සිහිනයක ශුභ හෝ අශුභ යමක් තිබේද?
සිහින පලාපල කීම යනු හුදු මිථ්‍යාවක්
ද යන කරුණ විසඳා ගැනීමට නවීන විද්‍යාඥයින් ද බොහෝ පර්යේෂණ සිදුකර තිබේ. ජ්‍යෙdaතිෂයේ ද සිහින පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා
කිරීමට මේ ලිපිය යොදා ගනිමු.
එක් දිනෙක අත්තම්මා කෙනෙක් රාත්‍රියේ
නපුරු සිහිනයක් දැක අවදි වූවා ය. ඇය දුටුවේ තම මුණුපුරා නිදාසිටින පොරෝනයේ හිරවී
හුස්ම ගැනීමට අපහසුව දඟලන බවකි. වේලාව පාන්දර 3.45 වුවද තම නිවසට ඈත පෙදෙසක පදිංචි තම පුතාගේ නිවසට ඇය
දුරකථනයෙන් කතා කළේ මුණුපුරාට කරදරයක් යෑයි බියට පත්ව සිටි බැවිනි. පුදුමය දනවන
සිදුවීමක් වූයේ ඊට ටිකකට පෙර එවැනි සිදුවීමක් දැක මුණුපුරා හිරවී සිටි පොරෝනය
ඉවත් කළ බව ඇයගේ පුතා විසින් පිළිගැනීමයි. මේ වූ කලී ඇමරිකාවේ අධි මානසික පර්යේෂණ
කරන (Institute
of Parapsychology) ආයතනයේ ලුසියා
රයින් මහත්මියගේ සිහින එකතුවක සඳහන් කරුණකි. මෙම පර්යේෂණ ආයතනවල නින්දට යන අයගේ
හිසට EEG
යන්ත්‍ර සවිකර විවිධ නිරීක්ෂණ
සිදුකරනු ලැබේ. කෙසේ නමුත් යම් සිදුවීමක් කල් ඇතිව හඟවන සිහින (Realistic
dreams) නමින් ඒවා හඳුන්වනු ලැබේ.
යම් සිහිනයක් මගින් දුටු සිද්ධියකට
සමාන වූ සිදුවීමක් දින කිහිපයකට පසුව ඇතිවන බව සමහර විට ඔබට ද පෙනී යා හැකිය.
එවැනි අද්දැකීම් ඇති බොහෝ අය අප අතර සිටී.
යථාර්ථ සිහින ගැන දැන ගැනීමට ඇමරිකාවේ
සිදුකළ පර්යේෂණම අපට අවශ්‍ය නොවෙන්නේ විශේෂයෙන් බෞද්ධ පොතපතේ ද එවැනි බොහෝ
සිදුවීම් වාර්තා වන බැවිනි. බෝසත් කුමරුන් පිළිසිඳ ගත් අවස්ථාවේ මහමායා දේවිය
දුටු සිහිනය, බුදු බව ලබන බව
සනාථකරමින් බෝසත් තවුසන් දුටු සිහින පහ ඊට උදාහරණය. අනාගතයේ රාජ්‍ය පාලනය පිළිබඳ
පලාපල පැවසූ සිහින 18 පිළිබඳව කොසොල් රජතුමා දුටු සිහින වශයෙන්ද විස්තර කර තිබේ. මේ අනුව සලකා
බලනවිට අප රටේ නම් වසර 2500 පෙර සිටම සිහින පලාපල ගැන දැන සිටි බව පෙනේ
සිහින ගැන ඉතා වැදගත් විස්තරයක්
"මිලින්ද ප්රශ්නය" නම් ග්‍රන්ථයේ මහා ස්වප්න ප්රශ්නය යන මාතෘකා යටතේ
විස්තර කෙරේ. සිහින දකින්නේ ඇයි යනුවෙන් මිළිඳු රජතුමා නඟන ප්‍රශ්නයට නාගසේන මහ
රහතන්වහන්සේ දෙන පිළිතුරු අනුව සිහින දැකීමේ හේතු පහත සඳහන් ලෙස වර්ග කළ හැකිය.
1. වාතය කිපීම
නිසා අහසින් යැම වැනි සිහින දකී.
2. පිත කිපීම නිසා
ගිනිජාලා ආදී සිහින දකී.
3. සෙම කිපීම නිසා
ජල ක්‍රීඩා ආදී සිහින දකී.
4. පෙර කරන ලද කතා
හා ක්‍රියා පිළිබඳව ද සිහින දකී.
5. තමන්ට අනාගතයේ
සිදුවන ශූභා ශුභ වශයෙන්ද සිහින දකී.
6. උදව් කරන
දෙවියන් විසින්ද ශුභා ශුභ සිහින දක්වති.
මෙහිදී පෙර නිමිති වශයෙන් දකින සිහින
පමණක් සත්‍ය වන අතර ඉතිරි සිහින බොරු වන්නේයෑයි නාගසේන හිමියෝ පැහැදිලි කරති.
තව දුරටත් මෙහි සඳහන් වන්නේ නිදි
වර්ජිතව සිටින විටද තද නින්දට වැටුණු විටද සිහින නොදකින බවය. සිහින දකින්නේ
නින්දක් නොනින්දත් අතර කාලයේ බවය. තවද සිහිනය පිළිබඳව තම සිතට නොව ඒ පිළිබඳව
දන්නා නිමිති පාඨකයකුගෙන් විමසා තේරුම් දැන ගතයුතු බවද සඳහන් වේ.
ඉහත ධර්ම ග්‍රන්ථයේ සඳහන් කරුණු ජ්‍යෙdaතිෂ ග්රන්ථ වලින්ද තහවුරු කර ඇත. පහත සඳහන් වන්නේ ජ්‍යෙdaතිෂයේ සඳහන් වන සිහින පලාපලයන් ය.
1. ගස් හා කඳු
මුදුනට නැග්මද, අහසින් ගමන්
කිරීමද වාතාධික තැනැත්තන් විසින් දකිනු ලැබේ.
2. ගිනි ගොඩවල්,
රතු මල් ආදිය පිත් කෝපය නිසා දකී.
3. ගංගා,
මුහුද, පිහිනීම, සුදුමල් ආදිය දකින්නේ සෙම් කෝපවන බැවිනි. මේවා ශාරීරික
දොaෂ නිසා දකින සිහින පමණක් වන අතර ශුභා ශුභ බලයන් නැත.
යම් සිහිනයක් මුල සිට අගට ඉතා
පැහැදිලිව හොඳින් දුටුවේ නම් එහි ශුභ හෝ අශුභ විපාක ඇතිවන්නේය. සිංදු කීම,
අලුත් ඇඳුම් ඇඳීම,
නැටීම, අශූභඵල දේ, හිරු, සඳු හෝ දත් ගැලවී වැටීම, වතුරේ ගිලීම, දර සෑයවල් සිහිනෙන් දුටුවිට රෝග පීඩා හා දුක්කරදර ඇතිවන බවට පෙරනිමිත්තකි.
අත,
පය, ඇස්, ගැලවී යාමද දුක හා ශෝකය ගෙන දෙයි.
ශරීර කෑලි කෑලි වලට කපා දැමීම,
ශරීරයට අශූචි වලින් ආලේප කිරීම,
ඇතෙක් පිට යනවා පෙනීම,
උසස් පදවි ලැබෙන බවට පෙර නිමිත්තකි.
කන්‍යාවන් වැළඳ ගැනීම,
ඇතුන් සිංහයින්,
වාහන තමන්ට අයිතිවීම. කිරිවලින් මුහුණ
සේදීම,
මිනිස් හිසෙහි හෝ හෘදය මාංශ අනුභව
කිරීම දැකීමෙන් රජයේ උසස් තනතුරු ලැබෙන බව පෙන්වයි.
තමන්ගේම මරණය,
යුද්ධයකින් හෝ වාදයකින් ජය ලැබීම
අශූචි අනුභව කිරීම, නොයා යුතු ස්ත්‍රීන් කරා යාම ආදිය සිහිනෙන් දැකීම ධන ධාන්‍ය සම්පත් ලැබෙන
බව පෙන්වයි.
තමන්ගේ නිවස හෝ තමන්ගේ ශරීරයේ අවයවයන්
හෝ වෙනත් තමා සතු දෙයක් හෝ තම නැදැයන් සමග හෝ ගිනිගන්නවා සිහිනෙන් පෙනීම
ඒකාන්තයෙන්ම රාජ්‍ය බලය ලැබෙන බව පෙන්වයි. මව්බිම හෝ මුහුද වැළඳගන්නවා දැකීමද රාජ්‍ය
බලය ලැබෙන බව පෙන්වයි.
සිහිනෙන් රැවුල කැපීම,
නියපොතු කැපීම,
විවාහ මංගල උත්සව දැකීම මරණ. ශෝක,
සිත්තැවුල් වලට හේතු වන්නේය.
තමන්ට උපකාර කරන සේවකයකු හෝ උපකරණයක්
විනාශවීම හිතවත් මිත්‍රයකුගේ මරණය, ගස් හා ගෙයකින් බිමට වැටීම සිහිනෙන් දැකීම ශුභ නොවේ.
හානියක් පෙන්වයි.
දුර්වල ශරීරයක් ඇති කෙනෙකු තරුණයෙකු
මෙන් සිටිනවා දැකීම නීරෝගි භාවය හා දීර්ගායුෂ ගෙන දෙන්නේය. කළු පාටින් යුත් ඕනෑම
දෙයක් සිහිනෙන් දැකීම ඉතා අශුභය. එහෙත් ඇතුන් දැකීම ශුභය.
රාත්‍රි ප්‍රථම යාමයෙහි දකින ලද සිහිනය
අවුරුද්දකින්ද, දෙවන යාමයෙහි
එනම් මාස හයකින්ද, අලුයම නම් මාසයකින්ද අරුණාලෝකය ඇතිවිට දුටුවේ නම් එදිනම විපාක දෙනවා ඇත.
නපුරු
සිහින පෙනීමද කරදරයකි. සිහිනෙන් බියවීම. නින්ද නොයැම ආදී ගැටලු ඔබටත් ඇතිනම්
පිරිත් පොතේ එන 'මෙත්තානිසංස සූත්‍රය' භාවිතාකරන්න.
එවිට සුවසේ නින්දට ගොස් සුවසේම පිබිදෙනු ඇත
සටහන
අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment