දොරකඩ අස්න

Tuesday, July 14, 2015

පරිසරය සුරකින පනත්


පරිසරය සුරකින පනත්

වෙරළ සංරක්ෂණ පනත

•(1988 අංක 56 දරණ පනතින් හා වරින් වර අවස්ථා කිහිපයක දී සංශෝධනයට ලක් වූ 1981 අංක 57 දරණ පනත)

වෙරළ රුක ගැනීමට අවශ්‍ය වැදගත් නීති ප‍්‍රතිපාදනය වන්නේ වෙරළ සංරක්ෂණ පනත මගිනි.
රටේ සංවර්ධන ක්ෂේත‍්‍රය වර්ධනය වනවාත් සමග වෙරළ පද්ධතිය ශීඝ්‍රයෙන් දූෂණය වේ. මෙහිදී වෙරළේ ආරක්ෂාව සම්බන්ධව දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශය. සංචාරක හෝටල් සේවය නංවාලීමේ දී වෙරළ පිළිබඳ දැඩි අවධානයක් ලක් කෙරෙයි.
වරාය හා ධීවර වරායන් ඉදිවීමත් සමගම පරිසරයට හානිකර නොයෙකුත් ද්‍රව්‍යයන්ගෙන් හා ඉන්ධන වර්ග වලින් වෙරළ තීරයට හානි සිදුවේ. මේ පිළිබඳව සොයා බලා කටයුතු කිරීම මෙම පනතින් සිදුවේ.
වෙරළ සංරක්ෂණ පනත යටතේ කි‍්‍රයාත්තමක වන වෙරළ සංරක්ෂණ අධිකාරිය රටේ ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගෙන තිබේ. මේ යටතේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කෙරේ. නීතියෙන් අවසරයලත් සීමා හා කොන්දේසිවලින් ඔබ්බට ගොස් සිදු කරන ඉදිකිරීම් හා ව්‍යාපෘතීන් ද අවධානයට ලක් කෙරෙයි.

ධීවර හා ජලජ සම්පත් පනත

•(වර්ෂ 2006 අංක 22, 2004 අංක 4 හා 2000 අංක 4 පනත් වලින් සංශෝධනය වූ 1996 අංක 02 දරණ පනත)

මෙම පනතින් ධීවර හා ජලජ සම්පත් සම්බන්ධයෙන් බලපැවැත්විය යුතු නීතිමය ප‍්‍රතිපාදන සිදු කෙරෙයි. මෙහි ඇතුළත් සියලු නීති පරිසරය ආරක්ෂා වන ආකාරයෙන් සකසා ඇත. විශේෂයෙන් වෙරළ තීර කෙරෙහි ද, රටේ අභ්‍යන්තරයේ ඇති මිරිදිය ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබේ. මෙම පනතින් රීතින් පනවා පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු සලසා ඇත.
මුහුදු ජලය අපවිත‍්‍ර වීම වැළැක්වීමේ පනත



•(1981 අංක 59 දරණ පනත)

මෙම පනත් මූලික අරමුණ වී ඇත්තේ රට තුළ ඇති ජලය අපවිත‍්‍ර වීම වළක්වා ගැනීමය. විශේෂයෙන්ම මුහුදු ජලය අපවිත‍්‍ර වීම වළක්වාලීමට හා මුහුදු ජලය හා ඒ ආශි‍්‍රත වන අපවිත‍්‍රවීම් හා ජලය දූෂණය වීම වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුතිය මෙරට කි‍්‍රයාත්මක කිරීම මෙම පනතේ මූලික අරමුණය.
මෙමගින් ජලය ආශි‍්‍රත පරිසරය ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රතිපත්ති සකස් කොට ඇත.
තුරුලතාවන්ට හා වන සත්ව ආරක්ෂාවට සම්බන්ධ පනත

•(1993 අංක 49 හා 1970 අංක 01 දරණ පනත්වලින් සංශෝධිත 1964 අංක 44 දරණ පනත)

මෙම පනත සංශෝධනය වී ඇත්තේ රට තුළ තුරැලතා හා වන සතුන් ආරක්ෂා කිරීම පිණිසය. දිනෙන් දින ඉහළ යන මිනිස් කි‍්‍රයාකාරකම් හා සාමාජීය සංවර්ධනය සමග වනාන්තර පද්ධතිය දැඩි තර්ජනයකට මුහුණ පා තිබේ. මිනිසාගේ ආහාර අවශ්‍යතා හා විවිධ හේතූන් නිසා වන සත්තු ද විශාල තර්ජනයකට මුහුණ පා සිටිති. තුරැලතා හා වන සතුන් පරිසරයේම කොටසකි. එහෙයින් ඒවායේ විනාශය වැළැක්වීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සැකසීම මෙම පනත මගින් සිදු කෙරෙයි.

කැලෑ ආඥා පනත

•(1995 අංක 23, 1998 අංක 84 හා 1982 අංක 13 පනත්වලින් සංශෝධිත 1907 අංක 16 දරණ පනත)

මෙය ඉතා පැරණි පනතකි. මිනිස් කි‍්‍රයාකාරකම් හමුවේ වනාන්තර ආරක්ෂා කිරීම සඳහා කලින් කලට මෙම පනතෙහි සංශෝධන සිදු කර නීතිමය ප‍්‍රතිපාදන සකස් කර ඇත. විශේෂයෙන්ම වනාන්තර විනාශ කරන්නන්ගේ තරාතිරම හා අවශ්‍යතාව පිළිබඳව නොසලකා දඬුවම් දීමට හැකි ආඥා පනතක් ලෙස මෙය හැඳින්වෙයි. මෙම පනතේ මූලික අරමුණ වී ඇත්තේ ද පරිසරය ආරක්ෂා කර ගැනීමය.
පැළෑටි ආරක්ෂා කිරීමේ පනත

•(1999 අංක 16 දරණ පනත)

මෙම පනතින් සිදුවන්නේ ශී‍්‍ර ලංකාව තුළ සිදු කරන බෝග වගාවන්ට හානි කරන්නා වූ කුමන අන්දමේ ජීව ශාක කොටස් වර්ග වුවද රට තුළ පැතිර යාම වැළැක්වීම හා වගාබිම් විනාශ මුඛයට ඇද දමන ශාක වර්ගවලින් මෙරට බෝග වගා ආරක්ෂා කර ගැනීමය.
රට තුළට ගෙන එන විදේශීය ශාක වර්ග හා බීජ වර්ග හේතුවෙන් විවිධාකාර අහිතකර බලපෑම් සිදුවෙයි. එමගින් සමස්ත පරිසරයට එල්ල වන්නේ දැඩි තර්ජනයකි. මෙම පනතින් රට තුළ ඇති බෝග වගාව ආරක්ෂා කර ගැනීමට ප‍්‍රතිපාදන සකසා ඇති අතර එම ප‍්‍රතිපාදනවලට එරෙහි වන්නන් හට දඬුවම් ලබා දීමේ ක‍්‍රමවේදයක් ද සකසා තිබේ.

ගස් පෙරලීම පාලනය කිරිමේ පනත

•(වර්ෂ 2000 අංක 1 දරණ සංශෝධිත පනතින් සංශෝධනය වූ 1951 අංක 9 දරණ පනත)

කැලෑ ආඥා පනත තිබිය දීම මෙම පනත ගෙන ඒමේ මූලික අරමුණ වී ඇත්තේ ද වන සම්පත ආරක්ෂා කිරීමයි. මෙහිදී තව දුරටත් වෘක්ෂලතා ආරක්ෂා කර ගැනීමට සඳහා ප‍්‍රතිපාදන සකසා ඇත. මීට විරැද්ධව කටයුතු කරන්නන් හට දඬුවම් පැමිණවීමේ කි‍්‍රයාපටිපාටිය හොඳින් ආවරණය කර ඇත.
පස ආරක්ෂා කිරීමේ පනත

•(වර්ෂ 1996 අංක 24 දරණ හා 1953 අංක 29 දරණ පනත්වලින් සංශෝධිත 1951 අංක 25 දරණ පනත)
මෙම පනත ඇති කිරීමේ ප‍්‍රධාන අරමුණු වන්නේ පස ඛාදනය වීම වැළැක්වීම හා එය අවම කර ගැනීමට කටයුතු කිරීම යි. මිනිස් කි‍්‍රයාකාරකම් නිසා පසට ඇතිවන ඕනෑම බලපෑමක් තවත්වාලීම හා එසේ කරන පුද්ගලයන් හට දඬුවම් ලබාදීමට මෙමගින් හැකියාව ලැබේ.
පුරා වස්තු පනත

•(1998 අංක 24 පනතින් සංශෝධනය කරන ලද 1940 අංක 9 දරණ පනත)

පුරාවස්තු සංරක්ෂණය කොට ආරක්ෂා කරගැනීම උදෙසා මෙම පනත මගින් ප‍්‍රතිපාදන සකසා ඇත. විශේෂයෙන්ම 1998 සංශෝධන පනත ගෙන ඒමත් සමගම නීති ක්ෂේත‍්‍රය කැලඹීමකට ලක්විය. මන්ද මෙම පනතේ විධිවිධාන කඩකරන පුද්ගලයන්ට දැඩි දඬුවම් ලැබෙන ආකාරය දක්වා ඇත. පරිසරය විනාශ මුඛයට ඇඳ දමමින් පුරා වස්තුවලට හානි පමුණුවන කවරකුට වුවද දැඩි දඬුවම් හා දඩ නියම කිරීම මෙමගින් සිදු කෙරෙයි.
කර්මාන්තශාලා ආඥා පනත

•(1976 අංක 12, 1971 අංක 29, 1965 අංක 17, 1961 අංක 54, 1946 අංක 22 පනත් මගින් සංශෝධිත 1942 අංක 45 දරණ පනත)

මෙම පනත මගින් කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සඳහා අවශ්‍ය බලපත‍්‍ර නිකුත් කිරීමට අදාළ ප‍්‍රතිපාදන සකස් කෙරෙයි. පරිසරයට හානි නොවන පරිදි ඒවා හැඩගස්වා ගැනීමට අවසර ලබා දීමට අවශ්‍ය නීති සමුදායක් හඳුන්වා දී තිබේ. කාර්මිකරණයට ලක්වන ලෝකයක් තුළ පරිසරය සුරුකීමට අවශ්‍ය නීතිතමය ප‍්‍රතිපාදන සකස් කිරීම මෙයින් සිදුවේ.

නාගරික සංවර්ධන අධිකාරි පනත

•(1978 අංක 41 දරණ හා 1979 අංක 70 පනතින් සංශෝධිත)

නාගරික සංවර්ධන අධිකාරිය මගින් හඳුන්වාදෙන සැලසුම් දිරිගැන්වීම ද ආර්ථික, සමාජීය හා භෞතිකමය සංවර්ධනය ඇති කිරීමට මෙම පනත සම්මත කොට ගෙන ඇත. ඒ අනුව අනවසර ඉදිකිරීම් හා පාරිසරික හානිකර තත්ත්ව මගින් වන සැලසුම් ප්‍රතික්ෂේප කිරීමටත්, පනත උල්ලංඝනය කරමින් ක්‍රියා කරන්නන් හට විරැද්ධව නීතිමය පියවර ගැනීමට අධිකරණයට යොමු වීමේ බලය පළාත් පාලන ආයතන වෙත පවරා තිබීම වැදගත් කරැණකි.

නාගරික සංවර්ධන ආඥා පනත

•(1979 අංක 57 දක්වා වරින් වර 35 වරක් සංශෝධනයට ලක් වූ 1939 අංක 61 දරණ පනත)

මෙම පනතේ අරමුණ ශ්‍රී ලංකාව තුළ පළාත් පාලන ආයතන පිහිටුවිමය. ඒ අනුව ප්‍රාදේශීය වශයෙන් ඇතිවන සංවර්ධනයක දී මහජනතාව වෙනුවෙන් සෞඛ්‍යමය හා පාරිසරික සංවර්ධනයට මෙමගින් ප්‍රතිපාදන සලසා ඇත.

නගර සභා ආඥා පනත

•(1947 අංක 29 දරණ පනත)

මෙම ආඥා පනතේ ප්‍රතිපාදන නාගරික පළාත් මත විහිදී ඒ අනුව ජනතාවගේ අවශ්‍යතා පරිදි සමාජමය, සෞඛ්‍යමය හා පාරිසරික සංවර්ධනය සිදුකිරිම අරමුණු කොට ගෙන ක්‍රියාත්මක කෙරෙයි.
132 පනතේ සිට විහිදී ඇති වගන්ති ගණනාවකින් පරිසරය ආරක්ෂා කිරීම හා ජනතා සෞඛ්‍යමය වර්ධනය කිරීම සඳහා වැදගත් ඇතිපාදන සකසා ඇත. මෙම ප්‍රතිපාදන එකිනෙකට බැඳී පවතින ප්‍රතිපාදන සමග එක්වී පරිසරයේ ආරක්ෂාවට විශාල දායකත්වයක් ලබාදෙයි.

ප්‍රාදේශීය සභා පනත

•(සංශෝධනය වී ඇත 1987 අංක 15 දරණ)

මෙම පතන මගින් එක් එක් ප්‍රදේශයට අයත් පරිසර තීන්දු තීරණ ගැනීමට ප්‍රදේශීය සභා පිහිටුවා ඇත. මෙහිදී සෞඛ්‍යමය වශයෙන් හා පාරිසරික වශයෙන් හිතකාමී ලෙස ප්‍රාදේශීය සංවර්ධන කටයුතු කළ යුතුය. දැනට පවතින මධ්‍යම පරිසර අධිකාරිය හා ප්‍රාදේශීය සභා අතර පරිසර සුරුකීමට ගන්නා වූ තීන්දු තීරණ විශාල ප්‍රමාණයක් ඇත. ඒ අනුව පළාත් පාලන කටයුතුවලින් පරිසර ආරක්ෂාවට ඇති ප්‍රතිපාදන බොහෝ ඇත.

ජාතික උරැමයන් හා ප්‍රාදේශීය පිළිබඳ පනත



•(988 අංක 03 දරණ පනත)

මෙම පනත මගින් ශ්‍රී ලංකාව තුළ ජාතික උරැමයන් ප්‍රකාශයට පත් කිරීම මූලිකවම සිදු කරයි. ජාතික ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම නිසා ඒවා සංරක්ෂණය හා ආරක්ෂාව සිදුකිරීම ඇරඹුණි. සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළ ද ඒවාට අවසරය ලබාදීම පනතේ සීමාව තුළ සිදු නොවේ. මෙම පනත පාරිසරික ආරක්ෂාවට හා සංරක්ෂණයට ඇති තවත් ව්‍යාපෘතියකි.


අමිල නුවන් මධුසංඛ

ශ්‍රී ලංකාවේ ආදිවාසීන්

ශ්‍රී ලංකාවේ ආදිවාසීන්
 

විජයාගමනයෙන් ඇරඹි හෙළ-ආර්ය ගැටුම අවසන් වී ආර්යයන් හෙළයින් සමග මුසු වන්නේ පණ්ඩුකාභය රජ සමයේ දී ය. මහවංශයට අනුව පණ්ඩුකාභය රජුගේ මවු වුයේ පඬුවස්දෙව් රජුගේ එකම දියණිය වු උන්මාද චිත්‍රා දේවියයි. ඔහුගේ පියා වුයේ දීඝගාමිණී ය. ඔහු පඬුවස්දෙව් රජුගේ බිසව වු භද්දකච්චනාගේ සොයුරෙකු වු දිඝායුගේ පුත්ය. නමුත් වෙනත් මුලාශ්රඝයන්ට අනුව නම් දීඝ ගාමිණි හෙළයකි . එබැවින් පණ්ඩුකාභය කුමරුගේ මව ආර්යයෙක් වන විට පියා හෙළයකි. එබැවින් ඔහු හෙළයන් ට හෙළයෙක් ද ආර්යයන් ට ආර්යයෙක් ද විය. මේ නිසාම ආර්යය ආධිපත්ය යට එරෙහිව හෙළයින් පණ්ඩුකාභය වටා රොක් වන විට ආර්යයන් ද ඔහුගේ නායකත්වය පිළිගත්තේය. ඉන් පසු ආර්යයෝ හෙළයින් සමග මුසු වුහ.
                                               
ඉන් පසුව විවිධ යුගයන් හි ඉන්දියාවේ විවිධ පළාත් සිට පැමිණි ආර්යයෝ මෙන්ම ද්රගවිඩයෝ ද සිංහල ජාතියට මුසු වුහ. එසේ මුසු වු වන් අතර අරාබි , චීන සහ මැලේ ජාතිකයෝ ද වුහ. මෙම මුසු වීම බටහිර ජාතීන් මෙරටට පැමිණීම තෙක් ම අඛණ්ඩව සිදුවිය. සිංහල ජාතිය සංක්රටමණිකයින්ගෙන් පෝෂණය වුණු අයුරින්ම කැලයේ සිටි වැදි ජනතාවද විවිධ කැලෑ වැදීම් තුළින් පෝෂණය විය. සිංහලයේ කිරුළ පතා කෙරුණු අභ්යකන්තර අරගලයන් හි පරාජයට පත් පිරිස් වසර දහස් ගණනාවක් පුරා සිදු කළේ එක්කෝ ඉන්දියාවට පලා යෑමයි. නැතහොත් කැලෑ වැදී වැදි ජනතාවට එක් වීමයි. 
           
                                     
අවසන් වරට එසේ වැදි ජනතාව සමඟ මුසු වුයේ 1848 නිදහස් අරගලයට එක් වි සුදු ආක්රමමණිකයාගේ උදහසට ලක් වු වෙල්ලස්ස ජනතාවයි. මේ අනුව පෙනි යන්නේ සිංහල ජනතාව මෙරට වසර දස දහස් ගණනාවක් ජීවත් වු බවත් පසු ගිය වසර දෙදහස් පන්සිය තුළ වරින් වර සිංහලයන්ගෙන් වෙන්වී කැලෑ වැදුණු පිරිසගෙන් වැදි ජනතාව බිහිවු බවත්ය. එබැවින් වැදි ජනතාව ආදිවාසීන් ලෙස හැදින්වීම ඔවුන්ට වඩා දිගු ඉතිහාසයක් ලක් පොලවේ ඇති සිංහලයින්ට කරන අවමානයකි. එපමණක් නොව සිංහලයන්ට ලක් පොලවට ඇති අද්විතීය අයිතිය අභියෝගයට ලක් කිරීමකි. සිංහලයා මෙරය අනන්ය වු ජන කොටසක් පමණක් නොව මෙරට ආදිවාසීහුය. එබැවින් සිංහලයාගේ ආදිවාසිකම සොරාගෙන වැදි ජනයාට පැලැන්දීමෙන් සිංහලයා තවත් එක් සංක්රවමණික ජන කොටසක් බවට පත්වේ.

අමිල නුවන් මධුසංඛ

සතුටින් ජීවත් වෙන්න

kln.ac.lk
සතුටින් ජීවත් වෙන්න 



වර්තමානයේ බොහෝ දෙනා පිටතින් සතුටින් සිටිනවා සේ විදහා දැක්වුවත්  බොහෝ විට ඇතුළාන්තයෙන් ශෝකයෙන් , සාංකාවෙන් බියෙන්  චකිතයෙන් සිටින්නෝ වෙති. පගේ සතුට බොහෝ විට අප ළඟම ඇතත් බොහෝ දෙනා ඒවා බාහිර දේවල් වෙතින් බලාපොරොත්තු වෙති.
උදාහරණ ලෙස ගතහොත් ඇතමෙක් තමා හට හැඩකාර තරුණියක ඇත්නම් තමා සතුටින් සිටියි යැයි සිතති. ඇතැම් කාන්තාවක තමා හට වත්කම් ඇති සැමියෙක් සිටියොතින් තමා සතුටින් ඇතැයි සිතන්නීය. තවකෙක් තමාට වටිනා මෝටර් රථයක් ඇත්නම් තමා සතුටින් සිටියි යැයි සිතයි. තවත් අයෙක් තමන් හට වටිනා ජංගම දුරකතනයක් ඇත්නම් තමා සතුටින් සිටින්නේ යැයි සිතති. ඇත්තෙන් ම මේ සතුට මායාවක්ම නොවේද? තමාට තමාවම සතුටින් තබා ගත නොහැකිනම්  තමාට පරිබාහිර අයෙක් හෝ දෙයක් තමාව සතුටින් තබන්නේ කෙසේද ? මඳක් සිතා බලන්න. ඉහත මා දැක් වූවා වූ උදාහරණයන් හිදී  හැඩකාර තරුණියට යම් කුෂ්ට රෝගයක් වැළඳුන හොත්  ධනවත් සැමියා හදිසියේ බංකොළොත් වුවහොත් වටිනා මෝටර් රථය හදිසි අනතුරකින් කැඩී ගියහොත්, ජංගම දුරකතනය යමෙක් සොරකම් කළහොත් ඔබගේ සතුට ඔට්ටුවට තබා තිබූ බාහිර දෙය නැති වනවා නේද?
මෙයමයි ගෝතම බුදුන් 
අත්තාහි අත්තනෝ නාථෝ
කෝ හි නාථො පරෝ සියා
අත්තනා’ ව සුදන්තේන
නාථං ලභති දුල්ලභං
තමාට පිහිට තමාමය. වෙන කවරකු තමාට පිහිට වේද? තමා මනාව දැමුණූ කල්හි දුර්ලභ වූ පිහිටක් ලබන්නේය යනුවෙන් දේශනා කළේ.
කෙසේ වෙතත් මා මෙහිදී තවත් දෙයක් සඳහන් කළ යුතුම ය. මේ ජනසමාජයේ බොහෝ දෙනා අතීතය පිළිබඳ තැවෙමින් සිටිති. තමා කළ හෝ නොකළ දේ පිළිබඳ සිතා  ඒ සිතුවිලි තුළ ම මැරි මැරී උපදිති. උදාහරණයක් ලෙස ගතහොත් තමා තවත් මහන්සි වී අධ්‍යාපන කටයුතු කළා නම් විශ්ව විද්‍යාලයට යන්නට තිබුණා නොවේද ? එයින් පසු හොඳ රැකියාවක් ලබා ගන්නවා නොවේදැයි සිතනු ඇත. එසේම බොහෝ දෙනා අනාගතයේ ඇතිවිය හැකි දේවල් නිසා තැවි තැවී සිටිනන් වෙති. හෙට දිනයේ ඇති සම්මුඛ සාකච්ඡාව කෙසේ වේවිද? අනාගතයේ මා හට ජීවත් වීමට මුදල් ලැබේවිද? හෙට දිනයේ තරගයෙන් මා දිනයිද? යනුවෙන් තැවීම මෙයට උදාහරණ වෙයි. ඇත්තෙන්ම මේ අතීතය සිදුවී අවසන් ය. මේ අනාගතය තවමත් සිදුවී නැත්තේම ය. එසේ නම් ඔබ දැන් සිටින්නේ කොතැනද?
ඔබ ජීවත් වන්නේ දැන් නොවේද? ඔබ ගන්නා මේ හුස්ම දැන් ගන්නා හුස්ම නොවේද? ඔබට මනස විවෘත කර තත්ත්වය නිළය  බලය කිසිවක් නොසිතා දැන් ජීවත් වන්නට පුළුවන්ද? එසේ හැකි නම් ඔබ දැනටමත් සාර්ථක මිනිසෙකි. නමුත් බොහෝ දෙනාට මේ මානසිකත්වය නැත්තේම ය. අද ඇති නිළ බලය තත්ත්වය හෙට නැති වුවත් ඔබ හුස්ම ගන්නවා නොවේද ? නැතිවන සෑම බාහිර දෙයක්ම නැවතත් ලබාගත හැකිය. ඔබ කළයුතු යමක් සමාජය විසින් තමාව ලජ්ජාවට පත් කරාවි යයි සිතා නොකර සිටීමෙන් පසුව පසුතැවිලි වන්නේ ඔබම නොවේද? මෙසේ සිතන්න.ඔබ පිරිමියෙකි. පාරේ යන කාන්තාවක හදිසි අනතුරකට මුහුණ පා මහමග වැටී සිටින්නී ඔබ ප්‍රථමාධාර දන්නේ නමුදු ඇයගේ උඩුකය නිරාවරණය කර කෘතිම ස්වසනය හා හෘද ස්පන්දනය ලබා දුන්නේ නම් ඇය ජීවත් කරවීමේ වාසනාව ඇතත් උඩුකය නිරාවරණය නිසා සමාජයෙන් නිගා ලැබිය හැකිය යන අනියත බිය නිසා ඔබ එසේ නොකර ඈ මිය යන්නීය. දැන් ඔබගේ සතුට කොතැනද? ඔබගේ මාන්නය නිසා තවත් ජීවිතයක් අහිමි වූවා නොවේද? ඔබට මේ සිතිවිල්ල සෑමදා මනසේ රැව් පිළිරැව් නොදෙන්නේද?

අනාගතය වෙනුවෙන් සැලසුම් සදන්න. අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න. නමුත් අනාගතයේ හෝ අතීතයේ ජීවත් වීමෙන් වර්තමානයේ සැනසුම විනාශ කරගන්නට එපා! ජීවිතයේ ගෙවෙන හැම තත්පරයක්ම තමාට සහ අනුනට වැඩදායක වන යමක් කරන්න. මතක තබාගන්න ඔබ ගන්නා සෑම හුස්මක්ම දැන් ගන්නේ නම් ඔබ සිතන සෑම සිතිවිල්ලක්ම දැනට අදාළව සිතන්න. ඔබ සතුටින් සිටියි නම් ඔබ වටා සිටින සැවොම සතුටින් සිටිති.
                                                                                                  අමිල නුවන්  මධුසංඛ

පවුලේ ඓතිහාසික විකාශනය

පවුලේ ඓතිහාසික විකාශනය

Kathlean Gouch සඳහන් කරන ආකාරයට මානව ඉතිහාසයේ මුල්ම අවධියේ මිනිසාගේ පැවැත්මද බැබුන් හෝ චිම්පන්සින් වැනි සත්වයින්ට සමාන විය.එසේම දඩයම් යුගයේදී ස්ත්‍රී හා පුරුෂයින් සංවාසයේ යෙදෙන ස්ථාන ගොඩනගා ගත් අතර පුරුෂයින් දඩයමේ ගිය පසු ස්ත්‍රීන් සහ දරුවන් මෙම ස්ථානවල තනි විය.නමුත් මිනිසා පවුලක් ලෙස සංවිධානය වීම ආරම්භ වී ඇත්තේ භාෂාව භාවිතය ආරම්භ කිරීම,ආහාර පිසීම,ගින්දර සොයා ගැනීම වැනි සංවර්ධනයන් ඇතිවීමත් සමගය.
මුල්කාලීනව පරම්පරා කිහිපයකින් යුතුව ගෝත්‍ර වශයෙන් ජීවත් වූ අතර පසුව පවුල පරම්පරා පරම්පරා දෙකකට තුනකට සීමා විය.මෙය විස්තෘත පවුලයි.වැඩවසම් සමාජ අවධියේ වඩාත් ප්‍රබලව පැවතියේ විස්තෘත පවුල් ක්‍රමයයි.නමුත් කාර්මීකරණය සමග ඇතිවන සමාජ වෙනස තුළින් න්‍යෂ්ටික පවුල් රටාව ඇති වේ. විස්තෘත පවුල තුළ දරුවන්,ඔවුන්ගේ දරුවන් හා දෙමාපියන් වශයෙන් පරම්පරා තුනක සාමාජිකයින් සිටී. විස්තෘත පවුල හා න්‍යෂ්ටික පවුලට අතරමැදි පවුලක් ලෙසට බද්ධ පවුල දැක්විය හැකිය.එය ඉන්දියානු සමාජයේ දැකිය හැකිය. එහි ජීවත්වූයේ පරම්පරා දෙකක සාමාජිකයන් පමණකි. කාර්මීකරණයත් සමගම විස්තෘත පවුලේ සාමාජිකයන්ට රැකියාව සඳහා ජීවත්වන ස්ථානයෙන් බැහැරව යාමට සිදුවිය.මෙසේ යාමේදී සාමාජිකයන් සියලු දෙනාම නගරයට ගෙනයාමට නොහැකි විය.ඒ අනුව කුඩා පවුල් නිර්මාණය විය. න්‍යෂ්ටික පවුලට අයත් වූයේ දෙමව්පියන් හා දරුවන් පමණකි.න්‍යෂ්ටික පවුල බිහිවීමත් සමග අනෙකුත් ඥාතීන්ගෙන් දුරස්වීමක් සිදුවිය.එය නිදහස පිළිබඳ අදහස මත බිහිවු පවුලක් ලෙස දැක්විය හැකිය.මව පියා දරුවන් මෙම පවුලේ සාමාජිකයන් වෙති.
වර්තමානය වන විට පවුල කුඩාවෙමින් පවතී.එම නිසා පවුල් ප්‍රතිපත්ති සෑදීමට සිදු වී තිබේ. 2004 වර්ෂය year of the family ලෙස නම් කර තිබේ. පවුලක සාමාජික සංඛ්‍යාව අඩුවීමට බලපා ඇති හේතු සඵලතාවයේ ශිඝ්‍ර බැස්මට හේතුන් වන්නේ
  • පවුලේ සාමාජිකයන් විදේශගත වීම
  • විවාහවන වයස ඉහළ යාම
  • ගබ්සාවන් හා පවුල් සැලසුම් භාවිතය
  •  පරම්පරා අතර ගැටුම
  • දික්කසාද වීමේ ප්‍රවණතාවය වැඩිවීම
  • එකට ජීවත්වීම(living together)
  • න්‍යෂ්ටික පවුලක් සාදාගැනීමට වැඩිදෙනෙකු කැමතිවීම
පවුලේ කාර්යභාරය
පවුල් සංස්ථාව සමාජයේ පවතින්නේ එහි ව්‍යුහාත්මක ස්වරූපය මත නොව එමගින් සමාජයට ඉටුකරන කාර්යභාරය මතය.එමගින් අදහස් කරන අන්දමට පවුලේ ව්‍යුහය යනු පවුලෙන් අපේක්ෂා කරන කාර්යභාරය ඉටුකිරීම සඳහා ඒ ඒ සමාජයට අනුව පවුල හැඩගැසී ඇති ආකාරයයි.
William J.Good (1964) පවුලේ කාර්යභාරය ලෙස දක්වන්නේ
  • දරුවන් බිහිකිරීම
  • සමාජ අනන්‍යතාවය පැවරීම
  • සමාජානුයෝජනය
  • සමාජ පාලනය යනාදියයි

මර්ඩොත්ගේ ඉදිරිපත්කිරීම් අනුව ගත්විට ද ලිංගික කාර්යය,ප්‍රජනනය,අධ්‍යාපනය සමාජානුයෝජනය හා ආර්ථික සහයෝගීතාවය පවුලක කාර්යභාරය වේ. ටැල්කොට් පාසන්ස් (1971)අනුව පවුලේ විශ්වීය කාර්යයන් දෙකක් ඇති බව දක්වයි.
  • සමාජානුයෝජනය
  • පෞරුෂ වර්ධනය
මේ අනුව පවුලේ කාර්යයන් ප්‍රධාන වශයෙන් 04ක් තිබේ.

1.ජීව විද්‍යාත්මක කාර්යය
2.ආර්ථික කාර්යය
3.සංස්කෘතික කාර්යය
4.මනෝවිද්‍යාත්මක කාර්යය
වර්තමානයේ පවුලෙන් ඉටුවිය යුතු කාර්යයන් වෙනත් ආයතන මගින් සපුරාගැනීම නිසා පවුලට තිබෙන වටිනාකම පවුලක අවශ්‍යතාවය අඩු වී තිබේ. තවදුරටත් පවුල යන ඒකකය සමාජයේ පැවතීමේ අවශ්‍යතාවයක් නොමැති බව Spiro යන පුද්ගලයාගේ අදහස වේ.ඒ සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන,පාසල යනාදී ආයතන බිහි වී තිබේ.


අමිල නුවන් මධුසංඛ

Monday, July 13, 2015

සමහරු මාව දවසකට සල්ලි වලට ගන්න උත්සාහ කරනව

සමහරු මාව දවසකට සල්ලි වලට ගන්න උත්සාහ කරනව
ජෝන් ඒබ‍්‍රහීම්


සරාගී ආකර්ශනීය සිරුරකට උරුමකම් කියන නළුවන් අතරේ ජෝන් ඒබ‍්‍රහීම් කියන්නෙ වෙනස්ම ආකර්ශනයක් තියෙන නළුවෙක්. දඟකාර කෙහෙරැළි, සරාගී දෙනෙත්, කඩවසම් සිරුර කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් පිස්සු වට්ටනව. කාලයක් ජෝන් ජනප‍්‍රිය වෙලා හිටියෙ බිපාෂාගෙ ආදරනීය පේ‍්‍රමවන්තය විදිහට. ඒත් දැන් ඒ අය වෙන් වෙලා. කොහොම වුනත් ජෝන්ට තියෙන ආකර්ශනයනම් අඩුවෙලා නැහැ. පා, ඩූම්, කාල්, වෝටර්, බාබුල්, නිව්යෝර්ක්, රේස් 2 වගේ චිත‍්‍රපටි වල අමතක නොවන රංගනයක නියැළුණු ජෝන් සැබෑම දක්ෂයෙක්. පහුගිය දවසක රූපවාහිනී වැඩසටහනකදි නිවේදිකාවක් ජෝන්ගෙන් අපූරු ප‍්‍රශ්න ටිකක් අහල තිබුණ. අපි බලමු එයා කොහොමද ඒ ප‍්‍රශ්න වලට උත්තර දුන්නෙ කියල...

ඇයි දැන් ජෝන් වැඩිය පේන්න නැත්තෙ...?
ඒකට හේතුවක් තියෙනව. මොකද මම දැන් රඟපාන්නෙ තෝරාගත්තු හොද නිර්මාණ වල විතරයි. ඒ දවස්වල මම ලැබෙන හැම නිර්මාණයක්ම වගේ බාරගත්ත. ඒත් පස්සෙ කාලෙක මට තේරුනා ඒක මහ මෝඩ වැඩක් කියල. ඒකයි මම දැන් වැඩිය පේන්න නැත්තෙ. 

එහෙම නැත්නම් බිපාෂ ඔබෙන් වෙන් වුනේ ඔබේ ජනප‍්‍රියත්වයත් අරගෙනමද...?
කොහෙත්ම නැහැ. මගේ ජනප‍්‍රියත්වයට හේතු වුනේ බිපාෂා නෙවෙයි. මගේ දක්‍ෂතාවයයි. අපි ආදරය කරන කාලෙ අපිට එකට රඟපාන්න ගොඩක් අවස්තාවන් ලැබුණ. ඒ චිත‍්‍රපටිත් ජනප‍්‍රිය වුනා. ඒකයි මිනිස්සු එහෙම හිතන්නෙ. ඒත් බිපාෂගෙන් වෙන්වුණාට පස්සෙත් මම රඟපාපු ගොඩක් චිත‍්‍රපටි සාර්තක වුනා. අදටත් මම ජනප‍්‍රිය යි. 

සමහරු කියනව ඔබ දක්‍ෂ නළුවෙක් නෙමෙයි කියල...
ඒක ඉතින් එක එක්කෙනාට හිතෙන හැටිනෙ. මම කොහාමද ඒ දේවල් වලක්වන්නෙ. මම දක්‍ෂ නැතිනම් මට චිත‍්‍රපටි ලැබෙන්නෙ නැහැනෙ. මම අදක්‍ෂයෙක් වුනානම් ජෝන් කියල කෙනෙක් පේ‍්‍රක්‍ෂකයන්ට අමතකවෙලා තියේවි.

සිරුර ප‍්‍රදර්ශනය කරන්නෙ ජනප‍්‍රිය වෙන්න හිතාගෙනද...?
නැහැ. එහෙම පහත් මානසිකත්වයක් මට නැහැ. ලස්සන කඩවසම් කොල්ලෙක්ට සුපිරි ඇඟක් තියෙනව තරම් සතුටක් තවත් කොයින්ද...? ඉතින් මටත් ඒ ආඩම්බරේ තියෙනව. මගේ ඇඟ දැකල කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් පිස්සු වැටෙනවනම් ඇයි මම ඇඟ පෙන්වන්න දෙපාරක් හිතන්නෙ. ඒක මගෙ වාසනාව.

ජෝන් අයිකන් එකක් කියලද ඔබ හිතන්නෙ...?
ඔව්... තාරුණ්‍ය ඇතුලෙ ජෝන් කියන්නෙ අයිකන් එකක් තමයි. හැමෝටම මම අයිකන් එකක් නොවෙන්න පුළුවන්. ඒත් අද ජෝන් කියන අයිකන් එකට ආදරේ කරන්න ගොඩක් අය ඉන්නව කියලනම් මම දන්නව.

තවමත් ඔබට හොදම නළුවා වෙන්න බැරි වුනා...
සමහරවිට තවම මම ඒ තැනට යන්න සුදුසු නැතිව ඇති. අනික සම්මාන බලාගෙන නෙවෙයි මම මෙච්චර කාලයක් රඟපෑවෙ. මම කරන වැඩ වලින් මම නිතරම හොද ආත්ම තෘප්තියක් ලබනව. ඉතින් පේ‍්‍රක්‍ෂකයන්ගෙන් ලබන සම්මානෙට වඩා තවත් සම්මානයක් කොයින්ද...?

ධනවත් කාන්තාවන්ගෙන් ඔබට නිතරම විවාහ යෝජනා එනව කයන්නෙ ඇත්තද...?

ඔව්. මගේ ට්විටර් අඩවියට දවසකට දහස් ගණනක් පණුවුඩ ලැබෙනවා මගේ රසිකයින්ගෙන්. ඒ අය අතරින් කාන්තාවන් වැඩියි. විවාහ යෝජනාත්  ඕනි තරම් තියෙනව. ඒත් ඉතින් ඒ දේවල් වලට කැමති වෙන්න පුළුවන්කමක් නැහැනෙ. සමහරු මාව දවසකට සල්ලි වලට ගන්නත් උත්සාහ කරනව.

ප‍්‍රියන්කගෙන් හරි අමීෂාගෙන් හරි විවාහ යෝජනාවක් ආවොත් කාටද කැමති වෙන්නෙ...?
මම පෞද්ගලිකව ඒ දෙන්නටම කැමතියි. ඒත් මම ඒ කිසිම කෙනෙක් එක්ක විවාහ වෙන එකක් නැහැ. මොකද මම හොයන ගතිගුණ එයාල ගාව තියනවද කියනඑක මට සැකයි. මම බඳින්නෙ මට සියයට සියයක්ම ගැලපෙන කෙනෙක්ව.

 ඕනිම නිළියක් එක්ක සරාගී රංගනයක නියැලෙන්න කැමතිද...?
හැගීම් දැනීම් තියෙන  ඕනිම නිළියක් එක්ක රඟපාන්න මට පුළුවන්. ඒත් දැන් මගේ ලිමිට් එකක් තියෙනවා. යම් කිසි සීමාවක ඉදගෙන රඟපාන්න මම වගබලාගන්නව. සමහර නිළියන් එක්ක රඟපාන්න මම පෞද්ගලිකවම කැමති නැහැ. ඒ නිසා ඒ ගැන මම දෙපාරක් හිතනව.

ඔබ සල්මන් ඛාන් වගේ වෙන්න උත්සාහ කරනවද...?
අපෝ නැහැ. මට කවුරුත් වගේ වෙන්න  ඕනි නැහැ. මම ජෝන්ම තමයි. සල්මන් කියන්නෙ වෙනමම කෙනෙක්. පේ‍්‍රක්‍ෂකයන්ට මගෙන් තවත් සල්මන් කෙනෙක් දකින්න කැමැත්තක් නැතිව ඇති. සමහරවිට අපේ ශරීරයන් එකවගේ වෙන්න පුළුවන්. ඒත් මම සල්මන්ට වඩා ආකර්ශනීයයි. ඒක  ඕනිම කෙනෙක් දන්නව. 

සටහන :- අමිල නුවනු මධුසංඛ


සමහරවිට මම නැවත සුපර් ස්ටාර් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන එකක් නැහැ.

සමහරවිට මම නැවත සුපර් ස්ටාර් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන එකක් නැහැ.
නිමන්ත හේෂාන් ගමගේ


කොහොමද හේෂාන් මේ දවස්වල ජිවිතේ...?
ම්..ම්..ම්... මේ දවස්වල කලින්ට වඩා ටිකක් වෙනස් විදිහට ඉන්නව. කාර්යබහ්ලත්වයෙන් ටිකක් විතර මිදිල ඉන්නෙ කිව්වොත් හරි.

ඔබේ ආවාස් ඇකඩමිය ගැනත් කතාකරමුකො බලන්න...
මේ ඇකඩමි එක පටන් අරන් දැන් වසර හතරක් විතර වෙනව. මුලින්ම මම මේක පටන් ගත්තෙ අපේ ගෙදරින්. සංගීතය ඉගෙනගන්න ළමයින්ට මගපෙන්වීමක් වශයෙන්. මම ඉන්දියාවෙ ඉන්න කාලෙත් අමතර රැකියාවක් විදිහට ඇකඩමි එකක වැඩ කළා. ඒ ආභාෂයෙන් තමයි මම ලංකාවෙත් එහෙම වැඩක් පටන්ගත්තෙ. මුලින්ම පුංචියට ආරම්භ කළත් මම හිතුව මේක ටිකක් දියුණු විදිහට කරන්න  ඕනි කියල. ඒක නිසා මම තලවතුගොඩ අලූතින් ඇකඩමි එකක් ආරම්භ කළා. කටහඩ පුහුණුව අද ලංකාවෙ සංගීතයට සම්බන්ධ තරුණ ප‍්‍රජාව අතර ජනප‍්‍රිය අංගයක් වෙලා තියෙනව. එ් අයට මේක ලොකු අවස්ථාවක්.

මේ වගේ ඇකඩමි එකක් ආරම්භ කිරීමේ අරමුණ මොකක්ද...?
අද සමහර අය උන්මාදෙකින් වගේ සංගීත විශාරද වෙන්න යනව. නමුත් ඒක සහතිකයක් විතරයි. එයාලට කිසිම ප‍්‍රායෝගික දැනුමක් නැහැ. නමුත් මේ ඇකඩමි එක ඔස්සේ ඔවුන් ගායනා කරන ගීතයක තියෙන්න  ඕනි ආලප්, නාද, භාව, පිළිබඳව ඔවුන්ට හොද වැටහීමක් ලබාගන්න පුලූවන්. මේක හැබැයි තරඟ පස්සෙ යන අයට නෙවෙයි කරන්නෙ. ඇත්තටම සංගීතයට ආදරේ කරන අයටයි මේ ඇකඩමි එක නිර්මාණය කළේ. හොදින් හඩ පුහුණු කළාට පස්සෙ අපිට එයාලව විශාරද විභාගයකට යොමු කරන්න පුලූවන්. මේ වගේ හොද අරමුණකින් තමයි මම ඇකඩමි එක ආරම්භ කළේ.


ඔබේ සංගීත ජිවිතේ වැඩකටයුතු එහෙම කොහොම ද ැන්...?
ලංකාවට ආවට පස්සෙ මගේ හැකියාවන් දැකල ජේ්‍යෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා කළ ආරාධනාවකින් සංගීතය පිළිබඳව විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙන් වීමට අවස්ථාව ලැබුණ. මගේ අරමුණ වුනේ ගායන ක්‍ෂේත‍්‍රයෙන් ඉදිරියට යන්න. නමුත් මේ වැඩත් එක්ක ඒ ගමන ටිකක් පසුගාමී වුනා. නමුත් මගේ ඒ හීනය තවමත් තියෙනව. මම ඒ වෙනුවෙන් වැඩ කරනව. මම ගායනා කරපු ගීත රැසක්ම දැනට මගේ ලග තිබෙනව. මට බලාපොරොත්තුවක් තියෙනව අවුරුද්දක් විතර කාලයක් ඇතුලත මම කරපු පළමු ගීත එකතුවක් මගේ ආදරනීය රසිකයින්ට තිළිණ කරන්නට. 

පවුලෙ විස්තර ගැනත් කියමුකො හේෂාන්...
ම්..ම්.. මගේ අම්ම තාත්ත තමයි මාව කලාකාරයෙක් කරන්න ගොඩක් මහන්සි වුනේ. ඒ වගේම මම දැන් විවාහකයි. මගේ බිරිඳ අංජලී. ඇය ඉන්දියානු ජාතික කාන්තාවක්. දැනට නර්තනය පිළිබඳව කතිකාචාර්යවරියක් ලෙස කටයුතු කරනව. මට තව ස්පයිඩර් මෑන් කෙනෙකුයි සුපර් මෑන් කෙනෙකුයි ඉන්නව. මගෙ දඟකාර පැටව් දෙන්න. දැන් වයස අවුරුදු හතක් විතර වෙනව. මේ අය තමයි ඉතින් මගේ ජිවිතේම වෙලා තියෙන්නෙ. 

නිතරම අලූත් අයට උදව් කරනව කියන්නෙ ඇත්තද...?
ඔව්. ඒත් මම ඒක ප‍්‍රසිද්ධිය බලාගෙන නම් නෙවෙයි කරන්නෙ. මම මේ තත්වයට එන්න ගොඩක් දුක් වින්ද. ඉතින් මට ඒ දුක තේරෙනව. අලූත් කෙනෙකුට ඒක දරාගන්න අමාරු දෙයක්. මම කැමතියි ඒ නිසා සංගීතයට ආදරේ කරන අයට මට පුලූවන් ආකාරයේ උදව්වක් කරන්න. ඒක මට ලොකු ආත්ම තෘප්තියක්. 

මාධ්‍ය පැත්තෙන් සිරස එක්ක විතරමද සම්බන්ධ වෙලා ඉන්නෙ...?
හොද ප‍්‍රශ්නයක්. ඇත්තටම එහෙම නැහැ. ගොඩක් අය හිතාගෙන ඉන්නෙ මම සිරසෙ වැඩ කරනවයි කියල. නමුත් මම සිරසෙ වැඩ කරන්නෙ නැහැ. එහෙම හිතන්නෙ මම සුපර් ස්ටාර් තරගාවලියෙ විනිසුරු මඩුල්ලෙ හිටපු නිසා වෙන්න ඇති. මිනිස්සු එහෙම හිතන එක කලාකාරයෙක් විදිහට මට ලොකු අසාධාරණයක්. මට දෙරණින් පවා ආරාධනා ලැබුන ඞී‍්‍රම් ස්ටාර් තරඟාවලියට. නමුත් මම ඒ වෙනකොට සිරසෙන් කරපු ආරාධනය පිළිඅරගෙනයි තිබුනෙ. ඒක නිසා මට ඒ ආරාධනාව පිළිගන්න බැරි වුනා. කලාකාරයෙක් කියන්නෙ රටේ ජනතාවගේ සම්පතක්. එයාට එක තැනකට කොටු වෙන්න බැහැ. කලාකාරයෙක් විදිහට මම සිරසත් එක්ක ලගින් වැඩ කරත් සිරසත් එක්ක මගේ කිසිම පෞද්ගලික සම්බන්ධයක් නැහැ.

දේශපාලනයට එන්න එහෙම අදහසක් නැද්ද...?
දේශපාලනේ ගැන පුරවැසියෙක් විදිහට මට තියෙන්නෙ අල්ප දැනුමක් විතරයි. ඒ කියන්නෙ මම දේශපාලනය ගැන ඒ තරම් දන්නෙ නැහැ. මට ඒ විශය ටිකක් නීරසයි. ඒක නිසා කවදාවත්ම මම දේශපාලනයටනම් එන එකක් නැහැ. 

සමහරු කියනව ඔබ විලාසිතා තුළින් රැුටිකල් ඩරිතයක් වෙන්න උත්සාහ කරනවයි කියල...
විලාසිතා වලට මගේ ලොකු කැමැත්තක් තියෙනව.  ඕනිම කෙනෙක්ට  ඕනිම දෙයක් හිතන්න අයිතියක් තියෙනව. ඒත් ඒක මගේ නිදහස. භාහිර පෙනුමෙන් කෙනෙක්ව මනින එක ගොඩක් අසාධාරණයි. සමහරවිට එයාගෙ ඇතුලෙ ඉන්නෙ වෙනස්ම කෙනෙක් වෙන්න පුලූවන්. අනික මම කරන දේ මගේ දෙමව්පියන්ට, මගේ බිරිඳට ප‍්‍රශ්නයක් නැතිනම් කවුරු මොනව කීවත් මට ප‍්‍රශ්නයක් නැහැ.

සුපර් ස්ටාර් ඊලග වටයේ අපිට ඔබව දකින්න ලැබේවිද...?
සමහරවිට එහෙම වෙන එකක් නැහැ. මම දැන් වසර තුනක් එක දිගට සුපර් ස්ටාර් විනිශ්චය මණ්ඩලයෙ කටයුතු කළා. මට හිතෙනව දැන් ඒ ඇති කියල. ඒත් මම එහෙම ප‍්‍රකාශයක් කරල නැහැ. සුපර් ස්ටාර් කියන්නෙ අති දැවැන්ත තරගාවලියක්. මම සතුටු වෙනව මට වසර තුනක් ඒ සමඟ සම්බන්ධ වෙලා අලූත් රපුරක් බිහිකරන්න අවස්ථාව ලැබීම පිළිබඳව. නමුත් සියයට අනූ නවයක් විතර බර තියෙන්නෙ මම එයින් සමුගන්නා පැත්තට.

සිනමා හා ටෙලිනාට්‍ය ගීත ගායනයට යොමුවෙන්න අදහසක් නැද්ද...?
ඒ ගැන මට අනිවාර්්‍යයෙන්ම කියන්න  ඕනි. අද ලංකාවෙ ටෙලිනාට්‍ය සහ සිනමා සංගීතය එක පැත්තකට කොටු වෙලා. දැනට මම ටෙලිනාට්‍ය දෙකක සහ එක් චිත‍්‍රපටයක පසුබිම් ගායනා ඉදිරිපත් කරල තියෙනව. නමුත් තවමත් මට ඒ සම්බන්ධයෙන් හොද ආරාධනයක් ලැබුනෙ නැහැ. මම බලාපොරොත්තු වෙනව ඉදිරියේදි හෝ මට අපේ සිනමාව වෙනුවෙන් යමක් කරන්න ලැබේවි කියල. කියන්න සතුටුයි මට දැන් ඉන්දියාවෙ චිත‍්‍රපටයක පසුබිම් ගායනයක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබිල තිබෙනව. සමහරවිට මේ මාසෙ අන්තිමට විතර එයට සම්බන්ධ වෙන්න අවස්තාව ලැබෙයි. 

මොනවද ඔබේ පේ‍්‍රක්‍ෂකයන්ට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ...?
සමහරු කියනව හේෂාන් ගායකයෙක් වුනාට එයා සින්දු කියන්නෙ නෑ කියල. නමුත් ඒක වැරදියි. මම ගායනා කරපු ගීත විශාල ප‍්‍රමාණයක් තිබෙනව. නමුත් ඒවා ප‍්‍රචාරය කරන්්නෙ නැති එකයි ප‍්‍රශ්නය. මාධ්‍ය ආයතන වල තියෙන්නෙ වෙනමම සිස්ටම් එකක්. කොහොම වුනත් මේ අවුරුද්දෙ හෝ ලබන අවුරුද්ගේ මගේ මුල්ම ගීත එකතුව මගේ රසිකයන් අතට පත්කරන්නයි මම හිතාගෙන ඉන්නෙ. ඒ වගේම මගේ ආවාස් ඇකඩමි එක හරහා ක්ක්‍ෂේත‍්‍රයට පැමිනීමට බලාපොරොත්තුවෙන් ඉන්න නවක පිරිසට උපරිමයෙන් අතහිත ලබාදෙන්නත් මම කැමැත්තෙන් ඉන්නව. සංගිතයට ආදරේ කරන හැම කෙනෙකුටම මම ආරාධනා කරනව මගෙත් එක්ක එකතුවෙන්න කියල. ඒ සඳහා කැමැත්තක් ඇති අයට පුලූවන් මගෙත් එක්ක කතා කරන්න 0711429000 හේෂාන් හැමදාමත් ඔයාලට ගොඩක් ආදරෙයි. 

සටහන:- අමිල නුවන් මධුසංඛ

Saturday, July 11, 2015

රිතූ ආකර්ෂ කියන්නෙ මගේ හොද යෙහෙළියක් විතරයි...

රිතූ ආකර්ෂ කියන්නෙ මගේ හොද යෙහෙළියක් විතරයි...
කාවිංග පෙරේරා


ලංකාවෙ පේ‍්‍රක්‍ෂකයන්ගෙ හිත්වල හරි ආදරණීය විදිහට ලැගුම් අරගෙන ඉන්න නළුවෙක් තමයි කාවිංග පෙරේරා කියන්නෙ. එයා ඉන්න තැනක මදි නොකියන්න හිනාවෙන්න පුළුවන් කියල කවුරුත් දන්නව. ඒ වගේ දගකාර සැහැල්ලූ ජිවිතයක් ගතකලත් කාවිංග පෙරේරා ගොඩක් සංවේදී හදවතක් තියන කොල්ලෙක් කියල දන්නෙ එයා වටේ ඉන්න බොහොම ටිකදෙනෙක් විතරයි. මේ දවස් වල විකාශය වන උතුම් පැතුම්, අඟුරු සිත්තම්, දියණියෝ, කුටු කුටු මාමා වගේම වස්සානේ පේ‍්‍රමය කියන ටෙලිනාට්‍ය වල එකිනෙකට වෙනස් චරිත නිරූපනය කරන කාවිංග කියන්නෙ සැබෑම දක්‍ෂයෙක්. කොයි තරම් කාර්යබහුල මොහොතක වුනත් අපිත් එක්ක කතා කරන්න වෙලාවක් වෙන්කරගන්නත් කාවිංග අමතක කළේ නැහැ. 

ඉතිං කාවිංග මොනවද මේ දවස්වල අලූත් තොරතුරු...?
ගොඩක් ලොකු විශේෂයක්නම් නැහැ ඉතින්. සුපුරුදු පරිදි ටෙලිනාට්‍ය රූගත කිරීම් වලට සහභාගි වෙනව. මේ දවස්වල මම රඟපාන ටෙලිනාට්‍ය පහක් විකාශනය වෙනව. ඉතින් ටිකක් විතර කාර්ය බහුලයි. ඒ වුනත් සාමාන්‍ය ජිවිතේ සුපුරුදු සැහැල්ලූවෙන් ඉන්නත් මම අමතක කරන්නෙ නෑ.

උතුම් පැතුම් වල කැලූම්ට ලැබෙන ප‍්‍රතිචාර එහෙම කොහොමද...?
ම්...ම්... ගොඩක් හොද ප‍්‍රතිචාර ලැබෙනව. මග තොටේදි වුනත් මිනිස්සු මගෙන් ඒ ගැන අහනව. හොද වගේම නරකත් කියනව. මෙවර සුමති මෙලි සම්මාන උළෙලේ ජනප‍්‍රියම ටෙලිනාට්‍යය වුනෙත් උතුම් පැතුම් ටෙලි නාට්‍යය. මමත් හිතනව උතුම් පැතුම් ජනතාව අතර ගොඩක් ජනප‍්‍රියයි කියල.

ජනප‍්‍රියම නළුවා වෙන්න බැරි වුන එක ගැන කණගාටුවෙන්ද ඉන්නෙ...?
අනේ නැහැ. කොහෙත්ම නැහැ. මම කවදාවත් සම්මාන බලාපොරොත්තුවෙන් රඟපෑවෙ නෑ. සම්මාන ලැබෙන්නත් පුලූවන්. නොලැබෙන්නත් පුලූවන්. ඒක සාමාන්‍ය දෙයක්. පාරට බැස්සහම බලාගන්න පුලූවන් කවුද ජනප‍්‍රියම කියල. මට ඒ ගැන දුකක් නැහැ. පේ‍්‍රක්‍ෂකයන්ගෙ සම්මානය ගොඩක් වටිනව. සම්මානයකට පොරකනවට වඩා ලැබෙන චරිතය හොදට කරන එක තමයි හොදම දේ. අනිත් එක සම්මාන ගත්තු හැම කෙනෙක්ටම මම හදවතින්ම සුභපතනව.

සිවමාව තුළ ඇයි කාවිංග පේන්න නැත්තෙ...?
මෙහෙමයි මට තවමත් ඒකට හොද අවස්ථාවක් ලැබුනෙ නැහැ. මම හිතන්නෙ සිනමා අධ්‍යක්‍ෂකවරුන්ට තවම මගේ නම්බර් එක ගිහින් නැතිව ඇති. හොද අවස්ථාවක් ලැබෙනකන් මමත් බලාගෙනයි ඉන්නෙ. එතකන් ටෙලිනාට්‍ය වල වැඩකටයුතු කරගෙන ඉන්නව. 

නළුවෙක් විතරක් නෙවෙයි ඔබ නිවේදකයෙක්...
ඔව් මගේ ආරම්භය වුනේ නිවේදන වෘත්තිය. මැක්ස් ටෙලිවිෂන් ආයතනයෙන් තමයි මම නිවේදනයට පිවිසුනේ. ජනක රාමනායක, චමුදිත සමරවික‍්‍රම වගේම සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය, රවීන්ද්‍ර විජේරත්න, තරංග දිසානායක කියන අයත් එක්ක වැඩමුළු වලට සහභාගි වෙලා ඒ ලබාගත්තු අත්දැකීම් එක්ක තමයි නිවේදනය සහ රංගනය ඔපමට්ටම් කරගත්තෙ. හිරු කවුන්ඞ් ඩවුන් වගේම තරු නිවාඩු ගිහින් කියන වැඩසටහන් මේ දවස්වල මම ඉදිරිපත් කරනව.

ඔබේ රඟපෑම් ගැන ඔබ තෘප්තිමත් ද...?
ඔව්. මම ඒ ගැන තෘප්තිමත්. සමහර වෙලාවට හිතෙනව සමහර චරිත ඊට වඩා කරන්න තිබුන නේද කියල. කොහොම නමුත් මම 75% ක් 80% ක් අනිවාර්යෙන්ම කරන චරිතයට සාධාරණයක් කරනව. මෙතුවක්කල් මම කරපු චරිත ගැන මම සෑහීමකට පත්වෙනව. මට ලැබුනෙ එකකට එකක් වෙනස් චරිත. ඒකාකාරී බවින් මිදෙන්න ලැබුණු එක ගැන සතුටුයි මට.

ආදරය කියන කාරණය කාවිංගට දැනෙන්නෙ කොහොමද...?
ම්... හොදට ඇනලයිස් කරල කරනවනම් ආදරේ කියන්නෙ නරක දෙයක් නෙවෙයි. ඒත් හොදට හිතල බලල කරන්න  ඕනි දෙයක් තමයි ආදාරේ.

රිතූ ආකර්ෂා එක්ක සම්බන්ධයක් තියෙනවයි කියන කටකතාව ඇත්තක්ද...?
හ...හා... එහෙම කටකතාවක් තියනවද..? මමනම් ඒ ගැන දන්නෙවත් නෑ. රිතූ කියන්නෙ මගේ හොද යෙහෙළියක්. එයා මට සහෝදරියක් වගෙයි. රිතූ විතරක් නෙවෙයි. ඉෂාරා, දිනක්‍ෂි, ශනුද්‍රි වගේම නිපුනිකා කියන්නෙත් මගේ හොදම යෙහෙළියො. අපි නිතරම එකට වැඩ කරනව. එච්චරයි. රිතූ එක්ක මගේ විශේෂ සම්බන්ධයක් නෑ.

කවද විතරද විවාහයක් ගැන හිතන්නෙ...?
දැන්මනම් ඒ ගැන හිතන්න අදහසක් නෑ. ඊට කලින් කරන්න වැඩ ගොඩක් තියෙනව. එක ගැන ඒ කාලෙට දැනගන්න ලැබෙයි.

මොනවද ඉදිරියට එන්න තියෙන නිර්මාණ...?
දැනට රූගත කරන නිර්මාණ හැම එකක්ම වගේ විකාශනය වෙනව. තව මහේන්ද්‍ර කුලසිංහ මහත්තයගෙ අලූත් නිර්මාණයකට ආරාධනා ලැබිලයි තියෙන්නෙ. ඒකෙ රූගත කිරීම් ලබන මාසෙ මුල වගේ පටන් ගනීවි.

මොකක්ද මේ ෆේස් බුක් අවුල..?
ඒකනම් කියන්නම  ඕනි. මට ඇත්තටම පෞද්ගලික ෆේස්බුක් පිටුවක් නැහැ. නමුත් මගේ නමින් වෙනත් අය පවත්වාගෙන යන ව්‍යාජ ගිණුම් ගොඩක් තියෙනව. ඒක නිසා ගොඩක් අයගෙ ඉල්ලීමත් සළකල බලල මම මගේ නමින් ඔෆීෂියල් ෆෑන් පේජ් එකක් නිර්මාණය කළා මීට සතියකට විතර කලින්. කාවිංග පෙරේරා කේ පී කියල සර්ච් කලොත් මගේ ඔෆීෂියල් ෆෑන් පේජ් එකට සම්බන්ධ වෙන්න පුලූවන්. 

පහුගිය ජිවිතේ ගැන කලකිරීමක් නැතිද...?
නැහැ. මම කිසිම දෙයක් ගැන පසුතැවිලි වෙන්නෙ නැහැ. සිද්ධ වෙච්චි හැම දෙයක්ම අනාගතේට හොද අඩිතාලමක් නිර්මාණය කලා.

කාවිංගට මොනවද පේ‍්‍රක්‍ෂකයන් වෙනුවෙන් කියන්න තියෙන්නෙ...?
පේ‍්‍රක්‍ෂකයන්ට කියන්නෙ හැමදාමත් අපිත් එක්ක ඉන්න කියල. මම එයාලට ගොඩක් ආදරෙයි. පේ‍්‍රක්‍ෂකයන්ගෙ ආදරේ රංගන ශිල්පියෙක්ට ගොඩක් වැදගත්. කාවිංග කියන්නෙ ඔයාල වගේ සාමාන්‍ය කෙනෙක්. නළුවෙක් විදිහට එයා අයිති ඔයාලටම තමයි.

සංවාද සටහන :- අමිල නුවන් මධුසංඛ