මටත් වඩා සරාගී ආකර්ශනයක් ඛාන්ල ගාව තියෙනවයි කියලයි මමනම් හිතන්නෙ.
කාලෙකට පස්සෙ ඔන්න අපි ආයෙමත් ටිකක් වෙනස් විදිහෙ වැඩකට අත තියන්න හිතුව. බොලිවුඞ් ගැන දැනගන්න ඔයාල කොහොමත් කැමතියිනෙ. සනී ලියෝන් කියන්නෙ මේ දවස්වල කවුරුත් කතාබහ කරන චරිතයක්. එයා කවුද කියන්න ඔයාල හොදටම දන්නව. ඒ වුනත් දැන් එයාව ගොඩක් අය අඳුනන්නේ නිල් චිත‍්‍රපට නිලියකටත් වඩා ජනප‍්‍රිය බොලිවුඞ් නිලියක් විදිහට. රාගිනී එම්. එම්. එස් සිනමාපටයෙන් ලොවක් වසඟ කළ සනී මේ දවස්වල වැඩිපුරම ගැවසෙන්නෙ ශාරුක් එක්කලූ. ඒකට හේතුව රීස් සිනමාපටයේ සනී අයිටම් ගීතයකට පෙනී සිටීම. ෙලෙයිලා කියන පරන සින්දුවට හදපු අලූත්ම රීමේක් එකේ සනීගෙ දක්‍ෂතාවයන් අපිට තවත් අපූරුවට දැකබලාගන්න හැකියාව ලැබෙනවා. අපි බලමු පාර දිගේ ඇවිදින ගමන් සනී මොනවද කියන්නෙ කියල ...
- මේ දවස්වල බොලිවුඞ්වල ඉන්න සරාගී කඩවසම්ම ඛාන් කවුද සනී ... ?
ඒකනම් උත්තර දෙන්න අමාරු ප‍්‍රශ්නයක්. මම දකින විදිහට එයාල හැමෝම කඩවසම්. ඒ අයගෙ ශරීරවල සරාගීබව උතුරනවා. හැමකෙනෙක්ම ඉන්නෙ මටත් වඩා ගොඩක් ඉහළ තැනක. සරාගී නිළියක් විදිහට මටත් එයාල ගාවදි පුංචි චකිතයක් ඇතිවෙනවා ...
- ශාරුක් එක්ක වැඩ කලාට පස්සෙ එයාගෙන් ඉගෙනගත්තු එක දෙයක් කියන්න බලන්න ...
මම හිතන්නෙ මම ගොඩාක් ධනාත්මක දේවල් ඉගෙනගත්තා එයාගෙ ජීවිතෙන්. බොලිවුඞ්වල වැඩ කිරීමෙන් මම මෙතෙක් ලබපු හොදම අත්දැකීම කීවොත් නිවැරදියි. මානව ගුණාංගයන්ගෙන් පිරුණු මිනිසෙක් එක්ක වැඩ කරන්න ලැබීම සතුටක්.
- දෙමාපියන්ගෙන් ආදරයක් නොලැබෙන ඔයාගෙ ජීවිතය ඇතුලෙ සැමියගෙන් ලැබෙන සහයෝගය මොනවගේද ?
ඒ සහයෝගය මම කොහොමද වඩන වලින් විස්තර කරන්නෙ. මගේ රැුකියාව ගැනවත් හිතන්නෙ නැතිව ඔහු දැවැන්ත සෙවනැල්ලක් වගේ මගේ පසුපසින් ඉන්නවා. ඒක මට ලොකු ශක්තියක්. ඉතින් මට දෙමාපියන්ගේ ප‍්‍රතික්‍ෂේප කිරීම දැනෙන්නෙවත් නැහැ.
- මේ දවස්වල සෝෂල් මීඩියාවල ඉන්න ජනප‍්‍රියම චරිතය ඔයාද ?
ඇත්තටම මිලියන 02කට වැඩි රසික පිරිසක් පසුගිය දින කිහිපයේ පමනක් මගේ ට්විටර් අඩවියේ සාමාජිකයන් බවට පත්වෙලා තියෙනවා. ඇත්තටම මම එයාලට ගොඩාක් ආදරෙයි. ඒඅ ය නිතරම හොයන්නෙ මම කරන අලූත් වැඩ ගැන තමයි.
- ලෙයිලා ගීතය වෙනුවෙන් ශාරුක්ගෙන් පළමු දුරකථන ඇමතුම එනකොට ඔබට මොනවගේ හැගීමක්ද ඇතිවුනේ ... ?
මම ඒ වෙලාවෙ ගොඩක් කන්ෆියුස් වුනා. ශාරුක් වගේ කෙනෙක් ඇයි සනී ලියෝනිට කතා කරන්නෙ කියන හැගීමයි මට ඇතිවුනේ. අයිටම් නම්බර් එකක් කරන්න එන්න කීවම ඇත්තටම මම ශොක් වෙලා ගියා. මම මේ දකින්නෙ හීනයක්ද කියන තරමට ම.
- සතුටුදායක විවාහ ජීවිතයක් ගතකිරීමේ රහස මොකක්ද සනී ... ?
ඒක හරිම සරළ කාරනයක්. සතුටු දායක බිරිදක් ඉන්නවනම් එයාට පුලූවන් සැමියාගේ මුළු ජීවිතයම සතුටුදායක කරන්න. ආදරය සහ ගරු කිරීම තමයි මෙහිදී වඩාත් වැදගත් වෙන්නේ. කිසිම වෙලාවක තමන්ගේ සහකරු හෝ සහකාරියට අපහාස කරන්න හොද නැහැ.
- ඔයා මොන ඇඳුම ඇන්දත් සෙක්සි විදිහටම පේන්නෙ ඇයි ... ?
එහෙනම් ඔයාට වැරදිලා. මම උදේ පාන්දර නැගිට්ට ගමන් දැක්කොත් ඔයා කවදාවත් කියන එකක් නැහැ සනී තමයි මේ ලෝකෙ ඉන්න සරාගීම ගැහැනිය කියල.
- ඩැනියෙල් එක්ක පාන් පෙත්තක් කාල දවස පටන්ගන්න තරම් ඔයා සරලයිද ?
ඇයි නැත්තෙ. මම ඒ වගේ සරළ කෙනෙක් තමයි. අපේ ජීවිතවල ගොඩක් ලොකු බලාපොරොත්තු නැහැ. හීන නැහැ. ඉතින් ඇයි අපි සරළ බවින් අත්මිදෙන්නෙ.
- ගැහැනියක් මුලින්ම පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවාද ?
මම දන්නෙ නැහැ අනිත් අය ගැන කියන්නනම්. ඒ වුනත් මම ඩැනියෙල්ගෙන් මුලින්ම බලාපොරොත්තු වුනේ එයාගෙ අම්මටයි සහෝදරියටයි හොදට සලකනවද කියන දේ. එයා එහෙම කරනවා කියන්නෙ එයා කාන්තාවකට ගරුකරනව කියන එක. අනෙත් කාරනය තමයි නිදහස.
- කන්තාවක් විදිහට අනෙක් කාන්තාවන්ට සාර්තකව ජීවත්වීම සම්බන්ධයෙන් පණිවිඩයක් දෙන්න කැමතිත ?
මම කොහොමද එයාලට අවවාද කරන්නෙ. ඒක හරිම අසාර්ථක උත්සාහයක් වේවි. හැබැයි මම කියන්නෙ හැගීම් කියන දෙවල් හිතේ හිරකරගෙන ඉන්නෙ නැතිව ඔබ ඔබම වෙන්න කියන එක විතරයි.
- රාලිනී එම්.එම්.එස් 03 සඳහා රඟපාන්න ආරාධනා කළොත් ඒකෙ හොල්මන විදිහට තෝරගන්නෙ මොන ඛාන් ද ?
ඛාන් කෙනෙක්ට හොල්මනක් වෙන්න බැහැ. මොකද එයාල නිරන්තරයෙන් මගේ හිතේ හොල්මන් කරන නිසා.
- කවුරුහරි කීවොත් ඔබට තියෙන්නේ පිරිමින් වසඟ කරන සරාගී කටහඩක් කියලා ...
මගේ සිරුර සරාගී වෙන්න පුලූවන්. නමුත් මගේ කටහඩ එහෙමයි කියල මම හිතන්නෙ නැහැ. සමහරු කියනව මම මවාගෙන කතාකරනව කියල. ඒක වැරදියි ඉන්නෙ නියම සනී තමයි.
- සනීගෙ සිහින ලෝකෙ මොනවද තියෙන්නෙ ?
මගේ සිහින ලෝකෙ තියෙන්නෙ ටෙඩි බෙයාලා සහ පීට්සා විතරමයි. මම ගොඩක් කැමතියි පීට්සා කන්න. ඇඟ ගැන රූපෙ ගැන මම ඒ තරම් වද වෙන්නෙ නැහැ. හම්බුනොත් පීට්සා කන්දක් විතර කයි.
- ඔබ මේ ලෝකේ වැඩිපුරම විස්වාස කරන්නේ කවුරුන්ද ?
මගේ තාත්තව. එයා මාව ප‍්‍රතික්‍ෂේප කළා වුනත් මම අදටත් විස්වාස කරන්නෙ එයා තමයි. දැන් එයාගෙ වයස 72ක්. මගේ ජීවිතේ මගේ හැමදේම එයා තමයි. ඒත් අද එයා මට විරුද්දයි.
- ඔයාට අවස්ථාවක් ලැබුනොත් පරන චිත‍්‍රපටයක නව නිර්මාණයේ රඟපාන්න ...
කල්නායක් චිත‍්‍රපටයට මම ගොඩක් කැමතියි. එහි මධුරි ඩිස්කිත්ගේ චරිතය මට ගොඩක් හොදට අල්ලලා යනවා. ජෝලී කේ පී කේ ජායේ සින්දුවට තනියම වුනත් නටන්න මම සූදානම්.
- ඇයි ඔයා ඉන්දියාවට එන්න හිතන්නෙ ?
මෙතැන තමයි මගේ නවාතැන්පල. මම ගැන ගොඩක් අන්තර්ජාලයෙන් හොයල තියෙන්නෙ ඉන්දියාවේ අය. ඉතින් ඇයි මම එයාල සතුටු කරන්න නොඑන්නෙ.
- ඔබේ අතීතය ගැන පොතක් ලියන්න කැමති නැතිද ?
පොතක් නෙවෙයි පොත් දාහක් වුනත් ලියන්න පුලූවන්. ඒ තරමටම නීරස, දුක්ඛදායක, සතුටුදායක අත්දැකීම් මට හිමිවෙලා තියෙනවා. ඇත්තටම සනී කියන්නෙ ලෙජන්ඞ් එකක්.
- ඔබ දැන් වැඩිහිටියන්ට පමනක් ලේබල්වූ නිලියක් වෙලා නේද ?
ඇයි මම දුක් වෙන්නෙ මම සතුටු වෙන්න ඔනි ඒ වගේ තැනක් මට ලැබුණු එක සම්බන්ධයෙන්. කාටවත් නොලැබුණු චාන්ස් එකක්නෙ මට ලැබිල තියෙන්නෙ ...
සංවාද සටහන :- අමිල නුවන් මධුසංඛ