දොරකඩ අස්න

Tuesday, July 7, 2015

මම හොදම නිළිය වෙන එක කාටවත් වලක්වන්න බැහැ..

මම හොදම නිළිය වෙන එක කාටවත් වලක්වන්න බැහැ..
සොනක්‍ෂි සිංහා


මේ දවස් වල බොලිවුඞ් පුරවරයේ නමක් හදාගන්න දක්‍ෂතාවය, ලස්සන කියනදේට වඩා පවුල් පසුබිම ගොඩක් බලපානවා. ඒ වගේ බොලිවුඞ් පුරවරයට නෑකම් කියන පවුලකින් පැවත එන යෞවනයේ ආකර්ශනීයම සුන්දර තාරකාවක් ගැන තමයි අද ඔයාලට කියන්න යන්නෙ. ඒ වෙන කවුරුත්ම නෙවෙයි. ඔයාල හොදින් දන්න කෙනෙක්. සොනාක්‍ෂි සිංහා. තමන් රඟපෑ පළමු චිත‍්‍රපටයෙන්ම නැගී එන නිළියට හිමි සම්මානය දිනාගත්තු සොනාක්‍ෂි අද බොලිවුඞ් වල කථාබහට ලක්වෙන චරිතයක් වෙලා. ඩබාන්ග්, රව්ඩි රතෝඩි, ජෝකර්, සන් ඔෆ් සර්දාර්, ලූතෙරා රාජා, බොස්, බුලට් රාජා, ආර් රාජ් කුමාර් මෙන්ම ඇක්ෂන් ජැක්සන් සහ තෛවාර් කියන චිත‍්‍රපටි සොනක්‍ෂිගෙ දක්‍ෂතාවය මොනතරම්ද කියල අපිට පෙන්වනව. ඒ වගේම මේ වසරේ තිරගත වෙන්න නියමිත අකිරා චිත‍්‍රපටයත් සුපර් හිට් එකක් වෙයි කියලයි සොනාක්‍ෂි කියන්නෙ. බොලිවුඞ් වල අනාගතේ බාරගන්න ඉන්න මේ සුරූපී නිළිය පහුගිය දවසක මාධ්‍ය සාකච්ජාවකට මුහුණ දුන්නෙ මෙන්න මෙහෙමයි. 

මේ දවස්වල ඔබ කලහකාරී විදිහට හැසිරෙනව කියන්නෙ ඇත්තද...?
ම්...ම්... ඔව් ඔව් මම මේ දවස්වල ටිකක් විතර කලහකාරී වෙලා තමයි ඉන්නෙ. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි. මගේ අලූත්ම චිත‍්‍රපටය අකිරා වෙනුවෙනුයි මම කලහකාරී වෙලා ඉන්නෙ. ඒ වෙනුවෙන් මට සටන් පුහුණු වෙන්නත් සිද්ධවුනා. මට වගේම මගේ රසිකයින්ටත් ඒක වෙනස්ම අතිදැකීමක් වේවි. 

මොකක්ද මේ අර්ජුන් කපූර් එක්ක තියෙන පටලැවිල්ල...?
මොන පටලැවිල්ලක් ද...? අපි අතර එහෙම කිසිම දෙයක් නැහැ. මම එයත් එක්ක තෛවාර් චිත‍්‍රපටයේ එකට වැඩ කළා. අර්ජුන් ගොඩක් දක්‍ෂයි. ඒ වගේම අපි දෙන්න තිරයේ හොද පෙම්වතුන් කියල ගොඩක් අය කියනව. එහෙම නැතිව මට අර්ජුන් ගැන විශේෂ හැගීමක් නැහැ

සමකාලීන නිළියන් එක්ක ඔබ වැඩි කථාබහක් නෑ කියන්නෙ ඇත්තද...?
ක්‍ෂේත‍්‍රයෙන් පිට මට යාලූවො ගොඩක් ඉන්නව. සිනමා ලෝකෙනම් ඒ තරම් ලගින් ඇසුරු කරන යාලූවො නෑ. මම කවුරු එක්ක ගනුදෙනු කරත් අතේ දුරින් ඉන්නෙ. එතකොට ප‍්‍රශ්න අඩුයිනෙ. ඒත් මම ආඩම්බරකාර චරිතයක්නම් නෙමෙයි. වැඩ කරන වෙලාවට හැමොමත් එක්ක සහයෝගයෙන් ඉන්න මම දන්නව. 

බිකිනි අඳින්න අකමැති ඔබට හැඩැති සිරුරක් නැති නිසා නේද...?
මම පිළිගන්නව. මම ටිකක් මහතයි තමයි. ඒ වුනත් මම කැත කෙල්ලෙක් නෙමෙයි. පෞද්ගලිකව මම බිකිනි අඳින්න අකමැතියි. ඒක නිසා චිත‍්‍රපටි වල අඩනිරුවතින් ඉන්න මම සූදානම් නැහැ. බිකිනියකින් කරන්න පුළුවන් දේ මම සාරියකින් කරල පෙන්නල තියෙනව රාජ් කුමාර් චිත‍්‍රපටයෙදි. 

පහුගිය දවස් වල ඔබ රඟපෑ බොහොමයක් චිත‍්‍රපට අසාර්ථක වුනා...
හැමදාමත් සාර්ථක වෙන්න බැහැනෙ. මිනිස්සුන්ගේ ජිවිතේ අසාර්ථක වෙන අවස්ථාවන් පවා තියෙනවා. ඒක මම තේරුම් අරගෙනයි ඉන්නෙ. පහුගිය දවස්වල මම එක දිගටය වැඩ කළා. චිත‍්‍රපටිත් එක දිගට තිරගත වුනා. තෛ්වාර් චිත‍්‍රපටය අසාර්ථක එකක් කියල කියන්න බෑ. ඒක ගොඩක් හොද එකක්. පේ‍්‍රක්‍ෂකයො ඇයි ඒ චිත‍්‍රපටය ප‍්‍රතික්‍ෂේප කළේ කියන එක මටත් ලොකු ප‍්‍රශ්නයක්. 

සමහරු කියනවා දැන් ඔබේ කාලය අවසන් කියලා...
කවුද එහෙම කියන්නෙ...? ඒක මෙන තරම් බොළඳ කථාවක් ද...? මේ මගේ ආරම්භය විතරයි. මට තව යන්න ගොඩක් දුර තියෙනව. මම දවසක හොදම නිළිය වෙන එක වලක්වන්න කිසිම කෙනෙකුට බැහැ. ඒ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වෙනව. ඔයවගේ කථා කියන අයට හිතාගන්න බැරි වේවි ඒ දවසට. 

ශාහිඞ් කපූර් ඔබේ පෙනුමට අකමැතියි කියන්නෙ ඇත්තද...? 
ඒක ඉතින් අහන්න  ඕනි එයාගෙන්ම තමයි. මම හිතන්නෙ නැහැ ශාහිඞ් එහෙම කථාවක් කියයි කියල. මගේ ලස්සන හොයනවට වඩා එයාට කරන්න වෙන වැඩ තියෙනව.  ඕව මිනිස්සු අපිව කොටවන්න කියන කථා. 

පවුල් බලයක් නැතත් දීපිකා, කත‍්‍රිනා වගේ නිළියො ඔයාට වඩා ඉදිරියට ගිහින්...
දක්‍ෂතාවය, හැකියාව වගේම වාසනාවත් ඒකට තියෙන්න  ඕනි. මගේ අම්මයි තාත්තයි සිනමාවට සම්බන්ධයි කියල මම ආඩම්බර වෙන්නෙ නැහැ. මගේ ඉදිරි ගමන තීරණය කරන්නෙ ඒ දේවල් නෙමෙයි. මගේ කැපවීමයි. දීපිකාගෙවත් කත‍්‍රිනාගෙවත් ජනප‍්‍රියත්වය මගේ ගමනට බාධකයක් නෙමෙයි. 


ජනප‍්‍රිය නළුවො එක්ක රඟපාන්න ඔබ ගොඩක් කැමතියිලූ නේද...?
එහෙම විශේෂයක් නැහැ. සල්මන් ඛාන්, අජේ දේව්ගන්, ආක්‍ෂය කුමාර් කියන ප‍්‍රවීනයො එක්ක වගේම අර්ජුන් කපූර්, ශාහිඞ් කපූර්, රන්වීර් සිං වගේ අලූත් පරපුරේ අයත් එක්කත් මම වැඩ කරල තියෙනවා. එමහර වෙලාවට ප‍්‍රවීන අයත් එක්ක වැඩ කරන එක ලේසියි. එයාලගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුලූවන්. ශාරුක් ඛාන් වගේම අමීර් ඛාන් එක්ක රඟපාන එකත් මගේ ජිවිතේ එක සිහිනයක්.

අලූත් පරපුරේ අභියෝගයක් වෙන නිළියක් ඔබට ඉන්නව ද...?
කිසිම කෙනෙක් මට අභියෝගයක්නම් නෙවෙයි. මම කැමතියි මට මාවම අභියෝගයක් කරගන්න. අනෙක් අයත් එක්ක තරඟයක් මට නැහැ. අනික මට  ඕනි දේ මම කොහොම හරි ලබාගන්නව. එතනදි මම කාටවත් පරාද වෙන්නෙ නැහැ. 

සටහන :- අමිල නුවන් මධුසංඛ 

සිද්ධාර්ත්ගෙ පෞරුෂය ඉස්සරහ මම දියවෙලා යනව.

සිද්ධාර්ත්ගෙ පෞරුෂය ඉස්සරහ මම දියවෙලා යනව.
ශ‍්‍රද්ධා කපූර්


තරඟකාරීත්වය දවසින් දවස වැඩිවන බොලිවුඞ් පුරවරයේ තමන් රඟපාපු අඩු වියදම් සිනමා පටයකින් නොහිතපු සාර්තකත්වයක් ලබපු නිළියක් තමයි ශ‍්‍රද්ධා කපූර් කියන්නෙ. මූනෙ ඇදෙන අහින්සක සිනහව, දිගටි නෙතු සගල වගේම සරාගී දෙතොල් සඟලක් හිමි ශ‍්‍රද්ධ එහෙමත් නැත්නම් ගොඩක් අය හදුන්වන අරෝහි ඉන්දියාවෙ විතරක් නෙවෙයි ලංකාවෙ කොල්ලොත් පිස්සු වට්ටපු කෙල්ලෙක් කිව්වොත් හරි. ආශිකී 2, ඒක් විලන් වගේම මේ දවස් වල  ඒ.බී.සී.ඞී 2 චිත‍්‍රපටයෙනුත් අපිට ශ‍්‍රද්ධගෙ අපූරු හැකියාවන් බලාගන්න පුලූවන්. බොලිවුඞ් වල කොයි තරම් කාර්යබහුල නිළියක් වුනත්, තමන් එක්ක කොෆි එකක් බොන්න එන්නයි කියල කරන් කරපු ආරාධනයනම් එයාට අහක දාන්න බැරිවුනා. 

ඔබ දැන් ගොඩක් ජනප‍්‍රිය නිළියක් වෙලා...
ම්...ම්...ම්...ගොඩක් ජනප‍්‍රියයි කියල මටත් හිතෙනව. වෙනද වගේ මට දැන් සාමාන්‍ය කෙල්ලෙක් විදිහට පාරෙ බැහැල යන්නත් බැහැ. ඒත් ඒකට මම කැමතියි. මේ හැබෑවෙලා තියෙන්නෙ මගේ පුංචි කාලෙ ඉදන් තිබුණු සිහිනයක්. මම මේ හැමදේකටම ගොඩක් ආදරෙයි.

බොලිවුඞ් වල කවුද ඔබේ ලඟම මිතුරියන්...?
ක්‍ෂේත‍්‍රය ඇතුලෙනම් මට ගොඩක් යාලූවො නෑ. ඒත් මම ගොඩක් ලගින් ඇසුරු කරන දෙන්නෙක් තමයි පරිනීති සහ ආලියා. සමහර විට අපි එකම කාලෙ සිනමාවට ආපු නිසා වෙන්න ඇති මේ තරම් කිට්ටු වුනේ. මොන දේ වුනත් මම කියන්නෙ එයාල දෙන්නට තමයි. අපි හරියට සහෝදරියො වගේ.


ආදිත්‍ය රෝයි කපූර් එක්ක සම්බන්ධයක් තියනව කියන්නෙ ඇත්තද...?
අයියෝ... ඕක ගොඩක් පරන කතාවක්. ආශිකී චිත‍්‍රපටය තිරගතවුනාට පස්සෙ ගොඩක් අය එහෙම කියන්න පටන්ගත්ත. ඒත් මගේ හිතේවත් ආදිත්‍යගෙ හිතේවත් ඒ වගේ අදහසක් නෑ.  ඕනි කෙනෙක්ට  ඕනි දෙයක් කියන්න පුලූවන්. අනික මගේ කැමැත්ත තියෙන්නෙ වෙන තැනක. ඉතින් කොහොමද ඒ කතාව ඇත්තක් වෙන්නෙ.

ඔබේ සහකරුවා සිනමාවෙම කෙනෙක් වුනොත්...
සමහරවිට එහෙම වෙන්නත් පුලූවන්. හැබැයි එයා මට සියයට සියයක් ගැලපෙන්න  ඕනි. සිද්ධාර්ත් වගේ පෞරුෂයක් තියෙන කෙනෙක් නම් මම ගොඩක් කැමතියි. ඒත් ගොඩක් නළුවන්ට ඒ වගේ කොලිටීස් නැහැ. එයා සිනමාවට සම්බන්ධ වෙන්නම  ඕනි නෑ. 

ඇත්තද ඔබ දැන් මාධ්‍යවේදීන්ට ගණන් උස්සනව කියන්නෙ...?
ඒක බොරු කතාවක්. මම කා එක්කත් සුහදයි. ඒත් ගෑනු ළමයින්ව අපහසුතාවට පත්කරන අයට මාධ්‍යවේදියො කියන්න පුලූවනිද...? ඒ වගේ අය එක්ක ගණුදෙනු කරන්නනම් මගේ කැමැත්තක් නැහැ. වැරදි විදිහට තොරතුරු ගන්න එන අයට පේන්නෙ මම ගණන් උස්සනව කියල වෙන්න ඇති.

ශාරුක් ඛාන් හරි රිතික් රෝෂන් හරි චිත‍්‍රපටියක රඟපාන්න ආරාධනා කළොත්...
අම්මෝ... ඒක ලොකු අවස්ථාවක්නෙ. එහෙම උනොත් මම රිතික්ගෙ ආරාධනාව මුලින්ම බාරගන්නව. මම රිතික්ට ගොඩක් කැමතියි. ශාරුක්ටත් කැමතියි. ඒත් තිරයේ මට ගොඩක් මැච් වෙන්නෙ රිතික් කියලයි මට හිතෙන්නෙ.

සමකාලීන නිළියන් ඔබට අභියෝගයක් නොවෙයිද...?
මගේ පරපුරේ අය ගොඩක් දක්‍ෂයි. ඒ අය ලග වෙනස්ම හැකියාවන් තියෙන්නෙ. මටනම් කවුරුත්ම අභියෝගයක් නෙවෙයි. මට පුලූවන් දේ මම උපරිමයෙන් කරනව. ඒක නිසා තරඟයක් නෑ. 

මහේෂ් භාත්ගෙ සරාගී චිත‍්‍රපටකට ආරාධනා ලැබුනොත් භාරගන්නවද...?
අනිවාර්යයෙන්ම. එයාගෙ ආරාධනයක් මම අහක දාන්නෙ කොහොමද...? හැබැයි ඒක මට යමක් කරන්න තියෙන ෆිල්ම් එකක් වෙන්න  ඕනි. ඒ වගේම සිද්ධාර්ත් ඒ ෆිල්ම් එකේ ප‍්‍රධාන චරිතය රඟපානවනම් මම තවත් කැමතියි. අනික නිළියක් කියන්නෙ  ඕනිම දෙයක් කරන්න පුලූවන් කෙනෙකුටනෙ. ඒ නිසා කිසිම දේකට පස්ස ගහන්න හොද නෑ. 

සිද්ධාර්ත් ගැන මොකද ඔය තරම් කැමැත්තක්...?
අනේ මන්ද...? සිද්ධාර්ත් කියන්නෙ මම ගොඩක් කැමති කොල්ලෙක්. එයා වගේ වෙන්න කාටවත්ම බෑ. ඒක් විලන් ෆිල්ම් එකට මම කැමති වුනෙත් සිද්ධාර්ත් නිසාමයි. සිද්ධාර්ත්ගෙ පෞරුෂය ඉස්සරහ මම දියවෙලා යනව. ඒත් ඒකෙන් කියන්නෙ නෑ මායි එයයි අතරෙ සම්බන්ධයක් තියනව කියල. 


කත‍්‍රිනා කායිෆ් එක්ක තියෙන අමනාපය මොකක්ද...?
අම්මෝ මම බොහොම අහිංසක කෙල්ලෙක්. එයත් එක්ක කිසිම අමනාපයක් මට නෑ. මම සාමාන්‍ය කෙල්ලෙක්. මට කා එක්කවත් ප‍්‍රශ්න ඇතිකරගන්න  ඕනි නෑ.  ඕව අපි අතර ප‍්‍රශ්න ඇතිකරන්න සමහරු ගොතන කතා. අනික කාගෙවත් බෙල්ල කපාගෙන ඉදිරියට යන්න මට  ඕනි නෑ.

සටහන :- අමිල නුවන් මධුසංඛ

පොඩ්ඩන් බලාගන්න තාක්‍ෂණයේ පිහිට

පොඩ්ඩන් බලාගන්නත් තාක්‍ෂණයේ පිහිට 


මේ කාලයේ මව්පියන් සමඟ කිසියම් කටයුත්තක්‌ සඳහා රැඳී සිටින විට දඟලන පොඩිත්තන් දකින්නට ලැබෙන්නේ බොහෝ අඩුවෙනි. පැත්තකට වී ඉඳගෙන මව්පියන්ගේ ජංගම දුරකථනයේ ක්‍රීඩාවක්‌ කරන්නට වීඩියෝවක්‌ බලන්නට බොහෝ ළමයින් පුරුදු වී තිබේ. අපේ කුඩා කාලයේ මෙවැනි තාක්‌ෂණික මෙවලම් නොතිබූ බව පැවසීම දිනක ළමයින්ට විශ්වාස කළ නොහැකි දෙයක්‌ විය හැක. මිල අධික නොවන හා ශක්‌ති කාර්යක්‌ෂම බ්ලූටූත් තාක්‌ෂණය සහ ස්‌මාට්‌ ජංගම දුරකථන බහුලත්වය නිසා ළදරුවන් වෙනුවෙනුත් පසුගිය වසර කීපය තූළ නොයෙකුත් තාක්‌ෂණික මෙවලම් එළි දැක තිබේ. ඒ මදිවට තරුණ තාක්‌ෂණ ව්‍යවසායකයින් හවුල් වී තම දරුවන්ගෙන්ම අත්හදාබැලීම් කර බලන්නටත් යොමු වී තිබේ.


ක්‍රිස්‌ටින් හැන්කොක්‌ ලන්ඩනයේ ප්‍රාථමික පාසලක ගුරුවරියක වූවාය. ඇගේ දරුවා නිතර නිතර රෝගී වන විට අවශ්‍ය පරීක්‌ෂාවන් කිරීමට ඇයත් සැමියාත් කළේ බ්ලූටූත් ක්‍රියාකාරිත්වය ඇති උපකරණවල පිහිට පැතීමය. ඔවුන්ට සැමවිටම වාගේ දරුවාගේ උෂ්ණත්වය මැනීමට උවමනා වූවත් දරුවාගේ මුවෙන් හෝ කනෙන් නිවැරදි මැනීමක්‌ කර ගැනීම නම් බොහෝ අපහසු විය. ඒ නිසාම වෙහෙසට පත් වූ එක්‌ දිනක ක්‍රිස්‌ටින් මට නිවැරැදි මැනීමක්‌ කර ගන්න හැකි දෙයක්‌ උවමනා යෑයි කෑ ගෑවාය. පැසිෆි (Pacifi) නිෂ්පාදනය බිහි වූයේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසටය. එය උෂ්ණත්වමානයක්‌ අඩංගු මුවේ රඳවන සූප්පුවකි. එයින් දැක්‌වෙන තොරතුර බ්ලුටූත් මඟින් දෙමාපියන්ගේ ස්‌මාට්‌ ජංගම දුරකථනයට යෑවීම කෙරේ. දරුවාට උණ ඇති විට සහ බෙහෙත්වලින් ගුණයක්‌ තිබෙනවාද යන්න එය අඟවන්නේය. ළදරුවා සිටිය යුතු ස්‌ථානයෙන් ඉවතට බඩගා හෝ පෙරළී ගොස්‌ සිටියහොත් එවිටද අනතුරු නිවේදනයක්‌ නිකුත් කිරීමට එම ළදරු සූප්පුවට හැකිය. වර්තමානයේ නිපදවෙන ....... නැවත බල ගැන්වීමක්‌ උවමනා නොවන තරම්ය. එහි අඩංගු කුඩා බැටරියේ ශක්‌තිය එහි ජීවිත කාලයටම ප්‍රමාණවත් බව ක්‍රිස්‌ටින් පවසන්නීය.


ජැක්‌ ලෙපයින් පැරීසියේ ඉංජිනේරුවෙකි. දිනක්‌ ඔහු තම ළදරු පුතාට බෝතලයෙන් කිරි පොවමින් සිටියේය. ඔහුගේ බිරිඳ පසුපසින් පැමිණ අසතුටින් කියා සිටියේ ඔහු එම කටයුත්ත හොඳින් නොකරන බවකි. ජැක්‌ නිවැරදිව බෝතලය අල්ලා ගෙන නොසිටි නිසා කිරි බීම අවසන් කරන්නටත් පෙර පුතා වෙහෙසට පත්ව සිටියේය. ඒ තත්ත්වය පිළිබඳව කල්පනා කළ ජැක්‌ බෝතලයේ දිශාව තනිවම වෙනස්‌ කර ගත හැකි බෝතලයක්‌ නිර්මාණය කළේය. ගිග්ල් බොට්‌ල් (Gigl bottle) ලෙසින් හැඳින්වෙන එම බෝතලයට ළදරුවා කොතරම් බීවාද සහ කුමන වෙලාවක බීවාද යන තොරතුරු බ්ලූටූත් මඟින් යෑවීමටද හැකිය. ගිග්ල් බොට්‌ල් දැන් විශාල වශයෙන් චීනයේ නිෂ්පාදනය කෙරේ.

භෞතික විද්‍යාඥ මිකේල් ගන්සන් සහ ආචාර්ය මීඅම් ගෝල්ඩ්ස්‌ටයින් ඔවුන්ගේ දරු තිදෙනා සමඟ ජීවත් වන්නේ ජෙරුසලමේ ජර්මානු කොලනියේය. ඔවුන් පවසන්නේ ඔවුන්ගේ සවුන්ඩ්ස්‌ලීප් අයෑදුම (SoundSleeper app) පටන්ගත්තේ මූලිකවම ඔවුන්ගේම පෞද්ගලික අවශ්‍යතාවය නිසා බවය. එම අයෑදුම වර්ෂාව වැටෙන හඬ වැනි ළදරුවාට නිදා ගැනීමට උපකාර වන හඬ වයන්නේය. එහි කන්දීමේ ක්‍රමය ළදරුවාගේ හඬගෑම පිළිබඳව පරීක්‌ෂාකාරිව සිට නිදිමත ඇති කරන ශබ්ද පෙළගස්‌වයි. සෑම රාත්‍රියකම ළදරුවා නිදාගත් ආකාරය ප්‍රස්‌තාර මගින් පෙන්වාදීමද එමගින් කෙරේ. දැන් සවුන්ඩ්ස්‌ලීප අයෑදුම් වෙළඳපලේ ඉහළම අයෑදුම් 100 අතරට එක්‌ වී ඇත.


ආචාර්ය පෙඩ්ෙඩ්‍රා මොනාගා පවසන්නේ ඔහුගේ පුතා ඉපදුන විට බොහෝ අඬන්නට වූ බවයි. ආචාර්ය මොනාගා ඔහුගේ හැඩීම පටිගත කළේය. ඔහු තම මිතුරන්ට කියා ඔවුන්ගේ දරුවන් අඬන හඬද පටිගත කර ගෙන්වා ගත්තේය. ඉන්පසු ඔහු ඒවායේ තරංග හැඩය විශ්ලේෂණය කළේය. ළදරුවා බඩගින්න, විඩාව, පීඩාව, හිංසාව සහ ආයාසය ආදියේදී නඟන හඬ බොහෝ වෙනස්‌ බව ආචාර්ය පෙඩ්ෙඩ්‍රා සොයා ගත්තේය. ඔහු බාසිලෝනා, මෙක්‌සිකෝ සිටි සහ සෝල් නගරවල රෝහල්වල පරීක්‌ෂණ පවත්වා හැඩීමට හේතුව දක්‌වන පරිගණක වැඩසටහනක්‌ සොයා ගත්තේය. සාමාන්‍යයෙන් 95% ක්‌ම එහි දැක්‌වීම නිවැරදි විය. ළදරුවා බඩගිනි විට නඟන හැඩීම උද්යෝගී තියුණු බෙරිහන් දීමකි. වෙහෙස ඇති විට කෙඳිරිගෑමක්‌ කරයි. පීඩාව ඇති විට කරනුයේ වේගවත් කෙටි ඇඩීමකි. ආචාර්ය මොනාගා ඔහුගේ වයික්‍රයි වැඩසටහන සමාන කරන්නේ අලුත් මව්පියන්ගේ උදව්වට සිටින දක්‌ෂ ආච්චී හෝ සීයා කෙනෙකු ලෙසටය. අවසානයේ මව්පියන්ට එය නොමැතිවම තම දරුවාගේ ඇඩීම වටහා ගැනීමට හැකියාව ඇතිවේ.


සටහන :- අමිල නුවන් මධුසංඛ

හිටපු ජනපති මරණ දණ්‌ඩනයට


හිටපු ජනපති මරණ දණ්‌ඩනයට


මොහමඩ්මෝසි මහතා ඊජිප්තුවේ පස්‌වැනි ජනාධිපතිවරයාය. ඊජිප්තු ඉතිහාසයේරටේ නායකත්වයට ප්‍රජාතන්ත්‍රවාදිව තේරී පත් වූ පළමුවැන්නා වනඔහු 2012 ජූනි 30 සිට 2013 ජූලි 3 දක්‌වා රට පාලනය කළේය. 2013 ජූනි ඊජිප්තුවන්ගේ විරෝධයන් සහ 2013 ජූලි ඊජිප්තුකුමන්ත්‍රණයෙන් පසුව සේනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි විසින්මෝසි මහතා පාලනයෙන් ඉවත් කරනු ලැබීය. අද මෝසි මහතා මරණදණ්‌ඩනයට මුහුණ දී සිටින්නේය. 2011 ජනවාරි 8 මෝසි මහතා සහමුස්‌ලිම් බ්‍රදර්හුඩ් සංවිධානයේ තවත් නායකයන් 24 දෙනෙකුසිරභාරයට ගැණුනු අතර ඉන් දින දෙකකට පසු ඔවුන් සිරගෙය කඩාගෙනඑළියට යාම සිදුවිය. වසර 4 කට පසුව මෝසි මහතා සිරගෙය කඩාගෙන යාමසම්බන්ධයෙන් නඩු විභාගයට මුහුණ දුන්නේය. ඔහු ඇතුළු තවත් 105 දෙනෙකු 2015 මැයි 16 දින මරණ දණ්‌ඩනයට නියම විය. අධිකරණයෙඅවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ජූනි 2 නියමව තිබුණත් එදිනනැවතත් අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජූනි 16 තෙක්‌ කල්තැබුණි.

මෝසි මහතා 2012 දි විරෝධතාකරුවන් රඳවා තබාගැනීම සහ වධ දීමටනියෝග කිරීම යන වැරදි වෙනුවෙන්ද වසර 20 ක සිරදඬුවමකට යටත්වසිටින්නේය. මෝසි මහතාගේ මාස 12 ක පාලන කාලය බොහෝ ඊජිප්තුවන්දකිනුයේ ආර්ථික සහ සමාජමය ප්‍රශ්න නිරාකරණයට වඩා දේශපාලනහසුරුවීම පිහිටුවීමට යෙදවූ කාලයක්‌ ලෙසටය. ජනාධිපති ලෙස මෝසිමහතාට අසීමිත බලයක්‌ පිරිනමාගෙන තිබුණි. අධිකරණ පාලනයකින් තොරවහෝ ඔහුගේ ක්‍රියාවල ගුණදොස්‌ විවේචනයක්‌ නැතිව නීති පැනවීමේහැකියාවක්‌ ඔහුට විය. ඔහු දක්‌වා තිබුණේ ඒ මගින් කලින් පැවති 30 වසරක මුබාරක්‌ යුගයේ බල රාමුවෙන් රට බේරා ගන්නා බවටය.නොවැම්බර් මාසයේ අවසන් කාලයේ මෝසි මහතා ඉස්‌ලාමීයයන්ගෙන් අනුබලලබන ව්‍යවස්‌ථාවලියක්‌ කෙටුම්පත් කර ජනමත විමසුමක්‌ කැඳවූවේය.එම ක්‍රියාව ඔහුගේ විරුද්ධවාදින් විසින් හඳුන්වා දුන්නේඉස්‌ලාමීය කුමන්ත්‍රණයක්‌ ලෙසටය. මෙම කාරණා මෙන්ම ජනමාධ්‍යකරුවන්ගේ චෝදනා සහ අවිහිංසාවාදි පෙළපාලිකරුවන්ට කළ පහරදීම්පිළිබඳ පැමිණිලි සමඟින් 2012 නොවැම්බර් මස සියදහස්‌ ගණන්ඊජිප්තුවෙන් වීදි බසින්නට විය. මෝසි මහතාගේ පාලනයට වසරක්‌පිරුණ 2013 ජූනි 30 දින ඔහුගේ විරුද්ධවාදීන් විසින්පෙළපාලියක්‌ සංවිධානය කෙරුණි. එයට ඊජිප්තුව පුරා මිලියන ගණනින්පෙළපාලිකරුවන් එකතු වූ අතර ඔවුන් ජනාධිපතිතුමාට ඉල්ලා අස්‌වනලෙස බලකර සිටින්නට විය. දින 3 කට පසුව එවකට හමුදා ප්‍රධානියාවසිටි සහ වත්මන් ජනාධිපතිවරයා වන අබ්දෙල් ෆටා අල් සිසි රටේපාලනය අතට ගත්තේය.

මෝසි මහතා සහ ඔහුගේ ඉහළ උපදේශකයන්ට විරුද්ධව නඩු විභාග කිරීමඇරැඹෙන තුරු මාස කීපයක්‌ම ඔවුන්ව හුදකලා සිර අඩස්‌සියේ තබාතිබුණි. මෝසි මහතා ජනාධිපතිව සිටින විට 2012 දෙසැම්බර්ජනාධිපති මන්දිරය ඉදිරියේ රැස්‌ව සිටි පෙළපාලිකරුවන් විසිරුවාහරින ලෙස පොලිසියට විධාන දී තිබුණි. නමුත් ඔවුන් එයප්‍රතික්‌ෂේප කිරීම නිසා මෝසි මහතා කර තිබුණේ ඔහු සාමාජිකත්වයදරන මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සංවිධානයේ ආධාරකරුවන් ඒ සඳහායෙදවීමය. එහිදී ඇති වූ ගැටුමේදි 11 දෙනෙකු මරණයට පත්ව තිබුණි.විරෝධතාකරුවන් රඳවාගැනීමට සහ වද දීමට අණ දීමේ වරදට මෝසි මහතාඇතුළු බොහොමයක්‌ විත්තිකරවන්ට බරපතළ වැඩ ඇතිව වසර 20 කසිරදඬුවම් නියම විය.

ප්‍රජාතන්ත්‍රවාදිව තේරීපත් වූ හිටපු ජනාධිපතිතුමා අධිකරණබලධාරීන් සමඟ එකඟ වන්නේ නැත. තමා හමුදා කුමන්ත්‍රණයක ගොදුරක්‌වී ඇති බවට පළමු නඩු විභාගය ආරම්භයේදී ඔහු විත්ති කූඩුවේ සිටකෑගසා කීවේය. රටේ ව්‍යවස්‌ථාවට අනූව ජනරජයේ ජනාධිපති තමා බවත්තමාව බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවත් මෝසි මහතා තරයේ කියාසිටියේය. එතැන් පටන් ඔහුට සිදුවූයේ අධිකරණ කාමරවල ඇති හඬවළක්‌වන වීදුරු කොටුවක වාඩි ගැනීමටය. මෝසි මහතාට විරුද්ධවචෝදනා ඉදිරිපත් කෙරෙන අතරවාරයේ මුස්‌ලිම් බ්‍රදර්හුඩ්සංවිධානයද බිඳහෙළීමට කටයුතු සිදුවිය. එම සංවිධානය අතුගා දැමීමටසිසි ජනාධිපතිතුමා පොරොන්දු දී ඇත. නඩු විභාගවල දේශපාලනිකපොළඹවීමක්‌ තිබුණ බවත් කුමන්ත්‍රණයට නීතිමය ආවරණයක්‌ දීමටකටයුතු කළ බවත් මෝසි මහතාගේ ආධාරකරුවන් පවසා තිබුණි. නිදහසටකරුණු කිරීමට සූදානම් වීමට මෝසි මහතාට ඇති අයිතිය යටින් බිඳදමා ඇති බව මිනිස්‌ අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පවසා තිබුණි.මේ වන විටත් ඉහළ මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සාමාජිකයින්කීපදෙනෙකුටම මරණ දඬුවම නියම වී ඇතත් තවමත් එය ක්‍රියාවේනොයෙදුණි. සියළුම මරණ දණ්‌ඩන නියම ක්‍රියාත්මක කිරීමට පෙරඊජිප්තුවේ ඉහළම ආගමික අධිකාරි වෙත යෑවිය යුතු වේ. වරදකරුකිරීමට එතුමාගේ අනුමැතිය ලැබුණත් එයට අභියාචනා කිරීමේ හැකියාවදපවතී. මෝසි මහතා සම්බන්ධයෙන් ඇති මරණ දණ්‌ඩනයද ක්‍රියාත්මකනොවණු ඇතැයි ප්‍රවීණයන් විශ්වාස කරයි.

සටහන :- අමිල නුවන් මධුසංඛ


Monday, July 6, 2015

මගෙයි දීපිකාගෙයි සම්බන්ධය ගැන පරිනීති දන්නව..

මගෙයි දීපිකාගෙයි සම්බන්ධය ගැන පරිනීති දන්නව..

රන්වීර් සිං

පුංචි කාලයේ ඉදන්ම දැකපු හීනයක් සැබෑකරගත්තු කඩවසම් තරුණයෙක් වගේම වාසනාවන්තයෙක් බොලිවූඞ් වල ඉන්නව. ඒ වෙන කවුරුත්ම නෙමෙයි. රන්වීර් සිං... ඔයාල දන්නවද, ලෝකයේ සරාගීම කාන්තාවන් අතර පෙරමුනේම ඉන්න කෙනෙක් වගේම බොලිවුඞ් වල ජනප‍්‍රියම තාරකාවක් වන දීපිකාගෙ පෙම්වතා නිසයි එයා ගොඩක් වාසනාවන්තයි කියල කියන්නෙ.රන්වීර් කොයි තරම් දක්‍ෂ නළුවෙක්ද කියල කීවොත් එයා රගපාපු පළමුවෙනි චිත‍්‍රපටය වන බැන්ඩි බජා බාරත් සඳහා නැගී එන නළුවාට හිමි සම්මානය උළෙලවල් කිහිපයකදීම හිමිකරගන්න සමත් උනා. ඒ වගේම ලේඞීස් වෝස් රිකී බාල්, ලූතෙරා රාජා, රාම් ලීලා, ගුන්ඬේ, කිල් දිල් කියන චිත‍්‍රපටවල එයා දක්වපු දක්‍ෂතාවය කොයි තරම්ද කියනවනම් ඉදිරියට එන්න තියන චිත‍්‍රපට රැුසක ප‍්‍රධාන චරිත රඟපාන්න රන්වීර්ට ආරාධනා ලැබිල තියනව. දවසක් කරන් ජොහාර් රන්වීර්ට ආරාධනා කළේ එයත් එක්ක පෞද්ගලිකව ටිකක් කථාබහ කරන්න. අපි බලමු මොනවද එයාල දෙන්න කථා කළේ කියල...

රන්වීර් තමන්ගෙ රූපය ගැන ගොඩක් අහංකාර වෙලා කියල සමහරු කියනව.
සමහරු එහෙම හිතන්න පුළුවන්. ඒ මොකද මම උඩු කය නිරුවත් දර්ශන වලට පෙනී ඉන්න කොට මගේ සිරුරේ හැඩය හොදින් ඉස්මතු වෙලා පේන විදියට හැසිරෙන්නෙ. ඇඟ හදාගන්න  ඕනි නිසා නිතරම ජිම් එකටත් යනව. ඒත් මම ඇත්තටම මගේ රූපය ගැන අධි තක්සේරුවකින් නෙමෙයි ඉන්නෙ.


අද බොහෝ තරුණියන් වගේම තරුණයිනුත් ඔබේ ජවසම්පන්න බවට වශීවෙලා කීවොත්...
ඒක එහෙමද...? මම නම් ඒ ගැන හරියටම කියන්න දන්නෙ නැහැ. ඔබ කියන කථාව ඇත්තනම් මම ඒ ගැන ගොඩක් සතුටු වෙනව. මම දිහා බලල ඒ අය ආදර්ශයක් ගන්නවනම් මට මං ගැන ලොකු ආඩම්බරයක් ඇතිවෙන්නෙ. මම නිතරම කෝපි බොනවා. සතුටින් ඉන්නවා. ඉතින් මම දවසින් දවස ශක්තිමත් වෙනව.

ද’පිකා එක්ක සම්බන්ධකමක් ගොඩනගා ගත්තෙ ජනප‍්‍රියත්වය දිනාගන්න  ඕනි නිසාද...?
කොහෙත්ම නැහැ. ද’පිකාට මම ඇත්තටම ආදරෙයි. ඒක අපේ පෞද්ගලික ජිවිතේට සම්බන්ධ කාරණාවක්. ඇය ජනප‍්‍රියයි තමයි. ඒත් එයාගෙ ආලෝකයෙන් බැබළෙන්න මට අවශ්‍යතාවයක් නැහැ. ඔයවගේ වැඩකට නැති කථා කියන්නෙ අපි දෙන්න ගැන ඉරිසියාවෙන් ඉන්න මිනිස්සු තමයි.

සමහරු කියනව ඔබ සිනමාවේ අධිරංගනයක යෙදෙනවයි කියල...
සිනමාව කියන්නෙ පුළුල් මාධ්‍යයක්. අධිරංගනය  ඕනි තැනදි ඒක ලබාදිය යුතුයි. මම කරන දේට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන නිසා සමහරුන්ට පෙනෙනව ඇති මම මගේ ස’මාවන් ඉක්මවා යනවයි කියල. ඒක මම විතරක් නෙවෙයි  ඕනෙම නළුවෙකුගෙ වගකීමක් වෙන්න  ඕනි. චරිතයට අවශ්‍ය විදියට හැඩලැසෙන්න අපිට පුළුවන්කම තියෙන්න  ඕනි.

අර්ජුන් කපූර් නිතරම කියනවා ඔබ ඔහුගේ හොදම මිතුරෙක් කියල...
ඔව් ඒක ඇත්ත. අපි දෙන්න හොදම යාලූවො තමයි. ඒක ඇතිවුනේ ගුන්ඬේ චිත‍්‍රපටය රූගත කරන කාලයේ. අපි හැමදාම  දුරකථනයෙන් අපි කරන දේවල් වල අඩුපාඩු කථාකරනව. ඔහු දක්‍ෂ නළුවෙක්. හරියට අපි දෙන්න සහෝදරයො වගේ. වෙන කිසිම නළුවෙක් ගැන මට එහෙම දැනිල නැහැ.

දීපිකාගෙ සාර්ථකත්වය ගැන ඔබට මොකද හිතෙන්නෙ...?
මම හිතනවා ඇය අද සිනමා කර්මාන්තයේ ස්ථාවරම තැනක ඉන්නව කියල. ඒ වගේම ඇය දවසක මේ කර්මාන්තය ඇතුලෙ ලොකු පෙරළියක් ඇති කරයි. කරුණාවන්ත හදවතක් හිමි ද’පිකාට කෙනෙක් හැරෙන කොට කියන්න පුළුවන් එයා කවුද කියල. ඒක නිසා එයාව අමාරුවෙ දාන එකනම් ඒතරම් ලේ්සි කාරණයක් නෙවෙයි.

රාම් ලීලා චිත‍්‍රපටයේ ඔබ දීපිකාව සිපගන්න දර්ශන තාත්විකව ඉදිරිපත් කරල තියනව...
ඒ කියන්නෙ මම මගේ වැඬේ හොදට කරල කියන එකනෙ. ඔව් එහෙම කළා තමයි. චිත‍්‍රපටයෙ සාර්තකත්වය වෙනුවෙනුයි එහෙම කළේ. ඒක අපි දෙන්නම කථා කරල ගත්තු තීරණයක්. කොහොම උනත් මගේ පෙම්වතියව සිපගන්න එක කොහොමත් තාත්වික වෙන්න  ඕනිනෙ නේද...

පරිනීති චොප්රා එක්ක ඔබේ රහස් සම්බන්ධයක් තිබුණ කියන කථාව ඇත්තක් ද...?
ඒක මොන බොරු කථාවක්ද...? පරිනීති මගේ හොද යාළුවෙක්. එකට වැඩත් කරනව. එහෙම වුනයි කියල අපි අතර සම්බන්ධකමක් තියනව කියල කවුරු හරි කියනවනම් ඒක විහිළුවක්. කිල් දිල් වලින් පස්සෙ මම ආසාවෙන් බලාගෙන ඉන්නව එයත් එක්ක එකට වැඩ කරන්න. මොකද පරිනීති එක්ක වැඩ කරන එක පහසුයි. අනික එයා දන්නව මගෙයි දීපිකාගෙයි සම්බන්ධය ගැන.

සටහන :- අමිල නුවන් මධුසංඛ
 
 
 
 
 
 
 
 

Sunday, July 5, 2015

නොගැලපෙන නිළියක් එක්ක රඟපාන්න මම කැමති නෑ

නොගැලපෙන නිළියක් එක්ක රඟපාන්න මම කැමති නෑ 
රන්බීර් කපූර්
 

පුංචි කාලෙ ඉදන්ම බොලිවුඞ් පාරාදීසයේ කාන්තිය උණුසුම ඇඟට දැනෙනකොට උපන්ගෙයි හැකියාවන් දක්‍ෂතාවන් ලියලනව කියන්නෙ නිකමට නෙවෙයිනෙ. රන්බීර් කපූර් කියන්නෙත් අන්න ඒ වගේ කෙනෙක්. තාත්තගෙ අඩිපාරෙ යමින් බොලිවුඞ් වලට පය තියපු මේ තරුණ නළුව අද වෙනකොට හිතාගන්න බැරි තරම් දුරක් ගිහින්. සංජේ ලීලා බන්සාලිගෙ සාවරියා චිත‍්‍රපටයෙන් කලඑළි බැහැපු මේ කඩවසම් ඉලන්දාරියා බච්නා ඒ හසීනෝ, වෙක් අප් සිද්, රොක්ස්ටාර්, බර්ෆි, යේ ජවානී හේ දිවානී, රිකී, බොම්බෙ වෙල්වට් කියන චිත‍්‍රපට වලින් තමන් බොලිවුඞ් වල සුපිරි තරුවක් කින එක හොදින්ම ඔප්පු කරා. සුරූපී නිළි කත‍්‍රිනාගෙ පෙම්වතා වෙන්න වාසනාවන්ත වුණු  රන්බීර්ටත් දවසක කරන් එක්ක පුචි කතාබහකට ආරාධනා ලැබිල තිබුණ. අපි බලමු මොනවද එයාල කෝපි බොන ගමන් කථා කළේ කියල...


දීපිකායි කත‍්‍රිනායි දෙන්නම එකපාර ඔබෙන් උදව්වක් ඉල්ලූවොත් කාටද ඔබ මුලින්ම උදව් කරන්නෙ...?
කත‍්‍රිනා කියන්නෙ මගේ පෙම්වතිය. එයා මාව හොදට තේරුම් අරගෙනයි ඉන්නෙ. අනික එයා හොදටම දන්නව මම අනිත් අයට උදව් කරන්න කැමැතියි කියල. ඒක නිසා මම දීපිකාට උදව් කරනව. එහෙම කළයි කියල කත‍්‍රිනා මගෙත් එක්ක තරහ වෙන්නෙ නෑ කියලත් මම දන්නව.

සමහරු කියනව ඔබ ජනප‍්‍රියත්වය නිසා හිස උදුම්වගෙන ඉන්නෙ කියල...
මගේ ලගින් ඉන්න අය දන්නව මම කවුද කියල... ඒක නිසා කවුරු මොනව කීවත් මට ප‍්‍රශ්නයක් නැහැ. ජනප‍්‍රියත්වය කියන්නෙ තාවකාලික දෙයක්. මගේ අරමුණට යන ගමනෙදි ආඩම්බරවෙලා කොහොමද...?

ප‍්‍රවීන නළුවන්ව මායිම් කරන්නෙ නෑ කියන්නෙ ඇත්තද...?
කොයිතරම් ප‍්‍රවීන උනත් මොකටද ඒ අය ලග මනුස්සකම නැතිනම්. එයාලට වගේම අපිටත් ආත්ම ගරුත්වයක් තියෙනව. ඒකට නොසලකන අයට අපි මොකටද සැළකිලි දක්වන්නෙ...? ගරු කරන්න  ඕන අයයි එපා අයයි මම අදුනගෙනයි ඉන්නෙ. 

කපූර් කෙල්ලො සිනමාවට එන එකට ඔබත් විරුද්ධයි ද...?

අපෝ නැහැ. ඒක යල් පැනපු අදහසක්නෙ. ඔය සාම්ප‍්‍රධාය බිඳල දැම්මෙ කරිෂ්ම අක්කයි කරීන අක්කයි. එයාල බොලිවුඞ් වල කොයි තරම් සාර්ථක නිළියො වුනාද... දක්‍ෂතාවය හැකියාව තියෙනවනම් මොකටද ගෙයි මුල්ලෙ හැංගිලා ඉන්නෙ.

දීපිකා අතහැරියෙ කත‍්‍රිනාට ලංවෙන්න  ඕනි නිසාද...?
ඒක මගේ පෞද්ගලික කාරණයක්. කොහොමත් දැන් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයිනෙ. මොකටද ආයෙමත් පරන කුණු අවුස්සන්නෙ. 


නොගැලපීම් තියෙනවනම් කතාකරල වෙන් වෙන එක තමයි හොදම දේ.
රඟපාන චිත‍්‍රපටයෙ නිළිය තෝරන්නෙ ඔබද...?

ඒක මගෙ වගකීමක් නෙවෙයි. අධ්‍යක්‍ෂකවරයා තමයි ඒක තීරණය කරන්න  ඕනි. මට ඒ තරම් බලයක් නැහැ. ඒ වුනත් නොගැලපෙන කෙනෙක් එක්කනම් මම කීයටවත් රඟපාන්නෙ නෑ. අධ්‍යෂකවරයා ඇයි කියල ඇහැව්වෙත් මම එතකොට කියනව නිළියව මට ගැලපෙන්නෙ නෑ කියල.
ඔබ නිතරම ඛාන් නළුවන්ව අභිබවා යන්න හදනව කියල සමහරු කියනව...
ෂා... මරුනෙ. ඒ කියන්නෙ මම ඒ අයට වඩා දක්‍ෂයි ජනප‍්‍රියයි කියන එකනෙ. හ...හා... මිනිස්සුන්ට  ඕනිම දෙයක් කියන්න පුළුවන්. මට කවුරුවත් අභිබවා යන්න  ඕනි නැහැ. දක්‍ෂය තියන්න  ඕනි තැන පේ‍්‍රක්‍ෂකයින් තීරණය කරයි. 

සරාගී චරිත බාරගන්න ඔබ කැමති නැත්තෙ ඇයි...?

මගේ ඇඟ පෙන්නල ජනප‍්‍රිය වෙන්න මට  ඕනිකමක් නැහැ. එහෙම කරන අයත් ඉන්නව. ඒත් ජනප‍්‍රිය වෙන්න දක්‍ෂතාවය තිබුණම හොදටම ඇති. මොන දේ වුනත් ලාබෙට විකිනෙන්න මම කැමති නැහැ. 

බොම්බෙ වෙල්වට් අසාර්තක වුනේ ඔබේ වරදින් ද...?
එහෙම කියන්න බෑ. චිත‍්‍රපටය සිනමාත්මකව අති සාර්තකයි. වානිජව අසාර්ථක වුනේ ඇයි කියන්න මම දන්නෙ නෑ. ඒකට හැම දේම බලපාන්න ඇති. තනි මම මොනව කරන්න ද...?

සිද්ධාර්ත්, රාහුල්, රන්වීර්, ශාහිඞ් අතරින් ඔබට අභියෝගයක් තියෙන්නෙ කා එක්කද...?
ඒ අය මගේ සහෝදර නළුවො. මට කා එක්කවත් තරඟයක් නෑ. අනික ඔය කියපු කිසිම කෙනෙක් මට අභියෝගයක්නම් නෙවෙයි.

සටහන:- අමිල නුවන් මධුසංඛ

Saturday, July 4, 2015

හැන්ඩි කොල්ලො දිහා කෙල්ලො දෙපාරක් හැරිල බලනව...

හැන්ඩි කොල්ලො දිහා කෙල්ලො දෙපාරක් හැරිල බලනව...
වරූන් ධාවන්


ආකර්ශනීය නෙතු යුගලෙන් දුටුවන් වශී කරවන, දඟකාර හැසිරීමෙන් යුවතියන් පිස්සු වට්ටන අකීකරු දඩබ්බරයෙක් මේ දවස්වල බොලිවුඩය දෙවනක් කරන හැටි පහුගිය දවස් වල අපිට දැකගන්න ලැබුණ. ඒ වෙන කවුරුත්ම නෙවෙයි. කරන් ජොහාර් එයාගෙ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් චිත‍්‍රපටයෙන් රිදීි තිරයට අරගෙන ආපු කඩවසම් තරුණයින් දෙන්නගෙන් එක්කෙනෙක් වන වරූන් ධාවන්. වරූන් ඇවිත් ඒ තරම් කාලයක් නොවුනත් එයා කරපු දේවල් නිසා බොහෝ කලක් යනකන් වරූන්ව කිසිම  කෙනෙකුට අමතක වෙන එකක්නම් නැහැ. හම්පටි ෂර්මා කී දුල්හනියා, මේන් තෙරා හීරෝ වගේ චිත‍්‍රපටි වල වරූන්ගෙ රංගනය ගොඩක් ඉහලින් තිබුණ කියලයි විචාරකයොනම් කියන්නෙ. පහුගිය දවසක මේ විසේකාර ඉලංදාරියා කරන් එක්ක කොෆි එකක් බොන්න ඇවිත් හිටිය. අපි බලමු මේ දෙන්න මොනවද කතා බහ කළේ කියල...

වරූන් දැන් ලොකු නළුවෙක් වෙලා නේද...?
ලොකු නළුවෙක්නම් නෙමෙයි. මේ මගේ පටන්ගැන්ම විතරයි. මට තව ගොඩක් දුර යන්න  ඕනි. ඒක නිසා මම කරන හැම චිත‍්‍රපටියකටම මගේ හොදම රංගනය ලබා දෙන්න උත්සාහ කරනවා. වැඬේ කියන්නෙ මම කොයිතරම් හොදට කෙරුවත් අවසානයේ සෑහීමකට පත්වෙන්න  බැහැනෙ.
ආලියාට තියන ආදරේ දවසින් දවසම වැඩිවෙනව වගේ නේද...?
පිටින් බලන කෙනෙකුට අපේ සම්බන්දෙ තේරුම් ගන්න ටිකක් අමාරුයි. ආදරේ කරනව වගේම අපි දෙන්න නිතරම රංඩුත් වෙනව. අපේ දේවල් වෙනුවන් නිතරම සටන් කරනව. ඒත් ආදරයනම් වෙනස් වෙන්නෙ නැහැ. මම නිතරම එයාගෙ සෞඛ්‍ය ගැන හොයනව. ඒත් එයාටනම් ඒක ගානක්වත් නැහැ. ඔව්. මම ආලියාට ගොඩක් ආදරෙයි තමයි.


සරාගී නිළියක් එක්ක රාත‍්‍රී කෑමකට කතාකලොත් යනවද...?
ඇයි මම නොයා ඉන්නෙ. මම කැමැත්තෙන්ම ඒ ආරාධනාව පිළිගන්නව. හැබැයි පොඩි ප‍්‍රශ්නෙකට තියෙන්නෙ මම ටිකක් ලැජ්ජ කාරයෙක්. එක අනෙත් කෙනාට ප‍්‍රශ්නයක් වෙයිද දන්නෙ නැහැනෙ.

ආලියා හැරුණුකොට හිත ගිය වෙනත් නිළියක් නැද්ද...?
මොකද නැත්තෙ. හිත ගිය නිළියොනම්  ඕනි තරම් ඉන්නව. ඒත් ඒ ආදරය කරන්න නම් නෙවෙයි. ශ‍්‍රද්ධා, සෝනම්, කැත‍්‍රිනා, දීපිකා කියන්නෙ මගෙ හොද යාළුවො. මම එයාලගෙ භාහිර සුන්දරත්වයට ගොඩක් කැමතියි. 
වරූන්ට මේ දවස්වල තරුණියන්ගෙ ලොකු ආකර්ශනයක් හිමිවෙලා තියනව නේද...?
 ඕහ්... ඒකත් එහෙමද...? එහෙනම් ඉතින් ඒ මම හොට් නිසා වෙන්න ඇති. මට විතරක් නෙවෙයි ලස්සනට කැපිල පේන්න ඉන්න  ඕනිම හැන්ඩි කොල්ලෙක් දිහා තරුණ කෙල්ලො දෙපාරක් හැරිල බලන එක සාමාන්‍ය දෙයක්නෙ. 

සිද්ධාර්ත්, රන්බීර් දෙන්නගෙන් ඔයාට තරඟයක් තියෙන්නෙ කාත් එක්කද...?
මට කා එක්කවත් තරඟයක් නම් නෑ. එහෙම වුනොත් ඉතින් අනිවාර්යෙන්ම ඒ රන්බීර් තමයි. සිද්ධාර්ත් නම් මට කිසිම අභියෝගයක් නෙවෙයි. ඒ වගේම මං රන්බීර් එක්ක එකට රගපාන්නත් ආසාවෙන් බලාගෙන ඉන්නෙ. එදාට බලාගන්න පුළුවන් ඇත්තටම කවුද හොදම කෙනා කියල.

සමහරු ඔබට චෝදනා කරනව සිරුර ප‍්‍රදර්ශනය කරනව වැඩියි කියල...?
කවුද එහෙම කියන්නෙ. එහෙනම් ඒ බලන අයගෙ වැරැද්දක් වෙන්න ඇති. මම මගේ ඇඟ නිරාවරණය කරන්නෙ චරිතයට අවශ්‍යනම් විතරයි. අනික ලස්සන ඇඟක් තියනවනම්, ඒකෙන් තවත් කෙනෙක්ව සතුටු කරන්න පුළුවනිනම් ඇයි මම මගේ සිරුර ප‍්‍රදර්ශනය කරන්න දෙපාරක් හිතන්නෙ. 

මම කිව්වොත් ඔබ ගොඩක් ආඩම්බරකාර චරිතයක් කියල...
ඒකනම් ලොකු බොරුවක්. මාත් එක්ක වැඩ කරන අය දන්නව මම මොනවගේද කියල. ඒක නිසා ඔය වගේ ප‍්‍රශ්න වලට මම උත්තර දෙන්න  ඕනි නෑ. 

නර්ගීස් පාකර් එක්ක ඔබට සම්බන්ධයක් තියනව කියල සමහරු කියනව...
නර්ගීස් කියන්නෙ මගෙ හොද යාළුවෙක්. මම ඇයත් එක්ක එකට වැඩ කරලත් තියනව. මේ වගේ කටකතා වලින් කවුරු හරි උත්සාහ කරනවානම් මාවයි ආලියාවයි විරසක කරන්න ඒක ලොකු විහිළුවක්. දකින දකින කෙල්ලට ආදරේ කරන්න මට පිස්සුවක් නැහැ.  

අද බොලිවුඞ් වල ජනප‍්‍රියම තරුව වරූන් කියලද ඔබ හිතන්නෙ...?
මම ජනප‍්‍රියයි කියල මගේ කටින් කියන්න  ඕනි නැහැ. ඒක මගේ පේ‍්‍රක්‍ෂකයින් තී්රණය කරයි. මගේ චිත‍්‍රපටි බලන්න සෙනග එනවනම්, ඒව සුපර් හිට් වෙනවනම් ඇත්තටම ඔබ ඔය කියන කතාව ඇත්තක් වෙන්නත් පුළුවන්. 

සටහන :- අමිල නුවන් මධුසංඛ