උසස් පෙළ කරන ඔබ නින්ද හා විවේකය ගැනත් සිතුවාද ?
වර්තමාන තාරුණ්‍යය සැළකිලිමත් වියයුතු කාරණා අතර නින්ද හා විවේකයට ද සුවිශේෂී සැලකිල්ලක් හිමිවිය යුතුය. විශේෂයෙන්ම වත්මන් පාසැල් සිසුන් බොහෝමයක් දෙනා පාසැල අවසන් වීමෙන් පසු අතිරේක ටියුෂන් පන්තිවලට යාම නිසා දිවා කාලයේ විවේකයක් නොළබමින් වෙහෙසෙති. දිවා කාලයේ එකතැන සිට විවේකීව පාඩම් කටයුතු කිරීමට අවකාශයක් නොමැති නිසා එම හිඩැස පියවා ගන්නේ රාත්‍රී කාලයේ නිදි නොළබා පාඩම් කිරීමෙනි. කෙසේ නමුත් මෙම බාධක අභියෝග හදුනාගෙන ඒවා මගහරවාගෙන කටයුතු කිරීම නුවණට හුරුය.
දිවා කාලයේ වෙහෙසී වැඩ කරන අතරතුර අධික තෙහෙට්ටුවක් ඇතිවීමට පෙර කෙටි විවේකයක් ගැන’ම වඩාත් උචිත වෙයි. තෙහෙට්ටුව හොදටම වැඩිවන තෙක් සිටීම හානිකරය. අධික වෙහෙස හෝ තෙහෙට්ටුව ඒමට පෙර කෙටි විවේකයක් ගත යුතුය. කෙසේ නමුත් දිවා කාලයේ නින්දට පුරුදු වීමද අහිතකරය. සමහරු පාසැල් ගොස් පැමින ආහාර ගැන’මෙන් පසු පැය 2-3 ක් නිදාගැනීමට යොමු වෙති. නමුත් මෙය පසු කාලීනව ඇබ්බැහියක් දක්වා වර්ධනය විය හැකිය. එසේ වූ විට සෑම දනකම එම වේලාවට නිදිමතක් ඇති වෙයි. නින්දේදී තාවකාලික සතුටක් ලැබුනත් නින්දෙන් අවදිවූ විට ශරීමයට තෙහෙට්ටුවක් සහ කෙඩෙත්තු ගතියක් ඇතිවීම ස්වභාවිකය. එය පාඩම් වලට සිත යොමු කිරීමටත් පාඩම් මතක ලබා ගැනීමටත් අපහසුවක් ඇති කරයි.
බොහෝ විට දෙවනවර විභාගයට මුහුණදෙන සිසුන් උදේ කාලයේ නිදා ගැන’මට යොමු වී සිටිති. මෙයද හිතකර නැත. දිවා කාලයේ නිදාගන්නවාට වඩා මදක් හාන්සිවී සිටීම හිතකර වෙයි. විශේෂයෙන්ම විභාගය ආසන්න කාලයේ උදේ හෝ සවස් කාලය තුල නිදාගැන’ම කොහෙත්ම සුදුසු නැත. එය පුරුද්දක් කරගත් තැනැත්තාට විභාගය ලියන අවස්ථාවේදී පවා නිදිමත ගතියක් ඇතිවිය හැකිය. එවිට සාර්ථක පිලිතුරක් ලිවීමට ද නොහැකි වනු ඇත. පුරුද්දකින් මිදීම එක් වරම කළ නොහැක්කක් නිසා දිවා නින්ද ටිකින් ටික අඩු කළ යුතුය.
රාත්‍රී කාලයේ නින්ද ලබාගැනීමට අනවශ්‍ය සමහරුන් රාත්‍රී 7-8 පමන නිදාගෙන උදෑසන 2-3 පමන වන විට අවදිවී පාඩම් කරනු ලබයි. මෙය අහිතකර තත්ත්වයකි. කළ යුත්තේ ස්වභාවිකත්වයට අනුගත වෙමින් කලින් නිදාගෙන කලින් අවදිවීමයි. මේ අනුව තමන්ගේ නිවසේ දෛනික වැඩපිළිවෙළට අනුකූලව වඩාත් හොද කාලසටහනක් සකසාගත යුතුය. සවස පන්ති වලට ගොස් තෙහෙට්ටු වී නිවසට පැමිනෙන සිසුන් යම් කාලයක් විවේකයක් ගෙන නැවත පාඩම් කටයුතු වලට යොමුවිය හැකිය. යම් හෙයකින් ස්වභාවික නිදි චක්‍රය පටලවාගතහොත් මතක ලබාගැන’මේ ශක්තිය අඩුවේ. බුද්ධිය නිසි පරිිදි ක්‍රියාත්මක නොවේ. එවිට ඉහළ ප්‍රතිඵල ලබාගත නොහැකිවනු ඇත. මේ අනුව උසස් පෙළ විභාගයට සූදානම් වෙන යොවුන් ඔබ කල් තියාම මේ පිළිබඳව සැළකිලිමත් වීම සාර්ථක අනාගතයකට අඩිතාලමක් වනු නිසැකය.
සටහන :- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment