හැම ෆිල්ම් එකකම සෙක්ස් සීන් එකක් තියනවනම් හොදයි. නැත්නම් ගතියක් නෑ
ටොම් කෲස්
අපි හැමෝම කැමතියි සතුටින් ඉන්න. ජිවිතේ වෙනස් කරගන්න. දවසින් දවස අලූත් වෙන ලෝකෙ අපි විතරක් ඇයි වෙනස් නොවී ඉන්නෙ. ඔන්න අපිත් හිතුව ඔයාලගේ රසවින්දනය ඇතුලෙ පුංචි වෙනසක් කරන්න ඕනි කියල. ඇත්තටම ඔයාල ඒ වෙනසට ගොඩක් කැමති වේවි. බොලිවුඞ් කොලිවුඞ් සිහින තාරකාවන්ගෙ ජිවන කතන්දර ආදරෙන් රසවිඳපු ඔයාලට හොලිවුඞ් පැත්තෙ සිද්ධවෙන දේවල් ගැනත් කියන්න ඕනි කියල අපි හිතුවෙ අන්න ඒ නිසයි. හොලිවුඞ් ඇක්ෂන් චිත්‍රපටි වලට වගේම රොමෑන්ටික් කොමඩි චිත්රපටිවලටත් පිස්සු වැටිල ඉන්න අපේ තාරුණ්‍යය හරිම කැමතියි ඒවයෙ ඉන්න සුපිරි වීරයන්ගෙ වීරවරියන්ගෙ සැබෑ ජිවිතේ කොහොමද ගෙවෙන්නෙ කියල දැනගන්න. ඒක නිසයි අපි ඉස්ඉස්සෙල්ලාම මේ දවස් වල හොලිවුඞ් වල අංක එකේ ඉන්න නළුවෙක්ව ඔයාල ගාවට අරගෙන එන්නෙ. ඒ වෙන කවුරුවත්ම නෙවෙයි. ඔයාල ගොඩක් ආදරේ කරන සුපිරි වීරයා නැත්නම් ස්ටන්ට් වීරයා ටොම්... ටොම් කෲස්...එහෙනම් අපි යමු හොලිවුඞ් පැත්තෙ පුංචි සවාරියක්.
ඇත්තටම අපි මේ සුපිරි නළුවට ටොම් කෲස් කියල කතා කලත් මෙයාගෙ ඇත්ත නම තෝමස් කෲස්. සිනමාවට ආවට පස්සෙ තමයි මෙයාගෙ නම ටොම් කෲස් වුනේ. තවමත් තරුණ තරුණියන්ගෙ ආකර්ශනය අඩුවක් නැතිව ලබාගන්න ටොම්ගෙ වයස මේ වෙනකොට 53 ක්. පුදුමයි නේද ? ඔව් එයා ඉපදිලා තියෙන්නෙ 1962 අවුරුද්දෙ ඇමරිකාවෙ නිව්යෝර්ක් වල. සහෝදරියන් තුන්දෙනෙක්ගෙ බාල සහෝදරය වුණු අපේ මේ වීරය ඉගෙන ගන්නත් ගොඩක් දක්ෂ කෙනෙක් කියලයි එයා ඉගෙනගත්තු පාසැල් වල ගුරුවරුනම් කියන්නෙ. ටොම්ගෙ සීයට තමයි ටොම්ව නළුවෙක් කරන්න ඕනි වුනේ. ඒක නිසයි ටොම්ට යන්තම් වයස 19 ක් වෙනකොට චිත්‍රපටියක රඟපාන්න යන්න ගෙදරින් අවසර ලැබෙන්නෙ. මුල් කාලෙ ටොම්ට ලැබුනෙ පුංචි පුංචි සහායක චරිත විතරයි. එයාගෙ පළමු රංගනයන් ඇතුලත් වූ එන්ඞ්ලස් ලව්, ටේප්, ද අවුට්සයිඩර් කියන චිත්‍රපට තුනේම ටොම් රගපාන්නෙ සහායක චරිත. ටොම් පුධාන චරිත රංගනයට එක්වෙන්නෙ රිස්කි බිස්නස් චිත්‍රපටියෙන් පස්සෙ. ඊට පස්සෙ කරපු ටොප් ගන්, කලර් ඔෆ් මනී, කොක්ටේල්, රේන් මෑන්, ලෙජන්ඞ්, ද ලාස්ට් සැමුරායි, මැග්නොලියා, අ ෆියු ගුඞ් මෑන්, වැනිලා ස්කයි, වෝ ඔෆ් ද වර්ල්ඞ්, නයිට් ඇන්ඞ් ඬේ වගේම එඞ්ගා ඔෆ් ටුමාරෝ කියන හැම චිත්‍රපටයකම වගේ ටොම් කළේ ප්‍රධාන චරිත.
ටොම්ව අපේ පරම්පරාව ඇතුලෙ මහා වීරයෙක් කළේ කාලෙන් කාලෙට අලූත් වෙන අපි තවමත් ආදරේ කරන මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාවේ ඊතන් හන්ට්ගේ චරිතය කියල කවුරුත් දන්නව. 1996 ඉදන් 2015 වෙනකන් කොටස් හතරක් එළිදක්වපු මේ චිත්‍රපට මාලාවේ ඊලග කොටසත් ලගදීම අපිට දැකගන්න පුලූවන්. ඒ මිෂන් ඉම්පොසිබල් රෝ්ජ් නේෂන් චිත්‍රපටිය. මේ වෙනකොට හොලිවුඞ්වල ටොම්ගෙ රසික රසිකාවියන් ඉවසිල්ලක් නැතිව මග බලාන ඉන්නෙ මේ චිත්‍රපටිය තිරගත වෙනකන්. ටොම් එක්ක වැඩ කරන්න කිසිම නිෂ්පාදකවරයෙක්් දෙපාරක් හිතන්නෙ නෑ. මොකද එයාල දන්නව අපේ වීරය කරන හැම වැඩක්ම සුපර් හිට් එකක් වෙනව කියල. එයා මේ වෙනකොට ලෝක වාර්තාවකුත් තියලයි තියෙන්නෙ. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි. තමන් රඟපාපු හැම චිත්රපටියකින්ම ඇමරිකානු ඩොලර් මිලියන 300-600 පාස් කරමින් මුදල් ඉපැයීම සම්බන්ධයෙන්. මේ දවස්වල වැඩිම මුදලක් අයකරන නළුව වගේම පෝසත්ම නළුවන් අතර තෙවනි තැන හිමිකර ගන්නත් ටොම්ට පුළුවන් වෙලා තියනව.
ජනප්‍රියත්වයේ කොයිතරම් ඉහළින් හිටියත් ටොම් කියන්නෙත් අපි වගේම සාමාන්‍ය කෙනෙක් කියල හිතෙන වෙලාවල් නැතුවමත් නෙවෙයි. ඕනම කෙනෙක්ගෙ ජිවිත ඇතුලෙ කුණු තියනවනෙ. ටොම්ගෙත් ඒ වගේ පැත්තක් තියනව. එයාගෙ විවාහ ජිවිතේනම් ඒ තරම් සාර්තක එකක් කියල කියන්න අමාරුයි. ළමයි තුන් දෙනෙක්ගෙ තාත්ත කෙනෙක් වුනත් ටොම් මේ වෙනකොට කාන්තාවන් තුන්දෙනෙක් එක්ක විවාහ වෙලා තියනව. එයා මුලින්ම කසාද බැන්දෙ මිමී රොජර්ව. ඒ කසාදෙ තිබුනෙ අවුරුදු තුනක් විතරයි. මිමීගෙන් වෙන් වුනු ටොම් ඊලගට නැවතුනේ එයාගෙ චිත්‍රපටයක සහාය නිළියක් වුනු නිකොලේ කිඞ්මෑන් ගාව. වසර එකොලහක විතර විවාහ ජිවිතයකින් පස්සෙ ඒ දීගෙත් කෙළවර කරපු ටොම් වසර කිහිපයක් තනිවම ඉදල 2011 අවුරුද්දෙ කැතී හෝම්ස් එක්ක පැටලූනා. තාමත් ටොම් ඉන්නෙ කැතී එක්ක තමයි. ඒ වුනත් අලූත් නිළියොත් එක්ක ටොම්ගෙ පොඩි පොඩි පටලැවිලි නැතුවමත් නොවෙයි. ඒත් කැතී ඒ දේවල් මායිම් කරන්නෙ නැති කෙනෙක්. ඒක නිසා ටොම් තාමත් කුරුල්ලෙක් වගේලූ ඉන්නෙ.
තමන් කරන වැඩ ගැනනම් ටොම් ගොඩක් සැළකිළිමත් වෙන කෙනෙක්. එයාගෙ චිත්‍රපටි වල කොයි තරම් අමාරු දර්ශනයක් තිබුනත් කිසිම ආදේශක නළුවෙක් යොදාගන්නවට ටොම් චුට්ටක්වත් කැමති නෑ. එයාට ඕනි පේ්රක්ෂකයන්ට දැනෙන යමක් කරන්න. එයාගෙ අලූත්ම චිත්‍රපටයෙ ස්ටන්ට් දර්ශනයක් සඳහා පෙනී ඉදල පූර්ව පුචාරක කටයුතු වලට එකතුවුණු ටොම් මාධ්‍ය ඉදිරියෙ මෙන්න මෙහෙම කතාවක් කියල තිබුණ.
”කලින් දවසෙ ? මට නින්ද ගියෙත් නෑ. අද මගෙ අතින් මොනව හරි වරදක් වුනානම්, ඔක්කෙම ඉවරයි. ගුවන්යානය පහලට ගේනකන් මට ඇතුලට යන්න පුලූවන්කමකුත් නෑ. ඒත් මම මේ වගේ බයානක වැඩ වලට හරි කැමතියි”
තමන් කරන වැඬේ ගැන ටොම්ට තියන කැපවීම කොයි තරම්ද කියල ඒකෙන්ම තේරෙනව. මෙයා ආගම දහම පැත්තටත් ටිකක් බර කෙනෙක්. රෝමානු කතෝලික දහම ඇදහුවත් ටොම් සයන්ටලොජි කියන ධර්මයත් එක්ක ලොකු බැඳීමක් තියනව. මේ දවස් වල ඒ ගැන ප්‍රසිද්ධියෙ වාද කරන්නත් ටොම් පුරුදු වෙලා කියලයි දැනගන්න ලැබෙන්නෙ. ටොම් කොයි තරම් දක්ෂ නළුවෙක් වුනත් කිසිම ආඩම්බරකමක් නම් ගෑවිලාවත් නෑ. ට්විටර් අඩවියෙන් වගේම ෆේස්බුක් අඩවියෙනුත් තමන්ගෙ රසික රසිකාවියන් වෙනුවෙන් පණිවුඩයක් තියන්නත් එවන පණුවුඩ වලට පිළිතුරක් දෙන්නත් එයා අමතක කරන්නෙ නැහැ. මිෂන් ඉම්පොසිබල් රෝජ් නේෂන් චිත්‍රපටයෙ එයා ඇඳපු කෝට් එකක් ඇමරිකානු ඩොලර් බර ගාණකට විකුණන්න තියනවයි කියලත් පණුවුඩයක් එයාගෙ ෆේස් බුක් පිටුවෙ දැකගන්න ලැබුන. ඒ ගැන සැකයක් තියනවනම් ඔයාලම ටිකක් හොයල බලන්නකො ඇත්ත නැත්ත මොකක් ද කියල.
ගොඩක් වෙලාවට ටොම් එයත් එක්ක ප්‍රධාන චරිතය රඟපාන නිළියත් එක්ක ? කෑමකට යන එක පුරුද්දක් කරගෙනයි ඉන්නෙ. එ්ත් මේක දැන් ප්‍රසිද්ධ රහසක් වෙලා ඉවරයි. ටොම්නම් ඒ ගැන කිසිම දෙයක් මාධ්‍ය එක්ක කතා කරන්නෙ නැහැ. එයාගෙ පෞද්ගලිකත්වයට අත දානවට එයා කැමති නැතිව ඇති. මොනව වුනත් පේ්රක්ෂකයො ටොම්ට ගොඩක් ආදරෙයි. එයාගෙ ේජැඉදදන පිටුවෙ හැම තැනකම පේ්රක්ෂකයන් එවපු සුභපැතුම් වලින් පිරිල ඉතිරිලා ගිහින්. සම්මාන බලාගෙන රඟපෑවෙ නැතත් ටොම්ගෙ දක්ෂකම් වලට එයාට නියම තැන දෙන්න විචාරකයො දන්නව. මේ වෙනකොට ටොම් හොදම නළුවා, හොදම සහාය නළුවා වගේම දක්ෂතම සටන් නළුවා, ජනතාවගේ නළුවා වගේ තවත් බොහෝ අංශ වලින් ගෝල්ඩන් ගේල්බ් සම්මාන කිහිපයක්ම දිනාගෙන තියෙනව.
මේ තරම් වයසට ගියත් තරුණයෙක් වගේ ඉන්නෙ කොහොමද කියල මාධ්‍යවේදීන් අහන ප්‍රශ්න වලට ටොම් දෙන්නෙ බොහොම සරල උත්තරයක්. ඒ සතුටින් ඉන්න කියල විතරයි. ඒ වුනත් එයා ආහාර ගැන සැළකිලිමත් වෙමින් ශරීර සුවතාවය වෙනුවෙන් ජිම් එකට යනව කියල ගොඩක් අය දන්නව. රඟපාන හැම චිත්රපටියකම ලිංගික දර්ශනයක් තියනවනම් තමන් කැමතියි කියල ටොම් මාධ්‍ය සාකච්ජා කිහිපයකදිම කියල තියෙනව. එහෙම දර්ශන අද චිත්‍රපට වලට නැතිවම බැහැ කියලයි ටොම් කියන්නෙ. ඒ මොනා වුනත් ලගදීම දවසක ඔයාල ගොඩක් ආදරේ කරන නළුව ඔයාලට සුපිරි වීරයෙක් විදිහට තිරයෙන් දැකගන්න ලැබෙයි. ඒ මිෂන් ඉම්පොසිබල් පස්වන කොටස ඔස්සේ. එදාට අදටත් වඩා ටොම්ට ඔයාල ආදරේ කරන බව මට ගොඩක් විශ්වාසයි.
සටහන :- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment