දොරකඩ අස්න

Tuesday, September 1, 2015

හැම ෆිල්ම් එකකම සෙක්ස් සීන් එකක් තියනවනම් හොදයි. නැත්නම් ගතියක් නෑ

හැම ෆිල්ම් එකකම සෙක්ස් සීන් එකක් තියනවනම් හොදයි. නැත්නම් ගතියක් නෑ
ටොම් කෲස්


අපි හැමෝම කැමතියි සතුටින් ඉන්න. ජිවිතේ වෙනස් කරගන්න. දවසින් දවස අලූත් වෙන ලෝකෙ අපි විතරක් ඇයි වෙනස් නොවී ඉන්නෙ. ඔන්න අපිත් හිතුව ඔයාලගේ රසවින්දනය ඇතුලෙ පුංචි වෙනසක් කරන්න  ඕනි කියල. ඇත්තටම ඔයාල ඒ වෙනසට ගොඩක් කැමති වේවි. බොලිවුඞ් කොලිවුඞ් සිහින තාරකාවන්ගෙ ජිවන කතන්දර ආදරෙන් රසවිඳපු ඔයාලට හොලිවුඞ් පැත්තෙ සිද්ධවෙන දේවල් ගැනත් කියන්න  ඕනි කියල අපි හිතුවෙ අන්න ඒ නිසයි. හොලිවුඞ් ඇක්ෂන් චිත‍්‍රපටි වලට වගේම රොමෑන්ටික් කොමඩි චිත‍්‍රපටිවලටත් පිස්සු වැටිල ඉන්න අපේ තාරුණ්‍යය හරිම කැමතියි ඒවයෙ ඉන්න සුපිරි වීරයන්ගෙ වීරවරියන්ගෙ සැබෑ ජිවිතේ කොහොමද ගෙවෙන්නෙ කියල දැනගන්න. ඒක නිසයි අපි ඉස්ඉස්සෙල්ලාම මේ දවස් වල හොලිවුඞ් වල අංක එකේ ඉන්න නළුවෙක්ව ඔයාල ගාවට අරගෙන එන්නෙ. ඒ වෙන කවුරුවත්ම නෙවෙයි. ඔයාල ගොඩක් ආදරේ කරන සුපිරි වීරයා නැත්නම් ස්ටන්ට් වීරයා ටොම්... ටොම් කෲස්...එහෙනම් අපි යමු හොලිවුඞ් පැත්තෙ පුංචි සවාරියක්.

ඇත්තටම අපි මේ සුපිරි නළුවට ටොම් කෲස් කියල කතා කලත් මෙයාගෙ ඇත්ත නම තෝමස් කෲස්. සිනමාවට ආවට පස්සෙ තමයි මෙයාගෙ නම ටොම් කෲස් වුනේ. තවමත් තරුණ තරුණියන්ගෙ ආකර්ශනය අඩුවක් නැතිව ලබාගන්න ටොම්ගෙ වයස මේ වෙනකොට 53 ක්. පුදුමයි නේද ? ඔව් එයා ඉපදිලා තියෙන්නෙ 1962 අවුරුද්දෙ ඇමරිකාවෙ නිව්යෝර්ක් වල. සහෝදරියන් තුන්දෙනෙක්ගෙ බාල සහෝදරය වුණු අපේ මේ වීරය ඉගෙන ගන්නත් ගොඩක් දක්‍ෂ කෙනෙක් කියලයි එයා ඉගෙනගත්තු පාසැල් වල ගුරුවරුනම් කියන්නෙ. ටොම්ගෙ සීයට තමයි ටොම්ව නළුවෙක් කරන්න  ඕනි වුනේ. ඒක නිසයි ටොම්ට යන්තම් වයස 19 ක් වෙනකොට චිත‍්‍රපටියක රඟපාන්න යන්න ගෙදරින් අවසර ලැබෙන්නෙ. මුල් කාලෙ ටොම්ට ලැබුනෙ පුංචි පුංචි සහායක චරිත විතරයි. එයාගෙ පළමු රංගනයන් ඇතුලත් වූ එන්ඞ්ලස් ලව්, ටේප්, ද අවුට්සයිඩර් කියන චිත‍්‍රපට තුනේම ටොම් රගපාන්නෙ සහායක චරිත. ටොම් පුධාන චරිත රංගනයට එක්වෙන්නෙ රිස්කි බිස්නස් චිත‍්‍රපටියෙන් පස්සෙ. ඊට පස්සෙ කරපු ටොප් ගන්, කලර් ඔෆ් මනී, කොක්ටේල්, රේන් මෑන්, ලෙජන්ඞ්, ද ලාස්ට් සැමුරායි, මැග්නොලියා, අ ෆියු ගුඞ් මෑන්, වැනිලා ස්කයි, වෝ ඔෆ් ද වර්ල්ඞ්, නයිට් ඇන්ඞ් ඬේ වගේම එඞ්ගා ඔෆ් ටුමාරෝ කියන හැම චිත‍්‍රපටයකම වගේ ටොම් කළේ ප‍්‍රධාන චරිත. 

ටොම්ව අපේ පරම්පරාව ඇතුලෙ මහා වීරයෙක් කළේ කාලෙන් කාලෙට අලූත් වෙන අපි තවමත් ආදරේ කරන මිෂන් ඉම්පොසිබල් චිත‍්‍රපට මාලාවේ ඊතන් හන්ට්ගේ චරිතය කියල කවුරුත් දන්නව. 1996 ඉදන් 2015 වෙනකන් කොටස් හතරක් එළිදක්වපු මේ චිත‍්‍රපට මාලාවේ ඊලග කොටසත් ලගදීම අපිට දැකගන්න පුලූවන්. ඒ මිෂන් ඉම්පොසිබල් රෝ්ජ් නේෂන් චිත‍්‍රපටිය. මේ වෙනකොට හොලිවුඞ්වල ටොම්ගෙ රසික රසිකාවියන් ඉවසිල්ලක් නැතිව මග බලාන ඉන්නෙ මේ චිත‍්‍රපටිය තිරගත වෙනකන්. ටොම් එක්ක වැඩ කරන්න කිසිම නිෂ්පාදකවරයෙක්් දෙපාරක් හිතන්නෙ නෑ. මොකද එයාල දන්නව අපේ වීරය කරන හැම වැඩක්ම සුපර් හිට් එකක් වෙනව කියල. එයා මේ වෙනකොට ලෝක වාර්තාවකුත් තියලයි තියෙන්නෙ. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි. තමන් රඟපාපු හැම චිත‍්‍රපටියකින්ම ඇමරිකානු ඩොලර් මිලියන 300-600 පාස් කරමින් මුදල් ඉපැයීම සම්බන්ධයෙන්. මේ දවස්වල වැඩිම මුදලක් අයකරන නළුව වගේම පෝසත්ම නළුවන් අතර තෙවනි තැන හිමිකර ගන්නත් ටොම්ට පුළුවන් වෙලා තියනව.
 ජනප‍්‍රියත්වයේ කොයිතරම් ඉහළින් හිටියත් ටොම් කියන්නෙත් අපි වගේම සාමාන්‍ය කෙනෙක් කියල හිතෙන වෙලාවල් නැතුවමත් නෙවෙයි.  ඕනම කෙනෙක්ගෙ ජිවිත ඇතුලෙ කුණු තියනවනෙ. ටොම්ගෙත් ඒ වගේ පැත්තක් තියනව. එයාගෙ විවාහ ජිවිතේනම් ඒ තරම් සාර්තක එකක් කියල කියන්න අමාරුයි. ළමයි තුන් දෙනෙක්ගෙ තාත්ත කෙනෙක් වුනත් ටොම් මේ වෙනකොට කාන්තාවන් තුන්දෙනෙක් එක්ක විවාහ වෙලා තියනව. එයා මුලින්ම කසාද බැන්දෙ මිමී රොජර්ව. ඒ කසාදෙ තිබුනෙ අවුරුදු තුනක් විතරයි. මිමීගෙන් වෙන් වුනු ටොම් ඊලගට නැවතුනේ එයාගෙ චිත‍්‍රපටයක සහාය නිළියක් වුනු නිකොලේ කිඞ්මෑන් ගාව. වසර එකොලහක විතර විවාහ ජිවිතයකින් පස්සෙ ඒ දීගෙත් කෙළවර කරපු ටොම් වසර කිහිපයක් තනිවම ඉදල 2011 අවුරුද්දෙ කැතී හෝම්ස් එක්ක පැටලූනා. තාමත් ටොම් ඉන්නෙ කැතී එක්ක තමයි. ඒ වුනත් අලූත් නිළියොත් එක්ක ටොම්ගෙ පොඩි පොඩි පටලැවිලි නැතුවමත් නොවෙයි. ඒත් කැතී ඒ දේවල් මායිම් කරන්නෙ නැති කෙනෙක්. ඒක නිසා ටොම් තාමත් කුරුල්ලෙක් වගේලූ ඉන්නෙ. 

තමන් කරන වැඩ ගැනනම් ටොම් ගොඩක් සැළකිළිමත් වෙන කෙනෙක්. එයාගෙ චිත‍්‍රපටි වල කොයි තරම් අමාරු දර්ශනයක් තිබුනත් කිසිම ආදේශක නළුවෙක් යොදාගන්නවට ටොම් චුට්ටක්වත් කැමති නෑ. එයාට  ඕනි පේ‍්‍රක්‍ෂකයන්ට දැනෙන යමක් කරන්න. එයාගෙ අලූත්ම චිත‍්‍රපටයෙ ස්ටන්ට් දර්ශනයක් සඳහා පෙනී ඉදල පූර්ව පුචාරක කටයුතු වලට එකතුවුණු ටොම් මාධ්‍ය ඉදිරියෙ මෙන්න මෙහෙම කතාවක් කියල තිබුණ.
”කලින් දවසෙ ? මට නින්ද ගියෙත් නෑ. අද මගෙ අතින් මොනව හරි වරදක් වුනානම්, ඔක්කෙම ඉවරයි. ගුවන්යානය පහලට ගේනකන් මට ඇතුලට යන්න පුලූවන්කමකුත් නෑ. ඒත් මම මේ වගේ බයානක වැඩ වලට හරි කැමතියි” 
තමන් කරන වැඬේ ගැන ටොම්ට තියන කැපවීම කොයි තරම්ද කියල ඒකෙන්ම තේරෙනව. මෙයා ආගම දහම  පැත්තටත් ටිකක් බර කෙනෙක්. රෝමානු කතෝලික දහම ඇදහුවත් ටොම් සයන්ටලොජි කියන ධර්මයත් එක්ක ලොකු බැඳීමක් තියනව. මේ දවස් වල ඒ ගැන ප‍්‍රසිද්ධියෙ වාද කරන්නත් ටොම් පුරුදු වෙලා කියලයි දැනගන්න ලැබෙන්නෙ. ටොම් කොයි තරම් දක්‍ෂ නළුවෙක් වුනත් කිසිම ආඩම්බරකමක් නම් ගෑවිලාවත් නෑ. ට්විටර් අඩවියෙන් වගේම ෆේස්බුක් අඩවියෙනුත් තමන්ගෙ රසික රසිකාවියන් වෙනුවෙන් පණිවුඩයක් තියන්නත් එවන පණුවුඩ වලට පිළිතුරක් දෙන්නත් එයා අමතක කරන්නෙ නැහැ.  මිෂන් ඉම්පොසිබල් රෝජ් නේෂන් චිත‍්‍රපටයෙ එයා ඇඳපු කෝට් එකක් ඇමරිකානු ඩොලර් බර ගාණකට විකුණන්න තියනවයි කියලත් පණුවුඩයක් එයාගෙ ෆේස් බුක් පිටුවෙ දැකගන්න ලැබුන. ඒ ගැන සැකයක් තියනවනම් ඔයාලම ටිකක් හොයල බලන්නකො ඇත්ත නැත්ත මොකක් ද කියල. 

ගොඩක් වෙලාවට ටොම් එයත් එක්ක ප‍්‍රධාන චරිතය රඟපාන නිළියත් එක්ක ? කෑමකට යන එක පුරුද්දක් කරගෙනයි ඉන්නෙ. එ්ත් මේක දැන් ප‍්‍රසිද්ධ රහසක් වෙලා ඉවරයි. ටොම්නම් ඒ ගැන කිසිම දෙයක් මාධ්‍ය එක්ක කතා කරන්නෙ නැහැ. එයාගෙ පෞද්ගලිකත්වයට අත දානවට එයා කැමති නැතිව ඇති. මොනව වුනත් පේ‍්‍රක්‍ෂකයො ටොම්ට ගොඩක් ආදරෙයි. එයාගෙ ේජැඉදදන පිටුවෙ හැම තැනකම පේ‍්‍රක්‍ෂකයන් එවපු සුභපැතුම් වලින් පිරිල ඉතිරිලා ගිහින්. සම්මාන බලාගෙන රඟපෑවෙ නැතත් ටොම්ගෙ දක්‍ෂකම් වලට එයාට නියම තැන දෙන්න විචාරකයො දන්නව. මේ වෙනකොට ටොම් හොදම නළුවා, හොදම සහාය නළුවා වගේම දක්‍ෂතම සටන් නළුවා, ජනතාවගේ නළුවා වගේ තවත් බොහෝ අංශ වලින් ගෝල්ඩන් ගේල්බ් සම්මාන කිහිපයක්ම දිනාගෙන තියෙනව. 
මේ තරම් වයසට ගියත් තරුණයෙක් වගේ ඉන්නෙ කොහොමද කියල මාධ්‍යවේදීන් අහන ප‍්‍රශ්න වලට ටොම් දෙන්නෙ බොහොම සරල උත්තරයක්. ඒ සතුටින් ඉන්න කියල විතරයි. ඒ වුනත් එයා ආහාර ගැන සැළකිලිමත් වෙමින් ශරීර සුවතාවය වෙනුවෙන් ජිම් එකට යනව කියල ගොඩක් අය දන්නව. රඟපාන හැම චිත‍්‍රපටියකම ලිංගික දර්ශනයක් තියනවනම් තමන් කැමතියි කියල ටොම් මාධ්‍ය සාකච්ජා කිහිපයකදිම කියල තියෙනව. එහෙම දර්ශන අද චිත‍්‍රපට වලට නැතිවම බැහැ කියලයි ටොම් කියන්නෙ. ඒ මොනා වුනත් ලගදීම දවසක ඔයාල ගොඩක් ආදරේ කරන නළුව ඔයාලට සුපිරි වීරයෙක් විදිහට තිරයෙන් දැකගන්න ලැබෙයි. ඒ මිෂන් ඉම්පොසිබල් පස්වන කොටස ඔස්සේ. එදාට අදටත් වඩා ටොම්ට ඔයාල ආදරේ කරන බව මට ගොඩක් විශ්වාසයි. 

සටහන :- අමිල නුවන් මධුසංඛ

අමීෂ ගැන කතාකරන්නවත් මම කැමති නෑ...

අමීෂ ගැන කතාකරන්නවත් මම කැමති නෑ...
කරීනා කපූර්

පාට පාට දේදුන්නක් වගේ හැඩට තියෙන බොලිවුඞ් පුරවරයට අලූත් අලූත් මුහුණු නිතරම පායනව. ඒ වුනත් කාලාන්තරයක් තිස්සෙ බොලිවුඞ් අහසෙ රජ කරන වල්ගා තරු වලටනම් අභියෝග කරන්න ඒ කාටවත්ම බැහැ. ඒ වගේ පවුල් උරුමයෙන් සිනමාවට පායපු බොහෝමයක් තරු දිනෙන් දින ආලෝකමත් වෙන හැටි අපිට දකින්න පුලූවන්. කරීනා කපූර් කියන්නෙත් අන්න ඒ වගේ චරිතයක්. සාම්ප‍්‍රධායික සීමාවන් අතික‍්‍රමණය කරල ආපු කෙල්ලෙක් විදිහට එයා ගොඩක් ස්වාධීනයි. ලේ උරුමයෙන් ලැබුණු හැකියාවන් ඔපමට්ටම් කරගත්තු කරීනා අද බොලිවුඞ් වලට නැතිවම බැරි චරිතයක් වෙලා. ජිනා සර්ෆ මේරේ ලියේ චිත‍්‍රපටයෙන් බොලිවුඞ් ගමන් ආරම්භ කරපු කරීනා අශෝක්, කභි කුෂි කභි ගම්, ක්‍යූන් කී,  ඕම්කාරා, බොඩිගාඞ්, චාන්දනී චොක්ටු චයිනා, හෙරෝයින්, ත‍්‍රී ඉඩියට්, වී ආ ෆැමිලි, චුප් චුප් කේ, රාවන්, ඒජන්ට් විනෝද් වගේ ගොඩක් චිත‍්‍රපටි වල මතක හිටින චරිත රැුසක්ම රඟපාල තියෙනව. මේ දවස්වල බොලිවුඞ් වල ෆැෂන් අයිකන් එකක් වෙලා ඉන්න කරීනටත් දවසක් කරන්ගෙන් කෝපි කෝප්පයක් බොන්න ආරාධනාවක් ලැබුණ. අපි බලමු මොනවද කරන් කරීනගෙන් ඇහැව්වෙ කියල...


කරීනා කපූර් කියන්න ද කරීනා කපූර් ඛාන් කියන්න ද... ?
කොහොම කතාකරත් එකයිනෙ. ඒ නම් දෙකම දැන් මගේම තමයි. ඒ වුනත් දැන් හැමෝම මට කතා කරන්නෙ කරීනා කපූර් ඛාන් කියල. ඔයා මගෙ යාලූවෙක්නෙ. කැමති විදිහකට කතාකරන්න. 

විවාහයෙන් පස්සෙ සිනමාව අමතක වෙලා යයි ද... ? 
කොහෙත්ම නැහැ. සිනමාවෙන් ඈත්වෙලා මට ජිවත් වෙන්න  අමාරුයි. සිනමාව කියන්නෙ මගේ ජිවිතේ වගේ. ඉතින් කොහොමද මම ගෙදරට වෙලා ඉන්නෙ. ඒක මට කරන්න බහැ. ඒක නිසා දැවැන්ත නිර්මාණ කිහිපයකටම මම පසුගිය දවස්වල සම්බන්ධ වුනා. තවත් කිහිපයකම ගිවිසුම් අත්සන් කලා. 

සාහිෆ් වෙනුවෙන් ඉක්මනට දරුවෙක් හදල දෙන්න කැමති නැතිද...?
ඇයි නැත්තෙ. ඒක මගේ ලොකුම ලොකු හීනයක්. ඒත් දැන්මනම් ඒකට කල් වැඩියි. මොකද මම මේ දවස් වල ටිකක් කාර්යබහුලයි. සුදුසු කාලෙදි මම දරුවෙක් හදනව. හොද නිළියක් වුනා වගේම හොද අම්ම කෙනෙක් වෙන්නත්  ඕනි. ඒත් සායිෆ් මට කිසිම බලපෑමක් කරන්නෙ නැහ ඒ සම්බන්ධයෙන්.

ශහීඞ් කපූර් එක්ක ආයෙ රඟපාන්න කැමැත්තක් නෑ වගේ...
අපෝ එහෙම දෙයක් නැහැ. එයත් එක්ක රඟපාන්න මම ගොඩක් කැමැත්තෙන් ඉන්නෙ. ශාහිඞ් ගොඩක් හොද නළුවෙක් වගේම දක්‍ෂයෙක්. ඉස්සර තිබුණු ප‍්‍රශ්න දැන් නැහැනෙ. හොද අවස්ථාවක් ලැබුනොත් මම අනිවාර්යෙන්ම කැමති වෙනව.

ඛාන් නළුවොත් එක්ක රඟපාන්න ඔය තරම් කැමති ද...?
එහෙම විශේෂත්වයක් නෑ. මට ගැලපෙන  ඕනිම කෙනෙක් එක්ක රඟපාන්න මම ලෑස්තියි. ඒත් වාසනාවකටද කොහෙද මට වැඩිපුර රඟපාන්න ලැබෙන්නෙ ඛාන් නළුවොත් එක්ක. ශාරුක් සල්මන් අමීර් එක්ක එකම කාලෙ මම රාවන් ඩබන්ග් සහ ත‍්‍රී ඉඩියට් වල වැඩ කළා. ඒක මගේ දක්‍ෂතාවය පෙන්වන්නත් අවස්ථාවකුත් වුනා. 

අමීෂා පටෙල් එක්ක ඔය තරම්ම තරහ ඇයි...?
මොන පිස්සු ද..? තරහ වෙන්න අපි අතර විශේෂ සම්බන්දයක් තිබුනෙත් නැහැනෙ. අනික ඇත්තටම අමීෂ මට ඒ තරම් වැදගත් කෙනෙක් නෙවෙයි. එයා ඉන්න තැනයි මම ඉන්න තැනයි ගොඩක් වෙනස්. අපි ඒ ගැන කතා නොකර ඉමු. ඒක ගොඩක් හොදයි. මොකටද නිකන් ප‍්‍රශ්න දාගන්නෙ.

සායිෆ්ගෙ දරුවන්ට ඔබ ගොඩක් කිට්ටුයිලූ නේද...?
ඔව්. ඒක ඇත්ත. සායිෆ්ගෙ දරුවො කියන්නෙ මගෙත් දරුවො වගේ. එයාල මට බොහොම එකතුයි. ගොඩක් ආදරෙයි. ඉතින් දැන් මම එයාලගෙ දෙවනි අම්ම වගේ තමයි. ඒක වරදක් නෙවෙයි නේද කරන්..?

නව පරපුරේ නිළියන් ඔබට අභියෝගයක් නෙවෙයි ද...?
මම ගැන අධිතක්සේරුවෙන් කතාකරන්න මම කැමති නෑ. ඇත්තටම අලූත් අය දක්‍ෂයි තමයි. ඒත් එයාල මට අභියෝගයක් නෙවෙයි. එකිනෙකාට තියෙන්නෙ වෙනස් හැකියාවන්. තවමත් අධ්‍යක්‍ෂකවරු මාව හොයාගෙන එනව. ඒ කියන්නෙ කරීනට තවම ඉල්ලූම තියනව කියන එකනෙ. 

ඔබේ නැන්දම්ම සැරයි කියන්නෙ ඇත්ත ද...?
අනේ නැහැ. ඇය හරිම කරුණාවන්ත කාන්තාවක්. හරියට මගේ අම්ම වගේ. අම්මගෙ අඩුව මට දැනෙන්නෙ නෑ එයා ලග ඉන්න කොට. අපි අතරෙ තියෙන්නෙ පුදුමාකාර බැඳීමක්. ඇත්තමයි.

අක්කගේ ජිවිතේ පිළිවෙලක් කරන්න ඔබට බැරිවුනා...
මම ඒ දේ කොහොමහරි කරනව. ඒක මගෙ යුතුකමක්. එයාගෙ ළමයි වෙනුවෙන් හරි මම ඒ දෙන්නව ආෙයෙමත් එකතු කරනව. අපි හැමෝම මිනිස්සු. ඉන්න කාලෙ සතුටින් ඉන්න  ඕනි. අක්කගේ සතුට ගැන මම නිතරම හිතනව. එයාගෙ ජිවිතේ අපිළිවෙල නෑ. එයා සතුටින් ඉන්නෙ. එක දෙයක් ඇරෙන්න.

රන්බීර් කපූර් ගැන මොකද හිතන්නෙ...?
මට හරිම සතුටුයි. රන්බීර් මල්ලි කපූර් පරම්පරාව ඉස්සරහටම අරගෙන යයි. ආයෙ කතා දෙකක් නෑ. අපි අපිට පුළුවන් දේ කළා. ඉතිරි ටික එයාගෙ අතේ තියෙන්නෙ. මම හරිම කැමතියි එයත් එක්ක වැඩ කරන්න. එයා ඉක්මනින්ම ලොකු ගමනක් යනව. ඇත්තටම එයා ගොඩක් දක්‍ෂ කොල්ලෙක්.


අනෙක් නළුවන් එක්ක බලද්දි සායිෆ් ජනප‍්‍රිය නෑ කීවොත්...
ඒක ලොකු විහිළුවක්. එයාට පේ‍්‍රක්‍ෂකයො ගොඩක් ආදරෙයි. ඒක මම  ඕනි තරම් දැකල තියෙනව. ජනප‍්‍රියත්වය කියන්නෙ සාපේක්‍ෂ දෙයක්. එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. ඒත් සායිෆ් ජනප‍්‍රිය නැතිනම් එයාට පැවැත්මක් නැහැනෙ. ඔය කතාව මම විශ්වාස කරන්නෙ නැහැ.

සටහන:- අමිල නුවන් මධුසංඛ