සමහරු මාව දවසකට සල්ලි වලට ගන්න උත්සාහ කරනව
ජෝන් ඒබ‍්‍රහීම්
සරාගී ආකර්ශනීය සිරුරකට උරුමකම් කියන නළුවන් අතරේ ජෝන් ඒබ‍්‍රහීම් කියන්නෙ වෙනස්ම ආකර්ශනයක් තියෙන නළුවෙක්. දඟකාර කෙහෙරැළි, සරාගී දෙනෙත්, කඩවසම් සිරුර කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් පිස්සු වට්ටනව. කාලයක් ජෝන් ජනප‍්‍රිය වෙලා හිටියෙ බිපාෂාගෙ ආදරනීය පේ‍්‍රමවන්තය විදිහට. ඒත් දැන් ඒ අය වෙන් වෙලා. කොහොම වුනත් ජෝන්ට තියෙන ආකර්ශනයනම් අඩුවෙලා නැහැ. පා, ඩූම්, කාල්, වෝටර්, බාබුල්, නිව්යෝර්ක්, රේස් 2 වගේ චිත‍්‍රපටි වල අමතක නොවන රංගනයක නියැළුණු ජෝන් සැබෑම දක්ෂයෙක්. පහුගිය දවසක රූපවාහිනී වැඩසටහනකදි නිවේදිකාවක් ජෝන්ගෙන් අපූරු ප‍්‍රශ්න ටිකක් අහල තිබුණ. අපි බලමු එයා කොහොමද ඒ ප‍්‍රශ්න වලට උත්තර දුන්නෙ කියල...
ඇයි දැන් ජෝන් වැඩිය පේන්න නැත්තෙ...?
ඒකට හේතුවක් තියෙනව. මොකද මම දැන් රඟපාන්නෙ තෝරාගත්තු හොද නිර්මාණ වල විතරයි. ඒ දවස්වල මම ලැබෙන හැම නිර්මාණයක්ම වගේ බාරගත්ත. ඒත් පස්සෙ කාලෙක මට තේරුනා ඒක මහ මෝඩ වැඩක් කියල. ඒකයි මම දැන් වැඩිය පේන්න නැත්තෙ.
එහෙම නැත්නම් බිපාෂ ඔබෙන් වෙන් වුනේ ඔබේ ජනප‍්‍රියත්වයත් අරගෙනමද...?
කොහෙත්ම නැහැ. මගේ ජනප‍්‍රියත්වයට හේතු වුනේ බිපාෂා නෙවෙයි. මගේ දක්‍ෂතාවයයි. අපි ආදරය කරන කාලෙ අපිට එකට රඟපාන්න ගොඩක් අවස්තාවන් ලැබුණ. ඒ චිත‍්‍රපටිත් ජනප‍්‍රිය වුනා. ඒකයි මිනිස්සු එහෙම හිතන්නෙ. ඒත් බිපාෂගෙන් වෙන්වුණාට පස්සෙත් මම රඟපාපු ගොඩක් චිත‍්‍රපටි සාර්තක වුනා. අදටත් මම ජනප‍්‍රිය යි.
සමහරු කියනව ඔබ දක්‍ෂ නළුවෙක් නෙමෙයි කියල...
ඒක ඉතින් එක එක්කෙනාට හිතෙන හැටිනෙ. මම කොහාමද ඒ දේවල් වලක්වන්නෙ. මම දක්‍ෂ නැතිනම් මට චිත‍්‍රපටි ලැබෙන්නෙ නැහැනෙ. මම අදක්‍ෂයෙක් වුනානම් ජෝන් කියල කෙනෙක් පේ‍්‍රක්‍ෂකයන්ට අමතකවෙලා තියේවි.
සිරුර ප‍්‍රදර්ශනය කරන්නෙ ජනප‍්‍රිය වෙන්න හිතාගෙනද...?
නැහැ. එහෙම පහත් මානසිකත්වයක් මට නැහැ. ලස්සන කඩවසම් කොල්ලෙක්ට සුපිරි ඇඟක් තියෙනව තරම් සතුටක් තවත් කොයින්ද...? ඉතින් මටත් ඒ ආඩම්බරේ තියෙනව. මගේ ඇඟ දැකල කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් පිස්සු වැටෙනවනම් ඇයි මම ඇඟ පෙන්වන්න දෙපාරක් හිතන්නෙ. ඒක මගෙ වාසනාව.
ජෝන් අයිකන් එකක් කියලද ඔබ හිතන්නෙ...?
ඔව්... තාරුණ්‍ය ඇතුලෙ ජෝන් කියන්නෙ අයිකන් එකක් තමයි. හැමෝටම මම අයිකන් එකක් නොවෙන්න පුළුවන්. ඒත් අද ජෝන් කියන අයිකන් එකට ආදරේ කරන්න ගොඩක් අය ඉන්නව කියලනම් මම දන්නව.
තවමත් ඔබට හොදම නළුවා වෙන්න බැරි වුනා...
සමහරවිට තවම මම ඒ තැනට යන්න සුදුසු නැතිව ඇති. අනික සම්මාන බලාගෙන නෙවෙයි මම මෙච්චර කාලයක් රඟපෑවෙ. මම කරන වැඩ වලින් මම නිතරම හොද ආත්ම තෘප්තියක් ලබනව. ඉතින් පේ‍්‍රක්‍ෂකයන්ගෙන් ලබන සම්මානෙට වඩා තවත් සම්මානයක් කොයින්ද...?
ධනවත් කාන්තාවන්ගෙන් ඔබට නිතරම විවාහ යෝජනා එනව කයන්නෙ ඇත්තද...?
ඔව්. මගේ ට්විටර් අඩවියට දවසකට දහස් ගණනක් පණුවුඩ ලැබෙනවා මගේ රසිකයින්ගෙන්. ඒ අය අතරින් කාන්තාවන් වැඩියි. විවාහ යෝජනාත් ඕනි තරම් තියෙනව. ඒත් ඉතින් ඒ දේවල් වලට කැමති වෙන්න පුළුවන්කමක් නැහැනෙ. සමහරු මාව දවසකට සල්ලි වලට ගන්නත් උත්සාහ කරනව.
ප‍්‍රියන්කගෙන් හරි අමීෂාගෙන් හරි විවාහ යෝජනාවක් ආවොත් කාටද කැමති වෙන්නෙ...?
මම පෞද්ගලිකව ඒ දෙන්නටම කැමතියි. ඒත් මම ඒ කිසිම කෙනෙක් එක්ක විවාහ වෙන එකක් නැහැ. මොකද මම හොයන ගතිගුණ එයාල ගාව තියනවද කියනඑක මට සැකයි. මම බඳින්නෙ මට සියයට සියයක්ම ගැලපෙන කෙනෙක්ව.
ඕනිම නිළියක් එක්ක සරාගී රංගනයක නියැලෙන්න කැමතිද...?
හැගීම් දැනීම් තියෙන ඕනිම නිළියක් එක්ක රඟපාන්න මට පුළුවන්. ඒත් දැන් මගේ ලිමිට් එකක් තියෙනවා. යම් කිසි සීමාවක ඉදගෙන රඟපාන්න මම වගබලාගන්නව. සමහර නිළියන් එක්ක රඟපාන්න මම පෞද්ගලිකවම කැමති නැහැ. ඒ නිසා ඒ ගැන මම දෙපාරක් හිතනව.
ඔබ සල්මන් ඛාන් වගේ වෙන්න උත්සාහ කරනවද...?
අපෝ නැහැ. මට කවුරුත් වගේ වෙන්න ඕනි නැහැ. මම ජෝන්ම තමයි. සල්මන් කියන්නෙ වෙනමම කෙනෙක්. පේ‍්‍රක්‍ෂකයන්ට මගෙන් තවත් සල්මන් කෙනෙක් දකින්න කැමැත්තක් නැතිව ඇති. සමහරවිට අපේ ශරීරයන් එකවගේ වෙන්න පුළුවන්. ඒත් මම සල්මන්ට වඩා ආකර්ශනීයයි. ඒක ඕනිම කෙනෙක් දන්නව.
සටහන :- අමිල නුවනු මධුසංඛ