ඔව් මම දැන් ටිකක් ගණන් තමයි...
ශාහිද් කපූර්
ජිවිතේ පුංචිම තැනකින් පටන් අරගෙන අද වෙනකොට බොලිවුව් ලෝකෙ ස්තාවරත්වයක් ගොඩනගාගත්තු නළුවන් අතරෙ ශාහිඞ් කපූර් කියන්නෙ ගොඩක් ඉදිරියෙන් ඉන්න කෙනෙක්. රංගනයට වගේම නර්තනයටත් එකවගේ දක්ෂ ශාහිද් හෙදර් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොදම නළුවා විදිහට සම්මාන උළෙල කිහිපයකදීම සම්මානයටත් පාත්‍ර වුනා. ආර් රාජ් කුමාර්, පාටා පෝස්ටර් නික්ලා හීරෝ වගේ චිත්‍රපටි වලත් අමතක නොවන රංගනයක නිරතවුණු ශාහිඞ් මේ දවස් වල ගොඩක් කාර්යබහුලයි. ඒ අතරෙ දවසක එයාට කරන් එක්ක රසම රස කෝපි කෝප්පයක් බොන්නත් ආරාධනා ලැබුණ. අපි බලමු මොනාද එයාල ඒ වෙලාවෙ කතාකරල තිබුනෙ කියල...
හයිදර් වලින් පස්සෙ ඔබ ටිකක් ගණන් උස්සල කියන්නෙ ඇත්තද...?
ඔව් මම මගේ අයකිරීම් ටිකක් වැඩි කළා. ඒත් ඒක ඒ තරම් අසාධාරණ අයකිරීමක්නම් නෙවෙයි. මගේ රංගනයට ගැලපෙන ගානක් අයකරන්න නිදහස මට තියෙනවනෙ. එෙහෙම කරන්න පුලූවන් සාර්තකත්වයකුත් මට දැන් තියෙනව. ඒක නිසා මම දැන් වැඩ කරන්නෙ හොදට හිතල බලල තෝරාගත් නිර්මාණ වල විතරයි.
කරීනගෙන් වෙන්වීම පිළිබඳව ඔබ දුකෙන්ද හිටියෙ...?
අපොයි නැහැ. මම ඒ ගැන දුක් වෙන්නෙ නැහැ. නොගැලපෙන දෙන්නෙක් එකට ඉන්නවට වඩා වෙන් වෙන එක හොදයි. ඒ දේවල් දැන් අතීතයට එක්වෙලා ඉවරයි. හැමදේම වෙන්නෙ හොදට කියනවනෙ. එයා දැන් වෙන කෙනෙකුට අයිති කෙනෙක් මටම කියල කෙනෙක් ඉන්නකොට ඇයි මම තවත් කෙනෙක් ගැන හිතන්නෙ.
අම්රිතා එක්ක තිබුණු සම්බන්ධයත් ටික කලකින්ම අවසන් වුනා.
ඒක මොනතරම් බොරු කතාවක්ද...? අම්රිතා කියන්නෙ මට තවත් එක සහෝදර නිළියක් විතරයි. අනික ඔය දේවල් බොලිවුඞ් වල සාමාන්‍ය දෙයක්. එයා විතරක් නෙවෙයි මට තව කී දෙනෙනක්ගෙ නම් සම්බන්ධ කරල කතා හදල තියෙනවද. ඒ ගැන මම වැඩිය හිතන්නෙ නැහැ.
ඒ වුනාට ගින්නක් නැතිව දුමක් නගින්නෙ නැහැනෙ...
මෙහෙමයි. ඔය මිනිස්සු මට සම්බන්ධ කරපු හැම නිළියක්ම මගෙත් එක්ක එකට වැඩ කරපු අය. ඒක නිසා වෙන්න ඇති චිත්‍රපටය එළියට එනකොටම ඔය වගේ කතාවකුත් නිර්මාණය වෙන්නෙ. අම්රිතා, කරීනා, විද්‍යා වගේ තවත් අය ඉන්නව. දකින දකින හැම නිළියටම ආදරේ කරන්න තරම් මට පිස්සුවක් නැහැ. මම ඒ තරම් පහතට වැටෙන්නෙත් නැහැ.
මුල් කාලෙ ඔබ ගොඩක් අසාර්තක වුනා...
ඕනිම කෙනෙකුගේ ජිවිතේ අවාසනාවන්ත කාලයක් තියෙන්න පුලූවනි. මටත් එහෙම කාලයක් තිබුන. ඒත් දැන් එහෙම නැහැ. මම දැන් සාර්තකයි කියල මට හිතෙනව. හයිදර් තුළින් මම ඒක මුළු ලෝකෙටම ඔප්පු කළා.
ඔබ කියල තිබුන ශාහිඞ් කපූර්ට නර්තනයන් අභියෝග කරන්න නළුවෙක් තවම බිහිවෙලා නැහැ කියල...
මම කවදාවත් එහෙම කතාවක් කියල තිබුනෙ නැහැ. මටත් වඩා දක්ෂ නළුවො ඉන්න පුලූවන්. ඒත් මම දන්නව මම කිසිම කෙනෙක්ට නර්තනයේදී දෙවෙනි වෙන්නෙ නෑ කියල. මොකද නර්තනය නිසා තමයි මම සිනමාවටත් සම්බන්ධ වුනේ. ඒක නිසා මම මේ මොහොතෙ බය නැතිව කියනව නර්තනය සම්බන්ධයෙන් කවුරුහරි මට අභියෝග කරන්න කියල. එයාට වෙන්නෙ පරාද වෙන්න තමයි.
ආර් රාජ් කුමාර් නිසා ඔබ ගොඩක් ජනප්‍රිය වුනා නේද...?
මටත් එහෙම හිතෙනව. ඔව් රාජ් කුමාර් චිත්‍රපටය මගේ ජිවිතේට වාසනාව ගෙනාව. මට ඒ අවස්ථාව ලබාදුන්නට අධ්යක්ෂකවරාට ස්තූතිවන්ත වෙන්න ඕනි. සොනක්ෂිගෙන් ලැබුණු සහයෝගයත් එක්ක මට හොද රඟපෑමක යෙදෙන්න අවස්ථාව ලැබුණ. රාජ් කුමාර් හේදර් වගේම සාර්තකයි.
අලූත් නළුවො ඔබට අභියෝගයක් නෙවෙයිද...?
කොහත්ම නැහැ. කිසිම කෙනෙක් මට අභියෝගයක් නෙවෙයි. මම හිතන්නෙ මම දවසින් දවස අලූත් වෙනව කියල. ඉතින් කොහොමද මම පරන වෙන්නෙ. අලූත් අය කොයි තරම් ආවත් ශාහිඞ්ල ඉන්නෙ එක්කෙනයි. මගේ පේ්රක්ෂකයින් මට හැමදාමත් ආදරෙයි.
ඓශ්වර්යා එක්ක හරි විද්‍යා බාලන් එක්ක හරි රඟපාන්න ලැබුනොත් ඔබ මුලින්ම කැමති වෙන්නෙ කාත් එක්ක වැඩ කරන්නද...?
ඕහ්... ඒක මාර අමාරු ප්‍රශ්නයක්නෙ. මම ඒ දෙන්නටම කැමතියි. ඒත් ඓශ්වර්යාට තමයි ගොඩක්ම කැමති. මම මුලින්ම ඇයත් එක්ක රඟපෑවෙ තාල් ෆිල්ම් එකේ. එතකොට මම සහායක නර්තන ශිල්පියෙක්. ඒත් අද මට ඇයත් එක්ක ප්‍රධාන චරිතයක් කරන්න ලැබෙනවනම් මම කැමැත්තෙන්ම බාරගන්නව.
කරීනා සායිෆ්ගෙන් වෙන් වෙලා ඔබ ලගට ආවොත්...?
එහෙම වෙන්නෙ නැහැ. අනිත් එක ආයෙමත් ඒ වගේ සම්බන්ධයක් ඇතිවෙන්නෙත් නැහැ. මම දැන් ඕනිවටත් වඩා ආදරේ විඳිනව. ඉතින් මම මොකටද වෙන කෙනෙක් ගැන හිතන්නෙ. ශාහිඞ් දැන් වෙනස් කෙනෙක්.
සටහන:- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment