දොරකඩ අස්න

Sunday, June 7, 2015

සිද්ධාර්ත් කියන කතාව

සනී ලියෝන් මගෙ ඇදට ආවොත් මොනව වෙයිද ?

                                                            -සිද්ධාර්ත් ‍-


පේමනීය සිහින සිනමා ලෝකයට පායගෙන ආපු අලූත්ම තරුවක් තමයි සිද්ධාර්ත්  කියන්නෙ. කරන් ජොහාර්ගෙ ස්ටුඩන්ට් ඔෆ් දි ඉයර් චිතරපටයෙන් බොලිවුඞ් පුරවරය ජයගත් මේ ආකර්ශනීය තරුණයා අද වන විට ඒක් විලන්, හසී තෝ පසී යන චිත‍‍රපට ඔස්සේ සුවහසක් රසික සිත් අමන්දානන්දයට පත් කරමින් සුපිරි ගමනක් යනව. පසුගිය දවසක කොෆි විත් කරන් වඩසටහනට සහභාගි වුනු සිද්ධාර්ත් කරන් අහපු රශ්න වලට පිලිතුරු ලබාදුන්නෙ මෙන්න මේ විදිහට. ඔයාලත් කැමති ඇතිනෙ මොනවද කියල දැනගන්න.

ඔබ නින්දෙන් අවදිවෙන විට සනී ලියෝන් ඔබේ ඇදේ අනෙක් පසින් සිටියොත් ඔබ මොනවද කරන්නෙ...?
 ඕහ්... මාර හොට් ‍‍රශ්නයක්නෙ ඒක. ඔයා හිතන්නෙ මම මොනව කරයි කියල ? හහ්... හහ්... මම ඇයට කෝපි කෝප්පයක් එක්ක උදේ ආහාරය පිළියෙල කරල දෙනවා. වෙන ඉතින් මම මොනව කරන්නද එයත් එක්ක.
ඔබට සුන්දර නිළියක් නිදියහනට ගන්න ලැබුනොත්...
දීපිකා පදුකෝන් තමයි. ඇය තමයි මගේ සිහින කුමරිය. ඇයත් එක්ක එකට ඉන්න ලැබෙනවනම් මම චිතරපටයක ෂූටිං පවා අතරමග නතර කරල ඒවි.
වරූන් ධාවන්ගෙයි ආලියා භාත්ගෙයි ඔබ අකමැතිම දේවල් දෙකක් කියන්න කීවොත්...
එහෙම අකමැති දේවල්නම් මම දකින්නෙ නැහැ. එයාල දෙන්න මගෙ හොද යාළුවො. ඒත් මම කැමති නැහැ වරූන් අවසානයේ ආලියාට ආදරය කරන එකනම්.
කායවර්ධන මධ්යස්ථානයක් දකින කොටයි කෙළිලොල් තරුණයින් ඉන්න පාසැලක් දකින කොටයි ඔබට මතක්වෙන්නෙ කවුද ?
 ඕහ්.. ජිම් එකක්නම් ඉතින් රිතික් රෝෂන් තමයි. කූල් පොරක් නිසා පාසලක් දකින කොටනම් රන්වීර් සිංව තමයි මතකෙට එන්නෙ.

ඔබට තරඟයක් දෙන අභියෝගයක් වෙන නළුවෙක් ඉන්නවද ?
මට කවුරුත් අභියෝගයක් නෙමෙයි. මට කා එක්කවත් තරගෙකුත් නැහැ. වුනත් රන්බීර් කපූර් එක්ක තරඟයක් දෙන්න මම ආසයි.
ඔබ දකින නරකම කාන්තාවන් දෙන්න කවුද කියල කවුරුහරි ඇහුවොත්...
වෙන කවුරුත්ම නෙමෙයි. ආලියා භාත් සහ පරිනීති චොප්රා. දැන් එයාල මේක දැකල මගෙත් එක්ක තරහ වෙයිද දන්නෙත් නැහැ.
බොලිවුඞ් වලින් ඔබට ජනපය නිළියො තුන් දෙනෙක් වන කරීනා කපූර්, අනුෂ්කා ශර්මා සහ පයංකා චොප්රාව ලබා දෙනව. එක්කෙනෙක් එක්ක විවාහ වෙලා අනෙක් කෙනාව මරල තවත් කෙනෙක්ව එල්ලන්න

ඒකනම් ගොඩක් අමාරුයි. ඒත් එහෙම කරන්නම උනොත් කරීනා එක්ක විවාහ වෙලා අනුෂ්කව එල්ලනව. අනෙක් විසදුම මැරෙන එකනම් අකමැත්තෙන් උනත් රියංකට මගෙ අතින් මැරෙන්න සිද්ධවෙනව. ඒත් මම ඔය එකක්වත් කරන එකක් නැහැ.
ඔබට ජනපය තරුවකගෙන් ගුටියක් කන්න වුනොත්...
කාජොල් වෙනවනම් මම කැමතියි. එයාගෙ ලස්සන ඇස් වලට මම ගොඩක් කැමතියි. කාජොල්ටත් මම ගොඩක් කැමතියි.
දීපිකා කරීනා අතරින් වඩාත් සරාගීම නිළිය කවුද ?
කතා දෙකක් නැහැ. දීපිකාම තමයි. ඇය තරම් සරාගී නිළියක් තවත් කොයින්ද ?
ශාරුක් ඛාන්, සල්මන් ඛාන්, අමීර් ඛාන්, රිතික් හා රන්බීර් කපූර් අතරින් ඔබ වඩාත් කැමතිම නළුව කවුද ඇහැව්වොත්...
අයගෙන් මම රන්බීර් කපූර්ව තෝරගන්නවා.         
                                                -අමිල නුවන් මධුසංඛ-
  

Saturday, June 6, 2015

සුපිරි නිළිය

kln.ac.lk
සිද්ධාර්ත්ව කසාද බැදගෙන
අර්ජුන් එක්ක සතුටු වෙන්න කැමතියි -ආලියා භාත් -

යමෙක් ඔබට අවස්ථාවක් ලබා දුන්නොත් බොලිවුඞ් වල ආකර්ශනීයම තරු තුනක් නම් කරන්න කියල
 ගැන විවාද කරන්න අවශ්‍ය නැහැ මගේ තේරීම රන්බීර් කපූර් සල්මන් ඛාන් සහ ආදිත්‍ය රෝයි කපූර්.

ඔබව ගොඩක් පුදුමයට පත්කරවන ඔබ ගැන අහන්න ලැබෙන ආරංචිය මොකක් වෙයිද 
මහේෂ් භාත් සහ පූජා භාත් යන දෙදෙනා මගෙත් එක්ක අමනාප වෙලයි කියන කථාව ඇහුවොත් මම පුදුමයට පත් වෙයි ඒත් ඒක කවදාවත්ම වෙන එකක් නැහැ මොකද  දෙන්න මට පන වගේ ආදරෙයි මම තමයි එයාලගෙ සුරතලී
අර්ජුන් කපූර් සිද්ධාර්ත් මල්හෝත‍්‍රා සහ රාහුල් ධාවන් අතරින් කෙනෙක් පෙම්වතා කරගන්න අවස්ථාවක් ලැබුනොත්
අම්මෝ පුදුම අමාරු ප‍්‍රශ්නයක්නෙ. රාහුල් මගේ හොදම යාලූව මාව පොඩිකාලෙ ඉදලම දන්නව  නිසා එයාව පෙම්වතා කරගන්න කැමතියි සිද්ධාර්ත්ව සැමිය කරගන්න  ඕනි  වගේම අර්ජුන් හොදයි විවාහයෙන් පස්සෙ විනෝදයෙන් ගතකරන්න
බොලිවුඞ් වල ඉන්න නරකම මිනිස්සු දෙන්න කවුද කියල ඔබෙන් ඇහුවොත්
වෙන කවුද ඉතින් මහේෂ් භාත් සහ රන්වීර් සිං එයාල තමයි මම දකින නරකම මිනුස්සු දෙන්න
බොලිවුඞ් වලින් ඔබට ජනප‍්‍රිය නළුවො තුන් දෙනෙක් වන රන්බීර් කපූර් සුෂාන්ත් සහ රන්වීර් සිංව ලබා දෙනව එක්කෙනෙක් එක්ක විවාහ වෙලා අනෙක් කෙනාව මරල තවත් කෙනෙක්ව එල්ලන්න
මම කොහොමද එහෙම දෙයක් කරන්නෙ ඒත් ඉතින් කරන්නම උනොත් රන්බීර් එක්ක විවාහ වෙලා සුෂාන්ත්ව මරල රන්වීර් සිංව එල්ලනව එහෙම දෙයක් කරන්න උනොත් මම සුෂාන්ත්ගෙන් සමාව ඉල්ලනව. එයාව මරන්න වෙන එක ගැන
ප‍්‍රියන්කා, කරීනා, කත‍්‍රිනා, සෝනම් සහ දීපිකා යන අයගෙන් විලාසිතා කරන්න දක්‍ෂම අය පිළිවෙලින් නම් කරන්න කීවොත්

පිලිවෙලට ගත්තොත් ඉතින් සෝනම් කරීනා දීපිකා ප‍්‍රියන්කා කත‍්‍රිනා තමයි ඒක  ඕනෙම කෙනෙක් දන්නවනෙ
සුෂාන් ආධිත්‍ය අර්ජුන් කපූර් වරූන් ධාවන් සිද්ධාර්ත් සහ ආධිත්‍ය රෝයි කපූර් යන අයෙගෙන් වඩාත් සරාගීම අය පිළිවෙලින් දක්වන්න පුළුවන් 
 අයියෝ හරිම ලේසි කාරණයක්නෙ මගේ තේරීමට අනුවනම් සිද්ධාර්ත් වරූන් ආධිත්‍ය අර්ජුන් රන්වීර් සහ සුෂාන්ත් හැබැයි ඒක වෙනත් කෙනෙක්ට එහෙම නොවෙන්නත් පුළුවන්

ඉදිරියේදී ඔබත් එක්ක තිරයේදී එකට දකින්න ආසාවෙන් ඉන්න නළුව කවුද
අනිවාර්යයෙන්ම ආයෙ කථා දෙකක් නැහැ  රන්බීර් කපූර් ඒක මගෙ හීනයක් ඒත් එදාට මාව සිහි නැති වේවිද දන්නෙ නැහැ

සටහන- අමිල නුවන් මධුසංඛ