තෙළිඟු
සිනමාව කළඹන පෞරුෂයේ ගිනි සිළුව (විජය දේවරකොන්ඩා)
කලෛකට
පස්සෙ ඔන්න අපි ආයෙමත් පුරුදු ට්‍රැක් එකට
ඇවිත්. ඒ නිසා ආයෙමත්
ඔයාල ආදරය කරන තරු ගඅන කතා කරන්න අපට අවස්ථාවක් ලැබිලා. බොලිවුඞ්වලට වගේම කොලිවුඞ්වලටත් එකවගේ ආදරය කරන ඔයාලගෙ ලොකුම ආසාවක් තමයි කොලිවුඞ්වලට පායලා ආපු අලුත් තරුගැන දැනගන්න එක. ඒ කාරණාව දන්න
නිසාම අපි හිතුවා අද කොළිවුඞ්වලට සමීප
තෙළිඟු සිනමාවේ මෑතකදී දකින්න ලැබුණු හරි අපූරු තරුවක් ගැන කතා කරන්න. ඒ වෙන කවුරුත්
නෙවෙයි විජය දේවරකොන්ඩා. කඩවසම් බව වගේම අක්ෂතාවත් එකවගේ පිහිටලා තිබෙන මොහු නූතන තරුණ පරපුරේ උන්මාදයක් කීවොත් හරි. ඒ තරමටම තරුණියන්
මොහුට පිස්සු වැටිලයි ඉන්නේ. කතා කරන ඇස් වලටම ගැලපෙන අකීකරු කෙස් ඔහුට ගේන්නෙ වෙනතස්ම කඩවසම්බවක්.
ඉන්දියානු
සිනමාවේ තවත් එක් අතු සිමාවක් වන තෙළිඟු සිනමාවේ
නළුවෙක්, නිෂ්පාදකවරයෙක් සහ රූපවාහිනී වැඩසටහන්
ඉදිරිපත් කරන්නෙක් විදිහට ප්‍රේක්ෂකයින්
අතර ඉමහත් රසික ආදරයක් දිනාගෙන තියෙන විජය දේවරකොන්ඩා සිනමාවට පිවිසෙන්නේ 2011 වසරේදීයි. ඒ ජනප්‍රිය
චිත්‍රපට අධ්‍යක්ෂක රවී බාබු
විසින් අධ්‍යක්ෂණය කළ රොමෑන්ටික් කොමඩියක්
වූ Nuvvila (2011) චිත්‍රපටය ඔස්සේයි. නමුත් විජය ප්‍රේක්ෂකයින්
අතර ගොඩක් ජනප්‍රිය වුනේ 2015 වසරේදී තිරගත වූ Yevade Subramanyam (2015) ඔස්සේ කළ රංගනය නිසයි.
ඒ වගේම 2016 දී තිරගත වූ
Pelli
Choopulu ඔස්සේ ඔහු
තව තවත් රසික ආදරය දිනාගත්තා. ඒ තුළ ඔහු
කෙතරම් සිය දක්ෂතාව පෙන්නුවද කියනවා නම් ෆිල්ම් ෆෙයාර් සහ ජාතික සම්මානයෙන්
පවා පිදුම් ලැබුවා.
ඉන්
පස්සෙ තමයි විජය දේවරකොන්ඩා නියම විදිහට සිනමාවට අවතීර්ණ වෙන්නේ. තමන්ට ලැබෙන සෑම චරිතයක්ම බාරගන්නෙ නැතිව ප්‍රේක්ෂකයින්
අතර කතාබහට ලක්වන අපූරු වාණිජ සිනමාපට කෙරෙහි ඔහුගේ අවධානය යොමු වෙනවා. ඒ සිනමාපට අතර
Arjun
Reddy (2017), Mahanati (2018), Geetha
Govindam (2018), and Taxiwaala (2018) ඉදිරියෙන්ම තියෙනවා. මේ අතර ඔහු
Arjun
Reddy (2017) හි
කළ රංගනය වෙනුවෙන් 2019 වසරේ ෆිල්ම් ෆෙයාර් හොදම නළුවා සම්මානය සහ විචාරක සම්මානය
දිනාගනු ලබනවා. ඒ වගේම Geetha
Govindam (2018) රංගනය
වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් හොදම නළුවා සම්මානය සදහාත් නිර්දේශ වෙනවා.
මේ
වෙනකොට විජය දේවරකොන්ඩාට තමන්ගේම සිනමා සමාගමක හිමිකරුවෙක්. ඒ වගේම 2019 වසරේදී
අන්තර්ජාලය හරයා විජය දේවරකොන්ඩා තමයි වැඩිපුරම සර්ච් කරල තියෙන්නේ. ඒකෙන්ම හිතාගන්න පුළුවන් ඔහු මොනතරම් උන්මාදයක් ද කියලා. විශේෂයෙන්ම
ගීත ගෝවින්දන් ෆිල්ම් එකෙන් පස්සෙ තමයි මේ තත්ත්වය ඇති
වුනේ. එහි රංගනයෙන් දායක වූ රශ්මිකා මන්දනා
සහ විජය දේවරකොන්ඩා ඒ කාලෙ ටේරන්ඞ් එකක් බවට පත් වුනා. විජය වගේ අදින්න, ඔහු වගේ හැසිරෙන්න වගේම ඔහු වගේ කතා කරන්නත් තරුණයින් පෙළඹුනා. එයාගෙ තාත්තා ගෝවින්දන් රාඕ. ඔහු ජනප්‍රිය රූපවාහිනී නළුවෙක්. ඒ වගේම ඔහුගේ
මව මාධවී දේවරකොන්ඩා. විජයගේ අයියත් සිනමා නළුවෙක්. පුංචි කාලෙ විජයට තනියම දෙයක් කරන්න ගෙදරින් අවසර දුන්නෙ නැහැ. ඒ නිසාම එයා
අවස්ථාවක් ලැබෙන හැම වෙලාවෙම තනියම දෙයක් කරන්න තමයි උත්සාහ කළේ.
විජයගේ
කටහඩට තරුණයින් වශීවෙන්නෙ නිරායාසයෙන්. වේදිකාවක් උඩ කතාකරනකොට බය
නැතිව කතා කිරීමේ හැකියාවක් ඔහුට තියෙනවා. ඒක ස්වභාවිකයි වගේම
ආකර්ශනීය යි. අසාදාරණයට චුට්ටක්වත් කැමති නැති විජය නිතරම තමන්ගෙ ප්‍රේක්ෂකයින්ට
කියන්නෙ හරි දේ කරන්න කියලයි.
එක් අවස්ථාවකදී වාරණ මණ්ඩලය ඔහු රඟපෑ අර්ජුන් රෙඞ්ඩි සිනමාපටයේ දර්ශන කිහිපයක් වාරණය කරනවා වාගේම ඔහුගේ හඩ කපා දමනවා.
ඒ නිසා ප්‍රෙස් එකේදි
අර්ජුන් කීවෙ බය නැතිව සිනමාහල්වල
තමන්ගේ හඩ කපා දමා
ඇති තැන්වලට ප්‍රේක්ෂකයින්ගේ
හඩ එකතුකරන ලෙස යි. ඇත්තටම ප්‍රේක්ෂකයින්
එහෙම කරලත් තිබුණා.
2020 පෙබරවාරි මාසයේදී
Rowdy Wear නමින්
විලාසිතා සන්නාමයක් පවා ඉදිරිපත් කරපු විජය දේවරකොන්ඩා ඉන්දියාවේ ෆුඞ් ඩිලිවරි ඇප් කිහිපයකම ප්‍රවර්ධන නිළධාරියෙක්.
ඔහු ඒ තරමටම අළෙවි
කරන්න පුළුවන් මාර්කට් එකක් ඉන්දියාව ඇතුගෙ හැදිලයි තියෙන්නේ. කිසිම කෙනෙක් නොදන්නවා වුනාට විජය දේවරකොන්ඩා කියන්නේ සමාජ යහපත වෙනුවෙන් වැඩ කරන්න ම ඉපදුණු කෙනෙක්.
බොහෝ දෙනෙක් නොදන්නවා වුනාට ඔහු විජය දේවරකොන්ඩා නමින් පදනමක් පිහිටුවාගෙන ඒ ඔස්සේ ඉන්දියාවේ
තෙලංගනා සහ අන්ද්‍රා
ප්රදේශ්වල ඉන්න තරුණ තරුණියන් වෙනුවෙන් විශාල වැඩකොටසක් කරනවා. ඔහුගේ අරමුණ තමයි විරැකියාව නැති කරමින් තරුණයින්ට වෘත්තීය අධ්‍යාපනයක් ලබා දෙන එක. ඔහුගේ ඉලක්කය ලක්ෂයක් වුනත් දවසින් දවස ඔහු පුහුණු කිරීමේ ප්‍රමාණයන් වැඩි
කරනවා. මේ දේවල්වලට ප්‍රසිද්ධියක් ලබා දෙන්න ඔහු කැමති නැහැ.
ඉන්දියාවේ
ෆෝබීස් සඟරාව 2019 වසරේදී ඉන්දියාවේ කීර්තිමත්ම පුද්ගලයින් 100 දෙනා අතර 72වන ස්ථානය විජය
දේවරකොන්ඩාට ලබා දී තිබෙනවා. ඒ
වගේම ෆිල්ම් ෆොයාර් සඟරාවේ දශකයේ දක්ෂතම රංගන පෞරුෂයන් 100 අතරට තේරී පත් වෙන්නත් විජයට හැකි වුණා. බොහෝ දෙනා බලාගෙන හිටියේ විජයව හින්දි ෆිල්ම් එකකින් දකින්න. ඔන්න ඒ අවස්ථාව නුදුරේදීම
උදාවෙන්න නියමිතයි. ඒ තමයි කරන්
ජෝහර් විසින් 2020 වසරේදී නිර්මාණය කිරීමට නියමිත ෆයිටර්ස් චිත්‍රපටය. භාෂා කිහිපයකින්ම නිපදවන්න නියමිත මේ චිත්‍රපටයේ
විජය රඟපෑමට නියමිතයි. ඇත්තටම මේක විජයගේ සිනමා ජීවිතේ තවත් එක් හැරවුම් ලක්ෂයක් වෙයි කියල තමයි විචාරකයින් කියන්නේ. කොහොම වුනත් විජය කියන්නේ අනාගතය බොහෝම පැහැදිළි නළුවෙක්. ඒක අපිට අදට
වඩා හෙට ට අත්දකින්න ලබේවි.
සටහන
:- අමිල නුවන් මධුසංඛ
No comments:
Post a Comment