දොරකඩ අස්න

Wednesday, July 1, 2015

පරිසර සංරක්‍ෂණයට නීති අවශ්‍යමද ?

පරිසර සංරක්‍ෂණයට නීති අවශ්‍යමද ?

අපට පූජනීය වස්තුවක් වන මෙම භූමියේ ඇළ දොළ දිගේ පළිඟු කැට මෙන් දිදුළමින් ගලා බසින ජලය නිකම්ම දිය දහරක් නොව අපේ මුතුන් මිත්තන්ගේ රුධිරය යැයි සියැටල් කීහ. නමුත් වර්තමානය වන විට සමස්ථ ලෝකයම දරුණු පාරිසරික අර්බුධයකට මුහුණදී සිටියි. මේ සියල්තටම බලපාන්නේ මානව ක‍්‍රියාකාරකම් ය. මානවයා අතින් සිදුවන පරිසර විනාශය හේතුකොට ගෙන ගෝලීය උෂ්ණත්වය ඉහළ යයි. වායුගෝලය උණුසුම් වීම නිසා සිදුවන විනාශය මෙතෙකැයි කිව නොහැක. ස්වභාවික ජල උල්පත් සිදී යාම ර්‍ණ හිම කඳු දියවීම ර්‍ණ සාගර ජල මට්ටම වැඩිවීම ර්‍ණ අහිතකර වායූන් ආදී සියල්ලක්ම එහි අනිසි ප‍්‍රතිඵලයි. 
මේ සියල්ල සිදුවන්නේ මානවයා සීමාවක් නොමැතිව අසීමාන්තික ලෙස පරිසර සම්පත් පරිහරණය කිරීම හේතුකොටගෙනයි. පරිසර නීති ඇතිකර තිබෙන්නේ මානවයා අතින් සිදුවන මෙවැනි වැරදි පාලනය කිරීම සඳහායි. නීතිය යනු අධිකාරී බලය පදනම් කරගත් පුරවැසි චර්යාව පාලනය කිරීම සඳහා රාජ්‍ය මගින් ක‍්‍රියාවට නංවන රෙගුලාසි වේ. තම ආත්මාර්ථකාමී හැගීම් පසෙකලා යමෙක් තම හදවතින් පරිසර සංරක්‍ෂණයට නීති අවශ්‍යමදැයි විමසුවහොත් ඔහුට ලැබෙනුයේ නැත යන පිළිතුර පමනකි. මන්ද යත්  ඕනෑම පුද්ගලයකු තම ආකල්ප නිවැරදි ආකාරයට මෙහෙයවා ගතහොත් වර්තමානයේ පරිසර දුෂණයට නීති අවශ්‍ය නොවේ. කල යුත්තේ ආකල්පමය වෙනසක් ඇතිකර ගැනීමයි.
අප අතීතමුතුන් මිත්තන් පරිසරය දේවත්වයේ ලා සැළකූහ. එතුලින් පරිසර සංරක්‍ෂණය ඉබේම සිදුවිය. ඔවුන්ගේ සමස්ථ ජ’විතයම රැුදී තිබුනේ පරිසරය තුලයි. ඔවුන් අතර පැවති අන්තර් සබැඳියාව කෙතරම්ද යත් කිසි ලෙසකින්වත් පරිසර හානියක් සිදු නොවීමෙන් පෙනී යයි. වර්තමාන මිනිසා තම සංවර්ධන ක‍්‍රියාවලියේදී පාරිසරික සම්පත් භාවිත කරන විට පරිසරයට හානියක් නොවන ලෙසට කටයුතු කරයි නම් මෙලෙස නීති පනවමින් නීති අලූත් කරමින් කාලය කා දැමීමට සිදු නොවනු ඇත. සිදුවිය යුත්තේ පුද්ගලයා තුල ස්ව්‍යං ශික්ෂණයක් ඇතිකර ගැනීම පමනකි. තමා පිළිබඳව පමනක් නොව තම අනාගත පරපුර ගැනද සිතන්නට හැකිනම් මෙය අද ගැටළුවක් නොවනු ඇත.
නීතියට කළ හැක්කේ පුද්ගල භාහිර චර්යාව පාලනය කිරීම පදනකි.  අධ්‍යාත්මයට එම නීති අදාල නොවේ. අධ්‍යාත්මය පාලනය වන්නේ ස්ව්‍යං විනයෙනි. හදවතින් වැඩකරන මිනිසුන්ට ගහට කොළට ඇළට දොළට ආදරය කරන්නට නොහැකියාවක් නැත. එබැවින් හදවත් ඇති මිනිසුන් වෙසෙන විශ්වයක පරිසර සංරක්‍ෂණයට අමුතුවෙන් නීතියක් අවශ්‍ය නොවේ. 
අමිල නුවන් මධුසංඛ

ඔයාමයි පේන්නේ

kln.ac.lk
ඔයාමයි පේන්නේ










නෙතු ගැහෙන කඳුළු එන
ඒ අදුරු අතීතේ
පෑරුවත් සිත් හීන දකින හැම ඇසිල්ලේ
පේනවා දකිනවා බලන අත නිදැල්ලේ
ඔයාමයි මගේ හිත හිමින් පාරවන්නේ
ඒත් නෑ දුකක් දැන්
හද කොනේ පිපෙන්නේ
ශක්තියක් තමයි මට
ඔය රිදුම් ගෙනෙන්නේ
පෙනි පේනී නොපෙනෙනා මිරිඟුවක්
මිරිඟුවක් වාගේම සැබෑවක්
මට ගේන මගේ හිත පාරවන
නුඹ නමට මා නෙළු මල් මිටක්

-අමිල නුවන් මධුසංඛ-

Tuesday, June 30, 2015

වෙරළ තරුණයින්...

වෙරළ තරුණයින්...
 
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන්ම විදේශිකයින්ගේ ආකර්ශනයට ලක්වූ දිවයිනකි. විදේශිකයින්ගේ ලංකාගමනය අද වන විට ව්‍යාපාරයක් බවට ද පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම අතින් පෙරමුනේම සිටින සංචාරක ව්‍යාපාරය තුල වර්තමානයේ නොයෙක් ගැටලූ දැකගත හැකිය. විශේෂයෙන්ම වෙරළ සංචාරක කලාපය කේංද්‍ර කරගනිමින් බිහිවී තිබෙන බීච් බෝයිස් හෙවත් වෙරළ තරුණයින් සංචාරක ව්‍යාපාරයේ පැවැත්ම කෙරෙහිත් ලංකාව පිළිබඳව විදේශිකයින් තුල පවතින ප‍්‍රතිරූපය බිදවැටීම කෙරෙහිත් ප‍්‍රබල බලපෑමක් එල්ල කරනු ලබයි.
මෙම වෙරළ තරුණයින් බොහෝ විට සිදු කරන්නේ සංචාරකයින් එනතුරු වෙරළට වී රැුකවල් ලා සිට වචන භාවිතයෙන් ඔවුන් සිය ග‍්‍රහනයට නතු කොට සංචාරකයින්ගෙන් ගතමනාවක් ලබාගන්නට කටයුතු කිරීමයි. ඒ සඳහා ඔවුන්  ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවේ. සංචාරකයින්ට මගපෙන්වීම මෙන්ම අවශ්‍යනම් සංචාරක කාන්තාවන්ට ලිංගික සේවා සැපයීම ද වෙරළ තරුණයින්ගේ නිල නොවන රාජකාරියේ එක් අංගයක් බව ප‍්‍රසිද්ධ රහසකි.
වර්තමානයේ බෙන්තර ප‍්‍රදේශයේ වෙරළ තරුණයින් විදිමත් පුහුණුවකට යොමු කොට ඇති අතර ඔවුන් හදුන්වන්නේ බීච් ඔපරේටර්ස් යන නමිනි. එමෙන්ම ඔවුන්ට කහ පැහැති නිළ ඇඳුමක් ද ලැබී තිබෙයි. මෙරට ඒඞ්ස් රෝගය වළදී තිබෙන බහුතරයක් පිරිස මෙම වෙරළ ආශ‍්‍රිතව ගැවසෙන වෙරළ තරුණයින් බව මෑතකදී සිදු කළ පර්යේශනයකින් හෙළිවී තිබේ.
 
-අමිල නුවන් මධුසංඛ-

Monday, June 29, 2015

සාමය ‍යනු

kln.ac.lk
සාමය ‍යනු
 
සාමය ‍යනු සහජීවනය පවතින එනම් එදිරිවාදකම් රහිතවූ අවස්ථාවකි. ප්‍රචණ්ඩ ජාත්‍යන්තර කලහයක විරාමය සනිටුහන් කිරීමටද මෙම පද වචනය භාවිත වේ; මෙම ජාත්‍යන්තර සන්දර්භය තුල අර්ථ විග‍්‍රහය කළහොත් පදයේ අර්ථය වනුයේ යුද්ධය ‍යන්නේ විරුද්ධාර්ථයයි. කිසියම් ඕනෑම පාර්ශවයන් කිහිපයක් අතර ගෞරවාන්විත සැළකිල්ල, යුක්ති සාධාරණත්වය, හා හොඳහිත යන ගුණාංග විදහාපාන සම්බන්ධතාවයක් පවතී නම් එයද සාමය ලෙස හැඳින්විය හැක.
සාමාන්‍ය වශයෙන් සැලකූ කල යම් අයෙකු වෙනත් පරිසර වලට සාපේක්‍ෂව සාමකාමී ලෙස හඳුන්වන නිසල, ශාන්ත, හා සන්සුන් පරිසරයක් ඇසුරෙහි පවතින්නේ නම් ඔහුට හෝ ඇයට සාමය ලඟා විය හැකිය. ඉහත ආකාරයේ සාමයක් යම් අයෙකුට ලඟා කර ගත හැක්කේ ස්වෝත්සාහයෙන් තම ඇතුලාන්ත චරිතය "සාමලැදි" බවට පත්කොට ගෙන ස්වකීය අභ්‍යන්තරයෙහි සන්සුන් බව, ශාන්ත බව හා සමතුලිතතාවය පවත්වාගෙන යෑමෙනි.
 
සටහන :- අමිල නුවන් මධුසංඛ

Sunday, June 28, 2015

‍ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගය

kln.ac.lk
‍ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගය


මහියංගණ පෙදෙසේ විසූ යක්ෂයින් ඈත අතීතයේ දී මෙරට විසූ ආදිමානවයන් ගෙන් පැවත ආ මිනිස් කොටසක් බවත් වර්තමානයේ බින්තැන්නේ වෙසෙන වැද්දන්ගේ මුතුන් මිත්තන් ඔවුන් බවත් පෙන්වා දෙන මානව විද්‍යාඥයන් ගේ නිගමනයන්ට අනුව ද වැද්දන්ගේ මුතුන් මිත්තන් වන යක්ෂ ගෝත්‍රිකයන් හා නාග ගෝත්‍රිකයන් වාසය කර ඇත්තේ බින්තැන්නේ ය. බින්තැන්නට එකල අයත් වපසරිය මහවැලි ගං තීරයේ සිට දිගින් සැතපුම් හතළිහක් හා පළලින් සැතපුම් 16ක් පමණ වේ.
සමන්තකූට වර්ණනාවේ සඳහන් අන්දමට යක්ෂ, නාග හා දේව යන ගෝත්‍රික ජනයා මේ ‍පෙදෙස්හි විසූහයි සිතිය හැකිය. යක්ෂ ගෝත්‍රිකයෝ යනු දඩයමෙන් දිවි රැකගත් පිරිසක් වූහ. නමුත් ඔවුන් කැලයේ උපදින බොහෝ දෙයින් ප්‍රයෝජන ගත්තා විය හැකිය. එමතුද නොව ඔවුහු යම්තරමකට හෝ ශිෂ්ටාචාරයට පත්වූ ආයුධ නිපදවීම පිළිබඳ නිපුණතාවයක් දැක්වූහ. යක්ෂ නාමය ඔවුනට උරුම වූයේ යකඩ වැනි ලෝහ ආශ්‍රිත ආයුධ නිපද වූ නිසා යැයි පැවසේ.
නාග ගෝත්‍රිකයන් හුදෙක් වාණිජ්‍ය කටයුතුවල නිරත වූ වෙළඳ ප්‍රජාවක් බවත් දේව ගෝත්‍රිකයන් ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් දියුණු මනසකින් යුක්ත වූ බවත් පැවසේ.
බුදුන් වහන්සේ ලක්දිව මහානාග උද්‍යානයට වැඩම ‍කළේ එම උද්‍යානය අරභයා යක්ෂ නාග ගෝත්‍රිකයන් අතර පැවැති ගැටුම නිරාකරණය කොට බුදුදහම ලංකාද්වීපයේ ස්ථාපිත කිරීමට ය.
ලක්දිව ශුද්ධ කිරීම පිණිස බුදුන් වහන්සේ මෙහි වැඩම වූ බව වංශ කතාකරුවන් සඳහන් කරන්නේ යක්ෂ නාග ගෝත්‍රිකයන් අතර පැවැති ගැටුම නිරාකරණය කිරීම සඳහා පැමිණියේ යැයි සඳහන් කිරීම විය හැකිය.
“යක්ෂයිනි, මම තොපගේ බිය හා දුක පහකරන්නෙමි. තොපි සමඟිව මට මෙතන ඉඩක් ලබා දීමට කැමති ද?
“ස්වාමීනි, අපි ඔබ වහන්සේට මේ ලක් ධරණී තලය ම දෙන්නෙමු; අපට අභය දුන මැනව”
මහාවංශයේ (1 - 23 සිට 27) සඳහන් මේ විස්තරය විග්‍රහ කර බැලීමේ දී පැහැදිලි වන කරුණු කිහිපයක් ඇත. බුදුන් වහන්සේගේ අභිප්‍රාය වූයේ යක්ෂයන් බියගන්වා පලවා හැරීම නොව ඔවුනගේ දුක දුරු කිරීමට ය. බිය දුරු කිරීමටය. එසේ නම් .. ඔවුනට ද බුදුන් වහන්සේ දහම් දෙසන්නට ඇත. එසේ නොකොට ඔවුන් විවිධාකාරයෙන් බිය ගන්වා වෙනත් දේශයකට පලවා හැරීමක් කළේ යැයි (මහාවංශ කතා කරුවා සඳහන් කරන පරිදි) සිතීම බුදුන් වහන්සේට කරන නිගරුවකි. අංගුලිමාල වැනි දරුණු මිනීමරුවන් ද ආලවකයන් වැනි ප්‍රචණ්ඩකාරීන් ද, අලි ඇතුන් ද හික්මවාලමින් ඔවුනගේ සසර බියත් දුකත් දුරු කළ බුදුන් වහන්සේ ලක්දිවට පැමිණ යකුන් දමනය කර ගිරි දිවයිනට පලවා හැරියේ යැයි කීමෙන් අදහස් වන්නේ “දෙපිරිස අතර පැවැති මහානාග වනෝද්‍යානය පිළිබඳ ගැටලුව නිරාකරණය කර යක්ෂ ගෝත්‍රිකයන්ට කඳුකර (ගිරි) ප්‍රදේශයත් නාග ගෝත්‍රිකයන්ට ඔවුන්ගේ උද්‍යාන ප්‍රදේශයත් ලබා දීම ය.”
“ස්වාමීනි අපි ඔබට මුළු ලක් ධරණි තලය ම දෙන්නෙමුÓයි සඳහන් කිරීමෙන් යක්ෂ ගෝත්‍රිකයන් නාග හා දේව ගෝත්‍රිකයින් අබිබවා මුළු ලක්දිව පුරා ම සිය බලය තහවුරු කරගෙන සිටි බව ය.
වෙළඳ කටයුතුවල නියැළි නාග ගෝත්‍රිකයන් ලක්දිව මහවැලි කැලණි ගංගා ආශ්‍රිත ව විසූ සුළු ජන ‍ෙකාටසක් සෙයින් බුදුන් වහන්සේ ‍ෙග් පැමිණීමෙන් පසුව ද ඔවුන් ගේ ව්‍යාප්තියක් රට මැදට සිදු නොවීය. ප්‍රබල යක්ෂ ගෝත්‍රිකයෝ කඳුකර පෙදෙස් කරා ගියහ.
ප්‍රචණ්ඩකාරී දරුණු මිනිස් කොටසක් වූ යක්ෂයෝ ගිරි දිවයිනට යැවූහයි මහාවංශ කතාකරුවා අතිශ‍යෝක්තියෙන් යුතුව දක්වා ඇති විස්තරයෙන් ඔහු තුළ තිබූ නිර්මාණ සාහිත්‍යකරණයේ දක්ෂතාව මැනවින් පිළිබිඹු වේ. බෞද්ධයන් තුළ සර්ධාසම්පන්න භක්තිය ඇතිකිරීම සඳහා යොදාගත් අතිශයෝක්තීන් ඉතිහාසය හැදෑරීමේ දී නොසලකා හැරිය යුතු වේ.
යක්ෂ ගෝත්‍රිකයන් ගෙන් පැවත එන වැද්දන් මෑත භාගය වන තෙක්ම ජීවත්වුයේ කඳු ආශ්‍රිතවය. ‘කන්දක් කොතැනක ද වැද්දන් එතනය’ යන උද්ධෘතය ආර්. එල්. ස්පිටල් යොදා ඇත්තේ ප්‍රායෝගිකව ඔහු ලැබූ අද්දැකීම් මත ය. මහාවංශයේ සඳහන් වන ගිරි දිවයින ‘හුන්නස් ගිරිය’ විය හැකි යැයි ඇතමකු පවසන අතර, ගිරි දිවයින ලකේගල යැයි ඇතමෙක් පවසති.
ඔවුන් ගේ නිගමනයන් කෙසේ වෙතත් ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිතව හා බින්තැන්නේ කඳු ආශ්‍රිතවත් යක්ෂ ගෝත්‍රිකයන් විසූ බවට සාධක ඇත.
“හුන්නස් ගිරියේ කන්දේ කොටති - දුන්නක් අරගෙන දඩයම් කරති” ආදී වශයෙන් බින්තැන්නේ කාරියාගයේ දී කියවෙන කවිවලින් ද මංගර පිදිල්ල යකුම, කොළ මඩුව ආදී ජන ඇදහීම් කිහිපයකදී ම මෙවන් කඳුකර ආශ්‍රිත පෙ‍ෙදස්වල විසූ යක්ෂාධිපතින් ගැන කියැවේ.
මේ අනුව යක්ෂ ගෝත්‍රික ජන සමාජයේ ප්‍රධාන මූලස්ථානයක් වශයෙන් බින්තැන්න ප්‍රදේශය පුරාණ කාලයේ සිට පැවති බව සැකයකින් තොරව නිගමනය කළ හැකි ය. එබැවින් බින්තැන්න ලංකා ඉතිහාසයේ පුරාණතම අවධිය දක්වා විහිදී ගිය ලාංකික අනන්‍යතාව විදහා දක්වන ප්‍රදේශයකියි කීම අතිශයෝක්තියක් නොවේ.
බින්තැන්න යන වචනය පාලි භාෂාවෙන් ‘මහියංගණය’ යනුවෙන් භාවිතයට ඒමත් සමඟ ඇති වූ ආකල්පමය හැඟීම නිසා ‘මහියංගණය’ හා බින්තැන්න යනු දෙකක් බවට වර්තමානයේ දී සැලකේ. එහෙත් බින්තැන්න යන ව්‍යවහාරයෙන් කියැවෙන්නේ ද මහියංගණය යන පාලි භාෂාවෙන් අර්ථවත් වන (මහි + අංගනය) ම ය. එය මහවැලි ගඟෙන් මෙගොඩ ගල ඔය දක්වාත් නැඟෙනහිර දෙසින් ඒරාහුරුව දක්වාත් පැතිරී තිබුණි.
මේ ප්‍රදේශයන් හි වාසය කළ බහුතර ජන කොටස වූයේ යක්ෂ ගෝත්‍රිකයෝ ය; නාග ගෝත්‍රිකයන් ගංගා ආශ්‍රිතව හා වෙරළ ආශ්‍රිතව වෙසෙමින් නාවික ගමන්වල යෙදෙමින් වෙළඳාමෙහි සුළු ප්‍රමාණයකින් යුක්ත වුවන් ය. දේව වංශිකයින් බින්තැන්නේ ඌව සබරගමුව පෙදෙස්වල විසූ ගොවිතැනෙහි නිරත වූවන් ය. මනසින් වඩාත් උසස් ඔවුහු මෙන්ම නාග ගෝත්‍රිකයෝ ද, බුදු දහමට නැඹුරු වූහයි සිතිය හැක.
දේව ගෝත්‍රික සුමන දෙවියෝ බුදුන්වහන්සේ ජීවමානව සිටිය දී ම උන්වහන්සේගෙන් ලබා ගත් කේශ ධාතු නිදන් කර මහියංගණ ස්තූපය ගොඩනැඟූහ. එය සුමන සමන් දෙවියන්ගේ තනි ප්‍රයෝජනයට ඉදිකරන ලද්දක් නොවේ. බුදුන් වහන්සේට වන්දනා මාන කළ අනෙකුත් ගෝත්‍රිකයන් ගේ වන්දනා මානයට මහියංගණ ස්තූපය බඳුන් විය. මේ ස්තූපය ඉදිකර වසර 45ක් ගතවන අවස්ථාවේ දී බුදුන් වහන්සේ පිරිනිවන් පෑහ. බුදුන් වහන්සේගේ ආදාහන සෑයෙන් සරභූ මහ රහතන් වහන්සේ ග්‍රීවා ධාතුව ගෙනවිත් මියුගුණ සෑයේ නිදන් කොට ස්තූපය දොළොස් රියන් තරම් විසල් කොට ඉදිකළහ.
විජය රජු මෙරටට පැමිණීමට පෙර මෙන්ම මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත හිමිවරුන් මෙරටට වැඩම කොට බුදු දහම රාජ්‍ය අනුග්‍රහය යටතේ ලක්බිමේ ස්ථාපිත කිරීමට පෙර බෞද්ධයන්ගේ වන්දනාමානයට පාත්‍ර වන ස්තූපයක් මහවැලි ගඟබඩ මහානාග වනෝද්‍යානයේ ඉදිකිරීම බින්තැන්නේ ඉතිහාසය සුවිශේෂත්වයට පත්වෙයි.
වන්දනාමානයට පාත්‍රවන චෛත්‍යයක් වැනි පූජනීය ස්මාරකයක් ගොඩනඟන්නේ ජනාකීර්ණ පෙදෙසක ය. බුදුන් වහන්සේගේ කේශ ධාතූන් නිදන් කරන ලද මියුගුණ සෑයේ ම ග්‍රීවා ධාතුව ද නිදන්කිරීමට තීරණය කරන ලද්දේ බින්තැන්න ජනාකීර්ණ දියුණු ප්‍රදේශයක් ව තිබීමෙන් බුදු දහම ඇදහූවන් වැඩි පිරිසක් බින්තැන්නේ ජීවත් වූ නිසාත් විය හැකි ය.
බුදුන් වහන්සේ පළමු වරට බින්තැන්නට වැඩම කළේ ද මේ හේතුව නිසා විය හැකිය. බින්තැන්නේ පැරණි ජනාවාස තිබෙන්නට ඇත්තේ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට විය හැකිය. වසර 47000 තරම් ඈත අතීතයේ විසූ බලංගොඩ මානවයාගේ අවශේෂ ‍‍සොයාගත් බටදොඹලෙන අයත් වන්නේ කලක් මහ බින්තැන්න නමින් හැඳින් වූ කලාපයට ය; වර්තමානයේ දී බින්තැන්න යනුවෙන් හැඳින්වෙන කලාපය තුළ කඳු ආශ්‍රිත ස්ථාන කිහිපයකම ආදිමානවයන් විසූ බව ට පැවසිය හැකි ගුහා ශිලා මෙවලම් දැකගත හැකි වේ. පසුකාලයේ දී මේ ගල් ගුහා ආදිමානවයන්ගේ මී මුනුපුරන් වන වැද්දන්ගේ වාස භූමි බවට පත්වී තිබුණි. කලක් ආදි මානවයන්ගේ වාස භූමිව තිබී ඉන්පසු යක්ෂ නාග ආදී ගෝත්‍රිකයන්ගේ ජනාවාස බවට පත්ව තිබුණ බින්තැන්න මහවැලි ගඟ ආශ්‍රිතව නාවුක වෙ‍ළඳ මධ්‍යස්ථානයක් වශයෙන් පැවති බවට ඇති මතය හා බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කළේ සෘද්ධි බලයෙන් නොව මුහුදු ගමන් මාර්ගයෙන් යැයි පැවසෙන මතයක් ද ඇත. එහෙත් එම මතය සනාථ කිරීමට ඓතිහාසික සාධක හෝ පදනමක් සහිත මතවාදයක් මෙතෙක් ඉදිරිපත් වී නැත.
කෙසේ වෙතත් විජයාවතරණයෙන් පසුව ඇතිවන ආර්යයන්ගේ නැඟී සිටීමත් සමඟ සිංහල ජාතියේ ආරම්භය පණ්ඩුකාභයගෙන් සිදුවෙයි. මාමාවරුන් හා සටන් කරමින් පණ්ඩුකාභය කුමරු සතර අවුරුද්දක් විසුවේ දිගාමඩුලු බින්තැන්නට අයත් දෝළ පබ්බතයෙහිය; දෝළ පබ්බතය වර්තමානයේ මහවැලි ‘සී’ කලාපයට අයත් දොළගල්වෙල බව හඳුනාගෙන ඇත. සුන්දර පරිසර පද්ධතියකින් යුත් දිගාමඩුලු වන බිමේ ශේෂ කඳුවැටියක් පාදක කරගත් දෝළ පබ්බත හෙවත් දොළ ගල්වෙළ පිළිබඳ අප දන්නා දෙයට වඩා නොදන්නා දේ කාලයේ වැලිතලයෙන් වැසී ඇතැයි සිතිය හැක. පණ්ඩුල කුමරු දෝළ පබ්බතයෙහි වෙසෙන සමය වන විට මෙරට විසූ ස්ව‍ෙද්ශිකයන් ගේ ජන සංඛ්‍යාව හීන වෙමින් තිබුණි; එමෙන් ම එම සමය වන විට මියුගුණ සෑය පෙදෙස ද වන වැදී තිබෙන්නට ඇත.
ක්‍රි.පූ. 543 මෙරටට පැමිණි විජය මෙරට බලය තහවුරු කරගත්තේ කුවේණි නම් ස්වදේශීය යක්ෂ ගෝත්‍රික කාන්තාව ගේ ආධාර උපකාර ලබාගැනීමෙනි. ‘කුවේණි’ සරණ පාවා ගන්නා විජය ඇයගෙන් දරුවන් දෙදෙනකු ලැබෙන තෙක් ඇය හා වෙසෙයි.
විජය මෙරටට පැමිණෙන විට මෙරට බලගතු රාජ්‍ය පාලකයන් වශයෙන් සිටියේ යක්ෂ ගෝත්‍රිකයන් ය. ඔවුන් ඇඳුම් පැලඳුම් අඳින්නටත්, මංගල සාද පවත්වන්නටත් රෙදි විවීමටත් දැන සිටි බව විජය පුවතින් පැහැදිලි වේ. බුදුන් වැඩිය සමයේ දී මහියංගණයේ හෙවත් බින්තැන්නේ විසුවේ ද යක්ෂ ගෝත්‍රිකයන් ය. මේ අනුව විජයගේ පැමිණීමට පෙර සිටම මෙරට තරමක දියුණු ජන කොටසක් විසූ බව සැලකිය හැකිය.
කුවේණිය පන්නා හැරීමත් මදුරාපුරයෙන් කුමාරිකාවක් ගෙන්වා ගැනීමත් සාධාරණීකරණය කිරීම සඳහා මෙන් ම මධුරාපුරයෙන් ගෙන්වා ගත් කාන්තාව උසස් කුලවන්තියක් බව හැඟවීමටත් විජය මෙරටට පැමිණෙන විට මෙරට සිටි කුවේණී ඇතුළු පිරිස මිනීමස් කන යක්ෂයන් බව ඒත්තු ගැන්වීමට වංශ කතාකරුවන් උත්සාහ ගත්තේ යැයි කීම නිවැරදි ය.
විජය කුවේණියත් දරුවන් දෙන්නාත් පන්නා හැර ලංකා ඉතිහාසයේ ප්‍රථම කාන්තා හිංසනය සිදුකළ අකෘතඥයා බවට පත් විය. ඉක්බිති ඔහු මධුරාපුරයෙන් ගෙන්වා ගත් මෙහෙසියක හා විසූවද දරුවන් නොලැබීය. විජයට දාව දරුවන් නොලැබීම නිසා අකෘතඥයකුගේ රජ පරපුරක් මෙරට ව්‍යාප්ත වීම වැළකුණි. ක්‍රි.පූ. 543 සිට ක්‍රි.පූ. 505 දක්වා අවුරුදු 37 ක් රාජ්‍ය කළ විජයගෙන් පසු මෙරට රාජ්‍යය බාර ගැනීම සඳහා පැමිණෙන්නේ ඔහුගේ සොහොයුරු සුමිත්ගේ පුත් පණ්ඩු වාසදේවයන් ය. ඔහු මෙරටට පැමිණෙන විට විජය රජ මිය ගොස් වසරක් ගෙවී තිබුණි.
ඒ අනුව ලංකාවේ පළමු අරාජික කාලය ක්‍රි.පූ. 505 - 504 දක්වා සටහන් වෙයි. පණ්ඩුවාස දේව හෙවත් පඬුවස් දෙව් රාජාභිෂේක ලබන්නේ ඉන්දියාවේ පණ්ඩු ශාඛ්‍යයන්ගේ දූ භද්දකච්චානා කුමරිය පාදපරිචාරිකාව කරගෙන ය. ඔවුනට පුතුන් දස දෙනෙක් ද දූ කුමරියක් ද උපන් හ. ‘චිත්‍රා’ නම් වූ අතිශයින් රූමත් දූ කුමරියගේ පුතෙක් මාමාවරුන් නසා ලක්දිව රජවන බව දෛවඥයකු කී අනාවැකියක් නිසා ලංකා ඉතිහාසයේ අද්භූත මෙන් ම රසවත් සිද්ධීන් රැසක් ම ඇති විය.
පණ්ඩුකාභය රජතුමා පිළිබඳ ඉතිහාස ගත කතාව බොහෝ අපූර්ව සිද්ධීන් ගෙන් ගහන වීර කාව්‍යයක් මෙන් රසවත් ය, අද්භූත ජනක සිදුවීම් මෙන් ම ත්‍රාසය භීතිය ගෙන දෙන රසාකරයකි. ඔහුගේ පිළිසිඳ ගැනීමේ සිට රාජ්‍ය පද ප්‍රාප්තිය දක්වා සිද්ධීන් ලංකා ඉතිහාසයේ වෙනත් රජතුමකුගේ චරිතය තුළ දක්නට නැති තරම් අද්භූතය, ත්‍රාසය, වීරත්වය ආදියෙන් යුක්ත වේ.
පණ්ඩුකාභය කුමරුගේ ක්ෂේම භූමිය වූ මහවැලි ගං තීරයෙන් උතුරු දෙස ප්‍රදේශය තුළ දී ඔහුට ප්‍රබල රාජ්‍ය උරුමක්කාරයන් වනසා දමා රජකම ලබා ගැනී‍ෙම් දී සහය වූවන් අතර සිටියෝ යක්ෂ ගෝත්‍රික යෝය.
“චිත්තා” නමති වෙළඹ කෙරෙහි යක්ෂ ආත්මයක් ආරූඪ කිරීමෙන් පෙනී යන්නේ වැදි ජනතාව තුළ තවමත් පවතින නෑයකුන් පිළිබඳ ඇති විශ්වාසයි. මේ සිද්ධියෙන් ගම්‍ය වන්නේ එකල පවා අශ්ව වෙළඳුන් මෙරටට පැමිණි බව ය. දිවයිනේ සිටි වනවැදුණු එක් වෙළඹක් කෙරෙහි “චේතියා” යන නම ආරූඪ කළේ රට වැසියන් තුළ පැවති ජන විශ්වාසය පදනම් කර ගෙන ය.
චිත්ත රාජ, කාළවේල, චේතියා ආදින් කෙරෙහි යක්ෂ නාමය ආරූඪ කිරීම එකල පැවති ජනවිඥානය මත සිදුවූවක් බැවින් තමනට උපකාර කළ ජනතාවට කරන සැලකීමක් ලෙස මොවුන් උදෙසා දෙවොල් පිහිටුවා බලි තොවිල් පැවැත්වීමට පණ්ඩුකාභය රජ තුමා ක්‍රියා කළේ ය.
මේ රටේ අනන්‍යතාව විදහා දක්වන ලෙසින් ශ්‍රී ලාංකික රජ පෙළපතකට මුල් අත්තිවාරම දැමුණේ රුහුණට අයත් ව තිබුණු දීඝ ජනපදයේ පාලකයා වූ “දීඝගාමිණී” පුත් පණ්ඩුකාභය ගෙන් වීම දිගාමඩුල්ලේ අභිමානය විදහා දක්වන කරුණකි.
‍ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගය ආරම්භ කරමින් ශ්‍රී ලාංකික සිංහල රජ පෙළපතක් බිහි කිරීමට මුල් වූ පණ්ඩුකාභය රජතුමාගේ නම ඉතිහාස ගත වේ. ඔහුගෙන් ආරම්භ වූ අනුරාධපුර රාජධානිය පරම්පරා දෙකක් ගත වීමටත් පෙර ඉන්දීය ආක්‍රමණිකයින් යටතට පත්වීම කනගාටුදායක සිද්ධියකි.
එහෙත් දේවානම් පියතිස්ස රජ සමයේදී ඔහුගේ සො‍හොයුරු මහානාග කුමරු රුහුණට පලා ගොස් “මාගම” බලය පිහිටුවා ගැනීම නිසා අනුරාධපුරයෙන් ගිය කුමාරයකුගේ මුල්වීමෙන් “රුහුණේ” ඇතිවන රජ පරපුර දෙමළ ආධිපත්‍යයෙන් රට මුදවා ගැනීම සඳහා බලවත් රජ කුමරකු රටට දායාද කිරීම ඉතිහාස ගතවූ දෛවෝපගත සිද්ධියකි.
 
සටහන :- අමිල නුවන් මධුසංඛ
 

ප්‍රේමය නම් රාගයෙන් තොර , සඳ එළිය සේ අචින්ත්‍ය ද

ප්‍රේමය නම් රාගයෙන් තොර , සඳ එළිය සේ අචින්ත්‍ය ද
මේ පුළුල් වූ මාතෘකාව සදහා මා මුලින්ම සත්ත්වයා සහ මිනිසා යන දෙකොට්ඨාශයේ වෙනස පිළිබඳ හැඳින්වීමක් කරමු. මූලිකව ම මිනිසා සහ අනෙකුත් සත්ත්වයන් අතර ඇති සුවිශේෂි ම වෙනස වනුයේ මිනිසාට මිහිපිට වෙසෙන සියලු ම සත්ත්වයන්ට වඩා මුහුකුරා ගිය බුද්ධියක් තිබීමයි. මස්තිෂ්කයේ වර්ගඵලය වැඩි කිරීම මගින් මිනිසාට අතිවිශාල න්‍යුරෝන ප්‍රමාණයක් හිමිව තිබේ. එහෙත් අනෙකුත් සත්ත්වයන් ද කාලානුරූපීව බුද්ධිය විකාශනය වුව ද මිනිසා තරම් පරිකල්පන හැකියාවන් දියුණු කිරීමේ අරමුණක් උන් සතුව නැත.

තත්ත්වය මෙසේ තිබියදී අපි සියලු ම සත්ත්ව ලෝකය දෙස ඇස යොමා බලමු. සියලුම සත්ත්වයන් තම වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාව මත ලිංගික සංසර්ගයේ යෙදේ. තවද මෙම සත්ත්වයන් හට වරකට පැටවුන් එකකු හෝ දෙදෙනකුට වැඩි ප්‍රමාණයක් බිහි කළ හැක. මෙය හුදෙක්ම ජීව රසායනික ක්‍රියාවලියක් වේ. සියලුම ගැහැණු සතුන් වසරේ නියමිත කාලයකදී ලිංගිකව සරු බවට පත් වන අතර පිරිමි සතුන් හට මේ බව , ගැහැණු සතුන්ගෙන් නිකුත් වන රසායනිකන් ගේ උත්තේජනයන් මගින් පවසනු ලබයි. මින් පසු පිරිමි සත්තු ගැහැණු සතුන් සමග එක් වීමට තරග කරති. ශක්තිමත්ම පිරිමි සතා ගැහැණු සතා සමග එක් වන අතර මෙහිදී තරග වැදීමේදී පිරිමි සතුන් මිය යාම ස්වභාව ධර්‍මයේ  කුරිරු බව මොනවට විදහා දක්වයි. මෙය රාගය හෝ ආදරය යැයි අර්ථකතනය කිරිම නිවැරදි නොවේ.

ආදරය හෝ රාගය යනු ඇත්තෙන්ම මිනිස් සිතේ උපදින සිතිවිලි මගින් ඇතිකරන්නා වූ මානසික මට්ටමකි. වෙනත් සතුන් හට  මෙය අල්ප වශයෙන් ඇති අතර තම දරුවන් රැකබලාගැනීම සහ ඉගැන්වීම සඳහා සහජයෙන් ඇති ඉව ඉවහල් වේ. පැටවුන් උස් මහත් වූ පසු ඔවුන් වෙන වෙනම ජීවත් වෙති. නමුත් මිනිසාගේ දෙමාපිය - දරු  ආදරය මෙයට වඩා පුළුල් විශයක් වන අතර අද දින මෙම මාතෘකාවේදී මෙය සාකච්ඡාවට බඳුන් නොවේ. මිනිස් ශිෂ්ටාචාරය විසින් රැගෙන ආ සංකල්පයන් මත අද මිනිසා තම වර්ගයා බෝ කිරීමට බාහිර පරිසරය යොදා නොගන්නා අතර සංවෘත ස්ථාන යොදා ගනියි. තම පෞද්ගලිකත්වය ලෙස සීමා මායිම් යොදා ගෙන තත්ත්වයන් බොහෝ සංකීර්ණ කරගෙන සිටිති. කෙසේ වෙතත් මිනිසාගේ පරිකල්පන හැකියාවත් , නූතන සමාජය විසින් අනුබල දෙන්නා වූ කාරණා නිසාත් මිනිසාගේ ආදරය සහ රාගයෙහි මානයන් වෙනස් වී ඇති බව නම් අප අද අත්දක්නා සත්‍යයක් වේ.

ඇත්තේන්ම ආදරය සහ රාගය යනු ඉතා බලවත් මානසික තත්වයන් දෙකක් වේ. මෙය නිසි ලෙස යෙදැවීමෙන් මිනිසෙකු දියුණුවට පත් වීමටත් , අගාධයට යෑමටත් පුළුවන. එහෙත් නන්දා මාලනිය පවසන අයුරින් “ප්‍රේමය නම් රාගයෙන් තොර , සඳ එළිය සේ අචින්ත්‍ය , පාරිශුද්ධ ! “  නම් නැත. ඇත්තෙන්ම ආදරය තුළ රාගය යම් පමණකට පවතී. නමුත් සර්‍වසම්පූර්ණයෙන්ම වූ රාගය තුළ ආදරයක් අනුකම්පාවක් ඇත්තේ ම නැත. රාගය තුළ ඇත්තේ අයෙකු තුළ ඇති බුර බුරා නැගෙන කාමාශාව සිඳුවා ගැනීමට ඇති ආශාවයි. පිරිමියෙකු සහ ගැහැණියක අතර ඇති ආදර ගනුදෙනුවේදි එකිනෙකා වෙත අනුකම්පාව , දයාව, සෙනෙහස මෙන්ම කායික ආශාවන් සන්තර්පනය කරගැනීමට අවැසි රාගයද තිබිය යුතුය. නැති නම් මෙය හුදෙක්ම උත්තමයන් සමාජයේ අන් අයට දක්වන ආදරයක් පමණක් වන අතර හෝ අනෙක් අතකට ගත්කළ ආදරයෙන් තොරව දක්වන්නා වූ ශාරීරික බැඳිම , සතුන් වර්ගයා බෝ කිරීමේ අරමුණ හා සමාන බව කිව හැකිය.


සටහන :- අමිල නුවන් මධුසංඛ

මිලින වන සිතුම් පොදි

kln.ac.lk
මිලින වන සිතුම් පොදි
 










ගිම්හානයේ ගිලන් වු හද කුටිය සීතලයි
උණුහුමක් නැති තැනෙක
 තෙත ගතිය නෙතු දවයි
මේ පාළු දොර මිදුල මම තවම තනිකඩයි
දෙනෙත් පරදා මගේ සිත් මඩල සුසුම්ලයි
මිලින වන සිතුම් පොදි දෙපා මුල ඇද වැටී

මුළු ගතම අඩපනයි තනිකමින් හැඩුම් එයි
එහෙව් සිත කිතිකවා පාළුවෙන් මා මුදා
අර පේන ඉසව්වේ මාලිගා තැනෙව්වයි
මාලිගා බිත්තියේ වදන් පොඩි කටු ගෙතෙයි
නුඹේ සෙනෙහසට මම සදාකල් ණයගැතියි


සටහන :- අමිල නුවන් මධුසංඛ