දොරකඩ අස්න

Friday, March 24, 2017

ලංකාවෙ මිනිස්සුන්ට මම ගොඩක් ආදරෙයි. එයාලව දාල යන්න දුකයි වගේ ...

ලංකාවෙ මිනිස්සුන්ට මම ගොඩක් ආදරෙයි. එයාලව දාල යන්න දුකයි වගේ ...  

මීට කලින් දවසක මම ඔයාලට කීව කාලයක් තිස්සෙ ඔයාල ආදරය කරපු ඔෂීන් එහෙමත් නැතිනම් අයාකෝ කොබොයොෂි කියන දක්‍ෂ, ජනප‍්‍රිය ජපන් රංගන ශිල්පිනිය ලංකාවට එනව කියල. ඔන්න ඔයාලත් පෙබරවාරි 02 වෙනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවට ආවනම් ඔෂීන්ව හිත පුරා දැකගන්න තිබුණ. සාම්ප‍්‍රධායික ජපන් කාන්තා චරිතයෙන් නොමිදුණු අයාකෝ හරිම සුන්දර චරිතයක්. ලා කහ පාටට හුරු සකුරා මලින් හැඩවුණු කිමෝනාවකින් සැරසිලා හිටපු අයාකෝගේ මූනෙ හිනාවක්නම් කොයිම වෙලාවකවත් අතුරුදන් වුනේ නැහැ. Japan Expo 2017 ප‍්‍රදර්ශනය බලන්න ආපු විශාල ජන ගඟ මගඇරල යන්නත් අයාකෝ එහෙමත් නැතිනම් ඔයාල ආදරය කරන ඔෂීන්ට හැකියාව ලැබුනෙ නෑ. 

මීට අවුරුදු ගානකට කලින් ඔෂීන් කියන ඒ පුංචි කෙල්ලට අපි කොයි තරම් ආදරය කලාද ? එදා පරපුරේ විතරක් නෙවෙයි අලූත් පරපුරේත් ආදරය ලබන්න අයාකෝට වාසනාව ලැබුණ. ඒ මෑතකාලයේත් ඔෂීන් පුංචි තිරය මත දිගහැරුණු නිසා. ලංකාවට ආපු පළමුවැනි වතාව වුනත් එයාට ආදරය කරන ඔයාල වෙනුවෙන් වචනයක් නොකිය යන්න තර ඔෂීන් අකාරුණික වුනේ නැහැ. ඒ නිසාම අපේ රටේ ජනප‍්‍රිය මාධ්‍ය රැුසක් වෙනුවෙන්ම එයා මාධ්‍ය සාකච්ජාවකුත් පැවැත්වූවා. ඒ ලැබුණු අවස්ථාවෙන් ඔෂීන්ගෙ ජීවිතේ තියෙන ගොඩක් දේවල් අපිට දැනගන්න පුලූවන් වුනා. කියවලම බලන්නකො ඒ සුන්දර පිළිසඳරෙදි මාධ්‍ය හිතවතුන් අහපු ප‍්‍රශ්න වලට ඔෂීන් උත්තර දීල තිබුනෙ කොහොමද කියල ...

  • ඉතින් ඔෂීන් කොහොමද මේ දවස්වල තොරතුරු ?

ඇත්තටම ගොඩක් සතුටින් තමයි මේ දවස්වල ඉන්නෙ. ජීවිතේ පුදුමාකාර සැහැල්ලූවක් දැනෙනවා ඉතින් මම නිදහස බුක්ති විඳිනවා. පහුගිය දවස්වල ටිකක් විතර කාර්ය බහුල වෙලා හිටිය. දැන්නම් මම ඒ වැඩ වලින් ටිකක් නිදහස් වෙලයි ඉන්නෙ. 
  • ලංකාවේ ආගන්තුක සත්කාර පිළිබඳව ඔයාට සතුටුයි ද ?

මේ රටේ තියෙන ආගන්තුක සත්කාර හරිම සුවිශේෂියි. ඒ වගේ තමයි පිළිගැනීමත් හරිම ඉහළයි. මම ගුවන් යානයෙන් බිමට බැහැපු අවස්ථාවේ සිට මට ලැබුනෙ ගොඩක් උණුසුම් පිළිගැනීමක්. එයාලට මගෙත් එක්ක සෙල්ෆි ගන්න  ඕනි වුනා. මගෙත් එක්ක කතා කරන්න මගෙත් එක්ක හිනාවෙන්න එයාල දැක්වූයේ පුදුමාකාර කැමැත්තක්. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව ඇතුලෙදිත් මට ලැබුනේ කියාගන්න බැරි තරම් වටිනා පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාරයක්. 
  • මේ ඔබ ලංකාවට පැමිණි කී වෙනි අවස්ථාවද ?

පළමු වතාවට තමයි මම ලංකාවට ආවෙ. දැන්නම් මට හිතෙනවා ඇයි මම මීට කලින් ලංකාවට ආවෙ නැත්තෙ කියල. සොබාදහමින් පිරිපුන් සුන්දර රටක් තමයි ලංකාව. මිනිස්සුත් හරිම හොදයි. ආයෙමත් එන්න හිතෙනවා මට ලංකාවට. 
  • ලංකාවෙ අය ඔබව දන්නෙ ඔෂීන් විදිහට ... එයාල ගොඩක් ඔයාට ආදරෙයි. මොනවද හිතෙන්නෙ ඒ ගැන ? 

මටම පුදුමයි ලංකාවෙ මිනිස්සු මට මේ තරම් ආදරෙයි කියන එක සම්බන්ධව. ඇත්තටම ඒක විශ්මය දනවන සුළුයි. මීට වසර 20කට කලිනුයි ඔෂීන් තිරගත වුනේ. ඒත් එයාල තවමත් මගේ ඔෂීන් කියන නමින් මාව අඳුනනවා. හරිම සතුටුයි ඒ ගැන. ඇත්තටම මට මේ වෙනස් අත්දැකීම දරාගන්න අමාරුයි. 
  • කොහොමද ඔෂීන්ට ලැබුණු ප‍්‍රතිචාර ?

ඔෂීන් කියන්නෙ මගේ ඡුීවිතේ තවත් එක් තීරණාත්මක කඩඉමක්. ඒක මගේ වාසනාවට ලැබුණු චරිතයක්ය කීවොත් හරි. ජපානයේ පරන අය තමයි මාව ගොඩක් අඳුනන්නෙ. අලූත් පරපුේර බොහෝ දෙනා මාව දන්නෙ නැති තරම්. නමුත් ලංකාවෙ එහෙම නෑ. බාල, තරුණ, මහලූ කොයි කා අතරත් ඔෂීන් ජනප‍්‍රිය යි. 
  • මෙවර ඔබ ලංකාවට පැමිනීමට හේතු වූ කාරණා පිළිබඳ මතක් කළොත් ...

Japan Expo 2017 උත්සවය විවෘත්ත කරන එක තමයි මෙම ගමනේ මූලික අරමුණ වුනේ. අනෙක් කාරණය තමයි ඔෂීන් ටෙල නාට්‍යය ඇසුරුකරගනිමින් නි්රමාණය කළ නවතම චිත‍්‍රපටයේ ආරම්භයට සහ පූ්රව ප‍්‍රචාරණයට තමයි මම ලංකාවට ආවේ. ටෙලි නාට්‍යයක් විදිට ඔයාලට සමීප වුණු ඔෂීන් චිත‍්‍රපටයක් විදිහටත් දැන් ඇවිත් තියෙන්නෙ. Japan Expo 2017 දීම අපි ඒක එළිදක්වන්න සූදානම්. මේ හැම වැඩකටයුත්තකම ප‍්‍රධාන ආරාධිත අමුත්තිය විදිහට තමයි මම ලංකාවය ආවෙ. 
  • ඔබේ පැමිනීමට දේශපාලනික සම්බන්ධකමක් නැතිද ? 

ඒ ගැනනම් කියන්න මම දන්නෙ නැහැ. නමුත් ජපන් රජය සහ ශ‍්‍රී ලංකාව අතර තියෙන සම්බන්ධතාවය මේ ඔස්සේ තවත් වැඩිව්රධනය වෙනව කියලනම් මම දන්නව. හැබැයි මගේනම් කිසිම දේශපාලනික සම්බන්ධතාවයක් නැහැ. 
  • ඔෂීන් කරන කාලේ සිදුවූ අපූරු සිදුවීම් එහෙමත් ඇති නේද ?

අයියෝ ඔෂීන් කරන කාලෙ සිද්ධවුණු හැම දෙයක්ම අමතක නොවන අත්දැකීමක් තමයි. ජපානයේ උතුරු පලාතේ යමගාතා ප‍්‍රදේශයේ තමයි මේ නාට්‍යයේ මූලික රූගත කිරීම් සිදුකළේ. මම පුංචි කෙනෙක් නිසා ඒ දේශගුණ යමට දරාගන්න ගොඩක් අමාරු වුනා. තද සීත සුළං පුංචි මට ඔරොත්තු දුන්නෙ නැහැ. හිම වැටෙනවා ගංවතුර එනවා. ඒ වගේ අමතක නොවන සිදුවීම් බොහෝමයක් ඔෂීන් ඇතුලෙ හැංගිලා තියෙනවා. අද ඒ දේවල් මතක් කරනකොටත් මට සතුටුයි.  
  • ඔෂීන් නාට්‍යයේ ඔබ කළ අභියෝගාත්මක අවස්ථාව මතක් කළොත් ... 

මම ඔෂීන් චරිතයට හදවතින්ම ආදරෙයි. ඉතින් මට ඒක අභියෝගයක් වුනේ නැහැ. හැබැයි පුංචි ඔෂීන් එයාගෙ අම්මගෙන් වෙන් වෙලා යන ඒ සංවේදී අවස්ථාව නිරූපනය කරන එක මට ගොඩක් අපහසු වුනා. මොකද මම ඒ චරිතයේ කිමිදිලා හිටපු නිසා. අනෙක් අවස්ථාව තමයි නිතර නිතර සීතල ජලයේ රෙදි සෝදන්න වීම ඒ කාලෙ මට මේ වගේ දේවල් තමයි අභියෝගයක් වුනේ. ඒකෙ වෙනස තේරෙන්න ඒ අත්දැකීම විඳින්නම  ඕනි. 
  • ඔෂීන් වැනි ටෙලිනාට්‍යයක් වෙනස් සංස්කෘතියක් තියෙන රටක ප‍්‍රදර්ශනය වීම සම්බන්ධව ඔබට මොනවද කියන්න තියෙන්නෙ ?

ඒක කොයිතරම් හොඳ දෙයක් ද ? මේ වගේ නාට්‍ය රට රටවල් අතර හුවමාරු වීම නිසා අපිට අපේ සම්බන්ධතා තවත් ශක්තිමත් කරගන්න පුලූවන්. වෙනස් සංස්කෘතික අත්දැකීම් ලබාගන්නත් පුලූවන්. දැන් බලන්නකො ලංකාවෙ මිනිස්සු මට කොයි තරම් ආදරෙයිද ? ඒ ඔෂීන් නිසානෙ. ඉතින් ලංකාවෙ හැමෝම මගේ යාලූවො වෙලා ඉන්නවා. 
  • ලංකාවෙ සහ ජපානයේ තිබෙන වෙනස් සංස්කෘතිය ඔබට දැනෙන්නෙ කොහොමද ?

ලංකාව කියන්නෙ ගොඩක් ලස්සන රටක්. ලංකාවෙ වෙරළ තීරයත් ගොඩක්ම ලස්සනයි. ගුවනේ සිට බලනකොට තමයි ඒ ලස්සන ගොඩක් හොදට පේන්නෙ. ඒක පුදුමසහගතයි. සමහර දේවල් ජපානයට වඩා ගොඩක් වෙනස්. ලංකාවෙ තියෙන ගොඩනැගිලි වලටත් ම ගොඩක් කැමතියි. ඒවා හරිම සිත්ගන්නා සුළුයි. ලංකාවෙ මිනිස්සු ලස්සනට අඳිනවා. අලූත් අලූත් විලාසිතා කරනවා. ලංකාවෙ අයගේ සිනාවට මම ගොඩක්ම කැමතියි ... 
  • ඔෂීන් තිරගතවීමෙන් පසුව ඔබට ඔෂීන් කාටුන් එකටත් හඬ දායකත්වය ලබාදෙන්න පුලූවන් වුනා. 

ඒක වෙනස් අත්දැකීම් දෙකක්. ඔෂීන් තුළ ම කළේ ස්වභාවිකත්වය ප‍්‍රතිනිර්මාණය කිරීමක් පමනයි. නමුත් කාටුන් එක ඊට ගොඩක් වෙනස්. නමුත් ඔෂීන් සැබෑ චරිතයේ මතකයන් එක්ක කාටුන් එකට හඬ දෙන්නත් මට පුලූවන් වුනා. 
  • ඔෂීන් චරිතය නිසා ඔබට විශේෂ වරප‍්‍රසාධ එහෙමත් ලැබිල ඇති නේද ?

ජපානයේ ඔෂීන් තිරගතවෙලා ගොඩක් කල්. එදා තත්ත්වය සහ අද තත්ත්වය ගොඩක් වෙනස්. ඒ කාලෙ මට ගොඩක් වරප‍්‍රසාද ලැබුණ. නමුත් මම පෞද්ගලිකව ඒව බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි. 
  • ඔබට මෑතකදී ලංකාවේ සිනමාපටයකටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. කොහොමද ඒ අත්දැකීම ?

මම ගොඩක් වාසනාවන්තයි. මම ආදරය කිරන මිනිස්සු ඉන්න රටේ සිනමා පටයකට සම්බන්ධවෙන්න අවස්ථාව ලැබීම ගැන. සුමිත‍්‍රා රාහුබද්ධගේ කන්දක්සේමා නවකතාව පාදක කරගනිමින් අශෝක අතාවුදහෙට්ටි නිර්මාණය කරන සිනමාපටයක රංගනයෙන් දායකවීම මට වෙනස්ම අත්දැකීමක් වුනා. අද උදේ මට එහි අධ්‍යක්‍ෂකවරයා සහ තිර රචිකාව මුණගැහුණා. සවස් වරුවේ එහි රඟපෑ තරුණ දක්‍ෂ රංගන ශිල්පිනියකවන නිරෝෂා මාව හමුවෙන්න එනවා කීවා. හරිම සතුටුයි මට. 
  • ලංකාව හා ජපානය අතර ඇති ගැඹුරු සම්බන්ධය ගැන ඔබට මොනවද කියන්න තියෙන්නෙ ?

ශ්‍රී ලංකාවේ හා ජපානයේ සම්බන්ධතාව දශක ගණනාවක් තිස්සේ පවතින්නක්. ඒකට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. Japan Expo 2017 වැනි ප‍්‍රදර්ශන තව තවත් පැවැත්වීමෙන් ඒ සම්බන්ධකම් තවදුරටත් ශක්තිමත් කරගන්න පුලූවන් වෙයි. 
  • ලංකාවෙ ඔයාට ආදරය කරන අයට මොනවද ඔබට කියන්න තියෙන්නේ ?

ඔෂීන් ආදරයෙන් නැරඹුවාට මගේ සුන්දර රසික රසිකාවන්ට ගොඩක් ස්තූතියි. ජපානයේ ඔෂීන් හදන්න දායක වූ කණ්ඩායමත් ඒ ගැන ඉන්නෙ ගොඩක් ලොකු සතුටකින්. ඔෂීන් හරහා ජපානයේ සංස්කෘතිය හා සමාජ ස්වභාවය පිළිබඳව ලංකාවෙ මිනිස්සුන්ට දැනගන්න, දැකගන්න පුලූවන්කම ලැබුණා. ඒක ගැන ගොඩක් සතුටුයි. මේ වගේ් වැඩසටහන් ඔස්සේ ලංකාවෙ මිනිස්සුන්ට ජපානය ගැන තව තවත් දැනගන්න ලැබෙනවනම් හොදයි. ඒ ඔස්සේ ජපානයේ සහ ශ්‍රී ලංකාවේ මිත‍්‍රත්වය තව තවත් ශක්තිමත් කරගන්න පුලූවන් කියලා මම හිතනවා. 

සංවාද සටහන :- අමිල නුවන් මධුසංඛ/නිමාෂා කෞමදී 

No comments: