රොබට්පැටින්සන්
දුටුවන් මනබඳින කඩවසම් දේහ ලක්ෂණයන්ගෙන් අනූන තාරුණ්‍යය ඉතිරිලා යන කොල්ලෙක් මේ දවස්වල හොලිවුඞ් වල ජයකෙහෙළි නංවනව. ඒ වෙන කවුරුවත් නෙවෙයි ට්විලයිට් චිත්‍රපට මාලාවෙන් රසික සිත් වසගයට ගත් රොබට් පැටින්සන්. වර්තමාන සිනමාවෙ මොනතරම් ඉහළින් හිටියත්, සිනමාව පැත්තෙන් රොබට්ට කිසිම පවුල් පසුබිමක් තිබුනෙ නෑ. ඒත් නිරූපන ශිල්පියෙක්, සංගීත ශිල්පියෙක්, නළුවෙක් වගේම නිෂ්පාදකවරයෙක් විදිහටත් සාර්තකත්වයක් ගොඩනගා ගන්න රොබට්ට පුළුවන් වුනා. රොබට්ට තවමත් වයස 29 යි. පාසැල් වේදිකාවෙන් රංගන චාරිකාව ආරම්භ කරපු රොබට් සිනමාවට පිවිසුනේ හැරී පෝටර් චිත්‍රපට මාලාවෙන්. ඒ වුනත් රොබට්ට හොලිවුඞ් වල අයිකන් එකක් වෙන්න පුළුවන් වුනේ ට්විලයිට් චිත්‍රපට මාලාවෙන් තමයි. ජනප්‍රිය නවකතාවක් පාදක කරගනිමින් නිර්මාණය කළ මේ චිත්‍රපට මාලාවේ 2008 සිට 2012 වෙනකන් අඛන්ඩව චිත්‍රපටි පහකට සිය රංගනය ලබාදෙන්න රොබට් වාසනාවන්ත වුනා.
එඞ්වඞ් කූලන් මුළු ලෝකෙම උන්මාදයක් වෙන කොට රොබට් එක රැුයකින් ජනප්‍රිය තරුවක් වුනා. හොලිවුඞ් නළුවන් අතර වැඩිපුරම අයකරන නළුවෙක් වෙන රොබට් ටයිම් සඟරාව සහ ෆෝර්බස් සඟරාව විසින් ලොව බලවත්ම පුද්ගලයින් 100 දෙනා අතරටත් පත් කළා. රොබට් ගායකයෙක් විදහට ජනප්‍රිය වෙන්නෙත් ට්විලයිට් චිත්‍රපට මාලාවෙන්ම තමයි. කවුරුත් නොදන්නව වුනාට රොබට් කියන්නෙ හොද සමාජ සේවකයෙක්. ඒ වගේම එයා මානුෂීය අයිතිවාසිකම් වෙනුවෙන් ජාත්‍යන්තර සංවිධාන වලටත් සම්බන්ධ වෙලා කටයුතු කරනව. පිලිකා රෝගීන් වෙනුවෙන් සහන සේවා සංවිධානයක් පවත්වාගෙන යන රොබට් ඇත්තටම හිත හොද කොල්ලෙක්.
රොබට් එයාගෙ අම්මගෙ විලාසිතා ආයතනයෙන් තමයි නිරූපන ශිල්පියෙක් විදිහට කරලියට ආවෙ. වැඩිමහල් සහෝදරියො දෙන්නෙක්ගෙ බාල මල්ලි වුණු රොබට් පුංචි කාලෙත් ගොඩක් කඩවසම්. 2008 සිට 2012 වසර වෙනකම් අඛන්ඩව ලොව සරාගීම පුද්ගලයා ලෙස පීපල්ස් සඟරාවෙන් නම් කරපු රොබට් පිළිවෙලට හා ලස්සනට අඳින පළඳින තරුණයා ලෙසත් පේ්රක්ෂක මනාපයෙන් තේරුණා. මේ තරම් කඩවසම් ඉලන්දාරියෙක්ට තරුණියන්ගේ ඇල්ම බැල්මෙන්නම් අඩුවක් වෙන්න බෑ. රොබට්ටත් එහෙමම තමයි. රොබට්ගෙ පෙනුමට තරුණ කෙල්ලො කොයි තරම් වහ වැටිලද කියනවනම් එයත් එක්ක රැුයක් ගතකරන්නත් නොසෑහෙන්න ඇරයුම් ලැබෙනව කියලයි රොබට්නම් කියන්නෙ.
”මම දන්නෙ නෑ මගේ තියෙන විශේෂත්වය මොකක්ද කියල. ඒ වුනත් තරුණ කෙල්ලො මට පිස්සු වැටිල ඉන්නෙ. මගේ ෆේස්බුක් පිටුවට වගේම ට්විටර් පිටුවටත් දවසකට එන පණිවුඩ වලින් බහුතරයක් මගෙත් එක්ක රැුයක් ගතකරන්න කැමැත්ත ඉල්ලල එවන ඒව. ඒත් මම කොහොමද ඒවට එකඟ වෙන්නෙ. මම දැන් විවාහකයි...”
හොලිවුඞ් නළුවන්ට නිළියන්ට පේ‍්‍රම සම්බන්ධතා වලින්නම් අඩුවක් නෑනෙ. ඒ වගේම රොබට් මුලින්ම සම්බන්ධකමක් පටන් ගත්තෙ ට්විලයිට් චිත්‍රපට මාලාවේ ඔහුත් එක්ක රඟපෑ ක්‍රිස්ටීන් ස්ටීවන් සමගයි. ඒත් ඒ සම්බන්ධෙ වැඩි කලක් පැවතුනේ නෑ. පස්සෙ කාලෙක රොබට් එයාට ගැලපෙනම කෙනා හොයාගත්ත. එෆ්.කේ.ඒ විවියන් එක්ක රොබට් විවාහ වුනේ 2014 වසරේදී. ඇය ගීත රචිකාවක්, ගායිකාවක් වගේම නර්තන ශිල්පිනියක්. තමන්ගෙ දක්ෂතා වලට මේ වෙනකොටත් සම්මාන රැුසක් හිමිකරගත්තු රොබට් හැරී පෝටර් සහ ට්විලයිට් සාගා එකිලිප්ට්ස් වගේ චිත්‍රපටි වලින් තමන් කොයි තරම් දක්ෂයිද කියල මුළු ලෝකෙටම පෙන්නුව. ඉදිරියේදිත් අපිට රොබට්ගෙ අපූරු රඟපෑම් ඇතුලත් චිත්‍රපටි කිහිපයක්ම දැකගන්න පුළුවන්. ක්වීන් ඔෆ් ද ඩෙසර්ට් සහ ලයිෆ් 2015 දී වගේම 2016 දීත් තිරගත වීමට නියමිතයි. අද වගේම ඉස්සරහටත් රොබට්ගෙ හොද හොද සෙල්ලම් අපිට බලාගන්න පුළුවන් වෙයි.
සටහන:- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment