අමීෂ ගැන කතාකරන්නවත් මම කැමති නෑ...
කරීනා කපූර්
පාට පාට දේදුන්නක් වගේ හැඩට තියෙන බොලිවුඞ් පුරවරයට අලූත් අලූත් මුහුණු නිතරම පායනව. ඒ වුනත් කාලාන්තරයක් තිස්සෙ බොලිවුඞ් අහසෙ රජ කරන වල්ගා තරු වලටනම් අභියෝග කරන්න ඒ කාටවත්ම බැහැ. ඒ වගේ පවුල් උරුමයෙන් සිනමාවට පායපු බොහෝමයක් තරු දිනෙන් දින ආලෝකමත් වෙන හැටි අපිට දකින්න පුලූවන්. කරීනා කපූර් කියන්නෙත් අන්න ඒ වගේ චරිතයක්. සාම්ප්රධායික සීමාවන් අතික්රමණය කරල ආපු කෙල්ලෙක් විදිහට එයා ගොඩක් ස්වාධීනයි. ලේ උරුමයෙන් ලැබුණු හැකියාවන් ඔපමට්ටම් කරගත්තු කරීනා අද බොලිවුඞ් වලට නැතිවම බැරි චරිතයක් වෙලා. ජිනා සර්ෆ මේරේ ලියේ චිත්රපටයෙන් බොලිවුඞ් ගමන් ආරම්භ කරපු කරීනා අශෝක්, කභි කුෂි කභි ගම්, ක්යූන් කී, ඕම්කාරා, බොඩිගාඞ්, චාන්දනී චොක්ටු චයිනා, හෙරෝයින්, ත්රී ඉඩියට්, වී ආ ෆැමිලි, චුප් චුප් කේ, රාවන්, ඒජන්ට් විනෝද් වගේ ගොඩක් චිත්රපටි වල මතක හිටින චරිත රැුසක්ම රඟපාල තියෙනව. මේ දවස්වල බොලිවුඞ් වල ෆැෂන් අයිකන් එකක් වෙලා ඉන්න කරීනටත් දවසක් කරන්ගෙන් කෝපි කෝප්පයක් බොන්න ආරාධනාවක් ලැබුණ. අපි බලමු මොනවද කරන් කරීනගෙන් ඇහැව්වෙ කියල...
කරීනා කපූර් කියන්න ද කරීනා කපූර් ඛාන් කියන්න ද... ?
කොහොම කතාකරත් එකයිනෙ. ඒ නම් දෙකම දැන් මගේම තමයි. ඒ වුනත් දැන් හැමෝම මට කතා කරන්නෙ කරීනා කපූර් ඛාන් කියල. ඔයා මගෙ යාලූවෙක්නෙ. කැමති විදිහකට කතාකරන්න.
විවාහයෙන් පස්සෙ සිනමාව අමතක වෙලා යයි ද... ?
කොහෙත්ම නැහැ. සිනමාවෙන් ඈත්වෙලා මට ජිවත් වෙන්න අමාරුයි. සිනමාව කියන්නෙ මගේ ජිවිතේ වගේ. ඉතින් කොහොමද මම ගෙදරට වෙලා ඉන්නෙ. ඒක මට කරන්න බහැ. ඒක නිසා දැවැන්ත නිර්මාණ කිහිපයකටම මම පසුගිය දවස්වල සම්බන්ධ වුනා. තවත් කිහිපයකම ගිවිසුම් අත්සන් කලා.
සාහිෆ් වෙනුවෙන් ඉක්මනට දරුවෙක් හදල දෙන්න කැමති නැතිද...?
ඇයි නැත්තෙ. ඒක මගේ ලොකුම ලොකු හීනයක්. ඒත් දැන්මනම් ඒකට කල් වැඩියි. මොකද මම මේ දවස් වල ටිකක් කාර්යබහුලයි. සුදුසු කාලෙදි මම දරුවෙක් හදනව. හොද නිළියක් වුනා වගේම හොද අම්ම කෙනෙක් වෙන්නත් ඕනි. ඒත් සායිෆ් මට කිසිම බලපෑමක් කරන්නෙ නැහ ඒ සම්බන්ධයෙන්.
ශහීඞ් කපූර් එක්ක ආයෙ රඟපාන්න කැමැත්තක් නෑ වගේ...
අපෝ එහෙම දෙයක් නැහැ. එයත් එක්ක රඟපාන්න මම ගොඩක් කැමැත්තෙන් ඉන්නෙ. ශාහිඞ් ගොඩක් හොද නළුවෙක් වගේම දක්ෂයෙක්. ඉස්සර තිබුණු ප්රශ්න දැන් නැහැනෙ. හොද අවස්ථාවක් ලැබුනොත් මම අනිවාර්යෙන්ම කැමති වෙනව.
ඛාන් නළුවොත් එක්ක රඟපාන්න ඔය තරම් කැමති ද...?
එහෙම විශේෂත්වයක් නෑ. මට ගැලපෙන ඕනිම කෙනෙක් එක්ක රඟපාන්න මම ලෑස්තියි. ඒත් වාසනාවකටද කොහෙද මට වැඩිපුර රඟපාන්න ලැබෙන්නෙ ඛාන් නළුවොත් එක්ක. ශාරුක් සල්මන් අමීර් එක්ක එකම කාලෙ මම රාවන් ඩබන්ග් සහ ත්රී ඉඩියට් වල වැඩ කළා. ඒක මගේ දක්ෂතාවය පෙන්වන්නත් අවස්ථාවකුත් වුනා.
අමීෂා පටෙල් එක්ක ඔය තරම්ම තරහ ඇයි...?
මොන පිස්සු ද..? තරහ වෙන්න අපි අතර විශේෂ සම්බන්දයක් තිබුනෙත් නැහැනෙ. අනික ඇත්තටම අමීෂ මට ඒ තරම් වැදගත් කෙනෙක් නෙවෙයි. එයා ඉන්න තැනයි මම ඉන්න තැනයි ගොඩක් වෙනස්. අපි ඒ ගැන කතා නොකර ඉමු. ඒක ගොඩක් හොදයි. මොකටද නිකන් ප්රශ්න දාගන්නෙ.
සායිෆ්ගෙ දරුවන්ට ඔබ ගොඩක් කිට්ටුයිලූ නේද...?
ඔව්. ඒක ඇත්ත. සායිෆ්ගෙ දරුවො කියන්නෙ මගෙත් දරුවො වගේ. එයාල මට බොහොම එකතුයි. ගොඩක් ආදරෙයි. ඉතින් දැන් මම එයාලගෙ දෙවනි අම්ම වගේ තමයි. ඒක වරදක් නෙවෙයි නේද කරන්..?
නව පරපුරේ නිළියන් ඔබට අභියෝගයක් නෙවෙයි ද...?
මම ගැන අධිතක්සේරුවෙන් කතාකරන්න මම කැමති නෑ. ඇත්තටම අලූත් අය දක්ෂයි තමයි. ඒත් එයාල මට අභියෝගයක් නෙවෙයි. එකිනෙකාට තියෙන්නෙ වෙනස් හැකියාවන්. තවමත් අධ්යක්ෂකවරු මාව හොයාගෙන එනව. ඒ කියන්නෙ කරීනට තවම ඉල්ලූම තියනව කියන එකනෙ.
ඔබේ නැන්දම්ම සැරයි කියන්නෙ ඇත්ත ද...?
අනේ නැහැ. ඇය හරිම කරුණාවන්ත කාන්තාවක්. හරියට මගේ අම්ම වගේ. අම්මගෙ අඩුව මට දැනෙන්නෙ නෑ එයා ලග ඉන්න කොට. අපි අතරෙ තියෙන්නෙ පුදුමාකාර බැඳීමක්. ඇත්තමයි.
අක්කගේ ජිවිතේ පිළිවෙලක් කරන්න ඔබට බැරිවුනා...
මම ඒ දේ කොහොමහරි කරනව. ඒක මගෙ යුතුකමක්. එයාගෙ ළමයි වෙනුවෙන් හරි මම ඒ දෙන්නව ආෙයෙමත් එකතු කරනව. අපි හැමෝම මිනිස්සු. ඉන්න කාලෙ සතුටින් ඉන්න ඕනි. අක්කගේ සතුට ගැන මම නිතරම හිතනව. එයාගෙ ජිවිතේ අපිළිවෙල නෑ. එයා සතුටින් ඉන්නෙ. එක දෙයක් ඇරෙන්න.
රන්බීර් කපූර් ගැන මොකද හිතන්නෙ...?
මට හරිම සතුටුයි. රන්බීර් මල්ලි කපූර් පරම්පරාව ඉස්සරහටම අරගෙන යයි. ආයෙ කතා දෙකක් නෑ. අපි අපිට පුළුවන් දේ කළා. ඉතිරි ටික එයාගෙ අතේ තියෙන්නෙ. මම හරිම කැමතියි එයත් එක්ක වැඩ කරන්න. එයා ඉක්මනින්ම ලොකු ගමනක් යනව. ඇත්තටම එයා ගොඩක් දක්ෂ කොල්ලෙක්.
අනෙක් නළුවන් එක්ක බලද්දි සායිෆ් ජනප්රිය නෑ කීවොත්...
ඒක ලොකු විහිළුවක්. එයාට පේ්රක්ෂකයො ගොඩක් ආදරෙයි. ඒක මම ඕනි තරම් දැකල තියෙනව. ජනප්රියත්වය කියන්නෙ සාපේක්ෂ දෙයක්. එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. ඒත් සායිෆ් ජනප්රිය නැතිනම් එයාට පැවැත්මක් නැහැනෙ. ඔය කතාව මම විශ්වාස කරන්නෙ නැහැ.
සටහන:- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment