දොරකඩ අස්න

Thursday, August 27, 2015

ඇත්ත දන්නෙ මම විතරයි. කවුරුවත් නිවැරදි කරන්න මට වුවමනාවක් නෑ...

kln.ac.lk
ඇත්ත දන්නෙ මම විතරයි. කවුරුවත් නිවැරදි කරන්න මට වුවමනාවක් නෑ...
එමා වොට්සන් 


තාරුණ්‍යය නියෝජනය කරන හොලිවුඞ් ලෝකයේ එමා වොට්සන් කියන්නෙ මේ දවස් වල ලොකු ඉල්ලූමක් තියෙන හැඩකාර කෙල්ලෙක්. ලංකාවෙ කිසිම කෙනෙක්ට එමාව නුපුරුදු චරිතයක් නම් වෙන්න බැහැ. මොකද කිව්වොත්  ඕනිම පුංචි දරුවෙක් පවා එයාව හොදට අදුනනව. ඒ හැරී පෝටර් චිත‍්‍රපට මාලාවේ එන හමයිනී ගේ‍්‍රන්ජර් කියන චරිතය නිසා. ඒ දවස්වල එමා පුංචි කෙල්ලෙක් වුනාට දැන් එයා තාරුණ්‍යයේ හිනිපෙත්තෙමයි ඉන්නෙ. එමාට ඇත්තටම වයස අවුරුදු 25 යි. ඒ වයසට කිසිම කෙල්ලෙකුට ලබාගන්න නොහැකි ගොඩක් දේවල් තමන්ගෙ ජිවිතේට එකතුකරගන්න එයාට හැකිවෙලා තියෙනව. 

හැරී පෝටර් චිත‍්‍රපට මාලාවේ සමස්ත චිත‍්‍රපට 8 ක් වෙනුවෙන් තමන්ගෙ රංගන කුසලතාවන් එකතු කරපු එමා සිනමාවට පිවිසුනේ 2001 වසරේදී. ඊට අමතරව එමා මයි වීක් විත් ම දිස් ඊස් ද එන්ඞ් කියන චිත‍්‍රපට වලත් සුපිරි රංගනයන් ඉදිරිපත් කළා. තරුණ කෙල්ලෙක් හොලිවුඞ් වලට ආවට පස්සෙ කටකතා වලින් ගැලවෙන එකනම් ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි. එමාටත් වුනේ ඒකම තමයි. එයාගෙ නමත් එක්ක මුලින්ම පැටලූනේ හැරී පෝටර් චිත‍්‍රපට මාලාවේ පෝටර්ගේ චරිතය රඟපාපු ඩැනියෙල්  එක්ක. ඒ විතරක් නෙවෙයි රූපට් ග‍්‍රිනිට් එක්කත් එමාගෙ සම්බන්ධයක් තියනව කියලයි ඒ දවස් වල කටකතා පැතිරුනේ. ඒ කතාවනම් බොරුවක් නෙවෙයි කියල මෑතක් වෙනකම්ම අපිට දැකගන්න පුළුවන් වුනා. පස්සෙ කාලෙක එමා තමන්ගෙ කැම්පස් එකේ ලස්සනම කොල්ලෙක් එක්ක සම්බන්ධ වුනා. ඒ විල් ඇඩම් වයිස්. වැඩි කාලයක් නොතිබුණු මේ සම්බන්ධය කෙළවර වුනේ කැම්පස් එකේම රග්බි ක‍්‍රීඩකයෙක් වන මැට් ජෙනී එක්ක සම්බන්ධ වුනායින් පස්සෙයි.

මොනව වුනත් එමා කියන්නෙ හොදට ඉගෙනගත්තු තරුණ කෙල්ලෙක්. ඒ අතින් එමා මුළු ලෝකෙටම ආදර්ශයක් දෙනව. එයා කිසිම වෙලාවක තමන් ගැන විතරක් හිතල කටයුතු කළේ නෑ. තරුණ වයසෙ හිටියත් එමා එක්සත් ජාතීන්ගේ මහ සමුළුවක් ඇතුලෙ කතා කරන්නත් වාසනාව ලබපු කෙනෙක්. කාන්තා අයිතිවාසිකම්, කාන්තා ලිංගික සූරාකෑම්, ලිංගික සුරක්‍ෂිතභාවය ගැන මුළු ලෝකෙටම ඇහෙන්න කතා කරන්නත් එමාට පුළුවන් වුනා. එමා කියන්නෙ නිළියක් විතරක්ම නෙවෙයි. එයා දක්‍ෂ නිරූපිකාවක්. ප්ලේ බෝයි සඟරාවෙ විතරක් නෙවෙයි සුප‍්‍රසිද්ධ ෆැෂන් සඟරා වලත් එමාගෙ රුව නිතර දකින්න පුළුවන්. පහුගිය කාලෙ එමා වොට්සන් අන්තර්ජාලය තුළ පුවත් මවන්නියක් වෙලා හිටිය. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි. එයාගෙ නිරුවත් ජායාරූප රැුසක්ම අන්තර්ජාල වෙබ් පිටුවක පලවෙලා තිබුණු නිසා. ගොඩක් අය මේ ගැන එමාට චෝදනා කරන කොට එයා අනුගමනය කළේ නිහඩ පිළිවෙතක්. හැබැයි එක් අවස්ථාවක එමා එයාගෙ නිළ ෆේස් බුක් පිටුවෙ මෙහෙම ප‍්‍රකාශයක් කරල තිබුන.

”මම කිසිම දෙයක් ගැන කලබල වෙන්නෙ නෑ. මට කණගාටුවක් තියෙන්නෙ මගෙ දෙමාපියන් ගැනයි. මම තවමත් එයාල යටතේ ඉන්න කෙනෙක්. එයාල මේ ගැන ගොඩක් හිතනව. ඇත්ත දන්නෙ මම විතරයි. කිසිවක් නිවැරදි කරන්න මට වුවමනාවක් නැහැ”
එමාගෙ ජිවිතේ එයා කවදාවත්ම පරාද වෙන්න සූදානම් චරිතයක් නෙවෙයි. කරන හැම දෙයක්ම පිළිවෙලට කරන්න උත්සාහ කරන එමා ආදරේදිනම් ටිකක් නිශ්ෂබ්ද චරිතයක්. ඒ ගැන එයා කියන්නෙ මෙහෙම දෙයක්,
”ආදරේ කියන්නෙ හැංගිලා කරන්න  ඕනි දෙයක් නෙවෙයි. ඒත් ඒක හැමෝටම පේන්න කරන්න   ඕනි දෙයකුත් නෙවෙයි.  ඕනිම කෙනෙක්ට නිදහසක් තියෙනව. පෞද්ගලිකත්වයක් තියෙනව. ඒ නිසා මම නිතරම මගේ පෞද්ගලිකත්වය මාධ්‍යයෙන් ඈත්කරලයි තියෙන්නෙ” 

එමා වොට්සන් කියන්නෙ ඇත්තටම දක්‍ෂ නිළියක්. එයාගෙ දක්‍ෂතාවන් අපේ රටේ පේ‍්‍රක්‍ෂකයින්ට ඉදිරියේදිත් දැකගන්න පුළුවන්. 2015 වසරේදී චිත‍්‍රපට කිහිපයකින්ම එමාව දැකගන්න පුළුවන් වගේම 2016 වසරේදී කොලොනියා සහ බියුටි ඇන්ඞ් ද බීට්ස් කියන චිත‍්‍රපටි වලින් එමා අපිට දකින්න පුළුවන්. මේ චිත‍්‍රපටි වල එමාගෙ සුපිරි රංගනයක් දැකගන්න පුළුවන් වෙයි කියලයි විචාරකයොනම් කියන්නෙ. කොහොම වුනත් කාලයක් තිස්සෙ හොලිවුඞ් හොල්ලගෙන හිටපු නිළියන්ට එමා වගේ තරුණ කෙල්ලො ඉදිරියේදි හොද අභියෝගයක් වෙයි කියලනම් හොදටම විශ්වාසයි. 

සටහන:- අමිල නුවන් මධුසංඛ

ලන්ඩන් වත්තේ මොනිකා දඩබ්බර කෙල්ලෙක්...

kln.ac.lk
ලන්ඩන් වත්තේ මොනිකා දඩබ්බර කෙල්ලෙක්...
වොල්ගා කල්පනී


තාරුණ්‍යය කියල කියෙන්නෙ කෙනෙක්ගෙ ජිවිතේ හොදම කාලෙ. ඒ කාලෙට නිදහසේ පියාඹල යන්න තියෙනවනම් අපිට වෙන මොනවත් ඕනි නැහැ. වොල්ගා කල්පනී කියන්නෙත් නව පරපුරේ නැගී එන ජනප‍්‍රිය නිළියන් අතර නිදහස්කාමී චරිතයක්. මුතු පලස ටෙලිනාට්‍යයෙන් රංගන චාරිකාව ආරම්භ කරපු වොල්ගා නිර්මාණ සීමිත ප‍්‍රමාණයක රඟපෑවත් මේ වෙනකොට දක්‍ෂතා සපිරි සම්මානනීය ජනප‍්‍රිය රංගන ශිල්පිනියක්. මේ දවස්වල අපිට එයාව අඟුරු සිත්තම් සහ දියණියෝ කියන ටෙලිනාට්‍ය වලින් දැකගන්න පුළුවන්. හරිම මිත‍්‍රශීලී චරිතයක් වන වොල්ගා ගැන අපිට සතුටුදායක ආරංචියක් අහන්න ලැබුන. ඒ තමයි එයා ලගදීම දවසක විවාහ වෙන්න යනවයි කියල. ඒ අපි දන්න කියන කෙනෙක්ලූ. මේ හැමදෙයක් වගේ්ම එයාගෙ පෞද්ගලික ජිවිතේ ගැනත්, වෘත්තීය ජිවිතේ ගැනත් දැනගන්න එක්කම අපි වොල්ගත් එක්ක දොඩමළු වුනා...

කොහොමද වොල්ගා මේ දවස්වල ජිවිතේ...?
ජිවිතේ ගොඩක් සුන්දරයි. සුපුරුදු සැහැල්ලූවෙන් සන්තෝෂයෙන් කාලය ගතකරනව මේ දවස්වල.

අලූත් වැඩ කටයුතු එහෙම මොනවද ඉතින්...?
දැනටනම් රවීන්ද්‍ර විජේරත්න මහතාගේ දියණියෝ ටෙලිනාට්‍යයේ රූගතකිරීම් වලට සම්බන්ධ වෙනව. ඒ වගේම මේ මාසෙ අගදි විතර අලූත් ටෙලිනාට්‍යයේ වැඩ පටන්ගන්නව.

පවුලෙ විස්තරත් කියමුකො බලන්න...
මගේ පවුලෙ අම්මයි, තාත්තයි, අක්කයි, මමයි විතරයි ඉන්නෙ. අක්ක දැන් විවාහවෙලා. එයාට දරුවො දෙන්නෙක්ම ඉන්නව.

පාසැල් ජිවිතේ ගැන කතාකළොත් එහෙම...
මම මුලින්ම කඳාන සෙබෙස්තියන් විද්‍යාලයට ගියා. පස්සෙ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට යන්න ලැබුණ. ඇත්තටම පාසැල් කාලෙ හරිම සුන්දරයි කීවොත් හරි.

ඔබ කලාවට පිවිසුනේ කොහොම ද...?
පාසැල් කාලෙදිමයි ඒක සිදුවුනේ. ඒ කාලෙ විජිත පේ‍්‍රමප‍්‍රිය ගුරුවරයා යටතේ රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට අපි පාසලෙන් නාට්‍ය ඉදිරිපත් කළා. එතනදී හඳුනාගත් ප‍්‍රතිභා අයිය මාව රූපවාහිනියෙ අතුරු මිතුරු වැඩසටහනට හඳුන්වා දුන්න. ඊට පස්සෙ මට සිරස රන් සිත් යාය, අයි.ටී.එන් දේදුණු හැන්දෑව, දෙරණ ලිට්ල් ස්ටාර් වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණ. පස්සෙ කාලෙක ස්වර්ණවාහිනී ආයතනයේ වැඩසටහනක් කරනකොට බුද්ධික කුලසේකර මහතා කරපු ආරාධනයකින් තමයි මම රංගනයට සම්බන්ධ වෙන්නෙ. ඒ ජයප‍්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ මුතු පලස ටෙලිනාට්‍යයෙන්. 

ලඟදීම කසාද බඳින්න යනව කියල ආරංචියි...
කසාද බඳින්නනම්  ඕනි. ඒත් ලගදිම නෙවෙයි. ලබන වසරේදී තමයි විවාහ වෙන්න හිතාගෙන ඉන්නෙ.


එයත් කලාවටම සම්බන්ධයි කියලයි අපිටනම් ආරංචි...
ඔව් එයත් කලාවට සම්බන්ධ මේ දවස්වල ගොඩක් ජනප‍්‍රිය චරිතයක්නම් තමයි. දැනට ඒ ඇතිනෙ. කවුද කියල පස්සෙ කියන්නම්.

එයා වෙනත් නිළියො එක්ක රඟපානකොට බයක් නැද්ද ඔයාට...?
මම එයාව දන්නෙ දැනට වසර දහසයකට කලින්. එයා මගේ පුංචි කාලෙ ඉදන් යාළුවෙක්. ඇත්තටම එයා මට පුදුම විඳිහට ආදරෙයි. ඉතින් ඇයි මම එයාව සැක කරන්නෙ..කොටින්ම කීවොත් එයා ඓශ්වර්යා එක්ක රඟපෑවත් මට කිසිම බයක්වත් සැකයක්වත් නෑ. ඇත්තමයි...

ඔබ දැන් සම්මානනීයයි නේද...?
ඇත්තටම ඒක ලොකු වාසනාවක්. මෙවර සුමති සම්මාන උළෙලේදී ඒ සම්මානය ලැබුනෙ මම ප‍්‍රධාන චරිතයක් කරපු පළමු ටෙලිනාට්‍ය වන කොළඹ අහසේ චතුරි වෙනුවෙන්. ඒක මට ගොඩක් විශේෂයි.

දියණියෝ සහ අඟුරු සිත්තම් චරිත ගැනත් කතාකරමු...
අඟුරු සිත්තම් වල ලන්ඩන් වත්තේ මොනිකා කියන්නෙ ටිකක් වෙනස් ආකාරයේ දඩබ්බර චරිතයක්. මුලදි වැරදි කරල පස්සෙ පසුතැවෙන කෙනෙක්. දියණියෝ නාට්‍යයේ ටික්කි ගොඩක් ජනප‍්‍රියයි. සාමාන්‍ය ගෑනු ළමයෙක් නොකරන විදිහෙ වැඩ තමයි එයා කරන්නෙ. හැබැයි ගොඩක් ආදරනීය චරිතයක් තමයි.

ක්‍ෂේත‍්‍රයේ අනෙක් නිළියො අභියෝගයක් නෙවෙයිද...?
මම හිතන්නෙ හැමෝම අභියෝගයක් කියල තමයි. මට වඩා ප‍්‍රවීන අයත්, මගේ සමකාලීන අයත්, අලූතෙන් එන අයත් මම හිතන්නෙ අභියෝගයක් විදිහට. එතකොට මට තවත් හොදට වැඩ කරන්න පුළුවන්.

ආදරේ හංගගෙන ඉන්නද කල්පනාව...?
ක්‍ෂේත‍්‍රයේ අයනම් ගොඩදෙනෙක් දන්නව අපේ සම්බන්ධය. අපි නිතරම වගේ එළියට යන්නෙ එකටමයි. ඒත්  හැමෝම දැනගත්තොත් අගයක් නැතිවෙනවනෙ. ඒ නිසා විවාහය ලන්වෙලාම පේ‍්‍රක්‍ෂකයින්ට කියන්නයි හිතාගෙන ඉන්නෙ. ඔයාලටත් කියන්නම්කො එතකොට.

විවාහයෙන් පස්සෙත් රඟපානව ද...?
ඔව්.. විවාහයයි රඟපෑමයි පටලගන්නෙ නැතිව ඉදිරියට ගෙනියන්න මට පුළුවනි. රඟපෑමෙන් සමුගන්න අදහසක් නෑ.

මොනවද ඔබේ රසිකයින්ට කියන්න තියෙන්නෙ...?
මම ක්‍ෂේත‍්‍රයට ඇවිල්ල ටික කාලයයි. ඒ වුනත් පේ‍්‍රක්‍ෂකයින් මට ගොඩක් ආදරෙයි. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි වගේම මම මගේ පේ‍්‍රක්‍ෂකයින්ටත් ගොඩක් ආදරෙයි කියල කියන්න කැමතියි...

සංවාද සටහන:- අමිල නුවන් මධුසංඛ

Wednesday, August 26, 2015

තරුණ කෙල්ලො මට පිස්සු වැටිලයි ඉන්නෙ...

kln.ac.lk
තරුණ කෙල්ලො මට පිස්සු වැටිලයි ඉන්නෙ... 
රොබට්පැටින්සන්  

දුටුවන් මනබඳින කඩවසම් දේහ ලක්‍ෂණයන්ගෙන් අනූන තාරුණ්‍යය ඉතිරිලා යන කොල්ලෙක් මේ දවස්වල හොලිවුඞ් වල ජයකෙහෙළි නංවනව. ඒ වෙන කවුරුවත් නෙවෙයි ට්විලයිට් චිත‍්‍රපට මාලාවෙන් රසික සිත් වසගයට ගත් රොබට් පැටින්සන්. වර්තමාන සිනමාවෙ මොනතරම් ඉහළින් හිටියත්, සිනමාව පැත්තෙන් රොබට්ට කිසිම පවුල් පසුබිමක් තිබුනෙ නෑ. ඒත් නිරූපන ශිල්පියෙක්, සංගීත ශිල්පියෙක්, නළුවෙක් වගේම නිෂ්පාදකවරයෙක් විදිහටත් සාර්තකත්වයක් ගොඩනගා ගන්න රොබට්ට පුළුවන් වුනා. රොබට්ට තවමත් වයස 29 යි. පාසැල් වේදිකාවෙන් රංගන චාරිකාව ආරම්භ කරපු රොබට් සිනමාවට පිවිසුනේ හැරී පෝටර් චිත‍්‍රපට මාලාවෙන්. ඒ වුනත් රොබට්ට හොලිවුඞ් වල අයිකන් එකක් වෙන්න පුළුවන් වුනේ ට්විලයිට් චිත‍්‍රපට මාලාවෙන් තමයි. ජනප‍්‍රිය නවකතාවක් පාදක කරගනිමින් නිර්මාණය කළ මේ චිත‍්‍රපට මාලාවේ 2008 සිට 2012 වෙනකන් අඛන්ඩව චිත‍්‍රපටි පහකට සිය රංගනය ලබාදෙන්න රොබට් වාසනාවන්ත වුනා. 


එඞ්වඞ් කූලන් මුළු ලෝකෙම උන්මාදයක් වෙන කොට රොබට් එක රැුයකින් ජනප‍්‍රිය තරුවක් වුනා. හොලිවුඞ් නළුවන් අතර වැඩිපුරම අයකරන නළුවෙක් වෙන රොබට් ටයිම් සඟරාව සහ ෆෝර්බස් සඟරාව විසින් ලොව බලවත්ම පුද්ගලයින් 100 දෙනා අතරටත් පත් කළා. රොබට් ගායකයෙක් විදහට ජනප‍්‍රිය වෙන්නෙත් ට්විලයිට් චිත‍්‍රපට මාලාවෙන්ම තමයි. කවුරුත් නොදන්නව වුනාට රොබට් කියන්නෙ හොද සමාජ සේවකයෙක්. ඒ වගේම එයා මානුෂීය අයිතිවාසිකම් වෙනුවෙන් ජාත්‍යන්තර සංවිධාන වලටත් සම්බන්ධ වෙලා කටයුතු කරනව. පිලිකා රෝගීන් වෙනුවෙන් සහන සේවා සංවිධානයක් පවත්වාගෙන යන රොබට් ඇත්තටම හිත හොද කොල්ලෙක්. 

රොබට් එයාගෙ අම්මගෙ විලාසිතා ආයතනයෙන් තමයි නිරූපන ශිල්පියෙක් විදිහට කරලියට ආවෙ. වැඩිමහල් සහෝදරියො දෙන්නෙක්ගෙ බාල මල්ලි වුණු රොබට් පුංචි කාලෙත් ගොඩක් කඩවසම්. 2008 සිට 2012 වසර වෙනකම් අඛන්ඩව ලොව සරාගීම පුද්ගලයා ලෙස පීපල්ස් සඟරාවෙන් නම් කරපු රොබට් පිළිවෙලට හා ලස්සනට අඳින පළඳින තරුණයා ලෙසත් පේ‍්‍රක්‍ෂක මනාපයෙන් තේරුණා. මේ තරම් කඩවසම් ඉලන්දාරියෙක්ට තරුණියන්ගේ ඇල්ම බැල්මෙන්නම් අඩුවක් වෙන්න බෑ. රොබට්ටත් එහෙමම තමයි. රොබට්ගෙ පෙනුමට තරුණ කෙල්ලො කොයි තරම් වහ වැටිලද කියනවනම් එයත් එක්ක රැුයක් ගතකරන්නත් නොසෑහෙන්න ඇරයුම් ලැබෙනව කියලයි රොබට්නම් කියන්නෙ. 

”මම දන්නෙ නෑ මගේ තියෙන විශේෂත්වය මොකක්ද කියල. ඒ වුනත් තරුණ කෙල්ලො මට පිස්සු වැටිල ඉන්නෙ. මගේ ෆේස්බුක් පිටුවට වගේම ට්විටර් පිටුවටත් දවසකට එන පණිවුඩ වලින් බහුතරයක් මගෙත් එක්ක රැුයක් ගතකරන්න කැමැත්ත ඉල්ලල එවන ඒව. ඒත් මම කොහොමද ඒවට එකඟ වෙන්නෙ. මම දැන් විවාහකයි...”

හොලිවුඞ් නළුවන්ට නිළියන්ට පේ‍්‍රම සම්බන්ධතා වලින්නම් අඩුවක් නෑනෙ. ඒ වගේම රොබට් මුලින්ම සම්බන්ධකමක් පටන් ගත්තෙ ට්විලයිට් චිත‍්‍රපට මාලාවේ ඔහුත් එක්ක රඟපෑ ක‍්‍රිස්ටීන් ස්ටීවන් සමගයි. ඒත් ඒ සම්බන්ධෙ වැඩි කලක් පැවතුනේ නෑ. පස්සෙ කාලෙක රොබට් එයාට ගැලපෙනම කෙනා හොයාගත්ත. එෆ්.කේ.ඒ විවියන් එක්ක රොබට් විවාහ වුනේ 2014 වසරේදී. ඇය ගීත රචිකාවක්, ගායිකාවක් වගේම නර්තන ශිල්පිනියක්. තමන්ගෙ දක්‍ෂතා වලට මේ වෙනකොටත් සම්මාන රැුසක් හිමිකරගත්තු රොබට් හැරී පෝටර් සහ ට්විලයිට් සාගා එකිලිප්ට්ස් වගේ චිත‍්‍රපටි වලින් තමන් කොයි තරම් දක්‍ෂයිද කියල මුළු ලෝකෙටම පෙන්නුව. ඉදිරියේදිත් අපිට රොබට්ගෙ අපූරු රඟපෑම් ඇතුලත් චිත‍්‍රපටි කිහිපයක්ම දැකගන්න පුළුවන්. ක්වීන් ඔෆ් ද ඩෙසර්ට් සහ ලයිෆ්  2015 දී වගේම 2016 දීත් තිරගත වීමට නියමිතයි. අද වගේම ඉස්සරහටත් රොබට්ගෙ හොද හොද සෙල්ලම් අපිට බලාගන්න පුළුවන් වෙයි.

සටහන:- අමිල නුවන් මධුසංඛ

Friday, August 21, 2015

රන් මුතු මැණික් බොරළු වැලි කැට කරනා අධ්‍යාපනය

රන් මුතු මැණික් බොරළු වැලි කැට කරනා අධ්‍යාපනය

උසස් පෙළ යනු මෙරට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ පවතින අතිශය තරඟකාරී මෙන්ම තීරණාත්මකම කඩඉමක් වග නොදන්නා අයෙක් නැත. ගොම රිටි උඩ පාවෙමින් මිණි මුතු යට යන සමාජයක මුතු මැණික් උඩ මතුවී ගොම රිටි යට යන ක‍්‍රමයක් නිර්මාණය වන්නේ උසස් පෙළ කඩයිම් ප‍්‍රතිඵලත් සමගිනි. මෙරට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ නියම සාරය හෙවත් දක්‍ෂයින් අතරින් අති දක්‍ෂයින් අතලොස්සක් උසස් අධ්‍යාපන වරම් හිමිකර ගනිමින් විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කර ගනිති. එය එතරම් පහසු කාර්යයක් නොවේ. සිහිනය යතාර්ථයක් කරගන්නට පිරිසක් සමත් වන විට තවත් පිරිසකට තම සිහිනය අතරමග හැරදමා යන්නට සිදු වෙයි. 

සිය දරුවා විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් බව දැනගත් අසරන මාපියන් සිතන්නේ ඉන්පසු ඔවුන්ගේ ජිවිත සැපවත් වන බවයි. සමස්ත විශ්වයම අතැඹුලක් සේ ඔවුන් අතට පත්වේ යැයි සිතන මාපියන් දකින්නේ සිහිනයක්ම බව පසක් වන්නේ වසර හතරක කලා උපාධි පාඨමාලාව අවසන් වීමටත් මත්තෙනි. එසේ වන්නේ මෙරට සමස්ත අධ්‍යාපන ක‍්‍රියාවලියෙහි පවතින විශිෂ්ටත්වය නිසාවෙන් බව විශ්වවිද්‍යාලයන්හි කලා උපාධිය හදාරන  ඕනෑම විද්‍යාර්තියෙක් දන්නා සත්‍යයයි. ජපනුන් විසින් සිය අධ්‍යාපන ක‍්‍රමය තුලින් ගලවා දමන ලද කසි කබල් අධ්‍යාපන ක‍්‍රමයක් නිසාවෙන් මංමුලාවූ පාලක පන්තිය නුසුදුසු බව දැන දැනත් එය තවමත් මෙරට අනාගතය වෙනුවෙන් ආයෝජනය කරනු ලබයි. 


තමන් සිතූ පරිදි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔස්සේ සිය ජිවිතය ඒකාලෝක කරගන්නට නොහැකි වග අවබෝධකරගන්නා තරුණ ශිෂ්‍ය ප‍්‍රජාවගේ කඩා වැටෙන අසරණ ජිවිත වලට වගකියන්නට කිසිවකුත් ඇත්තේ නැත.
ඔහුට හෝ ඇයට හිමිවන්නේ සදාකාලික පසුතැවීමක් පමනකි. සිය අනාගතය වෙනුවෙන් දකිනා සියුමැළි සිහින දෙපා මුල වැටී විසිරී යන විට ඔවුන්ගේ ආත්ම ශක්තිය දියාරු වී යන්නේ ඔවුන්ටත් නොදැනීමය. පුරා වසර 13 ක් එක්ව අධ්‍යාපනය හැදෑරූ සිය මිතුරන් උසස් පෙළින් පසු විධිමත් වෘත්තීය අධ්‍යාපනයක් ලබා රැුකියාවක නිරතවන විට විශ්වවිද්‍යාලයන්හි කාලා පීඨවල සිසුහු  වේදනා සුසුම්ලන්නේ ඔවුන් කෙරෙහි ඊර්ෂ්‍යාවකින් නොව පවතින අධ්‍යාපන ක‍්‍රමය පිළිබඳව ඇතිවූ කළකිරීමෙනි. බොහෝ බටහිර රටවල තරුණයකු වයස 17 සම්පූර්ණ කරන විට උපාධියක් ලබා ගැනීම දක්වා දියුණු අධ්‍යාපන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වේ. නමුත් මෙරට උසස් අධ්‍යාපනය අවසන් කරන විට තරුණයින්ගේ ජිවිතයෙන් හරි අඩක්ම ගෙවී අවසන්ය. 


ඉන් පසු රැකියාවක් සොයා ගැනීමටත්, ඒ තුලින් ස්ථාවරත්වයක් හිමිකර ගැනීමටත් තව බොහෝ කල් බලා සිටීමට සිදුවේ. ආදරය පවුල් ජිවිතය විවාහය සහ බැඳ’ම් යන සියල්ලක්ම ඔවුන්ගේ ජිවිත වලට බොහෝ ඈතින් පිහිටන නිසා හැගීම් දැනීම් නැති ජාතියක් බිහිවන්නට එයම කමටහනක් වෙයි. මේ අන්දමින් මානසික තැවුලට පත් වෙන මෙරට විශ්වවිද්‍යාල සිසුන්ගේ අනාගත ඛේදවාචකයට වගකියන්නටවත් කිසිවකු ඉදිරිපත් වන්නේ නැත. ඔවුන් නගා සිටුවන්නට ද කෙනෙකු ඉදිරිපත් නොවේ. එසේනම් මේ සියල්ලට වගකියන්නට සිදුවන්නේ මුතු මැණික් බොරළු වැලිකාට කරනා අසාර්ථක අධ්‍යාපන ක‍්‍රමය නොවන්නේ ද ?

සටහන :- අමිල නුවන් මධුසංඛ
   

Thursday, August 20, 2015

ඕනිම නිළියකගෙ ලැජ්ජාව නැති කරන එක මට සුළු දෙයක්...

ඕනිම නිළියකගෙ ලැජ්ජාව නැති කරන එක මට සුළු දෙයක්...
ඉම්රාන් හෂ්මි

කොල්ලෙක්ට හරි කෙල්ලෙක්ට හරි බොලිවුඞ් වල නමක් හදාගන්නව කියන එක ඒ තරම් ලේසි කාරණයක්නම් නෙවෙයි. දවසින් දවස අලූත් තරු ඇවිත් හරි ඉක්මනින් අනිත් අයගෙ තැන අරගන්නව. එහෙම අය අතරෙ තමන්ටම කියල අනන්‍යතාවක් ගොඩනගාගන්න පුළුවන්නම් ඇත්තටම ලොකු හපන්කමක් තමයි. ඉම්රාන් හෂ්මි කියන්නෙත් අන්න ඒ වගේ චරිතයක්. වැඩිහිටියන්ට පමනක් සීමා වූ හින්දි සිනමා පට වල නිතර දකින්න පුළුවන් වැඩිහිටි කාන්තා පේ‍්‍රක්‍ෂිකාවන් අතරේ උන්මාදයක් ඇතිකරවපු ඉම්රාන් අද බොලිවුඞ් වල එක්තරා ආකාරයක අයිකන් එකක් කීවොත් හරි. මර්ඩර් 1, 2 සහ 3 වගේම ගැන්ග්ස්ටර්, ඩර්ටි පික්චර් වගේ චිත‍්‍රපට වල හරි අපූරු රංගනයන් ඉදිරිපත් කරපු ඉම්රාන් හරිම සරාගික නළුවෙක් කියලයි කවුරුත් කියන්නෙ. ඉම්රානුත් දවසක කරන් එක්ක කේපි කෝප්පයක් බොන්න ඇවිත් හිටිය. අපි බලමු කරන් එයාව කොහොමද අමාරුවෙ දැම්මෙ කියල...

සමහරු කියනව ඔබ හරි ගුප්තයි කියල...
කාටහරි එහෙම හිතෙනවනම් මම ඒකෙ වරදක් දකින්නෙ නෑ. මොකද මම ඇත්තටම නිහඩ චරිතයක්. ඒක නිසා තමයි ගොඩක් අය එහෙම කියන්නෙ. හැබැයි මම ඔය ගුප්තයි කියන වචනෙ තේරුමනම් හරියට දන්නෙ නෑ. හහ්...හහ්...

ඇයි වැඩිහිටියන්ට පමනක් චිත‍්‍රපටිවලට වැඩි කැමැත්තක්...
එහෙම විශේෂ කැමැත්තක් නෑ. අනේ මම දන්නෙ නෑ මට ලැබෙන හැම චරිතයක්ම වගේ සරාගික චරිත. අනෙක් නළුවන් වගේ සාමාන්‍ය චරිතත් මට කරන්න පුළුවන්. අධ්‍යක්‍ෂකවරු මගෙන් වෙනස් දෙයක් දකිනව ඇති. මම හිතන්නෙ ඉම්රාන්ගෙ අනාගතේ ලියවිලා තියෙන්නෙ මේ පාරෙන් වෙන්න  ඕනි.

ඔබ හිතනවද ඔබ දක්‍ෂ නළුවෙක් කියල...?
ඒක ඉතින් ආයෙ හිතන්න දෙයක් නෙවෙයිනෙ. මම රඟපාන චිත‍්‍රපටි බලන්න පේ‍්‍රක්‍ෂකයො පොරකනවනම් මගෙන් හොද රංගනයක් ලැබෙන්න  ඕනිනෙ. ඒ කියන්නෙ මම දක්‍ෂ නළුවෙක් තමයි. හැබැයි මගෙ සීමාව ඇතුලෙ. මට කරන්න බැරි දේවලූත් තියෙනව.

රඟපාන නිළියන් එක්ක රඟපෑමට එහා ගිය සම්බන්ධයන් තියනව කියන්නෙ...
ඒක මගේ පෞද්ගලික කාරණයක්. අනෙක මම රඟපාන අය එක්ක සම්බන්ධකම් තියාගෙන ඉන්නෙ සෙට් එකේ විතරයි. එතනින් එහාට මම එයාලව ගෙදර එක්ක යන්නෙ නෑ. මට බිරිදක් ඉන්නව. මම දැන් තාත්ත කෙනෙක්.

ඔබේ බිරිද ඔබත් එක්ක අමනාපයි කියන්නෙ...
ඒක මොන පිස්සු කතාවක් ද ? අපි හරිම සතුටින් ඉන්නෙ. අනික එයා මාව තේරුම් අරගත්ත කෙනෙක්. හැබැයි එයා මම රඟපාන චිත‍්‍රපටිනම් බලන්නෙ නෑ. එයා මට ගොඩක් ආදරෙයි.

විද්‍යා බාලන්, මල්ලිකා ෂෙරාවත්, කන්ගනා අතුරෙන් කාටද වැඩිපුර කැමති...?
විද්‍යා බාලන්, කන්ගනා කියන්නෙ දක්‍ෂ නිළියන් එයාල ඒ බව ඔප්පු කරලත් තියෙනව. අනික මේ තුන් දෙනා එක්කම මම වැඩ කරල තියෙනව. ඒ අතුරින් මුලින් කියපු දෙන්නට කැමතියි.

සරාගී රංගනයක් ඉදිරිපත් කරනකොට හිතේ බයක් නැතිද...?
කාටද බයවෙන්නෙ. අපි හරිනම් එච්චරයිනෙ. අනික ඒ වගේ දර්ශන වලදි ඇත්තටම නිරුවත් වෙන්නෙ නෑ. කැමරාවට කිසිම දෙයක් පේන්නෙත් නැහැනෙ.

ගැහැණු උදවිය ඔබට ගොඩක් කැමතියිලූ නේද...?
සමහරු එහෙම කියනව. ඒක සාපේක්‍ෂයි. මට ආදරේ කරන්න  ඕනි කෙනෙක්ට පුලූවන්. එයාල නිසයිනෙ අපි ඉන්නෙත්. ගැහැණු අය මට කැමති අනෙක් පිරිමින් ලග නැති මොකක්හෝ දෙයක් මම ලග තියෙන් නිසා වෙන්න ඇති.

ඔබේ පුතා සිනමාවට එනවට කැමති ද...?
නැහැ. කොහෙත්ම නැහැ. මම කැමති නෑ එයා සිනමාවට එනවට. මට  ඕනි එයාව අධ්‍යාපනය පැත්තෙන් ඉහළට යවන්න. අනිත් එක සිනමාව කියන්නෙ වෙනස්ම තැනක්. මම කැමතිියි මගේ දරුව ඒකෙන් ඈත් වෙලා ඉන්නවනම්.
 ඕනිම කෙනෙක් එක්ක සරාගී චරිතයක් රඟපාන්න ඔබ සූදානම් ද ?
අනිවාර්යයෙන්ම. පන තියෙන  ඕනිම කෙල්ලෙක් එක්ක රඟපාන්න මට පුළුවන්. සමහර ලැජ්ජකාරියන්ගෙ ලැජ්ජාව නැතිකරන්නත් මට පුලූවනි. පළවෙනි දර්ශනේදි පොඩි බයක් තිබුනත් ඊට පස්සෙ ඉම්රාන් එක්ක රඟපාන්න එයාල දෙපාරක් හිතන්නෙ නෑ...

සරාගී චරිතයක් කරන්න කැමැත්තෙන් ඉන්න නිළියක් ඉන්නව ද ?
එක්කෙනෙක් නෙවෙයි. කිහිප දෙනෙක්ම ඉන්නව. රේඛා, දීපිකා, අනුෂකා වගේම කත‍්‍රිනා එක්කත් සරාගී රංගනයක යෙදෙන්න මම කැමතියි. එහෙම නැතත් වෙනත් චිත‍්‍රපටියක හරි ඒ අයත් එක්ක එකට රඟපාන්න ආසාවෙන් ඉන්නෙ.

ඔබත් ඇඟ පෙන්නල ජනප‍්‍රිය වෙන නළුවෙක් ද ?
ඇත්තටම මට ලස්සන ඇඟක් නෑ. ඒ වුනාට සරාගී තොල් දෙකක් වගේම ඇස් දෙකකුත් තියෙනව. ඒව තමයි මගේ වෙපන්ස්. ඒ නිසා මට ඇඟ ගැන හිතන්න  ඕනිකමක් නැහැ.

විවාහක පිරිමි ඔබට කැමති නෑ කියන්නෙ ඇත්ත ද ?
 ඕහ්... ඒකත් එහෙම ද...? ඒකනම් මම දන්නෙ නෑ. එහෙම වෙන්නෙ ඉතින් එයාලගෙම වැරදි නිසා වෙන්න ඇති. එයාල මට ඔය තරම්ම බයනම් නේනලට මගේ චිත‍්‍රපටි බලන්න එපා කියන්න තියෙන්නෙ. හැබැයි ඒක මාර ප‍්‍රශ්නයක් තමයි.

සටහන:- අමිල නුවන් මධුසංඛ


Sunday, August 9, 2015

ඔව් මම දැන් ටිකක් ගණන් තමයි...


ඔව් මම දැන් ටිකක් ගණන් තමයි...
ශාහිද් කපූර්


ජිවිතේ පුංචිම තැනකින් පටන් අරගෙන අද වෙනකොට බොලිවුව් ලෝකෙ ස්තාවරත්වයක් ගොඩනගාගත්තු නළුවන් අතරෙ ශාහිඞ් කපූර් කියන්නෙ ගොඩක් ඉදිරියෙන් ඉන්න කෙනෙක්. රංගනයට වගේම නර්තනයටත් එකවගේ දක්‍ෂ ශාහිද් හෙදර් චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙන් හොදම නළුවා විදිහට සම්මාන උළෙල කිහිපයකදීම සම්මානයටත් පාත‍්‍ර වුනා. ආර් රාජ් කුමාර්, පාටා පෝස්ටර් නික්ලා හීරෝ වගේ චිත‍්‍රපටි වලත් අමතක නොවන රංගනයක නිරතවුණු ශාහිඞ් මේ දවස් වල ගොඩක් කාර්යබහුලයි. ඒ අතරෙ දවසක එයාට කරන් එක්ක රසම රස කෝපි කෝප්පයක් බොන්නත් ආරාධනා ලැබුණ. අපි බලමු මොනාද එයාල ඒ වෙලාවෙ කතාකරල තිබුනෙ කියල...

හයිදර් වලින් පස්සෙ ඔබ ටිකක් ගණන් උස්සල කියන්නෙ ඇත්තද...?
ඔව් මම මගේ අයකිරීම් ටිකක් වැඩි කළා. ඒත් ඒක ඒ තරම් අසාධාරණ අයකිරීමක්නම් නෙවෙයි. මගේ රංගනයට ගැලපෙන ගානක් අයකරන්න නිදහස මට තියෙනවනෙ. එෙහෙම කරන්න පුලූවන් සාර්තකත්වයකුත් මට දැන් තියෙනව. ඒක නිසා මම දැන් වැඩ කරන්නෙ හොදට හිතල බලල තෝරාගත් නිර්මාණ වල විතරයි. 


කරීනගෙන් වෙන්වීම පිළිබඳව ඔබ දුකෙන්ද හිටියෙ...?
අපොයි නැහැ. මම ඒ ගැන දුක් වෙන්නෙ නැහැ. නොගැලපෙන දෙන්නෙක් එකට ඉන්නවට වඩා වෙන් වෙන එක හොදයි. ඒ දේවල් දැන් අතීතයට එක්වෙලා ඉවරයි. හැමදේම වෙන්නෙ හොදට කියනවනෙ. එයා දැන් වෙන කෙනෙකුට අයිති කෙනෙක් මටම කියල කෙනෙක් ඉන්නකොට ඇයි මම තවත් කෙනෙක් ගැන හිතන්නෙ. 

අම්රිතා එක්ක තිබුණු සම්බන්ධයත් ටික කලකින්ම අවසන් වුනා. 
ඒක මොනතරම් බොරු කතාවක්ද...? අම්රිතා කියන්නෙ මට තවත් එක සහෝදර නිළියක් විතරයි. අනික ඔය දේවල් බොලිවුඞ් වල සාමාන්‍ය දෙයක්. එයා විතරක් නෙවෙයි මට තව කී දෙනෙනක්ගෙ නම් සම්බන්ධ කරල කතා හදල තියෙනවද. ඒ ගැන මම වැඩිය හිතන්නෙ නැහැ.

ඒ වුනාට ගින්නක් නැතිව දුමක් නගින්නෙ නැහැනෙ...
මෙහෙමයි. ඔය මිනිස්සු මට සම්බන්ධ කරපු හැම නිළියක්ම මගෙත් එක්ක එකට වැඩ කරපු අය. ඒක නිසා වෙන්න ඇති චිත‍්‍රපටය එළියට එනකොටම ඔය වගේ කතාවකුත් නිර්මාණය වෙන්නෙ. අම්රිතා, කරීනා, විද්‍යා වගේ තවත් අය ඉන්නව. දකින දකින හැම නිළියටම ආදරේ කරන්න තරම් මට පිස්සුවක් නැහැ. මම ඒ තරම් පහතට වැටෙන්නෙත් නැහැ.


මුල් කාලෙ ඔබ ගොඩක් අසාර්තක වුනා...
 ඕනිම කෙනෙකුගේ ජිවිතේ අවාසනාවන්ත කාලයක් තියෙන්න පුලූවනි. මටත් එහෙම කාලයක් තිබුන. ඒත් දැන් එහෙම නැහැ. මම දැන් සාර්තකයි කියල මට හිතෙනව. හයිදර් තුළින් මම ඒක මුළු ලෝකෙටම ඔප්පු කළා. 

ඔබ කියල තිබුන ශාහිඞ් කපූර්ට නර්තනයන් අභියෝග කරන්න නළුවෙක් තවම බිහිවෙලා නැහැ කියල...
මම කවදාවත් එහෙම කතාවක් කියල තිබුනෙ නැහැ. මටත් වඩා දක්‍ෂ නළුවො ඉන්න පුලූවන්. ඒත් මම දන්නව මම කිසිම කෙනෙක්ට නර්තනයේදී දෙවෙනි වෙන්නෙ නෑ කියල. මොකද නර්තනය නිසා තමයි මම සිනමාවටත් සම්බන්ධ වුනේ. ඒක නිසා මම මේ මොහොතෙ බය නැතිව කියනව නර්තනය සම්බන්ධයෙන් කවුරුහරි මට අභියෝග කරන්න කියල. එයාට වෙන්නෙ පරාද වෙන්න තමයි.

ආර් රාජ් කුමාර් නිසා ඔබ ගොඩක් ජනප‍්‍රිය වුනා නේද...?
මටත් එහෙම හිතෙනව. ඔව් රාජ් කුමාර් චිත‍්‍රපටය මගේ ජිවිතේට වාසනාව ගෙනාව. මට ඒ අවස්ථාව ලබාදුන්නට අධ්‍යක්‍ෂකවරාට ස්තූතිවන්ත වෙන්න  ඕනි. සොනක්‍ෂිගෙන් ලැබුණු සහයෝගයත් එක්ක මට හොද රඟපෑමක යෙදෙන්න අවස්ථාව ලැබුණ. රාජ් කුමාර් හේදර් වගේම සාර්තකයි. 

අලූත් නළුවො ඔබට අභියෝගයක් නෙවෙයිද...?
කොහත්ම නැහැ. කිසිම කෙනෙක් මට අභියෝගයක් නෙවෙයි. මම හිතන්නෙ මම දවසින් දවස අලූත් වෙනව කියල. ඉතින් කොහොමද මම පරන වෙන්නෙ. අලූත් අය කොයි තරම් ආවත් ශාහිඞ්ල ඉන්නෙ එක්කෙනයි. මගේ පේ‍්‍රක්‍ෂකයින් මට හැමදාමත් ආදරෙයි.

ඓශ්වර්යා එක්ක හරි විද්‍යා බාලන් එක්ක හරි රඟපාන්න ලැබුනොත් ඔබ මුලින්ම කැමති වෙන්නෙ කාත් එක්ක වැඩ කරන්නද...?
 ඕහ්... ඒක මාර අමාරු ප‍්‍රශ්නයක්නෙ. මම ඒ දෙන්නටම කැමතියි. ඒත් ඓශ්වර්යාට තමයි ගොඩක්ම කැමති. මම මුලින්ම ඇයත් එක්ක රඟපෑවෙ තාල් ෆිල්ම් එකේ. එතකොට මම සහායක නර්තන ශිල්පියෙක්. ඒත් අද මට ඇයත් එක්ක ප‍්‍රධාන චරිතයක් කරන්න ලැබෙනවනම් මම කැමැත්තෙන්ම බාරගන්නව. 

කරීනා සායිෆ්ගෙන් වෙන් වෙලා ඔබ ලගට ආවොත්...?
එහෙම වෙන්නෙ නැහැ. අනිත් එක ආයෙමත් ඒ වගේ සම්බන්ධයක් ඇතිවෙන්නෙත් නැහැ. මම දැන්  ඕනිවටත් වඩා ආදරේ විඳිනව. ඉතින් මම මොකටද වෙන කෙනෙක් ගැන හිතන්නෙ. ශාහිඞ් දැන් වෙනස් කෙනෙක්.

සටහන:- අමිල නුවන් මධුසංඛ