වොල්ගා කල්පනී
තාරුණ්‍යය කියල කියෙන්නෙ කෙනෙක්ගෙ ජිවිතේ හොදම කාලෙ. ඒ කාලෙට නිදහසේ පියාඹල යන්න තියෙනවනම් අපිට වෙන මොනවත් ඕනි නැහැ. වොල්ගා කල්පනී කියන්නෙත් නව පරපුරේ නැගී එන ජනප්‍රිය නිළියන් අතර නිදහස්කාමී චරිතයක්. මුතු පලස ටෙලිනාට්‍යයෙන් රංගන චාරිකාව ආරම්භ කරපු වොල්ගා නිර්මාණ සීමිත ප්‍රමාණයක රඟපෑවත් මේ වෙනකොට දක්ෂතා සපිරි සම්මානනීය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ දවස්වල අපිට එයාව අඟුරු සිත්තම් සහ දියණියෝ කියන ටෙලිනාට්‍ය වලින් දැකගන්න පුළුවන්. හරිම මිත්‍රශීලී චරිතයක් වන වොල්ගා ගැන අපිට සතුටුදායක ආරංචියක් අහන්න ලැබුන. ඒ තමයි එයා ලගදීම දවසක විවාහ වෙන්න යනවයි කියල. ඒ අපි දන්න කියන කෙනෙක්ලූ. මේ හැමදෙයක් වගේ්ම එයාගෙ පෞද්ගලික ජිවිතේ ගැනත්, වෘත්තීය ජිවිතේ ගැනත් දැනගන්න එක්කම අපි වොල්ගත් එක්ක දොඩමළු වුනා...
කොහොමද වොල්ගා මේ දවස්වල ජිවිතේ...?
ජිවිතේ ගොඩක් සුන්දරයි. සුපුරුදු සැහැල්ලූවෙන් සන්තෝෂයෙන් කාලය ගතකරනව මේ දවස්වල.
අලූත් වැඩ කටයුතු එහෙම මොනවද ඉතින්...?
දැනටනම් රවීන්ද්‍ර විජේරත්න මහතාගේ දියණියෝ ටෙලිනාට්‍යයේ රූගතකිරීම් වලට සම්බන්ධ වෙනව. ඒ වගේම මේ මාසෙ අගදි විතර අලූත් ටෙලිනාට්‍යයේ වැඩ පටන්ගන්නව.
පවුලෙ විස්තරත් කියමුකො බලන්න...
මගේ පවුලෙ අම්මයි, තාත්තයි, අක්කයි, මමයි විතරයි ඉන්නෙ. අක්ක දැන් විවාහවෙලා. එයාට දරුවො දෙන්නෙක්ම ඉන්නව.
පාසැල් ජිවිතේ ගැන කතාකළොත් එහෙම...
මම මුලින්ම කඳාන සෙබෙස්තියන් විද්‍යාලයට ගියා. පස්සෙ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට යන්න ලැබුණ. ඇත්තටම පාසැල් කාලෙ හරිම සුන්දරයි කීවොත් හරි.
ඔබ කලාවට පිවිසුනේ කොහොම ද...?
පාසැල් කාලෙදිමයි ඒක සිදුවුනේ. ඒ කාලෙ විජිත පේ්රමප්රිය ගුරුවරයා යටතේ රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට අපි පාසලෙන් නාට්‍ය ඉදිරිපත් කළා. එතනදී හඳුනාගත් ප්‍රතිභා අයිය මාව රූපවාහිනියෙ අතුරු මිතුරු වැඩසටහනට හඳුන්වා දුන්න. ඊට පස්සෙ මට සිරස රන් සිත් යාය, අයි.ටී.එන් දේදුණු හැන්දෑව, දෙරණ ලිට්ල් ස්ටාර් වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණ. පස්සෙ කාලෙක ස්වර්ණවාහිනී ආයතනයේ වැඩසටහනක් කරනකොට බුද්ධික කුලසේකර මහතා කරපු ආරාධනයකින් තමයි මම රංගනයට සම්බන්ධ වෙන්නෙ. ඒ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ මුතු පලස ටෙලිනාට්‍යයෙන්.
ලඟදීම කසාද බඳින්න යනව කියල ආරංචියි...
කසාද බඳින්නනම් ඕනි. ඒත් ලගදිම නෙවෙයි. ලබන වසරේදී තමයි විවාහ වෙන්න හිතාගෙන ඉන්නෙ.
එයත් කලාවටම සම්බන්ධයි කියලයි අපිටනම් ආරංචි...
ඔව් එයත් කලාවට සම්බන්ධ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය චරිතයක්නම් තමයි. දැනට ඒ ඇතිනෙ. කවුද කියල පස්සෙ කියන්නම්.
එයා වෙනත් නිළියො එක්ක රඟපානකොට බයක් නැද්ද ඔයාට...?
මම එයාව දන්නෙ දැනට වසර දහසයකට කලින්. එයා මගේ පුංචි කාලෙ ඉදන් යාළුවෙක්. ඇත්තටම එයා මට පුදුම විඳිහට ආදරෙයි. ඉතින් ඇයි මම එයාව සැක කරන්නෙ..කොටින්ම කීවොත් එයා ඓශ්වර්යා එක්ක රඟපෑවත් මට කිසිම බයක්වත් සැකයක්වත් නෑ. ඇත්තමයි...
ඔබ දැන් සම්මානනීයයි නේද...?
ඇත්තටම ඒක ලොකු වාසනාවක්. මෙවර සුමති සම්මාන උළෙලේදී ඒ සම්මානය ලැබුනෙ මම ප්‍රධාන චරිතයක් කරපු පළමු ටෙලිනාට්‍ය වන කොළඹ අහසේ චතුරි වෙනුවෙන්. ඒක මට ගොඩක් විශේෂයි.
දියණියෝ සහ අඟුරු සිත්තම් චරිත ගැනත් කතාකරමු...
අඟුරු සිත්තම් වල ලන්ඩන් වත්තේ මොනිකා කියන්නෙ ටිකක් වෙනස් ආකාරයේ දඩබ්බර චරිතයක්. මුලදි වැරදි කරල පස්සෙ පසුතැවෙන කෙනෙක්. දියණියෝ නාට්‍යයේ ටික්කි ගොඩක් ජනප්‍රියයි. සාමාන්‍ය ගෑනු ළමයෙක් නොකරන විදිහෙ වැඩ තමයි එයා කරන්නෙ. හැබැයි ගොඩක් ආදරනීය චරිතයක් තමයි.
ක්ෂේත්රයේ අනෙක් නිළියො අභියෝගයක් නෙවෙයිද...?
මම හිතන්නෙ හැමෝම අභියෝගයක් කියල තමයි. මට වඩා ප්‍රවීන අයත්, මගේ සමකාලීන අයත්, අලූතෙන් එන අයත් මම හිතන්නෙ අභියෝගයක් විදිහට. එතකොට මට තවත් හොදට වැඩ කරන්න පුළුවන්.
ආදරේ හංගගෙන ඉන්නද කල්පනාව...?
ක්ෂේත්රයේ අයනම් ගොඩදෙනෙක් දන්නව අපේ සම්බන්ධය. අපි නිතරම වගේ එළියට යන්නෙ එකටමයි. ඒත් හැමෝම දැනගත්තොත් අගයක් නැතිවෙනවනෙ. ඒ නිසා විවාහය ලන්වෙලාම පේ්රක්ෂකයින්ට කියන්නයි හිතාගෙන ඉන්නෙ. ඔයාලටත් කියන්නම්කො එතකොට.
විවාහයෙන් පස්සෙත් රඟපානව ද...?
ඔව්.. විවාහයයි රඟපෑමයි පටලගන්නෙ නැතිව ඉදිරියට ගෙනියන්න මට පුළුවනි. රඟපෑමෙන් සමුගන්න අදහසක් නෑ.
මොනවද ඔබේ රසිකයින්ට කියන්න තියෙන්නෙ...?
මම ක්ෂේත්රයට ඇවිල්ල ටික කාලයයි. ඒ වුනත් පේ්රක්ෂකයින් මට ගොඩක් ආදරෙයි. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි වගේම මම මගේ පේ්රක්ෂකයින්ටත් ගොඩක් ආදරෙයි කියල කියන්න කැමතියි...
සංවාද සටහන:- අමිල නුවන් මධුසංඛ