරය සංරක්‍ෂණය කළ යුත්තේ ඇයි ?

පරිසරය සංරක්‍ෂණය කළ යුත්තේ ඇයි ?
 
පරිසරය සුරක්‍ෂිත කිරීම හා පරිසරයේ වැදගත්කම පිළිබඳව අප සාකච්ජා කළ හොත් ප‍්‍රථමයෙන්ම මිනිසාගේ පැවැත්ම සඳහා අවශ්‍ය ජීවී සහායක සේවාවන් රැසක් පරිසරය මඟින් සපයා දේ. එසේම මිනිස් ආර්ථික ක‍්‍රියාකාරකම් සඳහා අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය හා ශක්තිය ලබාදීම ද පරිසරය හා මානවයා අතර අන්තර් සබඳතාව ශක්තිමත් කරන පාරිසරික කාර්යභාරයකි. එම අමුද්‍රව්‍ය හා ශක්තිය අතර මිනිසාගේ ආර්ථික ක‍්‍රියාවලියට අවශ්‍ය ශක්තිය සපයන සූර්ය බලය, පොසිල හා ජෛව ඉන්ධන, සුළඟ, භූ තාපය, ජල විදුලිය වැනි ශක්ති ප‍්‍රබවයන් ද පරිසරයෙන් ලබාදෙන විවිධ ලෝහ රසායනික ද්‍රව්‍ය හා ඛණිජ වැලි වැනි දෑ මත්ස්‍ය සම්පත හා විවිධ වන සම්පත් ජෛවීය අමුද්‍රව්‍යයන් වේ.
 
එසේම පරිසරයේ පවතින අපද්‍රව්‍ය අවශෝෂණය කිරීමේ ගුණය එනම්, ජීව ක‍්‍රියාවලිය හා ආර්ථික ක‍්‍රියාවලිය තුළින් මානවයා නිපදවන අපද්‍රව්‍ය පරිසරයට අවශෝෂණය කරගනී. උදාහරණ ලෙස මිනිසා හා සතුන් නිපදවන කාබන් වායුව පරිසරයේම ඇති සංඝටකයක් වන ශාක මගින් අවශෝෂණය කර ගැනීම දැක්විය හැකිය. මෙබදු විශාල කාර්යයන් රැුසක් පරිසරය හා මිනිසා අතර අන්තර්සබඳතාව ශක්තිමත් කරනු වස් පරිසරය පැත්තෙන් ඉටුවන බව පෙන්වා දිය හැකිය. නමුත් පරිසරයේ ඇති මෙම හැකියාවට සීමාවක් පවතින අතර අපද්‍රව්‍ය නිපදවීමේ සීඝ‍්‍රතාවය පරිසරයේ අවශෝෂණ ධාරිතාවය ඉක්මවා යාමෙන් මෙම තුලනය බිඳවැටිය හැකි බව පරිසර විද්‍යාඥයන්ගේ මතය වනවා සේම ප‍්‍රායෝගික සත්‍යයද වේ.
 
මිනිසා ජීවීන් අතර උසස්ම ජීවියා ලෙස පරිසරය භුක්ති විදීමේදී දැනුවත්ව හෝ නොදැනුවත්වම ඔහු අතින් පෙරලා සිදුවූ පරිසර දුෂණය, වන විනාෂය, ජල දුෂණය, වායු දුෂණය, පාංශු ඛාදනය ආදී සියළු කරුණු ඔස්සේ හෙලිකරන්නේ උක්ත පාරිසරික ගැටළුවයි. පරිසර සංරක්‍ෂණය, වන සංරක්‍ෂණය, ජල අරපිරිමැස්ම,  ඕසෝන් වියන රැුක ගැනීම, තිරසාර සංවර්ධනය ආදී කාරනා ඉදිරියට පැමිනෙන්නේ මෙම පරිසර ගැටළුවට පිළියම් සෙවීමක් වශයෙනි. පරිසර ගැටළුව යනු හිම බෝලයක් වැනි දෙයකි. එය පෙරලෙන්නට ගත් විට වේගයෙන් පෙරලේ. පරිසර විද්‍යාඥවරියක වූ 1962 රචනා කළ නිහඬ වසන්තය කෘතිය තුලින් එකල සීග‍්‍රයෙන් පැතිර යමින් තිබූ දරුණු රසායනික භාවිතයෙන් මිනිසාටත් අනෙක් ජීවීන්ටත් අත්විය හැකි අනපේක්‍ෂිත විපත පිළිබඳව කථා කළහ. වසර 14 ක් වැනි කෙටි කලකදී එම අනාවැකිය සත්‍ය වූයේ් 1976 වසරේ ඉතාලියේ මිලාන් නගරය අසල සිවෙසෝ නගරයේ පිහිටිරසායනික කම්හලකින් විෂ වායු කාන්දුවීමත් සමගයි. එයින් සත්ත්වයින් 81,000 කට මරණය අත්්විය. මිනිසුන් 37,000 පමණ නොයෙක් විපත් සිදුවිය.
 
මේ කරුණු විමසා බැලීම තුලින් වර්තමාන ලෝකය හමුවේ ඇති පරිසර ගැටළුවේ තරම හදුනාගත හැකිය. ඒ කෙසේ වෙතත් පරිසර ගැටළුව විසදා ගැනීමටත්, සම්පත් සංරක්‍ෂණය සඳහාත් වැඩි වැඩියෙන් සාකච්ජා කරන හා විවිධ ක‍්‍රියාමාර්ග අලූතින් සිතන යුගයක පරිසර සංරක්‍ෂණය හා පරිසර ගැටළුව මුළුමනින්ම විසදා ගැනීමට නොවුනත් යම්තාක් දුරකට අවම කර ගැනීමට ගතහැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව අවදානය යොමු කළ යුතුය. මන්ද යත් කෙතරම් පිළියම් සැපයුව ද අප තවමත් සිටින්නේ පරිසර ගැටළුවේ අඩියේම වන බැවිනි.
 
සටහන :- අමිල නුවන් මධුසංඛ


පරිසරය හා මිනිසා අතර ඇති සම්බන්ධය.

පරිසරය හා මිනිසා අතර ඇති සම්බන්ධය.

 


පරිසරය සජීවීය. එය සම්පතකි. පරිසරය නම් වූ එම සජීවී සම්පත නොතිබුනි නම් මානවයාද අද නැත. එපමනටම පරිසරය හා මානවයා අතර ඇත්තේ නොබිඳිය හැකි බැඳීමකි. සබඳතාවයකි. මිනිසා තමා වටා ඇති සියළුම භෞතික අභෞතික දෑ පරිසරය ලෙස හදුනාගන්නා අතර පරිසරය අසීමිතව තම පැවැත්ම උදෙසා ප‍්‍රයෝජනයට ගනී. පරිසරය නම් සම්පතද ක්‍ෂය වීම සාමාන්‍ය සිදුවීමකි. ක්‍ෂය වන්නේ පාරිසරික සම්පත් පමනක් යැයි සිතා මානවයාට තම සිත රවටාගත නොහැකිය. මන්ද යත් එ් හා සමගම මානවයාගේ පැවැත්ම ද  තීරණය වන බැවිනි.
මිනිසා පාරිසරික නිර්මිතයක් බැවින් ක්‍ෂය වන පරිසරය ආරක්‍ෂා කිරීමේ අමිල මෙහෙවරට මානවයාට අනිවාර්යයෙන්ම මැදිහත් වීමට සිදුවේ. රතු ඉන්දියානු නායක සියැටල් 1854 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිට යවන ලද ලිපිය පරිසරය සම්බන්ධව වැදගත් කතාවක් ලොවට කියාදෙයි. බොහෝ පරිසර විද්‍යාඥයන්ගේ අවදානයට ලක් වූ එම ලිපිය පිළිබඳව නැවත සිතා බැලීමට කාලය එළබ ඇත. මිනිසා හා පරිසරය අතර පවතින පාරිශුද්ධ වූ සබැඳියාව එතුළින් මොනාවට පැහැදිළි කරයි.
අපට පූජනීය වස්තුවක් වන මෙම භූමියේ ඇළ දොළ දිගේ පළිඟු කැට මෙන් දිදුළමින් ගලා බසින ජලය නිකම්ම දිය දහරක් නොව අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. යනුවෙන් සියැටල් කීහ. එපමනක් නොව මේ ගංගා අපේ සහෝදරයන්ය. ඔවුහු අපේ පිපාසය සංසිªවති. අපේ ඔරු පාරු එහා මෙහා ගෙන යති. අපේ දරුවන් පෝෂණය කරති.වැඩිදුරටත් ප‍්‍රකාශ කළ ඔහු මිනිසා මහ පොළවට අයිති වුවත් මහ පොළව මිනිසාට අයිති නොවන බවද එ් ලිපියෙන් ප‍්‍රකාශ කර ඇත. අප මෙම මිහිතලයේ, පරිසරයේ භාරකරුවන් පමනක් වන හෙයින් පරිසරය කෙලසීමට අපට වරම් නැත.පරිසරය අපේ මුතුන් මිත්තන් සුරක්‍ෂිතව දායාද කොට දුන්නා සේම අපද අපේ අනාගත පරපුරට එය සුරක්‍ෂිතව උරුම කර දිය යුතුය.
උක්ත ප‍්‍රකාශය සියැටල් කළේ 1854 දීය. නමුත් අද අප එය කියවන්නේ අභාග්‍යසම්පන්න පරිසරයක සිටයි. පාරිසරික දායාද අපේ සහෝදර සහෝදරියන් ලෙස ලේ බැඳීමකට සියැටල් සමාන කළ ද අප එ් ලේ බැඳීම පළුදු කොට හමාරය. මිනිසා හා පරිසරය අතර ඇත්තේ වෙන් කළ නොහැකි සබඳතාවයකි. මිනිසා මුළුමනින්ම පරිසරයෙන් යැපෙන අතර ඔහු බොහෝ පාරිසරික වෙනස්කම් ද ඇති කරයි. මේ නිසා මිනිසා ද පරිසරයේ කොටසක් වෙයි. මිනිසා හා පරිසරය අතර ඇති සම්බන්ධය විද්‍යාත්මකව මෙසේ දැක්විය හැකිය. එනම්,
මිනිසා හා භෞතික පරිසරය අතර පවතිනි සම්බන්ධය
දෙශගුණය
පස, ජලය
භූ විද්‍යාත්මක හා භූ රූප විද්‍යාත්මක සාදක
ජෛව විද්‍යාත්මක සාදක සමඟ දක්වන සම්බන්ධතාව ය.
මිනිසා හා සංස්කෘතික පරිසරය අතර පවතින සම්බන්ධතාවය
ආර්ථික
සමාජ, දේශපාලන
ආගමික හා භාෂා සාධක සමඟ දක්වන සම්බන්ධතාව ය.
මිනිස් ජීවිතය ගලන ගඟක් නම් පරිසරය ගං ඉවුරයි. මිනිස් ජීවිතය ගැයෙන ගීතයක් නම් පරිසරය එහි මිහිරි තනුවයි. එබැවින් පරිසරය හා මිනිසා අතර පවතින සම්බන්ධතාවය වෙන් කළ නොහැක්කකි. එය මේ විශ්වය පවතින තුරු එලෙසම පවතිනු ඇත.


සටහන :- අමිල නුවන් මධුසංඛ

පරිසරය අර්ථ දැක්වීම.

පරිසරය අර්ථ දැක්වීම.

 මිනිසා තුල පරිසරය හා ඒ ආශ‍්‍රිත ප‍්‍රශ්න පිළිබඳව වැඩෙමින් පවතින උනන්දුවක් ඇති බව පසුගිය දශක දෙක පෙන්නුම් කරයි. පරිසර විද්‍යාඥයින්, ප‍්‍රතිපත්ති සැළසුම්කරුවන් සහ සමස්ථ ලෝකයෙහිම වෙසෙන පරිසරය පිළිබඳව උනන්දුවක් දක්වන ප‍්‍රජාව  ඕසෝන් ස්ථරය ක්‍ෂය වීම, අම්ල වැසි, භූතලය උණුසුම් වීම, නියගය ගංවතුර, සාගත, පාංශු ඛාදනය, වායු දුෂණය, ජල දුෂණය, ඉන්දන හිඟය, වන විනාශය ආදී කරුණු සම්බන්ධ ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීමට ඇති අවශ්‍යතාව ප‍්‍රකාශ කරති. මින් පෙර නොවූ ආකාරයට පරිසරය වාදමය සහ බුද්ධිමය සාකච්ජා වලට වස්තු විෂය වී තිබේ.
 බොහෝ දුරට කෙනෙකුගේ වටපිටාව මෙන්ම ඇසුරු කරන්නන්ද හැඳින්වීම සඳහා ය. එහෙත් විද්‍යාත්මකව දක්වන විට පරිසරය යනු, පාරිසරික සාදක වල සමූහයකි. පාරිසරික සාදක එක් වීමෙන් විවිධ පාරිසරික තත්ත්ව නිර්මාණය වෙයි. නොයෙක් මූලාශ‍්‍ර හා විද්‍යාඥයන්ට අනුව පරිසරය යන වචනය මෙසේ නිර්වචනය කළ හැකිය.
පරිසරය යනු, ජීවීන්ගේ ජීවිතය කෙරෙහිත්, සංවර්ධනය කෙරෙහිත් බලපාන සියළුම බාහිර තත්ත්ව වල සහ හේතුවල සාමූහිකයයි.
-වෙබ්ස්ටර් ශබ්ද කෝෂය-
පරිසරය යනු, ජීවියකුගේ ජීවිතය ගෙනයාමටත්, වැඞීමටත් බාහිරව බලපානතත්ත්වයන් වල හා හේතුවල එකතුවකි.
-මැක්ග්‍රොහිල් විද්‍යා හා තාක්‍ෂණ විශ්ව කෝෂය-
පරිසරය යනු, වටපිටාව, වටපිටාවේ ඇති වස්තූන්, ප‍්‍රදේශ, තත්ත්ව හෝ බලපෑම්ය.
-රීඩර්ස් ඩයිජස්ට් විශ්ව කෝෂය-
පරිසරය යනු වටපිටාවේ කරුණු හෝ තත්ත්ව හෝ බලපෑම් වල සාමූහිකය යි.
-රැන්ඩම් හවුස් ඉංග‍්‍රිසි ශබ්ද කෝෂය-
 
මෙම නිර්වචන සියල්ලෙන්ම පෙනී යන්නේ මිනිසා ඇතුළු සෑම ජීවියෙකුගේම  පැවැත්මටත් වර්ධනයටත් බලපාන කරුණු රාශියක් ඇති බව හා එ් සියල්ලම එකතු වූ විට ජීවියකුගේ පරිසරය නිර්මාණය වන බවයි. පරිසරය යනු, මිනිසාගේ හා අනෙකුත් සෑම ජීවියකුගේම පැවැත්මටත්, සංවර්ධනයටත් බාහිරව ඇති වස්තු, තත්ත්ව හා බලපෑම් වල එකතුවකි. මෙහිදී ශාක වලට සම්බන්ධ පරිසරය ශාක පරිසර විද්‍යාවෙන්ද, සත්ත්වයන්ට සම්බන්ධ පරිසරය සත්ත්ව පරිසර විද්‍යාවෙන්ද අධ්‍යයනය කල හැකිය. කෙසේ වෙතත් මේ සියල්ලෙන්ම පෙනී යන්නේ මිනිසා හා පරිසරය අතර අවියෝජනීය සම්බන්ධතාවයක් පවතින බවකි.
සටහන :- අමිල නුවන් මධුසංඛ

නිහඩ සිත අද මටම අවනත නෑ

kln.ac.lk
නිහඩ සිත අද මටම අවනත නෑ







ඔහේ ඇවිදින හීන බොදවුනු
මගේ වූ සිත මටම අවනත නෑ
කවි කියන්නත් බෑ
පඳ ගෙතෙන්නෙත් නෑ
නුඹ නොමැතිනම් කවි ඇසක් මට නෑ
පාළු මා ලග තනි රකින්නට
එදා සිටි නුඹ අද මගේ ලඟ නෑ
ඈත සුළඟට කියාගන්නත් බෑ
නුඹ අහිමි වග සුළඟ තව දන්නෑ
දන්නවානම් නුඹ අහිමි වග
නොදන්නවා වගේ ඉන්නෙත් නෑ
සොයා ගොස් දුක කියනවා සැක නෑ
තනිකමින් සිත ඉකිබිඳිද්දී
විහඟ පදවැල් ගලනවා දුක නෑ
බිඳුණු තනුවක අමුණලා මම
දුක එවන්නම් තව දිනක්
නුඹව මට හිමි නෑ නමුදු පිළිගන් නෑ
අහිමි කවියක පඳ ගොතන්නට
ඈත නොපෙනෙන
අඳුරු කුටියක ඉන්නවා නුඹ දන්නවා මම
ඒ වුනත් මම නොදන්නවා වගේ ඉන්නවා
මගෙන් ගිලිහුණු මට අහිමිවුණු පාට බොඳවුණු පුංචි සිහිනෙක
තනිවෙලා මම සිරවෙලා
නුඹේ පාළුව දැනුනමුත් හිත නොදැනුනා වගේ ඉන්නවා


අමිල නුවන් මධුසංඛ

Friday, June 26, 2015

ෆෝන් සෙක්ස්



ෆෝන් සෙක්ස්


නිවි නිවී දැල්වෙනා පහන් කනු
පාට හලනා විදුලි උන්මාදයේ
දෙකන් පලනා රුදුරු ඝෝශාවේ
ලිහී වැටුනා සළු එකින් එක
පාට මදුවිත අනග වරුසාවේ
සේද සළු තෙමුනා සිහිසුන්ව වැටුනා
බොර වතුර ඉහුනා  අරලියා මල
බඹර තුඩු විස කටු වුනා
අමිල නුවන් මධුසංඛ

මතක මන්දිර

kln.ac.lk

මතක මන්දිර
 
සිනාසෙන්නට බෑ තවත් මට
සිනා එන්නේ නෑ හදවතින්
හීන බොදවෙලා ආයෙත්
තාම හඩනවා
ලගින් උන්නු කාලයේ නුඹ
ගෙනා පෙම් සිනා කැළුමන්
තාම මැවෙනවා සිත ලග
තාම මැවෙනවා
පාර කියන තාරුකා වැල්
තාම මග බලන් ඇති
ගිහින් එන්න බෑ තනිව මට
යන්න එක වරක් මා වෙනුවෙන්
අපේ සෙනෙහසේ හැරවුම ලග
තාම තනිවෙලා මං තාම තනිවෙලා

     
අමිල නුවන් මධුසංඛ

නිකිණි සඳ ඇවිදින්

kln.ac.lk
නිකිණි සඳ ඇවිදින්
 

අලූත් මල් පිපිලා වැව් ඉහත්තාවේ
නෙළුම් සුවඳයි පිරුණු ගම්මානේ
බඹර සැනකෙළි ඉකිබිදියි
වසන්තය මට අත වනයි
පිනි සැලෙන තන පත් මතින්
දෙපා තබමින් හෙමි හෙමින්
ඇවිද එන්නම් නුඹේ තුරුලට
සෙනෙහසේ අභිමන් අරන්
නිකිණි සඳ ඇවිදින්
සිසිල පතුරුවමින්
ඉතින් සැනසෙන්නම් තවත් එක වරුවක්
ලපටි හඳවත ආදරෙන්
ලගට ඇවිදින් රැගෙන යනවද
නුඹ නමින් මා
ගෙතූ කවි සිත්තම්
 
අමිල නුවන් මධුසංඛ

අන්ධ යුවතිය

kln.ac.lk
අන්ධ යුවතිය







ධවල භීෂන දෝංකාරය
රුධිර හැලෙනා උන්ඩ වරුසාවේ
දෑස් දල්වා බලා උන්නා
ඇය ඉදිරිපිට මැරී වැටුනා
කොහෙද කොතැනද උරුම යුක්තිය
අන්ධ යුවතිය කියාපන්
දෑස් බැඳි ඔය අදුරු තිරපට
ලිහාපන් දැන් ලිහාපන්
දෑස් පිරිමැද බලාපන්
සත්‍යයේ හඬ නගාපන්
ආත්මය දියවෙනා සසරක
රුහිරු බල ගෙන නැගීයන්
උරුම කදුළැල්ලේ මතක එපමන නම්
ඇවිත් ඈතට රැගෙන යනු මැන 
අයාලේ යන ජිවිතේ සරදම්



අමිල නුවන් මධුසංඛ

Thursday, June 25, 2015

අහිමිව ගිය නුඹ

kln.ac.lk
අහිමිව ගිය නුඹ







මට අහිමි මල් පියුම් පිපිලා
ඈත වැව් නිලි තලාවේ
දුරින් සීතල මට දැනෙනවා
හීන තාමත් තුරුල්ලේ
මේ ගයන්නේ මගේ කවියද
සිතින් විමසූ ඇසිල්ලේ
තවම මං තනි වෙලා වාගෙයි
මෑත කවුළුව සමීපේ
මට  අහිමි කවි කම්
නුඹ ගයන පද වැල්
වැරදි වැරදී පැටලි පැටලී
අරුත් සොයනෙමි මං


අමිල නුවන් මධුසංඛ

Tuesday, June 23, 2015

සාගරේ සේ ආදරෙයි මං...

kln.ac.lk
සාගරේ සේ ආදරෙයි මං...








මං දෝත පෑවාට ආකාසෙ තරු ඒද නෑනේ
ගං ඉවුරෙ උන්නාට රන් මාලූ ගොඩ ඒද නෑනේ
මල් රේණු ඉම්බාට මංගාව මල් නෑනෙ පිපුනේ
මං හීන මැව්වාට ඒ හීන රහසේම සැඟවේ


හිස් වාතලයේ හිත පාවෙනවා
හිරිමල් හීනෙ උන්නත් නිඹදේ
මගෙ ජිවිතයේ ලියවී නැහැ ආදරේ

කිමද නොහැගේ

ඇල් හීතල පවනැල්ලේ
පෙම්වත් ගී මුමුණන්නේ
ආදරයේ සුවඳයි විහිදෙන්නේ
මේ සීතල පවනැල්ලේ
කොයිබද නුඹ දිවයන්නේ
ආදරියේ නුඹවයි මා සොයන්නේ


අමිල නුවන් මධුසංඛ

පෙරදා මතකයන්...

kln.ac.lk
පෙරදා මතකයන්...







සීතලත් තුරුළු කරන්
ගෙවුණු පෙරදා රැයක
සඳ එළිය දෝරෙ ගියෙ
බොර දියත් මුහු කරන්
තරුත් නැති තනි අහස
මට කියාදුන් රහස
අදත් මට දැනෙනවා
මල් හිනා මවනවා
නිල් අහස හිරු එළිය
ගුරු පාර මල් පිපුණ
මට දෑත් පානවා නුඹට මග කියනවා
ඒ කියන මග දිගේ නුඹව මම හොයනවා


නිර්මාණය :- අමිල නුවන් මධුසංඛ

නූතන යශෝදරාවත...

kln.ac.lk
නූතන යශෝදරාවත...













තබන පයට මල් පාවඩ එළීයන්
යනෙන කලට මල් වරුසා වැටීයන්
සුවඳ හමන වදනින් සිත පිරීයන්
සියලූ දනගෙ සෙනෙහස මතු ලැබීයන්


නුගුණ හැමදේම ඉවතට ඇදීයන්
යසස හැමවිටම නුඹහට ලැබීයන්
සිතන සියලූ සැප සම්පත් ලැබීයන්
නුඹේ දිවිය මල් යහනක් උනාදෙන්


ආදර සිහින නුඹ නෙත ඇස ගැටීයන්
තාලය මිහිරි ගීයක්වී වැයීයන්
සීතල සෙනෙහසින් නුඹ ඔද වැඞීයන්
ආදර සුළඟ නුඹ දෙසටත් හමාපන්


දිනක නුඹට මා නෙතු මුණගැසීයන්
මුවට මිහිරි බස් නිතරම ගලාපන්
ලතෙත් බවින් නුඹෙ හඳවත තෙමීයන්
මිතුරන් ලෙසින්වත් අප මුණගැසීයන්


පින්න මලක් පිපුනයි වැව් තාවුල්ලේ
තාලය සොයන ගීයක් ගැයුවයි නිල්ලේ
ආලය ඇවිත් හිනැහුණි මගෙ සිත මුල්ලේ
රිදී හඩක් ඇසුනයි ඒ ඇසිල්ලේ
                                                                                            නිර්මාණය :- අමිල නුවන් මධුසංඛ
 

Tuesday, June 16, 2015

අන්තර්ජාලය යනු කුමක් ද ?

අන්තර්ජාලය යනු කුමක් ද ?
අන්තර්ජාලය පිළිබඳව විවිධ උගතුන් විසින් විවිධාකාරයෙන් නිර්වචනය කර ඇත. අන්තර්ජාලය යන වචනය සෑදී ඇත්තේ ඉන්ටර් කනෙක්ටඞ් නෙට්වර්ක් යන්න කෙටි වීමෙනි. ලෝකප‍්‍රකට වෙබ්ස්ටර් ශබ්දකෝශය දක්වන පරිදි අන්තර්ජාලය යනු, කුඩා ව්‍යාපාරික, අධ්‍යාපනික, රාජ්‍යමය ජාලයන්ගෙන් සෑදුන විශාල පරිගණක ජාලයක් වෙයි. එසේම අන්තර්ජාලය යනු පරිගණක ජාල, පරිගණක වැඩසටහන්, තොරතුරු හා ඒවා භාවිත කරන අය යන කොටස් වල එකතුවයි. එය තවත් එක් නිර්වචනයකි. අන්තර්ජාලය යනු කුමක්දැයි විස්තර කරන සයිබර් වෙබ් අඩවිය අන්තර්ජලයේ මූලික ලක්‍ෂණ 09 ක් පෙන්වා දෙයි. එනම්,
  • මාධ්‍ය ජාලයක එකමුතුවකි
  • අධ්‍යාපනික හා මූලාශ‍්‍ර සාගරයකි
  • විනෝදයට හා සතුටට මගකි
  • ලොව වටා සිටින ඔබේ මිතරු මිතුරියන්ට කථා කිරීමට මගකි
  • ව්‍යාපාරික හා අධ්‍යාපනික නිබන්ධනයකට හෝ පර්යේෂණයකට තෝතැන්නකි
  • දුකට කරදරයට පිහිටකි
  • වෘත්තීයමය වශයෙන් අත්දැකීම් බෙදා හදා ගත හැකි තැනකි
  • ලේඛන හා පුස්තකාල සේවා සපයන්නකි
  • අපගේ මෙන්ම අපගේ දරුවන්ගේ ද අනාගතය සුරකින්නකි
අන්තර්ජාලය යනු ජනමාධ්‍යයක් නොවේ. ජනමධ්‍ය වාහකයකි. වර්තමානයේ සෑම ජනමාධ්‍යයකම පාහේ වේගවත්ම වාහකයා වී සිටින්නේ අන්තර්ජාලයයි. පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය යන සෑම මාධ්‍යයකටම මෙය පොදු තත්ත්වයකි. උදෑසන අවදිවී තම පරිගනකය අසල වාඩිගත් සැනින් බොත්තම තද කල පසු ලොව  ඕනෑම පුවත්පතක් කියවීමේ අවස්ථාව ද ලොව  ඕනෑම නාලිකාවක් නැරඹීමේ අවස්ථාව ද ගුවන් විදුලියකට සවන්දීමේ අවස්ථාව ද අන්තර්ජාලය නිසා හිමි වෙයි.
අන්තර්ජාලය නිසා අද වන විට ජනමාධ්‍ය පෞද්ගලික මාධ්‍යයක් බවටම පත්ව තිබෙයි. ජීවත්වීමට අවශ්‍ය සියලූම භාණ්ඩ හා සේවා අන්තර්ජාලයෙන් ඇණවුම් කරගත හැකි තත්ත්වයක් මත සියලූම අධ්‍යාපනික හා ව්‍යාපාරික කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදු කරගත හැකි තත්ත්වයක් තුල මෙය වැළැක්විය නොහැකි තත්ත්වයක් බවට පත්ව තිබෙයි. අන්තර්ජාලයට පාලකයෙක් නැත. එය නිදහසේ තොරතරු ගලා යන මාධ්‍යයකි. එබැවින් ලොව  ඕනෑම පුද්ගලයකුට  රටකට හෝ සංවිධානයකට ඒ සඳහා තොරතුරු එක් කළ හැකිය. තම ස්වාධීන මතය ඒ ඔස්සේ ලෝකය පුරා ව්‍යාප්ත කළ හැකිය. එය අන්තර්ජාලයට පමනක් සුවිශේෂී කාරණාවකි.
                                  සටහන :- අමිල නුවන් මධුසංඛ

නීතිය යනු කුමක් ද ?


නීතිය යනු කුමක් ද ?


නීතියේ ස්වභාවය විවිධාකාරයෙන් විග‍්‍රහ කොට තිබෙයි. සංවිධිත සිවිල් සමාජයක් තුල මිනිසුන්ගේ පොදු පැවැත්ම පාලනය කිරීම සඳහා රාජ්‍ය මගින් පනවන  අණ පනත් වල දැක්වෙන කොන්දේසි නීතිය ලෙස පොදුවේ සළකනු ලැබේ. නීතිය යනු කුමක්ද යන්න නිර්වචනය කිරීමේදී ඇරිස්ටෝටල් දක්වන්නේ ආශාවන්ගෙන් බලපෑම් නොලත් තාර්කික බුද්ධිය නීතිය වන බවයි. එනම් නීතිය යනු තාර්කික බුද්ධියේ උත්තරීතර ප‍්‍රතිඵලයකි. යුක්තිය පරිපාලනය කිරීම සඳහා රාජ්‍ය මඟින් පනවනු ලැබූ සහ ක‍්‍රියාවට නංවන රෙගුලාසි පද්ධතිය නීති ලෙස හැදින්විය හැකි බව ස්මන්ඞ් නමැත්තා දක්වයි. නීතිය යනු ස්වාධිපතිගේ ආඥාවක් බව තෝමස් හොබ්ස් සහ ජෝන් ඔස්ටින් දක්වා තිබේ. මේ අනුව නීතිය යනු අධිකාරී බලය පදනම් කරගත් පුරවැසි චර්යාව පාලනය කිරීම සඳහා රාජ්‍ය මගින් ක‍්‍රියාවට නංවන රෙගුලාසි වේ. හොලන්ඞ් පෙන්වා දෙන ආකාරයට ස්වාධිපත් බලය සහිත දේශපාලන බල අධිකාරිය විසින් මිනිසාගේ බාහිර ක‍්‍රියාවන් පාලනය කිරීම සඳහා ක‍්‍රියාවට නංවන රෙගුලාසි නීති ලෙස සැලකිය හැකිය.

නීතියෙහි දැකිය හැකි විශේෂ ලක්‍ෂණය වන්නේ බල කිරීම මඟින් පුද්ගල අවනතභාවය ලබා ගැනීමට එයට ඇති හැකියාවයි. විශේෂයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් තුල ජනතා කැමැත්ත ප‍්‍රකාශ වන්නේත් ක‍්‍රියාවට නැගෙන්නේත් නීතිය මගිනි. නීතිය නොමැති තැන්වල අධිකාරී තත්ත්වයක් ඇති වේ. නීති කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වේ. නීති පොදු සමාජ යහපත අරමුණු කොටගෙන පැනවිය යුතු වේ. නීති නිරවුල් සහ පැහැදිලිව දැක්විය යුතුය. එසේම වෙනස් වන සමාජ ආශාවන් හා අවශ්‍යතාවන් අනුව නීති වෙනස් විය යුතුය. සිරිත් විරිත්, ආගම, අධිකරණ තීරණ, නීති විශාරදයින්ගේ මත සහ යුක්තිය යන මූලාශ‍්‍රයන්ගෙන් ද නීති පැන නැගේ.
                                    සටහන :- අමිල නුවන් මධුසංඛ

Monday, June 15, 2015

මතට හිත ගමට තිත

මතට හිත ගමට තිත
ඇහැලියගොඩ පුරවරය වනසන ගංජා

මත්ද්රව් යනු පුද්ගලයකුගේ ජීවිතය විනාශ කරනු ලබන වාහකයක් බව අප කවුරුත් හොදින්ම දන්නා කරුණකි. එය විනාශකාරී වාහකයක් බව දැන දැනම බොහෝ දෙනෙක් මත්ද්රව් තම ජීවිත වලට වද්දා ගන්නේ කුමන හේතුවක් මතද යන්න තවමත් ගැටළුවක්ව පවතී.
ශ්රී ලංකාව තුල රධාන වශයෙන් භාවිත වන මත්ද්රව් ලෙස දුම්වැටි, මත්පැන්, ගංජා, අබිං, හෙරොයින් ආදී විශේෂ ගණනාවක් සොයාගෙන තිබෙයි. සුළු රමාණයක් ශරීරගත වීමෙන් මිනිසාගේ මනෝභාවයේ වෙනසක් ඇති කරන ද්රව් මත්ද්රව් වශයෙන් සරළව හදුන්වාදිය හැකිය. ඇතැම් අවස්ථාවල යම් යම් ඖෂධ වර්ගද වැඩි මාතරාවක් ගෙන මත්වීමට උත්සාහ දරන පිරිසක්ද සමාජය තුල නැතුවාම නොවේ. කෙසේ වෙතත් මත්ද්රව්යයක් දිනකට වඩා එකදිගට භාවිත කළහොත් පුද්ගලයා තුල මත්ද්රව් ඇබ්බැහියක් ඇතිවන බව මේ වන විට සොයාගෙන තිබේ. එහිදී සිදුවන්නේ මත්ද්රව් මිනිසාගේ යටි සිතට බලපෑම් කිරීමයි. නැවත නැවත මත්ද්රව් භාවිත කරන්නට මනස තුලින් පෙළඹවීමක් ඇතිකරනු ලැබීමයි.

සෞම් දේශගුනය, අයස්කාන්ත පරිසරය හා විවිධත්වයෙන් යුත් භූවිෂමතා වලින් ගහන ඇහැලියගොඩ පුරවරය සුන්දරත්වයෙන් අගතැනපත් නගරයක් ලෙස හදුන්වාදීමට හැකියාව ලැබේ.   දෛනිකව සරළ දිවිපෙවතක් ගතකරනු ලබන මෙහි ජීවත්වන මිනිසුන්ගේ නිදහස් ජීවිතයට මේ වන විට එල්ලවී තිබෙන බාධක රැසක් පවතී. පුද්ගලයෙක්, පවුලක්, ගමක්, රටක් වනසන්නට හේතු වන මත් උවදුර මේ වන විට ඇහැලියගොඩ පුරවරයද ආකරමණය කොට අවසන්ය.
දේශීය ආයූර්වේද විද්යාවට අනුව ගංජා යනු ඖෂධයකි. නමුත් වර්තමාන තරුණ පරපුර එය භාවිත කරන්නේ මත්වීම සඳහාය. ලංකාවේ වියලි කලාපය ආශරිතව මෙම ගංජා හේන් රහසිගතව වගා කරනු ලබන අතර රවාහනය මගින් අනෙකුත් රදේශ වලට ව්යාප්ත කිරීමට ජාවාරම පිටුපස සිටින සැගවුණු කල්ලි රියාකරනු ලබයි. මෙම ගංජා උවදුර ඇහැලියගොඩ පුරවරය කරා ලගාවීම සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව පැහැදිළි දත්ත වාර්තා නැතත් ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිතුමාගේ රකාශයෙන් යම් යම් උපකල්පනයක් ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙයි.
එනම් පසුගිය කාලයේ මෙම රදේශය පුරා කසිප්පු ජාවාරම බහුල වශයෙන් ‍‍රියාත්මක වූ අතර පොලිසියේ සහ සුරාබදු දෙපාර්තුමේන්තුවේ සහයෝගයෙන් දියත්කළ හදිසි වැටලීම් සහ මෙහෙයුම් හේතුකොටගෙන වැරදිකරුවන් බොහෝ දෙනෙකු නීතියේ රැුහැනට කොටු කරගන්නට හැකියාව ලැබුණි. එනිසා මේ වන විට කසිප්පු ජාවාරම රදේශය තුල යම් තරමකින් පාලනය කිරීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත. කෙසේ නමුත් මෙම කසිප්පු ජාවාරමෙන් පසුව ඊට ආදේශකයක් වශයෙන් රදේශය ආකරමණය කරන්නට ගංජා නමැති මත් බෙහෙත සමත්වී තිබෙයි. රහසිගතව සඟවා තබාගැනීමෙන් අලෙවිකල හැකි වීම නිසා මුලදී කසිප්පු ජාවාරමේ නිරත වූ පිරිස් වර්තමානයේ එය අතහැර ගංජා ජාවාරමේ නිරතවන බව රදේශවාසීන් පවා පවසයි.

මෙම ගංජා ව්යාපාරයේ නිරතවන්නන්ට අවශ්යව තිබෙන්නේ කෙසේ හෝ සිය අලෙවිය ඉහළ නන්වාගෙන හොද ලාභයක් ලැබීමටයි. එනිසා ඔවුන් කිසිදු විටෙක සමාජයෙන් සැගවී සිටීමට උත්සාහ නොකරන අතර දඬුවමට ඇති බිය නිසා නීතියේ ඇස් වලින් වහන්වී සිටීමට කටයුතු කරයි. මෙම ගංජා ජාවාරමේ සුල මුල සොයා ගැනීමට නොහැකි වී තිබෙන්නේ ඊට මූලිකත්වය ලබාදෙන රබලයින් සමාජයෙන් සැගවී ‍‍රියා කිරීමයි. ඔවුන් ව්යාපාරයේදී නිරන්තරයෙන් එළියට දමන්නේ ඔවුන්ගේ නියෝජිතයින්ය. එකා පසුපස එකා පරිද්දෙන් මෙම නියෝජිත පිරිස ජාලයක් ලෙස රියා කරයි. මෙම විෂ මත් බෙහෙත රදේශය තුලට ගෙන එන්නේ කවුරුන්ද යන වග තවමත් අභිරහසක්ව පැවතියත් මේ පිටුපස සංවිධානාත්මක පිරිසක් සිටින බව හොදින්ම පැහැදිළි වෙයි. ඉහළ පෙලේ දේශපාලඥයන් ඔවුන්ගෙන් රැුකවරණය ලබනා සහචරයන් මෙයට සෘජුවම සම්බන්ධ වී සිටින බවට නිල නොලත් මට්ටමින් තොරතුරු ලැබී තිබේ.
ඇහැලියගොඩ පොලිස් ස්ථානය රකාශ කරන ආකාරයට මෙම ගංජා ජාවාරම මහා පරිමාණයෙන් ‍‍රියාත්මක වූවත් වැටලීම් වලදී නීතියේ රැුහැනට හසුවන්නේ සාමාන් මිනිසුන් බවයි. මෙහි මහමොළකරුවන් පිළිබඳව ඔවුන්ගෙන් කිසිදු තොරතුරක් ලබාගත නොහැකිය. ඔවුක් අලෙවිය සඳහා එම මත් බෙහෙත ලබාගෙන තිබෙන්නේ එවැනිම නියෝජිතයකුගේ මාර්ගයෙන් බව අත්තඩංගුවට ගෙන රශ්න කිරීමේදඔවුන් රකාශ කරයි. මේ වන විට මාහිංගොඩ, තලාවිටිය, මීන්නාන, තොරණගොඩ, බෝපැත්ත, කිරිපෝරුව යන ගම්මාන ආශ‍‍රිතව මෙම ගංජා අලෙවිය හොර රහසේ සිදුවන බවට තොරතුරු ලැබෙමින් පවතී.

මේ සඳහා යොමුවීමේ රවනතාවය දෙස බැලීමේදී පෙනී යන්නේ සඳහා නිෂ්චිත වයස් සීමාවක් නොමැති බවයි. තරුණ පිරිස් මෙන්ම වයස අවුරුදු 40-50 වයස් සීමාවේ පුද්ගලයන් මේ කෙරෙහි යොමුවී තිබෙන බව ඇහැලියගොඩ විශේෂ පොලිස් ඒකකය සඳහන් කරයි. නමුත් මෙහි බරපතලම තත්ත්වය වනුයේ තරුණ කොටස් සහ පාසැල් වයසේ පසුවන ළමුන් ගංජා භාවිතය සඳහා නැඹුරු වීමයි. එය දිනෙන් දිනම වැඩි වර්ධනය වන අතර ගැටලූ රැසක්ද පැන නගී.
මෙම ව්යාපාරිකයින්ගේ රබල ඉලක්කය වී ඇත්තේ පාසැල් වියේ පසුවන යෞවනයන්ය. මන්ද යත් ඔවුන් නිරන්තරයෙන්ම කාලය ගත කරනුයේ කල්ලි වශයෙනි. කල්ලියක් තුල  ඕනෑම දෙයක් ඉක්මනින් ව්යාප්ත කළ හැකිය. මෙම විෂ මත්ද්රව් පාසැල් දරුවන් අතර ව්යාප්ත කිරීම සඳහා ඔවුන් අපූරු උපකරමයක් භාවිත කරනු ලබයි. එනම් කල්ලියක හෝ කල්ලියකට අයත් නොවන දරුවකු තෝරාගෙන ඔවුන්ට මුලින්ම නොමිලේ මත් ආශ්වාදය ලැබීමට ඉඩ සලස්වයි. ඔහුගේ මනස මත් බෙහෙත නැවත නැවත ඉල්ලා සිටින මට්ටමට පැමිනි පසු නොමිලේ ලබාදීම නවත්වන අතර ඔහු ලවා තවත් අයට විකිනීමෙන් ඔහුට නොමිලේ ගංජා ලබාදමට කටයුතු කරයි. එහිදී එම දරුවා කල්ලියක් වෙත යොමු කිරීම හෝ සිටින කල්ලිය වෙත යොමු කරමින් අනෙකුත් දරුවන් ගංජා සඳහා යොමුකරවා ගැනීමට ඔහුව පොළඹවයි. පාසැල් දරුවන් කල්ලි වශයෙන් ගංජා ජාවාරමට අසු වන්නේ ආකාරයෙනි.

පාසැල් වයසේ පසුවන හිරිමල් යෞවනයන්ට මේ පිළිබඳව අවබෝධයක් නැත. ඔවුන්ට අවශ් අත්දැකීම් ලබාගැනීමට පමනි. එහි අවසාන රතිපලය වන්නේද ඔවුන්ව ගංජා නමැති මත් බෙහෙතේ ගොදුරු බවට පත්වීමයි. උද්භිත විද්යාත්මක නාමයට අනුව ගංජා පැළෑටිය කැනිටිස් සැටීවා එල් යනුවෙන් හදුන්වනු ලබන අතර සාමාන් ජනතාව මෙම ගංජා නැමති මත් බෙහෙත  හැදින්වීම සඳහා විවිධ නම් භාවිත කරන ආකාරයක් දැකගත හැකිය. මල්, ගංජා සුරුට්ටු, සූත්තිය, ජොයින්ට් එක, කංසා, මර්ජුවානාකේරළ ගංජා වශයෙන් හදුන්වනු ලබන අතර මේවා පැකට් වශයෙන් විකිනීම කරනු ලබයි. පසුගිය දිනවල ඇඹිළිපිටිය රදේශයේ සිට ඇහැලියගොඩ හරහා කොළඹ දක්වා රවාහනය කරමින් තිබූ 04-05 ණට ක් පමන වූ ගංජා තොගයක් අත්තඩංගුවට ගැනීමට ඇහැලියගොඩ පොලීසිය සමත්විය. පොලිසිය පවසන්නේ ඇහැලියගොඩට ගංජා ගෙන එන්නේ ඇඹිලිපිටිය හරහා වන බවයි. ඇඹිලිපිටිය යනු ගංජා වගාවට රසිද්ධියක් උසුලනු ලබන ‍‍රදේශයකි. ඇඹිලිපිටියට අමතරව වියලි දේශගුනයක් පවතින උඩවලව, තනමල්විල වැනි උෂ්නාධික ‍‍රදේශවල පවා මෙම ගංජා වගාකරනු ලබයි.
එක් පැකට්ටුවක 500 පට 800 පට 01 වැනි රමාණයන් අඩංගු වන අතර රු: 100.00, රු: 200.00 වැනි මිලකට විවිධ ‍‍රමාණයන් අලෙවි කරනු ලබයි. විනිවිද පෙනෙන කවර වල බහා ඇති මෙම ගංජාවල විවිධ මට්ටම් පවතින බවද දැනගන්නට ලැබුනිකේරළ ගංජා තත්ත්වයෙන් උසස් ඒවා වන අතර කොලිටි 01, කොලිටි 02 වශයෙන් වර්ග කිරීමකට ලක්කොට තිබෙයි. ඇහැලියගොඩ රදේශයේ විකුණනු ලබන ගංජා අතර මල් ගංජා මිලෙන් වැඩි බවත්, කොළ මිලෙන් අඩු බවත් දැනගන්නට භාවිත කරන්නන් පවසයි.
මෙහි බරපතලම තත්ත්වය වී තිබෙන්නේ සමාජයට වසන්වී ගංජා භාවිතයට හුරුවී සිටි මිනිසුන් වර්තමානයේ සමාජය ඉදිරිපිටම ඒවා භාවිතයට පෙළඹී සිටීමයි. විශේෂයෙන්ම ගම් මට්ටමෙන් මෙම ගංජා සවස් කාලයේ අලෙවි කරනු ලබන අතර පතල් පොළවල්, බෝක්කු, පාලන්, පාළු පිට්ටනි, රජා ශාලා, ගමේ කඩපිල, තරුණයින් එක්රැස්වන තුම්මංහන්දි, රීවිලර් පාක් වැනි ස්ථාන වල කල්ලි ගැහෙන පිරිස් ගංජා භාවිත කරන ආකාරය සවස් යාමයේදී දැකගත හැකිය. රදේශය තුල අපචාර රියා වර්ධනය වීම කෙරෙහිද මෙම ගංජා භාවිතය හේතුවක් වී ඇති බව පෙන්වාදෙන ගම්මු පවසන්නේ මෙම උවදුර තුරන් කර දැමීමට වගකිවයුතු අංශ ඉක්මනින් රියාමාර්ගයක් ගත යුතු බවයි.
මෙලෙස තරුණ රජාව ගංජා භාවිතයට ඇබ්බැහි වීමෙන් බොහෝ දෙනෙක් පීඩාවට පත්වෙයි. දරුවන් මේවාට ඇබ්බැහි වීමෙන් දෙමාපියන් අසරණ වන අතර, විවාහක පුරුෂයන්ගේ ඇබ්බැහිය බිරින්දෑවරු හා පවුලේ දරුවන් අසරණ කරයි. ගංජා භාවිතයෙන් ලිංගිකමය ගැටලූ පවා ඇතිවීමේ අවදානමක් පවතී.
මෑතකදී එනම් 2014-08-06 වන දින පොලිසිය කළ වැටලීමකදී කිරිපෝරුව රදේශයේ පුදුගලයකු සතුව ගංජා 10 ක් තිබී හසුවී ඔහුට නඩු පවරා ඇත. එහිදී රු: 10000 දඩයකට යටත් වීමට ඔහුට සිදු විය. එදිනම විජේනායක මාවතේ පුද්ගලයකු සතුව තිබී ගංජා  02 360 පට සොයාගෙන තිබෙන අතර ඔහුට උසාවියෙන් රු: 20000 දඩයක් නියමකර තිබේ.
අගෝස්තු 06 වන දිනයේම ‍‍රදේශයේ තවත් ස්ථාන දෙකකින් 01 80 පට හා 490 පට ක් පුද්ගලයන් දෙදෙනකු ලග තිබී අත්තඩංගුවට ගැනීමට පොලීසිය සමත්විය. උසාවියට ඉදිරිපත් කල පසු ඔවුනට රු: 20000 බැගින් දඩ නියම කර තිබෙයි. පසුගිය මාසයක කාලය තුල ගංජා සම්බන්ධ සිදුවීම් 50 ක් සම්බන්ධව වරදකරුවන් රැසක් අත්තඩංගුවට ගෙන තිබෙයි. මෙම විශ මත්ද්රව් භාවිත කරන සහ ලග තබාගෙන විකුණන පුද්ගලයින් අත්තඩංගුවට පත්වූ සැනින් පැය 24 ක් ඇතුලත වැරදිකරු උසාවියට ඉදිරිපත් කරන්නේ පැය 24 කට වැඩියෙන් ඔවුන් පොලිසිය තුල රදවාගත නොහැකි නිසාවෙනි.
කසිප්පු වලට අදාල සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවකුට ඇප දීමට හැකියාවක් ඇත. නමුත් ගංජා සම්බන්ධ සිද්ධියක වරදකරුවකුට දඩුවම් දීමට හැකියාවක් නැත. එබැවින් විශ මත්ද්රව් ආඥාපනත යටතේ මොවුන්ට එරෙහිව නඩු පැවරීමක් සිදු කරයි.

අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය මත් උවදුර මැඩලීම සඳහා විවිධ සේවාවන් ලබාදීමට සූදානම්ය. මත්ද්රව් සඳහා යොමු වූ අයෙකු එයින් මුදවා ගැනීම සඳහා 1984 පැය 24 පුරා ක්ෂණික ඇමතුම් අංකයට දැනුම්දිය හැකිය. නේවාසික රතිකාර හා පුනරුත්තාපන මධ්යස්ථාන 081-2315504 වයස 20 අඩු පුද්ගලයන් සඳහා, කොළඹ 011-2798090, ගාල්ල 091-224443, ඌරාපොළ 033-2283060 සඳහා ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.
සිය රදේශය මෙම ගංජා නමැති මත් රකුසාට බිලිවනු බලාසිටිය නොහැකි ‍‍රදේශයට ආදරය කරන පිරිස් දුරකථන මාර්ග ඔස්සේ, පෙත්සම් මගින් නිර්නාමිකව පොලීසිය මේ සම්බන්ධයෙන් දැනුම්වත් කරනු ලබන අතර පොලීසිය සිවිල් ඇදුමින් සැරසී අදාල තොරතුරු මත වැටලීම් සිදු කරයි. රදේශයේ පවතින මෙම ගංජා ව්යාපාරය සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන්නන්ගේ රහස්යභාවය 100% ක් ආරක් කරනු ලබන අතර ගංජා විකුණන, ලග තබාගන්නා සහ භාවිත කරන පුද්ගලයන් සම්බන්ධව තොරතුරු වෙතොත් ලගම ඇති පොලිසිය දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. පිපෙන්නට වෙර දරන මල් කැකුළු අකාලයේ මිලින වන්නට ඉඩ නොදී ගංජා නමැති මත් උවදුරෙන් ඇහැලියගොඩ රදේශය හා රදේශවාසීන්  බේරා ගැනීම සඳහා වගකිවයුත්තන්ගේ දෑස් විවරකළයුතු කාලය එළඹ තිබේ.

                                සටහන :- අමිල නුවන් මධුසංඛ