දොරකඩ අස්න

Sunday, July 5, 2015

නොගැලපෙන නිළියක් එක්ක රඟපාන්න මම කැමති නෑ

නොගැලපෙන නිළියක් එක්ක රඟපාන්න මම කැමති නෑ 
රන්බීර් කපූර්
 

පුංචි කාලෙ ඉදන්ම බොලිවුඞ් පාරාදීසයේ කාන්තිය උණුසුම ඇඟට දැනෙනකොට උපන්ගෙයි හැකියාවන් දක්‍ෂතාවන් ලියලනව කියන්නෙ නිකමට නෙවෙයිනෙ. රන්බීර් කපූර් කියන්නෙත් අන්න ඒ වගේ කෙනෙක්. තාත්තගෙ අඩිපාරෙ යමින් බොලිවුඞ් වලට පය තියපු මේ තරුණ නළුව අද වෙනකොට හිතාගන්න බැරි තරම් දුරක් ගිහින්. සංජේ ලීලා බන්සාලිගෙ සාවරියා චිත‍්‍රපටයෙන් කලඑළි බැහැපු මේ කඩවසම් ඉලන්දාරියා බච්නා ඒ හසීනෝ, වෙක් අප් සිද්, රොක්ස්ටාර්, බර්ෆි, යේ ජවානී හේ දිවානී, රිකී, බොම්බෙ වෙල්වට් කියන චිත‍්‍රපට වලින් තමන් බොලිවුඞ් වල සුපිරි තරුවක් කින එක හොදින්ම ඔප්පු කරා. සුරූපී නිළි කත‍්‍රිනාගෙ පෙම්වතා වෙන්න වාසනාවන්ත වුණු  රන්බීර්ටත් දවසක කරන් එක්ක පුචි කතාබහකට ආරාධනා ලැබිල තිබුණ. අපි බලමු මොනවද එයාල කෝපි බොන ගමන් කථා කළේ කියල...


දීපිකායි කත‍්‍රිනායි දෙන්නම එකපාර ඔබෙන් උදව්වක් ඉල්ලූවොත් කාටද ඔබ මුලින්ම උදව් කරන්නෙ...?
කත‍්‍රිනා කියන්නෙ මගේ පෙම්වතිය. එයා මාව හොදට තේරුම් අරගෙනයි ඉන්නෙ. අනික එයා හොදටම දන්නව මම අනිත් අයට උදව් කරන්න කැමැතියි කියල. ඒක නිසා මම දීපිකාට උදව් කරනව. එහෙම කළයි කියල කත‍්‍රිනා මගෙත් එක්ක තරහ වෙන්නෙ නෑ කියලත් මම දන්නව.

සමහරු කියනව ඔබ ජනප‍්‍රියත්වය නිසා හිස උදුම්වගෙන ඉන්නෙ කියල...
මගේ ලගින් ඉන්න අය දන්නව මම කවුද කියල... ඒක නිසා කවුරු මොනව කීවත් මට ප‍්‍රශ්නයක් නැහැ. ජනප‍්‍රියත්වය කියන්නෙ තාවකාලික දෙයක්. මගේ අරමුණට යන ගමනෙදි ආඩම්බරවෙලා කොහොමද...?

ප‍්‍රවීන නළුවන්ව මායිම් කරන්නෙ නෑ කියන්නෙ ඇත්තද...?
කොයිතරම් ප‍්‍රවීන උනත් මොකටද ඒ අය ලග මනුස්සකම නැතිනම්. එයාලට වගේම අපිටත් ආත්ම ගරුත්වයක් තියෙනව. ඒකට නොසලකන අයට අපි මොකටද සැළකිලි දක්වන්නෙ...? ගරු කරන්න  ඕන අයයි එපා අයයි මම අදුනගෙනයි ඉන්නෙ. 

කපූර් කෙල්ලො සිනමාවට එන එකට ඔබත් විරුද්ධයි ද...?

අපෝ නැහැ. ඒක යල් පැනපු අදහසක්නෙ. ඔය සාම්ප‍්‍රධාය බිඳල දැම්මෙ කරිෂ්ම අක්කයි කරීන අක්කයි. එයාල බොලිවුඞ් වල කොයි තරම් සාර්ථක නිළියො වුනාද... දක්‍ෂතාවය හැකියාව තියෙනවනම් මොකටද ගෙයි මුල්ලෙ හැංගිලා ඉන්නෙ.

දීපිකා අතහැරියෙ කත‍්‍රිනාට ලංවෙන්න  ඕනි නිසාද...?
ඒක මගේ පෞද්ගලික කාරණයක්. කොහොමත් දැන් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයිනෙ. මොකටද ආයෙමත් පරන කුණු අවුස්සන්නෙ. 


නොගැලපීම් තියෙනවනම් කතාකරල වෙන් වෙන එක තමයි හොදම දේ.
රඟපාන චිත‍්‍රපටයෙ නිළිය තෝරන්නෙ ඔබද...?

ඒක මගෙ වගකීමක් නෙවෙයි. අධ්‍යක්‍ෂකවරයා තමයි ඒක තීරණය කරන්න  ඕනි. මට ඒ තරම් බලයක් නැහැ. ඒ වුනත් නොගැලපෙන කෙනෙක් එක්කනම් මම කීයටවත් රඟපාන්නෙ නෑ. අධ්‍යෂකවරයා ඇයි කියල ඇහැව්වෙත් මම එතකොට කියනව නිළියව මට ගැලපෙන්නෙ නෑ කියල.
ඔබ නිතරම ඛාන් නළුවන්ව අභිබවා යන්න හදනව කියල සමහරු කියනව...
ෂා... මරුනෙ. ඒ කියන්නෙ මම ඒ අයට වඩා දක්‍ෂයි ජනප‍්‍රියයි කියන එකනෙ. හ...හා... මිනිස්සුන්ට  ඕනිම දෙයක් කියන්න පුළුවන්. මට කවුරුවත් අභිබවා යන්න  ඕනි නැහැ. දක්‍ෂය තියන්න  ඕනි තැන පේ‍්‍රක්‍ෂකයින් තීරණය කරයි. 

සරාගී චරිත බාරගන්න ඔබ කැමති නැත්තෙ ඇයි...?

මගේ ඇඟ පෙන්නල ජනප‍්‍රිය වෙන්න මට  ඕනිකමක් නැහැ. එහෙම කරන අයත් ඉන්නව. ඒත් ජනප‍්‍රිය වෙන්න දක්‍ෂතාවය තිබුණම හොදටම ඇති. මොන දේ වුනත් ලාබෙට විකිනෙන්න මම කැමති නැහැ. 

බොම්බෙ වෙල්වට් අසාර්තක වුනේ ඔබේ වරදින් ද...?
එහෙම කියන්න බෑ. චිත‍්‍රපටය සිනමාත්මකව අති සාර්තකයි. වානිජව අසාර්ථක වුනේ ඇයි කියන්න මම දන්නෙ නෑ. ඒකට හැම දේම බලපාන්න ඇති. තනි මම මොනව කරන්න ද...?

සිද්ධාර්ත්, රාහුල්, රන්වීර්, ශාහිඞ් අතරින් ඔබට අභියෝගයක් තියෙන්නෙ කා එක්කද...?
ඒ අය මගේ සහෝදර නළුවො. මට කා එක්කවත් තරඟයක් නෑ. අනික ඔය කියපු කිසිම කෙනෙක් මට අභියෝගයක්නම් නෙවෙයි.

සටහන:- අමිල නුවන් මධුසංඛ

Saturday, July 4, 2015

හැන්ඩි කොල්ලො දිහා කෙල්ලො දෙපාරක් හැරිල බලනව...

හැන්ඩි කොල්ලො දිහා කෙල්ලො දෙපාරක් හැරිල බලනව...
වරූන් ධාවන්


ආකර්ශනීය නෙතු යුගලෙන් දුටුවන් වශී කරවන, දඟකාර හැසිරීමෙන් යුවතියන් පිස්සු වට්ටන අකීකරු දඩබ්බරයෙක් මේ දවස්වල බොලිවුඩය දෙවනක් කරන හැටි පහුගිය දවස් වල අපිට දැකගන්න ලැබුණ. ඒ වෙන කවුරුත්ම නෙවෙයි. කරන් ජොහාර් එයාගෙ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් චිත‍්‍රපටයෙන් රිදීි තිරයට අරගෙන ආපු කඩවසම් තරුණයින් දෙන්නගෙන් එක්කෙනෙක් වන වරූන් ධාවන්. වරූන් ඇවිත් ඒ තරම් කාලයක් නොවුනත් එයා කරපු දේවල් නිසා බොහෝ කලක් යනකන් වරූන්ව කිසිම  කෙනෙකුට අමතක වෙන එකක්නම් නැහැ. හම්පටි ෂර්මා කී දුල්හනියා, මේන් තෙරා හීරෝ වගේ චිත‍්‍රපටි වල වරූන්ගෙ රංගනය ගොඩක් ඉහලින් තිබුණ කියලයි විචාරකයොනම් කියන්නෙ. පහුගිය දවසක මේ විසේකාර ඉලංදාරියා කරන් එක්ක කොෆි එකක් බොන්න ඇවිත් හිටිය. අපි බලමු මේ දෙන්න මොනවද කතා බහ කළේ කියල...

වරූන් දැන් ලොකු නළුවෙක් වෙලා නේද...?
ලොකු නළුවෙක්නම් නෙමෙයි. මේ මගේ පටන්ගැන්ම විතරයි. මට තව ගොඩක් දුර යන්න  ඕනි. ඒක නිසා මම කරන හැම චිත‍්‍රපටියකටම මගේ හොදම රංගනය ලබා දෙන්න උත්සාහ කරනවා. වැඬේ කියන්නෙ මම කොයිතරම් හොදට කෙරුවත් අවසානයේ සෑහීමකට පත්වෙන්න  බැහැනෙ.
ආලියාට තියන ආදරේ දවසින් දවසම වැඩිවෙනව වගේ නේද...?
පිටින් බලන කෙනෙකුට අපේ සම්බන්දෙ තේරුම් ගන්න ටිකක් අමාරුයි. ආදරේ කරනව වගේම අපි දෙන්න නිතරම රංඩුත් වෙනව. අපේ දේවල් වෙනුවන් නිතරම සටන් කරනව. ඒත් ආදරයනම් වෙනස් වෙන්නෙ නැහැ. මම නිතරම එයාගෙ සෞඛ්‍ය ගැන හොයනව. ඒත් එයාටනම් ඒක ගානක්වත් නැහැ. ඔව්. මම ආලියාට ගොඩක් ආදරෙයි තමයි.


සරාගී නිළියක් එක්ක රාත‍්‍රී කෑමකට කතාකලොත් යනවද...?
ඇයි මම නොයා ඉන්නෙ. මම කැමැත්තෙන්ම ඒ ආරාධනාව පිළිගන්නව. හැබැයි පොඩි ප‍්‍රශ්නෙකට තියෙන්නෙ මම ටිකක් ලැජ්ජ කාරයෙක්. එක අනෙත් කෙනාට ප‍්‍රශ්නයක් වෙයිද දන්නෙ නැහැනෙ.

ආලියා හැරුණුකොට හිත ගිය වෙනත් නිළියක් නැද්ද...?
මොකද නැත්තෙ. හිත ගිය නිළියොනම්  ඕනි තරම් ඉන්නව. ඒත් ඒ ආදරය කරන්න නම් නෙවෙයි. ශ‍්‍රද්ධා, සෝනම්, කැත‍්‍රිනා, දීපිකා කියන්නෙ මගෙ හොද යාළුවො. මම එයාලගෙ භාහිර සුන්දරත්වයට ගොඩක් කැමතියි. 
වරූන්ට මේ දවස්වල තරුණියන්ගෙ ලොකු ආකර්ශනයක් හිමිවෙලා තියනව නේද...?
 ඕහ්... ඒකත් එහෙමද...? එහෙනම් ඉතින් ඒ මම හොට් නිසා වෙන්න ඇති. මට විතරක් නෙවෙයි ලස්සනට කැපිල පේන්න ඉන්න  ඕනිම හැන්ඩි කොල්ලෙක් දිහා තරුණ කෙල්ලො දෙපාරක් හැරිල බලන එක සාමාන්‍ය දෙයක්නෙ. 

සිද්ධාර්ත්, රන්බීර් දෙන්නගෙන් ඔයාට තරඟයක් තියෙන්නෙ කාත් එක්කද...?
මට කා එක්කවත් තරඟයක් නම් නෑ. එහෙම වුනොත් ඉතින් අනිවාර්යෙන්ම ඒ රන්බීර් තමයි. සිද්ධාර්ත් නම් මට කිසිම අභියෝගයක් නෙවෙයි. ඒ වගේම මං රන්බීර් එක්ක එකට රගපාන්නත් ආසාවෙන් බලාගෙන ඉන්නෙ. එදාට බලාගන්න පුළුවන් ඇත්තටම කවුද හොදම කෙනා කියල.

සමහරු ඔබට චෝදනා කරනව සිරුර ප‍්‍රදර්ශනය කරනව වැඩියි කියල...?
කවුද එහෙම කියන්නෙ. එහෙනම් ඒ බලන අයගෙ වැරැද්දක් වෙන්න ඇති. මම මගේ ඇඟ නිරාවරණය කරන්නෙ චරිතයට අවශ්‍යනම් විතරයි. අනික ලස්සන ඇඟක් තියනවනම්, ඒකෙන් තවත් කෙනෙක්ව සතුටු කරන්න පුළුවනිනම් ඇයි මම මගේ සිරුර ප‍්‍රදර්ශනය කරන්න දෙපාරක් හිතන්නෙ. 

මම කිව්වොත් ඔබ ගොඩක් ආඩම්බරකාර චරිතයක් කියල...
ඒකනම් ලොකු බොරුවක්. මාත් එක්ක වැඩ කරන අය දන්නව මම මොනවගේද කියල. ඒක නිසා ඔය වගේ ප‍්‍රශ්න වලට මම උත්තර දෙන්න  ඕනි නෑ. 

නර්ගීස් පාකර් එක්ක ඔබට සම්බන්ධයක් තියනව කියල සමහරු කියනව...
නර්ගීස් කියන්නෙ මගෙ හොද යාළුවෙක්. මම ඇයත් එක්ක එකට වැඩ කරලත් තියනව. මේ වගේ කටකතා වලින් කවුරු හරි උත්සාහ කරනවානම් මාවයි ආලියාවයි විරසක කරන්න ඒක ලොකු විහිළුවක්. දකින දකින කෙල්ලට ආදරේ කරන්න මට පිස්සුවක් නැහැ.  

අද බොලිවුඞ් වල ජනප‍්‍රියම තරුව වරූන් කියලද ඔබ හිතන්නෙ...?
මම ජනප‍්‍රියයි කියල මගේ කටින් කියන්න  ඕනි නැහැ. ඒක මගේ පේ‍්‍රක්‍ෂකයින් තී්රණය කරයි. මගේ චිත‍්‍රපටි බලන්න සෙනග එනවනම්, ඒව සුපර් හිට් වෙනවනම් ඇත්තටම ඔබ ඔය කියන කතාව ඇත්තක් වෙන්නත් පුළුවන්. 

සටහන :- අමිල නුවන් මධුසංඛ

සුපිරි නළු සල්මන් ඛාන්ගේ ඉරනම

සුපිරි නළු සල්මන් ඛාන්ගේ ඉරනම

බොලිවුඞ් රඟමඩල අහස් කුසක්නම් මෙතුවක් කල් ඒ අහස සිය දීප්තිමත් ආලෝකයෙන් එකළු කල කඩවසම් තරුව හදිසියේම සිය තරු ඔටුණු ගලවා දැමූයේ මන්ද...? සුවහසක් රසික හදවත් මේ සුවිශේෂී චරිතය කරා ඇදී ගියේ ඔහු තුල වූ අසමසම රංගන පෞරුෂයත් නේත‍්‍රාකර්ශනීය කඩවසම් පෙනුමත් නිසාවෙන් වග අමුතුවෙන් කිව යුතු නැත. කලාකරුවන් කලාකාරිනියන් දේවත්වයෙන් අදහන ඉන්දියානු සමාජය තුුල මේ වනවිටත් ඔහු සිය අනන්‍යතාවය මොනාවට කැටයම් කර තිබේ. 
සල්මන් ඛාන් යන නම ඇසූ පමනින් නොදන්නා අයකු වේනම් ඒ කලාතුරකිනි. ඔහු එපමනටම ලොව පුරා ජනප‍්‍රියත්වයට පත් චරිතයකි. කෙසේනමුත් ඔබ ඔහු පිලිබඳව අසන්නට සූදානම් වන්නේ එතරම් සතුටුදායක පුවතක් නොවේ. ඒ මීට බොහෝ කලකට ඉහතදී සිදු කල වරදක් සම්බන්ධයෙන් ඉන්දියාවේ බන්ද්‍රා ප‍්‍රදේශයේ පිහිටි අධිකරණයකදී ඔහුට බරපතල වැඩ සහිතව වසර 05 ක සිර දඩුවමක් නියමකොට ඇති පුවතයි. පසුගිය මැයි 06 වනදා ප.ව 1.27 ට මෙම තීන්දුව ප‍්‍රකාශයට පත්කිරීමත් සමගින් ලොව පුරා බොලිවුඞ් සිනමා ලෝලීන් බලවත් කම්පාවට පත්වූ අතර, ඔහුට නිදහස ලබාදෙන මෙන් ඉල්ලා නොයෙක් ස්ථානයන්හි උද්ඝෝෂන පවා සංවිධානය කර තිබෙනු දක්නට ලැබිණි. 
2002 වසරේ එක්තරා දිනයක සල්මන් ඛාන් තමා රගපෑ ජනප‍්‍රිය චිත‍්‍රපටයක රූගත කිරීම් අවසන් කොට රාත‍්‍රියේ නැවතත් සිය ලෑන්ඞ් කෲසර් වර්ගයේ කාරයෙන් නිවස බලා යමින් සිටියදි බන්ද්‍රා ප‍්‍රදේශයේ පිහිටි වෙළඳසැලක් අසල පදිකවේදිකාවේ සිටි මුස්ලිම් ජාතිකයින් පිරිසක් අනතුරට ලක්කිරීමේ චෝදනාව ඔහුට එල්ලවිය. මෙහිදී එක් පුද්ගලයකු මියගොස් තවත් සිව්දෙනෙකු බරපතල තුවාල ලැබීය. අනතුර සිදුවූ ස්ථානයෙන් පලාගියද සල්මන්ට පොලිස් ඇසින්නම් බේරීමට හැකියාවක් නොලැබුණි. 

අධික ලෙස බීමත්ව සිටි සල්මන් සිය රියදුරාට බැනවැදී ඔහුව පසුපස අසුනට ඇදදමා රථය ධාවනය කොට තිබෙයි. ඒ හේතුවෙන් අනතුර සිදුවන අවස්ථාවේ ඔහුට සිය රථයේ වේගය පාලනය කරගන්නට නොහැකිවූ බව සිද්ධිය ඇසින් දුටුවන් සාක්‍ෂි දී තිබේ. මේ මොහොතේ රියදුරුට අමතරව සල්මන්ගේ පෞද්ගලික ආරක්‍ෂකවරයා සහ කමල් ඛාන් නම් ගායකයෙක්ද ඔහුත් සමග රථයේ ගමන්කොට තිබෙයි. 
වර්තමානයේ ඉන්දියාව තුල නීතියේ ආධිපත්‍ය කදිමට නිරූපනය වෙමින් තිබේ. ඉන්දියානු දේශපාලනයේ මහා වෘක්‍ෂයක් වූ ජයලලිතා ජයරාම් මෙන්ම මේ වනවිට දඩුවම් නියමවී සිටින සල්මන් ඛන් ද එයට හොදම නිදසුනකි. සල්මන් අතින් අසරණ ජිවිතයක් විනාශවී වසර 13ක් ගතව ඇති නමුත් න’තිය සියල්ලන්ටම එකහා සමාන වග ඔප්පු කරමින් ඉන්දීය අධිකරණය මෙම තීන්දුව ප‍්‍රකාශයට පත්කර ඇත. 
2002 වසරේදී ඉන්දියානු අධිකරණය සල්මන්ව බන්ධනාගාරගත කලද එම අවස්ථාවේ ඔහු ඇපමත නිදහස ලබන්නට වාසනාවන්ත විය. වසර 13 ක් ඇදීගිය මෙම නඩුවේ වරද සල්මන්ගේ රියදුරා වෙත පවරන්නට නීතීඥයින් උත්සාහ කලහ. එසේම මහාමාර්ගය අබලන්ව පැවතිම අනතුරට හේතුව බව පවසමින් මහාමාර්ග සංවර්ධන අධිකාරිය දෙසට වරද පටවන්නටද උත්සාහ ගත්හ. සියල්ල අසාර්ථක වූ තැන සිදුවූයේ සල්මන්ට හිර කූඩුවක තපින්නටය.
සුපිරි නළු සල්මන්ගේ මෙම හදිසි සිරගතවීමෙන් බොලිවුඞ් සිනමා කර්මාන්තයට සිදුවන්නේ බරපතල පාඩුවකි. සල්මන් රඟපෑ බොහෝ සිනමා නිර්මාණ ආදායම් ලැබීම අතින් අතිශය සාර්ථක වීම එයට හේතුවයි. මහා පරිමාණ සිනමාපට නිපදවන නිෂ්පාදකයින් රැුසකට මේ දිනවල විශාල අර්බුදයකට මුහුණ දෙන්නට සිදුව තිබේ. අත්අඩංගුවට ගැනීමට පෙර සල්මන් ඔවුන්ගේ නිර්මාණ රැුසක් වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝ්ටි 200 කට වැඩි වටිනාකමකින් යුත් ගිවිසුම් සඳහා එකඟවී ඇති හෙයින් සල්මන්ගේ දඩුවම ලිහිල් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන්නටද මෙම නිෂ්පාදකවරු ඉදිරිපත්ව තිබේ. ඔහු රඟපාමින් සිටි චිත‍්‍රපට කිහිපයකම වැඩකටයුතු අතරමග නවතා දමන්නටද මෙය බලපෑමක් විය. 

1965 වසරේ දෙසැම්බර් 27 දා උපන් සල්මන් මේ ගෙවමින් සිටින්නේ සිය 49 වන උපන්දිනයයි. සුපිරි ඛාන් ත‍්‍රිත්වයේ නිල නොලත් ප‍්‍රමුඛයා වන සල්මන් සිනමාවට පිවිසෙන්නේ බීවී තෝ හායි චිත‍්‍රපටයේ සහාය චරිතයක් නිරූපනය කරමිනි. මේන් ප්‍යාර් ක්‍යා, කරන් අර්ජුන්, ගීත්, ප්‍යාර් ක්‍යා තෝ ඩර්නා ක්‍යා, කුච් කුච් හෝතා හේ, හම් දිල්දේ චූකේ සනම්, තේරේ නාම්, නෝ එන්ටී‍්‍ර, ඩබාන්ග් 1-2, මුජ්සේ ශාදි කරෝගී, බොඩිගාඞ් සහ කික් මෑතකාලීනව ඔහු වෙත වැඩි ජනප‍්‍රියත්වයක් ආරෝපනය කළ චිත‍්‍රපට විය. මේවා වාර්තා පිට වාර්තා තබමින් තිරගතවූ අතර නිෂ්පාදකයින්ද ඔහු වෙන්වෙන් මුදල් ආයෝජනය කරන්නට දෙවරක් නොසිතූහ.
49 වන වියෙහි පසුවූවත් තවමත් අවිවාහක සල්මන් මේ වනවිට පෙම් සබඳතා රැුසක පැටලි සිටි තරුවකි. මුලින්ම නවක නිලි සංගීතා බිජ්ලානි සමග පැටලූණු සල්මන් ඇයව අතහැර ෙඓශ්වර්යා කරා ගියේ සංගීතාට ආයුබෝවන් කියමිනි. සෙල්ලක්කාර දඩබ්බරයකු වූ සල්මන් සමග සිටින්නට ෙඓශ්වර්යාට නොහැකිවූ අතර ඇය ඔහු දමා ගියේ සුරූපී නිලි කැත‍්‍රිනාට සල්මන්ගේ පේ‍්‍රම දිවියේ දොරටු විවර කරමිනි. මෑතක් වනතුරුම පැවති එම සම්බන්දතාව බිදී ගියේ කැත‍්‍රිනාගේ සිත රන්බීර් කෙරෙහි ඇදීයාමත් සමගිනි. ඉන් පසුව ලංකාවේ ජැකලයින් ෆර්නෑන්ඩස් සමග සමීප ඇසුරක් පැවැත්වූ සල්මන් සමග දීර්ඝකාලීන සම්බන්ධතාවක් පවත්වාගෙන යාම බොහෝ අසීරු කටයුත්තක් වග මෙම නිලියන් නොයෙක් අවස්ථාවන්හිදී ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ නිකුත්කොට තිබේ.
මීට පෙර අවස්ථා කිහිපයකදීම දුර්ලභ මුවන් විශේෂයක් දඩයම් කිරීම සහ තවත් වැරදි වලට චෝදනාකරු වන්නටද සිදුවිය. ට්විටර් වෙබ් අඩවියේ ජනප‍්‍රිය නළු ශාරුක් ඛාන් පේ‍්‍රක්‍ෂක කැමැත්ත බිලියන 8.2 ක් දිනාගන්නා විට සල්මන් බිලියන 16 කගේ ආදරය දිනාගෙන තිබෙන්නේ ඔහුට ඇති ජනප‍්‍රියත්වය මොනාවට ප‍්‍රදර්ශනය කරමිනි. සල්මන්ගේ නීතීඥයින් ඔහුගේ දඩුවම ලිහිල් කරන මෙන් ඉල්ලා සිටියත් ඔහුට පමනක් විශේෂයක් කළ නොහැකි බව එරට අධිකරණය ප‍්‍රකාශකොට ඇත. අනතුර සිදුවන අවස්තාවේ බැකාඞ් නම් මත්ද්‍රව්‍ය විශේෂය භාවිත කොට සිටි සල්මන් සතුව ඔහුගේ රියැදුරු ගමන් බලපත‍්‍රයද නෙතිබූ හෙයින් තවත් දඩයක් හා දඩුවමක් නියමවිය 

සල්මන් වෙනුවෙන් ලැබී ඇති අභියාචනා සලකා බැලූ අධිකරණය ඔහුට දින දෙකක නිදහසක් ලබාදී ඇති අතර ඉන් පසුව බරපතල වැඩ සහිතව දඩුවම ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. පසුගිය මැතිවරණ සමයේ ලංකාවට පැමිනි අවස්ථාවේ පවා ඔහුගේ නොහික්මුණු රිය ධාවනය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර අද වන තෙක් එය රහසක්ව පවතී . කෙසේ නමුත් සියල්ල සිදුවී හමාරය. සුවහසක් රසික සිත් අමන්දානන්දයට පත් කල සුපිරි නළුවාටද අවසානයේ වරදට දඩුවම් හිමි විය. 
දඩුවම දිගටම ක‍්‍රයාත්මක වුවහොත් නිදහස ලබනවිට සල්මන්ට වයස 55 කි. ඒ වනවිට තවත් බොහෝ නවක නළුවන් ඔහුගේ තැන ආක‍්‍රමනය කර තිබන්නට පුළුවන. එය බොලිවුුඞ් වල නියම යතාර්ථයයි. ඒ සත්‍යයට මුහුණ දෙන්නට සල්මන් ඛාන්ටද සිදුවනු ඇත. මේ නිසා ඉදිරියේද’ සිදුවන්නේ කුමක්දැයි ලොවපුරා සිටින සල්මන්ගේ රසිකයින් නොයිවසිල්ලෙන් බලා සිටින්නේ දෙගිඩියාවක්ද සිතේ රදවාගනිමිනි. 

සටහන :- අමිල නුවන් මධුසංඛ  

Friday, July 3, 2015

ලෝකය දකින්නට එන්න සංසාරණ්‍යය අසබඩට

kln.ac.lk
ලෝකය දකින්නට එන්න සංසාරණ්‍යය අසබඩට

ජ්‍යොතීර් විද්‍යාව අර්ථ දැක්වීම

ජ්‍යොතීර් විද්‍යාව අර්ථ දැක්වීම
 
මේ මහපොළාව ද හිරු වටා ගමන් කරන ග‍්‍රහලෝක අතුරින් එකෙකි. මේ සියළු ග‍්‍රහලෝකයෝ ද එකිනෙකා කෙරෙහි වූ ආකර්ශන ශක්තියෙන් බැඳුනෝ වෙති. සමහර ග‍්‍රහයන් වටා යන උප ග‍්‍රහයෝ ද වෙති. චන්ද්‍රයා පොළොව වටා යන උප ග‍්‍රහයෙකි. සූර්යයා මේ සියළු ග‍්‍රහලෝකයනට අධිපති ලෙසින් හදුන්වනු ලබයි. ග‍්‍රහයන්ගේ ගමනේදී ඔවුන් පොළවෙන් ඈත්වෙවී යන ප‍්‍රමාණය ද පොළවට ලංවෙවී එන ප‍්‍රමාණය ද අනුව පොළවට ඔවුන්ගෙන් වන බලපෑම වෙනස් වෙයි. දරුවකු මව් කුසින් බිහි වීමත් සමගම ඔහුගේ ශරීරය පවතින පරිසරයේ ග‍්‍රහ බලපෑමට අසුවෙයි. මෙය පදනම් කොට ගෙන එම ශරීරය පවතින තෙක්ම එයට ග‍්‍රහයන්ගේ බලපෑම ලැබේ.
ජ්‍යොතීර් විද්‍යාව යනු, තාරකා විද්‍යාවත්, භූගෝල විද්‍යාවත් පදනම් කර ගෙන ගණිත විද්‍යාවෙන් සකස්කරගෙන ඇති අතුරු විද්‍යාවකි. ජ්‍යොතීර් යනු, ආලෝකය හා බැබළීමයි. ග‍්‍රහලෝක හා තාරකාවන්ගේ බැබළීම පදනම් කරගෙන කරුණු ප‍්‍රකාශ කරන ක‍්‍රමයක් නිසා මෙයට ජ්‍යොතීර් ශාස්ත‍්‍රය යැයි කියනු ලැබේ. මෙය ප‍්‍රායෝගික විද්‍යාවක් නොවේ. ප‍්‍රායෝගික විද්‍යාවේදී හේතුව හා ප‍්‍රතිඵලය යන දෙකම එකිනෙකට ඔප්පු කළ හැකිය. එහෙත් ජ්‍යොතීර් ශාස්ත‍්‍රයේදී ප‍්‍රතිඵලය ගැන කියනවා විනා හේතුවක් පෙන්නුම් නොකරයි. එහි නිතරම සැඟවුන යමක් ඇත. එනිසා එය ගුප්ත විද්‍යාව ලෙස ද හදුන්වයි. ජ්‍යෝතිෂය මුල්කරගෙන වසර දහස් ගණනක් අනාගතයේදී සිදුවන සිදුවීම් විස්තර කළ හැකිය. මෙය හැරුණු විට අනාගතයේ සිදුවන සිදුවීම් ප‍්‍රකාශ කිරීමට ලොව කිසිදු විද්‍යාවක් නැත. එමගින් ආගතයේදී විය හැකි උවදුරු වලින් මිදීමට ද අනාගත දියුණුවට ද මග පාදා ගත හැකිය. මෙය මහත් ඵලදායී එකක් බැවින් ඈත අතීතයේ සිටම උගතුන් විසින් භාවිතයට ගෙන තිබේ.
මෙතරම් අගනා ශාස්ත‍්‍රය පිරිහී යාමට හේතු වී ඇත්තේ ඇතමුන් මෙහි මූලිකාංග පවා නොදැන පහසුවෙන් මුදල් උපයාගතහැකි ක‍්‍රමයක් ලෙස යොදා ගැනීම නිසාවෙනි. සමාජයේ ගැරහීමට හේතු වී ඇත්තේ ද මෙලෙස සිදු කරන බොරු අනාවැකි පල කිරීම්ය. ප‍්‍රකාශ කරන අනාවැකියක් වරදින්නේ ශාස්ත‍්‍රයේ ඇති දුර්වලකම නිසා නොව ප‍්‍රකාශ කරණු ලබන පුද්ගලයාට ඒ පිළිබඳව පවතින දැනුම මදිකම නිසාය. මේ අනුව පෙනී යන්නේ  ජ්‍යොතීර් ශාස්ත‍්‍රය යනු, ගින්දර මෙන් ප‍්‍රවේශමෙන් පරිහරනය කොට විපුල ප‍්‍රයෝජන ලබාගත හැකි විද්‍යාවක් වන බවයි. මෙය ඉතා සංකීර්ණය, පුළුල්ය. මෙය පරතෙරටම ඉගෙනගත්තෙක් මේ මිහිපිට නොමැත. යමෙක්  මේ ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කරන්නේ යම්සේද ඒ ප‍්‍රමාණයටම තම ජිවිතය සාර්ථක කර ගැනීමට යොදාගත හැකිය. දහසක් බාධාවන් මැද අප ගෙවන මේ ජිවිතයේ නොයෙක් ප‍්‍රශ්න විසදා ගැන’මට ද මෙම ශාස්ත‍්‍රය උපයෝගී කරගත හැකිය. යමෙකුට කර්මානුරූපීව සිදුවන දෑ කල්තියා දැනගත හැකි එකම මාධ්‍යය මෙයයි.
මෙරට වැඩි දෙනා උනන්දුවක් දක්වන්නේ කේංද්‍රයක් බලා පලාඵල කීමට හෝ දැනගැනීමටයි. ජ්‍යොතීර් ශාස්ත‍්‍රය දැනගෙන කටයුතු කරන්නා මඟතොට තොරතුරු දැන තම  ජිවන ගමන යන්නෙකි. මෙමගින් මිනිසාට බොහෝ ප‍්‍රයෝජන ලබාගත හැකි නිසාම මානව වර්ගයා කෙරෙහි අපමන දයාවෙන් කටයුතු කිරීමට හැකියාවක් ලැබෙයි. ජ්‍යොතීර් විද්‍යාව ගොඩනැගී ඇත්තේ තංත‍්‍ර, හෝරා, සංහිතා යන අංගත‍්‍රය පදනම්කොට ගෙන්ය. විශ්වයේ සහ එහි ජිවීන්ගේ පැවැත්මෙහි සමතුළිතතාවය ක‍්‍රමවත්ව ගෙනයෑම සඳහා ග‍්‍රහ තාරකා ආදී අභ්‍යාවකාශ වස්තූන්ගේ චලනය මෙන්ම ඒවායින් නිකුත් කරන කිරණ ආදිය ද හේතුවන්නේය. සමතුලිතතාවය පැවැත්ම සඳහා සිදුවන ග‍්‍රහ තාරකා චලන මඟින් මිනිසා කෙරෙහි ඇතිවන බලපෑම ජ්‍යොතීර් විද්‍යාවට අනුව වටහාගත හැකිය. වර්තමාන ලෝකය දෙස බලන විට පෙනී යන්නේ මිනිසා වැඩි වශයෙන් ජ්‍යොතීර් ශාස්ත‍්‍රය කෙරෙහි යොමු වී ඇති බවයි. කෙසේ නමුත් බොහෝ දෙනා මෙම ශාස්ත‍්‍රය භාවිත කරන්නේ ලාභ ප‍්‍රයෝජන අරමුණු කරගෙනය. නමුත් සිදුවිය  යුත්තේ මෙම අගනා විද්‍යාව නිවැරදි ලෙස භාවිත කරමින් මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් යොදා ගැනීමයි. එය අනාගත ලෝකය වාසනාවන්ත කරනු ඇත.

අමිල නුවන් මධුසංඛ

ලක්බිම දිනපතා පුවත්පතේ ජ්‍යොතිෂය භාවිතය

ලක්බිම දිනපතා පුවත්පතේ ජ්‍යොතිෂය භාවිතය පිළිබඳව අස්විද අතිරේකයේ සංස්කාරක ඞී.ඞී චමින්ද වික‍්‍රමරත්න සමඟ කල කෙටි සංවාදයක්

  • ලක්බිම දිනපතා පුවත්පත් අතරට අස්විද නමින් ජ්‍යෝතිෂමය අතිරේකයක් ඇතුලත් කිරීමේ පරමාර්ථය කුමක්ද ?
ලක්බිම, අපේ පුවත්පත් නිරන්තරයෙන්ම අලූත් වෙනවා. සාමාජිය වෙනස්වීම් ඔස්සේ වගේම පාඨක ප‍්‍රතිචාර අනුවත් පුවත්පතේ හැඩය අපි නිරන්තරයෙන්ම වෙනස්වීම් වලට භාජනය කරනු ලබනවා. අස්විද අතිරේකය එහි එක් ප‍්‍රතිඵලයක්. අපේ රටේ පාඨක රුචිය විවිධයි. ඔවුන්ගේ කැමැත්තට අනුව අපි දිනපතා පුවත්පත් අතරට විශේෂ අතිරේක පහක් එකතු කලා. චමත්කාර සමුදුර ප්‍රෝටෝන් ප‍්‍රතිභා වගේම අස්විද යනු, බදාදා ලක්බිම සමඟ නිකුත්කරන විශේෂ අතිරේකයයි. ජ්‍යෝතිෂය හා ගුප්ත ශාස්ත‍්‍රය වගේම ආයූර්වේදයට කැමැත්තක් දක්වන පාඨක පිරිස් වෙනුවෙන් වගේම නව වෙනසක අවශ්‍යතාවය දැනුන නිසයි අපි අස්විද විශේෂ අතිරේකය ඇරඹුවේ.
  • පුවත්පතේ ඉලක්කගත ග‍්‍රාහක පිරිස කවුරුන්ද ?
මෙහෙමයි, අපිට නිෂ්චිත වශයෙන්ම ඒක කියන්න බැහැ. මොකද ජ්‍යෝතිෂයට කැමති බාල තරුණ මහළු බොහෝ දෙනෙක් අපි වටා ඉන්නවා. ඔවුන්ගේ පුවත් පිපාසාව සංසිඳුවන්නයි මේ අතිරේකය ආරම්භ කළේ. අපට ලැබෙන පාඨක ප‍්‍රතිචාර වලින් කියන්න පුළුවන්, තරුණ පිරිස් වැඩි වශයෙන් අපි වටා ඉන්නවා කියලා. විශේෂිත ඉලක්කගත ග‍්‍රාහක කොටසක් නැති වුනත් සමස්ථ ලක්බිම පාඨකයින් තමයි අපේ ප‍්‍රධාන ඉලක්කය වන්නේ.
  • අස්විද විශේෂ අතිරේකයේ පිටු සැකැස්ම හා වර්ණ භාවිතය පිළිබඳව ඔබේ අදහස කුමක්ද ?
එය හරිම සුවිශේෂී කාරණයක්. මොකද අපේ සෑම අතිරේකයක් සඳහාම වෙන් වෙන් වශයෙන් සංස්කාරකවරු සහ පිටු සැකසුම් ශිල්පීන් සිටිනවා. එයින් අපි බලාපොරොත්තු වෙන්නෙ නැවුම් වෙනසක්. විශේෂ අතිරේක සෑම එකක්ම පාහේ වර්ණ පිටු වලින් යුක්තයි. වැඩි වශයෙන් පාඨකයාගේ ඇස යන වර්ණ භාවිත කරන්න අපි නිතරම උත්සාහ කරනවා. රතු කොල නිල් කහ දම් කළු සුදු ආදී විවිධ වර්ණ අපි භාවිත කරනවා. පාඨක ආකර්ෂණය හා රුචිය වැඩි කරන්න අපි රූප සටහන් හා චිත‍්‍ර භාවිත කරනවා. මෙහිදී භාවිත කරන ෆොන්ට් වර්ගද එකකට එකක් වෙනස්. සිරස්තල සඳහා එක් අකුරු ආකෘතියකුත්, විශේෂාංග සඳහා වෙනමඅකුරු ආකෘතියකුත් භාවිත කරන්න අපි කටයුතු කරල තියනවා. මෙහි පිටු සැකසුම චිරාත් විදර්ශන විසින් සිදුකරනවා.
  • පුවත්පත සඳහා ලිපි ලබාගන්නේ කෙසේද ?
පුවත්පතේ පලවන ලග්න පලාඵල විශේෂාංගය සෑම දිනකම ලබා දෙන්නේ ප‍්‍රවීන ජ්‍යොතීර්වේදී සමන් කළුආරච්චි මහතා විසින්. ඊට අමතරව පලවන සෑම ලිපියක්ම පාඨක ඉල්ලීම් සලකා බලා ඒවාට අනුව සකස්කළ ඒවායි. එසේම මෙහි තිබෙන විශේෂත්වය තමයි ජ්‍යෝතිෂය හා ආයූර්වේදය පිළිබඳව කැමැත්තක් හා දැනුමක් තියෙන අයට අප වෙත ඔවුන්ගේ ලිපි යොමුකරන්න පුළුවන්. විද්වත් මණ්ඩලයක් විසින් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව අපි සැළකිය යුතු මට්ටමේ ලිපි පලකරනවා.
  • අතිරේකය සඳහා ලැබෙන පාඨක ප‍්‍රතිචාරය කෙබදුද ?
ඒ ගැන කියන්නත් සතුටුයි. අනෙකුත් විශේෂ අතිරේක සමඟ සංසන්දනය කරන විටඅස්විද අතිරේකයට ඉතා හොද පාඨක ප‍්‍රතිචාරයක් ලැබෙනවා. අපිට ලැබෙන ලිපි, ගැටළු හා අදහස් වලින් ඒක හොදටම පැහැදිළි වෙනවා. තරුණ ප‍්‍රජාව වැඩි පිරිසක් අපි එක්ක ඉන්නවා. අපිට ගැටළු හා අදහස් එවන පිරිස් අතර තරුණ පිරිස වැඩියි. ඒ කෙසේ වෙතත් කොයි කා අතරත් අස්විද අතිරේකය ජනප‍්‍රියයි කියලනම් කියන්න පුළුවන්. එහෙම නැතිනම් ඒක අපිට මේ වෙනකම් පවත්වාගෙන එන්න පුළුවන්කමක් නැහැනෙ.
  • එතරම් හොද පාඨක ප‍්‍රතිචාර තිබියදීත් අතිරේකය එක් පිටුවකට සීමා කලේ ඇයි ?
අපි නිතරම හොද දේ පාඨකයා වෙනුවෙන් ලබා දෙන්නයි උත්සාහ කරන්නේ.  ඕනෑම දෙයක්  ඕනෑවට වඩා වැඩියෙන් තිබුනම ඒකෙ අගයක් නැතිවෙනව. ඒ නිසා අපි පාඨකයාට දැනගැනීමට අවශ්‍යයයැයි හැගෙන දේ පමනක් කෙටියෙන සංක්‍ෂිප්තව ඉදිරිපත් කරනවා.
  • අතිරේකය සඳහා වෙළඳ දැන්වීම් භාවිත කිරීමේ ප‍්‍රවනතාව කෙබඳුද ?
සාමාන්‍යයෙන් අපි විශේෂ අතිරේක වල කිසිම විටෙක වෙළඳ දැන්වීම් පලකරන්නේ නැහැ. ඒ සඳහා පුවත්පතේ වෙනත් කොටස් උපයෝගී කරගන්නවා. අතිරේක වෙන්වෙලා තියෙන්නෙ පාඨක රසවින්දනය වෙනුවෙන්ම විතරයි. පාඨකයන්ගේ උසස් රසවින්දනයට බාධා කරන්න හැම තැනකම වෙළඳ දැන්වීම් දමන්න අපිට අවශ්‍ය නැහැ.
  • අතිරේකය සඳහා විශේෂාංග රචකයින් තෝරා ගන්නේ කුමන පදනමකින් ද ?
වැදගත් ප‍්‍රශ්නයක්. අපි අපේ පුවත්පතේ පලවන සෑම විශේෂාංගයක් පිළිබඳවම ඉතාමත් සැළකිලිමත්.  ඕනෑම අයකුට පදනමකින් තොරව ලිපි පලකරවාගන්න අමාරුයි. ඒ සඳහා නිෂ්චිත ක‍්‍රමවේදයක් අපි භාවිත කරනවා. විවිධ ලේඛකයන් විසින් එවන සෑම ලිපියක්ම පාහේ අපි විද්වත් මණ්ඩලයක අධීක්‍ෂණයට යොමු කරනවා. විශේෂාංගයක් පලකරන විට එහි අන්තර්ගතය පිළිබඳව අපි නිරන්තරයෙන් සැළකිලිමත් වෙනවා. ආයතනයේ යම් යම් අවශ්‍යතා ද මෙහිදී සළකා බලනවා. හොද ලිවීමේ හැකියාවක් තියන, විෂය පිළිබඳ පුළුල් අවබෝධයක සහිත රචකයන්ගේ විශේෂාංග වලට වැඩි ඉඩක් වෙන් වෙලා තියනවා.
  • අස්විද පුවත්පතේ පලවන අනාවැකි පිළිබඳව වගකීම බාරගන්නේ කවුද ?
මෙහෙමයි, ඒ වගකීම සංස්කාරකවරයා වශයෙන් අවසානයේ මට තමයි බාරගන්න වෙන්නෙ. නමුත් අපි ඒ සඳහා තෝරාගෙන තිබෙන සමන් කළුආරච්චි නමැති ප‍්‍රවීන ජ්‍යොතීර්වේදියා විෂය පිළිබඳව පුළුල් දැනුමක් ඇත්තෙක්. ඔහු පලකරන ලග්න පලාඵල පිළිබඳව අපේ පාඨකයින්ට හොද විශ්වාසයක් තියෙනව. එය තවත් පුවත්පතක් හා සංසන්දනය කරන විට යම් තරමකින් වෙනස් වෙන්න පුලූවන්. නමුත් මට ඔහුව විශ්වාසයි. ඒ වගකීම මම බාරගන්නවා.
  • මේ ඔස්සේ සමාජයට යම් බලපෑමක් වෙලා තියෙනවද ?
පැහැදිළිවම. අද සමාජය තුලජ්‍යෝතීෂය පිළිබඳව ලොකු කතිකාවතක් ඇතිවෙලා තියනවා. මිනිස්සු කැමතියි තමන්ගෙ අනාගතය පිළිබඳව කල් තියා දැනගන්න. ඒ නිසා ඔවුන් ජ්‍යෝතිෂමය කාරණා සම්බන්ධයෙන් වෙනදාට වඩා සජිවීයි. ඒ සම්බන්ධ ජනමාධ්‍ය වෙත ඔවුන් වැඩියෙන් නැඹුරු වෙලා. පුවත්පත පැත්තෙන් ගත්තත් එහෙමම තමයි. මේ විදියට ජ්‍යෝතිෂය සම්බන්ධ අතිරේකයක් පුවත්පතට එකතුකරල තියෙන්නෙත් ඒ නිසාමයි. ආර්ථික වාසි තකා සමහර පුද්ගලයන් ජ්‍යෝතිෂය වැරදි විදියට භාවිත කරනව. නමුත් යහපත් අරමුණෙන් මෙය සිදුකළහොත් සමාජයට යහපත් බලපෑමක් සිදුකළ හැකියි.
 
 සංවාද සටහන :- අමිල නුවන් මධුසංඛ

සුභ දවසක් වේවා

සුභ දවසක් වේවා

අද මගේ ජිවිතයේ හොදම දවස. හරිම ප‍්‍රබෝධමත් ලස්සන දවසක් උදාවෙලා. මගේ ජිවිතය වගේම ඉතාමත් මිහිරි දවසක්. මේ විශිෂ්ට දවස මට ලබාදුන්නාට විශ්ව ශක්තියට ස්තූති වේවා. මම මට ඉතාම ආදරෙයි. මගේ ජිවිතය අති සාර්ථක එකක් කරගැනීමේ ශක්තිය මා සතු බව මා දන්නවා. මිනිස් ජිවිතයක් ලැබීමේ විරල අවස්ථාව ජයගැනීමට හැකිවූ මට මේ ජිවිතයේ පරමාර්ථය ඉටුකර ගැනීමේ හැකියාව හා වගකීම මට ඇති බ වමට විශ්වාසයි.
අද දවස මා ඉතාමත් සතුටින් හා ප‍්‍රබෝධයෙන් ගතකරනවා. මම ලෝකයට ලබාදෙන සෙනෙහස හා ගෞරවය දහස් ගුණයක් වැඩිවී මා කරා ලගාවන බව මම දන්නවා. අද මට හමුවන සෑම කෙනෙකුගේම හොඳක් මම දකිනවා. අද මගේ හොදම දවස. මගේ සිත ඉතාම සන්සුන්, තැන්පත්, ප‍්‍රීතිමත් එකක්. මගේ සිතුවිලි විශ්ව ශක්තිය හා එක්ව භෞතික යතාර්ථයක් බවට පෙරළෙන බව මම දන්නවා. මගේ සිතුවිලි ඉතා යහපත්. අද දවසේ සාර්ථකත්වය මා ලගාකර ගන්නවා. දවසින් දවස මොහොතින් මොහොත මම සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වෙනවා. ඔව් මට පුළුවන්...
අමිල නුවන් මධුසංඛ