බර්මියුඩාවේ නොවිසඳුණු අභිරහස
අපි හැම කෙනෙක්ම කැමතියි ලෝකයේ සැඟවුණු අභිරහස් දේවල් ගැන දැනගන්න. අන්න ඒ වගේ ලෝකයේ හැම කෙනෙකුගේම අවධානය දිනාගත්තු අභිරහසක් විදිහට අපිට බර්මියුඩා ත්‍රිකෝණය හඳුන්වා දෙන්න පුළුවන්. වසර පනස් ගණනකට වඩා පැරණි බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස් කතාව ගැන තමයි අපි අද ඔයාලට කියන්න යන්නේ.
ඔයාලා හැම කෙනෙක්ම දන්නවා කාලයක ඉදන් බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළින් පියාසර කරන ගුවන් යානා අතුරුදහන් වෙන්නේ කිසිම සලකුණක් හොයාගන්න බැරි විදිහට. ඒවගේම බර්මියුඩා ත්‍රිකෝණයට ආසන්න මුහුදේ ගමන් කරන නෞකා පවා මේ විදියට අතුරුදහන් වෙනවා. ඒ ගැන හොයලා බලන්න කාලයෙන් කාලයට විද්‍යාඥයන් විවිධාකාරයෙන් පර්යේෂණ සැලසුම් කරළා තිබුණා. එහිදී සමහර විද්‍යාඥයින් ප්‍රකාශ කළේ මේ ප්‍රදේශය තුළ පවතින සහ ඇතිවෙන වාසුලි තත්ත්වයන් නිසා මේ අතුරුදහන්වීම් සිදුවෙනවා කියල. නමුත් ඒ කතාව පිළිගන්න පුළුවන් එකක් කියලා විශ්වාස කරන්න අමාරුයි. මොකද ඒ විදිහට වාසුලි වලට හසුවුණා නම්, අදාල නෞකාවල සහ ගුවන්යානාවල කොටස් කොහේ හරි තිබිලා හමුවෙන්න ඕනි. නමුත් ඒ විදිහට කිසිම සාධකයක් හමු නොවුන නිසා ඒ කතාව පිළිගන්න දුකක් විතර අමාරුයි.
තවත් සමහර විද්‍යාඥයින් ප්‍රකාශ කළේ මේ ස්ථානය ආධික වශයෙන් ගුරුත්වාකර්ෂණය පවතින ස්ථානයක් විදිහට. ඒ නිසා මේ ස්ථානයෙන් ගමන් කරන නෞකා වගේම මීට ඉහලින් ගමන් කරන ගුවන් යානා ගුරුත්වාකර්ෂණයට හසු වී විනාශ වෙලා ගිහින් තියෙනවා කියලා ඔවුන් ප්‍රකාශ කරනවා. නමුත් මේ විදියට ගුරුත්වාකර්ෂණ බලය වැඩි වෙන්නේ ඇයි කියලා කියන්න ඔවුන් සමත් වුණේ නැහැ. ඒ නිසා ඒ මතයත් ටික කාලයක් යනකොට යටපත් වෙලා ගියා. ඒ වගේම තවත් විද්‍යාඥයන් පිරිසක් ප්‍රකාශ කරන්නේ මේ ප්‍රදේශයේ පවතින චුම්බක තත්ත්වයේ වෙනසක් නිසා මේ විදිහට නැවූ සහ ගුවන් යානා අතුරුදහන් වෙනවා කියල. නමුත් මේ ස්ථානයේ ඒ විදිහට චුම්බකමය වෙනසක් ඇති වෙන්නේ ඇයි කියලා කියන්න ඔවුන් සමත් වුණේ නැහැ. ඒ නිසා ඒ කතාවත් කාලයක් යනකොට පිළිගන්න අමාරු තර්කයක් බවට පත්වුණා.
තවත් කාලයක් යනකොට සමහර පිරිස් ප්‍රකාශ කළේ මේ ස්ථානයෙන් වෙනත් ලෝකයකට ගමන් කරන්න පුළුවන් දොරටුවක් තියනවා කියලා. ඒ වගේම පිටසක්වල ජීවීන් මේ ස්ථානයේ සැරි සරනවා කියලත් ඔවුන් ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි පිටසක්වල ජීවීන්ගේ පර්යේෂණාගාරයකුත් මේ ස්ථානයේ තියෙන බවට ඔවුන් මත පළ කළා. ඒ කතාවට විද්‍යාත්මක පසුබිමත් නොතිබුණා වුණත් සමාජයේ බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගන්න සමත්වුනා. ඒ වගේම බොහෝ දෙනා මේ පිළිබඳ විශ්වාස කරන්නත් පටන් ගත්තා. ඒකට හේතු වුණේ මේ සිදුවීම පසුබිම් කරගෙන බොහෝ නවකතා චිත්‍රපටි වගේම මාලා නාටක නිර්මාණය වීම. කොහොම වුණත් කාලයක් යනකන් කිසිම කෙනෙක්ට මේ බර්මියුඩා ත්‍රිකෝණයේ තියෙන අභිරහස මොකක්ද කියන එක ගැන නම් හොයා ගන්න ලැබුණේ නැහැ
බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩාවලට අයත් මයාමි, කැරිබියානු කලාපයට අයත් සැන්ජුවාන් යන නගර සහ බි්‍රතාන්‍යයට අයත් බර්මියුඩා දිවයිනට මැදිවූ අත්ලාන්තික් සාගර කලාපයේ වර්ග සැතපුම් පන්ලක්ෂයක් පමණ ආවරණය කරන පුළුල් ප්‍රදේශයක්. අපේ ලෝක සිතියමේ කිසිම තැනක ඒ පිළිබඳව සඳහන් කරලා නම් නැහැ. එයින් ගම්‍ය වන්නේ මේක මනංකල්පිත ත්‍රිකෝණයක් පමණක් බවයි. ඇත්තම කාරණාව නම් බර්මියුඩා ත්‍රිකෝණය පිළිබඳව සමාජය තුළ කතිකාවතක් ඇතිකරේ විද්‍යාඥයෙක් නෙවෙයි. සමාජය තුළ කුතුහලය අවුස්සන්න වැඩකටයුතු කරන, ඒ ඔස්සේ ජනප්‍රියත්වය අපේක්ෂා කරන පුද්ගලයින් විසින්. අපි කලින් සඳහන් කරා වගේම බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ ඒ අසලින් ගමන් කරන නෞකා වගේම ගුවන් යානා අතුරුදහන් කරන අභිරහස් තැනක් කියන එක තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.
මේ කලාපය තුළ නාවික අනතුරු සැලකිය යුතු ප්‍රමාණයක් සිද්ධවෙලා තියෙනවා කියන කාරණාව ඇත්තක්. ලෝකයේ නාවික තදබදය පවතින වෙනත් ප්‍රදේශවලට සාපේක්ෂව මේ කලාපයේ නාවික අනතුරු වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා කියන්න සාක්ෂි නැහැ කියල තමයි එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය පවසන්නේ. ඊට අමතරව බර්මියුඩා කලාපයේ නාවික අනතුරු බහුලවීම පිළිබඳව විද්‍යාත්මක පැහැදිලි කිරීම් ද නැතිවාම නෙවෙයි. විශේෂයෙන්ම මේ කලාපය අධික ලෙස නාවික ගමනාගමනයක් සිදුවන කලාපයක්. ස්වභාවයෙන්ම මේ වගේ අනතුරු සිද්ධ වෙන එක පිළිගන්න පුළුවන් කාරණාවක්. අනිත් කාරණාව තමයි මේ කලාපය හරහා හමන කුණාටු බහුලව පවතිනවා. දියවැල් ක්‍රියාකාරීත්වය, වගේම මුහුදු රළ ක්‍රියාකාරීත්වය, මුහුදු පතුලේ පවතින මීතෙන් නිදි ක්‍රියාකාරීත්වය, චුම්භක බල ක්‍රියාකාරිත්වය වගේ තවත් පැහැදිලි කිරීම් ගණනාවක් මේ සම්බන්ධව ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම අපි මුලදී සඳහන් කරා බර්මියුඩා ත්‍රිකෝණය සම්බන්ධ කාරණාව වැඩි වශයෙන් සමාජගත කරන්න පෙලඹුණේ කුතුහලය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන මිනිසුන් කියලා. ඒක නිසා මේ ප්‍රදේශය තුළ සිදුවුණා යැයි පවසන නාවික අනතුරු සහ ගුවන් අනතුරු සැබෑ ඒවා නොවන බව පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කතා බොහෝමයක් මිනිසුන් විසින් ගොතන ලද කතා.
සාමාන්‍යයෙන් මිනිසුන් විසින් ගොඩ නඟන ලද විද්‍යා ප්‍රබන්ධයක් සමාජයෙන් ඉවත් කිරීම ටිකක් විතර අමාරු වැඩක්. ඒක නිසා බර්මියුඩා ත්‍රිකෝණය සම්බන්ධව පවතින විවිධ මතිමතාන්තර වෙනස් කරන එක කරන්න අමාරු දෙයක්. ඒ වගේම කාලයක් යනකම් බර්මියුඩා අභිරහස මිනිසුන් තුළ කුතුහලයක් ඇති කරමින් නිහඬවම පවතීවි.
සමහරු බර්මියුඩා ත්‍රිකෝණයට යක්ෂයාගේ දූපත කියලත් හඳුන්වනු ලබනවා. වර්තමානයේ බර්මියුඩා ත්‍රිකෝණය සම්බන්ධව, එහෙමත් නැත්නම් මේ අභිරහස සම්බන්ධව පිළිගත හැකි සාක්ෂි සහිතව විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් වෙලා තියෙනවා
මේ සඳහා ලෝකයේ ජනප්‍රිය විද්‍යාඥයින් රැසක් සම්බන්ධ වෙලත් ඉන්නවා. සාගර කලාපය තුළ සිදුවූ දේශගුණික විපර්යාස තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඒවාට අනුව නිරීක්ෂණය කිරීම ඔස්සේ චන්ද්‍රිකා ඡායාරූප නිරීක්‍ෂණය කිරීම මගින් මේ නිගමන වලට එළඹිලා තියෙනවා.
බර්මියුඩා ත්‍රිකෝණයේ මේ අභිරහස් හැසිරීම පිළිබඳව ලෝකය මුල් වරට අවධානය යොමු කරන්නේ වර්ෂ 1945 ඇමරිකාවට අයත් බෝම්බ හෙලන ගුවන්යාන 05ක් කිසිම තොරතුරක් නැතිව එක්වරම අතුරුදහන් වී යාමත් එක්කයි. රේඩාර් තාක්ෂණය පැවති මේ කාලයේ දුරස්ථ සන්නිවේදන සබඳතා පවත්වා ගැනීම සිදුකරනු ලැබුවේ ගුවන්විදුලි තරංග මගින්. මේ යානා තමන්ගේ පියා සැරිය ආරම්භ කර බර්මියුඩා සාගර කලාපයේ ටික දුරක් ගමන් කරන තෙක් මූලස්ථානය සමග සම්බන්ධතා පැවැත්වුවත්, පසුව එක්වරම ඒ සම්බන්ධතා සියල්ලම නැතිවී ගොස් තිබෙනවා. ඒ වෙනකොට ඔවුන් තමන් මුහුණදුන් යුද්ධයෙන් ජය ලබාගෙන තමන්ගේ දේශසීමාවට ලගාවෙමින් සිටි නිසා ඒක සතුරු ප්‍රහාරයක් වශයෙන් පිළිගන්නත් නොහැකි වෙලා තියෙනවා. අනිත් කාරණාව තමයි සතුරු ප්‍රහාරයක් සිදුවුනා නම්, අදාල යානාවල සුන්බුන් කොටස් හොයාගන්නත් පර්යේෂණ කණ්ඩායම් වලට හැකියාව ලැබෙන්න ඕනි. නමුත් එහෙම සුන්බුන් හොයාගන්න ලැබුණේ නැහැ. ඉන් පසු දුක කාලෙකට පස්සේ මේ යානාවලට සිදුවූ දේ කුමක්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා තවත් යානාවක් ඔවුන් පිටත් කර හරිනවා. මේ යානාව කලින් යානා වගේම මුල් අවස්ථාවෙදි සන්නිවේදන සම්බන්ධතා පවත්වා ගත්තත් බර්මියුඩා ත්‍රිකෝණයට ආසන්න වනවාත් සමඟම සම්බන්ධතාවල අපැහැදිලි බවක් පවතින බව දැනුම් දී තිබෙනවා. ඉන්පසුව ඒ යානාවත් අතුරුදහන්ව තිබෙනවා. එතකොට ගුවන්යානා 6ක් කිසිදු සළකුණක් නැතිවම අතුරුදන් වීම කාගෙත් කුතුහලයට හේතුවුනා.
මේ යානා වලට සිද්ධ වුනේ මොකක්ද කියන එක මෙතෙක් කල් කිසිම කෙනෙක්ට හොයා ගන්න බැරි වෙලා තියෙනවා. යන්තං හරි පිළිගන්න පුළුවන් මතයක් තමයි මෙම යානා දරුණු වාසුලියකට අසුවෙලා විනාස වෙලා ගියා කියන එක. ගුවන් යානා වලට පමණක් නෙවෙයි. මේ ප්‍රදේශය හරහා ගමන් කරන නෞකා වලට සිදුවුනේත් මේ වගේම දෙයක්. 1967 දී බර්මියුඩා කලාපය හරහා ගමන් කළ පෟද්ගලික සුඛෝපභෝගී නෞකාවක් අතුරුදහන් වුනේ සියල්ලන් මවිතයට පත්කරමින්. ඒ වගේම හෝටල් කිහිපයක් හිමි ධනවත් ව්‍යාපාරිකයෙක් වූ බරක් නැමති පුද්ගලයා 1967 දී නත්තල් දවසක ගිණිකෙළි සංදර්ශන පැහැදිලිව නැරඹීම සඳහා ඇමෙරිකාවේ ෆ්ලොරිඩා වේරලින් ඈතට ගමන් කළේ විච් ක්‍රාෆ් නමැති සුඛෝපභෝගී යානාවකින්.
මුහුදේ කිලෝමීටර් කිහිපයක් ගමන් කිරීමෙන් පසුව යමක් යානාව යට වැදීමෙන් යාත්‍රාව අක්‍රියවී ඇති බව ඔහුට තේරුණා. ඒ බව පවසා එය වරායට ඇදගෙන ඒමට බෝට්ටුවක් එවන ලෙස ඉල්ලා ඔහු පිණිවුඩයක් යවා තිබුණා. නමුත් ඇමරිකානු වෙරළ ආරක්ෂක බලඇණිය ඒ වෙත ගමන්කරනවිට විට යාත්‍රාවට සිදුවූ දෙයක්වත් සොයාගැනීමට නොහැකි වුනා. මේ සිද්ධි දෙකෙන් ආරම්භ වී පසුව මේ වගේ අතුරුදහන්වීම් බොහෝමයක් වරින් වර වාර්තා වෙන්න පටන් ගත්තා. නමුත් බොහෝ පරීක්ෂණවලින් කියවුනේ හදිසියේම ඇතිවන කාලගුණය වෙනස් වීම් හේතුකොටගෙන යාත්‍රා සහ යානාවල පවතින මාලිමාව හෝ වෙනත් මග පෙන්වන යන්ත්‍ර අක්‍රිය වී යාමෙන් සම්බන්ධතා ගිලිහී ගොස් තිබෙන බවයි.
මේ ප්‍රදේශය කාලගුණ චන්ද්‍රිකා ඇතුළ නවීන තාක්ෂණික ක්‍රම සියල්ලම තිබේදී පවා හිතාගන්න බැරි විදියේ අනතුරු රාශියක් සිදුවනවා. කෙසේ වෙතත් පසුකලෙක එල්ෆාරෝ නෞකාව ගිලියාමත් සමග බර්මියුඩා ත්‍රිකෝණයේ සිදුවණ දේ පිළිබදව පැහැදිළි අවබෝධයක් ලබාගන්න ඇමරිකාවේ කොළරාඩෝ විශ්ව විද්‍යාලයෙන් පර්යේෂණයක් ආරම්භ කළා. එයට ලොව වටා සිටි විද්‍යාඥයන් ගණනාවක් එක් වූ අතර, මේ අභිරහසට හේතු වූ මූලික තර්ක බැහැර කරමින් සියුම්ව විශ්ලේෂණය කරන්ට ඔවුන් කටයුතු කලා. එල්ෆාරෝ නෞකාව 2007 දී අතුරුදහන් වීමෙන් පසුව ඔවුන් සියල්ලන්ගේම ඒකමතික තීරණය වුණේ යම් ආකාරයක සුවිශේෂී කාලගුණික තත්ත්වයක් නිසා මේ සියලු අනතුරු සිදුවන්නට ඇති බවයි. ඒ අනුව කාලයක් පුරාවටම අමුතුම විදිහේ බලාකුළු හැසිරීමක් ඔවුන්ට දකින්න ලැබුනා. මේ තත්ත්වය වෙන කිසිම තැනක ඔවුන්ට නිරීක්‍ෂණය වුනේ නැහැ. බර්මියුඩා ත්‍රිකෝණයේ යම් අනතුරක් වන සෑම දිනකම එවැනි තත්ත්වයක් දැක ගන්න ලැබෙන බව ඔවුන් අවසානයේ සොයා ගත්තා. සාමාන්‍යයෙන් වළාකුළුවලට ෂඩාශ්‍රයක් වගේ සෘජු පැති සහිත හැඩයක් ලබා ගන්න කිසිසේත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් මේ තත්ත්වය යම් හේතුවක් නිසා බර්මියුඩා ත්‍රිකෝණයට බලපාන බවක් තමයි ඔවුන්ට දකින්නට ලැබුනේ.
එකිනෙකට අංශක එකසිය විස්සක කෝණයකින් පිහිටා ඇති මේ වගේ ෂඩාශ්‍රයක කෙළවරක පැයට සැතපුම් එකසිය හැත්තෑවක් තරම් වේගයෙන් පහළට හමන තද සුළං පහරක් පවා ඇතිවිය හැකි බවටත් එය මුහුදු පෘෂ්ඨයේ වැදීමත් සමග අඩි 45ක් පමණ උසට ක්ෂණික මුහුදුරළ ඇතිවන බවටත් ඔවුන් නිගමනය කළා. ක්ෂණිකව ඇතිවී නැතිවී යන මේ වගේ තත්ත්වයකදී ගුවන් යානයකට හෝ කුඩා නෞකාවකට කිසිසේත්ම කරගන්න කිසිම දෙයක් නැහැ.
මේ හේතුව නිසාම බර්මියුඩාවේ රහස විසඳු බවටත් අදල විද්‍යාඥෙන් ප්‍රකාශ කළා. කොහොම නමුත් මේ විශේෂ හැඩය සහිත වලාකුළු හට ගැනීම ඉතාම දුර්ලභ සිද්ධියක් නිසා ඒ සිදුවීම සත්‍ය වීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා. කොහොම නමුත් ඉදිරි අනාගතයේදී බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස සම්බන්ධයෙන් තවත් මතවාද ගණනාවක් ඉදිරිපත් වේවි. මේ නොවිසදුණු අභිරහස ගැන දැනගන්න ලෝකයේ ජනතාව නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්න එක කිසිම දිනයක නවතින එකක් නැහැ.
පිටපත:- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment