දොරකඩ අස්න

Sunday, June 28, 2015

පරිසරය සංරක්‍ෂණය කළ යුත්තේ ඇයි ?

පරිසරය සංරක්‍ෂණය කළ යුත්තේ ඇයි ?
 
පරිසරය සුරක්‍ෂිත කිරීම හා පරිසරයේ වැදගත්කම පිළිබඳව අප සාකච්ජා කළ හොත් ප‍්‍රථමයෙන්ම මිනිසාගේ පැවැත්ම සඳහා අවශ්‍ය ජීවී සහායක සේවාවන් රැසක් පරිසරය මඟින් සපයා දේ. එසේම මිනිස් ආර්ථික ක‍්‍රියාකාරකම් සඳහා අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය හා ශක්තිය ලබාදීම ද පරිසරය හා මානවයා අතර අන්තර් සබඳතාව ශක්තිමත් කරන පාරිසරික කාර්යභාරයකි. එම අමුද්‍රව්‍ය හා ශක්තිය අතර මිනිසාගේ ආර්ථික ක‍්‍රියාවලියට අවශ්‍ය ශක්තිය සපයන සූර්ය බලය, පොසිල හා ජෛව ඉන්ධන, සුළඟ, භූ තාපය, ජල විදුලිය වැනි ශක්ති ප‍්‍රබවයන් ද පරිසරයෙන් ලබාදෙන විවිධ ලෝහ රසායනික ද්‍රව්‍ය හා ඛණිජ වැලි වැනි දෑ මත්ස්‍ය සම්පත හා විවිධ වන සම්පත් ජෛවීය අමුද්‍රව්‍යයන් වේ.
 
එසේම පරිසරයේ පවතින අපද්‍රව්‍ය අවශෝෂණය කිරීමේ ගුණය එනම්, ජීව ක‍්‍රියාවලිය හා ආර්ථික ක‍්‍රියාවලිය තුළින් මානවයා නිපදවන අපද්‍රව්‍ය පරිසරයට අවශෝෂණය කරගනී. උදාහරණ ලෙස මිනිසා හා සතුන් නිපදවන කාබන් වායුව පරිසරයේම ඇති සංඝටකයක් වන ශාක මගින් අවශෝෂණය කර ගැනීම දැක්විය හැකිය. මෙබදු විශාල කාර්යයන් රැුසක් පරිසරය හා මිනිසා අතර අන්තර්සබඳතාව ශක්තිමත් කරනු වස් පරිසරය පැත්තෙන් ඉටුවන බව පෙන්වා දිය හැකිය. නමුත් පරිසරයේ ඇති මෙම හැකියාවට සීමාවක් පවතින අතර අපද්‍රව්‍ය නිපදවීමේ සීඝ‍්‍රතාවය පරිසරයේ අවශෝෂණ ධාරිතාවය ඉක්මවා යාමෙන් මෙම තුලනය බිඳවැටිය හැකි බව පරිසර විද්‍යාඥයන්ගේ මතය වනවා සේම ප‍්‍රායෝගික සත්‍යයද වේ.
 
මිනිසා ජීවීන් අතර උසස්ම ජීවියා ලෙස පරිසරය භුක්ති විදීමේදී දැනුවත්ව හෝ නොදැනුවත්වම ඔහු අතින් පෙරලා සිදුවූ පරිසර දුෂණය, වන විනාෂය, ජල දුෂණය, වායු දුෂණය, පාංශු ඛාදනය ආදී සියළු කරුණු ඔස්සේ හෙලිකරන්නේ උක්ත පාරිසරික ගැටළුවයි. පරිසර සංරක්‍ෂණය, වන සංරක්‍ෂණය, ජල අරපිරිමැස්ම,  ඕසෝන් වියන රැුක ගැනීම, තිරසාර සංවර්ධනය ආදී කාරනා ඉදිරියට පැමිනෙන්නේ මෙම පරිසර ගැටළුවට පිළියම් සෙවීමක් වශයෙනි. පරිසර ගැටළුව යනු හිම බෝලයක් වැනි දෙයකි. එය පෙරලෙන්නට ගත් විට වේගයෙන් පෙරලේ. පරිසර විද්‍යාඥවරියක වූ 1962 රචනා කළ නිහඬ වසන්තය කෘතිය තුලින් එකල සීග‍්‍රයෙන් පැතිර යමින් තිබූ දරුණු රසායනික භාවිතයෙන් මිනිසාටත් අනෙක් ජීවීන්ටත් අත්විය හැකි අනපේක්‍ෂිත විපත පිළිබඳව කථා කළහ. වසර 14 ක් වැනි කෙටි කලකදී එම අනාවැකිය සත්‍ය වූයේ් 1976 වසරේ ඉතාලියේ මිලාන් නගරය අසල සිවෙසෝ නගරයේ පිහිටිරසායනික කම්හලකින් විෂ වායු කාන්දුවීමත් සමගයි. එයින් සත්ත්වයින් 81,000 කට මරණය අත්්විය. මිනිසුන් 37,000 පමණ නොයෙක් විපත් සිදුවිය.
 
මේ කරුණු විමසා බැලීම තුලින් වර්තමාන ලෝකය හමුවේ ඇති පරිසර ගැටළුවේ තරම හදුනාගත හැකිය. ඒ කෙසේ වෙතත් පරිසර ගැටළුව විසදා ගැනීමටත්, සම්පත් සංරක්‍ෂණය සඳහාත් වැඩි වැඩියෙන් සාකච්ජා කරන හා විවිධ ක‍්‍රියාමාර්ග අලූතින් සිතන යුගයක පරිසර සංරක්‍ෂණය හා පරිසර ගැටළුව මුළුමනින්ම විසදා ගැනීමට නොවුනත් යම්තාක් දුරකට අවම කර ගැනීමට ගතහැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව අවදානය යොමු කළ යුතුය. මන්ද යත් කෙතරම් පිළියම් සැපයුව ද අප තවමත් සිටින්නේ පරිසර ගැටළුවේ අඩියේම වන බැවිනි.
 
සටහන :- අමිල නුවන් මධුසංඛ


පරිසරය හා මිනිසා අතර ඇති සම්බන්ධය.

පරිසරය හා මිනිසා අතර ඇති සම්බන්ධය.

 


පරිසරය සජීවීය. එය සම්පතකි. පරිසරය නම් වූ එම සජීවී සම්පත නොතිබුනි නම් මානවයාද අද නැත. එපමනටම පරිසරය හා මානවයා අතර ඇත්තේ නොබිඳිය හැකි බැඳීමකි. සබඳතාවයකි. මිනිසා තමා වටා ඇති සියළුම භෞතික අභෞතික දෑ පරිසරය ලෙස හදුනාගන්නා අතර පරිසරය අසීමිතව තම පැවැත්ම උදෙසා ප‍්‍රයෝජනයට ගනී. පරිසරය නම් සම්පතද ක්‍ෂය වීම සාමාන්‍ය සිදුවීමකි. ක්‍ෂය වන්නේ පාරිසරික සම්පත් පමනක් යැයි සිතා මානවයාට තම සිත රවටාගත නොහැකිය. මන්ද යත් එ් හා සමගම මානවයාගේ පැවැත්ම ද  තීරණය වන බැවිනි.
මිනිසා පාරිසරික නිර්මිතයක් බැවින් ක්‍ෂය වන පරිසරය ආරක්‍ෂා කිරීමේ අමිල මෙහෙවරට මානවයාට අනිවාර්යයෙන්ම මැදිහත් වීමට සිදුවේ. රතු ඉන්දියානු නායක සියැටල් 1854 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිට යවන ලද ලිපිය පරිසරය සම්බන්ධව වැදගත් කතාවක් ලොවට කියාදෙයි. බොහෝ පරිසර විද්‍යාඥයන්ගේ අවදානයට ලක් වූ එම ලිපිය පිළිබඳව නැවත සිතා බැලීමට කාලය එළබ ඇත. මිනිසා හා පරිසරය අතර පවතින පාරිශුද්ධ වූ සබැඳියාව එතුළින් මොනාවට පැහැදිළි කරයි.
අපට පූජනීය වස්තුවක් වන මෙම භූමියේ ඇළ දොළ දිගේ පළිඟු කැට මෙන් දිදුළමින් ගලා බසින ජලය නිකම්ම දිය දහරක් නොව අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. යනුවෙන් සියැටල් කීහ. එපමනක් නොව මේ ගංගා අපේ සහෝදරයන්ය. ඔවුහු අපේ පිපාසය සංසිªවති. අපේ ඔරු පාරු එහා මෙහා ගෙන යති. අපේ දරුවන් පෝෂණය කරති.වැඩිදුරටත් ප‍්‍රකාශ කළ ඔහු මිනිසා මහ පොළවට අයිති වුවත් මහ පොළව මිනිසාට අයිති නොවන බවද එ් ලිපියෙන් ප‍්‍රකාශ කර ඇත. අප මෙම මිහිතලයේ, පරිසරයේ භාරකරුවන් පමනක් වන හෙයින් පරිසරය කෙලසීමට අපට වරම් නැත.පරිසරය අපේ මුතුන් මිත්තන් සුරක්‍ෂිතව දායාද කොට දුන්නා සේම අපද අපේ අනාගත පරපුරට එය සුරක්‍ෂිතව උරුම කර දිය යුතුය.
උක්ත ප‍්‍රකාශය සියැටල් කළේ 1854 දීය. නමුත් අද අප එය කියවන්නේ අභාග්‍යසම්පන්න පරිසරයක සිටයි. පාරිසරික දායාද අපේ සහෝදර සහෝදරියන් ලෙස ලේ බැඳීමකට සියැටල් සමාන කළ ද අප එ් ලේ බැඳීම පළුදු කොට හමාරය. මිනිසා හා පරිසරය අතර ඇත්තේ වෙන් කළ නොහැකි සබඳතාවයකි. මිනිසා මුළුමනින්ම පරිසරයෙන් යැපෙන අතර ඔහු බොහෝ පාරිසරික වෙනස්කම් ද ඇති කරයි. මේ නිසා මිනිසා ද පරිසරයේ කොටසක් වෙයි. මිනිසා හා පරිසරය අතර ඇති සම්බන්ධය විද්‍යාත්මකව මෙසේ දැක්විය හැකිය. එනම්,
මිනිසා හා භෞතික පරිසරය අතර පවතිනි සම්බන්ධය
දෙශගුණය
පස, ජලය
භූ විද්‍යාත්මක හා භූ රූප විද්‍යාත්මක සාදක
ජෛව විද්‍යාත්මක සාදක සමඟ දක්වන සම්බන්ධතාව ය.
මිනිසා හා සංස්කෘතික පරිසරය අතර පවතින සම්බන්ධතාවය
ආර්ථික
සමාජ, දේශපාලන
ආගමික හා භාෂා සාධක සමඟ දක්වන සම්බන්ධතාව ය.
මිනිස් ජීවිතය ගලන ගඟක් නම් පරිසරය ගං ඉවුරයි. මිනිස් ජීවිතය ගැයෙන ගීතයක් නම් පරිසරය එහි මිහිරි තනුවයි. එබැවින් පරිසරය හා මිනිසා අතර පවතින සම්බන්ධතාවය වෙන් කළ නොහැක්කකි. එය මේ විශ්වය පවතින තුරු එලෙසම පවතිනු ඇත.


සටහන :- අමිල නුවන් මධුසංඛ

පරිසරය අර්ථ දැක්වීම.

පරිසරය අර්ථ දැක්වීම.

 මිනිසා තුල පරිසරය හා ඒ ආශ‍්‍රිත ප‍්‍රශ්න පිළිබඳව වැඩෙමින් පවතින උනන්දුවක් ඇති බව පසුගිය දශක දෙක පෙන්නුම් කරයි. පරිසර විද්‍යාඥයින්, ප‍්‍රතිපත්ති සැළසුම්කරුවන් සහ සමස්ථ ලෝකයෙහිම වෙසෙන පරිසරය පිළිබඳව උනන්දුවක් දක්වන ප‍්‍රජාව  ඕසෝන් ස්ථරය ක්‍ෂය වීම, අම්ල වැසි, භූතලය උණුසුම් වීම, නියගය ගංවතුර, සාගත, පාංශු ඛාදනය, වායු දුෂණය, ජල දුෂණය, ඉන්දන හිඟය, වන විනාශය ආදී කරුණු සම්බන්ධ ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීමට ඇති අවශ්‍යතාව ප‍්‍රකාශ කරති. මින් පෙර නොවූ ආකාරයට පරිසරය වාදමය සහ බුද්ධිමය සාකච්ජා වලට වස්තු විෂය වී තිබේ.
 බොහෝ දුරට කෙනෙකුගේ වටපිටාව මෙන්ම ඇසුරු කරන්නන්ද හැඳින්වීම සඳහා ය. එහෙත් විද්‍යාත්මකව දක්වන විට පරිසරය යනු, පාරිසරික සාදක වල සමූහයකි. පාරිසරික සාදක එක් වීමෙන් විවිධ පාරිසරික තත්ත්ව නිර්මාණය වෙයි. නොයෙක් මූලාශ‍්‍ර හා විද්‍යාඥයන්ට අනුව පරිසරය යන වචනය මෙසේ නිර්වචනය කළ හැකිය.
පරිසරය යනු, ජීවීන්ගේ ජීවිතය කෙරෙහිත්, සංවර්ධනය කෙරෙහිත් බලපාන සියළුම බාහිර තත්ත්ව වල සහ හේතුවල සාමූහිකයයි.
-වෙබ්ස්ටර් ශබ්ද කෝෂය-
පරිසරය යනු, ජීවියකුගේ ජීවිතය ගෙනයාමටත්, වැඞීමටත් බාහිරව බලපානතත්ත්වයන් වල හා හේතුවල එකතුවකි.
-මැක්ග්‍රොහිල් විද්‍යා හා තාක්‍ෂණ විශ්ව කෝෂය-
පරිසරය යනු, වටපිටාව, වටපිටාවේ ඇති වස්තූන්, ප‍්‍රදේශ, තත්ත්ව හෝ බලපෑම්ය.
-රීඩර්ස් ඩයිජස්ට් විශ්ව කෝෂය-
පරිසරය යනු වටපිටාවේ කරුණු හෝ තත්ත්ව හෝ බලපෑම් වල සාමූහිකය යි.
-රැන්ඩම් හවුස් ඉංග‍්‍රිසි ශබ්ද කෝෂය-
 
මෙම නිර්වචන සියල්ලෙන්ම පෙනී යන්නේ මිනිසා ඇතුළු සෑම ජීවියෙකුගේම  පැවැත්මටත් වර්ධනයටත් බලපාන කරුණු රාශියක් ඇති බව හා එ් සියල්ලම එකතු වූ විට ජීවියකුගේ පරිසරය නිර්මාණය වන බවයි. පරිසරය යනු, මිනිසාගේ හා අනෙකුත් සෑම ජීවියකුගේම පැවැත්මටත්, සංවර්ධනයටත් බාහිරව ඇති වස්තු, තත්ත්ව හා බලපෑම් වල එකතුවකි. මෙහිදී ශාක වලට සම්බන්ධ පරිසරය ශාක පරිසර විද්‍යාවෙන්ද, සත්ත්වයන්ට සම්බන්ධ පරිසරය සත්ත්ව පරිසර විද්‍යාවෙන්ද අධ්‍යයනය කල හැකිය. කෙසේ වෙතත් මේ සියල්ලෙන්ම පෙනී යන්නේ මිනිසා හා පරිසරය අතර අවියෝජනීය සම්බන්ධතාවයක් පවතින බවකි.
සටහන :- අමිල නුවන් මධුසංඛ

නිහඩ සිත අද මටම අවනත නෑ

kln.ac.lk
නිහඩ සිත අද මටම අවනත නෑ







ඔහේ ඇවිදින හීන බොදවුනු
මගේ වූ සිත මටම අවනත නෑ
කවි කියන්නත් බෑ
පඳ ගෙතෙන්නෙත් නෑ
නුඹ නොමැතිනම් කවි ඇසක් මට නෑ
පාළු මා ලග තනි රකින්නට
එදා සිටි නුඹ අද මගේ ලඟ නෑ
ඈත සුළඟට කියාගන්නත් බෑ
නුඹ අහිමි වග සුළඟ තව දන්නෑ
දන්නවානම් නුඹ අහිමි වග
නොදන්නවා වගේ ඉන්නෙත් නෑ
සොයා ගොස් දුක කියනවා සැක නෑ
තනිකමින් සිත ඉකිබිඳිද්දී
විහඟ පදවැල් ගලනවා දුක නෑ
බිඳුණු තනුවක අමුණලා මම
දුක එවන්නම් තව දිනක්
නුඹව මට හිමි නෑ නමුදු පිළිගන් නෑ
අහිමි කවියක පඳ ගොතන්නට
ඈත නොපෙනෙන
අඳුරු කුටියක ඉන්නවා නුඹ දන්නවා මම
ඒ වුනත් මම නොදන්නවා වගේ ඉන්නවා
මගෙන් ගිලිහුණු මට අහිමිවුණු පාට බොඳවුණු පුංචි සිහිනෙක
තනිවෙලා මම සිරවෙලා
නුඹේ පාළුව දැනුනමුත් හිත නොදැනුනා වගේ ඉන්නවා


අමිල නුවන් මධුසංඛ

Friday, June 26, 2015

ෆෝන් සෙක්ස්



ෆෝන් සෙක්ස්


නිවි නිවී දැල්වෙනා පහන් කනු
පාට හලනා විදුලි උන්මාදයේ
දෙකන් පලනා රුදුරු ඝෝශාවේ
ලිහී වැටුනා සළු එකින් එක
පාට මදුවිත අනග වරුසාවේ
සේද සළු තෙමුනා සිහිසුන්ව වැටුනා
බොර වතුර ඉහුනා  අරලියා මල
බඹර තුඩු විස කටු වුනා
අමිල නුවන් මධුසංඛ

මතක මන්දිර

kln.ac.lk

මතක මන්දිර
 
සිනාසෙන්නට බෑ තවත් මට
සිනා එන්නේ නෑ හදවතින්
හීන බොදවෙලා ආයෙත්
තාම හඩනවා
ලගින් උන්නු කාලයේ නුඹ
ගෙනා පෙම් සිනා කැළුමන්
තාම මැවෙනවා සිත ලග
තාම මැවෙනවා
පාර කියන තාරුකා වැල්
තාම මග බලන් ඇති
ගිහින් එන්න බෑ තනිව මට
යන්න එක වරක් මා වෙනුවෙන්
අපේ සෙනෙහසේ හැරවුම ලග
තාම තනිවෙලා මං තාම තනිවෙලා

     
අමිල නුවන් මධුසංඛ

නිකිණි සඳ ඇවිදින්

kln.ac.lk
නිකිණි සඳ ඇවිදින්
 

අලූත් මල් පිපිලා වැව් ඉහත්තාවේ
නෙළුම් සුවඳයි පිරුණු ගම්මානේ
බඹර සැනකෙළි ඉකිබිදියි
වසන්තය මට අත වනයි
පිනි සැලෙන තන පත් මතින්
දෙපා තබමින් හෙමි හෙමින්
ඇවිද එන්නම් නුඹේ තුරුලට
සෙනෙහසේ අභිමන් අරන්
නිකිණි සඳ ඇවිදින්
සිසිල පතුරුවමින්
ඉතින් සැනසෙන්නම් තවත් එක වරුවක්
ලපටි හඳවත ආදරෙන්
ලගට ඇවිදින් රැගෙන යනවද
නුඹ නමින් මා
ගෙතූ කවි සිත්තම්
 
අමිල නුවන් මධුසංඛ