දොරකඩ අස්න

Wednesday, July 1, 2015

ජනප‍්‍රිය සංස්කෘතිය යනු

ජනප‍්‍රිය සංස්කෘතිය යනු

ජනප‍්‍රිය සංස්කෘතිය යන්න කිමැයි හදුනා ගැනීමට පෙර සංස්කෘතිය යන්න කුමක්දැයි හදුනා ගත යුතු වේ. සංස්කෘතිය යන්න ද එක් නිශ්චිත සීමාවකලා විග‍්‍රහ කළ නොහැකි වේ. විවිධ විචාරකයෝ විවිධ නිර්වචන ඔස්සේ එකී විෂය විග‍්‍රහ කරති. එකී නිර්වචන අතර පෞරාණික නිර්වචනය ලෙස 1871 දී ඊ. බී. ටයිලර් නැමැති සමාජ මානව විද්‍යාඥයා විසින් ඉදිරිපත් කළ නිර්වචනය හදුනාගත හැකි වේ. ඔහුට අනුව සංස්කෘතිය නම්, 
 දැනුම ඇදහිලි කලා නීති සදාචාර සිරිත් විරිත් හා මිනිසා සමාජයේ ජිවත් වන පුද්ගලයෙකු වශයෙන් ලබා ගත්තා වූ පුරුදු පුහුණු හා හැකියාවන් අඩංගු සංකීර්ණ සමස්තයයි.   
මේ නිර්වචනය තුළ පුද්ගලයගේ සමස්ත හැසිරීමේ රටාවම සංස්කෘතිය වශයෙන් හදුනාගත හැකි වේ. සමහරු සංස්කෘතිය යන්න ගුණ වගාව නමින් ද, ආගම සාහිත්‍යය ඉගැන්වීමෙන් හා සාහිත්‍ය කලාස්වාදයෙන් ලැබෙන චිත්ත විසුද්ධිය නමින් ද හදුන්වති. 

මේ ආකාරයට හදුනා ගන්නා සංස්කෘතිය අද වන විට ඉතා පුළුල් විෂය ක්‍ෂේත‍්‍රයක් ඔස්සේ ව්‍යාප්තව ගොස් ඇති අතර බොහෝ වෙනස් වීම් වලටද භාජනය වී තිබේ. මෙම වෙනස්වීම් වලට බලපෑ සාධක අතර කාර්මික විප්ලවය මෙන්ම ජනමාධ්‍ය බිහිවීම ද හේතු වේ.

මිනිසා තුළ පුදුම එළවන මෙම ජනමාධ්‍ය මගින් මෙතුවක් කල් පවත්නා සම්මත නිර්මාණ ක‍්‍රමවේදයන් ඉක්මවා නව නිර්මාණ, නව තාක්ෂණික ක‍්‍රමවේදයන් ඔස්සේ විකාශය විය. එය කෙටිකතාව නවකතාව නාට්‍ය ගීතය මෙන්ම දෘශ්‍ය මාධ්‍යය ද නව මුහුණුවරකට පරිවර්ථනය වන්නට හේතු විය. මේ පසුබිම සම්මත නිර්මාණ ශිල්පියා අසම්මත ආකාරයකට නිර්මාණ බිහිකරන ශිල්පීන් බවට පත් විය. ජනමාධ්‍යය ලොවම ආවරණය කළ විට තත්කාලයේ තිබූ සංස්කෘතියට ජනප‍්‍රිය අංග එකතුවීමෙන් නව සංස්කෘතියක් ද බිහි විය. ජනප‍්‍රිය සංස්කෘතිය ලෙස හදුනාගත හැක්කේ සංස්කෘතික ව්‍යාප්තියේ ප‍්‍රතිඵල ලෙස බිහි වූ නව ආරක් ගත් ජන සංස්කෘතික අංගයන්මය. ඒ අනුව ජනප‍්‍රිය සංස්කෘතිය යන වචනය භාවිතයට පැමිණෙනුයේ 1950- 1960 වැනි දශකවලදී වේ. මේ පිළිබඳව විවිධ පර්යේෂණ සිදු කරමින් බොහෝ විද්වතුන් විසින් විවිධාකාර වූ අර්ථකථනයන් ජනප‍්‍රිය සංස්කෘතිය යන්න පිළිබඳව ඉදිරිපත් කර තිබේ. 

  •   ජනප‍්‍රිය සංස්කෘතිය යන්න වඩා බහුතර ජනතාවගේ සංස්කෘතිය වේ      -නූතන කලා විචාරකයන්-
  • ජනප‍්‍රිය සංස්කෘතිය යනු සමාජය තුළ ජිවත්වන සියලූ දෙනාගේම සංස්කෘතියයි     -බටහිර විචාරකයින්-
  • මිනිස් කණ්ඩායමක අත්දැකීම් බෙදා හදා ගන්නා ක‍්‍රමය ජනප‍්‍රියසංස්කෘතිය නම් වේ   -හිදෙතොෂී කාටෝ-

මේ ආකාරයට විවිධාකාර ලෙසින් හදුනාගන්නා ජනප‍්‍රිය සංස්කෘතිය ජනයා විසින් නිර්මාණය කරන ලද්දක් ද, ජනමාධ්‍යය වල නිර්මිතයක් ද යන්න නිසැකව නිර්වචනය කළ නොහැක්කේ හැම විටම එය එකිනෙකට වෙනස්ව අන්තර් වශයෙන් පෝෂණය වන බැවිනි. 

අමිල නුවන් මධුසංඛ

අසභ්‍ය වෙබ් අඩවි වලට ළමයින්ගේ යොමුවීම

අසභ්‍ය වෙබ් අඩවි වලට ළමයින්ගේ යොමුවීම

වත්මන් ගෝලීය අධ්‍යාපන රටාව තුල ළමුන් අන්තර්ජාලයට අසාමාන්‍ය ලෙස ඇබ්බැහි වී සිටින අතර එය ඔවුන් අතර ඉතා ජනප‍්‍රිය මාධ්‍යයක් බවට පත්වී හමාරය. මේ තුලින් දරුවන්ට ධනාත්මක දේ බොහෝමයක් ලබා ගත හැකි වූවත් අවාසනාවකට මෙන් ඔවුන් බහුතරයක් එයින් ලබා ගන්නේ අසභ්‍ය දේවල්ය. ළමුන් පමනක් නොව ඇතැම් වැඩිහිටියන් විසින්ද මෙය සිදු කරනු ලබයි. විශේෂයෙන්ම අන්තර්ජාලය හා සම්බන්ධ ලිංගික ක‍්‍රියාවන් සදහා අද බොහෝ පිරිස් සූක්‍ෂම ආකාරයට ආකර්ශනය කරගෙන සිටියි. අන්තර්ජාල තුල පවතින දහස් ගණනක් අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිස අසභ්‍ය චිත‍්‍රපට මෙන්ම අසභ්‍ය වීඩියෝ පට නැරඹීමට ද පුරුදුව සිටියි. මේ නිසා

  • වැරදි ආකාරයේ ලිංගික අධ්‍යාපනයක්
  • අසම්මත ලිංගික චර්යා
  • ගණිකා ඇසුරට යොමු වීම්

බහුල වශයෙන් සිදුවේ. එසේම අන්තර්ජාලය මගින් පවත්වාගෙන යන ළමා ලිංගික වෙළදපොළක් ද මේ තුල නොපෙනෙන අයුරින් ක‍්‍රියාත්මක වෙයි. එනිසා මෙම අසභ්‍ය වෙබ් අඩවි හරහා ළමුන්ට විශාල බලපෑමක් සිදුවේ. ලංකාවේ පාසැල් ළමුන් විශාල ප‍්‍රමාණයක් නිරන්තරයෙන් අන්තර්ජාලය හරහා අසභ්‍ය චිත‍්‍රපට නරඹන අතර මෙරට පොලීසිය විසින් මෙවැනි දරුවන් විශාල පිරිසක් පරිවාසයට යොදවන ආකාරයක් ද දැකගත හැකිය. 
මෑතකදී මැදවච්චිය මෛත‍්‍රීපාල සේනානායක පාසැලේ උසස්පෙළ හදාරන සිසුවෙක් සහ සිසුවියක් ලිංගිකව එක් වන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් කැබිතිගොල්ලෑව පොලීසිය විසින් සොයාගෙන ඇත. එසේම ඒවා අසභ්‍ය වීඩියෝ දර්ශන සහිත වෙබ් අඩවියකට ලබා දීමට ද ඔවුන් සූදානම්ව සිටි බව පසුව සොයාගෙන තිබෙයි. එසේම ෆේස් බුක් යනු ළමුන් අතර ජනපි‍්‍රය සමාජ ජාල වෙබ් අඩවියකි. මෙහි නිර්මාතෘ මාක් සකර්බර්ග් මෙය නිර්මාණය කලේ ගෝගීය මිතු දම ශක්තිමත් කිරීමටයි. නමුත් මේ තුලින් සමාජයට සිදුවන බලපෑම සුළුපටු නොවෙයි. ඇතැම් දරුවන් අනවශ්‍ය පෙම් සබඳතා ඇතිකර ගන්මින් ජිවිතය පවා විනාශකර ගනිති. ඇතැම් ගැහැණු දරුවන් තම පවිත‍්‍රත්වය පවා විනාශකර ගනිති. 
ළමුන් ලිංගික අපචාර වලට යොමු වීමේ මූලක පියවර වන්නේ මෙම අසභ්‍ය වෙබ් අඩවි වලට යොමු වීමයි. මේවා නැරඹීමට ඇබ්බැහි වූ දරුවන්ගේ තත්ත්වය අතිශය ශෝකජනකය. විශේෂයෙන්ම අසාමාන්‍ය මානසික වෙනස්වීම් වලට විකෘති ලිංගික ආශ්වාදයන්ට ඔවුන් නොදැනුවත්වම ඇබ්බැහි වෙයි. පසු කලෙක

  • අපරාධකරුවන් 
  • ස්ත‍්‍රී දුෂකයන්
  • මිනීමරුවන් 
  • ළමා අපයෝජකයින්

බවට පත් වනුනේ මොවුන්ය. පරිගනකයක් අද වන විට සෑම නිවසකම පරිඝනකයක් නොමැති  වුවද පරිඝනක පාඨමාලා වලට යාමට ළමුන් පෙළඹී සිටියි. මේවා තුල පෞද්ගලිකත්වය හොදින් ආරක්‍ෂා වන නිසා මේවායෙන් අසභ්‍ය වෙබ් අඩවි වලට ඇතුලත් වෙයි. මේ නිසා රටේ සංස්කෘතික පරිහානිය ද දිනෙන් දින වර්ධනය වෙයි. මෙම උවදුරෙන් ළමුන් ආරක්‍ෂා කර ගැනීමට නම් අසභ්‍ය වෙබ් අඩවි තහනම් කළ යුතුම වෙයි. 

අමිල නුවන් මධුසංඛ

සීතල කඳුලක්

kln.ac.lk
සීතල කඳුලක්









ගිම්හානයේ ගිලන් වු හද කුටිය සීතලයි
උණුහුමක් නැති තැනෙක තෙත ගතිය නෙතු දවයි
මේ පාළු දොර මිදුල මම තවම තනිකඩයි
දෙනෙත් පරදා මගේ සිත් මඩල සුසුම්ලයි
මිලින වන සිතුම් පොදි දෙපා මුල ඇද වැටී 
මුළු ගතම අඩපනයි තනිකමින් හැඩුම් එයි
එහෙව් සිත කිතිකවා පාළුවෙන් මා මුදා 
අර පේන ඉසව්වේ මාලිගා තැනෙව්වයි
මාලිගා බිත්තියේ වදන් පොඩි කටු ගෙතෙයි
නුඹේ සෙනෙහසට මම සදාකල් ණයගැතියි

අමිල නුවන් මධුසංඛ

පරිසරය ආරක්‍ෂා කිරීම සම්බන්ධව මිනිසාගේ වගකීම.

පරිසරය ආරක්‍ෂා කිරීම සම්බන්ධව මිනිසාගේ වගකීම.

ස්වභාවික පරිසරය සමගින් මිනිසට තිබෙන බැදීම අපට කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකිය. මිනිසා මේ මිහිමත පය තැබූ දා පටන් මේ දක්වා ස්වභාවික ලෝකය සමඟ අන්තර් ක‍්‍රියා කරමින් ජිවත් වෙයි. අපගේ ජිව විද්‍යාත්මක පැවැත්මට අවශ්‍ය කරන මූලික දේ වන සුළඟ ජලය සූර්යාලෝකය වර්ෂාව යන මේ සියල්ල සොබා දහමේ දායාදයන් ලෙස නම් කිරීම අසාධාරණ නොවේ. මිනිසාට පමනක් නොව ලොව කිසිදු සත්ත්වයකුට ඉහතින් දැක් වූ සම්පත් නොමැතිව පැවැත්මක් ගැන කථා කළ නොහැකි ය. මේ අනුව මිනිසා සහ ඔහු ජිවත්වන ස්වභාවික පරිසරය අතර අවියෝජනීය සම්බන්ධයක් පවතින බව පෙනී යයි. 
උක්ත කාරණා නිසාවෙන්ම පරිසරය ආරක්‍ෂා කිරීම සම්බන්ධව මිනිසාට වගකීමක් නොව යුතුකමක් ඇත. මිනිසා රැුකෙන්නේ පරිසරය රැුකුනොත් පමනකි. එපමනටම පරිසරය හා මානවයා අතර ඇත්තේ නොබිඳිය හැකි බැඳීමකි. සබඳතාවයකි. මිනිසා තමා වටා ඇති සියළුම භෞතික අභෞතික දෑ පරිසරය ලෙස හදුනාගන්නා අතර පරිසරය අසීමිතව තම පැවැත්ම උදෙසා ප‍්‍රයෝජනයට ගනී. පරිසරය නම් සම්පතද ක්‍ෂය වීම සාමාන්‍ය සිදුවීමකි. ක්‍ෂය වන්නේ පාරිසරික සම්පත් පමනක් යැයි සිතා මානවයාට තම සිත රවටාගත නොහැකිය. මන්ද යත් එ් හා සමගම මානවයාගේ පැවැත්ම ද  තීරණය වන බැවිනි. පාරිසරික දායාද අපේ සහෝදර සහෝදරියන් ලෙස ලේ බැඳීමකට සියැටල් සමාන කළ ද අප එ් ලේ බැඳීම පළුදු කොට හමාරය. මිනිසා හා පරිසරය අතර ඇත්තේ වෙන් කළ නොහැකි සබඳතාවයකි. මිනිසා මුළුමනින්ම පරිසරයෙන් යැපෙන අතර ඔහු බොහෝ පාරිසරික වෙනස්කම් ද ඇති කරයි.
පරිසරයේ පවතින අපද්‍රව්‍ය අවශෝෂණය කිරීමේ ගුණය එනම්, ජිව ක‍්‍රියාවලිය හා ආර්ථික ක‍්‍රියාවලිය තුළින් මානවයා නිපදවන අපද්‍රව්‍ය පරිසරයට අවශෝෂණය කරගනී. උදාහරණ ලෙස මිනිසා හා සතුන් නිපදවන කාඉන් වායුව පරිසරයේම ඇති සංඝටකයක් වන ශාක මගින් අවශෝෂණය කර ගැනීම දැක්විය හැකිය. මෙබදු විශාල කාර්යයන් රැුසක් පරිසරය හා මිනිසා අතර අන්තර්සබඳතාව ශක්තිමත් කරනු වස් පරිසරය පැත්තෙන් ඉටුවන බව පෙන්වා දිය හැකිය. නමුත් පරිසරයේ ඇති මෙම හැකියාවට සීමාවක් පවතින අතර අපද්‍රව්‍ය නිපදවීමේ සීඝ‍්‍රතාවය පරිසරයේ අවශෝෂණ ධාරිතාවය ඉක්මවා යාමෙන් මෙම තුලනය බිඳවැටිය හැකි බව පරිසර විද්‍යාඥයන්ගේ මතය වේ.
මිනිසාට කිසිදුවිටක ස්වභාවික පරිසරයට බලපෑම් කළ නොහැකිය. මන්දයත් මිනිසාද සොභාදහමේම නිපැයුමක් වන බැවිනි. මිනිසාගේ සෑම ක‍්‍රියාවක්ම රැුදී පවතින්නේ පරිසරය පවතින තාක් පමනකි. එබැවින් වර්තමානය පිළිබඳව පමනක් නොව අනාගත පරම්පරාව ගැනද අවදානය යොමු කරමින් පරිසරය ආරක්‍ෂා කර ගැනීම මිනිසා සතු කාර්යයකි.

අමිල නුවන් මධුසංඛ

පරිසර නීති උල්ලංගනය කරන අවස්ථා.

kln.ac.lk
පරිසර නීති උල්ලංගනය කරන අවස්ථා.


දිනෙන් දින සංවර්ධනය කරා ගමන් කරන ලෝකය ඒ සඳහා අසීමිත ලෙස පාරිසරය භාවිත කරණු ලබයි. මේ අනුව පරිසර දුෂණයද විවිධ පැතිකඩ ඔස්සේ සිදුවෙමින් පවතී. මෙලෙසින් දිනෙන් දින සිදුවන පරිසර හානිය අවමකර ගැනීමට පරිසර නීතිය දායක කර ගත හැකිය. ජාතික සේම ජාත්‍යන්තර වශයෙන්ද පවතින පරිසර නීතිය පරිසරය ආරක්‍ෂාකර ගැනීමට සහාය කර ගත හැකිය. පවත්නා පාරිසරික ගැටළු අවබෝධ කර ගැනීමට සහ පරිසරය ආරක්‍ෂාකර ගැනීමට අදාල ප‍්‍රතිපත්ති ඇතුලත් නීති මාලාවක් සෑම රටකම පාහේ දැක ගත හැකිය. නමුත් අවාසනාවට කරුණක් වන්නේ ලෝකයේ බොහෝ රටවල පරිසරය ආරක්‍ෂා කිරීමට බිහිකර ඇති සංවිධාන විසින්ම පරිසර නීති උල්ලංගනය කිරීමයි. මෙය බරපතල තත්වයකි. විශේෂයෙන්ම කාර්මික සංවර්ධනයේ ඉහළින්ම සිටින රටවල් සේම සංවර්ධනය කරා වේගයෙන් ගමන් කරන රටවල් තුල ද මෙම තත්ත්වය වැඩිවශයෙන් දැකගත හැකිය. වාණිජ ලෝකයේ සංවර්ධනය කරා යන ගමනේදී ඔවුන් පරිසරය අමතක කර දමයි. පාරිසරික සංවර්ධනය ද රටක සංවර්ධනය මනින එක් මිනුම් දණ්ඩක් බව ඔවුන්ට අමතක වූ සෙයකි. 
නිදසුන් ලෙස ගත් කල පසුගිය කාලයේ සිදු වූ ජපානයේ කුකුෂිමා න්‍යෂ්ඨික බලාගාර විධාරනය දරුණු පාරිසරික ගැටළුවක් විය. ලෝක පරිසර නීතිය විසින් එයට බලපෑම් කලද එම බලපෑම් නොතකා එය අදටත් ක‍්‍රියාත්මක වන ආකාරයක් දැකගත හැකිය. එසේම ඇමරිකාව රුසියාව ඉරාකය වැනි රටවල් නිරන්තරයෙන් න්‍යෂ්ඨික අවි අත්හදා බැලීමට පෙළඹී සිටියි. මේ හේතුවෙන් ස්වභාවික පරිසරයට පමනක් නොව මානවයාට ද සිදුවන බලපෑම තක්සේරු කළ නොහැක. මේ සඳහාද තහනම් නියෝග පැනවී තිබුනත් ඔවුන් ඒවා නොතකමින් කටයුතු කරනු දැකගත හැකිය. ජාත්‍යන්තරික වශයෙන් ගත් කල දුර්ලබ සත්ව ඝාතනයන් මෙන්ම අක‍්‍රමවත් ඉන්ධන ප‍්‍රවාහනය නිසා සාගර ජලයට ඉන්ධන එකතු වීමෙන් සාගර පරිසර පද්ධතිය විනාශවීම ද දරුණු පරිසර ගැටළුවකි. 

අමිල නුවන් මධුසංඛ

පරිසර සංරක්‍ෂණයට නීති අවශ්‍යමද ?

පරිසර සංරක්‍ෂණයට නීති අවශ්‍යමද ?

අපට පූජනීය වස්තුවක් වන මෙම භූමියේ ඇළ දොළ දිගේ පළිඟු කැට මෙන් දිදුළමින් ගලා බසින ජලය නිකම්ම දිය දහරක් නොව අපේ මුතුන් මිත්තන්ගේ රුධිරය යැයි සියැටල් කීහ. නමුත් වර්තමානය වන විට සමස්ථ ලෝකයම දරුණු පාරිසරික අර්බුධයකට මුහුණදී සිටියි. මේ සියල්තටම බලපාන්නේ මානව ක‍්‍රියාකාරකම් ය. මානවයා අතින් සිදුවන පරිසර විනාශය හේතුකොට ගෙන ගෝලීය උෂ්ණත්වය ඉහළ යයි. වායුගෝලය උණුසුම් වීම නිසා සිදුවන විනාශය මෙතෙකැයි කිව නොහැක. ස්වභාවික ජල උල්පත් සිදී යාම ර්‍ණ හිම කඳු දියවීම ර්‍ණ සාගර ජල මට්ටම වැඩිවීම ර්‍ණ අහිතකර වායූන් ආදී සියල්ලක්ම එහි අනිසි ප‍්‍රතිඵලයි. 
මේ සියල්ල සිදුවන්නේ මානවයා සීමාවක් නොමැතිව අසීමාන්තික ලෙස පරිසර සම්පත් පරිහරණය කිරීම හේතුකොටගෙනයි. පරිසර නීති ඇතිකර තිබෙන්නේ මානවයා අතින් සිදුවන මෙවැනි වැරදි පාලනය කිරීම සඳහායි. නීතිය යනු අධිකාරී බලය පදනම් කරගත් පුරවැසි චර්යාව පාලනය කිරීම සඳහා රාජ්‍ය මගින් ක‍්‍රියාවට නංවන රෙගුලාසි වේ. තම ආත්මාර්ථකාමී හැගීම් පසෙකලා යමෙක් තම හදවතින් පරිසර සංරක්‍ෂණයට නීති අවශ්‍යමදැයි විමසුවහොත් ඔහුට ලැබෙනුයේ නැත යන පිළිතුර පමනකි. මන්ද යත්  ඕනෑම පුද්ගලයකු තම ආකල්ප නිවැරදි ආකාරයට මෙහෙයවා ගතහොත් වර්තමානයේ පරිසර දුෂණයට නීති අවශ්‍ය නොවේ. කල යුත්තේ ආකල්පමය වෙනසක් ඇතිකර ගැනීමයි.
අප අතීතමුතුන් මිත්තන් පරිසරය දේවත්වයේ ලා සැළකූහ. එතුලින් පරිසර සංරක්‍ෂණය ඉබේම සිදුවිය. ඔවුන්ගේ සමස්ථ ජ’විතයම රැුදී තිබුනේ පරිසරය තුලයි. ඔවුන් අතර පැවති අන්තර් සබැඳියාව කෙතරම්ද යත් කිසි ලෙසකින්වත් පරිසර හානියක් සිදු නොවීමෙන් පෙනී යයි. වර්තමාන මිනිසා තම සංවර්ධන ක‍්‍රියාවලියේදී පාරිසරික සම්පත් භාවිත කරන විට පරිසරයට හානියක් නොවන ලෙසට කටයුතු කරයි නම් මෙලෙස නීති පනවමින් නීති අලූත් කරමින් කාලය කා දැමීමට සිදු නොවනු ඇත. සිදුවිය යුත්තේ පුද්ගලයා තුල ස්ව්‍යං ශික්ෂණයක් ඇතිකර ගැනීම පමනකි. තමා පිළිබඳව පමනක් නොව තම අනාගත පරපුර ගැනද සිතන්නට හැකිනම් මෙය අද ගැටළුවක් නොවනු ඇත.
නීතියට කළ හැක්කේ පුද්ගල භාහිර චර්යාව පාලනය කිරීම පදනකි.  අධ්‍යාත්මයට එම නීති අදාල නොවේ. අධ්‍යාත්මය පාලනය වන්නේ ස්ව්‍යං විනයෙනි. හදවතින් වැඩකරන මිනිසුන්ට ගහට කොළට ඇළට දොළට ආදරය කරන්නට නොහැකියාවක් නැත. එබැවින් හදවත් ඇති මිනිසුන් වෙසෙන විශ්වයක පරිසර සංරක්‍ෂණයට අමුතුවෙන් නීතියක් අවශ්‍ය නොවේ. 
අමිල නුවන් මධුසංඛ

ඔයාමයි පේන්නේ

kln.ac.lk
ඔයාමයි පේන්නේ










නෙතු ගැහෙන කඳුළු එන
ඒ අදුරු අතීතේ
පෑරුවත් සිත් හීන දකින හැම ඇසිල්ලේ
පේනවා දකිනවා බලන අත නිදැල්ලේ
ඔයාමයි මගේ හිත හිමින් පාරවන්නේ
ඒත් නෑ දුකක් දැන්
හද කොනේ පිපෙන්නේ
ශක්තියක් තමයි මට
ඔය රිදුම් ගෙනෙන්නේ
පෙනි පේනී නොපෙනෙනා මිරිඟුවක්
මිරිඟුවක් වාගේම සැබෑවක්
මට ගේන මගේ හිත පාරවන
නුඹ නමට මා නෙළු මල් මිටක්

-අමිල නුවන් මධුසංඛ-