දොරකඩ අස්න

Monday, June 15, 2015

කෝච්චියේ ජිවිත

kln.ac.lk
කෝච්චියේ ජිවිත



දවසේ පැය 24 න් වැඩිපුර කාලයක් ජිවිතේ ගැටගහගන්න සටන් කරන මිනිස්සු අතර ඉන්න හැමකෙනෙක්ම එකම වර්ගයේ කුඩා පොදු සාධකයක් තමයි. නමුත් අපිට ඒ අයව නොයෙක් කුලක වලටත් වෙන් කරන්න පුලූවන්. මේ අය අතර ලොකු වෙනසක් නොතිබුණත් පුංචිම වෙනසක් හරි දැකගන්න පුලූවන්. ඒක තමයි ඇත්ත. කොළඹ කියන්නෙ අපේ රටේ තියෙන ප‍්‍රධානම වෙළඳ නගරය. සමහරු හිතන්නෙ කොළඹ වැඩ කරන්නෙ කොළඹ කාෂ්ඨක පොළවෙ තෙම්පරාදු වෙච්ච මිනිස්සු විතරයි කියල. නෑ ඒක වැරදි කථාවක්. පෞද්ගලික හෝ වේවා රාජ්‍ය හෝ වේවා මේ  ඕනෑම සේවා ස්ථානයක වැඩ කරන්න දවසකට ලංකාවෙ හතර දිබ්බාගෙන් මිනිස්සු ලක්‍ෂ ගානක් කොළඹ නගරයට එනව. 
මේ අය කොළඹ නගරයට එන්නෙ කොහොම ද ? මේක ටිකක් අමුතු විදියෙ කථාවක් වගේම ප‍්‍රශ්නෙකුත් වෙනව. හැමෝටම තමන්ගෙ කියල වාහනයක් නැති නිසා ගොඩක් අයගෙ ජනප‍්‍රිය ප‍්‍රවාහන මාදිළිය වෙන්නෙ කෝච්චි. එහෙමත් නැත්නම් බස්. මේ දෙකෙනුත් කෝච්චි වල ගමන් කරන පිරිස වැඩියි. දවසේ පැය 24 ක් කෝච්චි ඇතුලෙ ගතකරන මිනිස්සුන්ගෙ ජිවිත දැන් කොච්චියටම හුරුවෙලා. මේ අමුතු ජිවිත ඇතුලෙ එයාලම වෙන් වෙච්ච අපූරු ජිවන අත්දැකීම් ඇති. ඒ වෙනස අත්දකින්න මමත් දවසක කෝච්චියකට ගොඩවුනා. 
කෝච්චියක යනව කියන්නෙ පුදුම අත්දැකීමක්. මගලගොඩ ස්ටේෂන් එකෙන් කොළඹ කොටුවට රුපියල් 20 ක් ගෙවල තුන්වෙනි පන්තියෙ ටිකට් එකක් ගත්තු මට ටික දුරක් යනකන් ඉදගෙන යන්න තැනක්නම් හමුවුනේ නැහැ. ඒ අතරෙ මට පුංචි කවි පදයක් මතක් වුනා. 
රටකජු රඹුටන් අරගෙන නාරන් 
කෝච්චියෙන් දැන් තාත්ත එනවා
ඒත් මේ කියන්න යන්නෙ ඊට ගොඩක් වෙනස් කථාවක්. කෝච්චියක් ඇතුලෙ සමාජ පන්ති තුනක් නියෝජනය වෙනව කියන එක නෝච්චියෙන් යන හැම කෙනෙක්ම දන්න කාරණයක්. ඒ තමයි ධනපති පන්තිය, මධ්‍යම පන්තිය සහ නිර්ධන පන්තිය. ඒ වුනත් කෝච්චිය ඇතුලෙනම් මේක  භාවිත වෙන්නෙ මේ විදියට නෙමෙයි. පළමු පන්තිය දෙවන පන්තිය තුන්වන පන්තිය කියල හඳුන්වන මේ පන්ති තුන ඇතුලෙ තියෙන්නෙ වෙනමම සංස්කෘතියක්. මේ අතරින් තුන්වෙනි පන්තිය ගොඩක් වෙනස්. කෝච්චියෙ පිටිපස්සෙන්ම තියන පෙට්ටි ඇතුලෙ අමුතු අමුතු දේවල් ගොඩක් සිද්ධවෙනව කියලයි බොහෝ දෙනා මගෙත් එක්ක කීවෙ. 
ජයරත්න...අවුරුදු 10 ක කෝච්චි ජිවිතේ අත්දැකීම් තියන කොළඹ පෞද්ගලික ආයතනයක රැුකියාවක් කරන මැදිවියේ පුද්ගලයෙක්. කෝච්චි ඇතුලෙ තමන් ලබපු අත්දැකීම් මගෙත් එක්ක බෙදාහදාගන්න ඔහු කැමති වුනා. 
අපි වගේ සාමාන්‍ය මිනිස්සු වැඩිපුරම යන්නෙ තුන්වෙනි පන්තියෙ කෝච්චි පෙට්ටි වල තමයි මල්ලි. සෙනග වැඩි වුනත් ගාන අඩුයිනෙ. අපිනම් හැමදාම යන හින්ද මාසෙම සල්ලි එකපාර දීල සීසන් එකක් ගන්නව. ඒක අපිට ගොඩක් පහසුයි.
ජයරත්න කියන්නෙ ඒ විදියට. අහිංසක අසරණ මිනිස්සු වගේම එක එක ජාතියෙ මානසික අසහනකාරයිනුත් මේ කෝච්චිවල තුන්වෙනි පන්තියෙ පෙට්ටි අතර අඩුවක් නැහැ. කෝච්චි පෙට්ටියෙ එකපැත්තක තරුණ යුවලක් පෙම් සුව විඳිනව. ඔවුන්ට භාහිර ලෝකෙ ගැන කිසිම හැගීමක් නැති හැඩයි. මේ දේවල් කෝච්චි ජිවිත ඇතුලෙ සාමාන්‍ය දේවල්. 
උදේට කෝච්චියෙ යනව කියන එක මාර කට්ටක් මල්ලි. මොනව කරන්නද ඉතින්. ඉක්මනට යන්න  ඕනි නිසා අපිත් යනව. සමහර කෝච්චි පෙට්ටි ඇතුලෙ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැහැ. මේ වගේ වෙලාවල් වලට තමයි හොරුත් බොර දියේ මාළු බාන්නෙ. සෙනග අතරෙ ඉන්න ගෑනු කෙනෙක්ගෙ හරි පිරිමි කෙනෙක්ගෙ හරි මාලයක්, පර්ස් එකක් කඩාගෙන යන මිනිස්සු  ඕනි තරම් ඉන්නව. හොරකම් කරල කෝච්චියෙන් පනිනව කියන එක හොරුන්ට ඒ තරම් දෙයක් නෙමෙයි.
මේ වගේ අපූරු අත්දැක’ම් වලට මූණදීපු මිනිස්සු බොහෝ දෙනෙක් කෝච්චියෙදි මට මුණගැහුණ. පියතිලක කියන්නෙ ඒ වගේ කෙනෙක්. වේයංගොඩ ඉදල සතියෙ දවස් පහම මරදානට කෝච්චියෙන් එන පියතිලකටත් තිබුණ මගෙත් එක්ක කියන්න දේවල්. 
එකදවසක් මම ?වෙලා කෝච්චියෙන් යනකොට මා ලගට ආපු එක විදියක පිරිමි ළමයෙක් මට අමුතු විදියෙ යෝජනාවක් කළා. ඊලග ස්ටේෂන් එකෙන් බැහැල  ටිකක් වෙලා ඉදල යමු කියල. එතකොටයි මට වැඬේ තේරුනේ. ඒ ජාතියෙ මිනිස්සුත් මේවයෙ අඩුවක් නැහැ මහත්තයො.
කෝච්චි පෙට්ටි ඇතුලෙත් කපටි මිනිස්සු නැතුවම නෙවෙයි. තුන් වෙනි පන්තියෙ ටිකට් අරගෙන පළවෙනි පන්තියෙ හරි දෙවෙනි පන්තියෙ හරි යන මිනිස්සුත්  ඕනිතරම් ඉන්නව. නීතියෙ විදියට බැලූවොත් ඒක ලොකු වරදක්. අහුවුනොත්නම් ඒවගේ වැරදි කරන අයට සමාවක්නම් නැහැ. හොද දඩයකුත් කාලයි නතර වෙන්නෙ.
 එකිනෙකාගෙ මූණු බලාගෙන කෝච්චි පෙට්ටි ඇතුලෙ ගමන් කරන මිනිස්සු අතරෙ අලූත් අලූත් සම්බන්ධකම් එහෙමත්  ඕනිතරම් ඇතිවෙනව. ඒ වගේ එකතු වුන යුවලක් තමයි විහඟ සහ තරින්දි. 
අපි දැන් බැඳල මාස පහක් වෙනව මල්ලි. අපි දෙන්න වැඩ කරන්නෙ වෙනම ආයතන දෙකක වුනාට අපි හැමදාම ආවෙ ගියෙ එකම කෝච්චියෙ. අපි දෙන්න දැන අදුනගත්තෙ ආදරේ කළේ මේ කෝච්චි පෙට්ටි ඇතුලෙ. අපේ ජිවිත වලට මේ කෝච්චි පෙට්ටි එක්ක ලොකු සම්බන්ධකමක් තියෙනව.
ඔය මොන දේ සිද්ධවුනත් කෝච්චි පෙට්ටි ඇතුලෙදි වැඩිපුරම අපහසුතාවයට පත්වෙන්නෙනම් කාන්තා පා ර්ශවය තමයි. ඒක හැම තැනකටම පොදු දෙයක්. කල්‍යාණි කියන්නෙ කොළඹ ප‍්‍රධාන පොළ් රාජ්‍ය ආයතනයක රැුකියාවක් කරන කාන්තාවක් එයාටත් තිබුණ කෝච්චි ජිවිතේ ගැන අත්දැකීම්, මගෙත් එක්ක බෙදාගන්න. 
ඒ ගැන අමුතුවෙන් කියන්න  ඕනි නෑනෙ මල්ලි. එක එක විදියෙ අසහනකාරයො පවා මේ කෝච්චි පෙට්ටි ඇතුලෙ ඉන්නව. දවස තිස්සෙම මහන්සි වෙලා එන අපෙන් පවා විනෝදයක් බලාපොරොත්තු වෙන තිරිසනුන් ඉන්නව. ඒක ඉතින් බස් එකෙත් එහෙමයිනෙ. අරෙහෙන් මෙහෙන් අතගානවයි, මිරිකනවයි, ඇඟට නඟිනවයි ඉවරයක් නැහැ. ඒත් ඒ මිනිස්සු දන්නෙ නැහැ හරි කෙනෙක්ට අහුවුනොත්නම් ඉඳල ඉවරයි කියල. එහෙම ආපු එකෙකුටනම් මම දුන්න හොඳ කුඩ පාරක්. මිනිහ ඊලග ස්ටේෂන් එකෙන්ම හෙමීට මාරුවෙලා ගියා.
මාසෙ පඩි දවසටනම් කෝච්චියෙ යන්න  ඕනි හරිම පරිස්සමෙන්. ඒ දවසට හොරු, ගැටකපන මිනිසුසු වැහි වැහැල. ඒ වගේ මිනිස්සුන්ට අහුවෙලා තමන්ගෙ මාසික චේතනය අහිමිකරගත්තු දෙන්නෙක් මට මුණගැහුන. 
ඒක හරිම අවාසනාවක් මල්ලි. මම ගත්තු මුල්ම පඩි පැකට් එක. දාහක් බලාපොරොත්තු තියාගෙන කෝච්චියට ගොඩවුනේ ගෙදර එන්න හිතාගෙන. ඒත් මම බහිනකොට මගෙ පඩි පැකට් එක නැහැ. මාසයක්ම ජිවත් වුනේ හරිම අමාරුවෙන්. දවස් තිහක් නැහිල නැහිල අතට ගත්ත සොච්චම කඩාගෙන යන මිනිස්සුත් ඉන්නවනෙ.....
ඔන්න  ඕක තමයි ඇත්ත තත්ත්වෙ. සතුට, දුක, කඳුළ, වේදනාව මේ හැම දෙයක්ම කෝච්චි ජිවිත ඇතුලෙ තියනව. සමාජයෙ පන්ති තුනකට බෙදුණු මිනිස්සු කෝ්ච්චි පෙට්ටි ඇතුලෙත් පන්ති වලට බෙදිල. ඒ ඒ කෝච්චි පෙට්ටි වල ඒ ඒ සංස්කෘතික පරිසරයන් වල විවිධත්වය විඳගනිමින් බොහෝ දෙනෙකුගෙ කථා වලට සවන් දුන්නු මම කොටුව ස්ටේෂන් එකෙන් මගේ ගමන අවසන් කළේ කෝච්චියේ ජිවිත ගැන හොද අත්දැකීමක් ලබාගන්න ගමන්. 


සටහන :- අමිල නුවන් මධුසංඛ

ගෝලීය උණුසුම සහ හෙට දවස

ගෝලීය උණුසුම සහ හෙට දවස

ජිවිතය නමැති දැල මිනිසා විසින් වියන ලද්දක් නොව අප එහි නූල්පටක් පමනි. මිනිසා  එයට යම් හානියක් සිදු කරයිද, එය තමාටම කර ගන්නා උපද්‍රවයකි.” යනුවෙන් රතු ඉන්දියානු නායක සියැටල් නැමැත්තා පැවසුවේ පරිසරයේ වටිනාකම සමස්ත ලෝකයටම වටහා දෙමිනි. පාරිසරික සමතුලිතතාවය මෙන්ම ජෛව ගෝලයේ පැවැත්මටද දේශගුණය ප‍්‍රබල වශයෙන් බලපානු ලබයි. පාරිසරික සමතුලිතතාවය බිඳ ටීවැම කෙරෙහිද මෙය එක සේ බලපාන අතර ඒ ඔස්සේ කෘෂිකාර්මික බිඳවැටීම්, පරිසර පද්ධතියේ වෙනස්වීම්, අයිස් කඳු දියවීම්, සාගර ජල මට්ටම ඉහළ යාම, වනාන්තර විනාශ වීම, ජල සම්පත අහිමි වීම ආදිය සිදුවිය හැකිය. පසුගිය දශකයන්හි දේශගුණයෙහි ඇති වූ වෙනස්කම් හේතුවෙන් සමස්ත මානව සංහතියටම නොයෙක් ආකාරයේ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවිය. වර්තමාන ලෝකය මුහුණදී සිටින ප‍්‍රධාන අභියෝගය වනුයේ පාරිසර විනාශයයි. එ.ජා.ස අනුව පාරිසරික විපර්යාසය යනු, සෘජුව හෝ වක‍්‍රව මානව ක‍්‍රියාකාරකම් වල බලපෑමෙන්, දේශගුණික විපර්යාස හා ස්වභාවික වෙනස්වීම් වලින් ගෝලීය වාතාවරණයේ සංයුතිය වෙනස් වීමයි.

විද්‍යාඥයින් විසින් පවසන අන්දමට පෘතුවි උෂ්ණත්වය වැඩිවීම කෙරෙහි බලපාන ප‍්‍රධානම සාධකය වනුයේ මිනිස් ක‍්‍රියාකාරකම්ය. වායුගෝලයට එකතු වන හරිතාගාර වායු වැඩිවීම නිසා පෘතුවි උෂ්ණත්වය ඉහල යමින් පවතී . මිනිසා විසින් සිදු කරනු ලබන න්‍යෂ්ටික අවි අත්හදා බැල’ම, වන විනාශය, කෘෂි රසායන භාවිතය ආදිය නිසා වායුගෝලයට එකතු වන හරිතාගාර වායු වැඩිවීමෙන් මිනිසාට නොයෙක් ආපදා වලට මුහුණ දීමට සිදුවී තිබේ. විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ දැනට සිදුකරනු ලබන ක‍්‍රියාකාරකම් වල වෙනසක් සිදු නොවුනහොත් ලබන සියවස අග භාගයේදී පෘතුවියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රට් අංශක 1-3.5 අතර ප‍්‍රමාණයකින් ද සාමාන්‍ය මුහුදු මට්ටම සෙන්ටිමීටර 15-90 අතර ප‍්‍රමාණයකින් ද ඉහළ යනු ඇත. 

ජල ගැලීම්, ගිනි කඳු පිපිරීම, නියගය, සුනාමි, නාය යෑම්, වෙරළ ඛාදනය වැනි දේ දේශගුණික විපර්යාසයන් හේතුකොටගෙන  සිදුවෙයි. එමෙන්ම අධික සූර්ය තාපය, වායුගෝලයේ සංයුතිය වෙනස් වීම, ගිනි කඳු පිපිරීම, සාගර ද්‍රෝණි වල ක‍්‍රියාකාරීත්වය වෙනස් වීම, හිරු පටලයන්හි ක‍්‍රියාකාරීත්වය වැඩි වීම ෑඛභෂභධ ්බා ඛ්භෂභධ තත්ත්ව වැනි දේශගුණික විපර්යාස රැුසකට පසුගිය කාලයේ මිනිසාට මුහුණදීමට සිදුවිය. දේශගුණික විපර්යාසයන් වර්ධනය වීම සඳහා සංවර්ධිත රටවල බලපෑම අධික වුවත් එහි අයහපත් ප‍්‍රතිඵල වැඩි වශයෙන් ලබන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල්ය. 2010 වන විට සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වය 1.4-5.8 ක්‍0දක්වා ඉහළ ගිය අතර වාතයේ කාබන්ඩයොක්සයිඞ් සාංද්‍රණය මිලියනයකට කොටස් 370 සිට 540-970 දක්වා වැඩි වූ බව දේශගුණ විපර්යාස පිළිබඳව අන්තර් රාජ්‍ය මණ්ඩලයේ තෙවන ඇගයීම් වාර්ථාව පෙන්වා දෙයි. 

එමෙන්ම 2100 වන විට 1.8-4.0 ක්‍0 දක්වා ප‍්‍රමාණයකින් පෘතුවි උෂ්ණත්වය වැඩි වීමට ඉඩ තිබෙන බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. කාර්මීකරණය හේතුවෙන් වායුගෝලයට එකතු වන හරිතාගාර වායු සාන්ද්‍රණය සමතුලිත මට්ටම ඉක්මවා යාමට බලපා තිබේ. ඒ සඳහා දායක වන වායූන් අතර කාබන්ඩයොක්සයිඞ්, ක්‍ත්‍ක්‍-11 ක්‍ත්‍ක්‍ -12 වැනි වායු මූලික වී තිබේ. 20 වන ශතවර්ශයේ සිදු වූ දේශගුණික විපර්යාසයන් අතර,
  • ආසියාවේ හා අප‍්‍රිකාවේ දැඩි නියගයන් ඇතිවීම. 
  • උප නිවර්තන ප‍්‍රදේශයන්හි දශකයකට 0.3% කින් වර්ෂාපතනය අඩුවීම.
  • ජල චක‍්‍රය වේගවත් වීම
  • උත්තර අර්ධගෝලයේ මධ්‍යම සහ උත්තර අක්ශාංෂ වල වර්ෂාපතනය දශකයකට 0.5-1.0% දක්වා වර්ධනය වීම.
     
    ආදිය විශේෂත්වයක් ගනී. උෂ්ණත්වය අධික වීම හේතුවෙන් අයිස් කඳු දිය වී සාගර ජල මට්ටම ඉහළ යෑමෙන් මාලදිවයින, මාෂල් දුපත්, ටොන්ගා දුපත් ජලයෙන් යට වීමේ අවධානමකට මුහුණදී තිබෙයි. 2030 වන විට 20 ක්‍ප හා මීලග ශතවර්ශය වන විට 65 ක්‍ප ක් දක්වා සාගර ජල මට්ටම ඉහළ යා හැකි බව දේශගුණ විද්‍යාඥයින් පෙන්වා දෙයි. මෙහි බලපෑමෙන් ආට්ටික් සහ ඇන්ටාට්ටික් අයිස් සහිත ප‍්‍රදේශ සම්පූර්ණයෙන්ම දියවීමට ලක් වුවහොත් මුහුදු මට්ටම 7.4 ප කින් ඉහළ යාමට පවා ඉඩ තිබෙයි. එය විශාල ප‍්‍රශ්නයක් වනුයේ ශීත කලාපයේ ජිවත්වූ දඩයමින් දිවි රැුක ගත් ඇස්කිමෝවරුන්ට සහ හිම වලසුන්ටයි. දැඩි ආහාර හිඟය සහ හිම මත ජිවත්වන සීල් මසුන් වඳවී යාමත් නිසා උග‍්‍ර ආහාර හිඟයකට ඔවුන් මුහුණපාන්නට සිදුවිය. 



මුහුදු ජල මට්ටම ඉහළ යාමෙන් පෘතුවි උෂ්ණත්වය වැඩිවීම, කොරල්පර විනාශවීම, වෙරළ ඛාදනය, සංවේදී පරිසර පද්ධතීන් විනාශවීම, මෝය කලාපවල භූමියේ ලවන ගතිය වැඩිවීම, කඩොලාන ශාක පද්ධතිය විනාශවීම නිසාවෙන් මේ වන විට සමස්ත ලෝකයම විවිධ ගැටලූ වලට මුහුණදී සිටියි. ඒ අතර දේශගුණික හා කාලගුණික විචල්‍යතා, ශාක හා සත්ව ව්‍යාප්තියේ වෙනස්වීම්, ග්ලැසියර දියවීම, මුහුදු මට්ටම ඉහළ යාම, සාගරයේ ආම්ලිකතාව ඉහළ යාම, බයානක රෝග ව්‍යාප්තිය, කොරල්පර විනාශවීම ආදිය කැපී පෙනෙයි. 2080 වන විට යුරෝපීය කලාපයේ ශාක වලින් 40% ක් ද 2085 වන විට අප‍්‍රිකා වනාන්තර වලින් 25% ක් ද විනාශ වන බව දැනට සොයාගෙන තිබේ. යුරෝපයේ ලැව්ගිනි නිසාවෙන් ඉතාලිය, ස්පාඤ්ඤය වැනි රටවල් විශාල අර්බුධයකට මුහුණ දී සිටියි. 2009 මාර්තු මස පෘතුගාලයේ සහ වයඹදිග ස්පාඤ්ඤයේ ඇතිවූ සාමාන්‍ය ලැව්ගින නිසා හෙක්ටයාර 25000 භූමි ප‍්‍රමාණයක් විනාශ විය. ඉදිරි කාලය තුල මධ්‍යදරනී කලාපයේ ලැව්ගිනි අවධානම ඉහළ අගයක පවතින බව කාලගුණික විද්‍යාඳයින් අවධාරණය කරයි. 

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමගම සමේ පිළිකා ඇතිවීම, ස්වසන ආබාධ, වසංගත රෝග, උශ්ණත්වය හා වර්ෂාපතනය අක‍්‍රමවත් වීම, ආහාර වල ප්‍රෝටීන් ප‍්‍රමාණය අඩුවීම, රෝග කාරකයන්ට සුදුසු පරිසර තත්ත්වයන් නිර්මාණය වීම හා මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම වැනි ගැටලූ රැුසක් ඇතිවීමට ඉඩකඩ පවතී. මේ අනුව පෙනී යන්නේ දේශගුණ විපර්යාසයන් සිදුවීමට නිශ්චිත කාල වකවානුවක් හෝ ප‍්‍රදේශයක් නොමැති බවයි. එය නොයෙක් ආකාරයෙන් විවිධ කලාපයන්ට බලපෑම් ඇති කරයි. වර්තමානයේ අප මුහුණදී සිටින මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වය වෙනස් කිරීමට එක් පැළයක් හෝ රෝපණය කිරීමෙන් ගෝලීය උණුසුම වලක්වා ගැනීමට කටයුතු කළ යුතුය. 
                                                            -අමිල නුවන් මධුසංඛ-

Saturday, June 13, 2015

අපරාදෙ තරුණ ජිවිතේ නිකන් නාස්ති වෙනව...

අපරාදෙ තරුණ ජිවිතේ නිකන් නාස්ති වෙනව...
කොල්ලො ටිකත් එක්ක එහෙ මෙහෙ සවරං ගහපු නාඹර හිරිමල් ගැටය කාලෙ අම්ම නිතරෝම කිව්වෙ, පොඩිඑකෝ... නටන්නෙ නැතිව පොතක් බලාගනින් කියල. කොට කලිසම දික්වෙලා මනමාලකම් මෝදුවෙලා එනකොට අපේ පොත් අස්සෙ නෝට් වලට වඩා වැඩිපුරම තිබුනෙ කුරුටු ගීත. දෙතුන් සීයක් අතරින් කනාවට වගේ කැම්පස් සිලෙක්ට් වුනාම ගමේ උන් විතරක් නෙමෙයි ඉස්කෝලෙ හිටපු සර්ල මිස්ලත් අපි දිහා බැලූවෙ අමුතු සත්තු ජාතියක් දිහා බලනව වගේ. ඒකටත් පට්ට ගේමක් දෙන්න වුනා  කියල දන්නෙ අපිම විතරයි. ටියුෂන් මාස්ටර්ලත් ඒකට වගකියන්න  ඕනි. මොකද කැම්පස් ගැන එයාල මවපු සුරංගනා හීන විසේකාර පිරිමි හිත් වලට හරි අපූරු මෝටිවේට් එකක් වුනා. ජිවිතේ ගැන ඒ තරම් ආලවට්ටම් හීන තිබුනෙ නැතත් කැම්පස් එක ගැන ටිකක් අමුතු විදිහෙ රැඩිකල් හීනයක් හිත් අස්සෙ සායම් තැවරුවෙ කාටත් හොරෙන්.
ඇත්තටම ඒක අමුතු සුරංගනා ලෝකයක් තමයි.
ලෙක්චර් කට් කරල කොල්ලො සෙට් එකත් එක්ක වල බැහැපු දවස්වල කරපු ආතල් වැඩ... ෂා... මරේ මරු. පිකට් එකක් සෙට්වෙච්ච දවසට පාරට බැහැල කෑගැහැව්වෙ නොලැබුණු ඉල්ලීම් දිනාගන්න තිබුණු හැබෑම කැක්කුමකින්. ගහක් යටට වෙලා කොක්කත් එක්ක  ආතල් එකේ ගත කරපු දවස් ලෙක්චර් ගියපු දවස් වලට වඩා වැඩි මිසක් අඩුනම් නෑ.

මේ හැමදේකටම බලපාන්න ඇත්තෙ හොස්ටල් පිට් එක කියලයි දැන් හිතෙන්නෙ. ඒක ලොකු ශක්තියක් වුනා. එක ටවල් එකෙන් ඇඟ පිහදාපු, එක ඇඳුම හෝද හෝද පට්ට ගහපු, හැන්දෑවට චමරියකට සෙට්වෙලා රොත්ත පිටින් වැටිල නිදාගත්තු කාලෙ තිබුණු ෆන් එක ආයෙනම් ලැබෙන එකක් නෑ. අපේ එවුන් අතරෙ තිබුනෙ පුදුම බැඳීමක්. මඟුලක් කපක් වුනහම අතාරින්නෙ නැතිව ඒවට සම්මාදම් වුනේ ඇත්තටම බොක්කෙන්මයි. පොද්දො අලයො අපතයො අතරෙ වැඩකරන මිනිස්සු හිටියෙ හරිම අඩුවෙන්. තමන්ගෙ ගොඩ වැඩිකරගන්න දගලපු සමහර එවුන් එක්සෑම් කාලෙ මෙන්ඩිස් දාල ගිරව දාල ජාම බේරගන්නකොට පොදු වැඩ වෙනුවෙන් මැරීගෙන වැඩ කරපු සමහර වුන් යාන්තම් එක්සෑම් කොඩදාගත්තෙ කාන්තා වීරවරියක් දාපු කුප්පියකට පිංසිද්ධ වෙන්න.
කාලෙ ගෙවිල ගියෙ අපිටත් නොදැනිමයි. නැව් එක දෙක කැම්පස් එකට එන කොට අපි ජේෂ්ඨයො වුනා. යන්න කාලෙ ලංවෙන කොට තමයි තමන්ගෙකම් මතක් වුනේ. අපි ආව කාරණාව මතක් වුනේ. හිත් ඇතුලෙ මතකයන් මහ ගොඩක් තියෙනව. ඒ අපි කරපු කියපු දේවල් වල මතකයන්. ඒත් ඇත්තටම ආපහු හැරිල බලපුවහම මොකක්දෝ අඩුවක් තේරෙනව. මොනවදෝ අතපසුවුණු හැගීමක්. එත් ඒක විස්තර කරන්න තේරෙන්නෙ නෑ. උපාධිය කියල සහතිකයක් අතට ලැබුණත් එකට වටිනාකමක් දෙන්න අපිට බැරිවුනේ ඇයි කියල අපි අපෙන්ම අහනකොට ගොඩක් පරක්කු වැඩියි. 

මේ හැම දෙයක් අතරෙම ආතල් අරුමෝසම් ජිවිත කරත්තෙ නිස්සාරබව තේරෙන්නෙ උපාධි සහතිකෙත් අරන් රස්සාවක් ගන්න රටේ ඉන්න වැදගත් කියාගත්තු සමහර උත්තමයෙක්ගෙ දනින් වැටෙන කොටයි. අපරාදෙ තරුණ ජිවිතේ නාස්තිවෙලා ගියා නේද කියල හිතෙනකොට සුසුමක් හෙලනව ඇරෙන්න වෙන කරන්න දෙයක් මතකෙටවත් එන්නෙ නැහැ.
                                   සටහන :- අමිල නුවන් මධුසංඛ

Friday, June 12, 2015

Pawela Kodu Akase Hinahemin


නන්නත්තාර කුසුමක්

kln.ac.lk
නන්නත්තාර කුසුමක්

මේ කොළඹ අහස යට හරි සීතලයි කියල කව්වොත් මිනිස්සු මට හිනාවෙයි. ඒක මම දන්නව. කොයි තරම් කටෝර උණුසුමක් තිබුනත් ඒක දරාගන්න මට දැන් පුලූවන්. කම්මලේ ඉන්න බල්ල අකුණු වලට බය නැහැනෙ. වගේ තමයි මමත්. කාලයක් තිබුණ මගේ ජිවිතෙත් සරුව පිත්තල හීන වලින් හිරිවැටිල ගියපු. හැමදාමත් හීන අගිස්සෙ සුවඳ හමන මල් පිපුන. දුකක් නෑ හිත කොනකවත්. අදටත් මම හීන වලට ආදරෙයි. දවස්වල හැමෝම මට කිව්වෙ මම හරියට රෝස මලක් වගේ කියල... තරම් ලස්සනයිලූ. ඒත් එහෙම කියපු මිනිසුසුම අද මාව දැක්කම අහක බලාගන්නෙ මං තරම් අවලම් එකියක් තවත් නැති ගානට. උන්ට මාව අවලංගු කාසියක් වෙන්න පුලූවන්. ඒත් උන් නොදන්න එක දෙයක් තියනව. මං අදටත් රෝස මලක්. පෙති තැලෙන්න පුලූවන්, පෙති හැලෙන්න පුලූවන්, සුවඳ නැතිවෙන්නත් පුලූවන්. ඒත් මං රෝස මලක් එදා මංගාවට ආවෙ එක සමනළයෙක් විතරයි. අද සමනල්ලූ විතරක් නෙමෙයි, බඹරුත් එනව. මම මලක් නෙවෙයිනම් ඇයි උන් මං පස්සෙ එන්නෙ...?



මට ඇඟිල්ල දික්කරන මිනිස්සු උපාසකයොද උන් දන්නවද ආපස්සට ඇඟිළි හතරක් දික්වෙලා තියනවයි කියල. වෙන කාටවත් නෙමෙයි උන්ට. උන්ගෙ තියන තිරිසන් කමට. මාව මේ තැනට ගෙනාවෙ කවුද...? කාටවත් ඔය පිරිමි ඇඟ ඇතුලෙ හිරවෙලා තියෙන විත්ති කූඩුවෙන් නිදහසක් ලැබෙයි ද...? නෑ... කවදාවත් නිදහසක් ලැබෙන්නෙ නෑ. මගේ ජිවිතෙත් එක්ක සෙල්ලං කරපු කිසිම එකෙක්ට මං වෛර කරන්නෙ නෑ. එහෙම කලොත් මගෙයි උන්ගෙයි වෙනසක් නැතිවෙලා යනව. මං වටේ හිටියෙ මිනිස්සු නෙමෙයි. තිරිසන්නු. තමන්ගෙ පහත් ආශාවන් මගේ තඹ පාට ඇඟ උඩ සන්තර්පනය කරපු උන් අද මට මේ ලෝකෙන් යන්න කියනව. නෑ මම යන්නෙ නෑ. මාව මේ ලෝකෙන් යවන්න කිසිම එකෙකුට බෑ. දෙනෝදාහක් ඉදිරිපිට මගේ පැත්තට කෙළ ගහල යන මිනිස්සු මගේ ඇස් ඉස්සරහ උන්ගෙ යට ඇඳුම් එකින් එක ගලවනකොට මට ඇතිවෙන්නෙ පිළිකුලක් විතරමයි. සමහරවිට උන් හිතනව ඇති මං උන්ගෙ මස් ගොබ වලට වශී වෙලා කියල. නෑ... මගෙ මූනට එන්නෙ සමච්චල් හිනාවක් විතරමයි.

මං හොදාකාරවම දන්නව කිසිම කෙනෙක් මගේ කතාව අහන්නෙ නෑ කියල. උන්ට පේන්නෙ මගේ රෙද්ද පල්ලෙ ඇලවිලා තියෙන තුත්තිරි විතරයි. උන් ඒකටයි හේතු අහන්නෙ. කෝ මට උත්තර. මං මොනවටද මිනිස්සුන්ට උත්තර දෙන්නෙ...? මොනව රැකගන්නද...? හීන විතරක් නෙමෙයි, මට මාවත් අහිමි කරපු මිනිස්සු අතරෙ, මගෙම කියල හිතපු එවුන්ගෙන්වත් අනුකම්පාවක් නොලබපු මම පුදුම අවාසනාවන්තියක් කියල නොකියපු කෙනෙක් ඉන්න පුලූවන්ද...? ඔව් මිනිස්සු කියන විදිහට මම අවාසනාවන්ත වෙන්න පුලූවන්. ඒත් මම අසරණවෙලා නෑ. ලක්ෂපතියො, කොටිපතියො මගේ ඇඟ උඩට නගින්නෙ උන්ට තියෙන හැම දෙයක්ම අමතක කරල. ඉතින් මම විතරක් මොකටද අහිමි වුන දේවල් වලට තවමත් කඳුළු බොන්නෙ. මම අත්පුඩි ගැහැව්වෙ තනි අතින් නෙමෙයි. අත් දෙකකින්. ඒත් ඒක එහෙම නෙමෙයි වෙලා තිබුනෙ. තනි අතිකින් තමයි මම අත්පුඩි ගහල තියෙන්නෙ. ඒකනෙ මට මෙහෙම වුනේ.

හිතේ ඇතුල් කොනකවත් නෑ අන්තිමට මට උරුම වෙන්නෙ මහපාර කියන හැගීම. මොකද අද මම ඉන්නෙ මහ පොළවට ගව් ගානක් උඩින්. මාව අල්ලන්න පුලූවන් මං ගාව රෙදි ගලවන උන්ට විතරයි. කොළඹ කොටුවෙ ඕනිම තැනකට ගියපුවහම ලාබ බඩු ඕනි තරම් ගන්න පුලූවන්. ඒත් මම කවදාවත් සිල්ලර බඩු විකුණන්නෙ නෑ. සිල්ලර කාසි වලට මගේ සුපර්මාර්කට් එකේ දොර ඇරෙන්නෙ නෑ කියල ඕනි කෙනෙක් දන්නව. සමහරු කියන්නෙ මිනිස්සුන්ට ඕනිම දෙයක් සල්ලි වලට ගන්න පුලූවන්. ඒත් හිතේ සතුට සල්ලි වලට ගන්න බෑ කියල. මොන බොරු කතාවක් ඒක...? මම සතුට මොනර කඩදාසි වලට තොග පිටින් විකුණන්නෙ කියමන් බොරු කරල.

කොළඹ අහස යට විඳුලි කොටල ගොරවල අකුණු ගහල හොද සරුවට වහින දවස්  ඕනි තරම් තියෙනව. කානු පල්ලෙ ගලාගෙන යන බොර වතුර භාජනයකට එකතු කළොත් දෙතුන්පාරක් පෙරනකොට පිරිසිදු කරගන්න පුලූවන්. ඒත් වගේද මං...? සිය පාරක් පෙරල ගත්තත් පිරිසිදු කරන්න පුලූවන් ජිවිතයක් මට තියෙන්නෙ...? මම දන්නෙ නෑ. මට තේරෙන්නෙ නෑ. නමක් නැති, ගමනාන්තයක් නැති මගේ ජිවිතේට බලාපොරොත්තුවක් දෙන්නෙ කවුද කියල...

                                 සටහන - අමිල නුවන් මධුසංඛ