දොරකඩ අස්න

Friday, May 29, 2020

තෙළිඟු සිනමාව කළඹන පෞරුෂයේ ගිනි සිළුව (විජය දේවරකොන්ඩා)


තෙළිඟු සිනමාව කළඹන පෞරුෂයේ ගිනි සිළුව        (විජය දේවරකොන්ඩා

කලෛකට පස්සෙ ඔන්න අපි ආයෙමත් පුරුදු ට්රැක් එකට ඇවිත්. නිසා ආයෙමත් ඔයාල ආදරය කරන තරු ගඅන කතා කරන්න අපට අවස්ථාවක් ලැබිලා. බොලිවුඞ්වලට වගේම කොලිවුඞ්වලටත් එකවගේ ආදරය කරන ඔයාලගෙ ලොකුම ආසාවක් තමයි කොලිවුඞ්වලට පායලා ආපු අලුත් තරුගැන දැනගන්න එක. කාරණාව දන්න නිසාම අපි හිතුවා අද කොළිවුඞ්වලට සමීප තෙළිඟු සිනමාවේ මෑතකදී දකින්න ලැබුණු හරි අපූරු තරුවක් ගැන කතා කරන්න. වෙන කවුරුත් නෙවෙයි විජය දේවරකොන්ඩා. කඩවසම් බව වගේම අක්ෂතාවත් එකවගේ පිහිටලා තිබෙන මොහු නූතන තරුණ පරපුරේ උන්මාදයක් කීවොත් හරි. තරමටම තරුණියන් මොහුට පිස්සු වැටිලයි ඉන්නේ. කතා කරන ඇස් වලටම ගැලපෙන අකීකරු කෙස් ඔහුට ගේන්නෙ වෙනතස්ම කඩවසම්බවක්

ඉන්දියානු සිනමාවේ තවත් එක් අතු සිමාවක් වන තෙළිඟු සිනමාවේ නළුවෙක්, නිෂ්පාදකවරයෙක් සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහට ප්රේක්ෂකයින් අතර ඉමහත් රසික ආදරයක් දිනාගෙන තියෙන විජය දේවරකොන්ඩා සිනමාවට පිවිසෙන්නේ 2011 වසරේදීයි. ජනප්රිය චිත්රපට අධ්යක්ෂක රවී බාබු විසින් අධ්යක්ෂණය කළ රොමෑන්ටික් කොමඩියක් වූ Nuvvila (2011) චිත්රපටය ඔස්සේයි. නමුත් විජය ප්රේක්ෂකයින් අතර ගොඩක් ජනප්රිය වුනේ 2015 වසරේදී තිරගත වූ Yevade Subramanyam (2015) ඔස්සේ කළ රංගනය නිසයි. වගේම 2016 දී තිරගත වූ Pelli Choopulu ඔස්සේ ඔහු තව තවත් රසික ආදරය දිනාගත්තා. තුළ ඔහු කෙතරම් සිය දක්ෂතාව පෙන්නුවද කියනවා නම් ෆිල්ම් ෆෙයාර් සහ ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබුවා
 
ඉන් පස්සෙ තමයි විජය දේවරකොන්ඩා නියම විදිහට සිනමාවට අවතීර්ණ වෙන්නේ. තමන්ට ලැබෙන සෑම චරිතයක්ම බාරගන්නෙ නැතිව ප්රේක්ෂකයින් අතර කතාබහට ලක්වන අපූරු වාණිජ සිනමාපට කෙරෙහි ඔහුගේ අවධානය යොමු වෙනවා. සිනමාපට අතර Arjun Reddy (2017), Mahanati (2018), Geetha Govindam (2018), and Taxiwaala (2018) ඉදිරියෙන්ම තියෙනවා. මේ අතර ඔහු Arjun Reddy (2017) හි කළ රංගනය වෙනුවෙන් 2019 වසරේ ෆිල්ම් ෆෙයාර් හොදම නළුවා සම්මානය සහ විචාරක සම්මානය දිනාගනු ලබනවා. වගේම Geetha Govindam (2018) රංගනය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් හොදම නළුවා සම්මානය සදහාත් නිර්දේශ වෙනවා

මේ වෙනකොට විජය දේවරකොන්ඩාට තමන්ගේම සිනමා සමාගමක හිමිකරුවෙක්. වගේම 2019 වසරේදී අන්තර්ජාලය හරයා විජය දේවරකොන්ඩා තමයි වැඩිපුරම සර්ච් කරල තියෙන්නේ. ඒකෙන්ම හිතාගන්න පුළුවන් ඔහු මොනතරම් උන්මාදයක් කියලා. විශේෂයෙන්ම ගීත ගෝවින්දන් ෆිල්ම් එකෙන් පස්සෙ තමයි මේ තත්ත්වය ඇති වුනේ. එහි රංගනයෙන් දායක වූ රශ්මිකා මන්දනා සහ විජය දේවරකොන්ඩා කාලෙ ටේරන්ඞ් එකක් බවට පත් වුනා. විජය වගේ අදින්න, ඔහු වගේ හැසිරෙන්න වගේම ඔහු වගේ කතා කරන්නත් තරුණයින් පෙළඹුනා. එයාගෙ තාත්තා ගෝවින්දන් රාඕ. ඔහු ජනප්රිය රූපවාහිනී නළුවෙක්. වගේම ඔහුගේ මව මාධවී දේවරකොන්ඩා. විජයගේ අයියත් සිනමා නළුවෙක්. පුංචි කාලෙ විජයට තනියම දෙයක් කරන්න ගෙදරින් අවසර දුන්නෙ නැහැ. නිසාම එයා අවස්ථාවක් ලැබෙන හැම වෙලාවෙම තනියම දෙයක් කරන්න තමයි උත්සාහ කළේ


විජයගේ කටහඩට තරුණයින් වශීවෙන්නෙ නිරායාසයෙන්. වේදිකාවක් උඩ කතාකරනකොට බය නැතිව කතා කිරීමේ හැකියාවක් ඔහුට තියෙනවා. ඒක ස්වභාවිකයි වගේම ආකර්ශනීය යි. අසාදාරණයට චුට්ටක්වත් කැමති නැති විජය නිතරම තමන්ගෙ ප්රේක්ෂකයින්ට කියන්නෙ හරි දේ කරන්න කියලයි. එක් අවස්ථාවකදී වාරණ මණ්ඩලය ඔහු රඟපෑ අර්ජුන් රෙඞ්ඩි සිනමාපටයේ දර්ශන කිහිපයක් වාරණය කරනවා වාගේම ඔහුගේ හඩ කපා දමනවා. නිසා ප්රෙස් එකේදි අර්ජුන් කීවෙ බය නැතිව සිනමාහල්වල තමන්ගේ හඩ කපා දමා ඇති තැන්වලට ප්රේක්ෂකයින්ගේ හඩ එකතුකරන ලෙස යි. ඇත්තටම ප්රේක්ෂකයින් එහෙම කරලත් තිබුණා

2020 පෙබරවාරි මාසයේදී  Rowdy Wear නමින් විලාසිතා සන්නාමයක් පවා ඉදිරිපත් කරපු විජය දේවරකොන්ඩා ඉන්දියාවේ ෆුඞ් ඩිලිවරි ඇප් කිහිපයකම ප්රවර්ධන නිළධාරියෙක්. ඔහු තරමටම අළෙවි කරන්න පුළුවන් මාර්කට් එකක් ඉන්දියාව ඇතුගෙ හැදිලයි තියෙන්නේ. කිසිම කෙනෙක් නොදන්නවා වුනාට විජය දේවරකොන්ඩා කියන්නේ සමාජ යහපත වෙනුවෙන් වැඩ කරන්න ඉපදුණු කෙනෙක්. බොහෝ දෙනෙක් නොදන්නවා වුනාට ඔහු විජය දේවරකොන්ඩා නමින් පදනමක් පිහිටුවාගෙන ඔස්සේ ඉන්දියාවේ තෙලංගනා සහ අන්ද්රා ප්රදේශ්වල ඉන්න තරුණ තරුණියන් වෙනුවෙන් විශාල වැඩකොටසක් කරනවා. ඔහුගේ අරමුණ තමයි විරැකියාව නැති කරමින් තරුණයින්ට වෘත්තීය අධ්යාපනයක් ලබා දෙන එක. ඔහුගේ ඉලක්කය ලක්ෂයක් වුනත් දවසින් දවස ඔහු පුහුණු කිරීමේ ප්රමාණයන් වැඩි කරනවා. මේ දේවල්වලට ප්රසිද්ධියක් ලබා දෙන්න ඔහු කැමති නැහැ


ඉන්දියාවේ ෆෝබීස් සඟරාව 2019 වසරේදී ඉන්දියාවේ කීර්තිමත්ම පුද්ගලයින් 100 දෙනා අතර 72වන ස්ථානය විජය දේවරකොන්ඩාට ලබා දී තිබෙනවා. වගේම ෆිල්ම් ෆොයාර් සඟරාවේ දශකයේ දක්ෂතම රංගන පෞරුෂයන් 100 අතරට තේරී පත් වෙන්නත් විජයට හැකි වුණා. බොහෝ දෙනා බලාගෙන හිටියේ විජයව හින්දි ෆිල්ම් එකකින් දකින්න. ඔන්න අවස්ථාව නුදුරේදීම උදාවෙන්න නියමිතයි. තමයි කරන් ජෝහර් විසින් 2020 වසරේදී නිර්මාණය කිරීමට නියමිත ෆයිටර්ස් චිත්රපටය. භාෂා කිහිපයකින්ම නිපදවන්න නියමිත මේ චිත්රපටයේ විජය රඟපෑමට නියමිතයි. ඇත්තටම මේක විජයගේ සිනමා ජීවිතේ තවත් එක් හැරවුම් ලක්ෂයක් වෙයි කියල තමයි විචාරකයින් කියන්නේ. කොහොම වුනත් විජය කියන්නේ අනාගතය බොහෝම පැහැදිළි නළුවෙක්. ඒක අපිට අදට වඩා හෙට අත්දකින්න ලබේවි

සටහන :- අමිල නුවන් මධුසංඛ

Saturday, May 16, 2020

COVID-19 සහ බොලිවුඞ් සුපිරි තරු

COVID-19 සහ බොලිවුඞ් සුපිරි තරු 

හැමදාමත් අපි සතුටින් කතා කරන බොලිවුඞ්වලටත් COVID-19 නිසා ගොඩක් ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා තමන්ගෙ රට දවස් 21කට ලොග්ඩවුන් කරල තියෙන වෙලාවක අපේ ආදරනීය තරු මොනවද කරන්නෙ කියල හොයල බලන්න හිතුවා. මොකද හැම කෙනෙක්ම මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න නිසා සමාජ මාධ්‍ය තුළ නිතරම දක්නට ලැබෙනවා. වගකීමක් ඇතිව වැඩ කරන තරු COVID-19  ගැනත් පේ‍්‍රක්‍ෂකයින්ව දැනුම්වත් කරන්න අමතක කරල තිබුනෙ නැහැ. රූගත කිරීම් කරන චිත‍්‍රපට බොහෝමයක් අතරමැද නැවතිලා. රූගත කරන හා ටෙලිකාස්ට් කරන ටෙලි නාට්‍ය පවා අතරමැද නැවතිලා. ඒ කියන්නෙ තාවකාලිකව අත්හිටුවන්න තමයි ඔවුන් තීරණය කරල තියෙන්නෙ. නුදුරේදීම තිරගත වෙන්න තිබුණු චිත‍්‍රපටත් දින නියමයක් නැතිව කල් ගිහිල්ල. ඉතින් අපි කතා කරමු ඒ හැම දෙයක් ගැනම. 


ඉන්දියාවේ මේ වෙනකොට ලංකාවට වඩා බහුතරයක් COVID-19 ආසාධිතයින් වාර්තා වෙලා තියෙනවා. මරණ සංඛ්‍යාවත් ඒ වගේමයි. ඉතින් එයාල COVID-19 මාරයාට මුහුණ දීම සදහා රජයට සහයෝගය දැක්වීමේ අරමුණින් එකම වෙලාවක නිවෙස්වලින් එළියට බැහැල ශබ්ද පූජාවක් පැවැත්වූවා. ආක්ෂය කුමාර් සහ රිකිත් රෝෂන් ජීවත් වෙන්නෙ එකම ෆැලට් එකක. තමන්ගෙ ෆැලැට් එකෙන් එළියට ආපු මේ දෙන්නත් ශබ්ද පූජාවට සහභාගි වෙමින් මහජනතාවටත් රජයටත් ආශීර්වාද කළා. පහුගිය දවස්වල ඔයාල මාධ්‍යවලින් දකින්න ඇති ඉන්දියාව ඇතුලෙ ඇදිරි නීතිය දාල තිබුණත් සාමාන්‍ය ජනතාව වීදි පුරා ඇවිදින ආකාරය. හැබැයි ඒ හැම කෙනෙක්ටම ආරක්‍ෂක අංශවලින් හොද කෑමකුකුත් හම්බවුනා. ඒ නිසාම ජනතාවගේ නොසැලකිලිමත්කම ගැන ආක්ෂය කුමාර් තමන්ගෙ ඉන්ස්ටර්ග‍්‍රෑම් පිටුවේ දෝශාරෝපනයක් ඉදිරිපත් කරල තිබුණා. ඔහු කීවෙ මෙන්න මේ වගේ කතාවක්. 

”මිනිස්සු හැසිරෙන්නේ කිසිදු වගකීමක් නැතිව. මේ වගේ ව්‍යසනයක් ඇතිවෙලා තියෙන මොහොතක ඔවුන් හැසිරෙන විදිහ හරිම ලැඡ්ජාසහගතයි. මම ඔවුන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා කරුණාකරලා නිවෙස්වල රැදී සිටිමින් රජයට සහයෝගය දක්වන ලෙසට.”

ආක්ෂය කතා කළේ කේන්තියෙන් වගේම කලකිරීමෙන්. ඒ වගේම ඔහු අගමැති නරේන්ද්‍ර මෝදිගේ අරමුදලට ඉන්දියානු රුපියල් කෝටි 25ක් ලබා දෙන්නත් අමතක කළේ නැහැ. 

”මේක තීරණාත්මක අවස්ථාවක්. රජයකට මේක තනිවම කරන්න බැහැ. අනික වගකිවයුතු පුරවැසියන් විදිහට අපි මේ වෙලාවේ ජනතාවට උපකාර කළ යුතුයි. මම රජයෙන් ඉල්ලනවා මේ මුදල ජනතාව වෙනුවෙන් භාවිත කරන ලෙසට.”

යනුවෙන් ට්විටර් පණිවුඩයකුත් නිකුත් කරලා තිබුණා. නරේන්ද්‍ර මෝදි අගමැති තුමාත් ඊට තමන්ගේ ප‍්‍රතිචාරය දැක්වූයේ ආක්ෂයට ස්තුති කරමින්. ආක්ෂය වගේම ආයුෂ්මාන් කුරානාත් COVID-19  ගැන තමන්ගේ අදහස් මාධ්‍යයට ඉදිරිපත් කරලා තිබුණා. 

”මේක අපි විහිළුවට අරගන්න  ඕනි කාරණයක් නෙවෙයි. අපි හැමෝම ආරක්‍ෂා වෙමින් අපේ ආදරනීයයන්වත් ආරක්‍ෂා කරගන්න  ඕනි. මම මගේ සියලූ රසිකයින්ගෙන් ඉල්ලනවා කරුණාකරලා මේ දවස් දුකේ ගෙදර ඉන්න. ඔබේ සහයෝගය රජයට ලබා දෙන්න කියලා.”

ලෝකය පුරා මේ වෛරසය ව්‍යාප්ත වෙනකොට රිතික් රෝෂන් 2020 සී සිනෙ අවෝර්ඞ් සදහා විශේෂ ඉදිරිපත් කිරීමකුත් කළා. නමුත් ඔහු එය සිදු කළේ කිසිම රිහසල් එකක් නැතිව. ඒ නිසා මාර්තු 28 වෙනිදා රූපවාහිනියෙන් එය නරඹා තමන්ගේ නර්තනය ගැන ඔවුන්ගේ අදහස් ලබා දෙන්න කියලත් ඉල්ලීමක් කරල තිබුණා. ඒ වගේම තරුණ හා වැඩිහිටි ප‍්‍රජාව නිවෙස් තුලට වී කාය වර්ධනය ගැන සැලකිලිමත් වෙන්න කියලත් ඔහු පවසා තිබුණා. ඔයාල හිතනවා ඇති බොලිවුඞ් තරු කිසිම දවසක තමන්ගේ ගෙවල්වල වැඩ කටයුතු කරන්නෙ නැතිව ඇති කියලා. නමුත් ඔන්න ඒ හැම දේම බොරු කරමින් සල්මන් ඛාන් සහ නැගී එන නිළි හීනා ඛාන් තමන්ගේ නිවස පිරිසිදු කරන ජායාරූප හා වීඩියෝපට මාධ්‍යයට නිකුත් කරලා තිබුණා. 


ඔවුන් කියල තිබුනේ නිතරම පිරිසිදුව ඉන්න කියලයි. ඔය අතරේ නව පරපුරේ ජනප‍්‍රිය තරු රසක්ම සෝෂල් මීඩියාවල අපූරු වැඩක් කරල තිබුණා. ඒ තමයි තමන්ගේ කුඩා අවධියේ ජායාරූපයක් පලකරමින් ඒ අභියෝගය භාරගන්නා ලෙස සහෝදර ශිල්පීන්ට අභියෝග කිරීම. ඒ අනුව වරුන් ධවාන්, ආලියා භාත්, ටයිගර් ෂොරොෆ්, නෝරා පටේහි, ජැකලීන් වගේ අය තමන්ගේ පුංචි කාලෙ ජායාරූප සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. මේ හැම දේකින්ම ඔවුන් පේක්‍ෂකයින්ට කීවෙ නිවෙස් වලට වෙලාම ඉන්න කියලයි. ඒ වගේම කරිෂ්මා කපූර් තමන්ගේ පැරණි චිත‍්‍රපට කිහිපයක ජායාරූප පලකරමින් පේ‍්‍රක්‍ෂකයින්ට පැවසූවේ නිවෙස් වලට වෙලා මේ දවස්වල තමන්ගේ චිත‍්‍රපටි බලන්න කියලයි. 

”ඇත්තටම මේ වෙලාවෙ අපි පරිස්සම් වෙන්න  ඕනි. අපි කරන එක වැරැද්දකින් ජීවිත දහස් ගණනක් නැතිවෙන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා මගේ රසිකයින්ට ඔයාල එදා ආදරය කරපු අපේ පැරණි චිත‍්‍රපටි ආයෙමත් නරඹන්න කියලා. එතකොට ඔයාලට ගෙදරට වෙලා ඉන්න කම්මැලි හිතෙන එකක් නැහැ.” 

මේ දවස්වල ඉන්දියානු රූපවාහිනියටත් ඒ තරම් හොද කාලයක්නම් නෙවෙයි උදාවෙලා තියෙන්නෙ. පේ‍්‍රක්‍ෂකයින් අතර ගොඩක් ජනප‍්‍රිය වුණු ටෙලි නාට්‍ය බොහෝමයක රූගත කිරීම් පවා නතර කරලා. මේ නිසා ටෙලිනාට්‍ය ක්‍ෂේත‍්‍රයේ අයත් ඉන්නෙ ලොකු අවුලක. බලාජී ටෙලි ෆිල්ම්ස් වැනි දැවැන්ත ආයතන මේ නිසා පාඩු ලබනවා ඇති කියල පහුගිය දවසක මාධ්‍යයේ පලවෙලා තිබුණා. නමුත් එක්තා කපූර් නම් කීවෙ තමන් ටෙලි නාට්‍ය විතරක් නෙවෙයි වෙබ් සීරීස් පවා කරන නිසා මේක ඒ තරම් ප‍්‍රශ්නයක් නෙවෙයි කියලයි. 

නව පරපුරේ දක්‍ෂ ජනප‍්‍රිය නළුවෙක් වන වරුන් ධවාන් අගමැති මෝදිගේ අරමුදලට රුපියල් ලක්‍ෂ 55ක් ප‍්‍රධානය කරල තියෙනවා. සමකාලීන මිතුරන් රැසක් ඔහුගේ මේ ක‍්‍රියාව අගය කරලා තියෙන ආකාරයත් අපිට දැකගන්න ලැබුණා. අමිතාබ් බච්චන් මේ වෙලාවෙ තමන්ගෙ සමාජ වගකීම හොදටම තේරුම් ගත්තු කෙනෙක්. වැරදි මත සමාජගතවීම වැලැක්වීම සදහා තමන් ෂෙයා කරල තියෙන පෝස්ට් ගොඩක් ඉවත් කරගෙනත් තිබුණා. ඒ වගේම අගමැති අරමුදලට තමන්ගේ මූල්‍යමය දායකත්වය ලබා දෙන්නත් ඔහු එකඟ වෙලා තිබෙනවා. 

පහුගිය කාලෙ ගොඩක් ආන්දෝලනාත්මක සිද්ධිවලට මුහුණ දීපු සල්මන් ඛාන් මේ වෙනුවෙන් වෙනස්ම වැඩක් කරන්න සූදානම් වෙනවා. ඒ තමයි අසරණ වෙලා ඉන්න සිනමා කර්මාන්තයට සම්බන්ධ සියලූ දෙනාගේ සුබසාධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සහනාධාර ලබා දීම. එයා පරිත්‍යාග කරන්නෙ කීයක්ද කියලනම් කාටවත්ම කියල තිබුනෙ නැහැ. ඔන්න ඔයවගේ දේවල්  තමයි COVID-19 වලට බොලිවුඞ් තරු කරන්න පටන් අරන් තියෙන්නෙ.  

සටහන :- අමිල නුවන් මධුසංඛ

Thursday, August 15, 2019

සංක්‍රාන්තික යුක්තිය: සමාව ගැනීම අපට නුහුරුද ?


කොටින්ට වන්දි දෙන්නේ ඇයි? මොකටද ඔය මිනිස්සුන්ට සමාවක්? මෙවැනි දෑ මෑත කාලීනව ඇතැම් පුද්ගලයන් මෙන්ම ඇතැම් දේශපාලකයන් තුළින්ද අසන්න ලැබුණි. කුරිරු යුද්ධයක් අවසන්ව දස වසරක් ගත වුවද අප රටක් ලෙස ආකල්පමය වර්ධනයක් ලබා නොමැති බව මෙයින් වැටහෙනු ඇත. අවාසනවකට තවමත් ආකල්පමය වශයෙන් යුධ සහ වෛරී මානසිකත්වකය පසු වන හෙයින් 71ක් වසරක නිදහස අපට අභිමානයෙන් සැමරිය හැකිද

වන්දි ලබාදීම 

නිවැරදි භාෂිතය නම් හානිපූරණයයි. මුදල් පමණක් මේ සඳහා ආරෝපණය කර, මෙම ක්‍රියාවලිය වන්දි ලබාදීමක් යැයි සාවද්‍ය ලෙස අර්ථ ගන්වා ඇත්තේ, හුදෙක් දේශපාලනික අරමුණු සහ ජාතිවාදී බීජ වපුරා ඉන් ඵල නෙළා ගන්නා ඇතැම් කොටස් විසිනි.
2015 ඔක්තෝම්බර් 09 වන දින සම්මත වූ හානිපූර්ණ කාර්යාල පනත යටතේ වින්දිතයන් හට මිස එල්.ටී.ටී.ඊ යට හානිපූරණය කරන ලෙස එම පනතේ සඳහනක් නොමැත. වින්දිතයන්ට මුල්‍ය සහන ලබාදීම කාර්යාල ප්‍රතිපත්ති සහ කැබිනට් එකඟතාවය මත තීරණය වේ.
හානිපූර්ණයෙදී වන්දී නැතහොත් මූල්‍යමය සහන වලින් ඔබ්බට ගොස් වින්දිතයන් හට සහන සැලසීමක් සිදු වේ. වින්දිතයන්ගේ අයිතීන් සහ අභිමානය ගොඩනැගීම, පුනරුත්ථාපනය කිරීම,සිදුවූ වැරදි පිළිගැනීම, නැවත ගැටුම් ඇති නොවන පරිසරයක් රට තුල නිර්මාණය කිරීම සහ මුල්‍යමය ආධාර හානිපූරණය තුළ විහිදී ඇති අංශයන් වේ. එමෙන්ම සිදු වූ වැරදි පිළිගැනීම සංකේතාත්මක හානිපූරණය යටතට ගැනේ, එනම් සංකේතාත්මක ලෙස අදාළ පාර්ශවයන් තම යුතුකමක් හෝ වගකීමක් ලෙස එක් එක් පාර්ශවයන්ගෙන් යුධ හෝ ගැටුම් අවස්ථාවල සිදු වූ අගතීන් වෙනුවෙන් හානිපූර්ණය සිදු කරනු ලබයි.
යම් යුධමය තත්වයක් යටතේ හෝ ප්‍රචණ්ඩත්වයෙන් මිදෙමින් හෝ මිදීමෙන් පසු යන ඕනෑම සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාත්මක වන කාල වකවානුවක් තුල සමාව ගැනීම තනි පුද්ගලයන් ලෙස, රජය මඟින් සහ නොයෙකුත් කණ්ඩායම් මඟින් ද සිදු කළ හැක. සමාව ගැනීම බලෙන් කළ යුතු මවා පෑමක් නොව, එය හදවතින්ම පිදිය යුත්තකි. බොහොමයක් සමාව ගැනීම් ප්‍රචණ්ඩත්වයන් සිදුවී අවුරුදු කිහිපයකින් හෝ දශක කිහිපයකින් සිදුව ඇත. බොහෝදුරට අපරාධ ක්‍රියා පරීක්ෂණ හෝ සත්‍ය සෙවීමේ ක්‍රියවලිය සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලිය අවසානයේ සිදු වීම දක්නට ලැබේ. මෙය කැනඩා, චිලී, ඉන්දුනීසියානු සහ දකුණු අප්‍රිකාව වැනි රවටල්හී සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලිය අධ්‍යනය කිරීමේදී පෙනී යයි. මෙහිදී ප්‍රචණ්ඩ ක්‍රියා, ගැටුම් සහ කළහ කාල තත්වන්ගේදී වින්දිතයන්, ඔවුන්ගේ පවුල් සහ සමාජ කණ්ඩායම් හට මුහුණදීමට වූ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධව, දේශපාලන නායකයින් මහජනයා අභිමුව සමාව අයැදීම ඉතා මානුෂිය ක්‍රියාවලියකි.
ප්‍රතිෂ්ඨාපන යුක්තිය (restorative justice) තුල වින්දිතයන් ඉලක්ක වන අතර එහිදී දඩුවම් ලබාදීම ඉලක්ක වීමෙන් ඔබ්බට ගිය මානුෂිය ස්වභාවයක් තුල සංක්‍රාන්තික යුක්තිය ක්‍රියත්මක වේ. බොහෝ රටවල සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිෂ්ඨාපන යුක්තියට ඉතා විශේෂ ස්ථානයක් හිමි කර දී ඇත. බොහොමයක් රට වල මේ සඳහා විශේෂත්වයක් හිමිව ඇත්තේ මෙය සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලිය තුල ඇති මානුෂිය ස්වභාවය උද්දීපනය කරන නිසාවෙනි.
සංක්‍රාන්තික යුක්තිය (transitional justice) තුල සමාව ගැනීමේදී අව්‍යාජත්වය, සෘජු ස්වභාවය, වරද නිසිආකාරව පිළිගැනීම යනාදී කරුණු වලින් පරිපුර්ණ විය යුතුය. මෙය පොදු ජනයා ඉදිරියේ සිදු විය යුතු අතර වින්දිතයන්ගේ භාෂාව සන්නිවේදනය සඳහා යොදා ගැනීම ඉතා වැදගත්වේ. මෙම ක්‍රියාවලිය තුල ඉතා වැදගත් වන්නේ ඉදිරියට දෙපාර්ශවය අතර සම්බන්ධතා මැනවින් පවත්වාගෙන යන්නේ කෙසේද යන්න සහ නැවත එවන් තත්වයන් මතු නොවෙන ලෙස ක්‍රියා කිරීමයි.

කෙන්යාවෙහි අත්දැකිම

2007 – 2008 වර්ෂවල කෙන්යාවෙහි සිදු වූ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වය, 1984 වගල්ල සමූලඝාතනය වැනි අතීත සිදුවීම් අවර්ජනය කරමින්, කෙන්යානු ජාන්ධිපති උහුරු කෙන්යත්තා, 2014 ජාතිය ඇමතීමේදී “මගේ රජය සහ පෙර පැවති රජයන් තුළින් සිදු වූ සියලු වැරදි වෙනුවන් කෙන්යන් වැසියන්ගෙන් කෙන්යන් ජනරජය වෙනුවෙන් මා සමාව ඇයද සිටිනවා” ලෙස ප්‍රකාශ කරමින් සිය රට වැසියන්ගෙන් සමාව ඉල්ලා සිටින ලදී. කෙන්යානු ජාන්ධිපතිතුමන් ගේ ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීම තවත් එක් මානුෂිය හානිපූර්ණ පිළිවෙතකි. මෙයින් ඔබ්බට ගොස් කෙන්යාවෙහි සත්‍ය, නීතිය සහ සංහිඳියා කොමිසම “ප්‍රතිෂ්ඨාපන යුක්තිය සඳහා” මැයෙන් අරමුදලක් පිහිටුවන ලදී.

කැනේඩියානු ආදාවාසීන්ගෙන් සමාව ගැනීම

19 වන සියවසෙහි, කැනඩාවෙහි ආදිවාසී ඉන්දියානු දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්කොට ඉන්දියානු නේවාසික පාසල් වලට ඇතුළත් කොට වධ හිංසා පමුණුවමින් ඔවුනට අවේණික වූ සංස්කෘතිය බැහැර කර කැනඩාවෙහි අධිපතීත්වය ගත් සංස්කෘතිය ඔවුන්ට බලහත්කාරයෙන් පුරුදු කරවීය. මෙය 1831 සිට 1991 දක්වා කාලය තුල සිදු වූ අතර, 2008 ජූනි 19 වන දින අගමැතිතුමන් වූ ස්ටීවන් හාපර් අසුන්ගෙන සිටිනා ඇමති මණ්ඩලය වෙනුවන්, ආදිවාසී නියෝජිතයන් අභිමුවෙහි සමාව අයැද සිටියාය. සමාව ගැනීම ප්‍රංශ, ඉංග්‍රීසි සහ තවත් ආදිවාසී භාෂා තුනක් ඔස්සේ ප්‍රකාශ කරන ලදී. එපමණක් නොව 2017 නොවැම්බර් 24, අගමැති ජස්ටින් ට්රූඩෝ ද වධ හිංසනයට ලක්වූ ආදීවාසීන්ගෙන් සමාව ඉල්ලා සිටියාය. රටක් ලෙස ඔවුන්ගේ නිහතමානී හා සංවේදී ස්වභාවය ක්‍රියාවෙන් ඔවුන් ලොවට කියා පා අවසන්ය.
මෙතුළින් කැනඩා රජය සහ ආදිවාසී ජනයා අතර තිබු පරතරය, අවිශ්වාසය අවම වීම තුළින් මනා සම්බන්ධතාවක් ගොඩ නැගුණි. සමාව ගැනීම තුල විශාල බලයක් සහ පණිවිඩයක් ප්‍රක්ෂේපණය වේ. අද අප සිටින්නේ මානව අයිතිවාසිකම්, මානුෂියත්වය සහ තවකෙකුගේ දුකෙහිදී සංවේදී වීම ධනාත්ම ලකුණු ලෙස සලකනා යුගයකයි. කෙසේවෙතත් සමාව ගැනීම හෝ සමාව දීම ශ්‍රී ලංකික අපට නුහුරු, නවමු හෝ ආගන්තුක අත්දැකීමක් නොව, එය බෙහෙවින්ම ශ්‍රී ලාංකික ය. බුදුදහමින් පෝෂණය වූ සංස්කෘතියකට හිමිකම් කියන ශ්‍රී ලාංකික අපට සමාව ගැනීම හෝ දීම අලුත් අත්දැකීමක් නොවනු ඇත.
හොඳම සමාව ගැනීම නම් තම හැසිරීම වෙනස් කර ගැනීමයි, නැවත එකම වරද සිදු නොවීමට වගබලා ගැනීමයි 

උපුටා ගන්නා ලද්දකි