දොරකඩ අස්න

Thursday, June 11, 2015

විලාසිතාවක් යනු......

kln.ac.lk
ඇත්තටම විලාසිතා නිර්මාණය කියන්නෙ මොකක් ?

විලාසිතා නිර්මාණය කියල කියන්නෙ යම් නිශ්චිත කාලයක දී සංස්කෘතිකමය හා සමාජමය බලපෑම යටතේ නිර්මාණය වන ඇඳුම් පැළඳුම් හා ජීවන රටා, උපකරණ සඳහා වූ ව්යවහාරික කලාවක්. විලාසිතා නිර්මාණය ඇඳුම් නිර්මාණයෙන් වෙනස් වන්නේ ඒවා සාමාන්යයෙන් සෘතු එකකට හෝ දෙකකට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර තිබීම නිසාවෙන්. සෘතුවක් ලෙස අර්ථ දැක්වෙන්නේ සරත්, සීත, වසන්ත හෝ ගිම්හාන යන සෘතු හතර. මෙම විලාසිතා නිර්මාණකරණය 19 වන සියවසේ දී චාල්ස් ෆෙඩි‍‍රක්වර්ත් විසින් ආරම්භ කළා කියල තමයි කියන්නෙ. මුල් කාලයේ නිර්මාණය කළ විලාසිතා ඔහුගේ නමින් ජනතාගත කළා. මේ ඔස්සේ  ඕනෑම කාලයකට ගැලපෙන ලෙස ඇඳුම් නිර්මාණය කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණ.

කෙසේ වෙතත් විලාසිතා නිර්මාණ ලෙස සලකන්නේ 1858 න් පසුව බිහි වූ ඇඳුම් විලාසිතාවන්. අතීතයේ සිට මේ දක්වා විලාසිතා නිර්මාණ කරුවන්ගේ කාර්යය වනුයේ කාන්තාවන් හා පිරිමින් සඳහා ඇඳුම් නිර්මාණය කිරීම තමයි. සමහරුන් තනි තනිව පුද්ගලයන් වෙනුවෙන් විලාසිතා නිර්මාණය කරනු ලබන අතර, තවත් සමහරෙක් උසස් ආයතන හා සාප්පු වලට සිය සේවය ලබා දෙනව. මෙම විලාසිතා නිර්මාණ කරුවන් විසින් හොදම තත්ත්වයේ ඇඟලූම් නිර්මාණය කරනු ලබන අතර එයින් නව විලාසිතාවන්ගේ රවනතා ඇති වෙලා තියෙනව. කෙසේ වෙතත් අතීතයේ සිට ‍‍රමුඛ පෙලේ බොහෝමයක් විලාසිතා නිර්මාණ කරුවන් විශාල වෙළඳපොල සඳහා කාන්තා, පිරිමි හා ළමා ඇඳුම් නිර්මාණය කරන ආකාරය අපිට දැකගන්න පුළුවන්.

විලාසිතාවක් ලෙස හැඳින්වෙන්නේ  ඕනෑම සංස්කෘතියක් තුල යම් කිසි කාල සීමාවකදී රචලිතව පවතින ඇඳුම් පැලඳුම් ආකාරයන්. මෙම විලාසිතා යන පදය ආහාර, සාහිත්, කලා, ගෘහ නිර්මාණ ශිල්පය සහ අනෙකුත් ක්ෂේතරයන් ආශරිතව පවතින්න පුළුවන්. නමුත් ඇඳුම් පැළඳුම් ඉතාමත්ම ඉක්මනින් වෙනස් වන නිසා සාමාන් භාවිතයේදී විලාසිතා වශයෙන් හඳුන්වන්නේ වඩාත් නූතනයේ භාවිත කරන ඇඳුම් පැළඳුම් තමයි. මෙහි සරළ අදහස වනුයේ යම් කිසි සංස්කෘතියක පවතින යම් යම් ජනප‍‍රිය සංස්කෘතිකාංග කාලයෙන් කාලයට ඉතා සීඝරයෙන් වෙනස් වීම් වලට ලක් වෙනව කියන එකයි. විශේෂයෙන්ම ලාංකේය පරිසරය තුල එදා සිට අද දක්වා අලූතින් විලාසිතා නිර්මාණය කර ගැනීමක් සිදු නොවූ අතර, විදේශයන්ගෙන් පැමිනෙන දෑ අනුකරණය කිරීමක් සිදු වුනා. මේ නිසා අනෙකුත් රටවල් වල විලාසිතා වෙනස්වන ඉක්මනින් අප රටේද විලාසිතා වෙනස් වීමකට ලක් වෙන්න ගත්ත. නමුත් එය සිදු වූයේ ඉතාමත්ම සෙමින්. ලංකාව දුපතක්ව පැවතීම තමයි ඒකට හේතුව වුනේ.

විලාසිතා නොයෙක් ආකාරයට වර්ග කිරීම මගින් යම් කිසි දෙයක් යම් කිසි පරිසරයකට ගැලපේ නොගැලපේ යන්න තීරණය කරන්න පුළුවන්. මෙම විලාසිතා යන වදන ධනාත්මක අරුතක් ඇතිව භාවිත කරන අතර එයින් අලංකාරය සහ මන්මත් කරවන සුළු යන අදහසක් ගෙන දෙනව. එනිසා විලාසිතාව සමාජීය කලාවක් ලෙස අර්ථ දැක්වීමට හැකියාව තිබෙනව. කිසියම් සංස්කෘතියක් එයට අදාලව අලංකාරය සහ යහපත් බව මනිනු ලබන ආකාරයක් ලෙසද සලකන්න පුළුවන්. මෙම වදන ඇතැම් විටෙක සෘනාත්මක අදහසකින් භාවිත වෙනව. එහිදී අනවශ් ලෙස නොගැලපෙන පුහු අලංකරණය වැනි අර්ථයක් සහිතව තමයි භාවිත වෙන්නෙ. ලෝකයේ ඇති නගර සීමිත සංඛ්යාවක් ගෝලීය විලාසිතා මධ්යස්ථාන ලෙස අද නමක් දිනාගෙන තියෙනව. ඒවා වඩාත් ජනපයත්වයක් දිනාගෙන ඇත්තේ නිර්මාණකරුවන් තම නවතම විලාසිතා එළිදැක්වීම සඳහා කරනු ලබන විලාසිතා උත්සව හේතුවෙන්. එම නගර වන්නේ, නිව්යෝක්, මිලානෝ, පැරිස් සහ ලන්ඩන් යන නගරයන්. මීට අමතරව ලොස් ඇංජලිස්, ටෝකියෝ, සිඞ්නි, ඩුබායි යන නගර වලද වාර්ෂිකව විලාසිතා සංදර්ශන පවත්වන ආකාරයක් අපට දැකගන්න පුළුවන්.

විලාසිතා යන වදන සමඟ ඇඳුම් පැළඳුම් විශේෂයෙන් මහජනයා සමග සම්බන්ධ වී ඇති අතර ඇඳුම් පැළඳුම් යන පොදු වදන විචිත ඇඳුම් හෝ කෝලම් ඇඳුම් හැඳින්වීම සඳහා භාවිත කරනව. නූතන ලෝකයේ පුද්ගලයන් ඇඳුම් පැළඳුම් තෝරා ගැනමේදී විශේෂයෙන් සැලකිලිමත් වන කාරණා රැසක් දකින්න පුළුවන්. යම් අයකු අඳින ඇඳුම ඔහුගේ හෝ ඇයගේ පෞරුෂත්වය හා ඊට සමාන අනෙකුත් දේ ඉස්මතු කරල දක්වනව. සංස්කෘතික ගතිකත්වයක් ඇති මිනිසුන් වෙනස් ඇඳුම් ඇදීම හේතු කොටගෙන සමස්ත සංස්කෘතියම වෙනස් වන්නට පුළුවන්. එසේ වන්නේ ජනපය සංස්කෘතිකාංග පසුපස මිනිසා නිරන්තරයෙන්ම ලූහුබඳින බැවින්. ලාංකේය සංස්කෘතිය තුල සිදු වූයේද මෙවන් දෙයක් තමයි. විලාසිතා සමාජය තුලදී වයස, සමාජ පන්තිය, පරම්පරාව, රැකියාව, ලිංගිකත්වය, භූවිෂමතාවය හා කාලය අනුව සැළකිය හැකි ලෙස වෙනස් වෙන්න පුළුවන්.

                                                                සටහන:- අමිල නුවන් මධුසංඛ

Monday, June 8, 2015

සඳ මංකඩට තව දුරයි.


සඳ මංකඩට තව දුරයි.

පුපුරු ගසන වාතලය සිසාරා සර සර හඩින් ඇදී යන සුළං රැළි පවා අවකාශය තුල ඇති කරන්නේ සිසිලසක් නොව උණුසුමක්ම පමනි. බැලූ මානයේ පෙනෙන මානයේ දැකගත හැකි වන්නේ හිරු රැසින් ගිනියම් වූ කාශ්ඨක මහපොළවයි. සුන්දරත්වය, ලඳ බොළඳ බව, ලාමක බව උපතින්ම උරුමකරගත් කාන්තාව ඒ සියල්ල උකසට තබන්නේ තමා වෙනුවෙන් නොව සිය ආදරනීයයන්ගේ බඩ වියත වෙනුවෙනි. ඔවුන්ගේ පලල් සිනහව වෙනුවෙනි. ගිනි කතරක මෙහෙවර උදෙසා යන කාන්තාව සතුටක් සැනසුමක් ලබනුයේ තම ප‍්‍රියයන් දුක තුනී කර නගන සිනහව තුලිනි. අසරණකමේ පතුලටම කිමිදුණු විටකදී පවා ඇය රට රැුකියාවක් වෙනුවෙන් සිය භෞතික වස්තූන් උකසට තබන්නේ මානුෂීය වත්කම් ද සමගිනි. කෙසේ නමුත් සියල්ල මෙසේ සිදුවන විට කාලය මවන වෙනස පසක් වන්නේ පසුකාලීනවය. වර්තමානයේ ඇයට එතරදී බලාපොරොත්තුවන සතුට හා සැනසුම ලබාගත හැකිවේද යන්න සැක සහිතය.
මැදපෙරදිග.....බොහෝ දෙනා සිතන පරිදි ලාංකේය දිළිදු කාන්තාවගේ සතුට රැුදී තිබෙන රජදහන වී හමාරය. ඒ කාරණය ඒ සිතුවිල්ල එසේ වන්නට පුලූවන් වග මීට දශකයකට පමන පෙර සනාථ කරන්නට පුලූවන්කම තිබුණි. ලාංකේය නූගත් නිර්ධන පන්තිය පමනක් නොව උගත් මධ්‍යම පාන්තිකයන් පවා සිතනුයේ රට රැුකියාවකට යාම යනු සියලූ යස ඉසුරෙන් පිරි දිවියකට අඩිතාලමක් දැමීමක් ලෙසිනි. නෙක විසිතුරු විලාසිතා, කන කර ආභරණ, පුයුර ටින්, ඇපල්, මිදි, ටොෆි, චොකලට්, චීස්, බටර් ආදී නොයෙකුල් වෛවර්ණ තොරොම්බල් ඔවුන්ගේ සිහින ලෝකයන්හි අරක්ගෙන හමාරය.



නමුත් මේ සියල්ලට යටින් සැගව තිබෙන යථාර්තය නමැති කටුක වේදනාව උසුලන්නේ මැදපෙරදිග අපාදුක් විදින අසරණ කාන්තාවම පමනකි. තම සියලූ වත්කම් උකසට තබා උඩු ගුවනේ ඈ පියඹා යන්නේ සීත කාමර වල කැරකෙන පුටු මතට වී පරිගණකයක් ඉදිරිපිට සිය රැුකියාව නොකරන්නට වග ඇයටම අමතක වූ සෙයකි. නමුත් සිහින තුලින් මිදී යථා ලොවට පැමිනි කල්හි ඇයට සිදුවන්නේ තවත් අයකුගේ ඉදුල් හෝදන්නටත්, බත් තම්බන්නටත්, කිළිටි සෝදන්නටත් පමනක් බව ඇය අවබෝධ කර ගනී. එහි සැබෑ අත්දැක’ම විඳිය හැක්කේ ඇයටම පමනක් නිසා ඈ තුලින් යස ඉසුරු පතන වුන් හට එය නොවැටහ’ම අරුමයක් නොවේ.
ඇයට හිමි ගරුත්වය අද ලැබේද .....? ඇයට සිය වගකීම් ඉටුකර සැනසිල්ලේ සිටිය හැකිද ..... ? වර්තමානයේ සජිවීව ජිවත්වන ඔබට ඒ සඳහා පිලිතුරක් ලබාද’ම අවැසි නොවේ. මවකට සිය දරුවන් යනු මිනි මුතු සේ සමාන සම්පතක් බව පැවසිය යුතු නැත. එහෙව් මවක් සිය සුරතල් දරුවන් මෙරට තනිකර දමා වෙනත් රටකට ගොස් තවත් දරුවකු සුරතල් කරන්නට නළවන්නට සිදුවීම තුල ඈ පෙළෙන චිත්ත පීඩාව ඈ පෙළෙන මානසික තැවුල වටහාගන්නට කිසිවකුට නොහැකිවීම ඛේදනීය තත්ත්වයකි. විශ්වයේ වෙසෙන සමස්ත මින්ස් වර්ගයාම ඇට මස් ලේ නහර වලින් සැදි වේදනාව සතුට එක ලෙස උරුම සජිවී සත්ත්වයකු බව දැන දැනත් ජාතික ආගමික සංස්කෘතික යන පටු ආකල්ප පදනම් කරගනිමින් යමෙකු මානසික වශයෙන් පවා පීඩාවකට පත්කරනු ලබන්නේ නම් ඔවුන් තවත් එවැනිම මිනිස් කොට්ටාශයක් විය නොහැකිය. ඔවුන් අයත් වන්නේ මනුෂ්‍ය වර්ගයට ද පේ‍්‍රත වර්ගයටද යන වග තීරණය කළ යුත්තේ ඔබමය. කනගාටුදායක සිදුවීම වන්නේ අද වන විට මේ සියලූ පීඩා ඇයට විඳින්නට සිදුව තිබීමයි. තම දෙමාපියන් හා සහෝදරයින් හට අරුමැසි ජිවිතයක් උරුම කරන්නට දුරු රට ගිය රිසානා සිය ජිවිතයෙන් පවා වන්දි ගෙවූයේ මැද පෙරදිග යනු සුරලොවක් නොවන වග යලි යලිත් අප වෙත පසක් කරලමිනි. අඹන්පොළ කුසුමාවතීගේත්, වාරියපොළ චන්ද්‍රකාන්තිගේත් සිරුරු තුලට යකඩ කටු ඇතුලූ කරන විට ඔවුන්ගේ වේදනාව නොදැනෙන්නට ඇත්තේ ගල් හදවත් ඇත්තවුන් ඔවුන්ගේ සමාජ සංස්කෘතික වටපිටාවෙන් ලබාගත් හුරුව නිසා විය හැකිය. සමස්තයම නැති වූවත් බහුතරයක් දෙනා අද වන විට යථා තත්ත්වය අවබෝධකරගෙන සිටියද වගකිවයුතු අයවලූන් ලෙස රටේ පාලක පන්තියේ අවධානය මේ කෙරෙහි යොමු නොවීම කනගාටුවට කරුණකි.


 ඕනෑම පුද්ගලයකු සතුව පෞද්ගලික නිදහසක් උපතින්ම හිමිව ඇත. තම ස්ව කැමැත්ත පරිදි රිසි ආගමක් අදහන්නකුට කස පහර දෙන්නේනම් එම සමාජ නීතිය කුමක්දැයි ඔබ ප‍්‍රශ්න කරනු ඇත. නමුත් වර්තමානයේ අත්දකින අථාර්තය එයයි. නීතිය අවනීතිය වී තිබෙන යුගයක සේවකයා වහළකුගේ තත්ත්වයට ඇද දමා තිබෙන යුගයක නිදහස යනු තවත් එක් සුන්දර වචනයක්ම පමනකි. කාන්තාවට එය හුදෙක් මිරිඟුවක් පමනක් වීම පුදුම වන්නට කාරණයක් නොවේ. තම ජිවන ගමන තුල නෙක සිහින දකිමින් දුරු රට යන කාන්තාව ඒ සිහින යථාර්තයක් කරගත නොහී සිහින තුලම මිහිදන් වන අවස්ථා ද නොයෙක් තැන්හි දැකගත හැකිය. යම් අවස්ථා වල සර්ව සම්පූර්ණ භාහිර හා අභ්‍යන්තරික ශරීරාංග වලින් යුක්තව මෙරටින් නික්ම යන ඈ ආපසු පැමිනෙන්නේ සියලූ බලාපොරොත්තු සුන් වූ නොපෙනෙන අඟපසග පවා කුරුරු මිනිසුනට පූජාවක් කරමිනි.
මෙවන් වූ වපසරියක් තුල ඈ ලබන සතුට කුමක් ද ? කාලවර්ණ ලෝකයක් තුල ඉන් බිඳක් ගෙන සඳ සිත්තම් කරන්නට පෙරුම් පුරනා කාන්තාවන්ගේ හෙට දවසේත් අදුරු ඉරනම මෙයම ද ? ඈ මවනා සෑම සිතුවමක්ම බොල් පිනි කැටයකින් දියවී වියැකී යන්නේ නම් ඇගේ වීර්යයේ ප‍්‍රතිඵල කොහිද ? නමුත් මේ සියල්ලටම ඉහළින් සරණා සඳ දේවතාවිය කෙදිනක හෝ ඇයව සිය දෑස් මානයෙන් මුදාහල දිනෙක ප‍්‍රචන්ඩත්වයට අභියෝග කරන්නට ඇය සූදානම්වනු නොඅනුමාන ය.
                                                                                                                                                                      සටහන :- අමිල නුවන් මධුසංඛ.