මගේ තේරීම සාර්ථකයි. සල්මන්ව ප්‍රතික්ෂේප කරපු එකෙන් පාඩුවක් වුනේ නැහැ.
ක්‍රිතී සැනෝන්
කොයිතරම් අලූත් තාරකාවන් බොලිවුඞ්වලට පායල ආවත් පාරාදීසය ඇතුලෙ රජකම් කරන්න ලැබෙන්නෙ බොහොම ටික දෙනෙකුට පමනයි. ඒ වගේම තමයි තමන් රඟපෑ පළමු සිනමාපටයෙන්ම සම්මානයට පාත්‍ර වෙනව කියන එකත් ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ක්‍රිතී සැනෝන් කියන්නෙ කාලෙකට පස්සෙ බොලිවුඞ්වලට පායපු අන්න එ් වගේ වාසනාවක් තියන නිළියක්. අහිංසක දෑස්, සුන්දර සිනහව වගේම ආකර්ෂණීය කතාබහ තුලින් කාගෙත් නෙත් වශීකරවන ක්‍රිතී හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ සතුටින් ඉන්න. නෙනොක්කාඩින් කියන තෙළිගු චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුනු ක්‍රිතී හෙරෝ පන්තී චිත්‍රපටයෙන් බොලිවුඞ් වලට පය තිබ්බ. ආයෙමත් ඩෝචාව් කියන තෙළිඟු විත්රපටයට සම්බන්ධ වූ ක්‍රිතී ගැන මේ දවස්වල කවුරුත් කතා වෙන්නෙ රෝහිත් ෂෙට්ටිගේ දිල්වාලේ චිත්‍රපටය නිසා. නවක නිළියක් වූ ක්රිතීට මේක ලොකු අවස්ථාවක්. මේ නිසාම එයාට දැන් චිත්‍රපට රංගනයට ආරධනා ගලා එනව කියල තමයි අපට ආරංචි. එයත් දවසක රාහුල් ධාවන් එක්කම කරන් එක්ක කොෆි එකක් බොන්න ඇවිත් හිටිය. අපි බලමු මොනවද එයාල කොෆි බොන ගමන් කථා කළේ කියල...
ක්‍රිතී මේ දවස්වල සතුටින් ඉන්නව කියන්නෙ ඇත්තද...?
ඔව් කරන්. මම ගොඩක් සතුටින් ඉන්නෙ. නවක නිළියකට කලාතුරකින් ලැබෙන අවස්ථාවක් තමයි මට හිමිවෙලා තියෙන්නෙ. ඒ සතුට තමයි ඔයාටත් පේනව ඇත්තෙ.
කොහොමද..රාහුල්ගෙන් ලැබුණු සහයෝගය..?
ඒ ගැන කියන්න වචන නැහැ. ගීතමය දර්ශන වලදී මට රාහුල්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණ. මට හිතෙනව අපි දෙන්න තිරයේදී ගොඩක් හොදට ගැලපෙනවයි කියල.
ශාරුක් එක්කයි කාජල් එක්කයි වැඩ කරන්න ලැබුණු එක...
සමහරු අහනව ඇයි මම මේ දවස්වල පුදුමයෙන් වගේ ඉන්නෙ කියල. සමහරවිට ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. ඒ දෙන්න මේ ක්ෂේත්රයේ ගොඩක් අත්දැකීම් තියන අය. අනිත් එක නවකයින් කියල අපිට කිසිම වෙනසක් කළේ නැහැ.
ඔබේ උස ප්‍රශ්නයක් වුණු අවස්ථා නැතිද..?
නැත්තෙමත් නැහැ. පාසැලේදිනම් මම ගොඩක් අපහසුතාවට පත්වුනා. ඒත් දැන්නම් මම හිතන්නෙ උස කියන දේ මට ආභරණයක් කියල. මේ මට දෙවියන්ගෙන් ලැබුණු උරුමයක්.
සල්මන් ඛාන් එක්ක රඟපාන්න ලැබුණු අවස්ථාව ප්‍රතික්ෂේප කළේ ඇයි..?
එ්ක කළේකැමැත්තකින් නෙවෙයි. චිත්‍රපට දෙකේම රූගත කිරීම් වැටුනෙ එකම දවස්වල. මට සිද්ධවුනා එක තීරණයක් ගන්න. මගේ තීරණය වුනේ දිල්වාලේ. ඒ තේරීම අද සාර්ථක වෙලා තියෙනවා. මට දුකක් නැහැ. සල්මන් එක්ක මට කිසිම අමනාපයකතුත් නැහැ.
සරාගී චරිතයක් ප්‍රතික්ෂේප කළේ ඇයි..?
මම බොලිවුඞ්වලට ආවෙ ගෙදර අයගෙ කැමැත්තෙන් නෙමෙයි. තාත්ත මට කොන්දේසියක් දාලයි තියෙන්නෙ එහෙම චරිත කරන්න එපා කියල. නමුත් චරිතයකට අවශ්‍යමනම් සරාගී රංගනයකට මම ලැහැස්තියි. නමුත් සම්පූර්ණයෙන්ම සිරුර නිරාවරණය වූ චරිත කරන්නනම් කැමැත්තක් නැහැ.
නිතරම රාත්‍රී සාද වලට යනවලූ නේද...?
මම යන්නෙ මගේ යාලූවොත් එක්ක. රූගත කිරීම් එක්ක දවල් කාලයේ එයාල එක්ක ඉන්න ලැබෙන්නෙ නැහැ. රූට තමයි නිදහසක් ලැබෙන්නෙ. සතියකට සැරයක්වත් මම පාටි එකකට යනවමයි. පාර්ටිවල ඩාන්ස් කරන්න මම ගොඩක් කැමතියි.
කවුරු වගේ වෙන්නද කමති...
මට මගේම අනන්‍යතාවක් තියෙනව. ඉතින් ඇයි මම කවුරුත් වගේ වෙන්නෙ. පේ්රක්ෂකයන්ට ඕනි ක්‍රිතී කොනක් මිසක් වෙනත් කෙනෙකුගේ රූකඩයක් නෙමෙයි.
ටයිගර් එක්ක ප්‍රශ්නයක් ඇතිකරගත්ත කියන්නෙ ඇත්ත ද...?
අයියෝ.. ඒක මොන බොරු කතාවක් ද...? අපි හොද යාලූවො. සාමාන්‍ය ජීවිතයේ අපි හොද මිතුරන්. කා එක්කවත් ප්‍රශ්න ඇතිකරගන්න මම කැමති නැහැ.
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් එක්ක ඔයාගෙ සම්බන්ධයක් තියනවයි කියන්නෙ ඇත්තක්ද..?
තවමනම් මට පෙම්වතෙක් නැහැ. එහෙම හිටියත් මම ඒ දේවල් මාධ්‍ය ඉදිරියේ කියන්න සූදානමකුත් නැහැ. පෞද්ගලිකත්වය රහසක් හැටියට තියනවනම් තමයි මම කැමති.
තෙළිගු චිත්‍රපට වලට ගොඩක් කැමතියි වගේ නේද..?
මම පටන් ගත්තෙ එතනින්. මගේ ගොඩක් යාලූවො ඉන්නෙත් තෙළිඟු සිනමාවෙ. ඒ නිසා මට මුල අමතක කරන්න බැහැ. මට බොලිවුඞ්වල කොයිතරම් ජනප්‍රියත්වයක් හිමිවුනත් හැමදාමත් ඉල්ලූම තියනකන් තෙළිඟු සිනමාවෙන් මාව දැකගන්න පුළුවන්.
ඇදුම් වලට ගොඩක් වියදම් කරනව කියන්නෙ ඇත්තද...?
ලස්සනට ඉන්න කවුද අකමැති. මගේ සල්ලි මම ගොඩක් වියදම් කරන්නෙ ඇදුම් වලටයි මේක්අප් වලටයි තමයි. අනික ගෑනු ළමයෙක්ට වෙන වියදමකුත් නැහැනෙ. මම ඇඳුමක් ගන්න හැම අවස්ථාවකම නංගිටත් ඇදුමක් අරන් දෙනව.
කරීනා, ප්‍රියංකා, ආලියා අතරින් වඩාත් දක්ෂ කෙනා කවුද...?
මම හිතනව කරීනා අත්දැකීම් අතින් ඉදිරියෙන් ඉන්නව කියල. රංගනය පැත්තෙනුත් එයා අනිත් දෙන්නටම වඩා ඉදිරියෙන් තමයි ඉන්නෙ.
රන්වීර්, ටයිගර්, රාහුල් අතරින් කවුරුහරි විවාහ කරගන්න ලැබුනොත්...?
අම්මෝ මම කවදාවත් නළුවෙක් බඳින එකක් නැහැ. ඒක නිසා ඔය ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න විදිහක් නැහැ. හැබැයි මම කැමතියි රන්වීර් වගේ තරුණයෙක්ට. ඒ වගේ කෙනෙක් මගේ සැමියා වෙනවනම් මම කැමතියි. හැබැයි ඒ රන්වීර්නම් නෙමෙයි.
සටහන :- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment