ඕනිම නිළියකගෙ
ලැජ්ජාව නැති කරන එක මට සුළු දෙයක්...
ඉම්රාන් හෂ්මි
කොල්ලෙක්ට හරි
කෙල්ලෙක්ට හරි බොලිවුඞ් වල නමක් හදාගන්නව කියන එක ඒ තරම් ලේසි කාරණයක්නම් නෙවෙයි.
දවසින් දවස අලූත් තරු ඇවිත් හරි ඉක්මනින් අනිත් අයගෙ තැන අරගන්නව. එහෙම අය අතරෙ
තමන්ටම කියල අනන්‍යතාවක් ගොඩනගාගන්න පුළුවන්නම් ඇත්තටම ලොකු හපන්කමක් තමයි.
ඉම්රාන් හෂ්මි කියන්නෙත් අන්න ඒ වගේ චරිතයක්. වැඩිහිටියන්ට පමනක් සීමා වූ හින්දි
සිනමා පට වල නිතර දකින්න පුළුවන් වැඩිහිටි කාන්තා පේ‍්‍රක්‍ෂිකාවන් අතරේ උන්මාදයක්
ඇතිකරවපු ඉම්රාන් අද බොලිවුඞ් වල එක්තරා ආකාරයක අයිකන් එකක් කීවොත් හරි. මර්ඩර් 1,
2 සහ 3 වගේම ගැන්ග්ස්ටර්,
ඩර්ටි පික්චර් වගේ චිත‍්‍රපට
වල හරි අපූරු රංගනයන් ඉදිරිපත් කරපු ඉම්රාන් හරිම සරාගික නළුවෙක් කියලයි කවුරුත්
කියන්නෙ. ඉම්රානුත් දවසක කරන් එක්ක කේපි කෝප්පයක් බොන්න ඇවිත් හිටිය. අපි බලමු
කරන් එයාව කොහොමද අමාරුවෙ දැම්මෙ කියල...
සමහරු කියනව
ඔබ හරි ගුප්තයි කියල...
කාටහරි එහෙම
හිතෙනවනම් මම ඒකෙ වරදක් දකින්නෙ නෑ. මොකද මම ඇත්තටම නිහඩ චරිතයක්. ඒක නිසා තමයි
ගොඩක් අය එහෙම කියන්නෙ. හැබැයි මම ඔය ගුප්තයි කියන වචනෙ තේරුමනම් හරියට දන්නෙ නෑ.
හහ්...හහ්...
ඇයි
වැඩිහිටියන්ට පමනක් චිත‍්‍රපටිවලට වැඩි කැමැත්තක්...
එහෙම විශේෂ
කැමැත්තක් නෑ. අනේ මම දන්නෙ නෑ මට ලැබෙන හැම චරිතයක්ම වගේ සරාගික චරිත. අනෙක්
නළුවන් වගේ සාමාන්‍ය චරිතත් මට කරන්න පුළුවන්. අධ්‍යක්‍ෂකවරු මගෙන් වෙනස් දෙයක්
දකිනව ඇති. මම හිතන්නෙ ඉම්රාන්ගෙ අනාගතේ ලියවිලා තියෙන්නෙ මේ පාරෙන් වෙන්න ඕනි.
ඔබ හිතනවද ඔබ
දක්‍ෂ නළුවෙක් කියල...?
ඒක ඉතින් ආයෙ
හිතන්න දෙයක් නෙවෙයිනෙ. මම රඟපාන චිත‍්‍රපටි බලන්න පේ‍්‍රක්‍ෂකයො පොරකනවනම් මගෙන්
හොද රංගනයක් ලැබෙන්න ඕනිනෙ. ඒ කියන්නෙ මම
දක්‍ෂ නළුවෙක් තමයි. හැබැයි මගෙ සීමාව ඇතුලෙ. මට කරන්න බැරි දේවලූත් තියෙනව.
ඒක මගේ
පෞද්ගලික කාරණයක්. අනෙක මම රඟපාන අය එක්ක සම්බන්ධකම් තියාගෙන ඉන්නෙ සෙට් එකේ
විතරයි. එතනින් එහාට මම එයාලව ගෙදර එක්ක යන්නෙ නෑ. මට බිරිදක් ඉන්නව. මම දැන්
තාත්ත කෙනෙක්.
ඔබේ බිරිද
ඔබත් එක්ක අමනාපයි කියන්නෙ...
ඒක මොන පිස්සු
කතාවක් ද ? අපි හරිම සතුටින්
ඉන්නෙ. අනික එයා මාව තේරුම් අරගත්ත කෙනෙක්. හැබැයි එයා මම රඟපාන චිත‍්‍රපටිනම්
බලන්නෙ නෑ. එයා මට ගොඩක් ආදරෙයි.
විද්‍යා බාලන්,
මල්ලිකා ෂෙරාවත්,
කන්ගනා අතුරෙන් කාටද
වැඩිපුර කැමති...?
විද්‍යා බාලන්,
කන්ගනා කියන්නෙ දක්‍ෂ
නිළියන් එයාල ඒ බව ඔප්පු කරලත් තියෙනව. අනික මේ තුන් දෙනා එක්කම මම වැඩ කරල
තියෙනව. ඒ අතුරින් මුලින් කියපු දෙන්නට කැමතියි.
සරාගී රංගනයක්
ඉදිරිපත් කරනකොට හිතේ බයක් නැතිද...?
කාටද
බයවෙන්නෙ. අපි හරිනම් එච්චරයිනෙ. අනික ඒ වගේ දර්ශන වලදි ඇත්තටම නිරුවත් වෙන්නෙ නෑ.
කැමරාවට කිසිම දෙයක් පේන්නෙත් නැහැනෙ.
ගැහැණු උදවිය
ඔබට ගොඩක් කැමතියිලූ නේද...?
සමහරු එහෙම
කියනව. ඒක සාපේක්‍ෂයි. මට ආදරේ කරන්න ඕනි
කෙනෙක්ට පුලූවන්. එයාල නිසයිනෙ අපි ඉන්නෙත්. ගැහැණු අය මට කැමති අනෙක් පිරිමින් ලග
නැති මොකක්හෝ දෙයක් මම ලග තියෙන් නිසා වෙන්න ඇති.
නැහැ. කොහෙත්ම
නැහැ. මම කැමති නෑ එයා සිනමාවට එනවට. මට
ඕනි එයාව අධ්‍යාපනය පැත්තෙන් ඉහළට යවන්න. අනිත් එක සිනමාව කියන්නෙ වෙනස්ම
තැනක්. මම කැමතිියි මගේ දරුව ඒකෙන් ඈත් වෙලා ඉන්නවනම්.
ඕනිම කෙනෙක් එක්ක සරාගී චරිතයක් රඟපාන්න ඔබ
සූදානම් ද ?
අනිවාර්යයෙන්ම.
පන තියෙන ඕනිම කෙල්ලෙක් එක්ක රඟපාන්න මට
පුළුවන්. සමහර ලැජ්ජකාරියන්ගෙ ලැජ්ජාව නැතිකරන්නත් මට පුලූවනි. පළවෙනි දර්ශනේදි
පොඩි බයක් තිබුනත් ඊට පස්සෙ ඉම්රාන් එක්ක රඟපාන්න එයාල දෙපාරක් හිතන්නෙ නෑ...
සරාගී චරිතයක්
කරන්න කැමැත්තෙන් ඉන්න නිළියක් ඉන්නව ද ?
එක්කෙනෙක්
නෙවෙයි. කිහිප දෙනෙක්ම ඉන්නව. රේඛා, දීපිකා, අනුෂකා වගේම කත‍්‍රිනා එක්කත් සරාගී රංගනයක යෙදෙන්න මම
කැමතියි. එහෙම නැතත් වෙනත් චිත‍්‍රපටියක හරි ඒ අයත් එක්ක එකට රඟපාන්න ආසාවෙන්
ඉන්නෙ.
ඇත්තටම මට
ලස්සන ඇඟක් නෑ. ඒ වුනාට සරාගී තොල් දෙකක් වගේම ඇස් දෙකකුත් තියෙනව. ඒව තමයි මගේ
වෙපන්ස්. ඒ නිසා මට ඇඟ ගැන හිතන්න ඕනිකමක්
නැහැ.
විවාහක පිරිමි
ඔබට කැමති නෑ කියන්නෙ ඇත්ත ද ?
ඕහ්... ඒකත් එහෙම ද...? ඒකනම් මම දන්නෙ නෑ.
එහෙම වෙන්නෙ ඉතින් එයාලගෙම වැරදි නිසා වෙන්න ඇති. එයාල මට ඔය තරම්ම බයනම් නේනලට මගේ
චිත‍්‍රපටි බලන්න එපා කියන්න තියෙන්නෙ. හැබැයි ඒක මාර ප‍්‍රශ්නයක් තමයි.
සටහන:- අමිල
නුවන් මධුසංඛ
No comments:
Post a Comment