kln.ac.lk
අන්ධ යුවතිය
ධවල භීෂන දෝංකාරය
රුධිර හැලෙනා උන්ඩ වරුසාවේ
දෑස් දල්වා බලා උන්නා
ඇය ඉදිරිපිට මැරී වැටුනා
කොහෙද කොතැනද උරුම යුක්තිය
අන්ධ යුවතිය කියාපන්
දෑස් බැඳි ඔය අදුරු තිරපට
ලිහාපන් දැන් ලිහාපන්
දෑස් පිරිමැද බලාපන්
සත්‍යයේ හඬ නගාපන්
ආත්මය දියවෙනා සසරක
රුහිරු බල ගෙන නැගීයන්
උරුම කදුළැල්ලේ මතක එපමන නම්
ඇවිත් ඈතට රැගෙන යනු මැන
අයාලේ යන ජිවිතේ සරදම්
අමිල නුවන් මධුසංඛ
අපි සාපේක්ෂව වෙනස්... ජිවිතේ අහන්න දකින්න ලැබෙන හැම දෙයක්ම නිදහසේ බෙදාගන්න අපි ගොඩක් කැමතියි නේද.....?.
Friday, June 26, 2015
Thursday, June 25, 2015
අහිමිව ගිය නුඹ
kln.ac.lk
අහිමිව ගිය නුඹ
මට අහිමි මල් පියුම් පිපිලා
ඈත වැව් නිලි තලාවේ
දුරින් සීතල මට දැනෙනවා
හීන තාමත් තුරුල්ලේ
මේ ගයන්නේ මගේ කවියද
සිතින් විමසූ ඇසිල්ලේ
තවම මං තනි වෙලා වාගෙයි
මෑත කවුළුව සමීපේ
මට අහිමි කවි කම්
නුඹ ගයන පද වැල්
වැරදි වැරදී පැටලි පැටලී
අරුත් සොයනෙමි මං
අමිල නුවන් මධුසංඛ
අහිමිව ගිය නුඹ
මට අහිමි මල් පියුම් පිපිලා
ඈත වැව් නිලි තලාවේ
දුරින් සීතල මට දැනෙනවා
හීන තාමත් තුරුල්ලේ
මේ ගයන්නේ මගේ කවියද
සිතින් විමසූ ඇසිල්ලේ
තවම මං තනි වෙලා වාගෙයි
මෑත කවුළුව සමීපේ
මට අහිමි කවි කම්
නුඹ ගයන පද වැල්
වැරදි වැරදී පැටලි පැටලී
අරුත් සොයනෙමි මං
අමිල නුවන් මධුසංඛ
Tuesday, June 23, 2015
සාගරේ සේ ආදරෙයි මං...
kln.ac.lk
සාගරේ සේ ආදරෙයි මං...
මං දෝත පෑවාට ආකාසෙ තරු ඒද නෑනේ
ගං ඉවුරෙ උන්නාට රන් මාලූ ගොඩ ඒද නෑනේ
මල් රේණු ඉම්බාට මංගාව මල් නෑනෙ පිපුනේ
මං හීන මැව්වාට ඒ හීන රහසේම සැඟවේ
හිස් වාතලයේ හිත පාවෙනවා
හිරිමල් හීනෙ උන්නත් නිඹදේ
මගෙ ජිවිතයේ ලියවී නැහැ ආදරේ
කිමද නොහැගේ
ඇල් හීතල පවනැල්ලේ
පෙම්වත් ගී මුමුණන්නේ
ආදරයේ සුවඳයි විහිදෙන්නේ
මේ සීතල පවනැල්ලේ
කොයිබද නුඹ දිවයන්නේ
ආදරියේ නුඹවයි මා සොයන්නේ
අමිල නුවන් මධුසංඛ
සාගරේ සේ ආදරෙයි මං...
මං දෝත පෑවාට ආකාසෙ තරු ඒද නෑනේ
ගං ඉවුරෙ උන්නාට රන් මාලූ ගොඩ ඒද නෑනේ
මල් රේණු ඉම්බාට මංගාව මල් නෑනෙ පිපුනේ
මං හීන මැව්වාට ඒ හීන රහසේම සැඟවේ
හිස් වාතලයේ හිත පාවෙනවා
හිරිමල් හීනෙ උන්නත් නිඹදේ
මගෙ ජිවිතයේ ලියවී නැහැ ආදරේ
කිමද නොහැගේ
ඇල් හීතල පවනැල්ලේ
පෙම්වත් ගී මුමුණන්නේ
ආදරයේ සුවඳයි විහිදෙන්නේ
මේ සීතල පවනැල්ලේ
කොයිබද නුඹ දිවයන්නේ
ආදරියේ නුඹවයි මා සොයන්නේ
අමිල නුවන් මධුසංඛ
පෙරදා මතකයන්...
kln.ac.lk
පෙරදා මතකයන්...
සීතලත් තුරුළු කරන්
ගෙවුණු පෙරදා රැයක
සඳ එළිය දෝරෙ ගියෙ
බොර දියත් මුහු කරන්
තරුත් නැති තනි අහස
මට කියාදුන් රහස
අදත් මට දැනෙනවා
මල් හිනා මවනවා
නිල් අහස හිරු එළිය
ගුරු පාර මල් පිපුණ
මට දෑත් පානවා නුඹට මග කියනවා
ඒ කියන මග දිගේ නුඹව මම හොයනවා
නිර්මාණය :- අමිල නුවන් මධුසංඛ
පෙරදා මතකයන්...
සීතලත් තුරුළු කරන්
ගෙවුණු පෙරදා රැයක
සඳ එළිය දෝරෙ ගියෙ
බොර දියත් මුහු කරන්
තරුත් නැති තනි අහස
මට කියාදුන් රහස
අදත් මට දැනෙනවා
මල් හිනා මවනවා
නිල් අහස හිරු එළිය
ගුරු පාර මල් පිපුණ
මට දෑත් පානවා නුඹට මග කියනවා
ඒ කියන මග දිගේ නුඹව මම හොයනවා
නිර්මාණය :- අමිල නුවන් මධුසංඛ
නූතන යශෝදරාවත...
kln.ac.lk
නූතන යශෝදරාවත...
තබන පයට මල් පාවඩ එළීයන්
යනෙන කලට මල් වරුසා වැටීයන්
සුවඳ හමන වදනින් සිත පිරීයන්
සියලූ දනගෙ සෙනෙහස මතු ලැබීයන්
නුගුණ හැමදේම ඉවතට ඇදීයන්
යසස හැමවිටම නුඹහට ලැබීයන්
සිතන සියලූ සැප සම්පත් ලැබීයන්
නුඹේ දිවිය මල් යහනක් උනාදෙන්
ආදර සිහින නුඹ නෙත ඇස ගැටීයන්
තාලය මිහිරි ගීයක්වී වැයීයන්
සීතල සෙනෙහසින් නුඹ ඔද වැඞීයන්
ආදර සුළඟ නුඹ දෙසටත් හමාපන්
දිනක නුඹට මා නෙතු මුණගැසීයන්
මුවට මිහිරි බස් නිතරම ගලාපන්
ලතෙත් බවින් නුඹෙ හඳවත තෙමීයන්
මිතුරන් ලෙසින්වත් අප මුණගැසීයන්
පින්න මලක් පිපුනයි වැව් තාවුල්ලේ
තාලය සොයන ගීයක් ගැයුවයි නිල්ලේ
ආලය ඇවිත් හිනැහුණි මගෙ සිත මුල්ලේ
රිදී හඩක් ඇසුනයි ඒ ඇසිල්ලේ නිර්මාණය :- අමිල නුවන් මධුසංඛ
නූතන යශෝදරාවත...
තබන පයට මල් පාවඩ එළීයන්
යනෙන කලට මල් වරුසා වැටීයන්
සුවඳ හමන වදනින් සිත පිරීයන්
සියලූ දනගෙ සෙනෙහස මතු ලැබීයන්
නුගුණ හැමදේම ඉවතට ඇදීයන්
යසස හැමවිටම නුඹහට ලැබීයන්
සිතන සියලූ සැප සම්පත් ලැබීයන්
නුඹේ දිවිය මල් යහනක් උනාදෙන්
ආදර සිහින නුඹ නෙත ඇස ගැටීයන්
තාලය මිහිරි ගීයක්වී වැයීයන්
සීතල සෙනෙහසින් නුඹ ඔද වැඞීයන්
ආදර සුළඟ නුඹ දෙසටත් හමාපන්
දිනක නුඹට මා නෙතු මුණගැසීයන්
මුවට මිහිරි බස් නිතරම ගලාපන්
ලතෙත් බවින් නුඹෙ හඳවත තෙමීයන්
මිතුරන් ලෙසින්වත් අප මුණගැසීයන්
පින්න මලක් පිපුනයි වැව් තාවුල්ලේ
තාලය සොයන ගීයක් ගැයුවයි නිල්ලේ
ආලය ඇවිත් හිනැහුණි මගෙ සිත මුල්ලේ
රිදී හඩක් ඇසුනයි ඒ ඇසිල්ලේ නිර්මාණය :- අමිල නුවන් මධුසංඛ
Tuesday, June 16, 2015
අන්තර්ජාලය යනු කුමක් ද ?
අන්තර්ජාලය පිළිබඳව විවිධ උගතුන් විසින් විවිධාකාරයෙන් නිර්වචනය කර ඇත. අන්තර්ජාලය යන වචනය සෑදී ඇත්තේ ඉන්ටර් කනෙක්ටඞ් නෙට්වර්ක් යන්න කෙටි වීමෙනි. ලෝකප‍්‍රකට වෙබ්ස්ටර් ශබ්දකෝශය දක්වන පරිදි අන්තර්ජාලය යනු, කුඩා ව්‍යාපාරික, අධ්‍යාපනික, රාජ්‍යමය ජාලයන්ගෙන් සෑදුන විශාල පරිගණක ජාලයක් වෙයි. එසේම අන්තර්ජාලය යනු පරිගණක ජාල, පරිගණක වැඩසටහන්, තොරතුරු හා ඒවා භාවිත කරන අය යන කොටස් වල එකතුවයි. එය තවත් එක් නිර්වචනයකි. අන්තර්ජාලය යනු කුමක්දැයි විස්තර කරන සයිබර් වෙබ් අඩවිය අන්තර්ජලයේ මූලික ලක්‍ෂණ 09 ක් පෙන්වා දෙයි. එනම්,
- මාධ්‍ය ජාලයක එකමුතුවකි
- අධ්‍යාපනික හා මූලාශ‍්‍ර සාගරයකි
- විනෝදයට හා සතුටට මගකි
- ලොව වටා සිටින ඔබේ මිතරු මිතුරියන්ට කථා කිරීමට මගකි
- ව්‍යාපාරික හා අධ්‍යාපනික නිබන්ධනයකට හෝ පර්යේෂණයකට තෝතැන්නකි
- දුකට කරදරයට පිහිටකි
- වෘත්තීයමය වශයෙන් අත්දැකීම් බෙදා හදා ගත හැකි තැනකි
- ලේඛන හා පුස්තකාල සේවා සපයන්නකි
අන්තර්ජාලය යනු ජනමාධ්‍යයක් නොවේ. ජනමධ්‍ය වාහකයකි. වර්තමානයේ සෑම ජනමාධ්‍යයකම පාහේ වේගවත්ම වාහකයා වී සිටින්නේ අන්තර්ජාලයයි. පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය යන සෑම මාධ්‍යයකටම මෙය පොදු තත්ත්වයකි. උදෑසන අවදිවී තම පරිගනකය අසල වාඩිගත් සැනින් බොත්තම තද කල පසු ලොව ඕනෑම පුවත්පතක් කියවීමේ අවස්ථාව ද ලොව ඕනෑම නාලිකාවක් නැරඹීමේ අවස්ථාව ද ගුවන් විදුලියකට සවන්දීමේ අවස්ථාව ද අන්තර්ජාලය නිසා හිමි වෙයි.
අන්තර්ජාලය නිසා අද වන විට ජනමාධ්‍ය පෞද්ගලික මාධ්‍යයක් බවටම පත්ව තිබෙයි. ජීවත්වීමට අවශ්‍ය සියලූම භාණ්ඩ හා සේවා අන්තර්ජාලයෙන් ඇණවුම් කරගත හැකි තත්ත්වයක් මත සියලූම අධ්‍යාපනික හා ව්‍යාපාරික කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදු කරගත හැකි තත්ත්වයක් තුල මෙය වැළැක්විය නොහැකි තත්ත්වයක් බවට පත්ව තිබෙයි. අන්තර්ජාලයට පාලකයෙක් නැත. එය නිදහසේ තොරතරු ගලා යන මාධ්‍යයකි. එබැවින් ලොව ඕනෑම පුද්ගලයකුට රටකට හෝ සංවිධානයකට ඒ සඳහා තොරතුරු එක් කළ හැකිය. තම ස්වාධීන මතය ඒ ඔස්සේ ලෝකය පුරා ව්‍යාප්ත කළ හැකිය. එය අන්තර්ජාලයට පමනක් සුවිශේෂී කාරණාවකි.
සටහන :- අමිල නුවන් මධුසංඛ
නීතිය යනු කුමක් ද ?
නීතිය යනු කුමක් ද ?
නීතියේ ස්වභාවය විවිධාකාරයෙන් විග‍්‍රහ කොට තිබෙයි. සංවිධිත සිවිල් සමාජයක් තුල මිනිසුන්ගේ පොදු පැවැත්ම පාලනය කිරීම සඳහා රාජ්‍ය මගින් පනවන අණ පනත් වල දැක්වෙන කොන්දේසි නීතිය ලෙස පොදුවේ සළකනු ලැබේ. නීතිය යනු කුමක්ද යන්න නිර්වචනය කිරීමේදී ඇරිස්ටෝටල් දක්වන්නේ ආශාවන්ගෙන් බලපෑම් නොලත් තාර්කික බුද්ධිය නීතිය වන බවයි. එනම් නීතිය යනු තාර්කික බුද්ධියේ උත්තරීතර ප‍්‍රතිඵලයකි. යුක්තිය පරිපාලනය කිරීම සඳහා රාජ්‍ය මඟින් පනවනු ලැබූ සහ ක‍්‍රියාවට නංවන රෙගුලාසි පද්ධතිය නීති ලෙස හැදින්විය හැකි බව ස්මන්ඞ් නමැත්තා දක්වයි. නීතිය යනු ස්වාධිපතිගේ ආඥාවක් බව තෝමස් හොබ්ස් සහ ජෝන් ඔස්ටින් දක්වා තිබේ. මේ අනුව නීතිය යනු අධිකාරී බලය පදනම් කරගත් පුරවැසි චර්යාව පාලනය කිරීම සඳහා රාජ්‍ය මගින් ක‍්‍රියාවට නංවන රෙගුලාසි වේ. හොලන්ඞ් පෙන්වා දෙන ආකාරයට ස්වාධිපත් බලය සහිත දේශපාලන බල අධිකාරිය විසින් මිනිසාගේ බාහිර ක‍්‍රියාවන් පාලනය කිරීම සඳහා ක‍්‍රියාවට නංවන රෙගුලාසි නීති ලෙස සැලකිය හැකිය.
නීතියෙහි දැකිය හැකි විශේෂ ලක්‍ෂණය වන්නේ බල කිරීම මඟින් පුද්ගල අවනතභාවය ලබා ගැනීමට එයට ඇති හැකියාවයි. විශේෂයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් තුල ජනතා කැමැත්ත ප‍්‍රකාශ වන්නේත් ක‍්‍රියාවට නැගෙන්නේත් නීතිය මගිනි. නීතිය නොමැති තැන්වල අධිකාරී තත්ත්වයක් ඇති වේ. නීති කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වේ. නීති පොදු සමාජ යහපත අරමුණු කොටගෙන පැනවිය යුතු වේ. නීති නිරවුල් සහ පැහැදිලිව දැක්විය යුතුය. එසේම වෙනස් වන සමාජ ආශාවන් හා අවශ්‍යතාවන් අනුව නීති වෙනස් විය යුතුය. සිරිත් විරිත්, ආගම, අධිකරණ තීරණ, නීති විශාරදයින්ගේ මත සහ යුක්තිය යන මූලාශ‍්‍රයන්ගෙන් ද නීති පැන නැගේ.
සටහන :- අමිල නුවන් මධුසංඛ
Subscribe to:
Posts (Atom)